ගන්ථාරම්භකථා අට්ඨකථා
ග්රන්ථ ආරම්භ කථා
මහාකාරුණිකං නාථං, ඤෙය්යසාගරපාරගුං; වන්දෙ නිපුණගම්භීර-විචිත්රනයදෙසනං.
1. මහා කාරුණික වූ අනුන්ට පිහිටවන දතයුතු දෙය නමැති සාගරයෙහි පරතෙරට පත්, සියුම් වූ ගැඹුරු වූ විසිතුරු ක්‍රමයෙන් දහම් දෙසන බුදුරජාණන් වහන්සේ මම වඳිමි.
විජ්ජාචරණසම්පන්නා, යෙන නිය්යන්ති ලොකතො; වන්දෙ තමුත්තමං ධම්මං, සම්මාසම්බුද්ධපූජිතං.
2. යම් ධර්මයකින්, විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත වූ පුද්ගලයෝ ලෝකයෙන් එතරට පමුණුවත් ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද ඒ උතුම් ධර්මය මම වඳිමි.
සීලාදිගුණසම්පන්නො, ඨිතො මග්ගඵලෙසු යො; වන්දෙ අරියසඞ්ඝං තං, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
3. යම් පුද්ගලයෙක් ශීලාදී ගුණසම්පන්න වූයේ ද මාර්ගඵලයන්හි පිහිටියේ ද ඒ අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝයා මම වඳිමි.
වන්දනාජනිතං පුඤ්ඤං, ඉති යං රතනත්තයෙ; හතන්තරායො සබ්බත්ථ, හුත්වාහං තස්ස තෙජසා.
4. මෙසේ රත්නත්‍රය කෙරෙහි වන්දනා කිරීමෙන් උපන් යම් පිනක් ඇද්ද ඒ පින් තෙදින් මම හැමතැනම නසන ලද අනතුරු ඇත්තෙක් වී.
එකකාදිප්පභෙදෙන, දෙසිතානි මහෙසිනා; ලොභාදීනං පහානානි, දීපනානි විසෙසතො.
5. විශේෂයෙන් ලෝභාදී ධර්මයන්ගේ ප්රහාණය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ විසින් ඒකක ආදී ප්‍රභේද වශයෙන් දේශනා කරන ලද
සුත්තානි එකතො කත්වා, ඉතිවුත්තපදක්ඛරං; ධම්මසඞ්ගාහකා ථෙරා, සඞ්ගායිංසු මහෙසයො.
6. ඉතිවුත්ත යන පදයෙන් යුක්ත සූත්‍ර එකතු කොට මහාර්ෂී වූ ධර්ම සංගායක ස්ථවිරයන් වහන්සේලා සංගායනා කළහ.
ඉතිවුත්තකමිච්චෙව, නාමෙන වසිනො පුරෙ; යං ඛුද්දකනිකායස්මිං, ගම්භීරත්ථපදක්කමං.
7. පෙර මහ තෙරවරු යම් ගැඹුරු පදාර්ථ ක්‍රමයක් වීද එය ඉතිවුත්තක යන නමින් ඛුද්දක නිකායෙහි සංග්‍රහ කළහ.
තස්ස ගම්භීරඤාණෙහි, ඔගාහෙතබ්බභාවතො; කිඤ්චාපි දුක්කරා කාතුං, අත්ථසංවණ්ණනා මයා.
8. ගැඹුරු නුවණින් ඊට බැසගතයුතු බැවින් මා විසින් එහි අර්ථ වර්ණනා කරන්නට දුෂ්කර නමුත්.
සහසංවණ්ණනං යස්මා, ධරතෙ සත්ථු සාසනං; පුබ්බාචරියසීහානං, තිට්ඨතෙව විනිච්ඡයො.
9. යම් හෙයකින් ශාස්තෲ ශාසනය අර්ථ වර්ණනා සමඟ පවතී ද පෙර ඇඳුරුවරුන්ගේ විනිශ්චය පවතී ද,
තස්මා තං අවලම්බිත්වා, ඔගාහෙත්වාන පඤ්චපි; නිකායෙ උපනිස්සාය, පොරාණට්ඨකථානයං.
10. එහෙයින් එහි එල්ලී නිකාය පහට බැසගෙන පැරණි අටුවා කථා ක්‍රමය ඇසුරුකොට,
නිස්සිතං වාචනාමග්ගං, සුවිසුද්ධං අනාකුලං; මහාවිහාරවාසීනං, නිපුණත්ථවිනිච්ඡයං.
11. මහා විහාරවාසී තෙරවරුන්ගේ සියුම් වූ අර්ථ විනිශ්චය ඇති පිරිසිදු වූ නිරවුල් වූ ඉගැන්වීම් පිළිවෙළ (වාචනා මාර්ගය) ඇසුරුකොට,
පුනප්පුනාගතං අත්ථං, වජ්ජයිත්වාන සාධුකං; යථාබලං කරිස්සාමි, ඉතිවුත්තකවණ්ණනං.
12. නැවත නැවත ආවා වූ අර්ථ දුරුකොට මනාකොට ශක්ති පමණින් ඉතිවුත්තක වර්ණනාව කරන්නෙමි.
ඉති ආකඞ්ඛමානස්ස, සද්ධම්මස්ස චිරට්ඨිතිං; විභජන්තස්ස තස්සත්ථං, නිසාමයථ සාධවොති.
13. සත්පුරුෂයිනි, මෙසේ සද්ධර්මයේ බොහෝකල් පැවැත්ම කැමතිවන්නා වූ මා විසින් බෙදා දක්වන්නා වූ ඒ ඉතිවුත්තක පාළියේ අර්ථකථාව අසව්. (අසනු මැනවි.)
තත්ථ ඉතිවුත්තකං නාම එකකනිපාතො, දුකනිපාතො, තිකනිපාතො, චතුක්කනිපාතොති චතුනිපාතසඞ්ගහං. තම්පි විනයපිටකං, සුත්තන්තපිටකං, අභිධම්මපිටකන්ති තීසු පිටකෙසු සුත්තන්තපිටකපරියාපන්නං; දීඝනිකායො මජ්ඣිමනිකායො, සංයුත්තනිකායො, අඞ්ගුත්තරනිකායො, ඛුද්දකනිකායොති පඤ්චසු නිකායෙසු ඛුද්දකනිකායපරියාපන්නං; සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලන්ති නවසු සාසනඞ්ගෙසු ඉතිවුත්තකඞ්ගභූතං.
එහි ඉතිවුත්තකය යනු ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත, චතුක්ක නිපාත යන නිපාත සතරක සංග්‍රහයයි. එය විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන පිටක තුන අතුරෙන් සූත්‍ර පිටකයට ඇතුළත්ය. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන නිකාය පහ අතුරෙන් ඛුද්දක නිකායට ඇතුළත්ය. සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාසනය අතුරෙන් ඉතිවුත්තක අංගයෙහි විද්‍යමානය.
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙසහස්සානි භික්ඛුතො; චතුරාසීති සහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති. (ථෙරගා· 1027) –
ද්වාසීතිං බුද්ධතො ගණ්හං ද්වෙ සහස්සානි භික්ඛුතො චතුරාසීති සහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනො’ති
‘අසූ දෙදහසක් බුදුරජාණන් වහන්සේගෙන් ද දෙදහසක් භික්ෂූන්ගෙන් ද ගත්තෙමි. (මෙසේ) අසූහාර දහසක් යම් මේ ධර්මයෝ පවතිත්දැ’යි
එවං ධම්මභණ්ඩාගාරිකෙන පටිඤ්ඤාතෙසු චතුරාසීතියා ධම්මක්ඛන්ධසහස්සෙසු කතිපයධම්මක්ඛන්ධසඞ්ගහං. සුත්තතො එකකනිපාතෙ තාව සත්තවීසති සුත්තානි, දුකනිපාතෙ ද්වාවීසති, තිකනිපාතෙ පඤ්ඤාස, චතුක්කනිපාතෙ තෙරසාති ද්වාදසාධිකසුත්තසතසඞ්ගහං.
මෙසේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රතිඥා කරන ලද අසූහාර දහසක් ධර්මස්කන්ධයන් අතුරෙන් ධර්මස්කන්ධ කීපයක සංග්‍රහයකි. පළමුකොට සූත්‍ර වශයෙන් ඒකක නිපාතයෙහි සූත්‍ර විසිහතක් ද දුක නිපාතයෙහි සූත්‍ර විසි දෙකක් ද තික නිපාතයෙහි සූත්‍ර පනහක් ද චතුක්ක නිපාතයෙහි සූත්‍ර දහතුනක් ද යනුවෙන් සූත්‍ර එකසිය දොළසක සංග්‍රහයකි.
තස්ස නිපාතෙසු එකකනිපාතො ආදි, වග්ගෙසු පාටිභොගවග්ගො, සුත්තෙසු ලොභසුත්තං. තස්සාපි “වුත්තඤ්හෙතං භගවතා”තිආදිකං ආයස්මතා ආනන්දෙන පඨමමහාසඞ්ගීතිකාලෙ වුත්තං නිදානමාදි. සා පනායං පඨමමහාසඞ්ගීති විනයපිටකෙ තන්තිමාරුළ්හා එව. යො පනෙත්ථ නිදානකොසල්ලත්ථං වත්තබ්බො කථාමග්ගො, සොපි සුමඞ්ගලවිලාසිනියා දීඝනිකාය-අට්ඨකථාය විත්ථාරතො වුත්තොයෙවාති තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
ඒ ඉතිවුත්තක පාළියේ නිපාත අතුරෙන් ඒකක නිපාතය පළමුකොට ඇත. වර්ග අතුරෙන් පාරිභෝග වර්ගය පළමුකොට ඇත. සූත්‍ර අතුරෙන් ලෝභ සූත්‍රය පළමු කොට ඇත. එයිනුදු ‘වුත්තං හෙතං භගවතා’ යනුවෙන් මුල්කොට ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රථම සංගීති කාලයෙහි වදාරන ලද නිදානය පළමුකොට ඇත. ඒ මේ ප්‍රථම මහා සංගීතය වනාහි විනය පිටකයෙහි දී (චුල්ලවග්ග පාළියෙහි) පාළියට (පෙළ දහමට) නගන ලද්දේම ය. එහි නිදානයෙහි දක්ෂභාවය පිණිස කිවයුතු කථා මාර්ගය සුමංගල විලාසිනී දීඝනිකායට්ඨකථාවෙහි විස්තර වශයෙන් කියන ලද්දේමය. එහි කියන ලද ආකාරයෙන් ම එය දතයුතුය.
නිදානවණ්ණනා
නිදාන වර්ණනාව
යං පනෙතං වුත්තඤ්හෙතං භගවතාතිආදිකං නිදානං. එකධම්මං, භික්ඛවෙ, පජහථාතිආදිකං සුත්තං. තත්ථ වුත්තං භගවතාතිආදීනි නාමපදානි. ඉතීති නිපාතපදං. පජහථාති එත්ථ ප-ඉති උපසග්ගපදං, ජහථා-ති ආඛ්යාතපදං. ඉමිනා නයෙන සබ්බත්ථ පදවිභාගො වෙදිතබ්බො.
‘වුත්තං හෙතං භගවතා’ යනාදිය නිදානය යි. ‘එකධම්මං භික්ඛවෙ පජහථ’ යනාදිය සූත්‍රය යි. එහි වුත්තං භගවතා යනාදිය නාමපදය. ඉති යනු නිපාත පදය යි. පජහථ යන මෙහි ‘ප’ යනු උපසර්ග පදය යි. ‘ජහථ’ යනු ආඛ්‍යාත පදයයි, මේ ක්‍රමයෙන් සැමතැන පද විභාගය දතයුතුය.
අත්ථතො පන වුත්තසද්දො තාව සඋපසග්ගො අනුපසග්ගො ච වපනෙ වාපසමකරණෙ කෙසොහාරණෙ ජීවිතවුත්තියං පවුත්තභාවෙ පාවචනභාවෙන පවත්තිතෙ අජ්ඣෙසනෙ කථනෙති එවමාදීසු දිස්සති. තථා හෙස –
අර්ථ වශයෙන් පළමු කොට වුත්ත ශබ්දය උපසර්ග ඇතිව ද උපසර්ග නැතිව ද බීජ වැපිරීමෙහි, වැපිරූ බිම සම කිරීමෙහි, කෙස් කැපීමෙහි, ජීවිත පැවැත්මෙහි, බන්ධනයෙන් මිදීමෙහි, බුද්ධ වචන වශයෙන් පැවැත්මෙහි, ඉල්ලා සිටීමෙහි (අජ්ඣෙනෙ) කීමෙහි යන මේ ආදියෙහි දක්නට ලැබේ. එය එසේම යි.
“ගාවො තස්ස පජායන්ති, ඛෙත්තෙ වුත්තං විරූහති; වුත්තානං ඵලමස්නාති, යො මිත්තානං න දුබ්භතී”ති. –
ගාවො තස්ස පජායන්ති ඛෙත්තෙ වුත්තං විරූහති වුත්තානං ඵලමස්නාති යො මිත්තානං න දූභතී’ති
මිත්‍රයන්ට එරෙහි නොවන තැනැත්තාගේ ගවයෝ බොහෝ වෙති. කෙතෙහි වැපිරූ දෙය වැඩෙයි. ඒ ධාන්‍යඵල (අස්වන්න) අනුභව කරයි.
ආදීසු (ජා· 2.22.19) වපනෙ ආගතො. “නො ච ඛො පටිවුත්ත”න්තිආදීසු (පාරා· 289) අට්ඨදන්තකාදීහි වාපසමකරණෙ. “කාපටිකො මාණවො දහරො වුත්තසිරො”තිආදීසු (ම· නි· 2.426) කෙසොහාරණෙ. “පන්නලොමො පරදත්තවුත්තො මිගභූතෙන චෙතසා විහරතී”තිආදීසු (චූළව· 332) ජීවිතවුත්තියං. “සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පවුත්තො අභබ්බො හරිතත්ථායා”තිආදීසු (පාරා· 92; පාචි· 666; මහාව· 129) බන්ධනතො පවුත්තභාවෙ. “යෙසමිදං එතරහි, බ්රාහ්මණා, පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිත”න්තිආදීසු පාවචනභාවෙන පවත්තිතෙ. ලොකෙ පන – “වුත්තො ගණො වුත්තො පාරායනො”තිආදීසු අජ්ඣෙනෙ. “වුත්තං ඛො පනෙතං භගවතා ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදා”තිආදීසු (ම· නි· 1.30) කථනෙ. ඉධාපි කථනෙ දට්ඨබ්බො. තස්මා වුත්තං කථිතං භාසිතන්ති අත්ථො.
ආදියෙහි වැපිරීමෙහි ආයේය. ‘නො ච ඛො පටිවුත්තං’ ආදියෙහි අට්ඨදන්තක ආදී උපකරණවලින් වැපිරූ බිම සම කිරීමෙහි ආයේය. ‘කාපඨිකො මානවො දහරො වුත්තසිරො’ ආදියෙහි කෙස් කැපීමෙහි ආයේය. ‘පණ්ණලොමො පරදවුත්තො මිගභූතෙන චෙතසා විහරති’ ආදියෙහි ජීවිත පැවැත්මෙහි ආයේය. ‘සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පවුත්තො අභබ්බො හරිතත්තාය’ ආදියෙහි බන්ධනයෙන් මිදීමෙහි ආයේය. ‘යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං’ ආදියෙහි බුද්ධවචන වශයෙන් පැවැත්මෙහි ආයේය. ලෝකයෙහි වනාහි (ලෝක ව්‍යවහාරයෙහි) ‘වුත්තො ගණො වුත්තො පාරායනො’ ආදියෙහි ඉල්ලා සිටීමෙහි ආයේය. ‘වුත්තං ඛො පනෙතං භගවතා ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා’ ආදියෙහි කීමෙහි ආයේය. මෙහි ද ‘කීමෙහි’ දතයුතුය. එහෙයින් (වුත්තං, කථිතං, භාසිතං =) කියන ලද යන අර්ථයි.
දුතියො පන වුත්තසද්දො වචනෙ චිණ්ණභාවෙ ච වෙදිතබ්බො. හි-ඉති ජාතු විබ්යත්තන්ති එතස්මිං අත්ථෙ නිපාතො. සො ඉදානි වුච්චමානසුත්තස්ස භගවතො විබ්යත්තං භාසිතභාවං ජොතෙති. වාචකසද්දසන්නිධානෙ හි පයුත්තා නිපාතා. තෙහි වත්තබ්බමත්ථං ජොතෙන්ති. එතන්ති අයං එතසද්දො –
දෙවන ‘වුත්ත’ ශබ්දය වචනයෙහි ද පුරුදුකරන ලද බවෙහි ද දතයුතුය. හි යනු ඒකාන්තයෙන් ව්‍යක්ත (දක්ෂ) යන මේ අර්ථයෙහි නිපාතයකි. ඒ ‘හි’ නිපාතය දැන් කියනු ලබන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂ (අර්ථවත්) ලෙස කියන ලද බව ප්‍රකට කරයි. වචනවලින් කියන ශබ්දය (අර්ථය) තීරණය කිරීමෙහි යෙදුණු නිපාත, ඒවායින් කිවයුතු අර්ථය ප්‍රකට කරයි. එතං යනු මේ එත ශබ්දය
“යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො; චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.
යො ච බුද්ධං ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො චත්තාරි අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති
යමෙක් බුදුරජාණන් වහන්සේ ද ධර්මය ද සංඝයා ද සරණ ගියේ වේ නම් සතර ආර්ය සත්‍ය මනාව විදසුන් නුවණැසින් දකින්නේ නම්
“දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං; අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියඤ්චට්ඨංගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං
දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධ සත්‍යයත් දුක් සන්සිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ග සත්‍යයත් මනාව විදසුන් නුවණැසින් දකින්නේ නම්,
“එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තමං; එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චතී”ති. (ධ· ප· 190-192) –
එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං එතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති
මේ සරණය නිර්භයය. මේ සරණය උතුම්ය. මේ සරණයට පැමිණ සියලු දුකින් මිදෙන්නේය
ආදීසු යථාවුත්තෙ ආසන්නපච්චක්ඛෙ ආගතො.
