1. ලොභසුත්තවණ්ණනා අට්ඨකථා
1. ලොභසුත්තවණ්ණනා
1. ලෝභ සූත්‍ර වර්ණනාව
ඉදානි එකධම්මං, භික්ඛවෙ, පජහථාතිආදිනා නයෙන භගවතා නික්ඛිත්තස්ස සුත්තස්ස වණ්ණනාය ඔකාසො අනුප්පත්තො. සා පනෙසා අත්ථවණ්ණනා යස්මා සුත්තනික්ඛෙපං විචාරෙත්වා වුච්චමානා පාකටා හොති, තස්මා සුත්තනික්ඛෙපං තාව විචාරෙස්සාම.
දැන් එකධම්මං භික්ඛවෙ පජහථ යනාදී ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද සූත්‍රයේ වර්ණනාවට අවකාශය පැමිණියේ වෙයි. ඒ මේ අර්ථ වර්ණනාව වනාහි යම්හෙයකින් සූත්‍ර නික්ෂේපය විමසා කියනු ලබන්නේ ප්‍රකට වේද, එහෙයින් පළමුකොට සූත්‍ර නික්ෂේපය විමසන්නෙමු.
චත්තාරො හි සුත්තනික්ඛෙපා – අත්තජ්ඣාසයො, පරජ්ඣාසයො, පුච්ඡාවසිකො, අට්ඨුප්පත්තිකොති.
1. අත්තජ්ඣාසය, 2. පරජ්ඣාසය, 3. පුච්ඡාවසිකය, 4. අට්ඨුප්පත්තිකය යනුවෙන් සූත්‍ර නික්ෂේප සතරකි.
යථා හි අනෙකසතඅනෙකසහස්සභෙදානිපි සුත්තන්තානි සංකිලෙසභාගියාදිපට්ඨානනයෙන සොළසවිධතං නාතිවත්තන්ති, එවං අත්තජ්ඣාසයාදිසුත්තනික්ඛෙපවසෙන චතුබ්බිධතං නාතිවත්තන්තීති.
නොයෙක් සිය ගණන් දහස් ගණන් භේද ඇති සූත්‍ර, සංකිලේසභාගිය ආදී වූ පට්ඨාන න්‍යායයෙන් දහසය (16) ආකාරය නො ඉක්මවන්නා සේම අත්තජ්ඣාසයාදිය සූත්‍ර නික්ෂේප වශයෙන් සතර ආකාරය නො ඉක්මවයි.
තත්ථ යථා අත්තජ්ඣාසයස්ස අට්ඨුප්පත්තියා ච පරජ්ඣාසයපුච්ඡාවසිකෙහි සද්ධිං සංසග්ගභෙදො සම්භවති අත්තජ්ඣාසයො ච පරජ්ඣාසයො ච, අත්තජ්ඣාසයො ච පුච්ඡාවසිකො ච, අට්ඨුප්පත්තිකො ච පරජ්ඣාසයො ච, අට්ඨුප්පත්තිකො ච පුච්ඡාවසිකො චාති අජ්ඣාසයපුච්ඡානුසන්ධිසම්භවතො; එවං යදිපි අට්ඨුප්පත්තියා අත්තජ්ඣාසයෙනපි සංසග්ගභෙදො සම්භවති, අත්තජ්ඣාසයාදීහි පන පුරතො ඨිතෙහි අට්ඨුප්පත්තියා සංසග්ගො නත්ථීති නිරවසෙසො පට්ඨානනයො න සම්භවති. තදන්තොගධත්තා වා සම්භවන්තානං සෙසනික්ඛෙපානං මූලනික්ඛෙපවසෙන චත්තාරො සුත්තනික්ඛෙපා වුත්තාති වෙදිතබ්බං.
අත්තජ්ඣාසය ද පරජ්ඣාසය ද, අත්තජ්ඣාසය ද පුච්ඡාවසිකය ද, අට්ඨුප්පත්තිකය ද පරජ්ඣාසය ද, අට්ඨුප්පත්තිකය ද පුච්ඡාවසිකය ද, යනුවෙන් අජ්ඣාසය - පුච්ඡා අනුසන්ධි ලැබෙන බැවින් අත්තජ්ඣාසයට ද අට්ඨුප්පත්තිකයට ද පරජ්ඣාසය - පුච්ඡා සමග එක්වීම් භේදය ලැබේ. මෙසේ තවදුරටත් අට්ඨුප්පත්තිකයට අත්තජ්ඣාසය සමග එක්වීම ලැබුණත් ඉදිරියෙන් සිටි අත්තජ්ඣාසයාදිය සමග අට්ඨුප්පත්තියේ එක්වීමක් නැත. මෙසේ නිරවශේෂ වූ පට්ඨාන න්‍යාය නො ලැබේ. ලැබෙන්නා වූ සෙසු නික්ෂේප එහි ඇතුළත් බැවින් හෝ මූල නික්ෂේප වශයෙන් සූත්‍ර නික්ෂේප සතරක් කියන ලදැයි දතයුතුය.
තත්රායං වචනත්ථො – නික්ඛිපීයතීති නික්ඛෙපො, සුත්තං එව නික්ඛෙපො සුත්තනික්ඛෙපො. අථ වා නික්ඛිපනං නික්ඛෙපො, සුත්තස්ස නික්ඛෙපො සුත්තනික්ඛෙපො, සුත්තදෙසනාති අත්ථො. අත්තනො අජ්ඣාසයො අත්තජ්ඣාසයො, සො අස්ස අත්ථි කාරණභූතොති අත්තජ්ඣාසයො, අත්තනො අජ්ඣාසයො එතස්සාති වා අත්තජ්ඣාසයො. පරජ්ඣාසයෙපි එසෙව නයො. පුච්ඡාය වසොති පුච්ඡාවසො. සො එතස්ස අත්ථීති පුච්ඡාවසිකො. සුත්තදෙසනාය වත්ථුභූතස්ස අත්ථස්ස උප්පත්ති අත්ථුප්පත්ති, අත්ථුප්පත්ති එව අට්ඨුප්පත්ති ථ-කාරස්ස ඨ-කාරං කත්වා, සා එතස්ස අත්ථීති අට්ඨුප්පත්තිකො .
මේ එහි වචනාර්ථය යි. බහා තබනු ලැබේ යන අරුතින් නික්ඛේප නම් වේ. සූත්‍රය බහා තැබීම ම සූත්‍ර නික්ෂේප නම් වේ. නැතහොත් බහා තැබීම නික්ෂේප යි. සූත්‍රයේ නික්ෂේපය සූත්‍ර නික්ෂේපය යි. සූත්‍ර දේශනාව යන අර්ථයි. තමාගේ අදහස අත්තජ්ඣාසය යි. එය මෙයට කරුණු වූයේ ය යනුවෙන් අත්තජ්ඣාසය නම් වේ. නැතහොත් මෙයට තමාගේ අදහස ඇත්තේය යනුවෙන් අත්තජ්ඣාසය නම් වේ. පරජ්ඣාසයෙහි ක්‍රමය යි. විමසීමට යටත් වූයේ යන අරුතින් පුච්ඡාවස නම් වේ. එය මෙයට ඇත්තේය යන අරුතින් පුච්ඡාවසික නම් වේ. සූත්‍ර දේශනාවට කාරණය වූ අර්ථයේ උත්පත්තිය අත්ථුත්පත්ති නම් වේ. අත්ථුප්පත්තියම අත්ථුප්පත්තික නම් වේ. නැතහොත් එය මෙයට ඇත්තේය යන අරුතින් අත්ථුප්පත්තික නම් වේ.
අථ වා නික්ඛිපීයති සුත්තං එතෙනාති නික්ඛෙපො, අත්තජ්ඣාසයාදි එව. එතස්මිං පන අත්ථවිකප්පෙ අත්තනො අජ්ඣාසයො අත්තජ්ඣාසයො. පරෙසං අජ්ඣාසයො පරජ්ඣාසයො. පුච්ඡීයතීති පුච්ඡා, පුච්ඡිතබ්බො අත්ථො, පුච්ඡාවසෙන පවත්තං ධම්මප්පටිග්ගාහකානං වචනං පුච්ඡාවසං, තදෙව නික්ඛෙපසද්දාපෙක්ඛාය පුච්ඡාවසිකොති පුල්ලිඞ්ගවසෙන වුත්තං. තථා අට්ඨුප්පත්ති එව අට්ඨුප්පත්තිකොති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
නැතහොත් මෙය කරණකොට සුත්‍රය බහාතබනු ලැබේ යන අරුතින් නික්ඛේප නම් වේ. අත්ථජ්ඣාසයාදියම ය. මේ අර්ථ විකල්පයෙහි දී තමාගේ අර්ථය පිළිබඳ අදහස අත්තජ්ඣාසය යි. අනුන්ගේ අර්ථය පිළිබඳ අදහස පරජ්ඣාසය. යි. විමසනු ලැබේ යන අරුතින් පුච්ඡා නම් වේ. විමසිය යුතු අර්ථය යි. විමසීම් වශයෙන් පැවති ධර්මය පිළිගන්නවුන්ගේ වචනය පුච්ඡාවසයයි. එයම නික්ඛේප ශබ්දය අපේක්ෂාවෙන් පුල්ලිංග වශයෙන් කියන ලදී. එසේම අත්ථුප්පත්තිය ම අත්ථුප්පත්තිකයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
අපිච පරෙසං ඉන්ද්රියපරිපාකාදිකාරණනිරපෙක්ඛත්තා අත්තජ්ඣාසයස්ස විසුං සුත්තනික්ඛෙපභාවො යුත්තො, කෙවලං අත්තනො අජ්ඣාසයෙනෙව ධම්මතන්තිඨපනත්ථං පවත්තිතදෙසනත්තා. පරජ්ඣාසයපුච්ඡාවසිකානං පන පරෙසං අජ්ඣාසයපුච්ඡානං දෙසනාපවත්තිහෙතුභූතානං උප්පත්තියං පවත්තිතානං කථං අට්ඨුප්පත්තියං අනවරොධො, පුච්ඡාවසිකට්ඨුප්පත්තිකානං වා පරජ්ඣාසයානුරොධෙන පවත්තිතානං කථං පරජ්ඣාසයෙ අනවරොධොති? න චොදෙතබ්බමෙතං. පරෙසඤ්හි අභිනීහාරපරිපුච්ඡාදිවිනිමුත්තස්සෙව සුත්තදෙසනාකාරණුප්පාදස්ස අට්ඨුප්පත්තිභාවෙන ගහිතත්තා පරජ්ඣාසයපුච්ඡාවසිකානං විසුං ගහණං.
