යෙදුමෙන් කියවන්න

491. තිකිඞ‍්කණිපුප‍්ඵියත්‍ථෙරාපදානං

491. තිකිඞ‍්කණිපුප‍්ඵියත්‍ථෙරාපදානං

491. තිකිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය

5249. කණිකාරංව ජොතන‍්තං නිසින‍්නං පබ‍්බතන‍්තරෙ, අද‍්දසං විරජං බුද‍්ධං විපස‍්සිං ලොකනායකං.

5249. කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ, කඳු අතරෙහි වැඩ හුන්නා වූ, ලෝකනායක වූ, කෙලෙස්රජස් විරහිත වූ විපස්සී බුදුරජුන් දිටිමි.

5250. තීණි කිඞ‍්කණිපුප‍්ඵානි පග‍්ගය‍්හ අභිරොපයිං, සම‍්බුද‍්ධමභිපූජෙත්‍වා ගච‍්ඡාමි දක‍්ඛිණාමුඛො.

5250. කිඞ්කණිපුෂ්ප තුණක් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි. සම්බුදු රජුන් පුදා දකුණුදිගට මුහුණ ලා යෙමි.

5251. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

5251. මම මැනවින් කරන ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව් ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.

5252. එකනවුතෙ ඉතො කප‍්පෙ යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5252. මෙයින් එක් අනූවනකපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5253. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5253. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5254. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5254. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5255. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5255. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිකිඞ‍්කණිපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් තිකිඞ්කණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

තිකිඞ‍්කණිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

තිකිඞ්කණිපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.