යන ආදියෙහි කියන ලද ආකාර ඇති ආසන්න ප්රතිපක්ෂයෙහි ආයේය.
“අප්පමත්තකං ඛො පනෙතං, භික්ඛවෙ, ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්යා”තිආදීසු (දී· නි· 1.7) පන වක්ඛමානෙ ආසන්නපච්චක්ඛෙ. ඉධාපි වක්ඛමානෙයෙව දට්ඨබ්බො. සඞ්ගායනවසෙන වක්ඛමානඤ්හි සුත්තං ධම්මභණ්ඩාගාරිකෙන බුද්ධියං ඨපෙත්වා තදා “එත”න්ති වුත්තං.
‘අප්පමත්තකං ඛො පනෙතං භික්ඛවෙ ඔරමත්තකං සීලමත්තකං යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය’ ‘මහණෙනි, තථාගතයන් වහන්සේගේ ගුණ කියන පෘථග්ජන (පුහුදුන්) පුද්ගලයා යම් ගුණයක් කරණකොට කියන්නේ නම් ඒ ගුණය අල්පමාත්‍ර එකකි. ස්වල්පමාත්‍ර එකකි. ආචාරශීලමාත්ර එකකි’ යනාදියෙහි කියනු ලබන ආසන්න ප්රත්යක්ෂයෙහි යෙදේ. මෙහි ද කියනු ලබන ආසන්න ප්රත්යක්ෂයෙහිය යි දතයුතුය. සංගායනා වශයෙන් කියන්නා වූ සූත්‍රය ධර්මභාණ්ඩාගාරික (ආනන්ද) ස්ථවිරයන් වහන්සේ විසින් බුද්ධියෙහි තබා එකල්හි එතං යනුවෙන් කියන ලදී.
භගවතාති එත්ථ භගවාති ගරුවචනං. ගරුං හි ලොකෙ භගවාති වදන්ති. තථාගතො ච සබ්බගුණවිසිට්ඨතාය සත්තානං ගරු, තස්මා භගවාති වෙදිතබ්බො. පොරාණෙහිපි වුත්තං –
භගවතා යන මෙහි ‘භගවා’ යනු ගරු වචනයකි. ‘ගරු’ යන පදය ලෝකයෙහි ‘භගවා’ යයි කියති. තථාගතයන් වහන්සේ සියලු ගුණවලින් විශිෂ්ට (උතුම්) හෙයින් සත්ත්වයන්ගේ ගරුකළයුත්තා වෙති. එහෙයින් භගවා යයි දතයුතුය. පැරැන්නන් විසින් ද මෙසේ කියන ලදී.
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරු ගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති.
භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං ගරුගාරවයුත්තො සො භගවා තෙන වුච්චති
භගවා යන වචනය ශ්‍රේෂ්ඨය. භගවා යන වචනය උතුම්ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ගරුය, ගෞරවයෙන් යුක්තය. එහෙයින් භගවා යයි කියනු ලැබේ.
සෙට්ඨවාචකඤ්හි වචනං සෙට්ඨගුණසහචරණතො සෙට්ඨන්ති වුත්තං. අථ වා වුච්චතීති වචනං, අත්ථො. තස්මා භගවාති වචනං සෙට්ඨන්ති භගවාති ඉමිනා වචනෙන වචනීයො යො අත්ථො, සො සෙට්ඨොති අත්ථො. භගවාති වචනමුත්තමන්ති එත්ථාපි එසෙව නයො. ගාරවයුත්තොති ගරුභාවයුත්තො ගරුගුණයොගතො, ගරුකරණං වා සාතිසයං අරහතීති ගාරවයුත්තො, ගාරවාරහොති අත්ථො. එවං ගුණවිසිට්ඨසත්තුත්තමගරුගාරවාධිවචනමෙතං යදිදං භගවාති. අපිච –
ශ්රේෂ්ඨවාචක (උතුම් බව කියන්නා වූ) වචනය ශ්‍රේෂ්ඨ ගුණ සමග හැසිරෙන බැවින් ශ්‍රේෂ්ඨ යයි කියන ලදී. නැතහොත් ‘කියනු ලැබේ’ යන අරුතින් වචනය නම් වේ. එනම් අර්ථය යි. එහෙයින් ‘භගවා’ යන වචනය ශ්‍රේෂ්ඨයි. භගවා යන මේ වචනයෙන් කිවයුතු යම් අර්ථයක් වේද, එය ශ්‍රේෂ්ඨ යන අර්ථය යි. ‘භගවාති වචනමුත්තමං’ යන මෙහිද මේ ක්‍රමයමයි. ‘ගාරව යුත්තො’ යනු ගරු කළයුතු බවෙන් යුක්ත වූ, ගරුකළයුතු ගුණයෙන් යෙදුණු හෙයින් ගරුකිරීමට හෝ අතිශයින් ගරු කිරීමට සුදුසුය යන අරුතින් ගාරවයුත්ත නම් වේ. ගෞරවයට සුදුසුය යන අර්ථයයි. මෙසේ ගුණයෙන් විශිෂ්ට, සත්ත්වයන්ට උතුම්, ගරු, ගෞරව කළයුතු යන මේ වචන ‘භගවා’ යන්නට යෙදෙන වචනය. තවද,
“භගී භජී භාගී විභත්තවා ඉති, අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා; බහූහි ඤායෙහි සුභාවිතත්තනො, භවන්තගො සො භගවාති වුච්චතී”ති. –
භගී භජී විභත්තවා ඉති අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා බහූහි ඤායෙහි සුභාවිතත්තනො භවන්තගො සො භගවාති වුච්චති
යනුවෙන් සො ගරු 1. භගී ඉති 2. භජී ඉති 3. භාගී ඉති 4. විභත්තවා ඉති 5. භග්ගං අකාසි ඉති 6. භාග්‍යවා ඉති 7. බහූහි ඤායෙහි සුභාවිතත්තනො ඉති 8. භවන්තගො ඉති ‘භගවා’ ඉති වුච්චති
ඒ තුන්ලොවට ගුරු වූ බුදුරජාණන් වහන්සේ
1. සම්පත් ආදී භේද ඇති භග ධර්ම ඇත්තේය යන අරුතින්ද 2. දුර සෙනසුන් ආදිය ඇසුරු කළේය යන අරුතින් ද 3. අර්ථ, ධර්ම, විමුක්ති, රස භාග ඇත්තේය යන අරුතින් ද 4. ලෞකික ලෝකෝත්තර ධර්ම විභාග කළේය යන අරුතින් ද 5. රාගාදිය බිඳදැමීම කළේය යන අරුතින් ද 6. භාග්‍ය ඇත්තේය යන අරුතින් ද 7. නොයෙක් භාවනා ක්‍රමයෙන් වඩන ලද සිත් ඇත්තේය යන අරුතින් ද 8. භවයෙහි අන්තයට ගියේය යන අරුතින්ද භගවා යයි කියනු ලැබේ.
නිද්දෙසෙ ආගතනයෙන –
යනුවෙන් නිරදේශයෙහි (නිද්දෙස අටුවාවෙහි) ආවා වූ ක්‍රමයෙන් ද
“භාග්‍යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති.
භාග්‍යවා - භග්ගවා යුත්තො භගෙහි ච විභත්ත වා භත්තවා - වන්තගමනො භවෙසු භගවා තතො
1. භාග්‍ය ඇත්තේය යන අරුතින් ද 2. කෙලෙස් බින්දේය යන අරුතින් ද 3. සම්පත් ඇත්තේය යන අරුතින් ද 4. සියලු ධර්මයන් බෙදුවේය යන අරුතින් ද 5. දිව්‍ය-බ්‍රහ්ම-ආර්ය යන විහරණ ඇසුරු කළේය යන අරුතින් ද 6. භවත්‍රයෙහි වමනය කළ තෘෂ්ණා ගමන් ඇත්තේය යන අරුතින්ද
භගවා නම් වේ.
ඉමිස්සා ගාථාය ච වසෙන භගවාති පදස්ස අත්ථො වත්තබ්බො. සො පනායං අත්ථො සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ බුද්ධානුස්සතිනිද්දෙසෙ වුත්තොති. තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
මෙසේ මේ ගාථාවෙහි එන කරුණු වශයෙන් ද භගවා යන පදයට අරුත් කිවයුතුය. ඒ මේ අර්ථය වනාහි සියලු ආකාරයෙන් විසුද්ධි මග්ගයෙහි බුද්ධානුස්සති නිද්දේසයෙහි කියන ලද්දේය. එහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
අපරො නයො – භාගවාති භගවා, භතවාති භගවා, භාගෙ වනීති භගවා, භගෙ වනීති භගවා, භත්තවාති භගවා, භගෙ වමීති භගවා, භාගෙ වමීති භගවා.
වෙනත් ක්‍රමයක්
1. භාගවාති = භගවා 2. භතවාති = භගවා 3. භාගෙවනීති = භගවා 4. භගෙවනීති = භගවා 5. භත්තවාති = භගවා 6. භගෙවමීති = භගවා 7. භාගෙවමීති = භගවා
“භාගවා භතවා භාගෙ, භගෙ ච වනි භත්තවා; භගෙ වමි තථා භාගෙ, වමීති භගවා ජිනො”.
භාගවා - භතවා - භාගෙ භගෙ ච වනි භත්තවා භගෙ වමි - තථාභාගෙ වමිති භගවා ජිනො
තත්ථ කථං භාගවාති භගවා? යෙ තෙ සීලාදයො ධම්මක්ඛන්ධා ගුණකොට්ඨාසා, තෙ අනඤ්ඤසාධාරණා නිරතිසයා තථාගතස්ස අත්ථි උපලබ්භන්ති. තථා හිස්ස සීලං, සමාධි, පඤ්ඤා, විමුත්ති, විමුත්තිඤාණදස්සනං, හිරී, ඔත්තප්පං, සද්ධා, වීරියං, සති, සම්පජඤ්ඤං, සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි, සමථො, විපස්සනා, තීණි කුසලමූලානි, තීණි සුචරිතානි, තයො සම්මාවිතක්කා, තිස්සො අනවජ්ජසඤ්ඤා, තිස්සො ධාතුයො, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, චත්තාරො අරියමග්ගා, චත්තාරි අරියඵලානි, චතස්සො පටිසම්භිදා, චතුයොනිපරිච්ඡෙදකඤාණානි, චත්තාරො අරියවංසා, චත්තාරි වෙසාරජ්ජඤාණානි, පඤ්ච පධානියඞ්ගානි, පඤ්චඞ්ගිකො සම්මාසමාධි, පඤ්චඤාණිකො සම්මාසමාධි, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, පඤ්ච නිස්සාරණීයා ධාතුයො, පඤ්ච විමුත්තායතනඤාණානි, පඤ්ච විමුත්තිපරිපාචනීයා සඤ්ඤා, ඡ අනුස්සතිට්ඨානානි, ඡ ගාරවා, ඡ නිස්සාරණීයා ධාතුයො, ඡ සතතවිහාරා, ඡ අනුත්තරියානි, ඡ නිබ්බෙධභාගියා සඤ්ඤා, ඡ අභිඤ්ඤා, ඡ අසාධාරණඤාණානි, සත්ත අපරිහානියා ධම්මා, සත්ත අරියධනානි, සත්ත බොජ්ඣඞ්ගා, සත්ත සප්පුරිසධම්මා, සත්ත නිජ්ජරවත්ථූනි, සත්ත සඤ්ඤා, සත්ත දක්ඛිණෙය්යපුග්ගලදෙසනා, සත්ත ඛීණාසවබලදෙසනා, අට්ඨ පඤ්ඤාපටිලාභහෙතුදෙසනා, අට්ඨසම්මත්තානි, අට්ඨ ලොකධම්මාතික්කමො, අට්ඨ ආරම්භවත්ථූනි, අට්ඨ අක්ඛණදෙසනා, අට්ඨ මහාපුරිසවිතක්කා, අට්ඨ අභිභායතනදෙසනා, අට්ඨ විමොක්ඛා, නව යොනිසොමනසිකාරමූලකා ධම්මා, නව පාරිසුද්ධිපධානියඞ්ගානි, නව සත්තාවාසදෙසනා, නව ආඝාතප්පටිවිනයා, නව සඤ්ඤා, නව නානත්තා, නව අනුපුබ්බවිහාරා, දස නාථකරණා ධම්මා, දස කසිණායතනානි, දස කුසලකම්මපථා, දස සම්මත්තානි, දස අරියවාසා, දස අසෙක්ඛා ධම්මා, දස තථාගතබලානි, එකාදස මෙත්තානිසංසා, ද්වාදස ධම්මචක්කාකාරා, තෙරස ධුතගුණා, චුද්දස බුද්ධඤාණානි, පඤ්චදස විමුත්තිපරිපාචනීයා ධම්මා, සොළසවිධා ආනාපානස්සති, සොළස අපරන්තපනීයා ධම්මා, අට්ඨාරස බුද්ධධම්මා, එකූනවීසති පච්චවෙක්ඛණඤාණානි, චතුචත්තාලීස ඤාණවත්ථූනි, පඤ්ඤාස උදයබ්බයඤාණානි, පරොපණ්ණාස කුසලධම්මා, සත්තසත්තති ඤාණවත්ථූනි, චතුවීසතිකොටිසතසහස්සසමාපත්තිසඤ්චාරිමහාවජිරඤාණං, අනන්තනයසමන්තපට්ඨානපවිචයපච්චවෙක්ඛණදෙසනාඤාණානි, තථා අනන්තාසු ලොකධාතූසු අනන්තානං සත්තානං ආසයාදිවිභාවනඤාණානි චාති, එවමාදයො අනන්තා අපරිමාණභෙදා අනඤ්ඤසාධාරණා නිරතිසයා ගුණභාගා ගුණකොට්ඨාසා විජ්ජන්ති උපලබ්භන්ති. තස්මා යථාවුත්තවිභාගා ගුණභාගා අස්ස අත්ථීති භාගවාති වත්තබ්බෙ. ආකාරස්ස රස්සත්තං කත්වා “භගවා”ති වුත්තො. එවං තාව භාගවාති භගවා.
1. එහි භාග්‍යවතුන් වහන්සේ කෙසේ භාගවා නම් වෙත් ද? අනුන්ට පොදු නොවූ, ඉතා අධික වූ ඒ ශීලාදී ධර්මස්කන්ධ ගුණ කොටස් තථාගතයන් වහන්සේට ඇත, ලැබේ. එසේ උන්වහන්සේට සීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්ති ඥාන දර්ශන - හිරි- ඔත්තප්ප - ශ්‍රද්ධා - වීරිය - සති - සම්පජඤ්ඤ- සීල විසුද්ධි - දිට්ඨි විසුද්ධි - සමථ - විපස්සනා ද, කූසල මුල් තුන - සුචරිත තුන - සම්මා විතක්ක තුන - අනවජ්ජසඤ්ඤා තුන - ධාතු තුන ද, සතර සතිපට්ඨාන - සතර සම්මප්පධාන - සතර ඉද්ධිපාද - සතර ආර්ය මාර්ග - සතර ආර්ය ඵල - සතර පටිසම්භිදා - යෝනිසතර වෙන්කොට දැනගන්නා ඤාණය - අරියවංස සතර - වෛසාරද්‍ය ඥාන සතර ද පධානියංග පහ - අංග පහකින් යුත් සම්මා සමාධිය - ඤාණපහක් ඇති සම්මා සමාධිය - ඉන්ද්රිය පහ - බලපහ - නිස්සරණිය ධාතු පහ - විමුක්තායතන ඥාන පහ - විමුක්ති පරිපාචනීය ප්‍රඥා පහ ද අනුස්සතිට්ඨාන හය - ගෞරව හය - නිස්සරණීය ධාතු හය - සතතවිහාර හය -අනුත්තරිය හය - නිබ්බේධභාගිය ප්‍රඥා හය අභිඥා හය - අසාධාරණ ඤාණ හය ද, අපරිහානිය ධර්ම හත - ආර්ය ධන හත - බොජ්ඣංග හත - සත්පුරුෂ ධර්ම හත - නිර්ජර වස්තු හත - සඤ්ඤා හත - දක්ඛිණෙය්‍ය පුද්ගල දේශනා හත - ඛීණාසව බල දේසනා හත ද, ප්‍රඥා ප්රතිලාභ හේතු දේශනා අට - සම්මත්ත අට - ලෝකධර්ම අතික්‍රම අට - ආරම්භ අට - අක්ෂණ දේශනා අට - මහා පුරුෂ විතර්ක අට - අභිභායතන දේශනා අට - විමෝක්ෂ අට ද, යෝනිසෝ මනසිකාර මූලක ධර්ම නවය - පාරිසුද්ධි පධානියංග නවය - සත්තාවාස දේසනා නවය - ආඝාත පටිවිනය නවය -සඤ්ඤා නවය - නානත්ත දේශනා නවය - අනුපුබ්බවිහාර නවය ද, නාථකරණ ධර්ම දහය - කසිණායතන දහය - කුශල කර්මපථ දහය - සම්මත්ත දහය - ආර්යවාස දහය - අසේඛ ධම්ම දහය - තථාගත බල දහය ද, මෛත්‍රී ආනිසංශ එකොළහ - ධර්මචක්ර ආකාර දොළහ - ධුතගුණ දහතුන - බුද්ධඤාණ දාහතර - විමුක්ති පරිපාචනීය ධර්ම පහළොව - ආනාපාන සති දාසය ආකාරය - අපරන්තපනීය ධර්ම දාහත - බුද්ධ ධර්ම දහඅට - ප්රත්යවේක්ෂණ ඥාන දහනවය - ඥානවස්තු හතළිස් හතර - උදයව්‍ය ඤාණ පනහ - පණහට වැඩි කුශල ධර්ම - ඥාන වස්තු හැත්තෑහත - කෝටි විසිහතර ලක්ෂයක් සමාපත්ති - සංචාරි මහා වජිර ඤාණය - අනන්ත නය සමන්ත පට්ඨාන පවිචය පච්චවෙක්ඛණ දේසනා ඤාණ ද, එසේ ම අනන්ත ලෝකධාතුවල අනන්ත සත්ත්වයන්ගේ ආසය ආදිය හෙළිකරන ඤාණදැයි මේ ආදී අනන්ත අප්‍රමාණ භේද ඇති අන්‍යයන්ට පොදු නොවූ ඉතා අධික වූ ගුණභාග ගුණ කොටස් විද්‍යාමාන වේ, ලැබේ. එහෙයින් කියන ලද ආකාර බෙදීම් ඇති ගුණ භාග උන්වහන්සේට ඇත යන අරුතින් භගවා නම් වේ. භාගවා යනුවෙන් කිවයුත්තෙහි (භා යන්නෙහි) ආකාරයට කෙටි (භ්‍රස්ව) බව කොට භගවා යනුවෙන් කියන ලදී. මෙසේ පළමුකොට භාගවානි = භගවා නම් වෙති.
