7. ද්විධාපථසුත්තවණ්ණනා අට්ඨකථා
7. ද්විධාපථසුත්තවණ්ණනා
7. ද්විධාපථ සූත්‍ර වර්ණනාව
සත්තමෙ අද්ධානමග්ගපටිපන්නොති අද්ධානසඞ්ඛාතං දීඝමග්ගං පටිපන්නො ගච්ඡන්තො හොති. නාගසමාලෙනාති එවංනාමකෙන ථෙරෙන. පච්ඡාසමණෙනාති අයං තදා භගවතො උපට්ඨාකො අහොසි. තෙන නං පච්ඡාසමණං කත්වා මග්ගං පටිපජ්ජි. භගවතො හි පඨමබොධියං වීසතිවස්සානි අනිබද්ධා උපට්ඨාකා අහෙසුං, තතො පරං යාව පරිනිබ්බානා පඤ්චවීසතිවස්සානි ආයස්මා ආනන්දො ඡායාව උපට්ඨාසි. අයං පන අනිබද්ධුපට්ඨාකකාලො. තෙන වුත්තං – “ආයස්මතා නාගසමාලෙන පච්ඡාසමණෙනා”ති. ද්විධාපථන්ති ද්විධාභූතං මග්ගං. “ද්වෙධාපථ”න්තිපි පඨන්ති ආයස්මා නාගසමාලො අත්තනා පුබ්බෙ තත්ථ කතපරිචයත්තා උජුභාවඤ්චස්ස සන්ධාය වදති “අයං, භන්තෙ භගවා, පන්ථො”ති.
සත්වැන්නෙහි, අද්ධාන මග්ග පටිපන්නො යන අද්ධාන සංඛ්‍යාත දීර්ඝ මාර්ගයට පිළිපන්නේ, යන්නේ වේ. නාග සමාලෙන එනම් තෙරහු, පච්ඡා සමණෙන මොහු එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූයේය. එහෙයින් ඔහු පසු මහණ කොට මාර්ගයට පිළිපන් සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රථම බෝධියෙහි විසි වර්ෂයක් අනිබද්ධ (නොබැඳුනා වූ) උපස්ථායකයෝ වූහ. ඉන් මත්තෙහි පරිනිර්වාණය තෙක් පස් විසි වසක් ආයුෂ්මත් ආනන්ද තෙරහු ඡායාවක් මෙන් සිට උපස්ථාන කළේය. මේ වනාහි අනිබද්ධ උපස්ථායක කාලයයි. එහෙයින් ආයස්මතා නාගසමාලෙන පච්ඡා සමණෙන යි යූ.සේයි. ද්වෙධාපථං යනු දෙකක් වූ මාර්ගය. දෙයාකාර මාර්ගයයි. ද්විධා පථංයිද කියවත්. (දෙමංසන්ධිය) ආයුෂ්මත් නාගසමාල තමා විසින් පෙර එහි කළ පුරුදු හෙයින් ඔහුගේ සෘජුභාවය සඳහා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙය මාර්ගයැ”යි කියයි.
භගවා පන තදා තස්ස සපරිස්සයභාවං ඤත්වා තතො අඤ්ඤං මග්ගං ගන්තුකාමො “අයං, නාගසමාල, පන්ථො”ති ආහ. “සපරිස්සයො”ති ච වුත්තෙ අසද්දහිත්වා “භගවා න තත්ථ පරිස්සයො”ති වදෙය්ය, තදස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති “සපරිස්සයො”ති න කථෙසි. තික්ඛත්තුං “අයං පන්ථො, ඉමිනා ගච්ඡාමා”ති වත්වා චතුත්ථවාරෙ “න භගවා ඉමිනා මග්ගෙන ගන්තුං ඉච්ඡති, අයමෙව ච උජුමග්ගො, හන්දාහං භගවතො පත්තචීවරං දත්වා ඉමිනා මග්ගෙන ගමිස්සාමී”ති චින්තෙත්වා සත්ථු පත්තචීවරං දාතුං අසක්කොන්තො භූමියං ඨපෙත්වා පච්චුපට්ඨිතෙන දුක්ඛසංවත්තනිකෙන කම්මුනා චොදියමානො භගවතො වචනං අනාදියිත්වාව පක්කාමි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා නාගසමාලො භගවතො පත්තචීවරං තත්ථෙව ඡමායං නික්ඛිපිත්වා පක්කාමී”ති. තත්ථ භගවතො පත්තචීවරන්ති අත්තනො හත්ථගතං භගවතො පත්තචීවරං. තත්ථෙවාති තස්මිංයෙව මග්ගෙ ඡමායං පථවියං නික්ඛිපිත්වා පක්කාමි. ඉදං වො භගවා පත්තචීවරං, සචෙ ඉච්ඡථ, ගණ්හථ, යදි අත්තනා ඉච්ඡිතමග්ගංයෙව ගන්තුකාමත්ථාති අධිප්පායො. භගවාපි අත්තනො පත්තචීවරං සයමෙව ගහෙත්වා යථාධිප්පෙතං මග්ගං පටිපජ්ජි.
භාග්‍යවතුන් වහන්සේ වනාහි එකල ඔහුගේ උවදුරු සහිත බව දැන, ඉන් වෙනත් මගෙකින් වඩිනු කැමැතියේ, “නාගසමාලය, මෙය මාර්ගයැ”යි වදාළේය. උවදුරු සහිතයැයි කී කල්හි එය නො අදහා, භාග්‍යවතුන් වහන්ස, එහි උවදුරක් නැතැයි කියන්නේය. එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වේයයි සලකා උවදුරු සහිත යැයි නො වදාළේය. තෙවරක් මෙය මාර්ගයයි. මෙමගින් යමුයි කියා, සිව්වන වර භාග්‍යවතුන් වහන්සේ මෙමගින් වඩින්ට නොකැමැති වේ. මෙයම සෘජු මාර්ගයයි. එබැවින් මම භාග්‍යවතුන් වහන්සේට පාසිවුරු දී මෙමගින් යන්නෙමියි සිතා ශාස්තෲන් වහන්සේට පාසිවුරු දෙන්ට නොහැකි වනුයේ බිම තබා එළැඹ සිටි, දුකට හේතුවන කර්මයෙන් චෝදිත වූයේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළි නොගෙනම නික්ම ගියේය. එහෙයින් අථ ඛො ආයස්මා නාගසමාලො භගවතො පත්තචීවරං තත්ථෙව ඡමායං නික්ඛිපිත්වා පක්කාමි යූ.සේයි. එහි භගවතො පත්තචීවරං යනු තම හස්තප්‍රාප්ත භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය හා සිවුර, තත්ථෙව යනු එම මාර්ගයහිම ඡමාය පෘථුවියෙ බහා තැබීය. භාග්‍යවතුන් වහන්ස, මේ ඔබගේ පාත්‍රය හා සිවුරයි. ඉදින් කැමැති නම් ගනු මැනව. ඉදින් තමා කැමැති මාර්ගයෙහිම යනු කැමැතියහුදැයි එසේනම් එහි යනු මැනැවැයි අදහසයි. භාග්‍යවතුන් වහන්සේද තම පාසිවුරු තමන් වහන්සේම ගෙන අදහස් කළ මාර්ගයට පිළිපැද්දේය.
අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වාති තදා කිර පඤ්චසතා පුරිසා ලුද්දා ලොහිතපාණිනො රාජාපරාධිනො හුත්වා අරඤ්ඤං පවිසිත්වා චොරිකාය ජීවිකං කප්පෙන්තා “පාරිපන්ථිකභාවෙන රඤ්ඤො ආයපථං පච්ඡින්දිස්සාමා”ති මග්ගසමීපෙ අරඤ්ඤෙ තිට්ඨන්ති. තෙ ථෙරං තෙන මග්ගෙන ගච්ඡන්තං දිස්වා “අයං සමණො ඉමිනා මග්ගෙන ආගච්ඡති, අවළඤ්ජිතබ්බං මග්ගං වළඤ්ජෙති, අම්හාකං අත්ථිභාවං න ජානාති, හන්ද නං ජානාපෙස්සාමා”ති කුජ්ඣිත්වා ගහනට්ඨානතො වෙගෙන නික්ඛමිත්වා සහසා ථෙරං භූමියං පාතෙත්වා හත්ථපාදෙහි කොට්ටෙත්වා මත්තිකාපත්තඤ්චස්ස භින්දිත්වා චීවරං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා පබ්බජිතත්තා “තං න හනාම, ඉතො පට්ඨාය ඉමස්ස මග්ගස්ස පරිස්සයභාවං ජානාහී”ති විස්සජ්ජෙසුං. තෙන වුත්තං – “අථ ඛො ආයස්මතො…පෙ… විප්ඵාලෙසු”න්ති.
අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා යනු එකල්හි, ලේ තැවරුණු අත් ඇති පන්සියයක් මිනිස්සු රාජපරාධීන්ව, වනයට පිවිස සොරකමින් ජීවිකාව කරනුයේ උවදුරු පමුණුවන භාවයෙන් රජුගේ අණසක සිඳින්නෙමුයි මාර්ග අසල අරණ්‍යයෙහි සිටිති. ඔව්හු තෙරුන් එම මගින් යන්නහු දැක, මෙම ශ්‍රමණයා මෙම මාර්ගයෙන් එයි. පාවිච්චි නොකළ යුතු මාර්ගයක් පාවිච්චි කරයි. අපගේ අස්ථිත්වය නොදනී. එබැවින් ඔහුට දන්වන්නෙමුයි කිපී වැසුන තැනින් වේගයෙන් නික්මී වේගයෙන් තෙරුන් බිම හෙලා, අත්පාවලින් කොටා, ඔහුගේ මැටි පාත්‍රයද බිඳ, සිවුර කැබලි කැබලිවලට ඉරා දමා පැවිදි වූවෙකු හෙයින් නුඹ නොමරමු. මෙතැන් පටන් මෙම මාර්ගයෙහි උවදුරු බව දැනගනුවයි තර්ජනය කළහ. එහෙයින් අථ ඛො ආයස්මතො -පෙ- විහෙඨෙසුං යි යූ.සේයි.
