යෙදුමෙන් කියවන්න

492. පංසුකූලපූජකත්‍ථෙරාපදානං

492. පංසුකූලපූජකත්‍ථෙරාපදානං

492. පංසුකූලපූජක ස්ථවිරාවදානය

5256. හිමවන‍්තස‍්ස අවිදූරෙ උදඞ‍්ගණො නාම පබ‍්බතො, තත්‍ථද‍්දසං පංසුකූලං දුමග‍්ගම‍්හි විලම‍්බිතං.

5256. හිමවතට නුදුරෙහි උදයඞ්ගණ නම් පර්‍වතයෙක් වීය. එහි ගස්මුදුනක එල්වන ලද පංසුකූල චීවරය දිටිමි.

5257. තීණි කිඞ‍්කණිපුප‍්ඵානි ඔචිනිත්‍වානහං තදා, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන පංසුකූලං අපූජයිං.

5257. එකල්හි මම කිඞ්කණි මල් තුණක් නෙලා ගෙණ සතුටු වූයෙම් සතුටු සිතින් ම ඒ පාංශුකූල චීවරය පිදීමි.

5258. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

5258. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

5259. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පූජෙත්‍වා අරහද‍්ධජං.

5259. මෙයින් එක් අනූවන කපෙහි එකල යම් කර්‍මයක් කෙළෙම් ද, අර්‍හත්ධ්වජය පුදා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.

5260. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5261. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5261. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5262. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5262. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පංසුකූලපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් පංසුකුලකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පංසුකූලපූජකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

පංසුකුලකපූජකස්ථවිරාවදානය දෙවැනියි.