“යස්මා සීලාදයො සබ්බෙ, ගුණභාගා අසෙසතො; විජ්ජන්ති සුගතෙ තස්මා, භගවාති පවුච්චති”.
යස්මා සීලාදයො සබ්බෙ ගුණභාගා අසෙසතො විජ්ජන්ති සුගතෙ තස්මා භගවාති පවුච්චති
සීලාදී සියලු ගුණභාග ඉතිරි නොකොට සුගතයන් වහන්සේ කෙරෙහි විද්‍යමාන වන (පෙනෙන) නිසා භගවා යයි කියනු ලැබේ.
කථං භතවාති භගවා? යෙ තෙ සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නෙහි මනුස්සත්තාදිකෙ අට්ඨ ධම්මෙ සමොධානෙත්වා සම්මාසම්බොධියා කතමහාභිනීහාරෙහි මහාබොධිසත්තෙහි පරිපූරෙතබ්බා දානපාරමී, සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චඅධිට්ඨානමෙත්තාඋපෙක්ඛාපාරමීති දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමතිංස පාරමියො, දානාදීනි චත්තාරි සඞ්ගහවත්ථූනි, චත්තාරි අධිට්ඨානානි, අත්තපරිච්චාගො, නයනධනරජ්ජපුත්තදාරපරිච්චාගොති පඤ්ච මහාපරිච්චාගා, පුබ්බයොගො, පුබ්බචරියා, ධම්මක්ඛානං, ලොකත්ථචරියා, ඤාතත්ථචරියා, බුද්ධත්ථචරියාති එවමාදයො සඞ්ඛෙපතො වා පුඤ්ඤසම්භාරඤාණසම්භාරා බුද්ධකරධම්මා, තෙ මහාභිනීහාරතො පට්ඨාය කප්පානං සතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි යථා හානභාගියා, සංකිලෙසභාගියා, ඨිතිභාගියා, වා න හොන්ති; අථ ඛො උත්තරුත්තරි විසෙසභාගියාව හොන්ති;
2. භාග්‍යවතුන් වහන්සේ කෙසේ භතවා නම් වෙත් ද? සියලු ලෝකයාගේ හිත පිණිස උත්සාහවත් බවට පැමිණි මිනිසත් බව මුල්කොට ඇති කරුණු අට එක්රැස් කොට සම්මා සම්බෝධිය පිණිස කරන ලද ප්‍රාර්ථනා ඇති මහාබෝධිසත්ත්වයන් වහන්සේලා විසින් පිරිය යුතු වූ ඒ දාන පාරමී - සීල පාරමී - නෙක්ඛම්ම පාරමී - පඤ්ඤා පාරමී - විරිය පාරමී - බන්ති පාරමී - සච්ච පාරමී - අධිට්ඨාන පාරමී - මෙත්තා පාරමී - උපෙක්ඛා පාරමී යන දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී යන සමතිස් පාරමී, දානාදී සතර සංග්‍රහ වස්තු, සතර අධිෂ්ඨාන, ආත්ම පරිත්‍යාගය, ඇස් පරිත්‍යාගය, ධන පරිත්‍යාගය, රාජ්‍ය පරිත්‍යාගය, අඹුදරුවන් පරිත්‍යාගය යන මහා පරිත්‍යාග පහ, පූර්වයෝග, පූර්ව චරියා, ධර්මය කීම, ඤාතත්ථ චරියා, ලෝකත්ථචරියා, බුද්ධත්ථචරියා යන මේ ආදිය කෙටියෙන් කිවහොත් පුණ්‍ය සම්භාර (රාශිය), ඤාන සම්භාර, බුද්ධ කාරක ධර්මයෝ ය. ඒවා මහාභිනීහාරයේ පටන් කල්ප ලක්ෂයක් අධික කොට ඇති සතර අසංඛ්‍යයක් කල් හානභාගිය (ලැබූ ගුණධර්ම පිරිහෙන ගතියට නැඹුරු වූයේ) සංකිලෙස භාගිය (කෙලෙසෙන ගතියට නැඹුරු වූයේ) ඨිතිභාගිය (ලැබූ ගුණධර්ම එලෙසම පැවතීමක්) නොවී මතු මත්තෙහිත් විශේෂභාගියම (ඉහළ ඉහළ ගුණධර්ම ලැබීමට නැඹුරු වූයේ) වෙයි.
එවං සක්කච්චං නිරන්තරං අනවසෙසතො භතා සම්භතා අස්ස අත්ථීති භතවාති භගවා; නිරුත්තිනයෙන තකාරස්ස ගකාරං කත්වා. අථ වා භතවාති තෙයෙව යථාවුත්තෙ බුද්ධකරධම්මෙ වුත්තනයෙන භරි සම්භරි පරිපූරෙසීති අත්ථො. එවම්පි භතවාති භගවා.
මෙසේ සකස්කොට, නිරතුරුව, ඉතිරි නොවන ලෙස, රැස්කරන ලද මනාව රැස්කරන ලද ගුණ උන්වහන්සේට ඇත යන අරුතින් භතවා නම් වෙති. නිරුක්ති ක්‍රමයෙන් ‘ත’ කාරයට ‘ග’ කාරය කොට භතවා යන්න භගවා නම් වේ. නොහොත් භගවා යනු කියන ලද ආකාර ඇති ඒ බුද්ධකාරක ධර්මයන්ම කියන ලද ආකාරයෙන් රැස්කළේය. මනාව රැස්කළේය, සම්පූර්ණ කළේය යන අර්ථයි. මෙසේ ද (භතවා ති) රැස් කරන ලද අරුතින් භගවා නම් වෙති.
“යස්මා සම්බොධියා සබ්බෙ, දානපාරමිආදිකෙ; සම්භාරෙ භතවා නාථො, තස්මාපි භගවා මතො”.
යස්මා සම්බොධියා සබ්බෙ දානපාරමි ආදිකෙ සම්භාරෙ භත්වා නාථො තස්මාපි භගවා මතො
යම්හෙයකින් සම්බෝධිය පිණිස වූ දාන පාරමිතාව මුල්කොට ඇති සියලු පුණ්‍ය සම්භාර ධර්ම බුදුරජාණන් වහන්සේ රැස්කළාහු ද එහෙයින් (භතවා යන්න) භගවා යනුවෙන් දන්නා ලදී.
කථං භාගෙ වනීති භගවා? යෙ තෙ චතුවීසතිකොටිසතසහස්සසඞ්ඛා දෙවසිකං වළඤ්ජනකසමාපත්තිභාගා, තෙ අනවසෙසතො ලොකහිතත්ථං අත්තනො දිට්ඨධම්මසුඛවිහාරත්ථඤ්ච නිච්චකප්පං වනි භජි සෙවි බහුලමකාසීති භාගෙ වනීති භගවා.
3. භාග්‍යවතුන් වහන්සේ කෙසේ භාගෙවනි නම් වෙත් ද? යම් ඒ කෝටි විසිහතර ලක්ෂයක් දිනපතා වළඳන (සමවදින) සමාපත්ති භාග (කොටස්) ඇත්ද ඒවා ඉතිරි නොකිරීම් වශයෙන් ලෝකයාට හිත අර්ථය පිණිසද තමාගේ මෙලොව සැප විහරණය පිණිස ද නිරතුරුව භජනය කළේය. සේවනය කළේය. බහුල වශයෙන් කළේය යනුවෙන් (සමාපත්ති) භාග භජනය කළේය යන අරුතින් භගවා නම් වෙති.
අථ වා අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු කුසලාදීසු ඛන්ධාදීසු ච යෙ තෙ පරිඤ්ඤෙය්යාදිවසෙන සඞ්ඛෙපතො වා චතුබ්බිධා අභිසමයභාගා, විත්ථාරතො පන “චක්ඛු පරිඤ්ඤෙය්යං …පෙ… ජරාමරණං පරිඤ්ඤෙය්‍ය”න්තිආදිනා (පටි· ම· 1.21) අනෙකෙ පරිඤ්ඤෙය්යභාගා, “චක්ඛුස්ස සමුදයො පහාතබ්බො…පෙ… ජරාමරණස්ස සමුදයො පහාතබ්බො”තිආදිනා පහාතබ්බභාගා, “චක්ඛුස්ස නිරොධො සච්ඡිකාතබ්බො…පෙ… ජරාමරණස්ස නිරොධො සච්ඡිකාතබ්බො”තිආදිනා සච්ඡිකාතබ්බභාගා, “චක්ඛුනිරොධගාමිනීපටිපදා භාවෙතබ්බා…පෙ… චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා”තිආදිනා ච අනෙකභෙදා භාවෙතබ්බභාගා ච ධම්මා, තෙ සබ්බෙ වනි භජි යථාරහං ගොචරභාවනාසෙවනානං වසෙන සෙවි. එවම්පි භාගෙ වනීති භගවා.
නැතහොත් අභිඤ්ඤෙය්‍ය (විශේෂයෙන් දතයුතු) ධර්මවල ද කුසලාදියෙහි ද ස්කන්ධ ආදියෙහි ද පරිඤ්ඤෙය්‍ය (පිරිසිඳ දතයුතු) ආදී වශයෙන් කෙටියෙන් සතරාකාර අභිසමය භාග හෝ විස්තර වශයෙන් ඇස පිරිසිඳ දතයුතුය. (චක්ඛු පරිඤ්ඤෙය්යං) -පෙ- ජරාමරණ පිරිසිඳ දතයුතුය. (ජරාමරණං පරිඤ්ඤෙය්යං) යන ආදී පිරිසිඳ දතයුතු නොයෙක් භාග ද ඇසේ හටගැනීමට හේතුව (චක්ඛුස්ස සමුදයො) පහකළ යුතුය. -පෙ- ජරාමරණ හටගැනීමට හේතුව දුරුකළ යුතුය යනාදී දුරු කළයුතු භාග ද ඇසේ නැතිවීම (චක්ඛුස්ස නිරොධො) ප්රත්යක්ෂ කළ යුතුය, ජරාමරණ නැතිවීම ප්රත්යක්ෂ කළ යුතුය යන ආදී ප්රත්යක්ෂ කළයුතු භාග (සච්ඡිකාතබ්බ භාගා) ද ඇස නැතිවීමට පමුණුවන ප්‍රතිපදාව (චක්ඛු නිරෝධගාමිනී පටිපදා) වැඩිය යුතුය. -පෙ- සතර සතිපට්ඨානය වැඩිය යුතුය යනාදී වශයෙන් නොයෙක් භේද ඇති වැඩිය යුතු ධර්ම භාග ද යන ඒ සියල්ල භජනය කළේය. සුදුසු පරිදි ගෝචර වශයෙන් - භාවනා වශයෙන් - සේවන වශයෙන් ඇසුරු කළේය. මෙසේ ද භාග (කොටස්) ඇසුරු කළේය යන අරුතින් (භාගෙ වනීති) භගවා නම් වෙති.
අථ වා යෙ ඉමෙ සීලාදයො ධම්මක්ඛන්ධා සාවකෙහි සාධාරණා ගුණකොට්ඨාසා ගුණභාගා, කින්ති නු ඛො තෙ වෙනෙය්යසන්තානෙසු පතිට්ඨපෙය්යන්ති මහාකරුණාය වනි අභිපත්ථයි. සා චස්ස අභිපත්ථනා යථාධිප්පෙතඵලාවහා අහොසි. එවම්පි භාගෙ වනීති භගවා.
නැතහොත් මේ සාධාරණ ශීලාදී ධර්මස්කන්ධ, ගුණ කොටස් ගුණභාග හික්මවිය යුතු සිත්වල කෙසේ පිහිටුවන්නෙම් දැයි මහා කරුණාවෙන් ප්‍රාර්ථනා කළහ. උන්වහන්සේගේ ඒ ප්‍රාර්ථනාව අදහස් කරන ලද ප්‍රතිඵල ගෙනෙන ලද්දේ විය. මෙසේ කොටස් භජනය කළේය යන අදහසින් භගවා නම් වෙති.
“යස්මා ඤෙය්යසමාපත්ති-ගුණභාගෙ තථාගතො; භජි පත්ථයි සත්තානං, හිතාය භගවා තතො”.
යස්මා ඤෙය්‍ය සමාපත්ති ගුණභාගෙ තථාගතො භජි පත්ථයි සත්තානං හිතාය භගවා තතො
තථාගතයන් වහන්සේ යම්හෙයකින් දතයුතු දේ, සමාපත්ති (ආදී) ගුණ භාග හෙවත් ගුණ සත්ත්වයන්ගේ හිතසුව පිණිස ප්‍රාර්ථනා කළසේක්ද එහෙයින් භගවා නම් වන සේක.
කථං භගෙ වනීති භගවා? සමාසතො තාව කතපුඤ්ඤෙහි පයොගසම්පන්නෙහි යථාවිභවං භජීයන්තීති භගා, ලොකියලොකුත්තරා සම්පත්තියො. තත්ථ ලොකියෙ තාව තථාගතො සම්බොධිතො පුබ්බෙ බොධිසත්තභූතො පරමුක්කංසගතෙ වනි භජි සෙවි, යත්ථ පතිට්ඨාය නිරවසෙසතො බුද්ධකරධම්මෙ සමන්නානෙන්තො බුද්ධධම්මෙ පරිපාචෙසි. බුද්ධභූතො පන තෙ නිරවජ්ජසුඛූපසංහිතෙ අනඤ්ඤසාධාරණෙ ලොකුත්තරෙපි වනි භජි සෙවි. විත්ථාරතො පන පදෙසරජ්ජඉස්සරියචක්කවත්තිසම්පත්තිදෙවරජ්ජසම්පත්තිආදිවසෙන ඣානවිමොක්ඛසමාධිසමාපත්තිඤාණදස්සනමග්ගභාවනාඵල- සච්ඡිකිරියාදිඋත්තරිමනුස්සධම්මවසෙන ච අනෙකවිහිතෙ අනඤ්ඤසාධාරණෙ භගෙ වනි භජි සෙවි. එවං භගෙ වනීති භගවා.
4. භාග්‍යවතුන් වහන්සේ කෙසේ භගෙ වනි නම් වෙත් ද? පළමුව කෙටියෙන් කරන ලද පින්වලින්, ප්රයෝගවලින් පිරුණු සම්පත් ඇති ආකාරයෙන් භජනය කරනු ලැබෙත් යන අර්ථයෙන් ‘භග’ නම් වේ. (එනම්) ලෞකික ලෝකෝත්තර සම්පත් ය. එහි තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර බෝසත්වරයෙක්ව සිටිමින් ලෞකික සම්පත් ඉතා උසස් අයුරින් භජනය කළහ, සේවනය කළහ. යම්තැනක පිහිටා නිරවශේෂ වශයෙන් බුද්ධකාරක ධර්ම රැස්කරමින් බුද්ධකාරක ධර්මයන් දියුණු කළාහුද බුදුබවට පත්වී ඒ නිවැරදි සැප ඇසුරු කළා වූ අන්‍යයන්ට පොදු නොවූ ලෝකෝත්තර සම්පත් ද භජනය කළහ, සේවනය කළහ. විස්තර වශයෙන් ප්‍රදේශ රාජ්‍ය සම්පත්, සක්විති සම්පත්, දිව්‍යරාජ්‍ය සම්පත් ආදී වශයෙන් ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති, ඥාන දර්ශන, මාර්ග භාවනා ඵල ප්රත්යක්ෂ කිරීම ආදී උත්තරී මනුෂ්‍ය ධර්ම වශයෙන් ද නොයෙක් ආකාර වූ අන්‍යයන්ට පොදු නොවූ සම්පත් භජනය කළහ, සේවනය කළහ. මෙසේ සම්පත් (භගෙ) භජනය කළහ (වනි) යන අරුතින් භගවා නම් වෙති.
“යා තා සම්පත්තියො ලොකෙ, යා ච ලොකුත්තරා පුථූ; සබ්බා තා භජි සම්බුද්ධො, තස්මාපි භගවා මතො”.
යා තා සමපත්තියො ලොකෙ යා ච ලොකුත්තරා පුථු සබ්බා තා භජි සම්බුද්ධො තස්මාපි භගවා මතො
ලෝකයෙහි යම් ඒ සම්පත්තියක් වේද බොහෝ වූ යම් ලෝකෝත්තර සම්පත්තියක් වේද ඒ සියලු සම්පත් සම්බුදුරජාණන් වහන්සේ භජනය කළහ. එහෙයින් උන්වහන්සේ භගවා යනුවෙන් දන්නා ලදී.
කථං භත්තවාති භගවා? භත්තා දළ්හභත්තිකා අස්ස බහූ අත්ථීති භගවා.
5. භාග්‍යවතුන් වහන්සේ කෙසේ භත්තවා නම් වෙත් ද? උන්වහන්සේට භක්තිමත් වූ දැඩිසේ භක්තිමත් වූ අය බොහෝ ඇත යන අරුතින් භගවා නම් වෙති.