භගවාපි “අයං තෙන මග්ගෙන ගතො චොරෙහි බාධිතො මං පරියෙසිත්වා ඉදානෙව ආගමිස්සතී”ති ඤත්වා ථොකං ගන්ත්වා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. ආයස්මාපි ඛො නාගසමාලො පච්චාගන්ත්වා සත්ථාරා ගතමග්ගමෙව ගහෙත්වා ගච්ඡන්තො තස්මිං රුක්ඛමූලෙ භගවන්තං පස්සිත්වා උපසඞ්කමිත්වා වන්දිත්වා තං පවත්තිං සබ්බං ආරොචෙසි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා නාගසමාලො…පෙ… සඞ්ඝාටිඤ්ච විප්ඵාලෙසු”න්ති.
භාග්‍යවතුන් වහන්සේද මෙතෙම එම මාර්ගයෙන් ගියේ සොරුන් විසින් පීඩාවට පත් කරන ලදුයේ මා සොයා දැන් මම පැමිණෙන්නේ යයි දැන මඳක් ගොස් මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක් මුලෙක්හි වැඩහුන් සේක. ආයුෂ්මත් නාගසමාල තෙමේද, ආපසු හැරී අවුත් ශාස්තෲන් වහන්සේ විසින් ගිය මාර්ගයම ගෙන යනුයේ එම රුක්මුලෙහි භාග්‍යවතුන් වහන්සේ දැක එළැඹ වැද එපවත් ශාස්තෲන් වහන්සේට සැළ කළේය. එහෙයින් අථඛො ආයස්මා නාගසමාලො -පෙ- විප්ඵාලෙසුං යි යූ.සේයි.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො නාගසමාලස්ස අත්තනො වචනං අනාදියිත්වා අඛෙමන්තමග්ගගමනං, අත්තනො ච ඛෙමන්තමග්ගගමනං විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් නාගසමාලගේ තම වචනය ගණන් නොගෙන කෙළවර ක්ෂේම නුවූ මාර්ග ගමනද තමාගේ කෙළවර වූ මාර්ග ගමනද දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ සද්ධිං චරන්ති සහ චරන්තො. එකතො වසන්ති ඉදං තස්සෙව වෙවචනං, සහ වසන්තොති අත්ථො . මිස්සො අඤ්ඤජනෙන වෙදගූති වෙදිතබ්බට්ඨෙන වෙදසඞ්ඛාතෙන චතුසච්චඅරියමග්ගඤාණෙන ගතත්තා අධිගතත්තා, වෙදස්ස වා සකලස්ස ඤෙය්යස්ස පාරං ගතත්තා වෙදගූ. අත්තනො හිතාහිතං න ජානාතීති අඤ්ඤො, අවිද්වා බාලොති අත්ථො. තෙන අඤ්ඤෙන ජනෙන මිස්සො සහචරණමත්තෙන මිස්සො. විද්වා පජහාති පාපකන්ති තෙන වෙදගූභාවෙන විද්වා ජානන්තො පාපකං අභද්දකං අත්තනො දුක්ඛාවහං පජහාති, පාපකං වා අකල්යාණපුග්ගලං පජහාති. යථා කිං? කොඤ්චො ඛීරපකොව නින්නගන්ති යථා කොඤ්චසකුණො උදකමිස්සිතෙ ඛීරෙ උපනීතෙ විනා තොයං ඛීරමත්තස්සෙව පිවනතො ඛීරපකො නින්නට්ඨානගමනෙන නින්නගසඞ්ඛාතං උදකං පජහාති වජ්ජෙති, එවං පණ්ඩිතො කිර දුප්පඤ්ඤපුග්ගලෙහි ඨානනිසජ්ජාදීසු සහභූතොපි ආචාරෙන තෙ පජහාති, න කදාචිපි සම්මිස්සො හොති.
එහි සද්ධිං චරං යනු සමග සරනුයේ, එකතො වසං යනු මෙය එයටම පර්යාය වචනයකි. සමග වාසය කරනුයේයි අර්ථයි. මිස්සො අඤ්ඤ ජනෙන වෙදගූ යන දතයුතු අර්ථයෙන් වේද සංඛ්‍යාත සිව් අරිසස් මග නැණින් ගිය හෙයින්, අවබෝධ කළ හෙයින්, වේදයෙහි හෝ සියලු දතයුතු දෑහි කෙළවරට ගිය හෙයින් වෙදගූයි. තම යහපත නොදනීනුයි අඤ්ඤොයි. අතිපණ්ඩිත අඥානයා යයි අර්ථයි. එම අනුවණ ජනයා සමග මිස්සො හැසිරීම් මාත්‍රය සමග මිශ්‍ර වූයේ විද්වා පජහාති පාපකං යනු එම වේදගූ භාවයෙන් විද්වතා පාපය දනුයේ, යහපත් නුවූ තමාගේ දුක් එළවන දෑ දුරුකරයි. පාපී නොකළණ පුද්ගලයා දුරුකරයි. දෙසූ පරිදි. කොඤ්චො ඛීර පකොව නින්නගං යනු යම්සේ කොස්වාලිහිණි පක්ෂියා දිය මිශ්‍රිත කිරි එලවූ කල්හි දිය අත්හැර කිරි පමණක්ම පානය කරන හෙයින්, කිරි පානය කරනුයේ පහත් තන්හි ගමන් කිරීමෙන් නිම්න සංඛ්‍යාත දිය දුරුකරයි. අත්හරී. මෙසේ නුවණැතියේ වනාහි දුෂ්ප්‍රාඥ පුද්ගලයින් සමග සිටීම් නිසද්යාදීන්හි සමග වූයේද ආදරයෙන් ඔව්හු දුරුකරයි. කිසිකලෙකත් සම්මිශ්‍රණ නොවේ.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
8. විසාඛාසුත්තවණ්ණනා
8. විශාඛා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ විසාඛාය මිගාරමාතුයා නත්තා කාලඞ්කතා හොතීති විසාඛාය මහාඋපාසිකාය පුත්තස්ස ධීතා කුමාරිකා කාලඞ්කතා හොති. සා කිර වත්තසම්පන්නා සාසනෙ අභිප්පසන්නා මහාඋපාසිකාය ගෙහං පවිට්ඨානං භික්ඛූනං භික්ඛුනීනඤ්ච අත්තනා කාතබ්බවෙය්යාවච්චං පුරෙභත්තං පච්ඡාභත්තඤ්ච අප්පමත්තා අකාසි, අත්තනො පිතාමහියා චිත්තානුකූලං පටිපජ්ජි. තෙන විසාඛා ගෙහතො බහි ගච්ඡන්තී සබ්බං තස්සායෙව භාරං කත්වා ගච්ඡති, රූපෙන ච දස්සනීයා පාසාදිකා, ඉති සා තස්සා විසෙසතො පියා මනාපා අහොසි. සා රොගාභිභූතා කාලමකාසි. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා නත්තා කාලඞ්කතා හොති පියා මනාපා”ති. අථ මහාඋපාසිකා තස්සා මරණෙන සොකං සන්ධාරෙතුං අසක්කොන්තී දුක්ඛී දුම්මනා සරීරනික්ඛෙපං කාරෙත්වා “අපි නාම සත්ථු සන්තිකං ගතකාලෙ චිත්තස්සාදං ලභෙය්ය”න්ති භගවන්තං උපසඞ්කමි. තෙන වුත්තං – “අථ ඛො විසාඛා මිගාරමාතා”තිආදි. තත්ථ දිවා දිවස්සාති දිවසස්සාපි දිවා, මජ්ඣන්හිකෙ කාලෙති අත්ථො.
අටවැන්නෙහි විසාඛාය මිගාර මාතුයා නත්තා කාලං කතා හොති යනු විසාඛා මහ උපාසිකාවගේ, පුතුගේ දූ කුමරිය කළුරිය කරන ලද්දේ වේ. ඕ වත් සම්පන්නව සස්නෙහි මනාව පැහැදුනේ, මහ උපාසිකාවගේ ගෙට පිවිසි භික්ෂූන්ටද භික්ෂුණීන්ටද තමා විසින් කළයුතු වතාවත් හා පෙරබත් හා පසුබත්ද අප්‍රමාදව කළාය. තම මිත්තණියගේ අදහස්වලට අනුකූලව පිළිපැද්දාය. එහෙයින් විසාඛාව ගෙයින් පිටත නික්මෙනුයේ සියල්ල ඇයටම භාරකොට යයි. රුවින්ද, දර්ශනීය ප්රසාදවහ හෙයින් ඕ ඇයට විශේෂයෙන් ප්‍රියමනාව වූයේය. ඕ රෝගයෙන් මැඩුනී කළුරිය කළාය. එහෙයින් තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා නත්තා කාලකතා නෙ හොති පියා මනාපායි යූ.සේයි. ඉක්බිති මහ උපාසිකාව ඇයගේ මරණයෙන් සෝකය දරන්ට නොහැකි වූයේ, දුක් වූයේ නොමනා සිත් ඇත්තී සිරුර බහා තැබීම (භූමදානය) කරවා ශාස්තෲන් වහන්සේ සමීපයට ගියකල්හි චිත්තාශ්වාදයක් ලබන්නේ ඉතා යෙහෙකැයි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එහෙයින් අථඛො විසාඛා මිගාර මාතා ආදිය යූ.සේයි. දිවා දිවස්ස යනු දවසෙහි දවල්, මධ්‍යාහ්න කාලයෙහි,
භගවා විසාඛාය වට්ටාභිරතිං ජානන්තො උපායෙන සොකතනුකරණත්ථං “ඉච්ඡෙය්යාසි ත්වං විසාඛෙ”තිආදිමාහ. තත්ථ යාවතිකාති යත්තකා. තදා කිර සත්ත ජනකොටියො සාවත්ථියං පටිවසන්ති . තං සන්ධාය භගවා “කීවබහුකා පන විසාඛෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්තී”ති පුච්ඡි. විසාඛා “දසපි, භන්තෙ”තිආදිමාහ. තත්ථ තීණීති තයො. අයමෙව වා පාඨො. අවිවිත්තාති අසුඤ්ඤා.
