යෙදුමෙන් කියවන්න

2. දොසසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. දොසසුත‍්තවණ‍්ණනා

2. දොස සූත්‍ර වර්ණනාව

වුත‍්තඤ‍්හෙතං …පෙ… දොසන‍්ති දුතියසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා. යථා එත්‍ථ, එවං ඉතො පරෙසුපි සබ‍්බත්‍ථ අපුබ‍්බපදවණ‍්ණනංයෙව කරිස‍්සාම. යස‍්මා ඉදං සුත‍්තං දොසබහුලානං පුග‍්ගලානං අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා දොසවූපසමනත්‍ථං දෙසිතං, තස‍්මා “දොසං, භික‍්ඛවෙ, එකධම‍්මං පජහථා”ති ආගතං.

වුත්තං හෙතං -පෙ- දොසං යනු දෙවන සූත්‍රය යි. මේ එහි පෙර නොකියන ලද පදවල වර්ණනාව යි. මේ සූත්‍රයෙහි දී මෙසේ පෙර නොකියන ලද පද වර්ණනා කරන්නා සේ මෙයින් පසුවද හැමතැනදීම පෙර නොකී පද වැනුම ම කරන්නෙමු. මේ සූත්‍රය ද්වේෂ බහුල පුද්ගලයන්ගේ අදහස් බලා ද්වේෂය සන්සිඳීම පිණිස දේශනා කළ හෙයින් ‘දොසං භික්‍ඛවෙ එකධම්මං පජහථ’ යනුවෙන් ආයේය.

තත්‍ථ දොසන‍්ති “අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායතී”තිආදිනා (විභ· 960) නයෙන සුත‍්තෙ වුත‍්තානං නවන‍්නං, “අත්‍ථං මෙ නාචරී”තිආදීනඤ‍්ච තප‍්පටිපක‍්ඛතො සිද‍්ධානං නවන‍්නමෙවාති අට‍්ඨාරසන‍්නං ඛාණුකණ‍්ටකාදිනා අට‍්ඨානෙන සද‍්ධිං එකූනවීසතියා අඤ‍්ඤතරාඝාතවත්‍ථුසම‍්භවං ආඝාතං. සො හි දුස‍්සන‍්ති තෙන, සයං වා දුස‍්සති, දුස‍්සනමත‍්තමෙව වා තන‍්ති දොසොති වුච‍්චති. සො චණ‍්ඩික‍්කලක‍්ඛණො පහටාසීවිසො විය, විසප‍්පනරසො විසනිපාතො විය, අත‍්තනො නිස‍්සයදහනරසො වා දාවග‍්ගි විය, දුස‍්සනපච‍්චුපට‍්ඨානො ලද‍්ධොකාසො විය සපත‍්තො, යථාවුත‍්තආඝාතවත්‍ථුපදට‍්ඨානො විසසංසට‍්ඨපූතිමුත‍්තං විය දට‍්ඨබ‍්බො.

එහි දොසං යනු ‘අනත්‍ථං මේ අචරීති ආඝාතො ජායති’ ‘මට අවැඩ පිණිස හැසිරුණේ යයි ද්වේෂය උපදියි ආදී ක්‍රමයෙන් සූත්‍රයෙහි කියන ලද නවය ද ‘අත්‍ථං මෙ නාචරි’ ‘මට වැඩ පිණිස නොහැසිරුණේය’ යනාදී එයට ප්‍රතිවිරුද්ධ වශයෙන් ඇති වූ නවයදැයි යන දහඅට ද කණු කටු ආදියෙහි හැපීමෙන් ඇතිවන අස්ථාන කෝපය සමග දහනවයක් වූ ආඝාත වස්තු අතරින් එක්තරා ආඝාත වස්තුවකින් උපන් ආඝාතයක් (ක්‍රෝධයක්). ඒ ද්වේෂය වනාහි එය කරණකොට කිලිටි වෙයි. නැතහොත් තමා කිලිටි වෙයි. නැතහොත් කිලිටිවීම් මාත්‍රයම ද්වේෂය යි කියනු ලැබේ. ඒ ද්වේෂය දණ්ඩෙන් පහර ලත් සර්පයකු මෙන් චණ්ඩ බව ලක්‍ෂණ කොට ඇත්තේය. සිරුරට විෂක් වැටුණු කලක මෙන් දැඟලීම කෘත්‍ය (රසය) කොට ඇත්තේ ය. නැතහොත් තම හදවත ලැව්ගින්නක් මෙන් දැවීම කෘත්‍ය කොට ඇත්තේය. ලබන ලද අවස්ථාවක් ඇති සතුරකු මෙන් කෙලෙසීම (දූෂණය) වැටහෙන ආකාර කොට ඇත්තේය. විෂවලින් අනන ලද ගොමුත්‍රය (පූතිමුත්ත) මෙන් මුලින් කියන ලද ආඝාත වස්තු ආසන්න කාරණය කොට ඇත්තේය.

පජහථාති සමුච‍්ඡින්‍දථ. තත්‍ථ යෙ ඉමෙ –

පජහථ යනු සහමුලින් නසව්. එහි

“පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, ආඝාතපටිවිනයා, යත්‍ථ භික‍්ඛුනො උප‍්පන‍්නො ආඝාතො සබ‍්බසො පටිවිනෙතබ‍්බො. කතමෙ පඤ‍්ච? යස‍්මිං, භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, මෙත‍්තා තස‍්මිං පුග‍්ගලෙ භාවෙතබ‍්බා…පෙ… කරුණා…පෙ… උපෙක‍්ඛා, අසතිඅමනසිකාරො තස‍්මිං පුග‍්ගලෙ ආපජ‍්ජිතබ‍්බො, එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො. යස‍්මිං, භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, කම‍්මස‍්සකතා තස‍්මිං පුග‍්ගලෙ අධිට‍්ඨාතබ‍්බා ‘කම‍්මස‍්සකො අයමායස‍්මා කම‍්මදායාදො…පෙ… භවිස‍්සතී”ති (අ· නි· 5.161) –

‘පඤ්චිමෙ භික්‍ඛවෙ ආඝාත පටිවිනයා යත්‍ථ භික්‍ඛුනො උප්පන්තො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො කතමෙ පඤ්ච: යස්මි භික්‍ඛවෙ පුග්ගලෙ ආඝාතො ජායෙථ මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා -පෙ- කරුණා උපෙක්ඛා -පෙ- අසති අමනසිකාරො තස්මිං පුග්ගලෙ ආපජ්ජිතබ්බො, එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො, යස්මිං භික්‍ඛවෙ පුග්ගලෙ ආඝාතො ජායෙථ කම්මස්සකතා එව වා තස්මිං පුග්ගලෙ අධිට්ඨාතබ්බා - කම්මස්සකො අයමායස්මා කම්මදායාදො භවිස්සතී’ති.

‘මහණෙනි, යම් අරමුණක භික්‍ෂුවට උපන් ආඝාතය (ද්වේෂය) සියලු ආකාරයෙන් දුරු කළයුතු නම් එබඳු වූ මේ ආඝාතය දුරුකරන උපාය පහක් ඇත. ඒ පහ කුමක් ද?

1. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරු කළ යුතුය.

2. මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරුකළ යුතුය.

3. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි උපේක්‍ෂාව වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරුකළ යුතුය.

4. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් ඒ පුද්ගලයා කෙරෙහි උපේක්‍ෂාව වැඩිය යුතුය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් ආඝාතය දුරුකළ යුතුය.

5. මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපන්නේ නම් මේ ආයුෂ්මත් තෙමේ කර්මය තමා අයත්කොට ඇත්තේ වෙයි. කර්මය දායාද (කර්ම විපාක කොටස ගන්නෙක්) වන්නේ යයි ඒ පුද්ගලයා කෙරෙහි කර්මය ස්වකීය (තමා අයත්) කොට ඇති බව මෙනෙහි කළ යුතුය.

එවං පඤ‍්ච ආඝාතප‍්පටිවිනයා වුත‍්තායෙව.

මෙසේ ආඝාතය දුරුකරන කරුණු පහ වදාරණ ලද්දේම ය.

“පඤ‍්චිමෙ, ආවුසො, ආඝාතපටිවිනයා, යත්‍ථ භික‍්ඛුනො උප‍්පන‍්නො ආඝාතො සබ‍්බසො පටිවිනෙතබ‍්බො. කතමෙ පඤ‍්ච? ඉධාවුසො, එකච‍්චො පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො හොති පරිසුද‍්ධවචීසමාචාරො; එවරූපෙපි, ආවුසො, පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො”ති (අ· නි· 5.162) –

‘පඤ්චිමෙ ආවුසො ආඝාත පටිවිනයා යත්‍ථ භික්‍ඛුනො උප්පන්නො ආඝාතො’ සබ්බසො පටිවිනෙතබ්බො කතමෙ පඤ්ච: ඉධාවුසො එකච්චො පුග්ගලො අපරිසුද්ධ කාය සමාචාරො හොති අපරිසුද්ධ වචී සමාචාරො එවරූපෙපි ආවුසො පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො’ ති.

‘ඇවැත්නි, යම් අරමුණක භික්‍ෂුවට උපන් ආඝාතය සියලු ආකාරයෙන් දුරුකළ යුතු නම් එබඳු වූ ආඝාතය දුරුකරන උපාය පහක් ඇත. ඒ පහ කුමක්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු වූ කායික හැසිරීම් ඇත්තේ වෙයි. අපිරිසිදු වූ වචන කතා කරන්නේ වෙයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහි ද ආඝාතය දුරුකළ යුතුය’

එවමාදිනාපි නයෙන පඤ‍්ච ආඝාතපටිවිනයා වුත‍්තා, තෙසු යෙන කෙනචි ආඝාතපටිවිනයවිධිනා පච‍්චවෙක‍්ඛිත්‍වා. අපිච යො –

යනාදී ක්‍රමයෙන් ආඝාතය දුරුකරන කරුණු පහ වදාරණ ලදී. ඒවා අතරින් ආඝාතය දුරුකරන යම්කිසි විධියකින් නුවණින් සලකා බැලිය යුතුය.

“උභතොදණ‍්ඩකෙන චෙපි, භික‍්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ‍්ගමඞ‍්ගානි ඔකන‍්තෙය්‍යුං, තත්‍රාපි යො මනො පදූසෙය්‍ය, න මෙ සො තෙන සාසනකරො”ති (ම· නි· 1.232) සත්‍ථු ඔවාදො.

‘උභතො දණ්ඩකෙන චෙපි භික්‍ඛවෙ කකචෙන චොරා ඔචරකා අංගමංගානි මකන්තෙය්‍යුං තත්‍රාපි යො මනො පදූසෙය්‍ය න මෙ සො තෙන සාසනකරො’ති

තව ද, ‘මහණෙනි, ඉදින් පහත් හැසිරීම් ඇති සොරු, දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහු ද එහිදී ද යමෙක් සිත දූෂිත කරන්නේ නම් එයින් හෙතෙම මගේ අනුශාසනය කරන්නෙක් නොවේ.’ යනු ශාස්තෲන් වහන්සේගේ අවවාදයයි.