තථාගතො හි මහාකරුණාසබ්බඤ්ඤුතඤ්ඤාණාදිඅපරිමිතනිරුපමප්පභාවගුණවිසෙසසමඞ්ගිභාවතො සබ්බසත්තුත්තමො, සබ්බානත්ථපරිහාරපුබ්බඞ්ගමාය නිරවසෙසහිතසුඛවිධානතප්පරාය නිරතිසයාය පයොගසම්පත්තියා සදෙවමනුස්සාය පජාය අච්චන්තූපකාරිතාය ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාදි- අනඤ්ඤසාධාරණගුණවිසෙසපටිමණ්ඩිතරූපකායතාය, යථාභුච්චගුණාධිගතෙන “ඉතිපි සො භගවා”තිආදිනයප්පවත්තෙන ලොකත්තයබ්යාපිනා සුවිපුලෙන සුවිසුද්ධෙන ච ථුතිඝොසෙන සමන්නාගතත්තා උක්කංසපාරමිප්පත්තාසු අප්පිච්ඡතාසන්තුට්ඨිතාදීසු සුප්පතිට්ඨිතභාවතො දසබලචතුවෙසාරජ්ජාදිනිරතිසයගුණවිසෙසසමඞ්ගිභාවතො ච රූපප්පමාණො රූපප්පසන්නො, ඝොසප්පමාණො ඝොසප්පසන්නො, ලූඛප්පමාණො ලූඛප්පසන්නො, ධම්මප්පමාණො ධම්මප්පසන්නොති එවං චතුප්පමාණිකෙ ලොකසන්නිවාසෙ සබ්බථාපි පසාදාවහභාවෙන සමන්තපාසාදිකත්තා අපරිමාණානං සත්තානං සදෙවමනුස්සානං ආදරබහුමානගාරවායතනතාය පරමපෙමසම්භත්තිට්ඨානං. යෙ ච තස්ස ඔවාදෙ පතිට්ඨිතා අවෙච්චප්පසාදෙන සමන්නාගතා හොන්ති, කෙනචි අසංහාරියා තෙසං සම්භත්ති සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා.
තථාගතයන් වහන්සේ මහාකරුණා -සර්වඥතා ඥානාදී ප්‍රමාණයක් නැති, උපමා නැති, බලවත් වූ ගුණ විශේෂයන්ගෙන් යුක්ත බැවින් සියලු සත්ත්වයන්ට උතුම් වූ, සියලු අර්ථවල (යහපතෙහි) ආරක්ෂාව පෙරටුකොට ඇති නිරවශේෂ සියලු හිත සැප නියම කිරීමෙහි යෙදුණු ඉතා අධික වූ (නිරතිසයාය) ප්‍රයෝග සම්පත්තියෙන් දෙවිමිනිසුන් සහිත ප්‍රජාවට ඉතාමත්ම උපකාරි වූ බැවින් ද දෙතිස්මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනූ ව්‍යඤ්ජන (කුඩා සලකුණු) බුදු සිරුරින් නික්මෙන බඹයක් පමණ වූ ආලෝකය (ඛ්යාමප්පභා) ආදී අන්‍යයන්ට පොදු නොවූ ගුණ විශේෂයන්ගෙන් සැරසුණු රූපකාය ඇති බැවින් ද ‘ඉති පි සො භගවා’ යනාදී ක්‍රමයෙන් පැවති සත්‍ය වශයෙන් අවබෝධ කරන ලද ගුණ ඇති තුන්ලොව පතුරුවන අතිශය මහත් වූ අතිශය පිරිසිදු වූ ස්තුති ඝෝෂාවෙන් යුක්ත වූ බැවින් ද, උසස් ම ආකාරයෙන් කෙළවරට පැමිණි අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටුවන බව ආදී ගුණයන්හි මනාව පිහිටි බැවින් ද දසබලය, චතුර්වෛසාරද්ය (නිර්භයභාවය ඇතිකරන කරුණු සතර) ආදී ඉතා වැඩි (නිරතිසය) ගුණ විශේෂයන්ගෙන් යුක්ත වූ බැවින් ද ‘රූපප්පමාණො රූපප්පසන්නො, ඝොසප්පමාණො ඝොසප්පසන්නො, ලූඛප්පමාණො, ලූඛප්පසන්නො, ධම්මප්පමාණො, ධම්මප්පසන්නො’ ‘උස, මහත ආදී වශයෙන් රූපයෙහි ප්‍රමාණය ගෙන රූපයට ප්‍රසන්න වූයේ, අනුන්ට ස්තුති කිරීමාදී ගුණ කීමෙහි ප්‍රමාණය ගෙන එහි ප්‍රසන්න වූයේ, රළු සිවුරු, සෙනසුන් ආදියෙහි ප්‍රමාණය ගෙන එහි ප්‍රසන්න වූයේ, සීල, සමාධි, ආදී ධර්මයෙහි ප්‍රමාණය ගෙන එහි ප්‍රසන්න වූයේ’ යනුවෙන් මෙසේ ප්‍රමාණ සතරකින් යුත් ලෝකවාසීන්කෙරෙහි හැම අයුරින්ම ප්‍රසාදය ගෙන එන බැවින් හාත්පසින් ප්‍රසාදය ඇතිකරන බැවින් දෙවි මිනිසුන් සහිත අප්‍රමාණ සත්ත්වයන්ගේ ආදර - බහුමාන ගෞරවයට ආයතනයක් වූ බැවින් උතුම් ප්‍රේමයට සම්භක්තියට ස්ථානයක් වෙති. උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටියා වූ අය ගුණ දැන නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වූවාහු වෙත් ද, කිසියම් ප්රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ඔවුන්ගේ සම්භක්තිය සෙලවිය නොහැකි ය.
තථා හි තෙ අත්තනො ජීවිතපරිච්චාගෙපි තත්ථ පසාදං න පරිච්චජන්ති, තස්ස වා ආණං දළ්හභත්තිභාවතො. තෙනෙවාහ –
එසේ ම ඔවුහු උන්වහන්සේගේ අණට දැඩි භක්තිමත් භාවයෙන් හෝ තමාගේ ජීවිත පරිත්‍යාගයෙහි දී ද එහි (උන්වහන්සේ කෙරෙහි) ප්‍රසාදය දුරු නොකරති.
“යො වෙ කතඤ්ඤූ කතවෙදි ධීරො; කල්යාණමිත්තො දළ්හභත්ති ච හොතී”ති. (ජා· 2.17.78);
එහෙයින් ‘යො වෙ කතඤ්ඤූ කතවෙදි ධීරො - කල්‍යාණ මිත්තො දළ්හභත්තී ච හොති’ යි කියන ලදී.
අනුන් තමාට කළ උපකාර දනී ද උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කෙරේ ද, නුවණැත්තේ ද, කල්‍යාණ මිත්‍රයෙක් වේද, මිතුරන්ට මහත් භක්ති ඇත්තේදැයි කියන ලදී.
“සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති; එවමෙව ඛො, භික්ඛවෙ, යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී”ති (අ· නි· 8.20; උදා· 45; චූළව· 385) ච.
‘සෙය්යථාපි භික්ඛවෙ මහා සමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති එවමෙව ඛො භික්ඛවෙ යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතු පි නාකික්කමන්ති’
මහණෙනි, යම්සේ මහා සමුද්‍රය පිහිටි ස්වාභාව ඇත්තේ වෙරළ නො ඉක්මවයි ද එසේම මහණෙනි, ශ්‍රාවකයන්ට මා විසින් පනවන ලද යම් ශික්ෂාපදයක් වේ ද එය මගේ ශ්‍රාවකයෝ ජීවිතය රැකගැනීමේ හේතුවෙන්වත් නො ඉක්මවති.’
එවං භත්තවාති භගවා නිරුත්තිනයෙන එකස්ස තකාරස්ස ලොපං කත්වා ඉතරස්ස ගකාරං කත්වා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භත්තවා නම් වෙති. නිරුක්ති ක්‍රමයෙන් ‘භත්තවා’ යන දෙයෙහි එක් ‘ත’ කාරයක් ලොප්කොට අනිත් ‘ත’ කාරයට ‘ග’ කාරයකොට භගවා යනුවෙන් පදය සාදාගනු ලැබේ.
“ගුණාතිසයයුත්තස්ස, යස්මා ලොකහිතෙසිනො; සම්භත්තා බහවො සත්ථු, භගවා තෙන වුච්චතී”ති.
ගුණාතිසය යුත්තස්ස යස්මා ලොකෙ හිතෙසිනො සම්භත්තා බහවො සත්ථු භගවා තෙන වුච්චති
ලෝකයාට හිතෛෂී වූ අතිශය ගුණයෙන් යුක්ත වූ ශාස්තෲන් වහන්සේට යම්හෙයකින් බොහෝ භක්තිමත් වූවෝ වෙත් ද ඒ කාරණයෙන් භගවා යයි කියනු ලැබේ.
කථං භගෙ වමීති භගවා? යස්මා තථාගතො බොධිසත්තභූතොපි පුරිමාසු ජාතීසු පාරමියො පූරෙන්තො භගසඞ්ඛාතං සිරිං ඉස්සරියං යසඤ්ච වමි උග්ගිරි ඛෙළපිණ්ඩං විය අනපෙක්ඛො ඡඩ්ඩයි. තථා හිස්ස සොමනස්සකුමාරකාලෙ, හත්ථිපාලකුමාරකාලෙ, අයොඝරපණ්ඩිතකාලෙ, මූගපක්ඛපණ්ඩිතකාලෙ, චූළසුතසොමකාලෙති එවමාදීසු නෙක්ඛම්මපාරමිපූරණවසෙන දෙවරජ්ජසදිසාය රජ්ජසිරියා පරිච්චත්තත්තභාවානං පරිමාණං නත්ථි.
6. භාග්‍යවතුන් වහන්සේ කෙසේ ‘භගෙ වමි’ නම් වෙත් ද? යම්හෙයකින් තථාගතයන් වහන්සේ බෝසත්වරයෙකු වශයෙන් සිටියදී ම පෙර ජාතිවලදී පාරමිතා පුරමින් භග නම් වූ යස-ඉසුරු පිරි සම්පත් වැමැරී ද කෙළපිඬක් මෙන් බලාපොරොත්තු නැතිව ඉවතා දැමීද එසේම උන්වහන්සේ විසින් සෝමනස්ස කුමාර කාලයෙහි, හත්ථිපාල කුමාර කාලයෙහි, අයෝඝර පණ්ඩිත කාලයෙහි, මූගපක්ඛ පණ්ඩිත කාලයෙහි, චූල සුතසෝම කාලයෙහි යන මේ ආදී කාලවල නෙක්ඛම්ම පාරමිතාව පිරිම් වශයෙන් දිව්‍යරාජ්‍ය සමාන රජසැප පරිත්‍යාග කරන ලද ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නැත.
චරිමත්තභාවෙපි හත්ථගතං චක්කවත්තිසිරිං දෙවලොකාධිපච්චසදිසං චතුද්දීපිස්සරියං චක්කවත්තිසම්පත්තිසන්නිස්සයං සත්තරතනසමුජ්ජලං යසඤ්ච තිණායපි අමඤ්ඤමානො නිරපෙක්ඛො පහාය අභිනික්ඛමිත්වා සම්මාසම්බොධිං අභිසම්බුද්ධො. තස්මා ඉමෙ සිරිආදිකෙ භගෙ වමීති භගවා. අථ වා භානි නාම නක්ඛත්තානි, තෙහි සමං ගච්ඡන්ති පවත්තන්තීති භගා, සිනෙරුයුගන්ධරඋත්තරකුරුහිමවන්තාදිභාජනලොකවිසෙසසන්නිස්සයා සොභා කප්පට්ඨිතියභාවතො. තෙපි භගවා වමි තංනිවාසිසත්තාවාසසමතික්කමනතොතප්පටිබද්ධඡන්දරාගප්පහානෙන පජහීති. එවම්පි භගෙ වමීති භගවා.
අවසන් ආත්මභාවයෙහි දී ද අතට පත් දෙව්ලෝ අධිපතිකමට සමාන සතර දිවයින්වල සම්පත් ද සක්විති සම්පත් ඇසුරු කොට ඇති සත්රුවනින් බබලන සම්පත් ද ඇති සක්විති සැපත තණකොළයක් තරම්වත් නො හඟිමින් අපේක්ෂාවක් නැතිව දුරුකොට අභිනිෂ්ක්‍රමණය කොට සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහුය. එහෙයින් මේ සම්පත් ආදී භග වැමෑරූහ යන අරුතින් භගවා නම් වෙති. නැතහොත් භානි නම් තාරකාවෝය. ඒවා හා සමානව ගමන් කරති, පවතිත් යන අරුතින් ‘භග’ නම්වේ. කල්පයක් පවත්නා බැවින් සිනේරු, යුගන්ධර, උතුරුකුරු, හිමවත ආදී ලෝක වස්තු විශේෂයන් ඇසුරු කළ යම් ශෝභාවක් වේද එයද භාග්‍යවතුන් වහන්සේ වැමෑරූහ. එහි ඇති සත්තාවාස ඉක්මවීම් වශයෙන් එය හා බැඳුණු ඡන්දරාගය පහකිරීමෙන් දුරුකළහ යන අර්ථයි. මෙසේ භග වැමෑරු අරුතින් භගවා නම් වෙති.
“චක්කවත්තිසිරිං යස්මා, යසං ඉස්සරියං සුඛං; පහාසි ලොකචිත්තඤ්ච, සුගතො භගවා තතො”.
චක්කවත්තිසිරිං යස්මා යසං ඉස්සරියං සුඛං පහාසි ලොකවිත්තඤ්ච සුගතො භගවා තතො
යම්හෙයකින් සුගතයන් වහන්සේ සක්විති සැපත ද යස-ඉසුරු සැප නම් වූ ලෝක සම්පත් ද දුරුකළ සේක් ද හෙයින් භගවා නම් වෙති.
කථං භාගෙ වමීති භගවා? භාගා නාම කොට්ඨාසා. තෙ ඛන්ධායතනධාතාදිවසෙන, තත්ථාපි රූපවෙදනාදිවසෙන, අතීතාදිවසෙන ච අනෙකවිධා. තෙ ච භගවා සබ්බං පපඤ්චං, සබ්බං යොගං, සබ්බං ගන්ථං, සබ්බං සංයොජනං, සමුච්ඡින්දිත්වා අමතධාතුං සමධිගච්ඡන්තො වමි උග්ගිරි අනපෙක්ඛො ඡඩ්ඩයි, න පච්චාගමි.
7. භාග්‍යවතුන් වහන්සේ කෙසේ භාගෙ වමි නම් වෙත් ද? භාග නම් කොටස්ය. ඒවා ස්කන්ධ, ආයතන, ධාතු වශයෙන් ද එහි ද රූප, වේදනාදී වශයෙන් ද අතීතාදී වශයෙන් ද නොයෙක් ආකාරය. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු ප්‍රපඤ්ච (කෙලෙස්) සියලු (කාමාදී) යෝග, සියලු (අභිජ්ඣාදී) ග්රන්ථ, සියලු සංයෝජන සහමුලින් සිඳ දමා අමෘතධාතුව අවබෝධ කරමින් වැමෑරූහ. බලාපොරොත්තු නැතිව ඉවත දැමූහ. (අත්හළ ඒවාවෙත) පසුව නොගියහ.
තථා හෙස සබ්බත්ථකමෙව පථවිං, ආපං, තෙජං, වායං, චක්ඛුං, සොතං, ඝානං, ජීව්හං, කායං, මනං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, ධම්මෙ, චක්ඛුවිඤ්ඤාණං…පෙ… මනොවිඤ්ඤාණං, චක්ඛුසම්ඵස්සං …පෙ… මනොසම්ඵස්සං, චක්ඛුසම්ඵස්සජං වෙදනං…පෙ… මනොසම්ඵස්සජං වෙදනං, චක්ඛුසම්ඵස්සජං සඤ්ඤං…පෙ… මනොසම්ඵස්සජං සඤ්ඤං; චක්ඛුසම්ඵස්සජං චෙතනං…පෙ… මනොසම්ඵස්සජං චෙතනං; රූපතණ්හං …පෙ… ධම්මතණ්හං; රූපවිතක්කං…පෙ… ධම්මවිතක්කං; රූපවිචාරං…පෙ… ධම්මවිචාරන්තිආදිනා අනුපදධම්මවිභාගවසෙනපි සබ්බෙව ධම්මකොට්ඨාසෙ අනවසෙසතො වමි උග්ගිරි අනපෙක්ඛපරිච්චාගෙන ඡඩ්ඩයි. වුත්තඤ්හෙතං –
එසේම මුන්වහන්සේ හැමතැන පැතිර ඇත්තා වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ඇස, කණ, නාසය, දිව, කය, මන, රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජීව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය (මනෝ ස්පර්ශය), චක්ඛු සම්ඵස්සජ වේදනාව -පෙ- මනෝ සම්ඵස්සජ වේදනාව, (මනෝ ස්පර්ශයෙන් උපන් වේදනාව), චක්ඛු සම්ඵස්සජ සඤ්ඤාව -පෙ- මනෝ සම්ඵස්සජ සඤ්ඤාව, චක්ඛු සම්ඵස්සජ චේතනාව -පෙ- මනෝ සම්ඵස්සජ චේතනාව, රූප තණ්හාව -පෙ- ධම්ම තණ්හාව, රූප විතක්කය -පෙ- ධම්ම විතක්කය, රූප විචාරය -පෙ- ධම්ම විචාරය, යනාදී වශයෙන් පදයක් පාසා ධර්ම විභාග වශයෙන් ද සියලුම දහම් කොටස් ඉතිරි නොකොට වැමෑරූහ. බලාපොරොත්තු නැතිව පරිත්‍යාගයෙන් (හැර දැමීමෙන්) ඉවත දැමූහ.
“යං තං, ආනන්ද, චත්තං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං, තං තථාගතො පුන පච්චාගමිස්සතීති නෙතං ඨානං විජ්ජතී”ති. (දී· නි· 2.183) –
‘යන්තං ආනන්ද චත්තං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං තං තථාගතො පුන පච්චාවමිස්සතීති නෙතං ඨානං විජ්ජති’
ආනන්ද, තථාගතයන් වහන්සේ විසින් යමක් අත්හරින ලද ද, බැහැර කරන ලද ද, මුදන ලද ද, පහකරන ලද ද, දුරුකරන ලද ද, (යම් වචනයක් කියන ලද ද) ඒ වචනය තථාගතයන් වහන්සේ නැවත වමාරන්නේය යන කාරණය විද්‍යමාන නොවේ.
එවම්පි භාගෙ වමීති භගවා.
මෙසේ ද භාග (කොටස්) වැමෑරූහ යන අරුතින් භගවා නම් වෙති.
