යෙදුමෙන් කියවන්න

489. ධම‍්මරුචිත්‍ථෙරාපදානං

489. ධම‍්මරුචිත්‍ථෙරාපදානං

489. ධම්මරුචි ස්ථවිරාවදානය

5193. යදා දීපඞ‍්කරො බුද‍්ධො සුමෙධං ව්‍යාකරී ජිනො, “අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

5193. යම් කලෙක්හි පස්මරුන් දිනූ දීපඞ්කර බුදුරජ තෙම සුමේධ තවුසාහට මෙය (විවරණවශයෙන්) ප්‍රකාශ කෙළේ ද: “මින් අප්‍රමේය වූ කල්පයෙහි මෙතෙම බුදු වන්නේ ය.

5194. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති, පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

5194. එකල්හි මොහුගේ ජනකමාතාව මායා නම් වන්නී ය. පියතෙම සුද්ධෝදන නම් වන්නේ ය. මෙතෙම ගෞතම වන්නේ ය.

5195. පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං, අස‍්සත්‍ථමූලෙ සම‍්බුද‍්ධො බුජ‍්ඣිස‍්සති මහායසො.

5195. වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට ඇසතුබෝරුක් මුල්හි දී මහත් යශස් ඇති මෙ තෙම සම්‍යක්සම්බුද්ධ වන්නේ ය.

5196. උපතිස‍්සො කොලිතො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා, ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨීස‍්සතිමං ජිනං.

5196. උපතිස්ස ද කෝලිත ද අග්‍රශාවකයෝ වන්නාහු ය. මේ බුදුරජුන්හට ආනන්‍ද නම් උපස්ථායක තෙමේ උවටැන් කරන්නේ ය.

5197. ඛෙමාඋප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා, චිත‍්තො ආළවකො චෙව අග‍්ගා හෙස‍්සන‍්තුපාසකා.

5197. ඛේමා ද උත්පලවර්‍ණා ද අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහු ය. චිත්ත ද ආළවක ද අග්‍රෝපාසකයෝ වන්නාහු ය.

5198. ඛුජ‍්ජුත‍්තරා නන්‍දමාතා අග‍්ගා හෙස‍්සන‍්තුපාසිකා, බොධී ඉමස‍්ස වීරස‍්ස අස‍්සත්‍ථොති පවුච‍්චති. “

5198. ඛුජ්ජුත්තරා ද නන්‍දමාතා ද අග්‍රොපාසිකාවෝ වන්නාහු ය. මේ වීරයන් වහන්සේගේ බෝධිය ‘ඇසතු’ ය යි කියනු ලැබේ.”

5199. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො, අමොදිතා නරමරූ නමස‍්සන‍්ති කතඤ‍්ජලී.

5199. අසම වූ මහර්ෂීන් වහන්සේගේ මේ වචනය අසා සතුටු වූ දෙවිමිනිස්සු බදැඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.

5200. තදාහං මාණවො ආසිං මෙඝො නාම සුසික‍්ඛිතො, සුත්‍වා ව්‍යාකරණං සෙට‍්ඨං සුමෙධස‍්ස මහාමුනෙ. -

5200-5201. එකල්හි මම සුශික්‍ෂිත වූ මේඝ නම් මාණවකයෙක් වීමි. සුමේධ විවරණය අසා කරුණා ඇති මනා නුවණ ඇති මහාමුනි කෙරෙහි විශ්වාස ඇතියෙම් පැවිදි වන්නා වූ ඒ (සුමේධ) වීරයන් අනුව එක්ව ම පැවිදි වීම්.

5201. සංවිස‍්සත්‍ථො භවිත්‍වාන සුමෙධෙ කරුණාසයෙ, පබ‍්බජ‍්ජන‍්තං ච තං වීරං සහාව අනුපබ‍්බජිං.

5202. සංවුතො පාතිමොක‍්ඛස‍්මිං ඉන්‍ද්‍රියෙසු ච පඤ‍්චසු, සුද‍්ධාජීවො සතො වීරො ජිනසාසනකාරකො.

