යෙදුමෙන් කියවන්න

දුතියදබ‍්බසුත‍්තං

8. 10.

8. 10.

දුතියදබ‍්බසුත‍්තං

දෙවන දබ්බ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච: “දබ‍්බස‍්ස භික‍්ඛවෙ මල‍්ලපුත‍්තස‍්ස වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අන‍්තළික‍්ඛෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා පරිනිබ‍්බුතස‍්ස සරීරස‍්ස ඣායමානස‍්ස ඩය‍්හමානස‍්ස නෙව ඡාරිකා පඤ‍්ඤායිත්‍ථ න මසි. සෙය්‍යථාපි නාම සප‍්පිස‍්ස වා තෙලස‍්ස වා ඣායමානස‍්ස ඩය‍්හමානස‍්ස නෙව ඡාරිකා පඤ‍්ඤායති න මසි. එවමෙව ඛො භික‍්ඛවෙ දබ‍්බස‍්ස මල‍්ලපුත‍්තස‍්ස වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අන‍්තළික‍්ඛෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා පරිනිබ‍්බුතස‍්ස සරීරස‍්ස ඣායමානස‍්ස නෙව ඡාරිකා පඤ‍්ඤායි න මසී”ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූනට අඬ ගා වදාළ සේක. ‘වහන්සැ’යි ඒ භික‍්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ, තෙදකිසුණු සමවත සමවැද, එයින් නැඟී පිරිනිවි මල්ලපුත්‍ර දබ්බයන්ගේ ගිනි ගෙන දැවෙන සිරුරේ අළු නො ම පැනිණ. දැලි හෝ නො ම පැනිණ. මහණෙනි, ගිනි ඇවිළැ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නොම පැනේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අහස් නැඟ, අහසෙහි පලඟින් හිඳ තෙදකිසුණු සමවත සමවැද එයින් නැඟී පිරිනිවි මල්ලපුත්‍ර දබ්බයන්ගේ ගිනි ඇවිළ ගෙන දැවෙන සිරුරැ අළු නො ම පැනිණ, දැලි හෝ නො ද පැනිණ” යනුයි.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“අයොඝනහතස‍්සෙව ජලතො ජාතවෙදසො, අනුපුබ‍්බූපසන‍්තස‍්ස යථා න ඤායතෙ ගති.

“යකුළෙන් පහළ කලැ නැඟි දිලියෙන පිළිවෙළින් නිවුණු ගින්න ගිය තැනෙක් යම්සේ නො පැනේ ද,

එවං සම‍්මා විමුත‍්තානං කාමබන්‍ධොඝතාරිනං, පඤ‍්ඤාපෙතුං ගති නත්‍ථි පත‍්තානං අචලං සුඛං”ති.

එසේම කාමප්‍රබන්‍ධය ද (හෙවත් කාමෝඝය ද) සෙසු ඕඝ ද තරණය කළ, නොසැලෙන නිවන් සුව පැමිණි රහතුන්ගේ (දෙව්මිනිස් ඈ ගති අතුරෙන් මෙ නම් ගතියකට පැමිණේ යැ යි) පනවන්නට ගතියෙක් නැත”

පාටලිගාමියවග‍්ගො අට‍්ඨමො.

අටවන පාටලිගාමිය වර්‍ගයයි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

නිබ‍්බානා චතුරො වුත‍්තා චුන්‍දො පාටලිගාමියො, ද‍්විධා පථො විසාඛා ච දබ‍්බෙහි ද‍්වීහි තෙ දසා’ති.

නිර්‍වාණ සූත්‍ර සතරෙක් ද චුන්‍ද පාටලිගාමිය ද්විධාපථ විශාඛා යන සූත්‍ර ද දබ්බ සූත්‍ර දෙක ද සහ සියලු ඒ දශ සූත්‍ර කෙනෙක් කියන ලදහ.

වග‍්ගමිදං පඨමං වර බොධි වග‍්ගමිදං දුතියං මුචලින්‍දො, නන්‍දකවග‍්ගවරො තතියො තු මෙඝීයවග‍්ගවරො ච චතුත්‍ථො.

මේ පළමු වන වර්‍ගය උතුම් වූ බෝධිවර්‍ගය ය. දෙවැන්න මුචලින්‍ද වර්‍ගය ය. තෙවැන්න වනාහි උතුම් නන්‍දක වර්‍ගය ය. සතරවැන්න උතුම් මේඝිය වර්‍ගය ය.

පඤ‍්චමවග‍්ගවරන‍්තිධ සොණො ඡට‍්ඨමවග‍්ගවරං ජච‍්චන්‍ධො, සත‍්තමවග‍්ගවරන‍්ති ච චූල‍්ලො පාටලිගාමවරට‍්ඨමවග‍්ගො.

මෙහි පස්වන උතුම් සෝණ වර්‍ගය ය. සවන උතුම් ජච්චන්‍ධ වර්‍ගය ය. සත්වැන්න උතුම් චුල්ල වර්‍ගය ය. අටවැන්න උතුම් පාටලිගාමිය වර්‍ගය ය. (මෙසේ වර්‍ග අටෙක.)

අසීති මනූනක සුත‍්තවරං වග‍්ගමිධට‍්ඨකං සුවිභත‍්තං, දස‍්සිත චක‍්ඛුමතා විමලෙන අද‍්ධා තමුදානමිතීදමාහූ.

නො අඩු වූ අසූවක් උතුම් සූත්‍ර ඇති උතුම් වර්‍ග අටෙක් මෙහි මොනොවට බෙදන ලද්දේ ය. ඒකාන්තයෙන් ඒ මෙය උදාන නමැ යි කීහු.

උදානපාළි සමත‍්තා.

උදානපාළිය නිමි.