අථ වා භාගෙ වමීති සබ්බෙපි කුසලාකුසලෙ සාවජ්ජානවජ්ජෙ හීනප්පණීතෙ කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ අරියමග්ගඤාණමුඛෙන වමි උග්ගිරි අනපෙක්ඛො පරිච්චජි පජහි, පරෙසඤ්ච තථත්තාය ධම්මං දෙසෙසි. වුත්තම්පි චෙතං –
නැතහොත් ‘භාගෙ වමි’ යනු සියලුම කුසල් අකුසල්, සාවජ්ජ (වැරදි සහිත) අනවජ්ජ (වැරදි රහිත), හීන (පහත්) ප්‍රණීත (උසස්), කණ්හ (පව්) සුක්ක (පින්) යන සප්‍රතිභාග ධර්මයන් ආර්යමාර්ග ඥානය නමැති මුඛයෙන් වැමෑරූහ. බලාපොරොත්තු නැතිව හැර දැමූහ, දුරුකළහ, අන්‍යයන්ට ද ඒ සඳහා ධර්මය දේශනා කළහ යනුයි.
“ධම්මාපි වො, භික්ඛවෙ, පහාතබ්බා පගෙව අධම්මා, කුල්ලූපමං, වො භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි, නිත්ථරණත්ථාය නො ගහණත්ථායා”තිආදි. (ම· නි· 1.240) –
‘ධම්මාපි වො භික්ඛවෙ පහාතබ්බා පගෙව අධම්මා, කුල්ලූපමං වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි නිත්ථරණත්ථාය නො ගහණත්ථාය’
‘මහණෙනි, ඔබ විසින් (ශමථ විදර්ශනා) ධර්මයෝ ද අත්හළ යුතුය අධර්මය ගැන කියනුම කිම, මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙරවීම පිණිසය, ගැනීම පිණිස නොවේ’ය යන මෙය කියන ලදී.
එවම්පි භාගෙ වමීති භගවා.
මෙසේ කොටස් වැමෑරූහ යන අරුතින් භගවා නම් වෙති.
“ඛන්ධායතනධාතාදි-ධම්මභෙදා මහෙසිනා; කණ්හසුක්කා යතො වන්තා, තතොපි භගවා මතො”.
“ඛන්ධායතනධාතාදි ධම්මභෙදා මහෙසිනා කණ්හා සුක්කා යතො වන්තා තතොපි භගවා මතො”
ස්කන්ධ, ආයතන, ධාතු, කණ්හ, සුක්ක ආදී ධර්මයන්ගේ භේද මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වැමෑරූ හෙයින් ද උන්වහන්සේ භගවා යනුවෙන් දන්නා ලද්දාහුය.
තෙන වුත්තං –
එහෙයින් කියන ලදී -
“භාගවා භතවා භාගෙ, භගෙ ච වනි භත්තවා; භගෙ වමි තථා භාගෙ, වමීති භගවා ජිනො”ති.
“භාගවා භතවා භාගෙ භගෙ ච වනි භත්තවා භගෙ වමි තථා භාගෙ වමීති භගවා ජිනො” යනුවෙන්
තෙන භගවතා. අරහතාති කිලෙසෙහි ආරකත්තා, අනවසෙසානං වා කිලෙසාරීනං හතත්තා, සංසාරචක්කස්ස වා අරානං හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි කාරණෙහි අරහතා. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන විසුද්ධිමග්ගෙ වුත්තනයෙන වෙදිතබ්බො.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්, අරහතා යනු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් ද, ඉතිරි නොකොට කෙලෙස් සතුරන් නැසූ බැවින් ද සංසාර චක්‍රයේ ගරාදි නැසූ බැවින් හෝ (චීවරාදී) ප්‍රත්‍ය ආදියට සුදුසු බැවින් පව් කිරීමෙහි රහසිගත බවක් නැති බැවින් යන මේ කරුණුවලින් සුදුසු වූ බැවින් ‘අරහ’ නම් වෙති. මේ මෙහි කෙටි කිරිමයි. විස්තරය විශුද්ධි මාර්ගයෙහි කියන ලද ආකාරයෙන් දතයුතු ය.
එත්ථ ච භගවතාති ඉමිනාස්ස භාග්යවන්තතාදීපනෙන කප්පානං අනෙකෙසු අසඞ්ඛ්යෙය්යෙසු උපචිතපුඤ්ඤසම්භාරභාවතො සතපුඤ්ඤලක්ඛණධරස්ස ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතිඅනුබ්යඤ්ජන- බ්යාමප්පභාකෙතුමාලාදිපටිමණ්ඩිතා අනඤ්ඤසාධාරණා රූපකායසම්පත්තිදීපිතා හොති.
මෙහි භගවතා යන මෙයින් උන්වහන්සේගේ භාග්‍යවත් බව දැක්වීමෙන් කල්ප අසංඛ්‍ය ගණනකදී රැස්කරන ලද පුණ්‍ය රාශීන් ඇති බැවින් සියගණන් පුණ්‍ය ලක්ෂණ දරන, දෙතිස්මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යඤ්ජන, ඛ්‍යාමප්‍රභා (සවනක් බුදුරැස්) කේතූමාලාදියෙන් සරසන ලද අනුන්ට පොදු නොවූ රූපකාය සම්පත්තිය දක්වන ලද්දේ වෙයි.
අරහතාති ඉමිනාස්ස අනවසෙසකිලෙසප්පහානදීපනෙන ආසවක්ඛයපදට්ඨානසබ්බඤ්ඤුතඤ්ඤාණාධිගමපරිදීපනතො දසබලචතුවෙසාරජ්ජඡඅසාධාරණඤාණඅට්ඨාරසාවෙණිකබුද්ධධම්මාදි- අචින්තෙය්යාපරිමෙය්යධම්මකායසම්පත්ති දීපිතා හොති. තදුභයෙනපි ලොකියසරික්ඛකානං බහුමතභාවො, ගහට්ඨපබ්බජිතෙහි අභිගමනීයතා, තථා අභිගතානඤ්ච තෙසං කායිකචෙතසිකදුක්ඛාපනයනෙ පටිබලභාවො, ආමිසදානධම්මදානෙහි උපකාරිතා, ලොකියලොකුත්තරෙහි ගුණෙහි සංයොජනසමත්ථතා ච පකාසිතා හොති.
අරහතා යන මෙයින් උන්වහන්සේගේ ඉතිරි නොකොට කෙලෙස් දුරුකිරීම දැක්වීමෙන් ආශ්‍රවයන් ක්ෂය කිරිමට ආසන්න කාරණය වූ සර්වඥතා ඥානය අවබෝධ කිරීම දැක්වීම් වශයෙන් දසබල - සතර විශාරද ඥාන - අසාධාරණ (අන් අයට නැති) ඥාන හය - ආවේණික බුද්ධ ධර්ම දහඅට ආදී සිතිය නොහැකි, ප්‍රමාණයක් නැති ධර්මකාය සම්පත්තිය දක්වන ලද්දේ වෙයි. ඒ දෙකින්ම ලෞකික පරීක්ෂකයන්ගේ බොහෝ මත ඇති බව ද ගිහි පැවිදි අය විසින් උන්වහන්සේ වෙත විශේෂයෙන් යාමට සුදුසු බව ද එසේ ගියා වූ ඔවුන්ගේ කායික චෛතසික දුක් ඉවත් කිරීමෙහි සමත් බව ද ආමිසදාන ධර්මදානවලින් උපකාර කරන ලද බව ද ලෞකික ලෝකෝත්තර ගුණ සංයෝජනයෙහි (එකට යෙදීමෙහි) සමත් බව ද ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
තථා භගවතාති ඉමිනා චරණධම්මෙසු මුද්ධභූතදිබ්බවිහාරාදිවිහාරවිසෙසසමායොගපරිදීපනෙන චරණසම්පදා දීපිතා හොති. අරහතාති ඉමිනා සබ්බවිජ්ජාසු සිඛාප්පත්තආසවක්ඛයඤාණාධිගමපරිදීපනෙන විජ්ජාසම්පදා දීපිතා හොති. පුරිමෙන වා අන්තරායිකනිය්යානිකධම්මානං අවිපරීතවිභත්තභාවදීපනෙන පච්ඡිමවෙසාරජ්ජද්වයසමායොගො, පච්ඡිමෙන සවාසනනිරවසෙසකිලෙසප්පහානදීපනෙන පුරිමවෙසාරජ්ජද්වයසමායොගො විභාවිතො හොති.
එසේ ‘භගවතා’ යන මේ වචනයෙන් චරණ ධර්ම අතුරෙන් ඉහළින් ඇති දිව්‍ය විහාර ආදී විහාර විශේෂයන් එකට යෙදීම දැක්වීමෙන් චරණ සම්ප්‍රදාව දක්වන ලද්දේ වෙයි. ‘අරහතා’ යන මේ වචනයෙන් සියලු විද්‍යාවන්හි මුදුන්පැමිණි ආශ්‍රවයන් ක්ෂය කරන ඥානය අවබෝධ කිරීම දැක්වීමෙන් විද්‍යා සම්ප්‍රදාව දක්වන ලද්දේ වෙයි. පළමු කරුණෙන් අනතුරුදායක හා සසරින් එතරට පමුණුවන ධර්මයන් නොවෙනස් ආකාරයෙන් බෙදා දක්වන ලද බව දැක්වීමෙන් අවසන් විසාරද ඤාණ දෙක එකට යෙදීම ද අවසන් කරුණින් වාසනා සහිත ඉතිරි නොකොට කෙලෙසුන් දුරුකිරීම දැක්වීමෙන් පළමු විසාරද ඤාණ දෙක එකට යෙදීම ද ප්‍රකට කරන ලද්දේ වෙයි.
තථා පුරිමෙන තථාගතස්ස පටිඤ්ඤාසච්චවචීසච්චඤාණසච්චපරිදීපනෙන, කාමගුණලොකියාධිපච්චයසලාභසක්කාරාදිපරිච්චාගපරිදීපනෙන, අනවසෙසකිලෙසාභිසඞ්ඛාරපරිච්චාගපරිදීපනෙන, ච සච්චාධිට්ඨානචාගාධිට්ඨානපාරිපූරි පකාසිතා හොති; දුතියෙන සබ්බසඞ්ඛාරූපසමසමධිගමපරිදීපනෙන, සම්මාසම්බොධිපරිදීපනෙන ච, උපසමාධිට්ඨානපඤ්ඤාධිට්ඨානපාරිපූරි පකාසිතා හොති.
එසේ පළමු කරුණෙන් තථාගතයන් වහන්සේගේ ප්‍රතිඥා (පොරොන්දු) සත්‍යය, වාග් (කතා) සත්‍යය, ඥාන සත්‍යය දැක්වීමෙන් කාම ගුණ - ලෝකාධිපත්‍යය - යස (පිරිවර) ලාභ සත්කාර ආදිය පරිත්‍යාග කිරීම දැක්වීමෙන් ද සත්‍යාධිෂ්ඨානය ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ වීම ප්‍රකාශ කරන ලද්දේ වෙයි. දෙවැන්නෙන් සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම හා අවබෝධය දැක්වීමෙන් ද සම්‍යක් සම්බෝධිය දැක්වීමෙන් ද උපසම අධිෂ්ඨානය ප්‍රඥා අධිෂ්ඨානය සම්පූර්ණ කිරීම ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
තථා හි භගවතො බොධිසත්තභූතස්ස ලොකුත්තරගුණෙ කතාභිනීහාරස්ස මහාකරුණායොගෙන යථාපටිඤ්ඤං සබ්බපාරමිතානුට්ඨානෙන සච්චාධිට්ඨානං, පාරමිතාපටිපක්ඛපරිච්චාගෙන චාගාධිට්ඨානං, පාරමිතාගුණෙහි චිත්තවූපසමෙන උපසමාධිට්ඨානං, පාරමිතාහි එව පරහිතූපායකොසල්ලතො පඤ්ඤාධිට්ඨානං පාරිපූරිගතං.
එසේ ලෝකෝත්තර ගුණයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති බෝධිසත්ත්වයකු වූ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව යෙදීමෙන් පොරොන්දු වූ පරිදි සියලු පාරමිතාවගෙන් ඉවත් නොවීමෙන් සත්‍යාධිෂ්ඨානය ද පාරමිතාවන්ට විරුද්ධ දේ පරිත්‍යාගයෙන් ත්යගාධිෂ්ඨානය ද පාරමිතා ගුණවලින් සිත සන්සිඳීමෙන් උපසම අධිෂ්ඨානය ද අනුන්ට යහපත සලසන උපායෙහි දක්ෂභාවයෙන් ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ බවට ගියේ වෙයි.
තථා ‘යාචකජනං අවිසංවාදෙත්වා දස්සාමී’ති පටිජානනෙන පටිඤ්ඤං අවිසංවාදෙත්වා දානෙන ච සච්චාධිට්ඨානං, දෙය්යපරිච්චාගතො චාගාධිට්ඨානං, දෙය්යපටිග්ගාහකදානදෙය්යපරික්ඛයෙසු ලොභදොසමොහභයවූපසමෙන උපසමාධිට්ඨානං, යථාරහං යථාකාලං යථාවිධි ච දානෙන පඤ්ඤුත්තරතාය ච පඤ්ඤාධිට්ඨානං පාරිපූරිගතං. ඉමිනා නයෙන සෙසපාරමීසුපි චතුරාධිට්ඨානපාරිපූරි වෙදිතබ්බා.
එසේම යාචක ජනයාට බොරු නොකියා දෙන්නෙමියි පිළිගැනීමෙන් හා පොරොන්දුවට අවිරුද්ධව (පොරොන්දුව කඩනොකර) දීමෙන් සත්‍යාධිෂ්ඨානය ද දිය යුතු දේ හා ඉන් ලැබෙන විපාක පරිත්‍යාගයෙන් ත්යගාධිෂ්ඨානය ද දිය යුතු දේ, පිළිගන්නා අය, දීම, දිය යුතු දේ නිමවූ කල්හි ලෝභය, ද්වේෂය, මෝහය, භය සන්සිඳීමෙන් උපසම අධිෂ්ඨානය ද සුදුසු පරිදි සුදුසු කාලයෙහි සුදුසු විධියෙන් දන්දීමෙන් ද ප්‍රඥාවෙන්, වඩා උසස් බැවින් ප්‍රඥාධිෂ්ඨානය ද සම්පූර්ණ බවට ගියේ වෙයි. මේ ක්‍රමයෙන් සෙසු පාරමිතාවන්හි ද සතර අධිෂ්ඨාන (සත්‍ය - ත්‍යාග - උපසම - ප්‍රඥා) සම්පූර්ණ වීම දතයුතුය.
සබ්බා හි පාරමියො සච්චප්පභාවිතා චාගාභිබ්යඤ්ජිතා උපසමානුබ්රූහිතා පඤ්ඤාපරිසුද්ධාති එවං චතුරාධිට්ඨානසමුදාගතස්ස තථාගතස්ස සච්චාධිට්ඨානං සච්චාධිට්ඨානසමුදාගමෙන සීලවිසුද්ධි, චාගාධිට්ඨානසමුදාගමෙන ආජීවවිසුද්ධි, උපසමාධිට්ඨානසමුදාගමෙන චිත්තවිසුද්ධි, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන දිට්ඨිවිසුද්ධි. තථා සච්චාධිට්ඨානසමුදාගමෙනස්ස සංවාසෙන සීලං වෙදිතබ්බං, චාගාධිට්ඨානසමුදාගමෙන සංවොහාරෙන සොචෙය්‍යං වෙදිතබ්බං, උපසමාධිට්ඨානසමුදාගමෙන ආපදාසු ථාමො වෙදිතබ්බො, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන සාකච්ඡාය පඤ්ඤා වෙදිතබ්බා.
සියලුම පාරමිතා, සත්‍යයෙන් වඩන ලද්දේය. වචනවලින් සලකුණු කරන ලද්දේය. සන්සිඳීමෙන් වඩන ලද්දේය. ප්‍රඥාවෙන් පිරිසිදු වූයේ වෙයි. මෙසේ සතර අධිෂ්ඨානයෙන් හටගත්තා වූ තථාගතයන් වහන්සේගේ සත්‍යාධිෂ්ඨානය ද සත්‍යාධිෂ්ඨානය හටගැනීමෙන් ශීල විශුද්ධිය ද ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් ආපදාවන්හිදී ශක්තිය ද දතයුතුය. ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් ආජීව (ජීවිකාවේ) පිරිසිදුකමද උපසම අධිෂ්ඨානය හටගැනීමෙන් චිත්ත විශුද්ධිය ද ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් දෘෂ්ටි විශුද්ධිය ද එසේ සත්‍යාධිෂ්ඨානය හටගැනීම නිසා ආශ්රයෙන් උන්වහන්සේගේ සීලය දතයුතුය. ත්‍යාගාධිෂ්ඨානය හටගැනීම නිසා කථාවෙන් පිරිසිදු බව දතයුතුයි. උපසම අධිෂ්ඨානය හටගැනීම නිසා සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතුය.
තථා සච්චාධිට්ඨානසමුදාගමෙන අදුට්ඨො අධිවාසෙති, චාගාධිට්ඨානසමුදාගමෙන අලුද්ධො පටිසෙවති, උපසමාධිට්ඨානසමුදාගමෙන අභීතො පරිවජ්ජෙති, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන අමූළ්හො විනොදෙති. තථා සච්චාධිට්ඨානසමුදාගමෙන චස්ස නෙක්ඛම්මසුඛප්පත්ති, චාගාධිට්ඨානසමුදාගමෙන පවිවෙකසුඛප්පත්ති, උපසමාධිට්ඨානසමුදාගමෙන උපසමසුඛප්පත්ති, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන සම්බොධිසුඛප්පත්ති දීපිතා හොති.
එසේ සත්‍යාධිෂ්ඨානය හටගැනීමෙන් දුෂ්ට නොවූයේ ඉවසති. ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් නොඇලුනේ පරිභෝග කරති. උපසම අධිෂ්ඨානය හටගැනීමෙන් අහිතවත් අය වර්ජනය කරති. ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් නොමුළා වූයේ දුරු කරති. එසේ උන්වහන්සේගේ සත්‍යාධිෂ්ඨානය හටගැනීමෙන් කෙලෙසුන්ගෙන් නික්මීමේ (නෙක්ඛම්ම සුඛ) සැපයට පැමිණීම, ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් (කාය - චිත්ත - උපධි යන විවේක වශයෙන්) පචිවේක සැපයට පැමිණීම, උපසම අධිෂ්ඨානය හටගැනීමෙන් කෙලෙස් සංසිඳීමේ (උපසම) සැපයට පැමිණීම, ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් නිවන් (සම්බෝධි) සැපයට පැමිණීම දක්වන ලද්දේ වෙයි.