භාග්‍යවතුන් වහන්සේ විසාඛාවගේ සසර වෘතයෙහි ඇල්ම දන්නේ උපායෙන් සෝකය තුනී කිරීම සඳහා, “විසාඛ නුඹ කැමැති වන්නෙහිදැ”යි ආදිය වදාළහ. එහි යාවතිකා යම් පමණ, එකල්හි වනාහි සත්කෝටියක් ජනයා සැවැත්නුවර වාසය කෙරෙත්. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ, විසාඛාව සැවැත්නුවර කොපමණ බහුතර ජනතාවක්, දෙවසිකං දිනපතා කළුරිය කෙරෙත්දැයි විචාල සේක. විසාඛාව ස්වාමීනි, දස දෙනෙක් යනාදිය කීය. එහි තීණි යනු තුනයි. මෙයම හෝ පාඨයි. අවිවිත්තා යනු නොසිස්,
අථ භගවා අත්තනො අධිප්පායං පකාසෙන්තො “අපි නු ත්වං කදාචි කරහචි අනල්ලවත්ථා වා භවෙය්‍යාසි අනල්ලකෙසා වා”ති ආහ. නනු එවං සන්තෙ තයා සබ්බකාලං සොකාභිභූතාය මතානං පුත්තාදීනං අමඞ්ගලූපචාරවසෙන උදකොරොහණෙන අල්ලවත්ථාය අල්ලකෙසාය එව භවිතබ්බන්ති දස්සෙති. තං සුත්වා උපාසිකා සංවෙගජාතා “නො හෙතං, භන්තෙ”ති පටික්ඛිපිත්වා පියවත්ථුං විප්පටිසාරතො අත්තනො චිත්තස්ස නිවත්තභාවං සත්ථු ආරොචෙන්තී “අලං මෙ, භන්තෙ, තාවබහුකෙහි පුත්තෙහි ච නත්තාරෙහි චා”ති ආහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තම අදහස් ප්‍රකාශ කරනුයේ එසේනම් නුඹ කිසිකලෙකත්, කිසි විටෙකත්, නොතෙත් වස්ත්‍ර හෝ නොතෙත් කෙස් ඇතිවනු හැක්කහු වන්නෙහිදැයි විචාල සේක. මෙසේ ඇතිකල්හි ඇයගේ සියලු කාලය, සෝකයෙන් මැඩුනේ මළ පුත්රාදීන්ගේ අවමංගල සමීප ක්‍රියා වශයෙන් දියෙහි බැසීමෙන්, තෙත් වස්ත්‍රයෙන්, තෙත් කේශයෙන්ම විය යුතුයයි දක්වයි. උපාසිකාව එය අසා සංවේග හටගත්තී, ස්වාමීනි, එය එසේ නොවේයයි ප්‍රතික්ෂේප කොට, ප්‍රිය වස්තු විපිලිසරින් තම සිත හැරුණු බව ශාස්තෲන් වහන්සේට සැළ කරනුයේ, “ස්වාමීනි, එපමණ බොහෝ දූ පුතුන් හා මුනුබුරු මිනිබිරියන්ගෙන් මට කම් නැතැ”යි කීවාය.
අථස්සා භගවා “දුක්ඛං නාමෙතං පියවත්ථුනිමිත්තං, යත්තකානි පියවත්ථූනි, තත්තකානි දුක්ඛානි. තස්මා සුඛකාමෙන දුක්ඛප්පටිකූලෙන සබ්බසො පියවත්ථුතො චිත්තං විවෙචෙතබ්බ”න්ති ධම්මං දෙසෙන්තො “යෙසං ඛො විසාඛෙ සතං පියානි, සතං තෙසං දුක්ඛානී”තිආදිමාහ. තත්ථ සතං පියානීති සතං පියායිතබ්බවත්ථූනි. “සතං පිය”න්තිපි කෙචි පඨන්ති. එත්ථ ච යස්මා එකතො පට්ඨාය යාව දස, තාව සඞ්ඛ්‍යා සඞ්ඛ්යෙය්යප්පධානා, තස්මා “යෙසං දස පියානි, දස තෙසං දුක්ඛානී”තිආදිනා පාළි ආගතා. කෙචි පන “යෙසං දස පියානං, දස නෙසං දුක්ඛාන”න්තිආදිනා පඨන්ති, තං න සුන්දරං. යස්මා පන වීසතිතො පට්ඨාය යාව සතං, තාව සඞ්ඛ්‍යා සඞ්ඛ්යෙය්යප්පධානාව, තස්මා තත්ථාපි සඞ්ඛ්යෙය්යප්පධානතංයෙව ගහෙත්වා “යෙසං ඛො විසාඛෙ සතං පියානි, සතං තෙසං දුක්ඛානී”තිආදිනා පාළි ආගතා. සබ්බෙසම්පි ච “යෙසං එකං පියං, එකං තෙසං දුක්ඛ”න්ති පාඨො, න පන දුක්ඛස්සාති. එතස්මිඤ්හි පක්ඛෙ එකරසා එකජ්ඣාසයා ච භගවතො දෙසනා හොති. තස්මා යථාවුත්තනයාව පාළි වෙදිතබ්බා.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇයට, “එම දුක නම් ප්‍රිය වස්තු හේතුවෙනි. ප්‍රිය වස්තු යම්පමණද, දුක්ඛයන්ද එපමණය. එහෙයින් සුව කැමැති, දුක් පිළිකුල් කරන්නහු විසින්, සර්වප්රකාරයෙන් ප්‍රිය වස්තුවෙන් සිත වෙන් කළ යුතුයැ”යි ධර්මය දේශනා කරනුයේ, යෙසං ඛො විසාඛෙ සතං පියානි සතං තෙසං දුක්ඛානියි ආදිය වදාළහ. එහි සතං පියානි ප්‍රිය කළයුතු වස්තු සියයකි. සතං පියන්තියි සමහරු කියවති. මෙහිද එකෙහි පටන් දහය දක්වා සංඛ්‍යාව ගණන් කිරීම ප්‍රධානව පවතියි. එහෙයින් යම් කෙනෙකුට ප්‍රිය වස්තු දහයක් වේද, ඔහුට දුක් දහයකි. ආදී වශයෙන් පාලියෙහි ආයේය. සමහරු වනාහි යෙසං දස පියානං දසතෙසං දුක්ඛානං ආදී ක්‍රමයෙන්ද කියවති. එය යහපත් නොවේ. විස්සෙහි පටන් සියය දක්වා සංඛ්‍යාව ගණන් කිරීම ප්රධානවය. එහිද ගණන් කිරීමෙහි ප්රධානත්වයම ගෙන යෙසං ඛො විසාඛෙ සතං පියානි සතං තෙසං දුක්ඛානි විසාඛාවෙනි, යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තු සියයක් වේද, ඔහුට දුක් සියයකි ආදි ක්‍රමයෙන් පාලියෙහි ආයේය. හැමතන්හි යෙසං එකං පියං එකං තෙසං දුක්ඛංයි පාඨයි. දුකට නොවේ. එම පක්ෂයෙහි එක රසත්වය හා එක් අදහස් භාවය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වේ. කියන ලද ක්‍රමයෙන්ම පාලිය දතයුතුය.
එතමත්ථං විදිත්වා සොකපරිදෙවාදිකං චෙතසිකං කායිකඤ්ච දුක්ඛං පියවත්ථුනිමිත්තං පියවත්ථුම්හි සති හොති, අසති න හොතීති එතමත්ථං සබ්බාකාරතො ජානිත්වා තදත්ථපරිදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු සෝක, පරිදේව ආදී චෛතසික කායික දුක, ප්‍රිය වස්තු නිමිතිකොට ප්‍රිය වස්තු ඇති කල්හි වේ. නොමැති කල්හි නොවේයයි එම කරුණ සර්වප්රකාරයෙන් දැන, එකරුණ මනාව දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තස්සත්ථො – ඤාතිභොගරොගසීලදිට්ඨිබ්යසනෙහි ඵුට්ඨස්ස අන්තො නිජ්ඣායන්තස්ස බාලස්ස චිත්තසන්තාපලක්ඛණා යෙ කෙචි මුදුමජ්ඣාදිභෙදෙන යාදිසා තාදිසා සොකා වා තෙහියෙව ඵුට්ඨස්ස සොකුද්දෙහකසමුට්ඨාපිතවචීවිප්පලාපලක්ඛණා පරිදෙවිතා වා අනිට්ඨඵොට්ඨබ්බපටිහතකායස්ස කායපීළනලක්ඛණා දුක්ඛා වා තථා අවුත්තත්ථස්ස විකප්පනත්ථෙන වාසද්දෙන ගහිතා දොමනස්සූපායාසාදයො වා නිස්සයභෙදෙන ච අනෙකරූපා නානාවිධා ඉමස්මිං සත්තලොකෙ දිස්සන්ති උපලබ්භන්ති, සබ්බෙපි එතෙ පියං පියජාතිකං සත්තං සඞ්ඛාරඤ්ච පටිච්ච නිස්සාය ආගම්ම පච්චයං කත්වා පභවන්ති නිබ්බත්තන්ති. තස්මිං පන යථාවුත්තෙ පියවත්ථුම්හි පියෙ අසන්තෙ පියභාවකරෙ ඡන්දරාගෙ පහීනෙ න කදාචිපි එතෙ භවන්ති. වුත්තඤ්හෙතං – “පියතො ජායතී සොකො…පෙ… පෙමතො ජායතී සොකො”ති ච ආදි (ධ· ප· 212-213). තථා “පියප්පභූතා කලහා විවාදා, පරිදෙවසොකා සහමච්ඡරෙහී”ති ච ආදි (සු· නි· 869). එත්ථ ච “පරිදෙවිතා වා දුක්ඛා වා”ති ලිඞ්ගවිපල්ලාසෙන වුත්තං, “පරිදෙවිතානි වා දුක්ඛානි වා”ති වත්තබ්බෙ විභත්තිලොපො වා කතොති වෙදිතබ්බො.
එහි අර්ථය - යමෙක් ඤාති, භෝග, රෝග, සීල දෘෂ්ටි ව්‍යසනයන්ගෙන් පීඩිතව ඇතුලත දැවෙන බාලයාගේ සිත තැවීම් ලක්‍ෂණකොට කිසියම් මෘදු මධ්යමාදී භේදයෙන් කවරාකාර හෝ සොකාවා සෝක හෝ ඒවායින්ම පෙලුනහුට කය වියලවීමට හේතු හටගන්වන, කෙචි විලාප නගන ලක්ෂණ, පරිදෙවිතා යනු අනිටු ස්පර්ශ හැපුණු ශරීරයෙහි පීඩා කිරීම් ලක්ෂණ, දුක්ඛාවා එසේ නොකියන අර්ථයෙහි විකල්පාර්ථයෙන්, වා ශබ්දයෙන් ගත් හෙයින්, දොම්නස් උපායාසාදීන්ද නිශ්‍රය භේදයෙන්ද ගන්නා ලදි. අනෙකරූපා මෙම සත්වලෝකයෙහි නන්වැදෑරුම්, සෝකාදීහු පෙනෙත්. ලැබෙත්. එම සියල්ලම පියං සත්ත්ව සංස්කාර ප්‍රිය ස්වභාව වේ. පටිච්ච නිසා පැමිණ, ප්‍රත්‍යය කොට, පභවන්ති හටගනිත්. එම කියන ලද ආකාර ඇති ප්‍රිය වස්තුවෙහි, පියෙ අසන්තෙ යනු ප්‍රිය බව ඇතිකරන ඡන්ද රාගයන් ප්‍රහීණ කළ කල්හි, කිසිකලෙකත් එතෙ ඒවා හට නොගනිත් යූ.සේයි. පියතො ජායති සොකො -පෙ- පෙමතො ජායතී සොකො ආදිය එසේම පියා පභුතා කලහා විවාදා පරිදෙව සොකා සහ චජ්ජරෙ යන ආදියෙන්ද දැක්වේ. මෙහිද පරිදෙවිතාවා දුක්ඛාවා යනු ලිංග විපර්යාසයෙන් යූ.සේයි. පරිදෙවිතානිවා දුක්ඛානි වායි කිවයුතු කල්හි විභක්ති ලෝපය හෝ කරන ලදැයි දතයුතුය.