“තස‍්සෙව තෙන පාපියො, යො කුද‍්ධං පටිකුජ‍්ඣති; කුද‍්ධං අප‍්පටිකුජ‍්ඣන‍්තො, සඞ‍්ගාමං ජෙති දුජ‍්ජයං.

‘යමෙක් කිපුණු තැනැත්තාට පෙරළා කිපේ ද එයින් ඔහුට ම පව සිදු වේ. කිපුණු තැනැත්තාට පෙරළා නො කිපෙන තැනැත්තා දුකසේ ජයගත හැකි ක්‍රෝධ යුද්ධය දිනයි.

“උභින‍්නමත්‍ථං චරති, අත‍්තනො ච පරස‍්ස ච; පරං සඞ‍්කුපිතං ඤත්‍වා, යො සතො උපසම‍්මති. (සං· නි· 1.188);

යමෙක් කිපුණු අන් අයෙකු දැන සිහි ඇතිව ඉවසා ද ඔහු තමාටත් අනිත් තැනැත්තාටත් යන දෙදෙනාට ම යහපත සදයි.’

“සත‍්තිමෙ, භික‍්ඛවෙ, ධම‍්මා සපත‍්තකන‍්තා සපත‍්තකරණා කොධනං ආගච‍්ඡන‍්ති ඉත්‍ථිං වා පුරිසං වා. කතමෙ සත‍්ත?

‘මහණෙනි, වෛරී පුද්ගලයන්ට ප්‍රිය වූ වෛරී පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වූ මේ කරුණු හත ක්‍රෝධ කරන ස්ත්‍රිය වෙත හෝ පුරුෂයා වෙත හෝ පැමිණෙයි. ඒ හත කුමක්ද?

ඉධ, භික‍්ඛවෙ, සපත‍්තො සපත‍්තස‍්ස එවං ඉච‍්ඡති, ‘අහො වතායං දුබ‍්බණ‍්ණො අස‍්සා’ති. තං කිස‍්ස හෙතු? න, භික‍්ඛවෙ, සපත‍්තො සපත‍්තස‍්ස වණ‍්ණවතාය නන්‍දති. කොධනොයං, භික‍්ඛවෙ, පුරිසපුග‍්ගලො කොධාභිභූතො කොධපරෙතො කිඤ‍්චාපි සො හොති සුන‍්හාතො සුවිලිත‍්තො කප‍්පිතකෙසමස‍්සු ඔදාතවත්‍ථවසනො, අථ ඛො සො දුබ‍්බණ‍්ණොව හොති කොධාභිභූතො. අයං, භික‍්ඛවෙ, පඨමො ධම‍්මො සපත‍්තකන‍්තො සපත‍්තකරණො කොධනං ආගච‍්ඡති ඉත්‍ථිං වා පුරිසං වා.

1. මහණෙනි, මෙලොව සතුරා (තමාගේ) සතුරාට මොහු ඒකාන්තයෙන් දුර්වර්ණ වන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. එයට හේතුව කුමක්ද? සතුරා සතුරාගේ වර්ණවත් බවට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්‍රෝධයෙන් යුක්තය. ක්‍රෝධයෙන් මැඬගත්තේය. ක්‍රෝධය අනුව ගියේය. හෙතෙම යම් ලෙසකින් හොඳින් ස්නානය කොට සුවඳ විලවුන් මනාව ඇඟ තවරාගෙන කෙස් රැවුල් කපා සුදු ඇඳුම් ඇඳ සිටියත් ක්‍රෝධයෙන් මැඬුණේ දුර්වර්ණම වෙයි. මහණෙනි, සතුරාට ප්‍රිය වූ සතුරාට ප්‍රයෝජනවත් වූ මේ පළමු කරුණ ක්‍රෝධ කරන ස්ත්‍රීන් වෙත හෝ පුරුෂයා වෙත හෝ පැමිණෙයි.

“පුන චපරං, භික‍්ඛවෙ, සපත‍්තො සපත‍්තස‍්ස එවං ඉච‍්ඡති ‘අහො වතායං දුක‍්ඛං සයෙය්‍යා’ති…පෙ… න පචුරත්‍ථො අස‍්සාති…පෙ… න භොගවා අස‍්සාති…පෙ… න යසවා අස‍්සාති…පෙ… න මිත‍්තවා අස‍්සාති…පෙ… කායස‍්ස භෙදා පරං මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍යාති.

2. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් දුකසේ නිදන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. 3. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ ධනය ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. 4. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ සම්පත් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. 5. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ පිරිවර (හෝ කීර්තිය) ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. 6. තවද මහණෙනි, මොහු ඒකාන්තයෙන් බොහෝ මිතුරන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි. 7, තවද මහණෙනි, මොහු කය බිඳීමෙන් මරණින් පසු අපාය දුගති විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ නම් මැනවැයි මෙසේ සතුටු වෙයි.

තං කිස‍්ස හෙතු? න, භික‍්ඛවෙ, සපත‍්තො සපත‍්තස‍්ස සුගතිගමනෙ නන්‍දති. කොධනොයං, භික‍්ඛවෙ, පුරිසපුග‍්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරං මරණා…පෙ… නිරයං උපපජ‍්ජති කොධාභිභූතො”ති (අ· නි· 7.64).

එයට හේතුව කුමක්ද? මහණෙනි, සතුරෙක් සතුරෙකුගේ සුගති ගමනින් සතුටු නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්‍රෝධයෙන් යුක්ත වූයේ ක්‍රෝධයෙන් මැඬගත්තේ, ක්‍රෝධය අනුව ගියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. මනසින් දුසිරිත් කරයි. ක්‍රෝධයෙන් යුක්ත වූ හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කය බිඳීමෙන් මරණින් පසු අපාය - දුගති විනිපාත නම් වූ නිරයට පැමිණෙයි.’

“කුද‍්ධො අත්‍ථං න ජානාති, කුද‍්ධො ධම‍්මං න පස‍්සති…පෙ…. (අ· නි· 7.64);

‘කිපුණු තැනැත්තා අර්ථය (යහපත) නොදනී. කිපුණු තැනැත්තා ධර්මය (සමථ - විදර්ශනා) නොදකී.’

“කොධං ජහෙ විප‍්පජහෙය්‍ය මානං, සංයොජනං සබ‍්බමතික‍්කමෙය්‍ය. (ධ· ප· 221);

‘ක්‍රෝධය දුරු කරන්නේය. මානය දුරු කරන්නේය. සියලු සංයෝජන ඉක්මවන්නේය.’

“අනත්‍ථජනනො කොධො, කොධො චිත‍්තප‍්පකොපනො…පෙ…. (අ· නි· 7.64);

‘ක්‍රෝධය අනර්ථය උපදවන්නේය. කෝධය සිත කෝප කරන්නේය.’

“කොධං ඡෙත්‍වා සුඛං සෙති, කොධං ඡෙත්‍වා න සොචති;

‘ක්‍රෝධය සිඳ දමා සැපසේ නිදයි. ක්‍රෝධය සිඳ දමා ශෝක නොකරයි.’

කොධස‍්ස විසමූලස‍්ස, මධුරග‍්ගස‍්ස බ්‍රාහ‍්මණා”ති. (සං· නි· 1.187);

‘බමුණ, විෂ වූ මූල ඇති මිහිරි වූ අග ඇති ක්‍රෝධයේ’

“එකාපරාධං ඛම භූරිපඤ‍්ඤ, න පණ‍්ඩිතා කොධබලා භවන‍්තී”ති. –

‘මහා ප්‍රඥාවන්තයාණෙනි, එකම අපරාධය ඉවසනු මැනවි. පණ්ඩිතයෝ ක්‍රෝධය බලය කොට ඇත්තෝ නොවෙති.’

එවමාදිනා නයෙන දොසෙ ආදීනවෙ වුත‍්තප‍්පටිපක‍්ඛතො දොසප‍්පහානෙ ආනිසංසෙ ච පච‍්චවෙක‍්ඛිත්‍වා පුබ‍්බභාගෙ දොසං තදඞ‍්ගප‍්පහානාදිවසෙන පජහිත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා තතියමග‍්ගෙන සබ‍්බසො දොසං සමුච‍්ඡින්‍දථ, පජහථාති තෙසං භික‍්ඛූනං තත්‍ථ නියොජනං. තෙන වුත‍්තං “දොසං, භික‍්ඛවෙ, එකධම‍්මං පජහථා”ති.

මේ ආදී ක්‍රමයෙන් ද්වේෂයෙහි ආදීනව (දොස්) ද කියන ලද ආකාරයට ප්‍රතිවිරුද්ධ වශයෙන් ද්වේෂය දුරුකිරීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා මුල් අවස්ථාවෙහි ද්වේෂය තදංගප්පහාණාදී වශයෙන් පහකොට විදර්ශනාවට (සිත) උත්සාහවත් කරවා තුන්වන මාර්ගයෙන් (අනාගාමි මාර්ගයෙන්) සියලු ආකාරයෙන් ද්වේෂය සහමුලින්ම සිඳින්න දුරුකරන්න යනුවෙන් ඒ ද්වේෂය දුරුකිරිමෙහි ඒ භික්‍ෂූන්ගේ යෙදවීම. එහෙයින් ‘දොසං භික්‍ඛවෙ එකධම්මං පජහථ’ යනුවෙන් වදාරණ ලදී.

දුට‍්ඨාසෙති ආඝාතෙන දූසිතචිත‍්තතාය පදුට‍්ඨා. සෙසමෙත්‍ථ යං වත‍්තබ‍්බං, තං පඨමසුත‍්තවණ‍්ණනායං වුත‍්තනයමෙව.

දුට්ඨාසෙ යනු ආඝාතයෙන් දූෂිත වූ සිත් ඇති බැවින් ඉතා දුෂ්ට වූ මෙහි ඉතිරි වූ යමක් කිව යුතු නම් එය පළමු සූත්‍ර වර්ණනාවෙහි කියන ලද පරිදිම දතයුතුය.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සූත්‍ර වර්ණනාවයි.

