ලොභසුත්තං
1. 1. 1.
1. 1. 1.
ලොභසුත්තං
ලෝභ සූත්‍රය
වුත්තං හෙ’තං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
1. එක ධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? ලොභං භික්ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති.
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්මයක් පහ කරවු. (එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක් ද යත්: මහණෙනි, ලෝභ (කාමරාගය) නම් වූ එක ම සංක්ලේශ ධර්මය පහ කරවු.(එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යෙන ලොභෙන ලුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං, තං ලොභං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො, පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් ලෝභයෙකින් ඇලුනා වු සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මා විසින් අසන ලදි.