තස්මා හි තෙ සුඛිනො වීතසොකාති යස්මා පියප්පභූතා සොකාදයො යෙසං නත්ථි, තස්මා තෙ එව සුඛිනො වීතසොකා නාම. කෙ පන තෙ? යෙසං පියං නත්ථි කුහිඤ්චි ලොකෙ යෙසං අරියානං සබ්බසො වීතරාගත්තා කත්ථචිපි සත්තලොකෙ සඞ්ඛාරලොකෙ ච පියං පියභාවො “පුත්තො”ති වා “භාතා”ති වා “භගිනී”ති වා “භරියා”ති වා පියං පියායනං පියභාවො නත්ථි, සඞ්ඛාරලොකෙපි “එතං මම සන්තකං, ඉමිනාහං ඉමං නාම සුඛං ලභාමි ලභිස්සාමී”ති පියං පියායනං පියභාවො නත්ථි. තස්මා අසොකං විරජං පත්ථයානො, පියං න කයිරාථ කුහිඤ්චි ලොකෙති යස්මා ච සුඛිනො නාම වීතසොකා, වීතසොකත්තාව කත්ථචිපි විසයෙ පියභාවො නත්ථි, තස්මා අත්තනො යථාවුත්තසොකාභාවෙන ච අසොකං අසොකභාවං රාගරජාදිවිගමනෙන විරජං විරජභාවං අරහත්තං, සොකස්ස රාගරජාදීනඤ්ච අභාවහෙතුභාවතො වා “අසොකං විරජ”න්ති ලද්ධනාමං නිබ්බානං පත්ථයානො කත්තුකම්යතාකුසලච්ඡන්දස්ස වසෙන ඡන්දජාතො කත්ථචි ලොකෙ රූපාදිධම්මෙ අන්තමසො සමථවිපස්සනාධම්මෙපි පියං පියභාවං වියායනං න කයිරාථ න උප්පාදෙය්ය. වුත්තඤ්හෙතං – “ධම්මාපි වො, භික්ඛවෙ, පහාතබ්බා, පගෙව අධම්මා”ති (ම· නි· 1.240).
තස්මාහි තෙ සුඛිනො වීතසොකා යනු ප්රියතාවයෙන් හටගත් සෝකාදීහු යමෙකුට නැත්ද, එහෙයින් ඔව්හුම සුවපත් වූවාහු, පහ වූ සෝක ඇත්තාහු නමැ. ඔව්හු කවරහුද? යෙසං පියං නත්ථි කුහිඤ්චි ලොකෙ යනු යම් ආකාර වූ ආර්යයන්ට සියලු ආකාරයෙන්, රාගය දුරුකළ හෙයින් සත්ත්ව ලෝකයෙහි කිසිතැනෙකත් පුතු යැයි හෝ සොයුරුයි හෝ සොයුරු යැයි හෝ බිරිඳැයි හෝ ප්රියයක් ප්රියවීමක්, ප්රියභාවයක් නැත. සංස්කාර ලෝකයෙහිද එය මා සතුය. මෙය, මෙයින් මම නම් සුවයක් ලබමි. ලබන්නෙමියි ප්‍රියයන් ප්රියවීමක් ප්‍රිය භාවයක් නැත. තස්මා අසොකං විරජං පත්ථයානො පියං න කයිරාථ කුහිංචි ලොකෙ යනු පහවූ සෝක ඇති අය, පහ වූ සෝක ඇති හෙයින් සුවපත් වූයේ නමැ කිසිම විෂයයෙක්හි ප්රියභාවයක් නොවේ. එහෙයින් තමහට කියන ලද සෝක අභාවයෙන් අසොකං සෝක රහිත භාවය, රාග රජස් ආදිය පහවීමෙන් විරජං රජස් රහිත භාවය, අර්හත්වය, සෝකයෙහි හෝ රාග රජස් ආදීන්ගේද අභාව හේතු භාවයෙන්ද, ‘අසොකං විරජං’ යයි ලද නම් ඇති නිර්වාණය පත්ථයානො කත්තුකම්‍යතා කුසලච්ඡන්දයාගේ (කුසල් කරනු කැමැත්ත) වශයෙන් කැමැත්තක් හටගැනීම කිසිතැනෙක්හි ලොකෙ රූපාදී ධර්මයන්හි, යටත් පිරිසෙයින් සමථ විදර්ශනා ධර්මයන්හිද පියං ප්රියභාවයක්, ප්‍රිය වීමක් න කයිරාථ නූපදවන්නේය. යූ.සේයි. මහණෙනි, යහපත් දෑද දුරුකළ යුතුය. අයහපත් දෑ ගැන කියනුම කවරේද?
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
9. පඨමදබ්බසුත්තවණ්ණනා
9. පළමු දබ්බ සූත්‍ර වර්ණනාව
නවමෙ ආයස්මාති පියවචනං. දබ්බොති තස්ස ථෙරස්ස නාමං. මල්ලපුත්තොති මල්ලරාජස්ස පුත්තො. සො හි ආයස්මා පදුමුත්තරස්ස භගවතො පාදමූලෙ කතාභිනීහාරො කප්පසතසහස්සං උපචිතපුඤ්ඤසඤ්චයො අම්හාකං භගවතො කාලෙ මල්ලරාජස්ස දෙවිකා කුච්ඡියං නිබ්බත්තො කතාධිකාරත්තා ජාතියා සත්තවස්සිකකාලෙයෙව මාතාපිතරො උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තෙ ච “පබ්බජිත්වාපි ආචාරං තාව සික්ඛතු, සචෙ තං නාභිරමිස්සති, ඉධෙව ආගමිස්සතී”ති අනුජානිංසු. සො සත්ථාරං උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. සත්ථාපිස්ස උපනිස්සයසම්පත්තිං ඔලොකෙත්වා පබ්බජ්ජං අනුජානි. තස්ස පබ්බජ්ජාසමයෙ දින්නඔවාදෙන භවත්තයං ආදිත්තං විය උපට්ඨාසි. සො විපස්සනං පට්ඨපෙත්වා ඛුරග්ගෙයෙව අරහත්තං පාපුණි. යංකිඤ්චි සාවකෙන පත්තබ්බං, “තිස්සො විජ්ජා චතස්සො පටිසම්භිදා ඡළභිඤ්ඤා නව ලොකුත්තරධම්මා”ති එවමාදිකං සබ්බං අධිගන්ත්වා අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො අහොසි. වුත්තඤ්හෙතං තෙන ආයස්මතා –
නවවැන්නෙහි, ආයස්මා යනු ප්‍රිය වචනයකි. දබ්බො යනු එම තෙරුන්ගේ නාමයයි. මල්ල පුත්තො යනු මල්ල රජුගේ පුතු එම ආයුෂ්මත් තෙමේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි කරන ලද, ප්‍රාර්ථනා ඇතියේ, කල්ප ලක්ෂයක් රැස්කළ පින් රාශියක් ඇතියේ, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මල්ල රාජ දේවියගේ කුසෙහි උපන්නේ කරන ලද ප්‍රාර්ථනා ඇතියේ, උපතින් සත්හැවිරිදි කලමැ, මව්පියන් කරා එළැඹැ, පැවිද්ද ඉල්වී. ඔව්හුද පැවිදිවැ ආචාර ධර්මයන්හි හික්මේවා. ඉදින් එය සිත් නො අලවන්නේ නම් මෙහිම එන්නේ යැයි (එනු මැනවැයි) අනුදත්හ. හෙතෙම ශාස්තෲන් වහන්සේ කරා එළැඹැ පැවිද්ද ඉල්වී. ශාස්තෲන් වහන්සේද ඔහුගේ පූර්වහේතු සම්පත් බලා පැවිද්ද අනුදත් සේක. ඔහුට පැවිදිවන වේලාවෙහි දුන් අවවාදයෙන් භවත්රයය ගිනිගත්තාක් මෙන් වැටහින. ඔහුද විදර්ශනා පිහිටුව හිස මුඩුකරන අවස්ථාවෙහිම අර්හත්වයට පැමිණියේය. ශ්‍රාවකයෙකු විසින් පැමිණිය යුතු ත්‍රිවිද්‍යා, සිව් පිළිසිඹියා, ෂඩභිඥා, නවලොවුතුරු ධර්මය යන මේ ආදී සියල්ල අවබෝධ කොට අසූමහ ශ්රාවකයින් අතරට ඇතුළත් වූයේය. එම ආයුෂ්මතුන් විසින් යූ.සේයි -
“මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං, යංකිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං තං අනුප්පත්තං මයා”තිආදි (පාරා· 380).
මා විසින් වනාහි උපතින් සත්වසින් අර්හත්වය සාක්ෂාත් කරන ලදි. ශ්‍රාවකයෙකු විසින් පැමිණිය යුතු යමක් ඇත්ද, මවිසින් එම සියල්ලට පැමිණෙන ලදි ආදිය.