3. මොහසුත‍්තවණ‍්ණනා

3. මොහ සූත්‍ර වර්ණනාව

තතියෙ මොහන‍්ති අඤ‍්ඤාණං. තඤ‍්හි දුක‍්ඛෙ අඤ‍්ඤාණං, දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණන‍්තිආදිනා නයෙන විභාගෙන අනෙකප‍්පභෙදම‍්පි මුය‍්හන‍්ති. තෙන සයං වා මුය‍්හති මුය‍්හනමත‍්තමෙව වා තන‍්ති මොහොති වුච‍්චති. සො චිත‍්තස‍්ස අන්‍ධභාවලක‍්ඛණො, අඤ‍්ඤාණලක‍්ඛණො වා, අසම‍්පටිවෙධරසො, ආරම‍්මණසභාවච‍්ඡාදනරසො වා, අසම‍්මාප‍්පටිපත‍්තිපච‍්චුපට‍්ඨානො, අන්‍ධකාරපච‍්චුපට‍්ඨානො වා, අයොනිසොමනසිකාරපදට‍්ඨානො, සබ‍්බාකුසලානං මූලන‍්ති දට‍්ඨබ‍්බො. ඉධාපි පජහථාති පදස‍්ස –

තුන්වන සූත්‍රයෙහි මොහං යනු නොදැනීමයි. එය දුකෙහි නොදැනීම, දුක හටගැනීමෙහි නොදැනීම, දුක නැතිවීමෙහි නොදැනීම, දුක නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම යනාදී ක්‍රමයෙන් විභංගයෙහි නොයෙක් ප්‍රභේදයන් ද - එය කරණකොට මුළා වෙයි. තමා හෝ මුළා වෙයි. ඒ මුළාවීම් මාත්‍රයම හෝ මෝහයයි කියනු ලැබේ. එය සිතෙහි අන්ධභාවය ලක්‍ෂණ කොට ඇත. නොදැනීම හෝ ලක්‍ෂණ කොට ඇත. අනවබෝධය රසය (කෘත්‍ය) කොට ඇත. අරමුණෙහි ස්වභාවය වැසීම හෝ රසයයි. මුළාවූ පිළිවෙත වැටහෙන ආකාරයයි. අන්ධකාරය හෝ වැටහෙන ආකාරයයි. අනුවණින් මෙනෙහි කිරීම ආසන්න කාරණයයි. සියලු අකුසලයන්ට මූලයයි දතයුතුය. මෙහි ද පජහථ යන පදයේ

“මූළ‍්හො අත්‍ථං න ජානාති, මූළ‍්හො ධම‍්මං න පස‍්සති; අන්‍ධතමං තදා හොති, යං මොහො සහතෙ නරං”. (ඉතිවු· 88);

මුළා වූ තැනැත්තා අර්ථය නොදනී. මුළා වූ තැනැත්තා ධර්මය නොදනී. මෝහය යම් මිනිසකු මැඬගෙන සිටිනවිට අන්ධභාවය ඇතිකරන අඳුරක් වේ.

“අනත්‍ථජනනො මොහො…පෙ…. (ඉතිවු· 88);

‘අනත්‍ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො’ ‘මෝහය අනර්ථයක් උපදවන්නේය. මෝහය සිත කෝප කරන්නේය.’

“අවිජ‍්ජා, භික‍්ඛවෙ, පුබ‍්බඞ‍්ගමා අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා” (ඉතිවු· 40);

‘අවිජ්ජා භික්‍ඛවෙ පුබ්බංගමා අකුසලානං ධම්මානං එව සමාපත්තියා’ ‘මහණෙනි, අකුසල ධර්මයන්ගේ රැස්කිරීම පිණිස අවිද්‍යාව පෙරදැරි වේ.’

“මොහසම‍්බන්‍ධනො ලොකො, භබ‍්බරූපොව දිස‍්සති”; (උදා· 70);

‘මොහ සම්බන්‍ධනො ලොකො භබ්බරූපොව දිස්සති’ ‘මෝහය හා බැඳුනා වූ ලෝවැසියා හේතු සම්පන්නයෙක් මෙන් දක්නා ලැබේ.’

“මොහො නිදානං කම‍්මානං සමුදයාය” (අ· නි· 3.34);

‘මොහො නිදානං කම්මානං සමුදයාය’ ‘මෝහය කර්මයගේ හටගැනීමට හේතු වේ.’

“මූළ‍්හො ඛො, බ්‍රාහ‍්මණ, මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවතී”ති ච –

‘බමුණ, මෝහයෙන් මුළා වූ, මැඩුණා වූ, හාත්පසින් අල්ලා ගන්නා ලද සිත් ඇති තැනැත්තා මේ ජීවිතයෙහි බියජනක වූ වෛරය රැස්කරයි. පරලොවෙහි ද බියජනක වූ වෛරය රැස් කරයි.’

ආදිනා නයෙන “යො කොචි ධම‍්මො කාමච‍්ඡන්‍දාදිසංකිලෙසධම‍්මෙහි නිබ‍්බත‍්තෙතබ‍්බො, අත්‍ථතො සබ‍්බො සො මොහහෙතුකො”ති ච මොහෙ ආදීනවං තප‍්පටිපක‍්ඛතො මොහප‍්පහානෙ ආනිසංසඤ‍්ච පච‍්චවෙක‍්ඛිත්‍වා කාමච‍්ඡන්‍දාදිප‍්පහානක‍්කමෙනෙව පුබ‍්බභාගෙ තදඞ‍්ගාදිවසෙන මොහං පජහන‍්තා තතියමග‍්ගෙන යථාවුත‍්තලොභදොසෙකට‍්ඨං මොහං සමුච‍්ඡෙදවසෙන පජහථාති අත්‍ථො දට‍්ඨබ‍්බො. අනාගාමිමග‍්ගවජ‍්ඣො එව හි මොහො ඉධාධිප‍්පෙතොති. මූළ‍්හාසෙති කුසලාකුසලසාවජ‍්ජානවජ‍්ජාදිභෙදෙ අත‍්තනො හිතාහිතෙ සම‍්මූළ‍්හා. සෙසං වුත‍්තනයමෙව.

යනාදී ක්‍රමයෙන් ද, යො කොචි ධම්මො කාමච්ඡන්‍දාදි සංකිලෙස ධම්මෙහි නිබ්බත්තෙතබ්බො අත්‍ථතො සබ්බො සො මොහ හෙතුකො ‘යම්කිසි අකුසල ධර්මයක් කාමච්ඡන්‍දාදි ක්ලේශ ධර්මයන් විසින් නිපදවිය යුතු ද ඒ සියල්ල අර්ථ (කරුණු) වශයෙන් මෝහය හේතුකොට ඇත්තේ ය’යි මෝහයෙහි ආදීනව (දොස්) ද එයට ප්‍රතිවිරුද්ධ වශයෙන් මෝහය දුරුකිරීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා කාමච්ඡන්‍දාදිය දුරුකරන ක්‍රමයෙන් ම මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් (ඒ ඒ කරුණෙහිදී දුරුකිරීම් වශයෙන්) මෝහය දුරුකරමින් තුන්වන (අනාගාමි) මාර්ගයෙන් කියන ලද පරිදි ලෝභ දෝෂ සමග එකට උපන් මෝහය සහමුලින් (සමුච්ඡේද වශයෙන්) දුරුකරව් යන අර්ථය දතයුතුය. අනාගාමි මාර්ගයෙන් දුරුකළ යුතු වූ ම මෝහය මෙහි අදහස් කරන ලදී. මූළ්හා සෙ යනු කුසල අකුසල වැරදි සහිත වැරදි රහිත ආදී භේද ඇති තමාගේ යහපතෙහි හා අයහපතෙහි මුළා වූ. ඉතිරිය කියන ලද පරිදිමය.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන සූත්‍ර වර්ණනාවයි.

4. කොධසුත‍්තවණ‍්ණනා

4. කොධ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කොධන‍්ති දොසං. දොසො එව හි කොධපරියායෙන බුජ‍්ඣනකානං පුග‍්ගලානං අජ‍්ඣාසයවසෙන එවං වුත‍්තො. තස‍්මා දුතියසුත‍්තෙ වුත‍්තනයෙනෙවෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. අපිච කුජ‍්ඣනලක‍්ඛණො කොධො, ආඝාතකරණරසො, චිත‍්තස‍්ස බ්‍යාපත‍්තිභාවපච‍්චුපට‍්ඨානො, චෙතසො පූතිභාවොති දට‍්ඨබ‍්බොති අයම‍්පි විසෙසො වෙදිතබ‍්බො.

සිවුවන සූත්‍රයෙහි කොධං යනු ද්වේෂය යි. ද්වේෂය ම ක්‍රෝධයට සමාන අර්ථයෙන් අවබෝධ කරන පුද්ගලයන්ගේ අදහස් වශයෙන් මෙසේ වදාරණ ලදී. එහෙයින් දෙවන සූත්‍රයෙහි කියන ලද ආකාරයෙන් ම මෙහි ද අර්ථය දතයුතුය. තව ද ක්‍රෝධය කිපීම ලක්‍ෂණකොට ඇත්තේ ය. විනාශ කිරීම කෘත්‍ය (රසය) කොට ඇත්තේය. සිතේ දූෂිත බව වැටහෙන ආකාරය කොට ඇත්තේය. සිතේ කුණු බව ආසන්න කාරණයකොට ඇත්තේය යන මේ වෙනස ද දතයුතුය.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවුවන සූත්‍ර වර්ණනාවයි.

5. මක‍්ඛසුත‍්තවණ‍්ණනා

5. මක්ඛ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ මක‍්ඛන‍්ති පරගුණමක‍්ඛනං. යදිපි හි සො ගූථං ගහෙත්‍වා පරං පහරන‍්තො විය අත‍්තනො කරං පඨමතරං මක‍්ඛතියෙව, තථාපි පරෙසං ගුණමක‍්ඛනාධිප‍්පායෙන පවත‍්තෙතබ‍්බත‍්තා “පරගුණමක‍්ඛනො”ති වුච‍්චති. තථා හි සො උදකපුඤ‍්ඡනමිව න‍්හාතස‍්ස සරීරගතං උදකං පරෙසං ගුණෙ මක‍්ඛෙති පුඤ‍්ඡති විනාසෙති, පරෙහි වා කතානං මහන‍්තානම‍්පි කාරානං ඛෙපනතො ධංසනතො මක‍්ඛොති වුච‍්චති. සො පරගුණමක‍්ඛනලක‍්ඛණො, තෙසං විනාසනරසො, තදවච‍්ඡාදනපච‍්චුපට‍්ඨානො. අත්‍ථතො පන පරෙසං ගුණමක‍්ඛනාකාරෙන පවත‍්තො දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදොති දට‍්ඨබ‍්බං.

පස්වන සූත්‍රයෙහි මක්‍ඛං යනු අනුන්ගේ ගුණ මැකීමය. ඉදින් හෙතෙම අශූචි ගෙන අනිකෙකුට ගසනවිට තමාගේ අත පළමුකොට ම අශූචියෙන් තැවරෙන්නේම ය. එසේ ම අනුන්ගේ ගුණ මකන අදහසින් පවත්වා ගතයුතු බැවින් අනුන්ගේ ගුණ මැකීමයයි කියනු ලැබේ. එසේම හෙතෙම ස්නානය කළ තැනැත්තාගේ සිරුරෙහි ඇති ජලය පිසදමන සාලුවක් (තුවායක්) මෙන් අනුන්ගේ ගුණ මකයි, පිසදමයි, විනාශ කරයි. අනුන් විසින් කරන ලද මහත් වූ ද ක්‍රියාවන් ගෙවාදමන හෙයින්, පිරිහෙළන හෙයින් ‘මක්‍ඛ’ යයි කියනු ලැබේ. ඒ මකුකම අනුන්ගේ ගුණ මැකීම ලක්‍ෂණ කොට ඇත්තේය. ඒ ගුණ විනාශ කිරීම කෘත්‍ය (රසය) කොට ඇත්තේය. ඒ ගුණ වසාදැමීම වැටහෙන ආකාරයයි. අර්ථ වශයෙන් අනුන්ගේ ගුණ මකන ආකාරයෙන් පවතින දොම්නස් සහගත සිත ඉපදීමයයි දත යුතුය.