තවද අනුන්ගේ ඉන්ද්රිය මෝරා යාම් ආදී කරුණු අපේක්ෂා රහිත බැවින් අත්තජ්ඣාසයට වෙනම සූත්‍ර නික්ෂේපභාවයක් යෙදීම සුදුසුය. එහෙයින් හුදෙක් තමන්ගේ අදහසින්ම යයි ධර්මපාළිය තැබීම සඳහා පවත්වන ලද දේශනාවක් බැවිනැයි කීය. අනුන්ගෙන් අදහස් විමසන දේශනා පැවැත්මට හේතු වූ උත්පත්තියෙහි පැවති පරජ්ඣාසය පුච්ඡාවසික දෙක පිළිබඳ අවිරුද්ධත්වය කෙසේ වේද? පුච්ඡාවසිකයට හේතු වූ පරජ්ඣාසයට ගැලපෙන සේ පැවති පරජ්ඣාසය පිළිබඳ අවිරුද්ධත්වය කෙසේවේද යනුවෙන් මෙය චෝදනා කළයුතු නොවෙයි. අනුන්ගේ ප්‍රාර්ථනා, විමර්ශන ආදියෙන් තොර වූ සූත්‍ර දේශනාවේ හේතුව වූ අර්ථෝත්පත්ති භාවයෙන් ගන්නා ලද බැවින් පරජ්ඣාසය පුච්ඡාවසික දෙකෙහි වෙන්ව ගැනීමයි.
තථා හි බ්රහ්මජාලධම්මදායාදසුත්තාදීනං (දී· න· 1.1 ආදයො) වණ්ණාවණ්ණආමිසුප්පාදාදිදෙසනානිමිත්තං අට්ඨුප්පත්ති වුච්චති. පරෙසං පුච්ඡං විනා අජ්ඣාසයමෙව නිමිත්තං කත්වා දෙසිතො පරජ්ඣාසයො, පුච්ඡාවසෙන දෙසිතො පුච්ඡාවසිකොති පාකටොයමත්ථොති.
එසේම බ්‍රහ්මජාල, ධම්මදායාද සූත්‍රාදියේ වර්ණනය අවර්ණනය, ආමිෂ පහළවීම ආදී දේශනා නිමිත්ත අට්ඨුප්පත්ති යයි කියනු ලැබේ. අනුන්ගේ විමසීමක් නැතිව අදහසම නිමිතිකොට දේශනා කරන ලද්දේ පරජ්ඣාසයයි. විමසීම් වශයෙන් දේශනා කරන ලද්දේ පුච්ඡාවසිකයයි යන මේ අර්ථය ප්රකටය.
යානි භගවා පරෙහි අනජ්ඣිට්ඨො කෙවලං අත්තනො අජ්ඣාසයෙනෙව කථෙති, සෙය්යථිදං – ආකඞ්ඛෙය්‍යසුත්තං, තුවට්ටකසුත්තන්තිඑවමාදීනි (සු· නි· 921 ආදයො; ම· නි· 1.64 ආදයො), තෙසං අත්තජ්ඣාසයො නික්ඛෙපො.
අන්‍යයන්ගෙන් ආරාධනා නොලැබූ භාග්‍යවතුන් වහන්සේ හුදෙක් තමන් වහන්සේගේ අදහසින්ම ආකංඛෙය්‍ය සූත්‍රය, තුවටක සූත්‍රය ආදී යම් සූත්‍ර දේශනා කරත් ද ඒ සූත්‍ර දේශනාවලට අත්තජ්ඣාසය නික්ෂේපය වෙයි.
යානි පන “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා, යංනූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්ය”න්ති එවං පරෙසං අජ්ඣාසයං ඛන්තිං අභිනීහාරං බුජ්ඣනභාවඤ්ච ඔලොකෙත්වා පරජ්ඣාසයවසෙන කථිතානි, සෙය්යථිදං – රාහුලොවාදසුත්තං, ධම්මචක්කප්පවත්තනසුත්තන්තිඑවමාදීනි (ම· නි· 2.107 ආදයො; 3.416 ආදයො; සං· නි· 3.59; මහාව· 19-20), තෙසං පරජ්ඣාසයො නික්ඛෙපො.
‘පරිපක්කා ඛො රාහුලස්ස විමුත්ති පරිපාචනීයා ධම්මා යන්නූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්යං’ යනුවෙන් මෙසේ අනුන්ගේ අදහස, රුචිය, ප්‍රාර්ථනාව, අවබෝධ කරන බව ද බලා රාහුලෝවාද සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී මේ සූත්‍ර අනුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලද ද ඒවාට පරජ්ඣාසය නික්ෂේපය වෙයි.
භගවන්තං පන උපසඞ්කමිත්වා දෙවා මනුස්සා චතස්සො පරිසා චත්තාරො වණ්ණා ච තථා තථා පඤ්හං පුච්ඡන්ති “බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගාති, භන්තෙ, වුච්චන්ති, නීවරණා නීවරණාති වුච්චන්තී”තිආදිනා, එවං පුට්ඨෙන භගවතා යානි කථිතානි බොජ්ඣඞ්ගසංයුත්තාදීනි (සං· නි· 5.186) තෙසං පුච්ඡාවසිකො නික්ඛෙපො.
ඒ ඒ දෙවිවරු ද මිනිස්සු ද සිවු පිරිස ද සතර වර්ණයට අයත් වූවෝ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, බොජ්ඣංග බොජ්ඣංගයයි කියනු ලැබේ. නීවරණ නීවරණ යයි කියනු ලැබේ යනාදී වශයෙන් විමසත්. මෙසේ විමසන ලද භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග සංයුත්තාදී යම් දහමක් දේශනා කරන ලද ද ඒවාට පුච්ඡාවසිකය නික්ෂේපය වෙයි.
යානි පන තානි උප්පන්නං කාරණං පටිච්ච කථිතානි, සෙය්යථිදං – ධම්මදායාදං, පුත්තමංසූපමං, දාරුක්ඛන්ධූපමන්තිඑවමාදීනි (ම· නි· 1.29; සං· නි· 2.63), තෙසං අට්ඨුප්පත්තිකො නික්ඛෙපො.
උපන්නා වූ යම් ඒ කාරණයක් නිසා දේශනා කරන ලද ධම්ම දායාද, පුත්තමංසූපම, දාරුක්ඛන්ධූපම ආදී යමක් වේද ඒවාට අට්ඨුප්පත්තිකය නික්ෂේපය වෙයි.
එවමිමෙසු චතූසු සුත්තනික්ඛෙපෙසු ඉමස්ස සුත්තස්ස පරජ්ඣාසයො නික්ඛෙපො. පරජ්ඣාසයවසෙන හෙතං නික්ඛිත්තං. කෙසං අජ්ඣාසයෙන? ලොභෙ ආදීනවදස්සීනං පුග්ගලානං. කෙචි පන “අත්තජ්ඣාසයො”ති වදන්ති.
මෙසේ මේ සූත්‍ර නික්ෂේප සතර අතරින් මේ සූත්‍රයට පරජ්ඣාසය නික්ෂේපය වෙයි. මෙය වනාහි පරජ්ඣාසය වශයෙන් තබන ලදී. ලෝභයෙහි ආදීනව දකින්නා වූ ඒ පුද්ගලයන්ගේ අදහස් වශයෙනි. ඇතැමෙක් අත්තජ්ඣාසය යි කියති.
තත්ථ එකධම්මං, භික්ඛවෙතිආදීසු එකසද්දො අත්ථෙව අඤ්ඤත්ථෙ “සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉත්ථෙකෙ අභිවදන්තී”තිආදීසු (ම· නි· 3.27). අත්ථි සෙට්ඨෙ “චෙතසො එකොදිභාව”න්තිආදීසු (දී· නි· 1.228; පාරා· 11). අත්ථි අසහායෙ “එකො වූපකට්ඨො”තිආදීසු (දී· නි· 1.405). අත්ථි සඞ්ඛායං “එකොව ඛො, භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසායා”තිආදීසු (අ· නි· 8.29). ඉධාපි සඞ්ඛායමෙව දට්ඨබ්බො.
එහි ‘එකධම්මං භික්ඛවෙ’ යනාදියෙහි එක ශබ්දය ‘සස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉච්චෙකෙ අභිවදන්ති’ යනාදියෙහි ‘අන්‍ය’ යන අර්ථයෙහි ඇත. ‘චෙතසො එකොදිභාවං’ යනාදියෙහි ශ්‍රේෂ්ඨ අර්ථයෙහි ඇත. ‘එකො වූපකට්ඨො’ යනාදියෙහි අසහාය අර්ථයෙහි ඇත. ‘එකොච ඛො භික්ඛවෙ ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසාය’ යනාදියෙහි සංඛ්‍යා අර්ථයෙහි ඇත. මෙහි ද සංඛ්‍යා අර්ථයෙහිම යයි දතයුතුය.
ධම්ම-සද්දො පරියත්තිසච්චසමාධිපඤ්ඤාපකතිපුඤ්ඤාපත්තිසුඤ්ඤතාඤෙය්යසභාවාදීසු දිස්සති. තථා හිස්ස “ඉධ භික්ඛු ධම්මං පරියාපුණාතී”තිආදීසු (අ· නි· 5.73) පරියත්ති අත්ථො. “දිට්ඨධම්මො”තිආදීසු (දී· නි· 1.299) සච්චානි. “එවංධම්මා තෙ භගවන්තො අහෙසු”න්තිආදීසු (දී· නි· 2.13; 3.142) සමාධි. “සච්චං ධම්මො ධිති චාගො, සවෙ පෙච්ච න සොචතී”තිආදීසු (ජා· 1.1.57) පඤ්ඤා. “ජාතිධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජතී”තිආදීසු (දී· නි· 2.398) පකති. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි”න්තිආදීසු (ජා· 1.10.102) පුඤ්ඤං. “තිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන වදෙය්ය පාරාජිකෙන වා සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා”තිආදීසු (පාරා· 444) ආපත්ති. “තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්තී”තිආදීසු (ධ· ස· 121) සුඤ්ඤතා. “සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්තී”තිආදීසු (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85) ඤෙය්යො. “කුසලා ධම්මා අකුසලා ධම්මා”තිආදීසු (ධ· ස· තිකමාතිකා 1) සභාවො අත්ථො. ඉධාපි සභාවො. තස්මා එකධම්මන්ති එකං සංකිලෙසසභාවන්ති අධිප්පායො. එකො ච සො ධම්මො චාති එකධම්මො, තං එකධම්මං.