යෙන භගවා තෙනුපසඞ්කමීති සො කිරායස්මා එකදිවසං රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො භගවතො වත්තං දස්සෙත්වා දිවාට්ඨානං ගන්ත්වා උදකකුම්භතො උදකං ගහෙත්වා පාදෙ පක්ඛාලෙත්වා ගත්තානි සීතිං කත්වා චම්මක්ඛණ්ඩං පඤ්ඤාපෙත්වා නිසින්නො කාලපරිච්ඡෙදං කත්වා සමාපත්තිං සමාපජ්ජි. අථායස්මා යථාකාලපරිච්ඡෙදං සමාපත්තිතො වුට්ඨහිත්වා අත්තනො ආයුසඞ්ඛාරෙ ඔලොකෙසි. තස්ස තෙ පරික්ඛීණා කතිපයමුහුත්තිකා උපට්ඨහිංසු. සො චින්තෙසි – “න ඛො මෙතං පතිරූපං, යමහං සත්ථු අනාරොචෙත්වා සබ්රහ්මචාරීහි ච අවිදිතො ඉධ යථානිසින්නොව පරිනිබ්බායිස්සාමි. යංනූනාහං සත්ථාරං උපසඞ්කමිත්වා පරිනිබ්බානං අනුජානාපෙත්වා සත්ථු වත්තං දස්සෙත්වා සාසනස්ස නිය්යානිකභාවදස්සනත්ථං මය්හං ඉද්ධානුභාවං විභාවෙන්තො ආකාසෙ නිසීදිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා පරිනිබ්බායෙය්යං. එවං සන්තෙ යෙ මයි අස්සද්ධා අප්පසන්නා, තෙසම්පි පසාදො උප්පජ්ජිස්සති, තදස්ස තෙසං දීඝරත්තං හිතාය සුඛායා”ති. එවඤ්ච සො ආයස්මා චින්තෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා සබ්බං තං තථෙව අකාසි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමී”තිආදි.
යෙන භගවා තෙනුපසංකමි යනු එම ආයුෂ්මත් තෙමේ එක් දිනක් රජගහ නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ, භාග්‍යවතුන් වහන්සේට වත් දක්වා දිවා ස්ථානයට ගොස් කලයෙන් දිය ගෙන පා ගල්වා සිරුර සිසිල්කෙට, සම්කඩ පනවා හුන්නේ කල් පිරිසිඳීම කොට සමවතට සම වනි. පිරිසිඳි කාලය අනුව සමවතින් නැගිට තම ආයු සංස්කාර බැලීය. එහි ඒවා ක්ෂීණය. කිහිප මොහොතක් කලැයි වැටහින. හෙතෙම යම් ආකාර වූ මම ශාස්තෲන් වහන්සේට සැල නොකොට, සබ්‍රම්සරුන් විසින් නොදතුයේ, හුන් අයුරින්ම මෙහි පිරිනිවෙන්නෙමි යන එය සුදුසු නොවේයයි සිතීය. ශාස්තෲන් වහන්සේ කරා එළැඹ පිරිනිවීම අනුමත කරවාගෙන ශාස්තෲන් වහන්සේට වත් දක්වා සස්නෙහි නෛර්යාණික බව දැක්වීම සඳහා මාගේ සෘධ්යානුභාවය ප්‍රකාශ කරනුයේ අහස්හි හිඳ තේජෝ ධාතු සමවතට සමවැද පිරිනිවෙන්නේ නම් ඉතා යෙහෙකැයි සිතීය. එසේ ඇතිකල්හි යමෙක් මා කෙරෙහි අශ්රද්ධාවත්, අප්‍රසන්න වූවාහු වෙත්ද, ඔවුන්ටද පැහැදීම උපදින්නේය. එය ඔවුන්ට දීර්ඝ කාලයක් හිතසුව සඳහා පවත්නේය. එම ආයුෂ්මත් තෙමේ මෙසේද සිතා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, ඒ සියල්ල එසේම කළේය. එහෙයින්, අථඛො ආයස්මා දබ්බො මල්ල පුත්තො යෙන භගවා තෙනුපසංකමි ආදිය යූ.සේයි.
තත්ථ පරිනිබ්බානකාලො මෙති “භගවා මය්හං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බානකාලො උපට්ඨිතො, තමහං භගවතො ආරොචෙත්වා පරිනිබ්බායිතුකාමොම්හී”ති දස්සෙති. කෙචි පනාහු “න තාව ථෙරො ජිණ්ණො, න ච ගිලානො, පරිනිබ්බානාය ච සත්ථාරං ආපුච්ඡති, කිං තත්ථ කාරණං? ‘මෙත්තියභූමජකා භික්ඛූ පුබ්බෙ මං අමූලකෙන පාරාජිකෙන අනුද්ධංසෙසුං, තස්මිං අධිකරණෙ වූපසන්තෙපි අක්කොසන්තියෙව. තෙසං සද්දහිත්වා අඤ්ඤෙපි පුථුජ්ජනා මයි අගාරවං පරිභවඤ්ච කරොන්ති. ඉමඤ්ච දුක්ඛභාරං නිරත්ථකං වහිත්වා කිං පයොජනං, තස්මාහං ඉදානෙව පරිනිබ්බායිස්සාමී’ති සන්නිට්ඨානං කත්වා සත්ථාරං ආපුච්ඡී”ති. තං අකාරණං. න හි ඛීණාසවා අපරික්ඛීණෙ ආයුසඞ්ඛාරෙ පරෙසං උපවාදාදිභයෙන පරිනිබ්බානාය චෙතෙන්ති ඝටයන්ති වායමන්ති, න ච පරෙසං පසංසාදිහෙතු චිරං තිට්ඨන්ති, අථ ඛො සරසෙනෙව අත්තනො ආයුසඞ්ඛාරස්ස පරික්ඛයං ආගමෙන්ති. යථාහ –
එහි පරිනිබ්බාන කාලො මෙ යනු භාග්‍යවතුන් වහන්ස, මාගේ අනුපාදිසෙස පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවෙන කාලය එළැඹියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට සැලකොට පිරිනිවෙන්ට කැමැත්තෙමි යි දක්වයි. සමහරු කීහු. තෙරහු එපමණ ජරාජීර්ණ වූයේ නැත. ගිලන් වූයේද නැත. පිරිනිවීම සඳහා ශාස්තෲන් වහන්සේ විචාරයි. මෙහි හේතුවක් නැත. මෙත්තිය භුම්මජක භික්ෂූහු පෙර මා හට, ප්‍රධාන හේතුවක් නොමැති, පාරාජිකාවෙන් දුර්වලකළහ. එහි විනිශ්චය සන්සිඳුනේද, ආක්‍රොශ කෙරෙත්මය. ඔවුන්ගේ වචන විශ්වාසකොට අන් පෘථග්ජනයෝද, මා කෙරෙහි, අගෞරව, පරිභව කෙරෙත් යයි. මෙම දුක්බර නිරර්ථකව උසුලා කවර ප්‍රයෝජනද? එහෙයින් මම දැන් මම පිරිනිවෙන්නෙමියි සනිටුහන් කොට ශාස්තෲන් වහන්සේ විචාරයි. එය නොකෙරුණි. රහත්හු ආයු සංස්කාර ක්ෂය නුවූ කල්හි අන්‍යයන්ගේ අපවාදාදියට බියෙන් පිරිනිවීම සඳහා නොසිතත්. උත්සාහ නොකෙරෙත්. අන්‍යයන්ගේ ප්‍රසාද හේතුවෙන් බොහෝ කලක් නොසිටිත්. තවද ස්වාභාවිකවම තමා ආයු සංස්කාරයෙහි ක්ෂය වීම බලාපොරොත්තු වෙති. දෙසූ පරිදි,
“නාභිකඞ්ඛාමි මරණං, නාභිකඞ්ඛාමි ජීවිතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, නිබ්බිසං භතකො යථා”ති. (ථෙරගා· 196, 606; මි· ප· 2.2.4) –
නාභි කංඛාමි මරණං - නාභි කංඛාමි ජීවිතං කාලඤ්ච පති කංඛාමි - නිබ්බෙසං භතකො යථා
මරණය අපේක්ෂා නොකරමි. ජීවිතය අපේක්ෂා නොකරමි. වැටුප් සහිත කම්කරුවකු මෙන් කාලය ගැන බලාපොරොත්තු වෙමි. (සැක කරමි.)
භගවාපිස්ස ආයුසඞ්ඛාරං ඔලොකෙත්වා පරික්ඛීණභාවං ඤත්වා “යස්සදානි ත්වං, දබ්බ, කාලං මඤ්ඤසී”ති ආහ.
භාග්‍යවතුන් වහන්සේද ඔහුගේ ආයු සංස්කාරය බලා ක්ෂය වූ බව දැන යස්සදානි ... [missing trans]
වෙහාසං අබ්භුග්ගන්ත්වාති ආකාසං අභිඋග්ගන්ත්වා, වෙහාසං ගන්ත්වාති අත්ථො. අභිසද්දයොගෙන හි ඉදං උපයොගවචනං, අත්ථො පන භුම්මවසෙන වෙදිතබ්බො. වෙහාසං අබ්භුග්ගන්ත්වා කිං අකාසීති ආහ – “ආකාසෙ අන්තලික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා”තිආදි. තත්ථ තෙජොධාතුං සමාපජ්ජිත්වාති තෙජොකසිණචතුත්ථජ්ඣානසමාපත්තිං සමාපජ්ජිත්වා. ථෙරො හි තදා භගවන්තං වන්දිත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා එකමන්තං ඨිතො “භගවා කප්පසතසහස්සං තුම්හෙහි සද්ධිං තත්ථ තත්ථ වසන්තො පුඤ්ඤානි කරොන්තො ඉමමෙවත්ථං සන්ධාය අකාසිං, ස්වායමත්ථො අජ්ජ මත්ථකං පත්තො, ඉදං පච්ඡිමදස්සන”න්ති ආහ. යෙ තත්ථ පුථුජ්ජනභික්ඛූ සොතාපන්නසකදාගාමිනො ච, තෙසු එකච්චානං මහන්තං කාරුඤ්ඤං අහොසි, එකච්චෙ ආරොදනප්පත්තා අහෙසුං. අථස්ස භගවා චිත්තාචාරං ඤත්වා “තෙන හි, දබ්බ, මය්හං භික්ඛුසඞ්ඝස්ස ච ඉද්ධිපාටිහාරියං දස්සෙහී”ති ආහ. තාවදෙව සබ්බො භික්ඛුසඞ්ඝො සන්නිපති. අථායස්මා දබ්බො “එකොපි හුත්වා බහුධා හොතී”තිආදිනා (පටි· ම· 1.102; දී· නි· 1.484) නයෙන ආගතානි සාවකසාධාරණානි සබ්බානි පාටිහාරියානි දස්සෙත්වා පුන ච භගවන්තං වන්දිත්වා ආකාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ පථවිං නිම්මිනිත්වා තත්ථ පල්ලඞ්කෙන නිසින්නො තෙජොකසිණසමාපත්තියා පරිකම්මං කත්වා සමාපත්තිං සමාපජ්ජිත්වා වුට්ඨාය සරීරං ආවජ්ජිත්වා පුන සමාපත්තිං සමාපජ්ජිත්වා සරීරඣාපනතෙජොධාතුං අධිට්ඨහිත්වා පරිනිබ්බායි. සහ අධිට්ඨානෙන සබ්බො කායො අග්ගිනා ආදිත්තො අහොසි. ඛණෙනෙව ච සො අග්ගි කප්පවුට්ඨානග්ගි විය අණුමත්තම්පි සඞ්ඛාරගතං මසිමත්තම්පි තත්ථ කිඤ්චි අනවසෙසෙන්තො අධිට්ඨානබලෙන ඣාපෙත්වා නිබ්බායි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො”තිආදි. තත්ථ වුට්ඨහිත්වා පරිනිබ්බායීති ඉද්ධිචිත්තතො වුට්ඨහිත්වා භවඞ්ගචිත්තෙන පරිනිබ්බායි.