5202. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි ද පඤ්චවිධ ඉන්‍ද්‍රියසංවරයෙහි ද සංවෘත වූයෙම් පිරිසිදු ආජීව ඇතියෙම් සිහියෙන් යුතු වූයෙම් බුදුසසුන කරන්නා වූ වීරයෙක් වූයෙම්-

5203. එවං විහරමානොහං පාපමිත‍්තෙන කෙනචි, නියොජිතො අනාචාරෙ සුමග‍්ගා පරධංසිතො.

5203. මෙසේ වාස කරන්නා වූ මම කිසියම් පාපමිත්‍රයෙකු විසින් අනාචාරයෙහි යොදවන ලද්දෙම් සුමඟින් ගිලිහුනෙම්-

5204. විතක‍්කවසිකො හුත්‍වා සාසනාතො අපක‍්කමිං, පච‍්ඡා තෙන කුමිත‍්තෙන පයුත‍්තො මාතුඝාතනං.

5204. විතර්‍කයට වසඟ වූයෙම් සසුනෙන් බැහැර වීමි. පසුව ඒ පාපමිත්‍රයා විසින් මාතෘඝාතනයෙහි යොදවන ලද්දෙම්.-

5205. අකරිං ආනන‍්තරියං ඝාතයිං දුට‍්ඨමානසො, තතො චුතො මහාවීචිං උපපන‍්නො සුදාරුණං.

5205. ආනන්තර්‍ය්‍යයක් කෙළෙමි. දුෂ්ට සිත් ඇත්තෙම් මව මැරීමි. එ අත්බැවින් චුතවූයෙම් ඉතා දරුණු මහා අවීචි නරකයෙහි උපන්නේ වෙමි.

5206. විනිපාතගතො සන‍්තො සඤ‍්චරිං දුක‍්ඛිතො චිරං, න පුනො අද‍්දසං වීරං සුමෙධං නරපුඞ‍්ගවං.

5206. දුගතියට ගියෙම් බොහෝ කලක් දුඃඛිත ව හැසිරුණෙමි. නැවත නරශ්‍රේෂ්ඨ වූ සුමේධ වීරයා නො දිටිමි.

5207. අස‍්මිං කප‍්පෙ සමුද‍්දම‍්හි මච‍්ඡො ආසිං තිමිඞ‍්ගලො, දිස‍්වාහං සාගරෙ නාවං ගොචරත්‍ථමුපාගමිං.

5207. මෙම කල්පයෙහි සමුද්‍රයෙහි තිමිඞ්ගල නම් මත්ස්‍යයෙක් වීමි. සයුරෙහි නැවක් දැක ගොදුරු පිණිස (ඒ නැව ගිලගණු පිණිස) වෙතට ගියෙමි.

5208. දිස‍්වා මං වාණිජා භීතා බුද‍්ධසෙට‍්ඨමනුස‍්සරුං. ගොතමොති මහාඝොසං සුත්‍වා තෙහි උදීරිතං,

5208. මා දැක බියපත් වූ වෙළෙන්දෝ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළාහු ය. ඔවුන් විසින් කියන ලද ‘ගොතම’ යන මහා ඝෝෂය අසා-

5209. පුබ‍්බසඤ‍්ඤං සරිත්‍වාන තතො කාලකතො අහං, සාවත්‍ථියං කුලෙ ඉද‍්ධෙ ජාතො බ්‍රාහ‍්මණජාතියං.

5209. පූර්‍ව (දීපඞ්කර විවරණ) සංඥාව සිහි කොට මම එඅත්බැවින් කලුරිය කෙළෙම්. සැවැත් නුවර ආඪ්‍ය වූ කුලයෙක බ්‍රාහ්මණ ජාතියෙහි උපන්මි.