පජහථාති තත්‍ථ වුත‍්තප‍්පභෙදං දොසං, දොසෙ ච වුත‍්තනයං ආදීනවං, පහානෙ චස‍්ස ආනිසංසං පච‍්චවෙක‍්ඛිත්‍වා පුබ‍්බභාගෙ තදඞ‍්ගාදිවසෙන පජහන‍්තා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා තතියමග‍්ගෙන අනවසෙසං සමුච‍්ඡින්‍දථාති අත්‍ථො. මක‍්ඛාසෙති මක‍්ඛිතා මක‍්ඛිතපරගුණා, පරෙසං ගුණානං මක‍්ඛිතාරො, තතො එව අත‍්තනොපි ධංසිතගුණාති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

පජහථ යනු එහි කියන ලද ප්‍රභේද ඇති ද්වේෂයත්, ද්වේෂයෙහි කියන ලද ආකාර ඇති ආදීනවත් දුරුකිරීමෙහි ද එය දුරුකිරීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් දුරුකරමින් විදර්ශනාවට උත්සාහවත් කරවා තුන්වන (අනාගාමි) මාර්ගයෙන් ඉතිරි නොකොට සහමුලින් දුරුකරව් යන අර්ථය යි. මක්‍ඛාසෙ යනු මකන ලද්දා වූ, මකන ලද ගුණ ඇත්තා වූ, අනුන්ගේ ගුණ මකන්නා වූ (සත්ත්වයෝ) එහෙයින් ම තමා විසින් ද නැසූ ගුණ ඇති යන අර්ථය යි. ඉතිරිය පෙර කියන ලද පරිදිමය.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සූත්‍ර වර්ණනාවයි.

6. මානසුත‍්තවණ‍්ණනා

6. මාන සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ මානන‍්ති ජාතිආදිවත්‍ථුකං චෙතසො උන‍්නමනං. සො හි “සෙය්‍යොහමස‍්මී”තිආදිනා නයෙන මඤ‍්ඤන‍්ති තෙන, සයං වා මඤ‍්ඤති, මානනං සම‍්පග‍්ගහොති වා මානොති වුච‍්චති. ස‍්වායං සෙය්‍යොහමස‍්මීති මානො, සදිසොහමස‍්මීති මානො, හීනොහමස‍්මීති මානොති එවං තිවිධො.

සයවන සූත්‍රයෙහි මානං යනු ජාති ආදිය වස්තුකොට ඇති සිතේ උඩට නැමුණු ගතිය යි. ඔහු වනාහි මම උසස් කෙනෙක් වෙමි. ආදී ක්‍රමයෙන් හඟියි (සිතයි). එයින් (එය කරණකොට) තමා හෝ සිතයි. ගෞරවය ඔසවාගැනීම හෝ මානය යි කියනු ලැබේ. ඒ මේ මානය මම උසස් කෙනෙක් වෙමි යන මානය මම උසස් කෙනාට සමාන වෙමි යන මානය මම උසස් කෙනාට පහත් වෙමි යන මානය යනුවෙන් මෙසේ තුන් ආකාර වේ.

පුන සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, සෙය්‍යස‍්ස සදිසො, සෙය්‍යස‍්ස හීනො; සදිසස‍්ස සෙය්‍යො, සදිසස‍්ස සදිසො, සදිසස‍්ස හීනො; හීනස‍්ස සෙය්‍යො, හීනස‍්ස සදිසො, හීනස‍්ස හීනොහමස‍්මීති මානොති එවං නවවිධොපි උන‍්නතිලක‍්ඛණො, අහංකාරරසො, සම‍්පග‍්ගහරසො වා, උද‍්ධුමාතභාවපච‍්චුපට‍්ඨානො, කෙතුකම්‍යතාපච‍්චුපට‍්ඨානො වා, දිට‍්ඨිවිප‍්පයුත‍්තලොභපදට‍්ඨානො උම‍්මාදො වියාති දට‍්ඨබ‍්බො.

නැවත මම උසස් කෙනාට වඩා උසස් වෙමි යන මානය, මම උසස් කෙනාට සමාන වෙමි යන මානය, මම උසස් කෙනාට පහත් වෙමි යන මානය, මම සමානයාට උසස් වෙමි යන මානය, මම සමානයාට සමාන වෙමි යන මානය, මම සමානයට පහත් වෙමි යන මානය, මම පහත් කෙනාට උසස් වෙමි යන මානය, මම පහත් කෙනාට සමාන වෙමි යන මානය, මම පහත් කෙනාට පහත් වෙමි යන මානය, යනුවෙන් මානය මෙසේ නව ආකාරද වෙයි. උඩට නැමුණු ගතිය ලක්‍ෂණය කොට ඇත. මම වෙමි යන අහංකාරය කෘත්‍ය (රසය) කොට ඇත. නොහොත් මනාව ඔසවාගැනීම රසය කොට ඇත. ඉදිමුණු බව වැටහෙන ආකාර කොට ඇත. කොඩියක් මෙන් ඉහළින් සිටීමට ඇති කැමති බව හෝ වැටහෙන ආකාරය යි. දෘෂ්ටි විප්‍රයුක්ත (දෘෂ්ටිය නොයෙදුන) ලෝභය ආසන්න කාරණයයි. මානය උමතුවක් මෙනැයි දතයුතුය. (මානයෙන් යුත් පුද්ගලයා පිස්සකු මෙනැයි දතයුතුය.)

පජහථාති තස‍්ස සබ‍්බස‍්සපි අත‍්තුක‍්කංසනපරවම‍්භනනිමිත‍්තතා, ගරුට‍්ඨානියෙසු අභිවාදනපච‍්චුපට‍්ඨානඅඤ‍්ජලිකම‍්මසාමීචිකම‍්මාදීනං අකරණෙ කාරණතා, ජාතිමදපුරිසමදාදිභාවෙන පමාදාපත‍්තිහෙතුභාවොති එවමාදිභෙදං ආදීනවං තප‍්පටිපක‍්ඛතො නිරතිමානතාය ආනිසංසඤ‍්ච පච‍්චවෙක‍්ඛිත්‍වා රාජසභං අනුප‍්පත‍්තො චණ‍්ඩාලො විය සබ්‍රහ‍්මචාරීසු නීචචිත‍්තතං පච‍්චුපට‍්ඨපෙත්‍වා පුබ‍්බභාගෙ තදඞ‍්ගාදිවසෙන තං පජහන‍්තා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අනාගාමිමග‍්ගෙන සමුච‍්ඡින්‍දථාති අත්‍ථො. අනාගාමිමග‍්ගවජ‍්ඣො එව හි මානො ඉධාධිප‍්පෙතො.

පජහථ යනු ඒ සියලු ආකාර මානයට තමා උසස් කිරීමය, අනුන් හෙළා දැකීමය යන නිමිති ඇති බැවින් ද ගරුකළ යුත්තන් කෙරෙහි පසඟ පිහිටුවා වැඳීම (අභිවාදන) දැක අසුනෙන් නැගිටීම, (පච්චුපට්ඨාන), ඇඟිලි එක්කොට දෑත් නළලෙහි තබා වැදීම (අංජලිකම්ම), අසුන් පැනවීම, පවන් සැලීමාදී සුදුසු ක්‍රියා කිරීම (සාමීචි කම්ම) යනාදිය නොකිරීම අවැඩට හේතුවන බැවින්ද ජාතියද, පුරුෂමද ආදිය ඇතිවීමෙන් ප්‍රමාදයට පැමිණීමට හේතුවන බැවින්දැයි මේ ආදී ප්‍රභේද ඇති ආදීනව ද එයට ප්‍රතිවිරුද්ධ වශයෙන් අභිමානයෙන් තොරවීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා රාජ්‍ය සභාවට පැමිණි සැඬොලෙකු මෙන් සබ්‍රහ්මචාරීන් කෙරෙහි යටහත් පහත් (නීච) සිත් ඇති බවට පමුණුවාගෙන මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් එය දුරුකරමින් විදසුන් වඩා අනාගාමි මාර්ගයෙන් සහමුලින් සිඳ දමන්න යන අර්ථයි. අනාගාමි මාර්ගයෙන් දුරුකළයුතු මානයම මෙහි අදහස් කරන ලදී.

මත‍්තාසෙති ජාතිමදපුරිසමදාදිවසෙන මානෙන පමාදාපත‍්තිහෙතුභූතෙන මත‍්තා අත‍්තානං පග‍්ගහෙත්‍වා චරන‍්තා. සෙසං වුත‍්තනයමෙව.

මත්තාසෙ යනු ජාතිමද පුරුෂමද ආදී වශයෙන් ප්‍රමාදයට පත්වීමට හේතු වූ මානයෙන් මත්ව තමා (මානයෙන්) ඔසවාගෙන හැසිරෙන්නා වූ (සත්ත්වයෝ). ඉතිරිය කියන ලද පරිදිමය.

ඉමෙසු පන පටිපාටියා ඡසු සුත‍්තෙසු ගාථාසු වා අනාගාමිඵලං පාපෙත්‍වා දෙසනා නිට‍්ඨාපිතා.

පිළිවෙළින් මේ සූත්‍රහයෙහිද ගාථාවල ද අනාගාමි ඵලයට පමුණුවා දේශනාව නිමවන ලදී.

තත්‍ථ යෙ ඉමෙ අවිහා අතප‍්පා සුදස‍්සා සුදස‍්සී අකනිට‍්ඨාති උපපත‍්තිභවවසෙන පඤ‍්ච අනාගාමිනො, තෙසු අවිහෙසු උපපන‍්නා අවිහා නාම. තෙ අන‍්තරාපරිනිබ‍්බායී, උපහච‍්චපරිනිබ‍්බායී, අසඞ‍්ඛාරපරිනිබ‍්බායී, සසඞ‍්ඛාරපරිනිබ‍්බායී, උද‍්ධංසොතො අකනිට‍්ඨගාමීති පඤ‍්චවිධා, තථා අතප‍්පා, සුදස‍්සා, සුදස‍්සිනො. අකනිට‍්ඨෙසු පන උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී පරිහායති.