සච්චාධිට්ඨානසමුදාගමෙන වා විවෙකජපීතිසුඛප්පත්ති, චාගාධිට්ඨානසමුදාගමෙන සමාධිජපීතිසුඛප්පත්ති, උපසමාධිට්ඨානසමුදාගමෙන අපීතිජකායසුඛප්පත්ති, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන සතිපාරිසුද්ධිජඋපෙක්ඛාසුඛප්පත්ති. තථා සච්චාධිට්ඨානසමුදාගමෙන පරිවාරසම්පත්තිලක්ඛණපච්චයසුඛසමායොගො පරිදීපිතො හොති අවිසංවාදනතො, චාගාධිට්ඨානසමුදාගමෙන සන්තුට්ඨිලක්ඛණසභාවසුඛසමායොගො අලොභභාවතො, උපසමාධිට්ඨානසමුදාගමෙන කතපුඤ්ඤතාලක්ඛණහෙතුසුඛසමායොගො කිලෙසෙහි අනභිභූතභාවතො, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන විමුත්තිසම්පත්තිලක්ඛණදුක්ඛූපසමසුඛසමායොගො පරිදීපිතො හොති, ඤාණසම්පත්තියා නිබ්බානාධිගමනතො.
සත්‍යාධිෂ්ඨානය හටගැනීමෙන් විවේකයෙන් උපන් ප්‍රීතියට හා සැපයට පැමිණීම, ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් සමාධියෙන් උපන් ප්‍රීතියට හා සැපයට පැමිණීම, උපසම අධිෂ්ඨානය හටගැනීමෙන් අප්රීතියෙන් උපන් (ප්‍රීතිය නැතිව උපන්) කාය සැපයට පැමිණීම, ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් සති පාරිශුද්ධියෙන් උපන් උපේක්ෂා සැපයට පැමිණීම දක්වන ලද්දේ වෙයි. එසේ සත්‍යාධිෂ්ඨානය හටගැනීමෙන් බොරු නොකිරීම් වශයෙන් පරිවාර සම්පත්ති ලක්ෂණය හා ප්‍රත්‍ය සැප එක්වීම දක්වන ලද්දේ ය. ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් ලොල්නැති බැවින් ලද දෙයෙහි සතුටු වීමේ ලක්ෂණය හා ස්වභාව සැප එක්වීම දක්වන ලද්දේය. උපසමාධිෂ්ඨානය හටගැනීමෙන් කෙලෙස්වලින් මැඩ නොපවත්වන බැවින් කරන ලද පින් ඇති බව නම් වූ හේතුවෙන් සැප එක්වීම දක්වන ලද්දේය. ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් ඤාණ සම්පත්තියෙන් නිර්වාණාවබෝධ වශයෙන් විමුක්ති ලක්ෂණය හා දුක් සන්සිඳුවන සැපය එක්වීම දක්වන ලද්දේය.
තථා සච්චාධිට්ඨානසමුදාගමෙන අරියස්ස සීලක්ඛන්ධස්ස අනුබොධප්පටිවෙධසිද්ධි, චාගාධිට්ඨානසමුදාගමෙන අරියස්ස සමාධික්ඛන්ධස්ස, පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන අරියස්ස පඤ්ඤාක්ඛන්ධස්ස, උපසමාධිට්ඨානසමුදාගමෙන අරියස්ස විමුත්තික්ඛන්ධස්ස අනුබොධප්පටිවෙධසිද්ධි දීපිතා හොති.
එසේ සත්‍යාධිෂ්ඨානය හටගැනීමෙන් ආර්ය වූ ශීලස්කන්ධයේ අනුබෝධය හා ප්‍රතිවේධය සිදුවීමද ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් ආර්ය වූ සමාධි ස්කන්ධයේ අනුබෝධය හා ප්‍රතිවේධය සිදුවීම ද ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් ආර්ය වූ ප්‍රඥා ස්කන්ධයේ - අනුබෝධය හා ප්‍රතිවේධය සිදුවීම ද උපසම අධිෂ්ඨානය හටගැනීමෙන් ආර්ය වූ විමුක්ති ස්කන්ධයේ අනුබෝධය හා ප්‍රතිවේධය සිදුවීම ද දක්වන ලද්දේ වෙයි.
සච්චාධිට්ඨානපරිපූරණෙන ච තපසිද්ධි, චාගාධිට්ඨානපරිපූරණෙන සබ්බනිස්සග්ගසිද්ධි, උපසමාධිට්ඨානපරිපූරණෙන ඉන්ද්රියසංවරසිද්ධි, පඤ්ඤාධිට්ඨානපරිපූරණෙන බුද්ධිසිද්ධි, තෙන ච නිබ්බානසිද්ධි. තථා සච්චාධිට්ඨානපරිපූරණෙන චතුඅරියසච්චාභිසමයප්පටිලාභො, චාගාධිට්ඨානපරිපූරණෙන චතුඅරියවංසප්පටිලාභො, 0.උපසමාධිට්ඨානපරිපූරණෙන චතුඅරියවිහාරප්පටිලාභො, පඤ්ඤාධිට්ඨානපරිපූරණෙන චතුඅරියවොහාරප්පටිලාභො දීපිතො හොති.
සත්‍යාධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් සිවුපසය ලැබීම සමෘද්ධ වීමද ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් සියල්ල අත්හැරිම සමෘද්ධ වීමද උපසම අධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් ඉන්ද්රිය සංවරශීලය සමෘද්ධ වීමද ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් බුද්ධිය සමෘද්ධ වීම ද එයින් ම නිර්වාණය සමෘද්ධ වීම ද වෙයි. එසේම සත්‍යාධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම ද ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් සතර ආර්යවංශය ලැබීම ද උපසම අධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් සතර ආර්ය විහාරය ලැබීම ද ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ වීමෙන් සතර ආර්ය ව්‍යවහාරය ලැබීම ද දක්වන ලද්දේ වෙයි.
අපරො නයො – භගවතාති එතෙන සත්තානං ලොකියලොකුත්තරසම්පත්තිඅභිකඞ්ඛාදීපනෙන තථාගතස්ස මහාකරුණා පකාසිතා හොති.
වෙනත් ක්‍රමයක් - භගවතා යන මෙයින් සත්ත්වයන්ගේ ලෞකික ලෝකෝත්තර සම්පත්තිය බලාපොරොත්තු වීම දැක්වීමෙන් තථාගතයන් වහන්සේගේ මහා කරුණාව ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
අරහතාති එතෙන පහානසම්පත්තිදීපනෙන පහානපඤ්ඤා පකාසිතා හොති. තත්ථ පඤ්ඤායස්ස ධම්මරජ්ජපත්ති, කරුණාය ධම්මසංවිභාගො; පඤ්ඤාය සංසාරදුක්ඛනිබ්බිදා, කරුණාය සංසාරදුක්ඛසහනං; පඤ්ඤාය පරදුක්ඛපරිජානනං, කරුණාය පරදුක්ඛප්පටිකාරාරම්භො. පඤ්ඤාය පරිනිබ්බානාභිමුඛභාවො, කරුණාය තදධිගමො; පඤ්ඤාය සයං තරණං, කරුණාය පරෙසං තාරණං; පඤ්ඤාය බුද්ධභාවසිද්ධි, කරුණාය බුද්ධකිච්චසිද්ධි. කරුණාය වා බොධිසත්තභූමියං සංසාරාභිමුඛභාවො, පඤ්ඤාය තත්ථ අනභිරති. තථා කරුණාය පරෙසං අවිහිංසනං, පඤ්ඤාය සයං පරෙහි අභායනං; කරුණාය පරං රක්ඛන්තො අත්තානං රක්ඛති, පඤ්ඤාය අත්තානං රක්ඛන්තො පරං රක්ඛති. තථා කරුණාය අපරන්තපො, පඤ්ඤාය අනත්තන්තපො. තෙන අත්තහිතාය පටිපන්නාදීසු චතුත්ථපුග්ගලභාවො සිද්ධො හොති .
අරහතා යන මෙයින් ප්‍රහාණ සම්පත්තිය දැක්වීමෙන් ප්‍රහාණ ප්‍රඥාව ප්‍රකාශ කරන ලද්දේ වෙයි. එහි උන්වහන්සේගේ ප්‍රඥාවෙන් ධර්ම රාජ්‍යයට පත්වීම ද කරුණාවෙන් ධර්මය බෙදීම ද, ප්‍රඥාවෙන් සසර දුකෙහි කලකිරීම ද කරුණාවෙන් සසර දුක් ඉවසීම ද, ප්‍රඥාවෙන් අනුන්ගේ දුක් පිරිසිඳ දැනීම ද කරුණාවෙන් අනුන්ගේ දුකට ප්‍රතිකාර කිරීමේ ආරම්භය ද,ප්‍රඥාවෙන් පිරිනිවීමට අභිමුඛ බව ද කරුණාවෙන් එය ලැබීම ද, ප්‍රඥාවෙන් තමා තරණය කිරීම ද කරුණාවෙන් අනුන් තරණය කරවීම ද, ප්‍රඥාවෙන් බුදුබව සිදුවීම ද කරුණාවෙන් බුදුකිස සිදුවීම ද නැතහොත්, කරුණාවෙන් බෝධිසත්ත්ව භූමියෙහි දී සසරට අභිමුඛ බව ද ප්‍රඥාවෙන් එහි නො ඇලීම ද, එසේ කරුණාවෙන් අනුන්ට හිංසා නො කිරීම ද, ප්‍රඥාවෙන් තමා අනුන් විසින් බිය නොකිරීම ද,කරුණාවෙන් අනුන් රකිමින් තමන් රකියි. ප්‍රඥාවෙන් තමන් රකිමින් අනුන් රකියි. එසේ කරුණාවෙන් අනුන් නො තැවීම ද ප්‍රඥාවෙන් තමා නො තැවීම ද එයින් තමාට හිත පිණිස පිළිපැදීම ආදියෙහි එන සිවුවන පුද්ගලභාවය සිදුවූයේ වෙයි.
තථා කරුණාය ලොකනාථතා, පඤ්ඤාය අත්තනාථතා; කරුණාය චස්ස නින්නතාභාවො, පඤ්ඤාය උන්නතාභාවො. තථා කරුණාය සබ්බසත්තෙසු ජනිතානුග්ගහො, පඤ්ඤානුගතත්තා න ච න සබ්බත්ථ විරත්තචිත්තො; පඤ්ඤාය සබ්බධම්මෙසු විරත්තචිත්තො, කරුණානුගතත්තා න ච න සබ්බසත්තානුග්ගහාය පවත්තො.
එසේ කරුණාවෙන් ලෝකයාට පිහිටවන බව ප්‍රඥාවෙන් තමාට පිහිටවන බව. උන්වහන්සේගේ කරුණාවෙන් නො නැමුණු බව ප්‍රඥාවෙන් උඩඟුකම නැති බව එසේ කරුණාවෙන් සියලු සත්ත්වයන් කෙරෙහි උපන් අනුග්‍රහය, ප්‍රඥාව අනුව ගිය බැවින් සියලු තැන්හි නො ඇලුණු සිත් නැත්තේ, ප්‍රඥාවෙන් සියලු ධර්මයන්හි නො ඇලුණු සිත් ඇත්තේ, කරුණාව අනුව ගිය බැවින් සියලු සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස නො පවත්නේ නොවේ.
යථා හි කරුණා තථාගතස්ස සිනෙහසොකවිරහිතා, එවං පඤ්ඤා අහංකාරමමංකාරවිනිමුත්තාති අඤ්ඤමඤ්ඤං විසොධිතා පරමවිසුද්ධාති දට්ඨබ්බා. තත්ථ පඤ්ඤාඛෙත්තං බලානි, කරුණාඛෙත්තං වෙසාරජ්ජානි. තෙසු බලසමායොගෙන පරෙහි න අභිභුය්යති, වෙසාරජ්ජසමායොගෙන පරෙ අභිභවති. බලෙහි සත්ථුසම්පදාසිද්ධි, වෙසාරජ්ජෙහි සාසනසම්පදාසිද්ධි. තථා බලෙහි බුද්ධරතනසිද්ධි, වෙසාරජ්ජෙහි ධම්මරතනසිද්ධීති අයමෙත්ථ “භගවතා අරහතා”ති පදද්වයස්ස අත්ථයොජනාය මුඛමත්තදස්සනං.
යම්සේ තථාගතයන් වහන්සේගේ කරුණාව, සෙනෙහසින් ශෝකයෙන් තොර ද එසේ ප්‍රඥාව මම වෙමි (අහිංකාර), මගේ වෙයි (මමිංකාර) යන්නෙන් තොරය. මෙසේ අන්‍යොන්‍ය වශයෙන් මනාව පිරිසිදු කළ හෙයින් පරම විශුද්ධ යයි දතයුතුය. එහි ප්‍රඥා ක්ෂේත්රය (තථාගත) බලය වෙයි. කරුණා ක්ෂේත්රය විශාරද ඥාන වෙයි. ඒවා අතරින් බලය යෙදීමෙන් අනුන් විසින් මැඩ නො පවත්වයි. විශාරද ඥාන යෙදීමෙන් අනුන් මැඩපවත්වයි. බලවලින් ශාස්තෲ සම්පත්තිය සිද්ධ වෙයි. විශාරද ඥානවලින් ශාසන සම්පත්තිය සිද්ධ වෙයි. එසේම බලවලින් බුද්ධ රත්නය සම්පුර්ණ වෙයි. විශාරද ඤාණවලින් ධර්මරත්නය සම්පූර්ණ වෙයි. මේ මෙහි ‘භගවතා’ ‘අරහතා’ යන පද දෙකෙහි අර්ථ යෙදීම පිළිබඳ මුඛමාත්ර දැක්වීමයි. (ප්‍රධාන කරුණු කීපයක් ඉදිරිපත් කිරීමයි.)
කස්මා පනෙත්ථ “වුත්තඤ්හෙතං භගවතා”ති වත්වා පුන “වුත්ත”න්ති වුත්තං? අනුස්සවපටික්ඛෙපෙන නියමදස්සනත්ථං. යථා හි කෙනචි පරතො සුත්වා වුත්තං යදිපි ච ජානන්තෙන වුත්තං, න තෙනෙව වුත්තං පරෙනපි වුත්තත්තා. න ච තං තෙන වුත්තමෙව, අපිච ඛො සුතම්පි, න එවමිධ.
කුමක් නිසා මෙහි දී ‘වුත්තං හෙතං භගවතා’ යනුවෙන් කියා නැවතත් ‘වුත්තං’ යනුවෙන් කියන ලද ද? අසා දැනගත් දේ ප්‍රතික්ෂේප කිරීමෙන් නියම කළ දෙය දැක්වීම පිණිසය. යම්සේ කිසිවකු විසින් අනුන්ගෙන් අසා කියන ලද්දක් දන්නා කෙනෙකු විසින් කියන ලද්දක් අනුන් විසින් කියන ලද්දක් නිසා ඔහු විසින්ම කියන ලද්දක් නොවේ. ඔහු විසින් එය නොකියන ලද්දේමය. තවද ඇසීම ද නැත.
භගවතා හි පරතො අසුත්වා සයම්භුඤාණෙන අත්තනා අධිගතමෙව වුත්තන්ති ඉමස්ස විසෙසස්ස දස්සනත්ථං ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. ඉදං වුත්තං හොති – “වුත්තඤ්හෙතං භගවතා” තඤ්ච ඛො භගවතාව වුත්තං, න අඤ්ඤෙන, වුත්තමෙව ච, න සුතන්ති. අධිකවචනඤ්හි අඤ්ඤමත්ථං බොධෙතීති න පුනරුත්තිදොසො. එස නයො ඉතො පරෙසුපි.
මෙසේ මෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් අනුන්ගෙන් නොඅසා තමන් වහන්සේගේ ඤාණයෙන් තමන්වහන්සේ විසින් අවබෝධ කළ දෙයම දේශනා කරන ලදී යන මේ විශේෂය පෙන්වීම පිණිස දෙවරක් ‘වුත්තං’ යනුවෙන් කියන ලදී. ‘වුත්තං හෙතං භගවතා’ යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලදී. අනිකකු විසින් කියන ලද දෙයක් අසන ලද්දක් මෙන් නොවේ යන මේ අදහස කියන ලද්දේ වෙයි. අධික වචනය අනිත් අථයක් අවබෝධ කරවයි යන අරුතින් පුනරුක්ති දෝෂයක් නැත. මෙයින් පසුව ද මේ ක්‍රමය යි.
තථා පුබ්බරචනාභාවදස්සනත්ථං ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. භගවා හි සම්මාසම්බුද්ධතාය ඨානුප්පත්තිකප්පටිභානෙන සම්පත්තපරිසාය අජ්ඣාසයානුරූපං ධම්මං දෙසෙති, න තස්ස කාරණා දානාදීනං විය පුබ්බරචනාකිච්චං අත්ථි. තෙනෙතං දස්සෙති – “වුත්තඤ්හෙතං භගවතා, තඤ්ච ඛො න පුබ්බරචනාවසෙන තක්කපරියාහතං වීමංසානුචරිතං, අපිච ඛො වෙනෙය්යජ්ඣාසයානුරූපං ඨානසො වුත්තමෙවා”ති.
පෙර සූදානම් නොවූ (පිළියෙළ නොකළ) බව දැක්වීම පිණිස දෙවරක් ‘කියන ලදී’ යැයි කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු බැවින් අවස්ථාවට ගැළපෙන ලෙස උපන් වැටහීමෙන් පැමිණි පිරිසේ අදහසට අනුරූපව දහම් දෙසති. දන්දීමාදියට මෙන් ඒ සඳහා පෙර සූදානමක් නැත. එහෙයින් ඒ කාරණය දක්වයි. එය ද පෙර සූදානම් නොකරන ලද්දකි. තර්කයෙන් නො මඬනා ලද්දකි. තම හැඟීමට අනුව නො විමසන ලද්දකි. එසේ වුවත් හික්මවීමට සුදුසු පුද්ගලයන්ගේ අදහසට අනුරූපව තැනට සුදුසු වශයෙන් පැවතියේමය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
අප්පටිවත්තියවචනභාවදස්සනත්ථං වා ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. යඤ්හි භගවතා වුත්තං, වුත්තමෙව තං, න කෙනචි පටික්ඛිපිතුං සක්කා අක්ඛරසම්පත්තියා අත්ථසම්පත්තියා ච. වුත්තං හෙතං –
(අනිකකු විසින්) නො පැවැත්විය හැකි වචනයක් බව දැක්වීම පිණිස හෝ දෙවරක් ‘වුත්තං’ යයි කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යමක් වේ නම් එය දේශනා කරන ලද්දේමය. එය අක්ෂර සම්පත්තියෙන් හෝ අර්ථ සම්පත්තියෙන් කිසිවකු විසින් ප්‍රතික්ෂේප කළ නොහැක.
“එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං කෙනචි සමණෙන වා බ්රාහ්මණෙන වා”තිආදි (සං· නි· 5.1081; මහාව· 17).
‘ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ නො පැවැත්විය හැකි ඒ අනුත්තර ධර්මචක්රය බරණැස ඉසිපතන මිගදායෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලදී’ යනුවෙන් එය කියන ලද්දේම ය.
අපරම්පි වුත්තං –
අනිකක් ද කියන ලදී.
“ඉධ, භික්ඛවෙ, ආගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා ‘න යිදං දුක්ඛං අරියසච්චං, යං සමණෙන ගොතමෙන පඤ්ඤත්තං, අහමිදං දුක්ඛං අරියසච්චං ඨපෙත්වා අඤ්ඤං දුක්ඛං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී’ති, නෙතං ඨානං විජ්ජතී”තිආදි. –
මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පැමිණෙන්නේ ය. පැමිණ ශ්‍රමණ ගෞතමයන් විසින් පනවන ලද මේ දුක්ඛ ආර්ය සත්‍යය වනාහි දුක්ඛ ආර්ය සත්‍යය නොවේ. මම මේ දුක්ඛ ආර්ය සත්‍යය හැර අනිත් දුක්ඛ ආර්ය සත්‍යයක් පනවන්නෙමි යි යන මේ කාරණය විද්‍යාමාන නොවේ’ යනාදී වශයෙනි.
තස්මා අප්පටිවත්තියවචනභාවදස්සනත්ථම්පි ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං.
එහෙයින් අනිකකු විසින් නො පැවැත්විය හැකි වචනයක් බව දැක්වීම පිණිස ද දෙවරක් වුත්තං = (කියන ලදී) යයි කියන ලදී.
අථ වා සොතූනං අත්ථනිප්ඵාදකභාවදස්සනත්ථං ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. යඤ්හි පරෙසං ආසයාදිං අජානන්තෙන අසබ්බඤ්ඤුනා අදෙසෙ අකාලෙ වා වුත්තං, තං සච්චම්පි සමානං සොතූනං අත්ථනිප්ඵාදනෙ අසමත්ථතාය අවුත්තං නාම සියා, පගෙව අසච්චං. භගවතා පන සම්මාසම්බුද්ධභාවතො සම්මදෙව පරෙසං ආසයාදිං දෙසකාලං අත්ථසිද්ධිඤ්ච ජානන්තෙන වුත්තං එකන්තෙන සොතූනං යථාධිප්පෙතත්ථනිප්ඵාදනතො වුත්තමෙව, නත්ථි තස්ස අවුත්තතාපරියායො. තස්මා සොතූනං අත්ථනිප්ඵාදකභාවදස්සනත්ථම්පි ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. අපිච යථා න තං සුතං නාම, යං න විඤ්ඤාතත්ථං යඤ්ච න තථත්තාය පටිපන්නං, එවං න තං වුත්තං නාම, යං න සම්මා පටිග්ගහිතං. භගවතො පන වචනං චතස්සොපි පරිසා සම්මදෙව පටිග්ගහෙත්වා තථත්තාය පටිපජ්ජන්ති. තස්මා සම්මදෙව පටිග්ගහිතභාවදස්සනත්ථම්පි ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං.
නැතහොත් අසන්නන්ට ප්‍රයෝජනයක් ඇතිකරන බව (අර්ථ නිෂ්පාදනය කරන බව) දැක්වීම පිණිස දෙවරක් ‘කියන ලදී’ යයි කියන ලදී. අනුන්ගේ ආසය (සිතේ ස්වභාවය) ආදිය නො දන්නා වූ සර්වඥ නොවන කෙනෙකු විසින් අදේශයකදී (නුසුදුසු තැනකදී) අකාලයක දී (නුසුදුසු කාලයකදී) කියන ලද දෙය සත්‍ය වුවත් එය අසන්නන්ට අර්ථ නිෂ්පාදනයෙහි අසමත් බැවින් නො කියන ලද්දක් නම් වන්නේය. අසත්‍යයක් කියන ලද නම් කවර කතා ද? සම්මා සම්බුදු බැවින් මනාව අනුන්ගේ ආසය ආදිය ද දේශ-කාල-අර්ථ සිද්ධිය ද දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්ද ඒකාන්තයෙන් අසන්නන්ට අදහස් කරන ලද අර්ථය නිෂ්පාදනය වන බැවින් (එය) කියන ලද්දක්ම වෙයි. උන්වහන්සේගේ නො කියන ලද ක්‍රමයක් නැත. එහෙයින් අසන්නන්ට අර්ථ නිෂ්පාදක බව දැක්වීම පිණිස ද දෙවරක් ‘වුත්තං’ යයි කියන ලදී. තව ද යම්සේ යම් නොදන්නා ලද අර්ථයක් ඇත්තේ ද, සත්‍ය පිණිස යමකට නො පිළිපන්නේ ද එය නො අසන ලද්දක් නම් වේ. මෙසේ යමක් මනාව නො පිළිගන්නා ලද ද එය නො කියන ලද්දක් නම් වේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනය සිවු පිරිසම මනාව පිළිගෙන සත්‍යාවබෝධය පිණිස (තථත්තාය) පිළිපදිති. එහෙයින් මනාව පිළිගත් බව දැක්වීම පිණිස ද දෙවරක් ‘වුත්තං’ යයි කියන ලදී.
අථ වා අරියෙහි අවිරුද්ධවචනභාවදස්සනත්ථං ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. යථා හි භගවා කුසලාකුසලසාවජ්ජානවජ්ජභෙදෙ ධම්මෙ පවත්තිනිවත්තියො සම්මුතිපරමත්ථෙ ච අවිසංවාදෙන්තො වදති, එවං ධම්මසෙනාපතිප්පභුතයො අරියාපි භගවති ධරමානෙ පරිනිබ්බුතෙ ච තස්සෙව දෙසනං අනුගන්ත්වා වදන්ති, න තත්ථ නානාවාදතා. තස්මා වුත්තමරහතා තතො පරභාගෙ අරහතා අරියසඞ්ඝෙනාපීති එවං අරියෙහි අවිරුද්ධවචනභාවදස්සනත්ථම්පි එවං වුත්තං.
නැතහොත් ආර්යයන් වහන්සේලා විසින් කරන දේශනාවල විරුද්ධ නොවන වචන ඇති බව දැක්වීම පිණිස දෙවරක් ‘වුත්තං’ යයි කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ යම්සේ කුසල-අකුසල, සාවද්‍ය-අනවද්‍ය භේද ඇති ධර්මයන් ද පැවැත්ම නැවැත්ම, සම්මුති-පරමාර්ථ ද බොරු නොකරමින් දේශනා කරත් ද එසේම ධර්ම සේනාපති ආදී වූ ආර්යයන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කල්හි ද පිරිනිවි කල්හි ද උන්වහන්සේගේම දේශනාව අනුව ගොස් කියති. එහි නානා වාදයක් නැත. එහෙයින් වුත්තමරහතා එයින් පසු කාලයෙහි අරහත් වූ ආර්ය සංඝයා විසින් දැයි මෙසේ ආර්යයන් අතර අවිරුද්ධ වචන ඇති බව දැක්වීම පිණිස මෙසේ කියන ලදී.
අථ වා පුරිමෙහි සම්මාසම්බුද්ධෙහි වුත්තනයභාවදස්සනත්ථං ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. සතිපි හි ජාතිගොත්තායුප්පමාණාදිවිසෙසෙ දසබලාදිගුණෙහි විය ධම්මදෙසනාය බුද්ධානං විසෙසො නත්ථි, අඤ්ඤමඤ්ඤං අත්තනා ච තෙ පුබ්බෙනාපරං අවිරුද්ධමෙව වදන්ති. තස්මා වුත්තඤ්හෙතං යථා බුද්ධෙහි අත්තනා ච පුබ්බෙ, ඉදානිපි අම්හාකං භගවතා තථෙව වුත්තං අරහතාති එවං පුරිමබුද්ධෙහි අත්තනා ච සුත්තන්තරෙසු වුත්තනයභාවදස්සනත්ථම්පි ද්වික්ඛත්තුං “වුත්ත”න්ති වුත්තං. තෙන බුද්ධානං දෙසනාය සබ්බත්ථ අවිරොධො දීපිතො හොති.
නැතහොත් පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් කියන ලද න්‍යාය ඇති බව දැක්වීම පිණිස ද දෙවරක් ‘වුත්තං’ යි කියන ලදී. ජාති ගෝත්‍ර ආයු ප්රමාණාදී විශේෂයන් ඇතත් දශබල ආදී ගුණයන් සමඟ මෙන් බුදුවරුන්ගේ ධර්ම දේශනාවේ විශේෂයක් නැත. උන්වහන්සේලා අන්‍යොන්‍යව ද තනිව ද මුලින් කී දෙයට පසුව කියන ලද්ද විරුද්ධ නො වන ලෙසම කියත් ද එහෙයින් මේ කාරණය කියන ලදී. යම්සේ පෙර බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලා විසින් ද දැන් අපගේ අර්හත් වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ද එසේ ම කියන ලදී. මෙසේ පෙර බුදුරජාණන් වහන්සේලා විසින් ද තමන්වහන්සේ විසින් ද සූත්රාන්තරයන්හි කියන ලද න්‍යාය ඇති බව දැක්වීම පිණිස දෙවරක් ‘වුත්තං’ යි කියන ලදී. ඒ කාරණයෙන් හැමතන්හිම බුදුවරුන්ගේ දේශනාවේ අවිරෝධය දක්වන ලද්දේ වෙයි.
අථ වා “වුත්ත”න්ති යදෙතං දුතියං පදං, තං අරහන්තවුත්තභාවවචනං දට්ඨබ්බං. ඉදං වුත්තං හොති – වුත්තඤ්හෙතං භගවතා අරහතාපි වුත්තං – “එකධම්මං, භික්ඛවෙ”තිආදිකං ඉදානි වුච්චමානං වචනන්ති. අථ වා “වුත්ත”න්ති යදෙතං දුතියං පදං, තං න වචනත්ථං, අථ ඛො වපනත්ථං දට්ඨබ්බං. තෙනෙතං දස්සෙති – “වුත්තඤ්හෙතං භගවතා, තඤ්ච ඛො න වුත්තමත්තං, න කථිතමත්තං; අථ ඛො වෙනෙය්යානං කුසලමූලං වපිත”න්ති අත්ථො. අථ වා යදෙතං වුත්තන්ති දුතියං පදං, තං වත්තනත්ථං. අයං හිස්ස අත්ථො – වුත්තඤ්හෙතං භගවතා අරහතා, තඤ්ච ඛො න වුත්තමත්තං, අපිච තදත්ථජාතං වුත්තං චරිතන්ති. තෙන “යථා වාදී භගවා තථා කාරී”ති දස්සෙති. අථ වා වුත්තං භගවතා, වුත්තවචනං අරහතා වත්තුං යුත්තෙනාති අත්ථො.
නැතහොත් ‘වුත්තං’ යන යම් මේ දෙවන පදයක් ඇද්ද එය රහතන් වහන්සේ විසින් කියන ලද වචනයක් යයි දතයුතුය. ‘එකධම්මං භික්ඛවේ’ යන්න මුල්කොට ඇත්තා වූ ද දැන් කියනු ලබන වචනය ද භාග්‍යවතුන් වහන්සේ විසින් ද රහතන් වහන්සේ විසින් ද කියන ලදී යන මේ අදහස කියන ලද්දේ වෙයි. නැතහොත් ‘වුත්තං’ යන යම් මේ දෙවන පදයක් ඇද්ද එය වෙනත් පදයක වචනාර්ථයක් නොවේ. එය වනාහි තැබීම පිණිසය (ඨපනත්ථං) යි දත යුතුය. එයින් මේ අදහස දක්වයි: භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලදී. එය ද කීම් මාත්‍රයක් නොවේ. කථිත මාත්‍රයක් නොවේ. එය වනාහි හික්මවිය යුත්තන්ගේ කුශලමූලය රෝපණය කරන ලදී යන අර්ථය යි. නැතහොත් ‘වුත්තං’ යන යම් මේ දෙවන පදයක් ඇද්ද එය පැවැත්ම පිණිසය (පවත්තනත්ථං)යි දතයුතුය. මේ එහි අර්ථයයි. අර්හත් වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලදී. එයද කීම් මාත්‍රයක් නොවේ. එය වනාහි ඒ උපන්නා වූ චරිතය යන අදහස කියන ලදී. ඒ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ කියන ආකාරයට කටයුතු කරන (යථාවාදී තථාකාරී) බව දක්වයි. නැතහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. අර්හත් වූ බුදුරජාණන් වහන්සේ විසින් කියන ලදී යනුවෙන් කියන්නට සුදුසුය යන අර්ථයි.
අථ වා “වුත්ත”න්ති සඞ්ඛෙපකථාඋද්දිසනං සන්ධායාහ, පුන “වුත්ත”න්ති විත්ථාරකථානිදස්සනං. භගවා හි සඞ්ඛෙපතො විත්ථාරතො ච ධම්මං දෙසෙති. අථ වා භගවතො දුරුත්තවචනාභාවදස්සනත්ථං “වුත්තඤ්හෙතං භගවතා”ති වත්වා පුන “වුත්ත”න්ති වුත්තං.
නැතහොත් ‘වුත්තං’ යන්න සංක්ෂිප්ත කථාව කීම සඳහා ය. නැවත (දෙවන) ‘වුත්තං’ යනු විස්තර කථාව දැක්වීම සඳහාය. භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයන් (කෙටියෙන්) ද විස්තර වශයෙන් ද දහම් දෙසති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ නොමනා කොට කියන ලද වචන නැති බව දැක්වීම පිණිස ‘වුත්තං හෙතං භගවතා’ යනුවෙන් කියා නැවත ‘වුත්තං’ යි කියන ලදී.
සබ්බදා ඤාණානුගතවචීකම්මතාය හි භගවතො සවාසනපහීනසබ්බදොසස්ස අක්ඛලිතබ්යප්පථස්ස කදාචිපි දුරුත්තං නාම නත්ථි. යථා කෙචි ලොකෙ සතිසම්මොසෙන වා දවා වා රවා වා කිඤ්චි වත්වා අථ පටිලද්ධසඤ්ඤා පුබ්බෙ වුත්තං අවුත්තං වා කරොන්ති පටිසඞ්ඛරොන්ති වා, න එවං භගවා. භගවා පන නිච්චකාලං සමාහිතො. අසම්මොසධම්මො අසම්මොහධම්මො ච සබ්බඤ්ඤුතඤ්ඤාණසමුපබ්යූළ්හාය පටිභානපටිසම්භිදාය උපනීතමත්ථං අපරිමිතකාලං සම්භතපුඤ්ඤසම්භාරසමුදාගතෙහි අනඤ්ඤසාධාරණෙහි විසදවිසුද්ධෙහි කරණවිසෙසෙහි සොතායතනරසායනභූතං සුණන්තානං අමතවස්සං වස්සන්තො විය සොතබ්බසාරං සවනානුත්තරියං චතුසච්චං පකාසෙන්තො කරවීකරුතමඤ්ජුනා සරෙන සභාවනිරුත්තියා වෙනෙය්යජ්ඣාසයානුරූපං වචනං වදති, නත්ථි තත්ථ වාලග්ගමත්තම්පි අවක්ඛලිතං, කුතො පන දුරුත්තාවකාසො. තස්මා “යං භගවතා වුත්තං, තං වුත්තමෙව, න අවුත්තං දුරුත්තං වා කදාචි හොතී”ති දස්සනත්ථං – “වුත්තඤ්හෙතං භගවතා”ති වත්වා පුන – “වුත්තමරහතා”ති වුත්තන්ති න එත්ථ පුනරුත්තිදොසොති. එවමෙත්ථ පුනරුත්තසද්දස්ස සාත්ථකතා වෙදිතබ්බා.
හැමකල්හි ඤාණය අනුව ගිය වචී කර්මය ඇති, සසර පුරුදු සමග දුරුකරන ලද සියලු දොස් ඇති නිදොස් වචන මාර්ගය ඇති භාග්‍යවතුන් වහන්ගේ නොමනා කොට කීමක් නම් කිසිකලෙකත් නැත. ලොව ඇතැමෙක් සිහිමුළාවෙන් හෝ ඉක්මන්කම නිසා (දවා) හෝ අනිකක් කියන්නෙමියි අනිකක් කීමෙන් (රවා) හෝ යමක් කියා පසුව ලබන ලද සංඥාව (සිහිය) ඇතිව පෙර කියන ලද්ද නොකියන ලද්දක් හෝ කරති. නැතහොත් සංශෝධනය හෝ කරති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොකරති. හැමකල්හි සන්සුන් වූ නුමුළාවන ස්වභාව ඇති සර්වඥතා ඥානයෙන් ගැවසී ගත් භාග්‍යවතුන් වහන්සේ පටිභාණ පටිසම්භිදාවෙන් තමා ම ළඟට පමුණුවන ලද අර්ථ ඇත්තේ අප්‍රමාණ කාලයක් පුරා රැස්කරන ලද පුණ්‍ය රාශියෙන් මතු වූ අන්‍යයන්ට සාධාරණ (පොදු) නොවූ ඉතා පිරිසිදු වූ විශේෂ කටයුතුවලින් සෝතායතනයට (සවනට) රසායනයක් වූ අසන්නන්ට අමා වැසි වස්සවන්නාක් මෙන් ඇසීමට සරු වූ ඇසීමට ඊට වඩා උතුම් දෙයක් නැති (සවණානුත්තරිය), දක්ෂ බව ප්‍රකාශ කරමින් කොවුල් හඬ වැනි මිහිරි හඬින් ස්වභාව නිරුක්තියෙන් හික්මවීමට සුදුසු අයගේ අදහස්වලට අනුරූප වූ වචන කියති. එහි කෙසඟක් (කෙස්ගසක අගක්) තරම්වත් දොසක් නැත. වැරදි ලෙස කීමට ඉඩක් කොයින් ද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කියන ලද ද, එය කියන ලද්දේම ය. එය කිසිකලෙකත් නො කියන ලද්දක් හෝ නො මනා කොට කියන ලද්දක් හෝ නොවේ යන්න දැක්වීම පිණිස ‘වුත්තං හෙතං භගවතා’ යි කියා නැවත ‘වුත්තමරහතා’යි කියන ලදී. මෙසේ එහි පුනරුක්ත දෝෂයක් නැත. මෙසේ මෙහි නැවත කියන ලද ‘වුත්ත’ ශබ්දයේ සාර්ථක බව දතයුතුය.