ධම්ම ශබ්දය පරියත්ති - සච්ච - සමාධි - පඤ්ඤා - පකති - පුඤ්ඤ - ආපත්ති - සුඤ්ඤතා - ඤෙය්‍ය සභාව ආදියෙහි දක්නා ලැබේ. ඒ අනුව එයට ‘ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති’ ‘මේ ශාසනයෙහි භික්ෂුව ධර්මය ඉගෙන ගනියි’ යනාදියෙහි පරියත්ති (පරියාප්ති) යන අර්ථය ඇත්තේය. ‘දිට්ඨධම්මො’ ‘දක්නා ලද ධර්මය’ යනාදියෙහි සත්‍ය යන අර්ථ ඇත්තේය. ‘එවං ධම්මා තෙ භගවන්තො අහෙසුනති’ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්ම ඇත්තෝ වූහ’ යනාදියෙහි සමාධිය යන අර්ථය ඇත්තේය. ‘සච්චං ධම්මො ධිතී චාගො සවෙ පෙච්ච න සොචති’ යනාදියෙහි ප්‍රඥාව යන අර්ථ ඇත්තේය. ‘ජාති ධම්මානං භික්ඛවෙ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති’ මහණෙනි, ඉපදීම ස්වභාව (ප්‍රකෘතිය) කොට ඇති සත්ත්වයන්ට මෙසේ කැමැත්තක් උපදින්නේය යනාදියෙහි ප්‍රකෘතිය යන අර්ථ ඇත්තේය. ‘ධම්මො භවෙ රක්ඛති ධම්මචාරිං’ ‘ධර්මය තෙමේ ම ධර්මචාරි පුද්ගලයා ආරක්ෂා කරයි’ යනාදියෙහි පුඤ්ඤ (පින) යන අර්ථය ඇත්තේය. ‘තිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන වදෙය්ය පාරාජිකෙන වා සංඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා’ “ඇවැත් තුන අතුරින් පරිජියෙන් හෝ සඟ වෙසෙසින් හෝ පචිතියෙන් හෝ එකකින් චෝදනා වශයෙන් කියයි නම්” යනාදියෙහි ආපත්ති යන අර්ථ ඇත්තේය. ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති’ එසමයෙහි වනාහි ධර්මයෝ වෙති’ යනාදියෙහි සුඤ්ඤතා (ශුන්‍යතාව) යන අර්ථ ඇත්තේය. ‘සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ත’ ‘සියලු ධර්මයෝ සියලු ආකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඤාණය ඉදිරියට පැමිණෙත්’ යනාදියෙහි ඤෙය්‍යා (දතයුතු දේ) යන අර්ථ ඇත්තේය. ‘කුසලා ධම්මා අකුසලා ධම්මා’ ‘කුශල ධර්ම අකුශල ධර්ම’ යනාදියෙහි ස්වභාව අර්ථ ඇත්තේය. මෙහි ද ස්වභාව අර්ථ ඇත්තේය. එහෙයින් ‘එකධම්මං’ යනු එක් සංකිලේස ස්වභාවයක් යන අදහසයි. එකක් වූයේ ද එයයි, ධර්මය වූයේද එයයි = එකධම්මොය, ඒ එක් ධර්මය.
භික්ඛවෙති භික්ඛූ ආලපති. කිමත්ථං පන භගවා ධම්මං දෙසෙන්තො භික්ඛූ ආලපති, න ධම්මමෙව දෙසෙතීති? සතිජනනත්ථං. භික්ඛූ හි අඤ්ඤං චින්තෙන්තාපි ධම්මං පච්චවෙක්ඛන්තාපි කම්මට්ඨානං මනසි කරොන්තාපි නිසින්නා හොන්ති. තෙ පඨමං අනාලපිත්වා ධම්මෙ දෙසියමානෙ “අයං දෙසනා කිංනිදානා, කිංපච්චයා”ති සල්ලක්ඛෙතුං න සක්කොන්ති. ආලපිතෙ පන සතිං උපට්ඨපෙත්වා සල්ලක්ඛෙතුං සක්කොන්ති, තස්මා සතිජනනත්ථං “භික්ඛවෙ”ති ආලපති. තෙන ච තෙසං භික්ඛනසීලතාදිගුණයොගසිද්ධෙන වචනෙන හීනාධිකජනසෙවිතං වුත්තිං පකාසෙන්තො උද්ධතදීනභාවනිග්ගහං කරොති. “භික්ඛවෙ”ති ඉමිනා කරුණාවිප්ඵාරසොම්මහදයනයනනිපාතපුබ්බඞ්ගමෙන වචනෙන තෙ අත්තනො මුඛාභිමුඛෙ කරොන්තො තෙන ච කථෙතුකම්යතාදීපකෙන වචනෙන නෙසං සොතුකම්යතං ජනෙති. තෙනෙව ච සම්බොධනත්ථෙන සාධුකං සවනමනසිකාරෙපි නියොජෙති. සාධුකං සවනමනසිකාරායත්තා හි සාසනසම්පත්ති.
භික්ඛවෙ යනු භික්ෂූන්ට ආමන්ත්‍රණය කරති. කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසමින් භික්ෂූන්ට අමතත් ද ධර්මයම දේශනා නොකරත් ද? සිහිය ඉපදවීම (ජනනය) පිණිසයි. භික්ෂූහු වනාහි අනිකක් සිතමින් ද ධර්මය නුවණින් සලකා බලමින් ද කමටහන් මෙනෙහි කරමින් ද වැඩහුන්නාහු වෙති. උන්වහන්සේලාට පළමුව ආමන්ත්‍රණය නොකොට ධර්මය දෙසන කල්හි මේ දේශනාව කුමක් නිදාන කොට ඇතිද? කුමක් ප්‍රත්‍යකොට ඇත්දැයි සලකන්නට නොහැකි වෙති. ආමන්ත්‍රණය කල කල්හි සිහිය එළඹවා සැලකීමට හැකිවෙති. එහෙයින් සිහිය ඉපදවීම පිණිස ‘භික්ඛවෙ’ යනුවෙන් අමතති. එයින් (ඒ ඇමතීමෙන්) භික්ෂූන්ගේ සිඟායාමේ ස්වභාවය ඇති බව ආදී ගුණයෙදීම සිදුවන වචනයෙන් වඩා පහත් වූ ජනතාව විසින් සේවනය කරන ලද පැවැත්ම ප්‍රකාශ කරමින් උඩඟු බවට හා පහත් (දීන) බවට නිග්‍රහ කරති. ‘භික්ඛවෙ’ යන කරුණාව පැතිරෙන සෞම්‍ය වූ ප්‍රසාද නුවන් (බැල්ම) හෙළීම පෙරටුකොට ඇති මේ වචනයෙන් භික්ෂූන් තමන් වහන්සේට අභිමුඛ කරමින් කියනු කැමති බව දක්වන ඒ වචනයෙන් ම භික්ෂූන්ගේ අසනු කැමති බව උපදවති. ඒ අමතන අර්ථයෙන්ම මනාකොට ඇසීම හා මෙනෙහි කිරීමෙහි ද යොදවති. මනාකොට ඇසීම මෙනෙහි කිරීමට අයත් බව වනාහි සාසන සම්පත්තියයි.
අඤ්ඤෙසුපි දෙවමනුස්සෙසු පරිසපරියාපන්නෙසු විජ්ජමානෙසු කස්මා භික්ඛූ එව ආමන්තෙසීති? ජෙට්ඨසෙට්ඨාසන්නසදාසන්නිහිතභාවතො. සබ්බපරිසසාධාරණා හි භගවතො ධම්මදෙසනා, පරිසාය ච ජෙට්ඨා භික්ඛූ පඨමුප්පන්නත්තා, සෙට්ඨා අනගාරියභාවං ආදිං කත්වා සත්ථු චරියානුවිධායකත්තා සකලසාසනපටිග්ගාහකත්තා ච, ආසන්නා තත්ථ නිසින්නෙසු සමීපවුත්තියා, සදාසන්නිහිතා සත්ථුසන්තිකාවචරත්තා. අපිච තෙ ධම්මදෙසනාය භාජනං යථානුසිට්ඨං පටිපත්තිසබ්භාවතො, විසෙසතො ච එකච්චෙ භික්ඛූ සන්ධාය අයං දෙසනාති තෙ එව ආලපි.
අනිකුත් දෙවිමිනිසුන් ද පිරිසට ඇතුළත් බව පෙනෙද්දීත් කුමක් හෙයින් භික්ෂූන්ට ම ආමන්ත්‍රණය කරත්ද? ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, ආසන්න බවට හැමකල්හි ඇතුළත් බැවිනි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සියලු පිරිසට සාධාරණය. භික්ෂූහු පළමුව උපන් බැවින් පිරිසට ජ්‍යෙෂ්ඨය. අනගාරිය බව මුල්කොට ශාස්තෲ චර්යාව අනුව සම්පාදනය කරන බැවින් ද සකල ශාසනය පිළිගත් බැවින් ද ශ්‍රේෂ්ඨය. එහි හුන්නවුන් අතරින් සමීප පැවැත්මෙන් ආසන්නය. ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි හැසිරෙන බැවින් හැමකල්හි ඇතුළත්ය. තවද උන්වහන්සේලා ධර්මදේශනාවට බඳුන් වූ බැවින් ද අනුශාසනා කළ පරිදි ප්‍රතිපත්තිය ඇති බැවින් ද (එසේ) වෙයි. විශේෂ වශයෙන් මේ දේශනාව ඇතැම් භික්ෂූන් සඳහාය යනුවෙන් උන්වහන්සේලාට ම ඇමතූහ.
පජහථාති එත්ථ පහානං නාම තදඞ්ගප්පහානං, වික්ඛම්භනප්පහානං, සමුච්ඡෙදප්පහානං, පටිප්පස්සද්ධිප්පහානං, නිස්සරණප්පහානන්ති පඤ්චවිධං. තත්ථ යං දීපාලොකෙනෙව තමස්ස පටිපක්ඛභාවතො අලොභාදීහි ලොභාදිකස්ස, නාමරූපපරිච්ඡෙදාදිවිපස්සනාඤාණෙහි තස්ස තස්ස අනත්ථස්ස පහානං. සෙය්යථිදං – පරිච්චාගෙන ලොභාදිමලස්ස, සීලෙන පාණාතිපාතාදිදුස්සීල්යස්ස, සද්ධාදීහි අස්සද්ධියාදිකස්ස, නාමරූපවවත්ථානෙන සක්කායදිට්ඨියා, පච්චයපරිග්ගහෙන අහෙතුවිසමහෙතුදිට්ඨීනං, තස්සෙව අපරභාගෙන කඞ්ඛාවිතරණෙන කථංකථීභාවස්ස, කලාපසම්මසනෙන “අහං මමා”ති ගාහස්ස, මග්ගාමග්ගවවත්ථානෙන අමග්ගෙ මග්ගසඤ්ඤාය, උදයදස්සනෙන උච්ඡෙදදිට්ඨියා, වයදස්සනෙන සස්සතදිට්ඨියා, භයදස්සනෙන සභයෙසු අභයසඤ්ඤාය, ආදීනවදස්සනෙන අස්සාදසඤ්ඤාය, නිබ්බිදානුපස්සනෙන අභිරතිසඤ්ඤාය, මුච්චිතුකම්යතාඤාණෙන අමුච්චිතුකම්යතාය උපෙක්ඛාඤාණෙන අනුපෙක්ඛාය, අනුලොමෙන ධම්මට්ඨිතියා, නිබ්බානෙන පටිලොමභාවස්ස, ගොත්රභුනා සඞ්ඛාරනිමිත්තග්ගාහස්ස පහානං, එතං තදඞ්ගප්පහානං නාම.