එහි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යනුවෙන් අනාගාමීහු පස්දෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් අවිහ බඹලොව උපන් අය අවිහ නම් වෙති. ඔවුහු : 1. අන්තරා පරිනිබ්බායී, 2. උපහච්ච පරිනිබ්බායි, 3. අසංඛාර පරිනිබ්බායී, 4. සසංකාර පරිනිබ්බායි, 5. උද්ධංසොත අකනිට්ඨගාමී, යනුවෙන් පස් ආකාරය. අතප්ප, සුදස්ස, සුදස්සී බඹලොව උපන් අය ද එසේ පස් ආකාර වෙති. අකනිටා බඹලොවෙහි උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයා අඩුවෙයි. (නොලැබෙයි)

තත්‍ථ යො අවිහාදීසු උප‍්පජ‍්ජිත්‍වා ආයුවෙමජ‍්ඣං අනතික‍්කමිත්‍වා අරහත‍්තප‍්පත‍්තියා කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායති, අයං අන‍්තරාපරිනිබ‍්බායී නාම.

අවිහාදී බඹලොවක ඉපිද එම බඹලොවට අයත් ආයුෂයෙහි මැද (අඩක්) නො ඉක්මවා අර්හත්වයට පැමිණීමෙන් ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන තැනැත්තා අන්තරා පරිනිබ්බායී නම් වේ.

යො පන අවිහාදීසු ආදිතො පඤ‍්චකප‍්පසතාදිභෙදං ආයුවෙමජ‍්ඣං අතික‍්කමිත්‍වා පරිනිබ‍්බායති, අයං උපහච‍්චපරිනිබ‍්බායී නාම.

අවිහාදී බ්‍රහ්මලෝකවල මුලින් කල්ප පන්සියයක් ආදි වශයෙන් ප්‍රභේද ඇති ආයුෂයේ මැද ඉක්මවා (ක්ලේශ පරිනිර්වානයෙන්) පිරිනිවෙන තැනැත්තා උපහච්ච පරිනිබ්බායී නම් වේ.

යො අසඞ‍්ඛාරෙන අධිමත‍්තප‍්පයොගං අකත්‍වා අප‍්පදුක‍්ඛෙන අකසිරෙන පරිනිබ‍්බායති, අයං අසඞ‍්ඛාරපරිනිබ‍්බායී නාම.

අසංඛාරයෙන් වැඩි ප්‍රමාණයක් උත්සාහ නොකොට අල්ප දුකකින් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවන්පාන තැනැත්තා අසංඛාර පරිනිබ්බායී නම් වේ.

යො පන සසඞ‍්ඛාරෙන අධිමත‍්තප‍්පයොගං කත්‍වා දුක‍්ඛෙන කිච‍්ඡෙන කසිරෙන පරිනිබ‍්බායති, අයං සසඞ‍්ඛාරපරිනිබ‍්බායී නාම.

සසංඛාරයෙන් වැඩි ප්‍රමාණයක් උත්සාහ කොට දුකින් අපහසුවෙන් (කෙලෙස් පිරිනිවීමෙන්) පිරිනිවන්පාන තැනැත්තා සසංඛාර පරිනිබ්බායී නම් වේ.

ඉතරො පන අවිහාදීසු උද‍්ධංවාහිතභාවෙන උද‍්ධමස‍්ස තණ‍්හාසොතං, වට‍්ටසොතං, මග‍්ගසොතමෙව වාති උද‍්ධංසොතො. අවිහාදීසු උප‍්පජ‍්ජිත්‍වා අරහත‍්තං පත‍්තුං අසක‍්කොන‍්තො තත්‍ථ තත්‍ථ යාවතායුකං ඨත්‍වා පටිසන්‍ධිග‍්ගහණවසෙන අකනිට‍්ඨං ගච‍්ඡතීති අකනිට‍්ඨගාමී.

අනිත් තැනැත්තා අවිහාදියෙහි දී ඉහළට ඔසවන බැවින් ඔහුගේ තණ්හා සෝතය (තණ්හා නමැති දියර), වට්ටසෝතය (සසර නමැති දියදහර) මග්ගසෝතය (අරිඅටඟි මග නමැති දියදහර) උඩටම ඇත්තේය යන අර්ථයෙන් උද්ධංසෝත නම් වේ. අවිවාදියෙහි ඉපදී රහත්වීමට නොහැකි තැනැත්තා ඒ ඒ බ්‍රහ්ම ලෝකයෙහි ආයුෂ ඇති තාක් සිට ප්‍රතිසන්ධි ගැනීම් (ඉපදීම්) වශයෙන් අකනිටා බඹලොවට යන හෙයින් ‘අකනිට්ඨගාමී’ නම් වෙයි.

එත්‍ථ ච උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී, උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී, න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී, න උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමීති චතුක‍්කං වෙදිතබ‍්බං. කථං? යො අවිහතො පට‍්ඨාය චත‍්තාරො දෙවලොකෙ සොධෙත්‍වා අකනිට‍්ඨං ගන‍්ත්‍වා පරිනිබ‍්බායති, අයං උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම. යො පන හෙට‍්ඨා තයො දෙවලොකෙ සොධෙත්‍වා සුදස‍්සීදෙවලොකෙ ඨත්‍වා පරිනිබ‍්බායති, අයං උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී නාම. යො ඉතො අකනිට‍්ඨමෙව ගන‍්ත්‍වා පරිනිබ‍්බායති, අයං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම. යො පන හෙට‍්ඨා චතූසු දෙවලොකෙසු තත්‍ථ තත්‍ථෙව පරිනිබ‍්බායති, අයං න උද‍්ධංසොතො, න අකනිට‍්ඨගාමී නාමාති.

මෙහි ද උද්ධංසොත අකනිට්ඨගාමී යනුවෙන් සතරක රාශියක් (චතුක්ක) දතයුතුය. කෙසේද? අවිහයෙන් පටන්ගෙන මුල් දෙව්ලොව (බඹලොව) සතරෙහි කල්ගෙවා අකනිටාවට ගොස් පිරිනිවන්පාන තැනැත්තා උද්ධංසෝත අකනිට්ඨගාමී නම් වෙයි පහළ දෙව්ලොව තුනෙහි කල්ගෙවා සුදස්සී දෙව්ලොව සිට පිරිනිවෙන තැනැත්තා උද්ධංසෝත වෙයි. අකනිට්ඨගාමී නොවෙයි. මෙයින් (මේ මිනිස් ලොවින්) අකනිටාවට ගොස් පිරිනිවෙන තැනැත්තා උද්ධංසෝත නොවේ. අකනිට්ඨගාමී වෙයි. පහළ දෙව්ලොව (බඹලොව) සතරෙහි ඒ ඒ තැනදීම පිරිනිවන්පාන තැනැත්තා උද්ධංසෝත ද නොවේ. අකනිට්ඨගාමී ද නොවේ.

තත්‍ථ අවිහෙසු උප‍්පජ‍්ජිත්‍වා කප‍්පසතතො උද‍්ධං පරිනිබ‍්බායිකො, ද‍්වින‍්නං කප‍්පසතානං මත්‍ථකෙ පරිනිබ‍්බායිකො, පඤ‍්චකප‍්පසතෙ අසම‍්පත‍්තෙ පරිනිබ‍්බායිකොති තයො අන‍්තරාපරිනිබ‍්බායිනො. වුත‍්තඤ‍්හෙතං “උපපන‍්නං වා සමනන‍්තරා අප‍්පත‍්තං වා වෙමජ‍්ඣ”න‍්ති (පු· ප· 36). වා-සද‍්දෙන හි පත‍්තමත‍්තොපි සඞ‍්ගහිතොති.

අවිහයෙහි ඉපිද කල්ප සියයකින් මත්තෙහි (පසු) පිරිනිවෙන්නා ද කල්ප දෙසියයකින් මත්තෙහි පිරිනිවෙන්නා ද කල්ප පන්සියයකට නොපැමිණි කල්හි පිරිනිවෙන්නා ද යනුවෙන් අන්තරාපරිනිබ්බායී තිදෙනෙක් වෙති. උප්පන්නං වා සමනන්තරා අප්පත්තං වා වෙමජ්ඣං ඉපදීමට අනතුරුව හෝ (ආයුෂ) මැදට නොපැමිණි’ යනුවෙන් මෙය කියන ලදී. ‘වා’ ශබ්දයෙන් (ආයුෂ මැදට) පැමිණීම ද ඇතුළත් කරන ලදී.

එවං තයො අන‍්තරාපරිනිබ‍්බායිනො, එකො උපහච‍්චපරිනිබ‍්බායී එකො උද‍්ධංසොතො. තෙසු අසඞ‍්ඛාරපරිනිබ‍්බායිනො පඤ‍්ච, සසඞ‍්ඛාරපරිනිබ‍්බායිනො පඤ‍්චාති දස හොන‍්ති. තථා අතප‍්පාසුදස‍්සාසුදස‍්සීසූති චත‍්තාරො දසකා චත‍්තාරීසං අකනිට‍්ඨෙ පන උද‍්ධංසොතස‍්ස අභාවතො තයො අන‍්තරාපරිනිබ‍්බායිනො, එකො උපහච‍්චපරිනිබ‍්බායීති අසඞ‍්ඛාරපරිනිබ‍්බායිනො චත‍්තාරො, සසඞ‍්ඛාරපරිනිබ‍්බායිනො චත‍්තාරොති අට‍්ඨ, එවමෙතෙ අට‍්ඨචත‍්තාරීසං අනාගාමිනො. තෙ සබ‍්බෙපි ඉමෙසු සුත‍්තෙසු අවිසෙසවචනෙන ගහිතාති දට‍්ඨබ‍්බං.

මෙසේ අන්තරා පරිනිබ්බායීහු තිදෙනෙකි. උපහච්ච පරිනිබ්බායි එක් අයෙකි. උද්ධංසෝත එක් අයෙකි. ඔවුන් අතුරෙන් අසංඛාර පරිනිබ්බායීහු පස්දෙනෙකුද සසංඛාර පරිනිබ්බායීහු පස්දෙනෙක්දැයි දසදෙනෙක් වෙති. අතප්ප, සුදස්ස, සුදස්සී යන බඹලොව ද එසේම දසදෙනා බැගින් ලැබේ. දශක හතරක් හතළිහකි. අකනිටාවෙහි උද්ධංසෝත පුද්ගලයා නොලැබෙන බැවින් අන්තරා පරිනිබ්බායීහු තිදෙනෙකි. උපහච්ච පරිනිබ්බායී එක් අයෙකි. අසංඛාර පරිනිබ්බායීහු සිවුදෙනෙක්ද සසංඛාර පරිනිබ්බායීහු සිවුදෙනෙක්දැයි අටදෙනෙකි. මෙසේ මේ අනාගාමීහු හතළිස් අටකි. මේ සූත්‍රවලදී ඒ සියලු දෙනා ම (අනාගාමී යන) විශේෂ නොවූ වචනයෙන් ගන්නා ලදැයි දතයුතුය.

