යෙදුමෙන් කියවන්න

490. සාලමණ‍්ඩපියත්‍ථෙරාපදානං

490. සාලමණ‍්ඩපියත්‍ථෙරාපදානං

490. සාලමණ්ඩපිය ස්ථවිරාවදානය

5219. අජ‍්ඣොගහෙත්‍වා සාලවනං සුකතො අස‍්සමො මම, සාලපුප‍්ඵෙහි සඤ‍්ඡන‍්නො වසාමි විපිනෙ තදා.

5219 සල්වනයට පිවිස මා විසින් අසපුවක් මැනැවින් කරණ ලදි. එකල්හි සල්මලින් ගැවසීගත්තෙම් එ වනයෙහි වෙසෙමි.

5220. පියදස‍්සී ච භගවා සයම‍්භූ අග‍්ගපුග‍්ගලො, විවෙකකාමො සම‍්බුද‍්ධො සාලවනමුපාගමී.

5220. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ භාග්‍යවත් පියදස්සී සම්බුදුරජහු විවේකසැප කැමැත්තේ සල්වනයට එළඹි සේක.

5221. අස‍්සමා අභිනික‍්ඛම‍්ම පවනං අගමාසහං, මූලඵලං ගවෙසන‍්තො ආහිණ‍්ඩාමි වනෙ තදා.

5221. එකල්හි මම අසපුවෙන් නික්ම වනයට ගියෙමි. මුල් හා ඵල සොයමින් වනයෙහි ඇවිදිමි.

5222. තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං පියදස‍්සිං මහායසං, සුනිසින‍්නං සමාපන‍්නං විරොචන‍්තං මහාවනෙ.

5222 එ මහවෙනෙහි මනාසේ වැඩහුන්නා වූ සමාධියට සමවන් බබලන්නා වූ මහත් යශස් ඇති පියදස්සි සම්බුදුරජුන් දිටිමි.

5223. චතුදණ‍්ඩෙ ඨපෙත්‍වාන බුද‍්ධස‍්ස උපරී අහං, මණ‍්ඩපං සුකතං කත්‍වා සාලපුප‍්ඵෙහි ඡාදයිං.

5223. මම මුදුනෙන් එකට බැඳි දඬුසතරක් තබා බුදුරජුන් මතුයෙහි සෙවෙනි පිණිස මනා මඩුවක් කොට සල්මලින් වැසීමි.

5224. සත‍්තාහං ධාරයිත්‍වාන මණ‍්ඩපං සාලඡාදිතං, තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා බුද‍්ධසෙට‍්ඨං අවන්‍දහං.

5224. මම සල්මලින් වැසූ මණ්ඩපය සතියක් දරා එහි සිත පහදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.

5225. භගවා තම‍්හි සමයෙ වුට‍්ඨහිත්‍වා සමාධිතො, යුගමත‍්තං පෙක‍්ඛමානො නිසීදි පුරිසුත‍්තමො.

5225. පුරුෂෝත්තම වූ භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට වියදඬු පමණ දුර බලමින් වැඩ හුන් සේක.

5226. සාවකො වරුණො නාම පියදස‍්සිස‍්ස සත්‍ථුනො, වසීසතසහස‍්සෙහි උපගච‍්ඡි විනායකං.

5226. පියදස්සි බුදුරජුන්ගේ වරුණ නම් ශ්‍රාවක තෙමේ ලක්‍ෂයක් රහතුන් සමඟ බුදුරජුන් වෙත එළඹියේ ය.

5227. පිදස‍්සී ච භගවා ලොකජෙට‍්ඨො නරාසභො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා සිතං පාතුකරී ජිනො.

5227. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේත් බික්සඟන මැද හිඳ සිනා පහළ කළසේක.

5228. අනුරුද‍්ධො උපට‍්ඨාකො පියදස‍්සිස‍්ස සත්‍ථුනො, එකංසං චීවරං කත්‍වා අපුච‍්ඡිත්‍ථ මහාමුනිං:

5228. පියදස්සී බුදුරජුගේ අනුරුද්ධ නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට බුදුරජුන් මෙසේ විචාළේ ය:

5229. කො නු ඛො භගවා හෙතු සිතකම‍්මස‍්ස සත්‍ථුනො, කාරණෙ විජ‍්ජමානම‍්හි සත්‍ථා පාතුකරෙ සිතං.

5229. “භාග්‍යවතුන් වහන්ස, ශාස්තෲන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කිම? ශාස්තෘ තෙමේ කරුණක් ඇති කල්හි ම සිනා පහළ කරන්නේ ය.

5230. “සත‍්තාහං පුප‍්ඵඡදනං යො මෙ ධාරෙසි මාණවො, තස‍්ස කම‍්මං සරිත්‍වාන සීතං පාතුකරිං අහං.

5230. “යම් මාණවකයෙක් සතියක් මුළුල්ලෙහි මට මල් සෙවෙනියක් දැරී ද ඔහුගේ ඒ කර්‍මය සිහි කොට මම සිනා පහළ කෙළෙමි.

5231. ඔකාසාහං න පස‍්සාමි යත්‍ථ පුඤ‍්ඤං විපච‍්චති, දෙවලොකෙ මනුස‍්සෙ වා ඔකාසො ච න සම‍්මති.

5231. යම් තැනක ඒ පින විපාක දේ නම් අවකාශයක් (එයට ඉඩ ඇතිට තැනක් මම නො දකිමි. දෙව්ලොවැ හෝ මිනිස් ලොවැ හෝ හෝ ඇති අවකාශය නො සෑහේ.

5232. දෙවලොකෙ වසන‍්තස‍්ස පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිනො, යාවතා පරිසා තස‍්ස සාලච‍්ඡන‍්නා භවිස‍්සති.