වෙහාසං අබ්භුග්ගන්ත්වා යනු අහසට මනාව නැගී, අහසට ගොස් යයි අර්ථයි. අභි ශබ්ද යෝගයෙන් මෙය ද්විතියා වචනයි. අර්ථය වනාහි සත්තමී වශයෙන් දතයුතුය. අහසට පැන නැග කුමක් කළෙහිදැයි කීය. ආකාසෙ අන්තලික්ඛෙ පල්ලංකෙන නිසීදිත්වා යන ආදියයි. එහි තෙජො ධාතුං සමාපජ්ජිත්වා යනු තේජෝ කසිණ චතුර්ථ ධ්‍යාන සමවතට සමවැද, තෙරහු එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඳ, තෙවරක් ප්රදක්ෂිණා කොට, එකත්පස්ව සිටියේ, භාග්‍යවතුන් වහන්ස, කල්ප ලක්ෂයක්, ඔබතුමන් සමග ඒ ඒ තන්හි වසමින් පින් කරනුයේ මෙම කරුණ සඳහා කෙළෙහිය. එම කරුණ අද මස්තකප්රාප්ත වූයේය. මෙය අවසන් දර්ශනය යැයි කීයේය. එහි යම් පෘථග්ජන භික්ෂූහු වෙත්ද, ඔවුන්ද සෝවන්, සකෘදාගාමීහුද යන මොවුනතර ඇතමුන්ට මහත් කරුණාවක් වූයේය. ඇතැම්හු හැඬීම් ප්‍රාප්ත වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිතෙහි හැසිරීම දැන, එසේනම් දබ්බය මා හටද, බික් සඟනටද සෘද්ධි ප්රාතිහාර්ය දක්වවයි වදාළ සේක. ‘එකෙණෙහිම සියලු බික් සඟ රැස්විය. ඉක්බිති ආයුෂ්මත් දබ්බ එකෙක්ව බොහෝ වේ ආදී ක්‍රමයෙන් ආවා වූ ශ්‍රාවක සාධාරණ සියලු ප්රාතිහාර්යයන් ප්‍රදර්ශනය කොට, නැවතද භාග්‍යවතුන් වහන්සේ වැඳ අහසට නැග, අහසෙහි පෘථුවියක් නිර්මිතකොට, එහි පර්යංකයෙන් වැඩහුන්නේ, තේජෝ කසිණ සමවතෙහි පිරියම්කොට, සමවතට සමවැද නැගිට සිරුර ආවර්ජනාකොට, නැවත සමවතට සමවැද ශරීරය දවන තේජෝ ධාතුව අධිෂ්ඨාන කොට පිරිනිවියෝය. අධිෂ්ඨානය සමග සියලු ශරීරය ගින්නෙන් ඇවිලුනේ විය. ක්ෂණයකින්ම එම ගින්න, කල්ප විනාශ ගින්නක් මෙන් ස්වල්ප මාත්‍ර වූද සංස්කාර ගතයක් දැලි (අලු) මාත්‍රයක් ද එහි කිසිවක් ශේෂ රහිතව අධිෂ්ඨාන බලයෙන් දවා නිවුණි. එහෙයින් අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො යන ආදිය යූ.සේයි. එහි වුට්ඨහිත්වා පරිනිබ්බායි යනු සෘද්ධි සිතින් නැගිට භවංග සිතින් පිරිනිවියෝය.
ඣායමානස්සාති ජාලියමානස්ස. ඩය්හමානස්සාති තස්සෙව වෙවචනං. අථ වා ඣායමානස්සාති ජාලාපවත්තික්ඛණං සන්ධාය වුත්තං, ඩය්හමානස්සාති වීතච්චිතඞ්ගාරක්ඛණං. ඡාරිකාති භස්මං. මසීති කජ්ජලං. න පඤ්ඤායිත්ථාති න පස්සිත්ථ, අධිට්ඨානබලෙන සබ්බං ඛණෙනෙව අන්තරධායිත්ථාති අත්ථො. කස්මා පන ථෙරො උත්තරිමනුස්සධම්මං ඉද්ධිපාටිහාරියං දස්සෙසි, නනු භගවතා ඉද්ධිපාටිහාරියකරණං පටික්ඛිත්තන්ති ? න චොදෙතබ්බමෙතං ගිහීනං සම්මුඛා පාටිහාරියකරණස්ස පටික්ඛිත්තත්තා. තඤ්ච ඛො විකුබ්බනවසෙන, න පනෙවං අධිට්ඨානවසෙන. අයං පනායස්මා ධම්මසාමිනා ආණත්තොව පාටිහාරියං දස්සෙසි.
ඣාය මන්තස්ස දැල්වෙනු ලබන, ඩය්හමානස්ස යනු එයටම පර්යාය වචනයකි. නොහොත් ඣාය මානස්ස යනු ගිනිදැල් පැවැති ක්ෂණය සඳහා යූ.සේයි. ඩය්හ මානස්ස යනු ගිනි අඟුරු පැවැති ක්ෂණයයි. ඡාරිකා යනු අළු, මසි යනු දැලි, න පඤ්ඤායිත්ථ නො පැණින. අධිෂ්ඨාන බලයෙන් සියල්ල සැනෙකින්ම අතුරුදන් වීයයි අර්ථයි. කවර හෙයින් තෙරහු උතුරු මිනිස්දමින් සෘද්ධි ප්රාතිහාර්යය දැක්වීද? භාග්‍යවතුන් වහන්සේ විසින් සෘද්ධි ප්රාතිහාර්යය කිරීම ප්රතික්ෂෙප කරන ලද්දේ නොවේදැයි එය චෝදනා නොකළ යුතුය. ගිහීන හමුයෙහි ප්රාතිහාර්යය කිරීම ප්‍රතික්ෂේප කරන ලද හෙයිනි. එයද වනාහි විකුර්වණ වශයෙනි. අධිෂ්ඨාන වශයෙන් නොවේ. මෙම ආයුෂ්මත් තෙමේ ධර්මස්වාමීන් විසින් අණ කරන ලදුයේ ප්රාතිහාර්යය දැක්වීය.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස අනුපාදාපරිනිබ්බානං සබ්බාකාරතො විදිත්වා තදත්ථපරිදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයාගේ උපාදාන රහිත පිරිනිවීම සර්වප්රකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ අභෙදි කායොති සබ්බො භූතුපාදායපභෙදො චතුසන්තතිරූපකායො භිජ්ජි, අනවසෙසතො ඩය්හි, අන්තරධායි, අනුප්පත්තිධම්මතං ආපජ්ජි. නිරොධි සඤ්ඤාති රූපායතනාදිගොචරතාය රූපසඤ්ඤාදිභෙදා සබ්බාපි සඤ්ඤා අප්පටිසන්ධිකෙන නිරොධෙන නිරුජ්ඣි. වෙදනා සීතිභවිංසු සබ්බාති විපාකවෙදනා කිරියවෙදනාති සබ්බාපි වෙදනා අප්පටිසන්ධිකනිරොධෙන නිරුද්ධත්තා අණුමත්තම්පි වෙදනාදරථස්ස අභාවතො සීතිභූතා අහෙසුං, කුසලාකුසලවෙදනා පන අරහත්තඵලක්ඛණෙයෙව නිරොධං ගතා. “සීතිරහිංසූ”තිපි පඨන්ති, සන්තා නිරුද්ධා අහෙසුන්ති අත්ථො. වූපසමිංසු සඞ්ඛාරාති විපාකකිරියප්පභෙදා සබ්බෙපි ඵස්සාදයො සඞ්ඛාරක්ඛන්ධධම්මා අප්පටිසන්ධිකනිරොධෙනෙව නිරුද්ධත්තා විසෙසෙන උපසමිංසු. විඤ්ඤාණං අත්ථමාගමාති විඤ්ඤාණම්පි විපාකකිරියප්පභෙදං සබ්බං අප්පටිසන්ධිකනිරොධෙනෙව අත්ථං විනාසං උපච්ඡෙදං අගමා අගච්ඡි.
එහි අභෙදි කායො යනු යම් ආකාර වූ සියලු භූතෝ පාදාය භේද වූ සිව් සන්තති රූප කයක් වේද, එය බිඳිණි. ශේෂ රහිතව දැවිණි. නැසිනි. අතුරුදන් විය. නූපදනා ස්වභාවයට පැමිණියේය. නිරෝධි සඤ්ඤා යනු රූපායතනාදීන්ට ගෝචරතාවයෙන් රූපසංඥාදී භේද වූ සියලුම සංඥාවෝ ප්රතිසන්ධි රහිත වූ නිරෝධයෙන් නිරුද්ධ විය. වෙදනාසීති භවිංසු සබ්බා යනු විපාක වේදනා, ක්‍රියා වේදනා යන සියලු වේදනාවෝ අප්‍රතිසන්‍ධික නිරෝධයෙන් නිරුද්ධ හෙයින්, ස්වල්ප මාත්‍ර වූද වේදනා දාහයෙහි අභාවයෙන් සිසිල් වූයේ වූහ. කුසල්, අකුසල් වේදනා ආදී සියලුම වේදනාවන් අර්හත් ඵල ක්ෂණයෙහිම නිරෝධයට ගියේය. වීතිරහිංසූයිද කියවති. (ඉක්ම යාම) විද්‍යමාන නොවූවාහු නිරුද්ධ වූහයි අර්ථයි. වූපසමිංසු සංඛාරා යනු විපාක, ක්‍රියා ප්‍රභේද වූ සියලුම සංස්කාර ස්කන්ධ අප්‍රතිසන්‍ධික නිරෝධයෙන්ම නිරුද්ධ හෙයින් විශේෂයෙන්ම සන්සිඳුනහ. විඤ්ඤාණං අත්ථමාගමා යනු විපාක ක්‍රියා භේද වූ සියලුම විඤ්ඤාණය ප්රතිසන්ධි රහිත නිරෝධයෙන්ම අස්තයට, විනාශයට ආයේය. පැමිණියේය.