ඡට‍්ඨසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

හයවන සූත්‍ර වර්ණනාවයි.

7. සබ‍්බපරිඤ‍්ඤාසුත‍්තවණ‍්ණනා

7. සබ්බපරිඤ්ඤා සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සබ‍්බන‍්ති අනවසෙසං. අනවසෙසවාචකො හි අයං සබ‍්බ-සද‍්දො. සො යෙන යෙන සම‍්බන්‍ධං ගච‍්ඡති, තස‍්ස තස‍්ස අනවසෙසතං දීපෙති; යථා “සබ‍්බං රූපං, සබ‍්බා වෙදනා, සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසූ”ති. සො පනායං සබ‍්බ-සද‍්දො සප‍්පදෙසනිප‍්පදෙසවිසයතාය දුවිධො. තථා හෙස සබ‍්බසබ‍්බං, පදෙසසබ‍්බං, ආයතනසබ‍්බං, සක‍්කායසබ‍්බන‍්ති චතූසු විසයෙසු දිට‍්ඨප‍්පයොගො.

සත්වන සූත්‍රයෙහි සබ්බං යනු ඉතිරි නොවූ (සියල්ල) යනුයි. මේ සබ්බ ශබ්දය ඉතිරි නැති බව කියන්නකි. මේ සබ්බ ශබ්දය යම් යම් පදයක් සමග සම්බන්ධ වෙයි නම් ඒ ඒ පදයේ ඉතිරි නැති බව (සියල්ල) පැහැදිලි කරයි. සියලු රූපය සියලු වේදනා, සියලු සක්කායට ඇතුළත් වූ ධර්මයන්හි මෙනි. ‘සබ්බ’ ශබ්දය සප්පදේස, නිප්පදේස යන කරුණු වශයෙන් දෙපරිදිය. එසේම 1. සබ්බ සබ්බ, 2. පදෙස සබ්බ, 3. ආයතන සබ්බ, 4. සක්කාය සබ්බ, යන සතර කරුණෙක්හි දක්නා ලද ප්‍රයෝග ඇත්තේය.

තත්‍ථ “සබ‍්බෙ ධම‍්මා සබ‍්බාකාරෙන බුද‍්ධස‍්ස භගවතො ඤාණමුඛෙ ආපාථමාගච‍්ඡන‍්තී”තිආදීසු (චූළනි· මොඝරාජමාණවපුච‍්ඡානිද‍්දෙස 85) සබ‍්බසබ‍්බස‍්මිං ආගතො. “සබ‍්බෙසං වො, සාරිපුත‍්තා, සුභාසිතං පරියායෙනා”තිආදීසු (ම· නි· 1.345) පදෙසසබ‍්බස‍්මිං. “සබ‍්බං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි, චක‍්ඛුඤ‍්චෙව රූපඤ‍්ච…පෙ…. මනඤ‍්චෙව ධම‍්මෙ චා”ති (සං· නි· 4.23-25) එත්‍ථ ආයතනසබ‍්බස‍්මිං. “සබ‍්බධම‍්මමූලපරියායං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”තිආදීසු (ම· නි· 1.1) සක‍්කායසබ‍්බස‍්මිං.

‘සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථමාගච්ඡන්ති’ ‘සියලු ධර්ම සියලු ආකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නුවණ නමැති දොරටුව ඉදිරියට පැමිණෙයි.’ යනාදියෙහි සබ්බ සබ්බයෙහි (සර්ව සර්වයෙහි) ආයේය. ‘සබ්බෙසං වො සාරිපුත්තා සුභාසිතං පරියායෙන’ ‘සැරියුත්, ඔබ සියලු දෙනාගේ කීම ඒ ඒ ක්‍රමයෙන් යහපත් කීම් වෙයි’ යනාදියෙහි පදෙස සබ්බයෙහි (ප්‍රදේශ සර්වයෙහි) ආයේය. ‘සබ්බං වො භික්‍ඛවෙ දෙසිස්සාමි චක්‍ඛුං චෙව රූපඤ්ච -පෙ- මනඤ්චෙව ධම්මෙච’ ‘මහණෙනි, ඔබට සියල්ල දේශනා කරන්නෙමි. ඇස ද රූපය ද පෙ- මනස ද ධර්ම ද’ යන මෙහි ආයතන සර්වයෙහි ආයේය. ‘සබ්බධම්ම මූලපරියායං වො භික්‍ඛවෙ දෙසිස්සාමි’ “මහණෙනි, ඔබට සියලු ධර්මයන්ට මූලකාරණය දේශනා කරන්නෙමි’ යනාදියෙහි සක්කාය සර්වයෙහි ආයේය.’

තත්‍ථ සබ‍්බසබ‍්බස‍්මිං ආගතො නිප‍්පදෙසවිසයො, ඉතරෙසු තීසුපි ආගතො සප‍්පදෙසවිසයො. ඉධ පන සක‍්කායසබ‍්බස‍්මිං වෙදිතබ‍්බො. විපස‍්සනාය ආරම‍්මණභූතා තෙභූමකධම‍්මා හි ඉධ “සබ‍්බ”න‍්ති අනවසෙසතො ගහිතා.

එහි සර්ව සර්වයෙහි ආවා වූ දෙය නිප්පදේස විසය යි (ප්‍රදේශ රහිත = සියල්ල) ඉතිරි තුනෙහි ආවා වූ දෙය සප්පදේස විසයයි. (ප්‍රදේශ සහිත) මෙහි සක්කාය සබ්බයෙහි යයි දතයුතුය. විදර්ශනාවට අරමුණු වූ ත්‍රෛභූමික ධර්ම මෙහි සබ්බං යයි ඉතිරි නොකිරීම් වශයෙන් ගන්නා ලදී.

අනභිජානන‍්ති “ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ අකුසලා, ඉමෙ සාවජ‍්ජා, ඉමෙ අනවජ‍්ජා”තිආදිනා “ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා, ඉමානි ද‍්වාදසායතනානි, ඉමා අට‍්ඨාරස ධාතුයො, ඉදං දුක‍්ඛං අරියසච‍්චං, අයං දුක‍්ඛසමුදයො අරියසච‍්ච”න‍්ති ච ආදිනා සබ‍්බෙ අභිඤ‍්ඤෙය්‍යෙ ධම‍්මෙ අවිපරීතසභාවතො අනභිජානන‍්තො අභිවිසිට‍්ඨෙන ඤාණෙන න ජානන‍්තො. අපරිජානන‍්ති න පරිජානන‍්තො. යො හි සබ‍්බං තෙභූමකධම‍්මජාතං පරිජානාති, සො තීහි පරිඤ‍්ඤාහි පරිජානාති – ඤාතපරිඤ‍්ඤාය, තීරණපරිඤ‍්ඤාය, පහානපරිඤ‍්ඤාය.

අනභිජානං යනු මේ ධර්ම කුශලය, මේ ධර්ම අකුශලය, මේවා වැරදි සහිතය. මේවා නිවැරදි යයි ආදී වශයෙන් ද මේ පංචස්කන්ධය, මේ දොළොස් ආයතනය, මේ අටළොස් (18) ධාතුය, මේ දුක්ඛ ආර්ය සත්‍යය, මේ සමුදය ආර්ය සත්‍යය යි ආදී වශයෙන් ද දතයුතු සියලු ධර්ම නොවෙනස් (යථාභූත) ස්වභාවයෙන්, විශිෂ්ට ඥානයෙන් නොදන්නේ. අපරිජානං යනු වෙන්කොට (පිරිසිඳ) නොදන්නේ. ත්‍රෛභූමික ධර්ම (කාම-රූප-අරූප ධර්ම) වශයෙන් උපන් සියල්ල පිරිසිඳ දන්නා වූ පුද්ගලයා ඤාත පරිඤ්ඤාවෙන්, තීරණ පරිඤ්ඤාවෙන්, පහාණ පරිඤ්ඤාවෙන් යන පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ දැනගනියි.

තත්‍ථ කතමා ඤාතපරිඤ‍්ඤා? සබ‍්බං තෙභූමකං නාමරූපං – “ඉදං රූපං, එත‍්තකං රූපං, න ඉතො භිය්‍යො. ඉදං නාමං, එත‍්තකං නාමං, න ඉතො භිය්‍යො”ති භූතප‍්පසාදාදිප‍්පභෙදං රූපං, ඵස‍්සාදිප‍්පභෙදං නාමඤ‍්ච, ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානතො වවත්‍ථපෙති. තස‍්ස අවිජ‍්ජාදිකඤ‍්ච පච‍්චයං පරිග‍්ගණ‍්හාති. අයං ඤාතපරිඤ‍්ඤා.

එහි ඤාත පරිඤ්ඤා යනු කුමක්ද? ත්‍රෛභූමික සියලු නාමරූප ධර්ම මේ රූපය, රූපය මෙපමණකි, මීට වඩා වැඩි නැත, මේ නාමය, නාමය මෙපමණකි, මීට වඩා වැඩි නැතැයි භූත, පසාද ආදී ප්‍රභේද ඇති රූපය ද ඵස්ස ආදී භේද ඇති නාමය ද ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් වෙන් වෙන්කොට සලකා බලයි. මේවාට කර්මය අවිද්‍යාව ආදිය ප්‍රත්‍යයයි (හේතුයයි) පරීක්‍ෂා කර බලයි. මෙය ඤාත පරිඤ්ඤාව ය.

කතමා තීරණපරිඤ‍්ඤා? එවං ඤාතං කත්‍වා තං සබ‍්බං තීරෙති අනිච‍්චතො දුක‍්ඛතො රොගතොති ද‍්වාචත‍්තාලීසාය ආකාරෙහි. අයං තීරණපරිඤ‍්ඤා.

තීරණ පරිඤ්ඤාව යනු කුමක් ද? මෙසේ ඤාත පරිඤ්ඤාව දැන ඒ සියල්ල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් යනාදී හතළිස් දෙයාකාරයකින් තීරණය කරයි. මෙය තීරණ පරිඤ්ඤාව ය.

කතමා පහානපරිඤ‍්ඤා? එවං තීරයිත්‍වා අග‍්ගමග‍්ගෙන සබ‍්බස‍්මිං ඡන්‍දරාගං පජහති. අයං පහානපරිඤ‍්ඤා.

පහාණ පරිඤ්ඤාව යනු කුමක්ද? මෙසේ තීරණය කොට අග්‍ර (අරහත්) මාර්ගයෙන් සියල්ල කෙරෙහි ඇති ඡන්‍දරාගය දුරු කරයි. මෙය පහාණ පරිඤ්ඤාව ය.