පජහථ යන මෙහි ප්රහාණය නම් තදංගප්පහාණ, වික්ඛම්භනප්පහාණ, සමුච්ඡේදප්පහාණ, පටිප්පස්සද්ධිපහාණ, නිස්සරණප්පහාණ යනුවෙන් පස් ආකාර වෙයි. එහි පහන් ආලෝකයෙන් මෙන් අඳුරට ප්‍රතිවිරුද්ධ බැවින් අලෝභාදියෙන් ලෝභාදී වූත්, නාමරූප පරිච්ඡේදා දී විදර්ශනා ඥානයෙන් ඒ ඒ අනර්ථයේ යම් ප්රහාණයක් වේද ඒ කෙසේද යත්: පරිත්‍යාගයෙන් ලෝභාදි කිලුටෙහි ද සීලයෙන් ප්‍රාණඝාත ආදී දුශ්ශීල බවෙහි ද ශ්‍රද්ධාදියෙන් අශ්රද්ධාදියේ ද නාමරූප වෙන් කිරීමෙන් සක්කාය දිට්ඨියේ ද ප්‍රත්‍ය පරිග්‍රහණයෙන් (විමසීමෙන්) අහේතු විසම හේතු දෘෂ්ටීන්ගේ ද එයට පසුකාලයේදී කංඛාවිතරණයෙන් සැක ඇති බවේ ද කලාප විමසා බැලීමෙන් මම ය මගේය යන ගැනීමේ ද මග්ගාමග්ග (මග-නොමග) වෙන් කිරීමෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාවද උදය (හටගැනීම) දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියේද වය (නැතිවීම) දැකීමෙන් ශාස්වත දෘෂ්ටියේ ද භය දැකීමෙන් භය සහිත දේවල් කෙරෙහි අභය සංඥාවේද ආදීනව දැකීමෙන් ආශ්වාද සංඥාවේ ද නිබ්බිදානුපස්සනාවෙන් (කලකිරිම අනුව දැකීමෙන්) ඇලීම් සංඥාවේ ද මුඤ්චිතුකම්යතා (මිදෙනු කැමති) ඤාණයෙන් නොමිදෙනු කැමති ඤාණයේ ද උපෙක්ඛා ඤාණයෙන් අනුපෙක්ඛාවේද අනුලෝමයෙන් ධම්මට්ඨිතියේ ද නිවනින් ප්‍රතිලෝම භාවයේ ද ගෝත්‍රභූ ඥානයෙන් සංඛාර නිමිති ගැනීමේ දී ප්රහාණය මේ තදංගප්‍රහාණය නම් වේ.
යං පන උපචාරප්පනාභෙදෙන සමාධිනා පවත්තිභාවනිවාරණතො ඝටප්පහාරෙනෙව උදකපිට්ඨෙ සෙවාලස්ස තෙසං තෙසං නීවරණාදිධම්මානං පහානං, එතං වික්ඛම්භනප්පහානං නාම. යං චතුන්නං අරියමග්ගානං භාවිතත්තා තංතංමග්ගවතො අත්තනො සන්තානෙ “දිට්ඨිගතානං පහානායා”තිආදිනා (ධ· ස· 277; විභ· 628) නයෙන වුත්තස්ස සමුදයපක්ඛියස්ස කිලෙසගණස්ස අච්චන්තං අප්පවත්තිභාවෙන සමුච්ඡින්දනං, ඉදං සමුච්ඡෙදප්පහානං නාම.
උපචාර අර්පණා ප්‍රභේද ඇති සමාධියෙන් පවතින බව වැළැක්වීම් වශයෙන් කළගෙඩි පහරින් ජලය මතුපිට සෙවෙල ඉවත් වන්නාක් මෙන් ඒ ඒ නීවරණාදී ධර්මයන්ගේ යම් ප්රහාණයක් වේද මෙය විෂ්කම්භන ප්රහාණය නම් වේ. සතර ආර්ය මාර්ග භාවිත කළ බැවින් ඒ ඒ මාර්ගයෙන් ‘අත්තනො සන්තානෙ දිට්ඨිගතානං පහාණාය’ ‘තමාගේ සිතේ දෘෂ්ටීන්ගේ ප්රහාණය පිණිස’ යනාදී ක්‍රමයෙන් කියන ලද සමුදය පක්ෂයට අයත් කෙලෙස් සමූහය සම්පූර්ණ වශයෙන් නොපවතින ස්වභාවයෙන් යම් සහමුලින් සිදී යාමක් වේද මෙය සමුච්ඡේද ප්රහාණය නම් වේ.
යං පන ඵලක්ඛණෙ පටිප්පස්සද්ධත්තං කිලෙසානං, එතං පටිප්පස්සද්ධිප්පහානං නාම. යං පන සබ්බසඞ්ඛතනිස්සටත්තා පහීනසබ්බසඞ්ඛතං නිබ්බානං, එතං නිස්සරණප්පහානං නාම. එවං පඤ්චවිධෙ පහානෙ අනාගාමිකභාවකරස්ස පහානස්ස අධිප්පෙතත්තා ඉධ සමුච්ඡෙදප්පහානන්ති වෙදිතබ්බං. තස්මා පජහථාති පරිච්චජථ, සමුච්ඡින්දථාති අත්ථො.
ඵලය ලැබෙන මොහොතෙහි කෙලෙසුන්ගේ යම් සන්සිඳුණු බවක් වේද මෙය පටිප්පස්සද්ධි පහාණය නම් වේ. සියලු සංඛතයන් ඉවත්කළ බැවින් ප්‍රහීණ වූ සියලු සංඛත ඇති යම් නිර්වාණයක් වේද මෙය නිස්සරණප්පහාණය නම් වේ. මෙසේ පස්ආකාර වූ ප්රහාණයෙහි අනාගාමී ශ්‍රාවකයාගෙන් ප්රහාණය අදහස් කළ බැවින් මෙය සමුච්ඡේද ප්රහාණය යනුවෙන් දතයුතුය. එහෙයින් ‘පජහථ’ යනු දුරුකරව්. සහමුලින් නසව් යන අර්ථයි.
අහන්ති භගවා අත්තානං නිද්දිසති. වොති අයං වොසද්දො පච්චත්තඋපයොගකරණසාමිවචනපදපූරණසම්පදානෙසු දිස්සති. තථා හි “කච්චි, පන වො අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා”තිආදීසු (ම· නි· 1.326) පච්චත්තෙ ආගතො. “ගච්ඡථ, භික්ඛවෙ, පණාමෙමි වො”තිආදීසු (ම· නි· 2.157) උපයොගෙ. “න වො මම සන්තිකෙ වත්ථබ්බ”න්තිආදීසු (ම· නි· 2.157) කරණෙ. “සබ්බෙසං වො, සාරිපුත්ත, සුභාසිත”න්තිආදීසු (ම· නි· 1.345) සාමිවචනෙ. “යෙ හි වො අරියා පරිසුද්ධකායකම්මන්තා”තිආදීසු (ම· නි· 1.35) පදපූරණෙ. “වනපත්ථපරියායං වො, භික්ඛවෙ, දෙසෙස්සාමී”තිආදීසු (ම· නි· 1.190) සම්පදානෙ. ඉධාපි සම්පදානෙ එව දට්ඨබ්බො.
අහං යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ දක්වති. වො යන මේ ‘වො’ ශබ්දය පච්චත්ත (ප්‍රථමා විභක්ති), උපයෝග (කර්ම විභක්ති), කරණ විභක්ති, සාමි වචන (සම්බන්ධ විභක්ති), පද පූරණය, සම්පදාන (චතුර්ථි විභක්ති) යන අර්ථයන්හි දක්නා ලැබේ. ඒ මෙසේය. ‘කච්චි පන වො අනුරුද්ධා සමග්ගා සම්මොදමානා’ ‘අනුරුද්ධයෙනි, කිම තෙපි සමගිව සතුටුව’ යනාදියෙහි ප්‍රථම විභක්තියෙහි ආයේය. ‘ගච්ඡථ භික්ඛවෙ පනාමෙමි වො’ ‘යව මහණෙනි, තොප බැහැර කෙරෙමි’ යනාදියෙහි කර්ම විභක්තියෙහි ආයේය. ‘න වො මම සත්තිකෙ වත්ථබ්බං’ ‘තොප මා වෙත නො විසිය යුතුය’ යනාදියෙහි කරණ විභක්තියෙහි ආයේය. ‘සබ්බෙසං වො සාරිපුත්ත සුභාසිතං’ ශාරිපුත්‍රයෙනි, තොප හැමගේ භාෂිතයෝ’ සුභාෂිතයහ. යනාදියෙහි සම්බන්ධ විභක්ති අර්ථයෙහි යෙදේ. ‘යෙ හි වො අරියා පරිසුද්ධකාය කම්මන්තා’ ‘යම් ආර්ය කෙනෙක් පිරිසිදු කාය කර්ම ඇත්තාහු’ යනාදියෙහි පද පූරණයෙහි ආයේය. ‘වනපත්ථ පරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි’ ‘මහණෙනි, තොපට වනපත් (ගමින් දුර වූ සෙනසුනක්) දහමක් දෙසමි’ යනාදියෙහි සම්ප්‍රදානයෙහි ආයේය. මෙහි ද සම්ප්රදානයෙහිම යයි දතයුතුය.