ඉති භගවා ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස පඤ්චන්නම්පි ඛන්ධානං පුබ්බෙයෙව කිලෙසාභිසඞ්ඛාරුපාදානස්ස අනවසෙසතො නිරුද්ධත්තා අනුපාදානො විය ජාතවෙදො අප්පටිසන්ධිකනිරොධෙන නිරුද්ධභාවං නිස්සාය පීතිවෙගවිස්සට්ඨං උදානං උදානෙසීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයාගේ පංච ස්කන්ධයන්ගේ කල් ඇතිවම, කෙලෙස් අභිසංස්කාර උපාදානයාගේ ශේෂ රහිතව නිරුද්ධ හෙයින්, දර නැති ගින්නක් මෙන් අප්‍රතිසන්‍ධික නිරෝධයෙන් නිරුද්ධ බැව් හේතුකොට, ප්‍රීති වේගයෙන් මුදා හළ මෙ උදන් ඇනූ සේක.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
10. දුතියදබ්බසුත්තවණ්ණනා
10. දෙවන දබ්බ සූත්‍ර වර්ණනාව
දසමෙ තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසීති භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා ජනපදචාරිකං චරන්තො අනුක්කමෙන සාවත්ථිං පත්වා ජෙතවනෙ විහරන්තොයෙව යෙසං භික්ඛූනං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස පරිනිබ්බානං අපච්චක්ඛං, තෙසං තං පච්චක්ඛං කත්වා දස්සෙතුං, යෙපි ච මෙත්තියභූමජකෙහි කතෙන අභූතෙන අබ්භාචික්ඛණෙන ථෙරෙ ගාරවරහිතා පුථුජ්ජනා, තෙසං ථෙරෙ බහුමානුප්පාදනත්ථඤ්ච ආමන්තෙසි. තත්ථ තත්රාති වචනසඤ්ඤාපනෙ නිපාතමත්තං. ඛොති අවධාරණෙ. තෙසු “තත්‍රා”ති ඉමිනා “භගවා භික්ඛූ ආමන්තෙසී”ති එතෙසං පදානං වුච්චමානතංයෙව ජොතෙති. “ඛො”ති පන ඉමිනා ආමන්තෙසියෙව, නාස්ස ආමන්තනෙ කොචි අන්තරායො අහොසීති ඉමමත්ථං දස්සෙති. අථ වා තත්රාති තස්මිං ආරාමෙ. ඛොති වචනාලඞ්කාරෙ නිපාතො. ආමන්තෙසීති අභාසි. කස්මා පන භගවා භික්ඛූයෙව ආමන්තෙසීති? ජෙට්ඨත්තා සෙට්ඨත්තා ආසන්නත්තා සබ්බකාලං සන්නිහිතත්තා ධම්මදෙසනාය විසෙසතො භාජනභූතත්තා ච.
දසවැන්නෙහි, තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැත්ත ඇතිතාක් කල් වාසයකොට, දනව් සැරිසරනුයේ පිළිවෙලින්ම සැවතට පත්ව, දෙව්රමැ වාසය කරනුයේ, යම් යම් භික්ෂූන්ට ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රගේ පිරිනිවන ප්රත්යක්ෂ නොවීද, ඔවුන්ට එය ප්රත්යක්ෂ කොට දක්වන්ට, යම් ආකාර වූ, මෙත්තිය භුම්මජකයන් විසින් කරන ලද අභූත අසත්‍ය දෝෂාරෝපණයෙන්, තෙරුන් කෙරෙහි, ගෞරව රහිත පෘථග්ජනයෝ වෙත්ද, ඔවුන්ට තෙරුන් කෙරෙහි බුහුමන් ඉපදවීම සඳහා ද ආමන්ත්‍රණය කළ සේක. එහි තත්ර යනු වචන හැඟවීමේ නිපාත මාත්‍රයයි. ඛො යනු අවධාරණාර්ථයෙහිය. එහි තත්ර යන මෙයින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ආමන්ත්‍රණය කෙළේයයි එම පදයන්ගෙන් කියනු ලබන්නම බබලවයි. ඛො යන මෙයින් ආමන්ත්‍රණය කෙළේමය. ඇමතීමෙහි ලා භාග්‍යවතුන් වහන්සේට කිසි අනතුරක් නුවූයේ යයි යන මෙකරුණ දක්වයි. නොහොත් තත්ර යනු එම අරම්හි, ඛො යන වදන් ලකර නිපාතයි. ආමන්තෙසි යනු වදාළේය. කවර හෙයින් වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ම ආමන්ත්‍රණය කළ සේක්ද? ජ්‍යෙෂ්ඨ හෙයින්, ශ්‍රේෂ්ඨ හෙයින්, ආසන්න හෙයින් හැම කලැ තැන්පත් කරන ලද හෙයින්, ධර්ම දේශනාවට විශේෂයෙන් බඳුනු වූ හෙයින්ද වේ.
භික්ඛවොති තෙසං ආමන්තනාකාරදස්සනං. භදන්තෙති ආමන්තිතානං භික්ඛූනං ගාරවෙන සත්ථු පටිවචනදානං. තත්ථ “භික්ඛවො”ති වදන්තො භගවා තෙ භික්ඛූ ආලපති. “භදන්තෙ”ති වදන්තා තෙ පච්චාලපන්ති. අපිච “භික්ඛවො”ති ඉමිනා කරුණාවිප්ඵාරසොම්මහදයනිස්සිතපුබ්බඞ්ගමෙන වචනෙන තෙ භික්ඛූ කම්මට්ඨානමනසිකාරධම්මපච්චවෙක්ඛණාදිතො නිවත්තෙත්වා අත්තනො මුඛාභිමුඛෙ කරොති. “භදන්තෙ”ති ඉමිනා සත්ථරි ආදරබහුමානගාරවදීපනවචනෙන තෙ භික්ඛූ අත්තනො සුස්සූසතං ඔවාදප්පටිග්ගහගාරවභාවඤ්ච පටිවෙදෙන්ති. භගවතො පච්චස්සොසුන්ති තෙ භික්ඛූ භගවතො වචනං පතිඅස්සොසුං සොතුකාමතං ජනෙසුං . එතදවොචාති භගවා එතං ඉදානි වක්ඛමානං සකලං සුත්තං අභාසි. දබ්බස්ස, භික්ඛවෙ, මල්ලපුත්තස්සාතිආදි අනන්තරසුත්තෙ වුත්තත්ථමෙව. එතමත්ථන්තිආදීසුපි අපුබ්බං නත්ථි, අනන්තරසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
භික්ඛවො යනු ඔවුන්ට ආමන්ත්‍රණය කිරීම් ආකාර වචනයයි. භදන්තෙති යනු ආමන්ත්රිත භික්ෂූන්ගේ, ගෞරවයෙන් ශාස්තෲන් වහන්සේට පිළිවදන් දීමයි. භික්ඛවොයි කියන්නා වූ භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන් අමතයි. භදන්තෙ යි ස්වාමීනියි කියන්නා වූ ඔව්හු පසු අමතති. තවද භික්ඛවො යන මෙයින් කරුණායෙන් පැතිරුණ සෞම්‍ය හෘදය නසන නිපාත පූර්වාංගම වචනයෙන් ඒ භික්ෂූහු කමටහන් මෙනෙහි කිරීම් ධර්ම ප්රත්යවේක්ෂා කිරීම් ආදියෙන් නවත්වා තම මුව අබිමුව කරයි. භන්තෙ යි මෙයින් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ආදර බුහුමන් ගෞරව දැක්වීම් වචනයෙන් එම භික්ෂූහු තමාගේ මනා ශ්රවණතාවය, අවවාද පිළිගැනීම් ගෞරව භාවයද දන්වති. භගවතො පච්චස්සොසුං යනු එම භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිවදන් දුන්හ. ශ්‍රමණ කාම්යතාවය ජනනය කළහ. එතදවොච යනු භාග්‍යවතුන් වහන්සේ දැන් දේශනා කරනු ලබන සියලු සූත්‍රය දේශනා කළ සේක. දබ්බස්ස භික්ඛවෙ මල්ල පුත්තස්ස ආදිය අනතුරු සූත්‍රයෙහි කියන ලද අර්ථමය. එතමත්ථං යන ආදීන්හිද පෙර නොකී විරූවක් නැත. අනතුරු සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
ගාථාසු පන අයොඝනහතස්සාති අයො හඤ්ඤති එතෙනාති අයොඝනං, කම්මාරානං අයොකූටං අයොමුට්ඨි ච. තෙන අයොඝනෙන හතස්ස පහතස්ස. කෙචි පන “අයොඝනහතස්සාති ඝනඅයොපිණ්ඩං හතස්සා”ති අත්ථං වදන්ති. එව-සද්දො චෙත්ථ නිපාතමත්තං. ජලතො ජාතවෙදසොති ඣායමානස්ස අග්ගිස්ස. අනාදරෙ එතං සාමිවචනං. අනුපුබ්බූපසන්තස්සාති අනුක්කමෙන උපසන්තස්ස විජ්ඣාතස්ස නිරුද්ධස්ස. යථා න ඤායතෙ ගතීති යථා තස්ස ගති න ඤායති. ඉදං වුත්තං හොති – අයොමුට්ඨිකූටාදිනා මහතා අයොඝනෙන හතස්ස සංහතස්ස, කංසභාජනාදිගතස්ස වා ජලමානස්ස අග්ගිස්ස, තථා උප්පන්නස්ස වා සද්දස්ස අනුක්කමෙන උපසන්තස්ස සුවූපසන්තස්ස දසසු දිසාසු න කත්ථචි ගති පඤ්ඤායති පච්චයනිරොධෙන අප්පටිසන්ධිකනිරුද්ධත්තා.