දිට‍්ඨිවිසුද‍්ධිකඞ‍්ඛාවිතරණවිසුද‍්ධියොපි ඤාතපරිඤ‍්ඤා. මග‍්ගාමග‍්ගපටිපදාඤාණදස‍්සනවිසුද‍්ධියො කලාපසම‍්මසනාදිඅනුලොමපරියොසානා වා පඤ‍්ඤා තීරණපරිඤ‍්ඤා. අරියමග‍්ගෙන පජහනං පහානපරිඤ‍්ඤා. යො සබ‍්බං පරිජානාති, සො ඉමාහි තීහි පරිඤ‍්ඤාහි පරිජානාති. ඉධ පන විරාගප‍්පහානානං පටික‍්ඛෙපවසෙන විසුං ගහිතත‍්තා ඤාතපරිඤ‍්ඤාය තීරණපරිඤ‍්ඤාය ච වසෙන පරිජානනා වෙදිතබ‍්බා. යො පනෙවං න පරිජානාති, තං සන්‍ධාය වුත‍්තං “අපරිජාන”න‍්ති.

දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ විසුද්ධි ඤාත පරිඤ්ඤා ය. මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, කලාප විමසා බැලීම ආදී අනුලෝමය අවසන් කොට ඇති ප්‍රඥාව හෝ තීරණ පරිඤ්ඤාවය. ආර්ය මාර්ගයෙන් දුරුකිරීම පහාණ පරිඤ්ඤාව ය. සියල්ල පිරිසිඳ දැනගන්නා පුද්ගලයා මේ පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ දැනගනියි. මෙහිදී (මේ සූත්‍රයෙහිදී) විරාග ප්‍රහාණයන් ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් වෙන්ව ගන්නා ලද බැවින් ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා වශයෙන්ද පිරිසිඳ දැනීම දතයුතුය. මෙසේ පිරිසිඳ නො දන්නා වූ පුද්ගලයා සඳහා ‘අපරිජානං’ යනුවෙන් කියන ලදී.

තත්‍ථ චිත‍්තං අවිරාජයන‍්ති තස‍්මිං අභිඤ‍්ඤෙය්‍යවිසෙසෙ පරිඤ‍්ඤෙය්‍යෙ අත‍්තනො චිත‍්තසන‍්තානං න විරාජයං, න විරජ‍්ජන‍්තො; යථා තත්‍ථ රාගො න හොති, එවං විරාගානුපස‍්සනං න උප‍්පාදෙන‍්තොති අත්‍ථො.

තත්‍ථ චිත්තං අවිරාජයං යනු ඒ අභිඤ්ඤය්‍ය විෂයෙහි පරිඤ්ඤෙය්‍ය විෂයෙහි තමාගේ චිත්ත සන්තානය නො අලවන්නේ, එහි රාගය ඇති නොවන ලෙස විරාගානුපස්සනාව නො ඉපදවන්නේය යන අර්ථය.

අප‍්පජහන‍්ති විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය තත්‍ථ පහාතබ‍්බයුත‍්තකං කිලෙසවට‍්ටං අනවසෙසතො න පජහන‍්තො. යථා චෙතං, එවං අභිජානනාදයොපි මිස‍්සකමග‍්ගවසෙන වෙදිතබ‍්බා. පුබ‍්බභාගෙ හි නානාචිත‍්තවසෙන ඤාතතීරණපහානපරිඤ‍්ඤාහි කමෙන අභිජානනාදීනි සම‍්පාදෙත්‍වා මග‍්ගකාලෙ එකක‍්ඛණෙනෙව කිච‍්චවසෙන තං සබ‍්බං නිප‍්ඵාදෙන‍්තං එකමෙව ඤාණං පවත‍්තතීති.

අප්පජහං යනු විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන් එහි දුරු කළයුතු ක්ලේශ වෘත්තය (කෙලෙස් වළල්ල) ඉතිරි නොකොට දුරු නොකරන්නේ. මේ ආකාරයට මෙසේ අභිජානන ආදිය ද මිශ්‍රක මාර්ග වශයෙන් දතයුතුය. පූර්ව භාගයෙහි නොයෙක් සිත් වශයෙන් ඤාත තීරණ-පහාණ යන පරිඤ්ඤාවලින් ක්‍රමයෙන් අභිජානන (පිරිසිඳ දැනීම්) ආදිය සපයාගෙන මාර්ග කාලයෙහි එක මොහොතෙහිම කෘත්‍ය වශයෙන් ඒ සියල්ල උපදවන එකම ඤාණය පවතියි.

අභබ‍්බො දුක‍්ඛක‍්ඛයායාති නිබ‍්බානාය සකලස‍්ස වට‍්ටදුක‍්ඛස‍්ස ඛෙපනාය න භබ‍්බො, නාලං න සමත්‍ථොති අත්‍ථො.

අභබ්බො දුක්‍ඛක්‍ඛයාය යනු නිවන පිණිස, සියලු සංසාර දුක ගෙවාදැමීම පිණිස සුදුස්සෙක් නොවේ, යෝග්‍ය නොවේ, සමත් නොවේ යන අර්ථයි.

සබ‍්බඤ‍්ච ඛොති එත්‍ථ ච-සද‍්දො බ්‍යතිරෙකෙ, ඛො-සද‍්දො අවධාරණෙ. තදුභයෙන අභිජානනාදිතො ලද‍්ධබ‍්බං විසෙසං දුක‍්ඛක‍්ඛයස‍්ස ච එකන‍්තකාරණං දීපෙති. අභිජානනාදීසු යං වත‍්තබ‍්බං, තං වුත‍්තමෙව. තත්‍ථ පන පටික‍්ඛෙපවසෙන වුත‍්තං, ඉධ විධානවසෙන වෙදිතබ‍්බං. අයමෙව විසෙසො.

සබ්බඤ්ච ඛො යන මෙහි ‘ච’ ශබ්දය අතිරේක (වැඩිපුර) අර්ථයෙහිය. ‘ඛො’ ශබ්දය අවධාරණ අර්ථයෙහිය. ඒ දෙකින් අභිජනනාදි වශයෙන් ලැබිය යුතු විශේෂය ද ඔහුගේ දුක් කෙළවර කිරීම පිණිස ඒකාන්ත කාරණය ද පැහැදිලි කරයි. අභිජානන ආදියෙහි කිවයුතු දෙය කියන ලද්දේම ය. එහි ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් කියන ලදී. මෙහි විධාන (නියම කිරීම්) වශයෙන් දතයුතුය. මෙය ම වෙනසයි.

අපිච අභිජානන‍්ති උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතං සක‍්කායසබ‍්බං සරූපතො පච‍්චයතො ච ඤාණස‍්ස අභිමුඛීකරණවසෙන අභිජානන‍්තො හුත්‍වා අභාවාකාරාදිපරිග‍්ගහෙන තං අනිච‍්චාදිලක‍්ඛණෙහි පරිච‍්ඡිජ‍්ජමානවසෙන පරිජානන‍්තො. විරාජයන‍්ති සම‍්මදෙවස‍්ස අනිච‍්චතාදිඅවබොධෙන උප‍්පන‍්නභයාදීනවනිබ‍්බිදාදිඤාණානුභාවෙන අත‍්තනො චිත‍්තං විරත‍්තං කරොන‍්තො තත්‍ථ අණුමත‍්තම‍්පි රාගං අනුප‍්පාදෙන‍්තො.

තව ද ‘අභිජානං’ යනු උපාදානස්කන්ධ පංචකය නම් වූ සක්කාය සබ්බය ස්වරූප වශයෙන් ද ප්‍රත්‍ය වශයෙන් ද ඤාණය ඉදිරියට පැමිණවීම් (අභිමුඛීකරණ) වශයෙන් ද පිරිසිඳ දන්නා කෙනෙක් වී නොවීම් ආකාර ආදිය විමසමින් එය අනිත්‍යාදි ලක්‍ෂණවලින් පිරිසිඳ (වෙන්කොට) දැනීම් වශයෙන් පිරිසිඳ දන්නා වූ, විරාජයං යනු මනාකොට මේ ධර්මය පිළිබඳ අනිත්‍ය බව ආදි අවබෝධයෙන් උපන් භය - ආදීනව - නිබ්බිදා යනාදී ඤාණ ආනුභාවයෙන් තමාගේ සිතෙහි එහි අණුමාත්‍රයක් පමණ වූ ද රාගයක් ඇති නොකරන්නා වූ නොඋපදවන්නා වූ,

පජහන‍්ති වුට‍්ඨානගාමිනිවිපස‍්සනාසහිතාය මග‍්ගපඤ‍්ඤාය සමුදයපක‍්ඛියං කිලෙසවට‍්ටං පජහන‍්තො සමුච‍්ඡින්‍දන‍්තො. භබ‍්බො දුක‍්ඛක‍්ඛයායාති එවං කිලෙසමලප‍්පහානෙනෙව සබ‍්බස‍්ස කම‍්මවට‍්ටස‍්ස පරික‍්ඛීණත‍්තා අනවසෙසවිපාකවට‍්ටඛෙපනාය සකලසංසාරවට‍්ටදුක‍්ඛපරික‍්ඛයභූතාය වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා භබ‍්බො එකන‍්තෙනෙතං පාපුණිතුන‍්ති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

පජහං යනු වුට්ඨානගාමිනී විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් සමුදය පක්‍ෂයට අයත් ක්ලෙශ වෘත්තය දුරුකරන්නා වූ සහමුලින් සිඳින්නා වූ. භබ්බො දුක්‍ඛක්‍ඛයාය යනු කෙලෙස්මල දුරුකිරීමෙන් ම සියලු කෙලෙස් වළල්ල (වෘත්තය) ගෙවුණු බැවින් ඉතිරි නොකොට විපාක වෘත්තය ගෙවා දැමීම පිණිස සියලු සංසාර වෘත්ත දුක ගෙවා දමන්නා වූ අනුපාදිසේස නිබ්බානධාතුව ලැබීමට සුදුසු වූයේ ඒකාන්තයෙන් එයට පැමිණීමට යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.

යො සබ‍්බං සබ‍්බතො ඤත්‍වාති යො යුත‍්තයොගො ආරද‍්ධවිපස‍්සකො සබ‍්බං තෙභූමකධම‍්මජාතං සබ‍්බතො සබ‍්බභාගෙන කුසලාදික‍්ඛන්‍ධාදිවිභාගතො දුක‍්ඛාදිපීළනාදිවිභාගතො ච. අථ වා සබ‍්බතොති සබ‍්බස‍්මා කක‍්ඛළඵුසනාදිලක‍්ඛණාදිතො අනිච‍්චාදිතො චාති සබ‍්බාකාරතො ජානිත්‍වා විපස‍්සනාපුබ‍්බඞ‍්ගමෙන මග‍්ගඤාණෙන පටිවිජ‍්ඣිත්‍වා, විපස‍්සනාඤාණෙනෙව වා ජානනහෙතු.