පාටිභොගොති පටිභූ. සො හි ධාරණකං පටිච්ච ධනිකස්ස, ධනිකං පටිච්ච ධාරණකස්ස පටිනිධිභූතො ධනිකසන්තකස්ස තතො හරණාදිසඞ්ඛාතෙන භුඤ්ජනෙන භොගොති පටිභොගො, පටිභොගො එව පාටිභොගො. අනාගාමිතායාති අනාගාමිභාවත්ථාය. පටිසන්ධිග්ගහණවසෙන හි කාමභවස්ස අනාගමනතො අනාගාමී. යො යස්ස ධම්මස්ස අධිගමෙන අනාගාමීති වුච්චති, සඵලො සො තතියමග්ගො අනාගාමිතා නාම. ඉති භගවා වෙනෙය්යදමනකුසලො වෙනෙය්යජ්ඣාසයානුකූලං තතියමග්ගාධිගමං ලහුනා උපායෙන එකධම්මපූරණතාමත්තෙන ථිරං කත්වා දස්සෙසි යථා තං සම්මාසම්බුද්ධො. භින්නභූමිකාපි හි පටිඝසංයොජනාදයො තතියමග්ගවජ්ඣා කිලෙසා කාමරාගප්පහානං නාතිවත්තන්තීති.
පාටිභොගො යනු ඇපකරු ය. ඔහු වනාහි ණය ගත් තැනැත්තා නිසා ණය දුන් තැනැත්තාට ද ණය දුන් තැනැත්තා නිසා ණය ගත් තැනැත්තාට ද අතරමැදි පුද්ගලයා (ප්‍රතිනිධිය) වූයේ ණය දුන් තැනැත්තා සතු වූ දේ ඔහුගෙන් ගෙනයාම් ආදී වශයෙන් අනුභව කරන හෙයින් භෝග ඇත යන අර්ථයෙන් පටිභොග නම් වේ. පටිභොගය ම පාටිභොගය යි. අනාගාමිතාය යනු අනාගාමී බව පිණිස, පිළිසිඳ ගැනීම වශයෙන් කාම භවයට නොපැමිණීමෙන් අනාගාමි යයි කියනු ලැබේ ද ඵලය සහිත වූ ඒ තෙවන මාර්ගය අනාගාමිතා නම් වේ. මෙසේ හික්මවිය යුත්තන් දමනය කිරීමෙහි දක්ෂ වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම්සේ බිඳුණු භූමිකා (කොටස්) ඇති පටිඝ සංයෝජනාදී තෙවන මාර්ගයෙන් දුරුකළ යුතු කෙලෙස් යම්සේ කාමරාග ප්රහාණය නො ඉක්මවයි ද එසේ හික්මවිය යුත්තන්ගේ අදහසට අනුකූල වූ තුන්වන මාර්ගාවබෝධය සැහැල්ලු උපායෙන් එක් ධර්මයක් පිරිම් මාත්‍රයෙන් ස්ථිර කොට දැක්වූහ.
කස්මා පනෙත්ථ භගවා අත්තානං පාටිභොගභාවෙ ඨපෙසි? තෙසං භික්ඛූනං අනාගාමිමග්ගාධිගමාය උස්සාහජනනත්ථං. පස්සති හි භගවා “මයා ‘එකධම්මං, භික්ඛවෙ, පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතායා’ති වුත්තෙ ඉමෙ භික්ඛූ අද්ධා තං එකධම්මං පහාය සක්කා තතියභූමිං සමධිගන්තුං, යතො ධම්මස්සාමි පඨමමාහ ‘අහං පාටිභොගො’ති උස්සාහජාතා තදත්ථාය පටිපජ්ජිතබ්බං මඤ්ඤිස්සන්තී”ති. තස්මා උස්සාහජනනත්ථං අනාගාමිතාය තෙසං භික්ඛූනං අත්තානං පාටිභොගභාවෙ ඨපෙසි.
කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ ඇපකරු බවෙහි තැබුවාහුද? ඒ භික්ෂූන්ට අනාගාමි මාර්ගාවබෝධයට උත්සාහ ඉපදවීම පිණිසයි. මා විසින් ‘මහණෙනි, එක් ධර්මයක් දුරුකරව්. මම ඔබලාට අනාගාමි බව පිණිස ඇපවෙමියි කී කල්හි මේ භික්ෂූහු ඒකාන්තයෙන් ඒ එක් ධර්මය දුරුකොට තෙවන භූමිය අවබෝධ කරන්නට හැකි වෙති. යම්හෙයකින් ධර්ම ස්වාමීන් වහන්සේ පළමුකොට මම ඇපවෙමියි කීවාහු ද එහෙයින් හටගත් උත්සාහ ඇත්තාහු ඒ සඳහා පිළිපැදිය යුතුය යනුවෙන් හඟින්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ දකිති. එහෙයින් අනාගාමි බව පිණිස උත්සාහය ඉපදවීම පිණිස ඒ භික්ෂූන්ට තමන්වහන්සේ ඇපවීමෙහි තැබූහ.
කතමං එකධම්මන්ති එත්ථ කතමන්ති පුච්ඡාවචනං. පුච්ඡා ච නාමෙසා පඤ්චවිධා – අදිට්ඨජොතනාපුච්ඡා, දිට්ඨසංසන්දනාපුච්ඡා, විමතිච්ඡෙදනාපුච්ඡා, අනුමතිපුච්ඡා, කථෙතුකම්යතාපුච්ඡාති. තත්ථ පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභූතත්ථාය විභාවනත්ථාය පඤ්හං පුච්ඡති, අයං අදිට්ඨජොතනාපුච්ඡා. පකතියා ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං. සො අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති, අයං දිට්ඨසංසන්දනාපුච්ඡා.
කතමං එකධම්මං යන මෙහි ‘කතමං’ යනු විමසන වචනයයි. මේ විමසීම ද අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා, අනුමති පුච්ඡා, කථෙතු කම්‍යතා පුච්ඡා යනුවෙන් පස් ආකාරය. එහි ස්වභාවයෙන් ලක්ෂණය නො දන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, තුලනය (කිරීම) නො කරන ලද්දේ, තීරණය නො කරන ලද්දේ, නොදැනගන්නා ලද්දේ, අප්‍රකට වූයේ, විස්තර නොකරන ලද්දේ වෙයි. ඒ පිළිබඳ දැනගැනීම පිණිස, දැකීම පිණිස, තුලනය කිරීම පිණිස, තීරණය කිරීම පිණිස, දැනීම පිණිස, ප්‍රකට කිරීම පිණිස, විස්තර කිරීම පිණිස ප්‍රශ්නයක් විමසති. මෙය ‘අදිට්ඨජොතනා පුච්ඡා’ නම් වේ. ස්වභාවයෙන් ලක්ෂණය දන්නා ලද්දේ, දක්නා ලද්දේ, තුලනය කරන ලද්දේ, තීරණය කරන ලද්දේ, දැනගන්නා ලද්දේ, ප්‍රකට වූයේ විස්තර කරන ලද්දේ වෙයි ද එය අන්‍ය පණ්ඩිතයන් සමග සැසදීම පිණිස ප්‍රශ්නයක් විමසති. මෙය ‘දිට්ඨ සංසන්දනා පුච්ඡා’ නම් වේ.
පකතියා සංසයපක්ඛන්දො හොති විමතිපක්ඛන්දො ද්වෙළ්හකජාතො – “එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛො”ති, සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති, අයං විමතිච්ඡෙදනාපුච්ඡා. භගවා හි අනුමතිග්ගහණත්ථං පඤ්හං පුච්ඡති – “තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”තිආදිනා (සං· නි· 3.59; මහාව· 21), අයං අනුමතිපුච්ඡා. භගවා භික්ඛූනං කථෙතුකම්යතාය පඤ්හං පුච්ඡති – “චත්තාරොමෙ, භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො”ති (සං· නි· 2.11) අයං කථෙතුකම්යතාපුච්ඡා.
මෙසේ ද? මෙසේ නොවේ ද? කුමක් වේද? කෙසේ වේද? යනුවෙන් ස්වභාවයෙන් සැකයට බැසගත්තේ වෙයි. විමතියට බැසගත්තේ වෙයි. සැකය උපන්නේ වෙයි. ඒ සැකය දුරුකිරීම පිණිස ප්‍රශ්නයක් විමසති. මෙය විමතිච්ඡෙදනා පුච්ඡා නම් වෙයි. ‘මහණෙනි, ඔබලා කුමක් සිතවුද? රූපය නිත්‍යද අනිත්‍යද?’ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ අනුමතිය ගැනීම පිණිස ප්‍රශ්නයක් විමසති. මෙය අනුමති පුච්ඡා නම් වේ. ‘මහණෙනි, හටගත් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, හටගන්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරක් ඇත. කවර සතරක්ද? යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කියනු කැමැත්තෙන් ප්‍රශ්නයක් විමසති. මෙය කථෙතුකම්‍යතා පුච්ඡා නම් වේ.
තත්ථ පුරිමා තිස්සො පුච්ඡා බුද්ධානං නත්ථි. කස්මා? තීසු හි අද්ධාසු කිඤ්චි සඞ්ඛතං අද්ධාවිමුත්තං වා අසඞ්ඛතං සම්මාසම්බුද්ධානං අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං නාම නත්ථි. තෙන නෙසං අදිට්ඨජොතනාපුච්ඡා නත්ථි. යං පන තෙහි අත්තනො ඤාණෙන පටිවිද්ධං, තස්ස අඤ්ඤෙන සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා සද්ධිං සංසන්දනකිච්චං නත්ථි, තෙන නෙසං දිට්ඨසංසන්දනාපුච්ඡාපි නත්ථි. යස්මා පන බුද්ධා භගවන්තො අකථංකථී තිණ්ණවිචිකිච්ඡා සබ්බධම්මෙසු විගතසංසයා, තෙන නෙසං විමතිච්ඡෙදනාපුච්ඡාපි නත්ථි. ඉතරා පන ද්වෙ පුච්ඡා අත්ථි, තාසු අයං කථෙතුකම්යතාපුච්ඡාති වෙදිතබ්බා.
එහි මුල් විමසීම් තුන බුදුවරුන්ට නැත. කුමක් හෙයින් ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් නො දක්නා ලද, තුලනය නො කරන ලද, තීරණය නොකරන ලද, නොදැනගන්නා ලද, අප්‍රකට වූ, තුන් කාලයට අයත් කිසියම් සංඛතයක් හෝ විමුක්තියක් හෝ අසංඛතයක් හෝ ඒකාන්තයෙන් නැත. එහෙයින් උන්වහන්සේලාට අදිට්ඨජොතනා පුච්ඡාවක් නැත. උන්වහන්සේලා විසින් තමන්ගේ ඤාණයෙන් අවබෝධ කරන ලද යමක් ඇද්ද එයට අනිත් ශ්‍රමණයකු සමඟ හෝ බමුණකු සමඟ හෝ දෙවියකු සමඟ හෝ මාරයකු සමඟ හෝ බ්‍රහ්මයකු සමඟ හෝ සැසඳීමේ කෘත්‍යයක් නැත. එහෙයින් උන්වහන්සේලාට දිට්ඨසංසන්දනා පුච්ඡාවක් නැත. යම් හෙයකින් වනාහි භාග්‍යවත් වූ බුදුවරු සියලු ධර්මයන්හි සැක නැත්තාහු දුරුකළ විචිකිච්ඡා ඇත්තාහු පහ වූ සැක ඇත්තාහු වෙත්ද එහෙයින් උන්වහන්සේලාට විමතිච්ඡෙදනා පුච්ඡාවක් ද නැත. අනිත් විමසීම් දෙක ඇත. ඒ දෙක අතරින් මෙය කථෙතුකම්‍යතා පුච්ඡා යනුවෙන් දතයුතුය.