5210. ආසිං ධම‍්මරුචි නාම සබ‍්බපාපජිගූච‍්ඡකො, දිස‍්වාහං ලොකපජ‍්ජොතං ජාතියා සත‍්තවස‍්සිකො.

5210. ධර්‍මරුචි නම් වූ යෙමි. සියලු පව් පිළිකුල් කරන්නෙක් වූ, උත්පත්තියෙන් සත් හැවිරිදි වූ මම ලොව බබුළුවන්නා වූ බුදුරජුන් දැක,

5211. මහාජෙතවනං ගන‍්ත්‍වා පබ‍්බජිං අනගාරියං, උපෙමි බුද‍්ධං තික‍්ඛත‍්තුං රත‍්තියා දිවසස‍්ස ච.

5211. දෙව්රම් මහ වෙහෙරට ගොස් සස්නෙහි පැවිදි වීමි. රෑදෙවෙහි තෙවිටක් බුදුරජුන් වෙත එළඹෙමි.

5212. තදා දිස‍්වා මුනී ආහ චිරං ධම‍්මරුචීති මං, තතොහං අවචං බුද‍්ධං පුබ‍්බකම‍්මපභාවිතං:

5212. එකල්හි මුනි තෙම මා බොහෝ කලෙකින් දැක ‘ධම්මරුචි’ය යි වදාළේ ය. ඉක්බිති මම පූර්‍වකර්‍මයෙන් ප්‍රභාවිත වූ බුදුරජුන්හට (මෙසේ) කීමි:

5213. “සුචිරං සතපුඤ‍්ඤලක‍්ඛණං පතිපුබ‍්බෙන විසුද‍්ධපච‍්චයං අහමජ‍්ජ සුපෙක‍්ඛනං වත තව පස‍්සාමි නිරූපවිග‍්ගහං

5213. “සියපින් ලකුණු ඇති, පෙර දිවකුරු පාමුල්හි පරිපූර්‍ණ (පාරමි) ප්‍රත්‍යයසම්භාර ඇති, සුන්‍දරදර්‍ශන ඇති, අනූපමශරීර ඇති මුබ වහන්සේ ඉතා බොහෝ කලෙකින් අද මම ඒකාන්තයෙන් දක්මි.

5214. සුචිරං විහතත‍්තමො තයා සුචිරක‍්ඛෙන නදී විසොසිතා සුචිරං අමලං විසොධිතං නයනං ඤාණමයං මහාමුනෙ.

5214. මහා මූනීන්‍ද්‍රියන් වහන්ස, මුබ වහන්සේ විසින් බොහෝ කලෙකින් මොහඳුර වෙසෙසින් නසන ලද. පවිත්‍රධර්‍මගෝපන විසින් තෘෂ්ණා නදිය වියලන ලදු. බොහෝ කලෙකින් ඥානමය වූ දිවැස මුබවහන්සේ විසින් ලබන ලදි.

5215. චිරකාලං සමඞ‍්ගිතො තයා න විනට‍්ඨො පුනරන‍්තරං චිරං, පුනරජ‍්ජ සමාගතො තයා න හි නස‍්සන‍්ති කතානි ගොතම.”

5215. ගෞතමයන් වහන්ස, බොහෝ කලක් මුබ වහන්සේ සමග එක්වූයෙම් නො නටුයෙම් වීමී. යළි (මුබ වහන්සේගෙන් වෙන්වීමේ) අතරතුර බොහෝ කලෙක. නැවත මම අද මුබ වහන්සේ සමග එක්වූ යෙම් (සමග වසනෙම්) වෙමි. (මුබ වහන්සේ සමග) කළ (සමාගමාදි) කර්‍ම (ස්කන්‍ධපරිනිර්‍වාණය තෙක්) නොනසිත් මයැ.”

5216. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5217. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5217. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5218. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5218. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ධම‍්මරුචිත්‍ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ධම්මරුචි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ධම‍්මරුචිත්‍ථෙරස‍්ස අපදානං නවමං.

ධම්මරුචීස්ථවිරාවදානය නව වැනි යි.