ගාථාවන්හි වනාහි අයොඝන හතස්ස යනු එයින් යකඩය පහරනුයි අයොඝනයි. ලොකුරුවන්ගේ යකුළද, යකඩ මිටියද, එම කුළු ගෙඩියෙන් නසන ලද පහර දෙන ලද, සමහරු වනාහි අයොඝන හතස්ස යනු ඝන යකඩ ගුලිය පහරන කලැයි අර්ථ කියති. මෙහි එව ශබ්දය නිපාත මාත්‍රයකි. ජලතො ජාතවෙදසො යනු දිලියෙන ගින්නෙහි (ගේ) එය අනාදරාර්ථයෙහි ෂෂ්ටීයි. අනුපුබ්බූස සන්තස්ස යනු අනුක්රමයෙන් සන්සුන් වූ, නිවුනා වූ, නිරුද්ධ වූ යථා නඤායතො ගති යනු යම්සේ එහි යාම නොපැනේද, මෙය යූ.සේයි. යකඩ, මිටි, කුළු ආදියෙන් පහරන ලද, යකුළෙන් පහරන ලද, මනාව පහරන ලද, ලොහො බඳුන් ආදියට ගිය ජල මානය ගින්නෙන් විනාශ වන්නාක් මෙන් එසේ උපන්නා වූ හෝ ශබ්දය අනුක්රමයෙන් සන්සුන් වූයේ මනාව සන්සුන් වූයේ දස දිසාවන්හි කිසිතැනෙක්හි පැවැත්මෙක් නොපැනේ. ප්‍රත්‍යය නිරෝධයෙන් අප්රතිසන්ධිකව නිරුද්ධ වූ හෙයිනි.
එවං සම්මාවිමුත්තානන්ති එවං සම්මා හෙතුනා ඤායෙන තදඞ්ගවික්ඛම්භනවිමුත්තිපුබ්බඞ්ගමෙන අරියමග්ගෙන චතූහිපි උපාදානෙහි ආසවෙහි ච විමුත්තත්තා සම්මා විමුත්තානං, තතො එව කාමපබන්ධසඞ්ඛාතං කාමොඝං භවොඝාදිභෙදං අවසිට්ඨං ඔඝඤ්ච තරිත්වා ඨිතත්තා කාමබන්ධොඝතාරිනං සුට්ඨු පටිපස්සම්භිතසබ්බකිලෙසවිප්ඵන්දිතත්තා කිලෙසාභිසඞ්ඛාරවාතෙහි ච අකම්පනීයතාය අචලං අනුපාදිසෙසනිබ්බානසඞ්ඛාතං සබ්බසඞ්ඛාරූපසමං සුඛං පත්තානං අධිගතානං ඛීණාසවානං ගති දෙවමනුස්සාදිභෙදාසු ගතීසු අයං නාමාති පඤ්ඤපෙතබ්බතාය අභාවත්තා පඤ්ඤාපෙතුං නත්ථි න උපලබ්භති, යථාවුත්තජාතවෙදො විය අපඤ්ඤත්තිකභාවමෙව හි සො ගතොති අත්ථො.
එවං සම්මා විමුත්තානං යනු මනා හේතුවෙන්, න්‍යායෙන්, තදංග, විෂ්කම්භන විමුක්ති පූර්වංගම ආර්ය මාර්ගයෙන්, සිව් උපාදානයන්ගෙන් ද ආශ්රවයන්ගෙන්ද මනාව මිදුනවුන්ගේ, එයින්ම, කාය ප්‍රබන්ධ සංඛ්‍යාත කාමෝඝ භව ඕඝ ආදී භේද වූ ඉතිරි ඕඝයන්ද තරණයකොට සිටි හෙයින්, කාම බන්ධොගතාරිනං මනාව සන්සිඳවන ලද සියලු කෙලෙස් කම්පා වූ හෙයින්, කෙලෙස් රැස් කිරීම් වාතයන්ගෙන් ද කම්පා නොවන හෙයින්, නොසැලෙන අනුපාදිශේෂ නිර්වාණ සංඛ්‍යාත සියලු සංස්කාර සන්සිඳීමට පැමිණි අවබෝධ කළ ක්ෂීණාශ්රවයන්ගේ ගති දිව්‍ය මනුෂ්‍ය ආදී භේද වූ උත්පත්තීන්හි මෙනම් අයෙකැයි පැනවිය යුත්තෙහි අභාව හෙයින් පඤ්ඤාපෙතුං නත්ථි නොලබයි. කියන ලද ගින්න මෙන් අප්රඥප්තික භාවයටම ඔහු ගියේ යයි අර්ථයි.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච පාටලිගාමියවග්ගවණ්ණනා.
අටවන වර්ග වර්ණනාව සමාප්තයි.
නිගමනකථා
නිගමනකථා
එත්තාවතා ච –
මෙතෙකින් -
සුවිමුත්තභවාදානො, දෙවදානවමානිතො; පච්ඡින්නතණ්හාසන්තානො, පීතිසංවෙගදීපනො.
සුවිමුත්ත චිත්තවොදාන - දෙව දානව මානිතො පච්ඡින්න තණ්හා සන්තානො - පීති සංවෙග දීපනො
මනාව මිදුණු, සිත පිරිසිදු කරන සුරාසුර පූජිත, සිය සිත් සතන්හි සුන් තෘෂ්ණා සහිත වූ ප්‍රීතිය හා සංවේගය දක්වන්නා වූ,
සද්ධම්මදානනිරතො, උපාදානක්ඛයාවහො; තත්ථ තත්ථ උදානෙ යෙ, උදානෙසි විනායකො.
සද්ධම්මදාන නිරතො - උපාදානක්ඛයා වහො තත්ථ තත්ථ උදානෙන - උදානෙසි විනායකො
උපාදානක්ෂය එළවන, සදහම් දන්හි නිරත වූ ශ්‍රේෂ්ඨ නායකයාණෝ, ඒ ඒ තන්හි හටගත් ප්‍රීතියෙන් ප්‍රීති වාක්‍යයන් පහළ කළ සේක.
තෙ සබ්බෙ එකතො කත්වා, ආරොපෙන්තෙහි සඞ්ගහං; උදානමිති සඞ්ගීතං, ධම්මසඞ්ගාහකෙහි යං.
තෙ සබ්බෙ එකතො කත්වා - ආරොපෙන්තහි සංගහං උදානමිති සංගීතං - ධම්ම සංගාහකෙහි යං
එම සියල්ල එකතුකොට, සංග්‍රහ කොට එළවන්නා වූ, ධර්ම සංග්‍රාහකයින් විසින් යමක් උදානයැයි සංගෘහිතද,
තස්ස අත්ථං පකාසෙතුං, පොරාණට්ඨකථානයං; නිස්සාය යා සමාරද්ධා, අත්ථසංවණ්ණනා මයා.
තස්ස අත්ථං පකාසෙතුං - පොරණට්ඨ කථානයං නිස්සාය යා සමාරද්ධා - අත්ථ සංවණ්ණනාමයා
එහි අර්ථ ප්‍රකාශ කරන්ට, පුරාණ අර්ථකථා ක්‍රමය ඇසිරිකොට, මා විසින් අර්ථ සංවර්ණනාවක් මනාව අරඹන ලදද?
සා තත්ථ පරමත්ථානං, සුත්තන්තෙසු යථාරහං; පකාසනා පරමත්ථදීපනී නාම නාමතො.
සා තත්ථ පරමත්ථානං - සුත්තන්තෙසු යථාරහං පකාසනා පරමත්ථ දීපනී නාම නාමතො
එහි සූත්‍රාන්තයන් හි, උතුම් අර්ථයන්ගේ, සුදුසු පරිදි, ප්රකාශනය නමින් පරමත්ථ දීපනී නම් වේ.
සම්පත්තා පරිනිට්ඨානං, අනාකුලවිනිච්ඡයා; චතුත්තිංසප්පමාණාය, පාළියා භාණවාරතො.
සම්පත්තා පරිනිට්ඨානං - අනාකුල විනිච්ඡයා චතුත්තිංස පමාණාය - පාලියා භාණවාරතො
පෙළෙහි බණවර වශයෙන්, ප්‍රමාණයෙන් සූතිසක් වූ නිරවුල් විනිශ්චයෙහි නිමවීමට සම්ප්‍රාප්ත විය.
ඉති තං සඞ්ඛරොන්තෙන, යං තං අධිගතං මයා; පුඤ්ඤං තස්සානුභාවෙන, ලොකනාථස්ස සාසනං.
ඉති තං සංඛරොන්තෙන - සං තං අධිගතං මයා පුඤ්ඤං තස්සානුභාවෙන - ලොකනාථස්ස සාසනං
මෙසේ එය සකසන්නා වූ, මවිසින් යමක් ලබන ලදද, එම පුණ්‍යානුභාවයෙන් ලෝකනාථයාණන් වහන්සේගේ සස්න,
ඔගාහිත්වා විසුද්ධාය, සීලාදිපටිපත්තියා; සබ්බෙපි දෙහිනො හොන්තු, විමුත්තිරසභාගිනො.
ඔභාසෙත්වා විසුද්ධාය - සීලාදි පටිපත්තියා සබ්බෙපි දෙහිනො හොන්තු - විමුත්ති රසභාගිනො
පිරිසිදු සීලාදී ප්‍රතිපත්තියෙන් බබළවා සියලු දේහධාරීහු, විමුක්ති රසයෙහි කොටස්කරුවෝ වෙත්වා.
චිරං තිට්ඨතු ලොකස්මිං, සම්මාසම්බුද්ධසාසනං; තස්මිං සගාරවා නිච්චං, හොන්තු සබ්බෙපි පාණිනො.
චිරං තිට්ඨතු ලොකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං තස්මිං සගාරවා නිච්චං - හොන්තු සබ්බෙපි පාණිනො
ලොවැ, සම්මා සම්බුදු සසුන චිරකල් පවතීවා. සියලු ප්‍රාණීහු එහි නිතර ගෞරව සහිත වෙත්වා.
සම්මා වස්සතු කාලෙන, දෙවොපි ජගතීපති; සද්ධම්මනිරතො ලොකං, ධම්මෙනෙව පසාසතූති.
සම්මා වස්සතු කාලෙන - දෙවොපි ජගතීපතී සද්ධම්ම නිරතො ලොකං - ධම්මෙනෙව පසාසතුති
වර්ෂාවද මනාව කල්හි වසීවා. භූපති තෙමේ දහම්හි නිරත ලෝකයා දැහැමින්ම පාලනය කෙරේවා.
බදරතිත්ථවිහාරවාසිනා ආචරියධම්මපාලත්ථෙරෙන කතාඋදානස්ස අට්ඨකථා සමත්තා.
ඛදරතීර්ථ වෙහෙස වැසි ආචාර්ය ධර්මපාල තෙරහු විසින් කරන ලද, උදානයෙහි අර්ථ කථාව සමාප්තයි.