ඉදානි තාය පුච්ඡාය පුට්ඨමත්ථං සරූපතො දස්සෙන්තො “ලොභං, භික්ඛවෙ, එකධම්ම”න්තිආදිමාහ. තත්ථ ලුබ්භන්ති තෙන, සයං වා ලුබ්භති, ලුබ්භනමත්තමෙව වා තන්ති ලොභො. ස්වායං ආරම්මණග්ගහණලක්ඛණො මක්කටාලෙපො විය, අභිසඞ්ගරසො තත්තකපාලෙ පක්ඛිත්තමංසපෙසි විය, අපරිච්චාගපච්චුපට්ඨානො තෙලඤ්ජනරාගො විය, සංයොජනියෙසු ධම්මෙසු අස්සාදදස්සනපදට්ඨානො, තණ්හානදිභාවෙන වඩ්ඪමානො යත්ථ සමුප්පන්නො, සීඝසොතා නදී විය මහාසමුද්දං අපායමෙව තං සත්තං ගහෙත්වා ගච්ඡතීති දට්ඨබ්බො. කිඤ්චාපි අයං ලොභසද්දො සබ්බලොභසාමඤ්ඤවචනො, ඉධ පන කාමරාගවචනොති වෙදිතබ්බො. සො හි අනාගාමිමග්ගවජ්ඣො.
දැන් ඒ විමසීමෙන් විමසන ලද අර්ථය ස්වරූප වශයෙන් දක්වමින් ‘ලොභං භික්ඛවෙ එකධම්මං’ යනාදිය කීහ. එහි එය කරණකොට ඇලෙත් හෝ තමා ඇලෙයි හෝ ඒ ඇලීම් මාත්‍රයම හෝ ලෝභ නම් වේ. එය අරමුණු ගැනීම ලක්ෂණ කොට ඇත්තේය. මක්කටාලේපයක් (කොහොල්ලෑවල වඳුරෙකුගේ ඇලීමක්) මෙනි. අරමුණෙහි ඇලීම රසයයි. රත්වූ කබලෙහි දමන ලද මස් පිඬක් මෙනි. පරිත්‍යාග නොකිරීම වැටහෙන ආකාරයයි. තෙල් අඳුන් ඇලීම මෙනි. සංයෝජනයන්ට හිත වූ ධර්මයන් කෙරෙහි ආශ්වාද වශයෙන් දැකීම ආසන්න කාරණයයි. තෘෂ්ණාව නමැති නදී ස්වභාවයෙන් වැඩෙන්නා වූ යම් තැනක උපන්නා වූ ලෝභය තෙම වේගවත් සැඬපහරක් ඇති නදියක් මහා සමුද්‍රයට යන්නාක් මෙන් ඒ සත්ත්වයා ගෙන අපායටම යතියි දතයුතුය. මේ ලෝභ ශබ්දය සියලුම ලෝභයට සාමාන්‍ය වචනයක් වුව ද මෙහි වනාහි කාම රාගයට වචනයකැයි දතයුතුය. එය ද අනාගාමි මාර්ගයෙන් දුරුකළ යුතුය.
පුන භික්ඛවෙති ආලපනං ධම්මස්ස පටිග්ගාහකභාවෙන අභිමුඛීභූතානං තත්ථ ආදරජනනත්ථං. පජහථාති ඉමිනා පහානාභිසමයො විහිතො, සො ච පරිඤ්ඤාසච්ඡිකිරියාභාවනාභිසමයෙහි සද්ධිං එව පවත්තති, න විසුන්ති චතුසච්චාධිට්ඨානානි චත්තාරිපි සම්මාදිට්ඨියා කිච්චානි විහිතානෙව හොන්ති. යථා ච “ලොභං පජහථා”ති වුත්තෙ පහානෙකට්ඨභාවතො දොසාදීනම්පි පහානං අත්ථතො වුත්තමෙව හොති, එවං සමුදයසච්චවිසයෙ සම්මාදිට්ඨිකිච්චෙ පහානාභිසමයෙ වුත්තෙ තස්සා සහකාරීකාරණභූතානං සම්මාසඞ්කප්පාදීනං සෙසමග්ගඞ්ගානම්පි සමුදයසච්චවිසයකිච්චං අත්ථතො වුත්තමෙව හොතීති පරිපුණ්ණො අරියමග්ගබ්යාපාරො ඉධ කථිතොති දට්ඨබ්බො. ඉමිනා නයෙන සතිපට්ඨානාදීනම්පි බොධිපක්ඛියධම්මානං බ්යාපාරස්ස ඉධ වුත්තභාවො යථාරහං විත්ථාරෙතබ්බො.
නැවත ‘භික්ඛවෙ’ යන ඇමතීම ධර්මය පිළිගැනීම් ස්වභාවයෙන් අභිමුඛ වූවන්ට එහි ආදරය ඉපදවීම පිණිසයි. ‘පජහථ’ යන මෙයින් ප්‍රහාණ අභිසමය (දුරුකිරීම පිළිබඳ අවබෝධය) යෙදුණේ වෙයි. එය ද පරිඤ්ඤා අභිසමය, සච්ඡිකිරියා අභිසමය, භාවනා අභිසමය සමගම පවතී. වෙන්ව නො පවතී. චතුසත්‍ය අධිෂ්ඨානයෝ සතර සම්‍යක් දෘෂ්ටියේ කෘත්‍යයන් යෙදුණාහු වෙත්. යම්සේ ලෝභය දුරුකරව් යනුවෙන් කී කල්හි එක්ව දුරුවීම් වශයෙන් දෝස ආදියේ ද ප්රහාණය අර්ථ වශයෙන් කියන ලද්දේම වෙයි. මෙසේ සමුදය සත්‍ය විෂයෙහි සම්‍යක් දෘෂ්ටි කෘත්‍ය, පහාණ අභිසමය කී කල්හි එය (සමුදය සත්‍ය) සමග ක්‍රියා කරන්නා වූ සම්මා සංකප්පාදී වූ සෙසු මාර්ගාංග වල ද සමුදය සත්‍ය විෂය කෘත්‍යය අර්ථ වශයෙන් කියන ලද්දේම වෙයි. මෙසේ ආර්ය මාර්ග ව්‍යාපාරය පරිපූර්ණ යයි මෙහි කියන ලද්දේ යයි දතයුතුය. මේ ක්‍රමයෙන් සතිපට්ඨානාදී වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ ව්‍යාපාරය (කටයුතු) පිළිබඳ මෙහි කියන ලද බව සුදුසු පරිදි විස්තර කළ යුතුය.
අපිචෙත්ථ ලොභං පජහථාති එතෙන පහානපරිඤ්ඤා වුත්තා. සා ච තීරණපරිඤ්ඤාධිට්ඨානා, තීරණපරිඤ්ඤා ච ඤාතපරිඤ්ඤාධිට්ඨානාති අවිනාභාවෙන තිස්සොපි පරිඤ්ඤා බොධිතා හොන්ති. එවමෙත්ථ සහ ඵලෙන චතුසච්චකම්මට්ඨානං පරිපුණ්ණං කත්වා පකාසිතන්ති දට්ඨබ්බං. අථ වා ලොභං පජහථාති සහ ඵලෙන ඤාණදස්සනවිසුද්ධි දෙසිතා. සා ච පටිපදාඤාණදස්සනවිසුද්ධිසන්නිස්සයා…පෙ… චිත්තවිසුද්ධිසීලවිසුද්ධිසන්නිස්සයා චාති නානන්තරිකභාවෙන සහ ඵලෙන සබ්බාපි සත්ත විසුද්ධියො විභාවිතාති වෙදිතබ්බං.
තවද මෙහි ‘ලොභං පජහථ’ යන මෙයින් පහාණ පරිඤ්ඤාව කියන ලදී. එය (පහාණ පරිඤ්ඤාව) ද තීරණ පරිඤ්ඤාවට ආසන්න කාරණයයි. තීරණ පරිඤ්ඤාව ඤාත පරිඤ්ඤාවට ආසන්න කාරණය යි. මෙසේ වෙන් නොවීම් වශයෙන් පරිඤ්ඤා තුනම අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මෙහි ඵලය සහිතව චතුසත්‍ය කර්මස්ථානය පරිපූර්ණ කොට ප්‍රකාශිත යයි දතයුතුය. නැතහොත් ‘ලොභං පජහථ’ යන මෙයින් ඵලය සහිත ඤාණදස්සන විසුද්ධිය දේශනා කරන ලදී. එය ද පටිපදා ඤාණ දස්සන විසුද්ධිය ආශ්රයෙන් ද -පෙ- චිත්ත විසුද්ධි, සීල විසුද්ධි ආශ්රයෙන් ද අතරක් නැති බැවින් ඵලය සහිත සප්ත විශුද්ධි සියල්ල ප්‍රකට කරන ලදැයි දතයුතුය.
එවමෙතාය විසුද්ධික්කමභාවනාය පරිඤ්ඤාත්තයසම්පාදනෙන ලොභං පජහිතුකාමෙන –
මෙසේ මේ විශුද්ධි ක්‍රම භාවනාවෙන් පරිඤ්ඤා තුන සම්පාදනයෙන් ලෝභය දුරුකරනු කැමති තැනැත්තා විසින්
“අනත්ථජනනො ලොභො, ලොභො චිත්තප්පකොපනො; භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
අනත්ථ ජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති
ලෝභය අනර්ථය උපදවන්නේය. ලෝභය සිත කලඹවන්නේය. ඇතුළත උපන්නා වූ ඒ බියට හේතුව අන්ධබාල ජනයා නොදනී.
“ලුද්ධො අත්ථං න ජානාති, ලුද්ධො ධම්මං න පස්සති; අන්ධතමං තදා හොති, යං ලොභො සහතෙ නරං”. (ඉතිවු· 88);
ලුද්ධො අත්ථං න ජානාති - ලුද්ධො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති - යං ලොභො සහනෙ නරං
ලෝභී තැනැත්තා අර්ථය නොදනී. ලෝභී තැනැත්තා ධර්මය නොදකී.ලෝභය යම් මිනිසකු මඬියි ද එකල්හි අන්ධභාවය ඇතිකරන අඳුර වේ.