යො සබ්බං සබ්බතො ඤත්වා යනු සුදුසු පරිදි යෙදුණු ආරම්භ කළ විදර්ශනාව ඇති තැනැත්තා උපන්නා වූ සියලු ත්‍රෛභූමික ධර්ම සියලු ආකාරයෙන් සියලු අංශවලින් කුශලාදිය බෙදීම් වශයෙන් ස්කන්ධාදිය බෙදීම් වශයෙන් ද දුක් ආදිය බෙදීම් වශයෙන් ද පෙළීම් ආදිය බෙදිම් වශයෙන් ද දැන, නැතහොත් ‘සබ්බතො’ යනු සියලු ආකාරයෙන් රළු ස්පර්ශාදී වශයෙන් ද ලක්‍ෂණාදි වශයෙන් ද අනිත්‍යාදි වශයෙන්දැයි සියලු ආකාරයෙන් දැන විදර්ශනාව පෙරටු කොටගත් මාර්ග ඥානයෙන් අවබෝධකොට හෝ විදර්ශනා ඥානයෙන්ම දන්නා හේතුව (ජානන හේතු)

සබ‍්බත්‍ථෙසු න රජ‍්ජතීති සබ‍්බෙසු අතීතාදිවසෙන අනෙකභෙදභින‍්නෙසු සක‍්කායධම‍්මෙසු න රජ‍්ජති, අරියමග‍්ගාධිගමෙන රාගං න ජනෙති. ඉමිනාස‍්ස තණ‍්හාගාහස‍්ස අභාවං දස‍්සෙන‍්තො තං නිමිත‍්තත‍්තා දිට‍්ඨමානග‍්ගාහානං “එතං මම එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති ඉමස‍්ස මිච‍්ඡාගාහත‍්තයස‍්සපි අභාවං දස‍්සෙති. ස වෙති එත්‍ථ ස-ඉති නිපාතමත‍්තං. වෙ-ති බ්‍යත‍්තං, එකංසෙනාති වා එතස‍්මිං අත්‍ථෙ නිපාතො. සබ‍්බපරිඤ‍්ඤාති සබ‍්බපරිජානනතො, යථාවුත‍්තස‍්ස සබ‍්බස‍්ස අභිසමයවසෙන පරිජානනතො. සොති යථාවුත‍්තො යොගාවචරො, අරියො එව වා. සබ‍්බදුක‍්ඛමුපච‍්චගාති සබ‍්බං වට‍්ටදුක‍්ඛං අච‍්චගා අතික‍්කමි, සමතික‍්කමීති අත්‍ථො.

සබ්බත්‍ථෙසු න රජ්ජති යනු අතීතාදි වශයෙන් නොයෙක් ප්‍රභේදවලට බිඳීගිය සියලු සක්කාර ධර්මයන්හි නො ඇලෙයි. ආර්ය මාර්ගය අවබෝධයෙන් රාගය නො උපදියි. මෙයින් මේ තණ්හාවේ අල්ලාගැනීමේ අභාවය දක්වමින් ඒ නිමිතිකොට ඇති බැවින් දෘෂ්ටි මාන ග්‍රහණය කිරීම් පිළිබඳ එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මය වේයැයි මේ සාවද්‍ය ග්‍රහණ දෙකෙහි ම අභාවය දක්වයි. සවෙ යන මෙහි ‘ස’ යනු නිපාත මාත්‍රයයි. ‘වෙ’ යනු දක්‍ෂ (ඛ්‍යත්තං) හෝ ඒකාන්තයෙන් (එකංසෙන) යන මේ අර්ථයෙහි නිපාතයකි. සබ්බං පරිඤ්ඤා යනු සියල්ල පිරිසිඳ දැනීම් වශයෙන්. සො යනු කියන ලද ආකාර ඇති යෝගාවචරයා හෝ ආර්යයා හෝ. සබ්බදුක්‍ඛං උපච්චගා යනු සියලු සංසාර දුක ඉක්ම ගියේය යන අර්ථය යි.

සත‍්තමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වන සූත්‍ර වර්ණනාවයි.

8. මානපරිඤ‍්ඤාසුත‍්තවණ‍්ණනා

8. මානපරිඤ්ඤා සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අපුබ‍්බං නත්‍ථි, කෙවලං මානවසෙන දෙසනා පවත‍්තා. ගාථාසු පන මානුපෙතා අයං පජාති කම‍්මකිලෙසෙහි පජායතීති පජාති ලද‍්ධනාමා ඉමෙ සත‍්තා මඤ‍්ඤනලක‍්ඛණෙන මානෙන උපෙතා උපගතා.

අටවන සූත්‍රයෙහි - පෙර නො කියන ලද්දක් නැත. හුදෙක් මාන වශයෙන් දේශනාව පැවතුණි. ගාථාවලදී මානුපෙතා අයං පජා යනු කර්ම ක්ලේශයන් කරණකොට ජාත (උපන්) බැවින් පජා යනුවෙන් ලබන ලද නම් ඇති මේ සත්ත්වයෝ මැනීම් ලක්‍ෂණයෙන් මානයෙන් යුක්ත වූවාහුය.

මානගන්‍ථා භවෙ රතාති කිමිකීටපටඞ‍්ගාදිඅත‍්තභාවෙපි මානෙන ගන්‍ථිතා මානසංයොජනෙන සංයුත‍්තා. තතො එව දීඝරත‍්තං පරිභාවිතාහංකාරවසෙන “එතං මමා”ති සඞ‍්ඛාරෙසු අජ‍්ඣොසානබහුලත‍්තා තත්‍ථ නිච‍්චසුඛඅත‍්තාදිවිපල‍්ලාසවසෙන ච කාමාදිභවෙ රතා.

මානගන්‍ථො භවෙ රතා යනු පණු ගැඩවිල් පළඟැටි ආදී ආත්මභාවයෙහිද මානයෙන් ගෙතුනාහු මාන සංයෝජනයෙන් යුක්ත වූවාහු එහෙයින්ම බොහෝ කාලයක් පුරුදු කරන ලද අහංකාර වශයෙන් මේ මගේ යයි සංස්කාරයන්හි ගිලගැන්ම (ඇල්ම) බහුල බැවින් එහි නිච්ච (නිත්‍ය) ධුව (ස්ථිර) සුභ (යහපත්) සුබ (සැප) අත්ත (ආත්ම) ආදී විපර්යාස (වෙනස් ආකාර) වශයෙන් ද කාමාදි භවයෙහි ඇලුණාහු.

මානං අපරිජානන‍්තාති මානං තීහි පරිඤ‍්ඤාහි න පරිජානන‍්තා. අරහත‍්තමග‍්ගඤාණෙන වා අනතික‍්කමන‍්තා, “මානං අපරිඤ‍්ඤායා”ති කෙචි පඨන‍්ති.

මානං අපරිජානන්තා යනු එහෙයින් ඒ මානය පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ නො දන්නාහු අරහත් මාර්ග ඥානයෙන් හෝ නො ඉක්මවන්නාහු. ‘මානං අපරිඤ්ඤාය’ යනුවෙන් ඇතැම්හු කියති.

ආගන‍්තාරො පුනබ‍්භවන‍්ති පුන ආයාතිං උපපත‍්තිභවං. පුනප‍්පුනං භවනතො වා පුනබ‍්භවසඞ‍්ඛාතං සංසාරං අපරාපරං පරිවත‍්තනවසෙන ගන‍්තාරො උපගන‍්තාරො හොන‍්ති, භවතො න පරිමුච‍්චන‍්තීති අත්‍ථො.

ආගන්තාරො පුනබ්භවං යනු නැවත මත්තෙහි උත්පත්තිභවය. නැවත නැවත සිදුවීම් වශයෙන් හෝ පුනර්භව නම් වූ සංසාරය ඔබිමොබ පෙරළීම් වශයෙන් හෝ යන්නාහු එළඹෙන්නාහු වෙති. භවයෙන් නො මිදෙතියි යන අර්ථයි.

යෙ ච මානං පහන‍්ත්‍වාන, විමුත‍්තා මානසඞ‍්ඛයෙති යෙ පන අරහත‍්තමග‍්ගෙන සබ‍්බසො මානං පජහිත්‍වා මානස‍්ස අච‍්චන‍්තසඞ‍්ඛයභූතෙ අරහත‍්තඵලෙ නිබ‍්බානෙ වා තදෙකට‍්ඨසබ‍්බකිලෙසවිමුත‍්තියා විමුත‍්තා සුට‍්ඨු මුත‍්තා.

යෙ ච මානං පහත්‍වාන විමුත්තා මානසංඛයෙ යනු යමෙක් අර්හත් මාර්ගයෙන් සියලු ආකාරයෙන් මානය දුරුකොට මානයේ සම්පූර්ණ ප්‍රහාණය වූ අර්හත් ඵලයෙහි හෝ නිවනෙහි හෝ මානය සමග උපන් සියලු කෙලෙසුන්ගෙන් මිදීමෙන් මිදුනාහු ද මනාව මිදුනාහු ද,

තෙ මානගන්‍ථාභිභුනො, සබ‍්බදුක‍්ඛමුපච‍්චගුන‍්ති තෙ පරික‍්ඛීණභවසංයොජනා අරහන‍්තො සබ‍්බසො මානගන්‍ථං මානසංයොජනං සමුච‍්ඡෙදප‍්පහානෙන අභිභවිත්‍වා ඨිතා, අනවසෙසං වට‍්ටදුක‍්ඛං අතික‍්කමිංසූති අත්‍ථො. එවමෙතස‍්මිං සත‍්තමසුත‍්තෙ ච අරහත‍්තං කථිතන‍්ති.

තෙ මානගන්‍ථාභිභූනො සබ්බං දුක්‍ඛමුපච්චගුං යනු ගෙවාදමන ලද භව සංයෝජන (බන්‍ධන) ඇති ඒ රහත්හු සියලු ආකාරයෙන් මානයෙන් ගෙතීම, මාන සංයෝජනය සහමුලින් දුරුකිරීමෙන් මැඬපවත්වා සිටියාහු සසර දුක ඉතිරි නොකොට ඉක්මවූවාහුය යන අර්ථයි. මෙසේ මේ අටවන සූත්‍රයෙහි ද රහත් බව දේශනා කරන ලදී.

අට‍්ඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවන සූත්‍ර වර්ණනාවයි.

9-10. ලොභපරිඤ‍්ඤාසුත‍්තාදිවණ‍්ණනා

9-10. ලොභපරිඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා

නවමදසමෙසු අපුබ‍්බං නත්‍ථි. දෙසනාවිලාසවසෙන තථා බුජ‍්ඣනකානං වෙනෙය්‍යානං අජ‍්ඣාසයවසෙන වා තථා දෙසිතානීති දට‍්ඨබ‍්බං.

නවවන දසවන සූත්‍රවල පෙර නොකියන ලද්දක් නැත. දේශනා විලාස වශයෙන් හෝ එසේ අවබෝධ කරන හික්මවිය යුත්තන්ගේ අදහස් වශයෙන් හෝ එසේ දේශනා කරන ලද්දේයයි දතයුතුය.

නවමදසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන දසවන සූත්‍ර වර්ණනායි.

පඨමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම වර්ග වර්ණනාව නිමියේ ය.