4. 10 පෙසලාපදානං
4. 10 පෙසලාපදානං
4. 10 පේසලාපදානය
1323. ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ බ්‍රහ‍්මබන්‍ධුමහායසො කස‍්සපො නාම නාමෙන උප‍්පජ‍්ජි වදතං වරො.
1323. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් බුදුහු උපන් සේක.
1324. සාවත්‍ථියං පුරවරෙ උපාසකකුලෙ අහං පසූතා තං ජිනවරං දිස‍්වා සුත්‍වා ච දෙසනං.
1324. මම සැවැත්පුරවරයෙහි උවසුකුලයෙක උපන්මු. ඒ ජිනවරයන් දැක දේශනාව ද අසා -
1325. තං වීරං සරණං ගන‍්ත්‍වා සීලානි ච සමාදියිං කදාචි සො මහාවීරො මහාජනසමාගමෙ.
1325-1326. ඒ වීරයන් සරණ ගොස් සිල් ද සමාදන් වීමි, කිසිකලෙක ඒ නරාසභ වූ මහාවීරයන් වහන්සේ මහාජන සමාගමයෙහි තමන් වහන්සේගේ අභිසම්බෝධිය ප්‍රකාශ කළ සේක: “දුක්ඛා දි වූ පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි -
1326. අත‍්තනො අභිසම‍්බොධිං පකාසෙසි නරාසභො “අනනුස‍්සුතෙසු ධම‍්මෙසු පුබ‍්බෙ දුක‍්ඛාදිකෙසු ච.
1327. චක‍්ඛු ඤාණං ච පඤ‍්ඤා ච විජ‍්ජාලොකො ච ආසි මෙ” තං සුත්‍වා උග‍්ගහෙත්‍වාන පරිපුච‍්ඡිං ච භික‍්ඛවො.
1327. නුවණැස ද ඥානය ද ප්‍රඥාව ද මාගේ විද්‍යාලෝකය ද වී” යයි ඒ අසා ඉගෙන යළි භික්‍ෂූන් විචාළමු.
1328. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.
1328. මොනොවට කළ ඒ කර්‍මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
1329. පච‍්ඡිමෙ ච භවෙ’දානි ජාතා සෙට‍්ඨිමහාකුලෙ උපෙච‍්ච බුද‍්ධං සද‍්ධම‍්මං සුත්‍වා සච‍්චූපසංහිතං.
1329. දැන් පශ්චිම භවයෙහි මහ සිටුකුලයෙහි උපන්මු. බුදුන් කරා එළැඹැ සත්‍යප්‍රතිසංයුක්ත වූ සද්ධර්‍මය අසා -
1330. පබ‍්බජිත්‍වා චිරෙනෙව සච‍්චත්‍ථානි විචින‍්තයං ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ අරහත‍්තං අපාපුණිං.
1330. පැවිදි වැ නොබෝ කලෙකින් මැ සත්‍යාර්‍ත්‍ථයන් විමසමින් සියලු ආස්‍රවයන් ගෙවා රහත්බවට පැමිණියමු.
1331. ඉද‍්ධිසු ච වසී හොමි දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී හොමි මහාමුනෙ.
1331. මහාමුනිවරය, ඍද්ධීන්හි ද දිවසෝධායෙහි ද වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
1332. පුබ‍්බෙ නිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථි’දානි පුනබ‍්භවො.
1332. පූර්‍වනිවාස දනිමි, දිව ඇස විශෝධිත යැ, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති.
1333. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද‍්ධං බුද‍්ධසෙට‍්ඨස‍්ස වාහසා
1333. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්‍ථ ධම්ම නිරුත්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය විමල යැ, පරිශුද්ධ යි.
1334. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගීව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවා.
1334. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිත වැ ඇතින්නක මෙන් වෙසෙමි.
1335. ස‍්වාගතං වත මෙ ආසි මම බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.
1335. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි එකැතින් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්තයහ, බුදුසසුන් කරන ලද.
1336. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨි’මෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
1336. සිව්පිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥා ද පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලදී.
ඉත්‍ථං සුදං පෙසලා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙසෙයින් පේසලා මෙහෙණ මේ ගාථා කිවු යැ.
පෙසලාථෙරියාපදානං දසමං.
දසවැනි පේසලා ස්ථවිරාවදාන යි.
ඛත‍්තියාවග‍්ගො චතුත්‍ථො.
හතරවැනි ඛත්තියා වර්‍ග යි.
තත්‍ථුද‍්දානං:
එහි උද්දානය:
ඛත‍්තියා බ්‍රාහ‍්මණී චෙව තථා උප‍්පලදායිකා සිගාලමාතා සුක‍්කා ච අභිරූපා අඩ‍්ඪකාසිකා,
කැත් මෙහෙණන්ගේ අපදාන යැ, බැමිණි මෙහෙණන්ගේ අපදාන යැ, උප්පලදායිකා යැ, සිගාලමාතු යැ, සුක්කා යැ, අභිරූපනන්‍දා යැ, අඩ්ඪකාසීයැ -
පුණ‍්ණා ච අම‍්බපාලී ච පෙසලාති ච තා දස ගාථායො ද‍්විසතානෙත්‍ථ ද‍්විචත‍්තාලීස චුත‍්තරි.
පුණ්ණා යැ, අම්බපාලී යැ, පේසලා යැයි අපදාන දසයක් වෙති. එහි ගාථා දෙසාලිසක් අධික කොට ඇති දෙසියයක් වෙත්.
අථ වග‍්ගුද‍්දානං:
යළි වර්‍ග උද්දානය:
සුමෙධා එකූපොසථා කුණ‍්ඩලකෙසී ඛත‍්තියා සහස‍්සං තිසතා ගාථා සත‍්තතාලිස පිණ‍්ඩිතා,
සුමේධා වර්‍ග යැ, ඒකුපෝසථික වර්‍ග යැ, කුණ්ඩලකේසී වර්‍ග යැ, ඛත්තියා වර්‍ග යි එහි ගාථා සත්සාලිසක් හා එක්දහස් තුන්සියෙකි.
සහ උද‍්දානගාථාහි ගණිතායො විභාවිහි සහස‍්සං තිසතා ගාථා සත‍්තපඤ‍්ඤාසමෙව චා’ති.
විභාවීන් විසින් උද්දාන ගාථා සමග ගණන ලද්දාහු එක්දහස් තුන්සියසත්පනසෙකි.
ථෙරීඅපදානං සමත‍්තං.
ථේරීඅපදානය සමාප්ත යැ.
සමත‍්තා අපදානපාළි.
අපදානපාළි සමාප්ත යි.