රත්තො ඛො, ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං අවෙදයතං තණ්හානුගතානං පරිතස්සිතං විප්ඵන්දිතමෙව (අ· නි· 3.54).
රත්තො ඛො ආවුසො රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපෙන්ථපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, තදපි තෙසං භවතං සමණ බ්රාහ්මණානං ආජානතං අපස්සතං අවෙදයතං තණ්හානුගතානං පරිතසිතං විප්ඵන්දිතමෙව’
‘ඇවැත්නි, රාගයෙන් රත් වූ, රාගයෙන් මැඩගත්තා වූ රාගයෙන් ඇදගන්නා ලද සිත් ඇති තැනැත්තා සතුන් මරයි. නොදුන් දේ ගනියි. ගෘහසන්ධි ද සිඳියි. කොල්ලකෑම් කරයි. එක් ගෙයක් පැහැර ගැනීම ද කරයි. මංපැහැරීමද කරයි. පරඹුවන් කරා ද යයි. බොරු ද කියයි. එය ද නො දන්නා ලද නො දක්නා ලද නොවිඳිනා ලද තණ්හාවට අනුගත වූ තැති ගත් ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඟලීමකි.
“තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධාන සංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති”. (ඉතිවු· 15, 105);
තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති
තෘෂ්ණාව දෙවෙනි කොටගත් පුරුෂයා දිගුකලක් සැරිසරනුයේ මෙලොව පරලොව නමැති සංසාරය නොඉක්මවයි.
“නත්ථි රාගසමො අග්ගි, නත්ථි දොසසමො කලි”. (ධ· ප· 202, 251);
නත්ථි රාගසමො අග්ගි නත්ථි දොසසමො කලි
රාගය සමාන ගින්නක් නැත. ද්වේෂය සමාන අපරාධයක් නැත.
“කාමරාගෙන ඩය්හාමි, චිත්තං මෙ පරිඩය්හති”. (සං· නි· 1.212);
කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති (මම) කාමරාගයෙන් දැවෙමි. මගේ සිත හාත්පසින් දැවෙයි.
“යෙ රාගරත්තානුපතන්ති සොතං, සයංකතං මක්කටකොව ජාල”න්ති. (ධ· ප· 347) ච –
යෙ රාගරත්තානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව ජාලං
යමෙක් රාගයෙන් රත්වූවාහු ද ඔවුහු තමන් විසින් කළ තෘෂ්ණා සැඬපහරට වැටෙති. මකුළුවා කළ දැලට සතුන් වැටෙන්නාක් මෙනි.
එවමාදිසුත්තපදානුසාරෙන නානානයෙහි ලොභස්ස ආදීනවං පච්චවෙක්ඛිත්වා තස්ස පහානාය පටිපජ්ජිතබ්බං.
මේ ආදී සූත්‍ර පදානුසාරයෙන් නොයෙක් නොයෙක් ක්‍රමයෙන් ලෝභයේ ආදීනව (දොස්) නුවණින් සලකා බලා එය පහකිරීම පිණිස පිළිපැදිය යුතුය.
අපිච ඡ ධම්මා කාමරාගස්ස පහානාය සංවත්තන්ති, අසුභනිමිත්තස්ස උග්ගහො, අසුභභාවනානුයොගො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, කල්යාණමිත්තතා, සප්පායකථාති. දසවිධඤ්හි අසුභනිමිත්තං උග්ගණ්හන්තස්සාපි කාමරාගො පහීයති, කායගතාසතිභාවනාවසෙන සවිඤ්ඤාණකෙ උද්ධුමාතකාදිවසෙන අවිඤ්ඤාණකෙ අසුභෙ අසුභභාවනානුයොගමනුයුත්තස්සාපි, මනච්ඡට්ඨෙසු ඉන්ද්රියෙසු සංවරණවසෙන සතිකවාටෙන පිහිතද්වාරස්සාපි, චතුන්නං පඤ්චන්නං වා ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්වා යාපනසීලතාය භොජනෙ මත්තඤ්ඤුනොපි. තෙනෙවාහ –
තව ද ධර්ම හයක් කාමරාගය දුරුකිරීම පිණිස පවතී. ඒ අශුභ නිමිත්ත ඉගෙනීම, අශුභ භාවනාවෙහි යෙදීම, ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කථා යනුවෙනි. දසවිධ වූ අශුභ නිමිත්ත ඉගෙන ගන්නාගේ ද කාමරාගය දුරුවෙයි. කායගතා සති භාවනා වශයෙන් විඤ්ඤාණය සහිත අශුභයෙහි ද උද්ධුමාතක (ඉදිමුණු) ආදී වශයෙන් විඤ්ඤාණය නැති අශුභයෙහි ද අශුභ භාවනාවෙහි යෙදුනහුගේ ද මනස සයවැනි කොට ඇති ඉඳුරන්හි සංවර කිරීම් වශයෙන් සිහිය නමැති දොර පළුවෙන් වසන ලද දොරටුව ඇති තැනැත්තාගේ ද (බත්) පිඬු සතරකට හෝ පහකට හෝ ඉඩ ඇති කල්හි ජලය පානය කොට යැපෙන ස්වභාවය ඇති භෝජනයෙහි පමණ දන්නා තැනැත්තාහුගේ ද කාමරාගය දුරුවෙයි. එහෙයින් -
“චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”ති. (ථෙරගා· 983);
බත්පිඬු සතරක් පහක් නො වළඳා පැන් බොන්නේය. එය වීර්යය වඩන භික්ෂුවට පහසු විහරණය පිණිස සුදුසුය’යි කීහ.
අසුභකම්මට්ඨානභාවනාරතෙ කල්යාණමිත්තෙ සෙවන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු දසඅසුභනිස්සිතසප්පායකථායපි පහීයති. තෙනෙවාහ –
අශුභ කර්මස්ථාන භාවනාවෙහි ඇලුණු කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නාගේ ද සිටීම, හිඳීම ආදියෙහි දස අශුභය ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද (කාමරාගය) දුරුවෙයි. එහෙයින් -
“අත්ථි, භික්ඛවෙ, අසුභනිමිත්තං, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහානායා”ති.
‘මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් කිරීමක් වේද මෙය නූපන් කාමච්ඡන්දයේ නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දයේ දුරුකිරීම පිණිසත් වේ’ යනුවෙන් කීහ.
එවං පුබ්බභාගෙ කාමරාගසඞ්ඛාතස්ස ලොභස්ස පහානාය පටිපන්නො විපස්සනං උස්සුක්කාපෙත්වා තතියමග්ගෙන තං අනවසෙසතො සමුච්ඡින්දති. තෙන වුත්තං “ලොභං, භික්ඛවෙ, එකධම්මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතායා”ති.
මෙසේ පූර්ව භාගයෙහි කාමරාග සංඛ්‍යාත ලෝභයේ ප්රහාණය පිණිස පිළිපන් තැනැත්තා විදර්ශනාවට උනන්දු කරවා තෙවන මාර්ගයෙන්ම එය ඉතිරි නොකොට සහමුලින් සිඳ දමයි. එහෙයින් ‘ලොභං භික්ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය’ යනුවෙන් කියන ලදී.
එත්ථාහ “කො පනෙත්ථ ලොභො පහීයති, කිං අතීතො, අථ අනාගතො, උදාහු පච්චුප්පන්නො”ති? කිඤ්චෙත්ථ – න තාව අතීතො ලොභො පහීයෙය්ය, න අනාගතො වා තෙසං අභාවතො. න හි නිරුද්ධං අනුප්පන්නං වා අත්ථීති වුච්චති, වායාමො ච අඵලො ආපජ්ජති. අථ පච්චුප්පන්නො, එවම්පි අඵලො වායාමො තස්ස සරසභඞ්ගත්තා, සංකිලිට්ඨා ච මග්ගභාවනා ආපජ්ජති, චිත්තවිප්පයුත්තො වා ලොභො සියා, න චායං නයො ඉච්ඡිතොති. වුච්චතෙ – න වුත්තනයෙන අතීතානාගතපච්චුප්පන්නො ලොභො පහීයති. සෙය්යථාපි ඉධ තරුණරුක්ඛො අසඤ්ජාතඵලො, තං පුරිසො කුඨාරියා මූලෙ ඡින්දෙය්ය, තස්ස රුක්ඛස්ස ඡෙදෙ අසති යානි ඵලානි නිබ්බත්තෙය්යුං, තානි රුක්ඛස්ස ඡින්නත්තා අජාතානි එව න ජායෙය්යුං, එවමෙව අරියමග්ගාධිගමෙ අසති උප්පජ්ජනාරහො ලොභො අරියමග්ගාධිගමෙන පච්චයඝාතස්ස කතත්තා න උප්පජ්ජති. අයඤ්හි අට්ඨකථාසු “භූමිලද්ධුප්පන්නො”ති වුච්චති. විපස්සනාය හි ආරම්මණභූතා පඤ්චක්ඛන්ධා තස්ස උප්පජ්ජනට්ඨානතාය භූමි නාම. සා භූමි තෙන ලද්ධාති කත්වා භූමිලද්ධුප්පන්නො. ආරම්මණාධිග්ගහිතුප්පන්නො අවික්ඛම්භිතුප්පන්නො අසමූහතුප්පන්නොති ච අයමෙව වුච්චති.
