මක්ඛසුත්තං
1. 1. 5.
1. 1. 5.
මක්ඛසුත්තං
මක්ඛ සූත්‍රය
වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මෙසේ මා විසින් මෙසේ අසන ලදී:
1. එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? මක්ඛං භික්ඛවෙ එකධම්මං පජහථ. අහං වො පාටිභොගො අනාගාමිතායා”ති.
1. මහණෙනි, එක් සංක්ලේශධර්මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක් ද යත්: මහණෙනි, ම්රක්ෂ (මකු බව) නම් වූ මේ එක ම ධර්මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යෙන මක්ඛෙන මක්ඛාසෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් මකුබවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.