4. 9 අම්බපාලී අපදානං
4. 9 අම්බපාලී අපදානං
4. 9 අම්බපාලී අපදානය
1307. යො රංසිඵුසිතාවෙලො ඵුස්සො නාම මහාමුනි තස්සා’හං භගිනී ආසිං අජායිං ඛත්තියෙ කුලෙ
1307. රස් පහස් ලද රැළි ඇති යම් ඵුස්ස නම් මහාමුනි කෙනෙක් වූවාහු ද, මම් ඔබට බුහුන වීමු. කැත්කුලෙහි උපන්මු.
1308. තස්ස ධම්මං සුණිත්වා’හං විප්පසන්නෙන චෙතසා මහාදානං දදිත්වාන පත්ථයිං රූපසම්පදං.
1308. ඒ බුදුන්ගේ දහම් අසා වෙසෙසින් පහන් සිතින් යුක්ත වැ මහදන් දී රූප සම්පත් ප්‍රාර්‍ත්‍ථනා කළමු.
1309. එකතිංසෙ ඉතො කප්පෙ සිඛී ලොකග්ගනායකො උප්පජ්ජි ලොකපජ්ජොතො තිලොකසරණො ජිනො.
1309. මොබින් එක්තිස්වන කපෙහි ලෝකාග්‍රනායක වූ ලොවට ප්‍රදීප වූ තුන්ලොවට සරණ වූ සිඛී නම් ජිතපඤ්චමාරයන් වහන්සේ පහළ වූ සේක.
1310. තදා’රුණපුරෙ රම්මෙ බ්රහ්මඤ්ඤකුලසම්හවා විමුත්තචිත්තං කුපිතා භික්ඛුනිං අභිසාපයිං.
1310. එකල රම්‍ය වූ අරුණ පුරයෙහි බමුණු කුලයෙහි උපන්මු, කිපුණු කිත් ඇති වැ රහත් මෙහෙණකට ශාප කළමු.
1311. “වෙසිකාව අනාචාරා ජිනසාසනදූසිකා” එවං අක්කොසයිත්වාන තෙන පාපෙන කම්මුනා.
1311. “වෛශ්‍යාවක මෙන් අනාචාර ඇති වැ බුදුසසුන දූෂණය කරන්නී” යයි මෙසේ ආක්‍රෝශ කොට ඒ පව් කැමින් -
1312. දාරුණං නිරයං ගන්ත්වා මහාදුක්ඛසමප්පිතා තතො චුතා මනුස්සෙසු උපපන්නා තපස්සිනී.
1312. දරුණු වූ නිරයට ගොස් මහත් වූ දුකින් මඩනා ලදුමු, එයින් සැවැ මිනිස් ලොවැ බැගෑපත් වැ උපන්මු.
1313. දසජාතිසහස්සානි ගණිකත්තමකාරයිං තම්හා පාපා න මුච්චිස්සං භුත්වා දුට්ඨවිසං යථා.
1313. දසදහසක් ජාතියෙහි ගණිකාබව කළමු, දුෂ්ට වූ විෂයක් වළඳා මෙන් ඒ පාපයෙන් නො මිදිණිමි.
1314. බ්රහ්මචරියමසෙවිස්සං කස්සපෙ ජින සාසනෙ තෙන කම්මවිපාකෙන අජායිං තිදසෙ පුරෙ.
1314. කසුප් බුදුන්ගේ ශාසනයෙහි බඹසර විසීමි, ඒ කර්ම විපාකයෙන් දෙව්ලොවැ උපන්මු.
1315. පච්ඡිමභවෙ සම්පත්තෙ අහොසිං ඔපපාතිකා අම්බසාඛන්තරෙ ජාතා අම්බපාලීති තෙන හං.
1315. පශ්චිම භවය පැමිණි කල්හි ඕපපාතිකා වීමි, අඹ අතු අතරැ උපන්නී එයින් මම ‘අම්බපාලී’ නම් වීමු.
1316. පරිවුතා පාණකොටීහි පබ්බජිං ජිනසාසනෙ පත්තාහං අචලං ඨානං ඨිතා බුද්ධස්ස ඔරසා.
1316. ප්රාණකොටීන් විසින් පිරිවරන ලදු වැ බුදුසසුන්හි පැවිදි වීමි, අචල වූ (නිර්වාණ) ස්ථානයට පැමිණියා බුදුරදුන්ට ඖරෂ වූ දියණියක් වීමු.
1317. ඉද්ධීසු ච වසී හොමි සොතධාතුවිසුද්ධියා චෙතො පරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
1317. දිව්යශ්රෝත්රධාතු විශුද්ධියෙන් යුක්ත වැ ඍද්ධීන්හි ද වසී වෙමි, මහාමුනිවරය, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.
1318. පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
1318. පූර්‍වනිවාස දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්ෂය කරන ලදහ, දැන් පුනර්භවයෙක් නැති.
1319. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස වාහසා.
1319. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ අනුහසින් අත්ථ ධම්ම නිරුත්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මගේ ඥානය නිර්මල යැ, පරිශුද්ධ වී.
1320-1322. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1320. – 1322. ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
ඉත්ථං සුදං අම්බපාලී භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ අම්බපාලී මෙහෙණ මේ ගාථාවන් කිවු යැ.
අම්බපාලීථෙරියාපදානං නවමං.
නවවැනි අම්බපාලී ස්ථවිරාවදාන යි.