මෙහිදී මේ ප්රශ්නය ඇසීය. මෙහි වනාහි කවර ලෝභයක් දුරු වෙයිද? අතීත ද? නැතහොත් අනාගත ද නැතහොත් වර්තමාන ද? මෙහිදී පිළිතුර කුමක්ද? ඒවා නැති බැවින් පළමුකොට අතීත ලෝභය හෝ අනාගත ලෝභය හෝ පහ නොවන්නේය. පහවූ හෝ නූපන් හෝ ලෝභයක් ඇතැයි නො කියනු ලැබේ, උත්සාහයද අඵල බවට පැමිණේ. ඉක්බිති වර්තමානය, ලෝභයේ ස්වභාවය බිඳී ඇති බැවින් මෙසේම උත්සාහය අඵල වෙයි. කිලිටි වූ මාර්ග භාවනාවට ද පැමිණේ. චිත්ත විප්පයුත්ත වූ ලෝභයක් ඇත්නම් මේ න්‍යාය කැමති නොවන ලද්දේයයි කියනු ලැබේ. කියන ලද අයුරින් අතීත-අනාගත-වර්තමාන ලෝභය දුරු නො වෙයි. මෙහි යම්සේ ගෙඩි හට නොගත් තරුණ ගසක් ඇත් ද පුරුෂයෙක් ඒ ගසේ මුල් කෙටේරියෙන් කපන්නේය. ඒ ගස කැපීමක් නැති කල්හි යම් (පමණ) ගෙඩි හටගන්නේ නම් ගස කපන ලද බැවින් ‘නූපන්නා වූ ගෙඩි නූපදින්නේය. එසේම ආර්යමාර්ග අවබෝධය නැතිකල්හි ඉපදීමට සුදුසු වූ ලෝභය, ආර්ය මාර්ග අවබෝධයෙන් ප්‍රත්‍ය නසන ලද බැවින් නූපදී. අට්ඨකථාවන්හි මෙය භූමියක් ලැබ උපන්නේ යයි කියනු ලැබේ. විදර්ශනාවට අරමුණු වූ පංචස්කන්ධය ඒ ලෝභය ඉපදීමට තැනක් වන බැවින් භූමි නම් වේ. ඒ භූමිය එයින් (ලෝභයෙන්) ලබන ලදැයි ගෙන භූමියක් ලැබ උපන්නේ යයි කියනු ලැබේ. අරමුණු අයත්කොට උපන්නේ ද විෂ්කම්භනය නොකිරීමෙන් උපන්නේ ද සහමුලින් විනාශ නොකිරීමෙන් උපන්නේ ද මෙයම යයි කියනු ලැබේ.
තත්ථාති තස්මිං සුත්තෙ. එතන්ති එතං අත්ථජාතං. ඉදානි ගාථාබන්ධවසෙන වුච්චමානං. ඉති වුච්චතීති කෙන පන වුච්චති? භගවතා ව. අඤ්ඤෙසු හි තාදිසෙසු ඨානෙසු සඞ්ගීතිකාරෙහි උපනිබන්ධගාථා හොන්ති, ඉධ පන භගවතා ව ගාථාරුචිකානං පුග්ගලානං අජ්ඣාසයවසෙන වුත්තමෙවත්ථං සඞ්ගහෙත්වා ගාථා භාසිතා.
තත්ථ යනු ඒ සූත්‍රයෙහි. එතං යනු දැන් ගාථා බන්ධන වශයෙන් කියන්නා වූ මේ උපන් අර්ථය යි. ඉතිවුච්චති යනු කවරකු විසින් කියනු ලැබේද? භාග්‍යවතුන් වහන්සේ විසින්මය. එබඳු අනික් තැන්වලදී සංගීතිකාරක රහතන් වහන්සේලා විසින් ද සම්බන්ධ කරන ලද ගාථා වෙයි. මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් ම ගාථාවන්ට කැමති පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලද්දා වූ ම අර්ථය සංග්‍රහ කොට ගාථා කියන ලදී.
තත්ථ යෙන ලොභෙන ලුද්ධාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතින්ති යෙන ආරම්මණග්ගහණලක්ඛණෙන තතො එව අභිසඞ්ගරසෙන ලොභෙන ලුද්ධා අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ගිද්ධා ගධිතා. සෙති හි නිපාතමත්තං. අක්ඛරචින්තකා පන ඊදිසෙසු ඨානෙසු සෙ-කාරාගමං ඉච්ඡන්ති. තථා ලුද්ධත්තා එව කායසුචරිතාදීසු කිඤ්චි සුචරිතං අකත්වා කායදුච්චරිතාදීනි ච උපචිනිත්වා රූපාදීසු සත්තවිසත්තතාය සත්තාති ලද්ධනාමා පාණිනො දුක්ඛස්ස නිබ්බත්තිට්ඨානතාය දුග්ගතීති සඞ්ඛං ගතං නිරයං තිරච්ඡානයොනිං පෙත්තිවිසයඤ්ච පටිසන්ධිග්ගහණවසෙන ගච්ඡන්ති උපපජ්ජන්ති.
එහි යෙන ලොභෙන ලුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං යනු යම් අරමුණු ගැනීම් ලක්ෂණයකින්, එයින්ම ඇලීම නම් රසයෙන් යුක්ත වූ ලෝභයෙන් ඇලුණා වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි ගිජු වූ ගැටගැසුණා වූ, ‘සෙ’ යනු නිපාත මාත්‍රයකි. අක්ෂර චින්තකයෝ (ව්‍යාකරණඥයෝ) වනාහි මෙබඳු තැන්හි ‘ස’ කාරයක් ආගම කිරීමට කැමති වෙති. එසේ ඇලුණු බැවින්ම කාය සුචරිතාදීන් අතරින් කිසියම් සුචරිතයක් නොකොට කාය දුශ්චරිතාදිය රැස්කොට රූපාදියෙහි ඇලුණු බැවින් සත්ත්වයෝ යනුවෙන් ලබන ලද නම් ඇති ප්‍රාණීහු දුකට ඉපදීමට ස්ථානයක් වන බැවින් දුග්ගති සංඛ්‍යාවට ගිය නිරයට ද තිරිසන් යෝනියට ද ප්‍රේත විෂයට ද ප්රතිසන්ධි ගැනීම් වශයෙන් යති එළඹෙති.
තං ලොභං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනොති තං යථාවුත්තං ලොභං සභාවතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතොති ඉමෙහි ආකාරෙහි සම්මා අවිපරීතං හෙතුනා ඤායෙන අඤ්ඤාය ඤාතතීරණපරිඤ්ඤාසඞ්ඛාතාය පඤ්ඤාය ජානිත්වා රූපාදිකෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චාදීහි විවිධෙහි ආකාරෙහි පස්සනතො විපස්සිනො අවසිට්ඨකිලෙසෙ විපස්සනාපඤ්ඤාපුබ්බඞ්ගමාය මග්ගපඤ්ඤාය සමුච්ඡෙදප්පහානවසෙන පජහන්ති, න පුන අත්තනො සන්තානෙ උප්පජ්ජිතුං දෙන්ති.
තං ලොභං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො යනු ඒ කියන ලද ආකාර ඇති ලෝභය ස්වභාව වශයෙන්, සමුදය (හටගැනීම්) වශයෙන්, විනාශයට යාම් වශයෙන්, ආශ්වාද වශයෙන්, ආදීනව වශයෙන්, නිස්සරණ (නිදහස් වීම්) වශයෙන් යන මේ ආකාරවලින් මනාකොට නොවෙනස් වූ හේතුවෙන් න්‍යායයෙන් දැන ඤාත - තීරණ පරිඤ්ඤා සංඛ්‍යාත වූ ප්‍රඥාවෙන් දැන රූපාදී පංච උපාදානස්කන්ධයන් අනිත්‍යාදී විවිධ ආකාරවලින් දැකීමෙන් විදර්ශනා කරන්නෝ ඉතිරි වූ කෙලෙස් විදර්ශනාව පෙරටුකොට ඇති මාර්ග ප්‍රඥාවෙන් සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් දුරුකරති. නැවත තමාගේ සිතෙහි ඉපදීමට නොදෙති.
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචනන්ති එවං සහජෙකට්ඨපහානෙකට්ඨෙහි අවසිට්ඨකිලෙසෙහි සද්ධිං තං ලොභං අනාගාමිමග්ගෙන පජහිත්වා පුන පච්ඡා ඉමං කාමධාතුසඞ්ඛාතං ලොකං පටිසන්ධිග්ගහණවසෙන කදාචිපි න ආගච්ඡන්ති ඔරම්භාගියානං සංයොජනානං සුප්පහීනත්තා. ඉති භගවා අනාගාමිඵලෙන දෙසනං නිට්ඨාපෙසි.
පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචනං යනු මෙසේ එකට ඉපදීම් වශයෙන් එක්ව සිටි, එකට දුරුකිරීම් වශයෙන් එක්ව සිටි ඉතිරි කෙලෙස් සමග ඒ ලෝභය අනාගාමි මාර්ගයෙන් දුරුකොට නැවත පසුව මේ කාමධාතු සංඛ්‍යාත ලෝකයට ප්රතිසන්ධි ගැනීම් වශයෙන් කිසිකලෙක නො පැමිණෙත්. ඔරම්භාගිය සංයෝජන මනාව ප්‍රහීණ බැවිනි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනාගාමි ඵලයෙන් දේශනාව නිම කළහ.
අයම්පි අත්ථොති නිදානාවසානතො පභුති යාව ගාථාපරියොසානා ඉමිනා සුත්තෙන පකාසිතො අත්ථො. අපි-සද්දො ඉදානි වක්ඛමානසුත්තත්ථසම්පිණ්ඩනො. සෙසං වුත්තනයමෙව.
අයම්පි අත්ථො යනු නිදානය අවසන් වූ තැන් පටන් ගාථා අවසානය තෙක් මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන ලද අර්ථය. ‘අපි’ ශබ්දය දැන් කියන්නා වූ සූත්‍ර අර්ථය සම්පිණ්ඩනය (එක්රැස්) කිරීමයි. සෙස්ස කියන ලද පරිදිමය.
ඉමස්මිං සුත්තෙ සමුදයසච්චං සරූපෙනෙව ආගතං, පහානාපදෙසෙන මග්ගසච්චං. ඉතරං සච්චද්වයඤ්ච තදුභයහෙතුතාය නිද්ධාරෙතබ්බං. ගාථාය පන දුක්ඛසමුදයමග්ගසච්චානි යථාරුතවසෙනෙව ඤායන්ති, ඉතරං නිද්ධාරෙතබ්බං. එසෙව නයො ඉතො පරෙසුපි සුත්තෙසු.
මේ සූත්‍රයෙහි සමුදය සත්‍යය ස්වරූප වශයෙන්ම ආයේය. ප්‍රහාණ ප්‍රදේශයෙන් මාර්ග සත්‍යය ආයේය. ඉතිරි සත්‍ය දෙක ද ඒ දෙකට හේතුවන බැවින් වෙන්කොට දැක්විය යුතුය. ගාථාවෙහි වනාහි දුක්ඛ - සමුදය - මාර්ග සත්‍යයෝ කියන ලද පරිද්දෙන්ම දන්වති. අනික (නිරෝධ සත්‍යය) වෙන්කොට දැක්විය යුතුය. මෙයින් පසු සූත්‍රයන්හි ද මේ ක්‍රමයමයි.
පරමත්ථදීපනියා ඛුද්දකනිකාය-අට්ඨකථාය ඉතිවුත්තකවණ්ණනාය පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පරමත්ථදීපනී ඛුද්දක නිකායට්ඨකථා ඉතිවුත්තක වර්ණනාවේ පළමු සූත්‍ර වර්ණනාවයි.