5232. පුණ්‍යකර්‍මයෙන් යුක්ත වූ දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස සල්සෙවෙනියෙන් වැසුනා වන්නේ ය.

5233. තත්‍ථ දිබ‍්බෙහි නච‍්චෙහි ගීතෙහි වාදිතෙහි ච, රමිස‍්සති සදා සන‍්තො පුඤ‍්ඤකම‍්මසමාහිතො.

5233. හේ පුණ්‍යකර්‍මවිපාකය සමඟ යෙදුනේ එහි දිව්‍යමය වූ නෘත්‍ය - ගීත - වාදිතයෙන් ද හැම කල්හි සිත් අලවා වසන්නේ ය.

5234. යාවතා පරිසා තස‍්ස ගන්‍ධගන්‍ධී භවිස‍්සති, සාලස‍්ස පුප‍්ඵවස‍්සො ච පවස‍්සිස‍්සති තාවදෙ.

5234. ඔහුගේ සියලු පිරිස සුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූයේ වන්නේ ය. එකෙණෙහි සල්මල් වැසි ද වස්නේ ය.

5235. තතො චුතොයං මනුජො මානුසං ආගමිස‍්සති, ඉධාපි සාලච‍්ඡදනං සබ‍්බකාලං ධරීයති.

5235. මෙ මිනිස් තෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට පැමිණෙන්නේ නම් මෙ මිනිස්ලොව්හි ද හැමකල්හි ම සල්මල් සෙවෙනියක් දරන්නේ ය.

5236. ඉධ නච‍්චඤ‍්ච ගීතඤ‍්ච සම‍්මතාලසමාහිතං, පරිවාරෙස‍්සන‍්තිමං නිච‍්චං බුද‍්ධපූජායිදං ඵලං.

5236. මෙහි කයිතාලම් යුත් නැටුම් ද, ගැයුම් ද ඔහු නිතර පිරි වරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5237. උග‍්ගච‍්ඡන‍්තෙ ච සුරියෙ සාලවස‍්සං පවස‍්සති, පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තං වස‍්සතෙ සබ‍්බකාලිකං.

5237. හිරු උදාවන කල්හි සල්මල්වැසි වසී. පුණ්‍යකර්‍මයෙන් සංයුක්ත වූ ඔහට හැමකල් (එවැසි) වසී.

5238. අට‍්ඨාරසෙ කප‍්පසතෙ ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

5238. අටළොස්සියවනකපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේ ය.

5239. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

5239. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූයේ සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය.

5240. ධම‍්මං අභිසමෙන‍්තස‍්ස සාලච‍්ඡදනං භවිස‍්සති, චිතකෙ ඣායමානස‍්ස ඡදනං තත්‍ථ හෙස‍්සති.”

5240. ධර්‍මය අවබෝධ කරන්නා වූ මොහුට සල්මල් සෙවෙනියක් වන්නේ ය. පිරිනිවීමෙන් පසු චිතකය දැවෙන කල්හි ද සෙවෙනියක් එහි වන්නේ ය.”

5241. විපාකං කිත‍්තයිත්‍වාන පියදස‍්සීමහාමුනි, පරිසාය ධම‍්මං දෙසෙසි තප‍්පෙන‍්තො ධම‍්මවුට‍්ඨියා.

5241. මහාමුනි වූ පියදස්සි බුදුරජ තෙමේ පුණ්‍යකර්‍ම විපාකය වදාරා දහම් වැස්සෙන් සනහමින් පිරිසට දහම් දෙසී ය.

5242. තිංසකප‍්පානි දෙවෙසු දෙවරජ‍්ජමකාරයිං, සට‍්ඨි ච සත‍්තක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං.

5242. මම දෙවියන් අතුරෙහි තිස්කපක් දිව්‍යරාජ්‍යය කරවීමි. සත් සැටවරක් සක්විතිරජ වීමි.

5243. දෙවලොකා ඉධාගන‍්ත්‍වා ලභාමි විපුලං සුඛං, ඉධාපිසාලච‍්ඡදනං හෙස‍්සති සබ‍්බකාලිකං.

5243. දෙව්ලොවින් මෙහි පැමිණ මහත් වූ සැප ලබමි. මෙහි ද සර්‍වකාලික වූ සල්මල්සෙවෙනියෙක් වන්නේ ය.

5244. මහාමුනිං තොසයිත්‍වා ගොතමං සක්‍යපුඞ‍්ගවං, පත‍්තොම‍්හි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

5244. ශාක්‍යකූලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් තුටු කොට ජය පරාජය හැරලා අචලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.

5245. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5245. අටළොස්සිය වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5246. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5246. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5247. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5247. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5248. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5248. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සාලමණ‍්ඩපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් සාලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සාලමණ‍්ඩපියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

සාලමණ්ඩපියස්ථවිරාවදානය දසවැනියි.

උද‍්දානං:

උද්දානය:

පංසුකූල බුද‍්ධසඤ‍්ඤි භිසදො ඤාණකිත‍්තකො චන්‍දනී ධාතුපූජී ච පුලිනුප‍්පාදකො පිච තරණො ධම‍්මරුචිකො සාලමණ‍්ඩපියො තථා ගාථාසතානි ද‍්වෙ හොන‍්ති ඌනවීසති එව ච.

පංසුකූල බුද්ධසඤ්ඤී භිසද ඥාණකිත්තික, චන්‍දනී ධාතුපූජි ය පුලිනුප්පාදක සහ තරණ ධම්මරුචික සාලමණ්ඩපිය මෙදසෙන් දෙගාසිය උනූවිසි මෙම වග සපිරුනේ වේ.

පංසුකුලවග‍්ගො එකුනපඤ‍්ඤාසමො.

පංසුකූල වර්‍ගය එකුන්පනස් වැනියි.