ඉති මෙ සුතන්ති එත්ථ ඉතීති අයං ඉතිසද්දො හෙතුපරිසමාපනාදිපදත්ථවිපරියායපකාරනිදස්සනාවධාරණාදිඅනෙකත්ථප්පභෙදො. තථා හෙස – “රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චතී”තිආදීසු (සං· නි· 3.79) හෙතුඅත්ථෙ දිස්සති.
ඉති මෙ සුතං යන මෙහි ‘ඉති’ යනු: මේ ඉති ශබ්දය හේතුව - පරිසමාපනය (නිම කිරීම- ආදි (අවයවය) - පදාර්ථ විපර්යාසය (පදවල අර්ථ වෙනස්වීම) - පකාරය (ආකාරය) - නිදර්ශනය - අවධාරණය ආදී නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේ වෙයි. එය එසේම ය.
‘රුප්පතීති ඛො භික්ඛවෙ තස්මා රූපන්ති වුච්චති’
‘මහණෙනි’, ‘බිඳේ’ යන හේතුවෙන් රූපය යි කියනු ලැබේ’ යනාදියෙහි හේතුව යන අර්ථයෙහි පෙනේ.
“තස්මාතිහ මෙ, භික්ඛවෙ, ධම්මදායාදා භවථ, මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා – කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්යුං, නො ආමිසදායාදා”තිආදීසු (ම· නි· 1.30) පරිසමාපනෙ.
‘තස්මාතිහ මෙ භික්ඛවෙ ධම්මදායාදා භවථ, මා ආමිස දායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්යුං නො ආමිස දායාදා’
එහෙයින් මහණෙනි, මගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නොවවු. මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මදායාද වන්නහුද? ආමිස දායාද නොවන්නහුදැයි තොප කෙරෙහි මගේ අනුකම්පාව ඇත’ යනාදියෙහි පරිපමාපන (නිම කිරිම) යන අර්ථයෙහි පෙනේ.
“ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො”තිආදීසු (දී· නි· 1.10) ආදිඅත්ථෙ.
‘ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො’
මේ ආදී වූ හෝ මෙබඳු වූ විසුළුදස්නෙන් වැළකුණේ වෙයි. යනාදියෙහි ආදි (අවයවය) යන අර්ථයෙහි පෙනේ.
“මාගණ්ඩියොති වා තස්ස බ්රාහ්මණස්ස සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො”තිආදීසු (මහානි· 75) පදත්ථවිපරියායෙ.
‘මාගන්ධියොති වා තස්ස බ්රාහ්මණස්ස සංඛා, සමඤ්ඤා, පඤ්ඤත්ති, වොහාරො, නාමං, නාමකම්මං, නාමධෙය්යං, නිරුත්ති, ඛ්යඤ්ජනමභිලාපො’
මාගන්ධියො යනු ඒ බමුණාගේ සංඛ්‍යාය, සංඥාය, ප්රඥප්තිය, ව්‍යවහාරය, නමය, නම් කිරීමය, නම් ඇති, නිරුක්තිය, ව්‍යඤ්ජන අභිලාෂය’ යනාදියෙහි පදාර්ථ විපර්යාසයෙහි පෙනේ.
“ඉති ඛො, භික්ඛවෙ, සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො; සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො; සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො”තිආදීසු (අ· නි· 3.1) පකාරෙ.
‘ඉති ඛො භික්ඛවෙ සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො, සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො, සඋපස්සග්ගො බාලො, අනුපස්සග්ගො පණඩිතො’
‘මහණෙනි, මෙසේ වනාහි බාලයා ප්‍රතිභය සහිත වේ. පණ්ඩිතයා ප්‍රතිභය රහිත වේ. බාලයා උපද්‍රව සහිත වේ. පණ්ඩිතයා උපද්‍රව රහිත වේ. බාලයා උපසර්ග (දුක්වෙමින් ඒ ඒ තැන ලැග සිටීම්) සහිත වේ. පණ්ඩිතයා උපසර්ග රහිත වේ’ යනාදියෙහි ප්‍රකාරයෙහි (ආකාරයෙහි) පෙනේ.
“සබ්බමත්ථීති ඛො, කච්චාන, අයමෙකො අන්තො, සබ්බං නත්ථීති ඛො, කච්චාන, අයං දුතියො අන්තො”තිආදීසු (සං· නි· 2.15) නිදස්සනෙ .
‘සබ්බං අත්ථිති ඛො කච්චාන අයමෙකො අන්තො සබ්බං නත්ථිති අයං දුතියො අන්තො’
කච්චාන, සියල්ල ඇත යන මෙය පළමු අන්තයයි. සියල්ල නැත යන මෙය දෙවන අන්තයයි’ යනාදියෙහි නිදර්ශනයෙහි පෙනේ.
“අත්ථි ඉදප්පච්චයා ජරාමරණන්ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. කිංපච්චයා ජරාමරණන්ති ඉති චෙ වදෙය්ය, ජාතිපච්චයා ජරාමරණන්ති ඉච්චස්ස වචනීය”න්තිආදීසු (දී· නි· 2.96) අවධාරණෙ, සන්නිට්ඨානෙති අත්ථො. ස්වායමිධ පකාරනිදස්සනාවධාරණෙසු දට්ඨබ්බො.
‘අත්ථි ඉදප්පච්චයා ජරාමරණන්ති ඉති පුට්ඨෙන සතා ආනන්ද අත්ථිතිස්ස වචනීයං, කිං පච්චයා ජරාමරණං ඉති චෙ වදෙය්ය, ජාතිපච්චයා ජරාමරණන්ති ඉච්චස්ස වචනීයං’
‘ආනන්දය, මේ යම් ප්රත්යයකින් ජරා මරණ වේ නම් එසේ වූ ප්‍රත්‍යයක් ඇත්දැයි විමසන ලද්දහු විසින් ඇතැයි ඔහුට කිවයුතුය. කුමන ප්‍රත්‍යයෙන් ජරාමරණ වේදැයි මෙසේ විමසන්නේ නම් ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේයි මෙසේ ඔහුට කිවයුතුය’ යනාදියෙහි අවධාරණයෙහි පෙනේ. තීරණය කිරීමෙහි (සන්නිට්ඨානෙ) යන අර්ථයි. ඉති ශබ්දය මෙහි ප්‍රකාර- නිදර්ශන-අවධාරණ යන අර්ථවල යෙදෙන බව දතයුතුය.
තත්ථ පකාරත්ථෙන ඉතිසද්දෙන එතමත්ථං දීපෙති – නානානයනිපුණමනෙකජ්ඣාසයසමුට්ඨානං අත්ථබ්යඤ්ජනසම්පන්නං විවිධපාටිහාරියං ධම්මත්ථදෙසනාපටිවෙධගම්භීරං සබ්බසත්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච්ඡන්තං තස්ස භගවතො වචනං සබ්බප්පකාරෙන කො සමත්ථො විඤ්ඤාතුං, සබ්බථාමෙන පන සොතුකාමතං ජනෙත්වාපි ඉති මෙ සුතං, මයාපි එකෙන පකාරෙන සුතන්ති.
එහි ප්‍රකාර අර්ථය ඇති ඉති ශබ්දයෙන් මේ අර්ථය පැහැදිලි කරයි: නොයෙක් නොයෙක් න්‍යායවල දක්ෂ වූ නොයෙක් අදහස්වලින් හටගත් අර්ථ- ව්‍යඤ්ජන (අකුරු-ශබ්ද) වලින් යුක්ත වූ විවිධ ප්රාතිහාර්ය ඇති ධර්මයෙන්, අර්ථයෙන්, දේශනාවෙන්, ප්‍රතිවේධයෙන් (අවබෝධ කිරිමෙන්) ගැඹුරු වූ සියලු සත්ත්වයන්ට තම තමන්ගේ භාෂාවට අනුරූප වශයෙන් සවන් මගට පැමිණෙන (කනට වැටෙන) ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය මුළු ශක්තියෙන් අසනු කැමති බව උපදවාගෙන වුවද සියලු ආකාරයෙන් දැන ගන්නට කවරෙක් සමත් වේද? ඉති මේ සුතං යනු මා විසින් ද එක් ප්‍රකාරයකින් අසන ලදී.
එත්ථ ච එකත්තනානත්තඅබ්යාපාරඑවංධම්මතාසඞ්ඛාතා නන්දියාවත්තතිපුක්ඛලසීහවික්කීළිතදිසාලොචනඅඞ්කුසසඞ්ඛාතා ච විසයාදිභෙදෙන නානාවිධා නයා නානානයා. නයා වා පාළිගතියො, තා ච පඤ්ඤත්තිඅනුපඤ්ඤත්තිආදිවසෙන සංකිලෙසභාගියාදිලොකියාදිතදුභයවොමිස්සතාදිවසෙන, කුසලාදිවසෙන, ඛන්ධාදිවසෙන, සඞ්ගහාදිවසෙන, සමයවිමුත්තාදිවසෙන, ඨපනාදිවසෙන, කුසලමූලාදිවසෙන, තිකපට්ඨානාදිවසෙන ච නානප්පකාරාති නානානයා. තෙහි නිපුණං සණ්හං සුඛුමන්ති නානානයනිපුණං.
මෙහි ද ඒකක්ත, නානත්ත, අබ්යාපාර, එවං ධම්මතා සංඛ්‍යාත (නම්) වූ ද නන්දියාවත්ත, තිපුක්ඛල, සීහවික්කීළිත, දිසාලෝචන, අංකුස සංඛ්‍යාත වූ ද නැතහොත් විෂය භේදයෙන් නානාවිධ න්‍යාය ද නැතහොත් පාළියෙහි එන නා නා න්‍යාය ද ඒවා ද පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති ආදී වශයෙන් ද සංකිලෙස භාගිය ආදී වශයෙන් ද ලොකිය (ලෞකික) ආදී වශයෙන් ද ඒ දෙක ම මිශ්රවීම් වශයෙන් වොමිස්සතාදි වශයෙන් ද කුශලාදී වශයෙන් ද ස්කන්ධාදී වශයෙන් ද සංග්‍රහ ආදී වශයෙන් ද සමය විමුත්ත ආදී වශයෙන් ද ඨපනාදී වශයෙන් ද කුශලමූලාදී වශයෙන් ද තිකපට්ඨානාදී වශයෙන් ද නානාප්‍රකාර වන හෙයින් ‘නානා නය’ නම් වේ. ඒ න්‍යායවලින් නිපුණ (දක්ෂ) වූ සහ (මෘදු) වූ සුඛුම (සියුම්) වූයේ යන අරුතින් නානා නය නිපුණ නම් වේ.
ආසයොව අජ්ඣාසයො, සො ච සස්සතාදිභෙදෙන අප්පරජක්ඛතාදිභෙදෙන ච අනෙකවිධො. අත්තජ්ඣාසයාදිකො එව වා අනෙකො අජ්ඣාසයො අනෙකජ්ඣාසයො. සො සමුට්ඨානං උප්පත්තිහෙතු එතස්සාති අනෙකජ්ඣාසයසමුට්ඨානං.
ආසය ම අජ්ඣාසය වේ. එය ද ශාස්වතාදී භේදයෙන් ද අප්පරජක්ඛ (කෙලෙස් අඩු බව) ආදී භේදයෙන් ද අනේකවිධ වූ අත්තජ්ඣාසය ආදී වූ ම අනේක වූ අජ්ඣාසය (අදහස) අනේකජ්ඣාසය යි. එය (අනේකජ්ඣාසය නම් වූ) මේ කාරණයේ හටගැනීමට උත්පත්තියට හේතුව යන අරුතින් අනේකජ්ඣාසය සමුට්ඨාන නම් වේ.
කුසලාදිඅත්ථසම්පත්තියා තබ්බිභාවනබ්යඤ්ජනසම්පත්තියා සඞ්කාසනපකාසනවිවරණවිභජනඋත්තානීකරණපඤ්ඤත්තිවසෙන ඡහි අත්ථපදෙහි අක්ඛරපදබ්යඤ්ජනාකාරනිරුත්තිනිද්දෙසවසෙන ඡහි බ්යඤ්ජනපදෙහි ච සමන්නාගතත්තා අත්ථබ්යඤ්ජනසම්පන්නං.
කුශලාදී අර්ථ සම්පත්තියෙන් ද එය පැහැදිලි කරන ව්‍යඤ්ජන (අකුරු-පද) සම්පත්තියෙන් ද සංකාසන (පැහැදිලි කිරීම), පකාසන (ප්‍රකට කිරිම), විවරණ (විස්තර කිරීම), විභජන (වෙන්කොට දැක්වීම), උත්තානීකරණ (සරල ලෙස ඉදිරිපත් කිරීම), පඤ්ඤත්ති (පැණවීම) වශයෙන් ඇති අර්ථපද හයෙන් ද අක්ඛර (අකුරු), පද, ඛ්‍යඤ්ජන, ආකාර, නිරුක්ති, නිර්දේශ වශයෙන් ඇති ඛ්‍යඤ්ජන පද හයෙන් ද යුක්ත බැවින් අත්ථඛ්යඤ්ජනසම්පන්න නම් වේ.
ඉද්ධිආදෙසනානුසාසනීභෙදෙන තෙසු ච එකෙකස්ස විසයාදිභෙදෙන විවිධං බහුවිධං වා පාටිහාරියං එතස්සාති විවිධපාටිහාරියං. තත්ථ පටිපක්ඛහරණතො රාගාදිකිලෙසාපනයනතො පටිහාරියන්ති අත්ථෙ සති භගවතො පටිපක්ඛා රාගාදයො න සන්ති යෙ හරිතබ්බා, පුථුජ්ජනානම්පි විගතූපක්කිලෙසෙ අට්ඨගුණසමන්නාගතෙ චිත්තෙ හතපටිපක්ඛෙ ඉද්ධිවිධං පවත්තති. තස්මා තත්ථ පවත්තවොහාරෙන ච න සක්කා ඉධ පාටිහාරියන්ති වත්තුං. යස්ම්මාආ පන මහාකාරුණිකස්ස භගවතො වෙනෙය්යගතා ච කිලෙසා පටිපක්ඛා, තස්මා තෙසං හරණතො පාටිහාරියං. අථ වා භගවතො සාසනස්ස ච පටිපක්ඛා තිත්ථියා, තෙසං හරණතො පාටිහාරියං. තෙ හි දිට්ඨිහරණවසෙන දිට්ඨිප්පකාසනෙ අසමත්ථභාවෙන ච ඉද්ධිආදෙසනානුසාසනීහි හරිතා අපනීතා හොන්ති. පටීති වා පච්ඡාති අත්ථො. තස්මා සමාහිතෙ චිත්තෙ විගතූපක්කිලෙසෙ කතකිච්චෙන පච්ඡා හරිතබ්බං පවත්තෙතබ්බන්ති පටිහාරියං. අත්තනො වා උපක්කිලෙසෙසු චතුත්ථජ්ඣානමග්ගෙහි හරිතෙසු පච්ඡා හරණං පටිහාරියං. ඉද්ධිආදෙසනානුසාසනියො ච විගතූපක්කිලෙසෙන කතකිච්චෙන සත්තහිතත්ථං පුන පවත්තෙතබ්බා, හරිතෙසු ච අත්තනො උපක්කිලෙසෙසු පරසන්තානෙ උපක්කිලෙසහරණානි හොන්තීති පටිහාරියානි භවන්ති. පටිහාරියමෙව පාටිහාරියං, පටිහාරියෙ වා ඉද්ධිආදෙසනානුසාසනිසමුදායෙ භවං එකෙකං පාටිහාරියන්ති වුච්චති. පටිහාරියං වා චතුත්ථජ්ඣානං මග්ගො ච පටිපක්ඛහරණතො, තත්ථ ජාතං, තස්මිං වා නිමිත්තභූතෙ, තතො වා ආගතන්ති පාටිහාරියං.
ඉද්ධි - ආදේසනා - අනුසාසනී යන බෙදීමෙන් ද ඒවා අතරින් එක එකක් ගැන විෂයාදී වශයෙන් බෙදීමෙන් ද මෙයට විවිධ වූ හෝ බහුවිධ වූ හෝ පාටිහාරිය ඇත්තේය යන අරුතින් ‘විවිධ පාටිහාරිය’ නම් වේ. එහි ප්‍රතිවිරුද්ධ ධර්ම ඉවත් කිරිමෙන් හෝ රාගාදී කෙලෙස් ඉවත් කිරීමෙන් හෝ පාටිහාරිය යන අර්ථය ඇති කල්හි ඉවත් කළයුතු රාගාදී ප්‍රතිවිරුද්ධ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේට නැත. පහ වූ උපක්ලේශ ඇති, ගුණ අටකින් යුක්ත වූ, ප්‍රතිවිරුද්ධ ධර්මයන් නැසූ සිත ඇති කල්හි පෘථග්ජනයන්ට ද ඍද්ධිවිධ පවතියි. එහෙයින් එහි පවතින ව්‍යවහාරයෙන් ද ඉද්ධි පාටිහාරිය යනුවෙන් කියන්නට නොහැකිය. යම්හෙයකින් වෙනෙය්යගත (හික්මවිය යුතු බවට නිය) කෙලෙස් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වේද එහෙයින් ඒවා ඉවත් කිරීම් වශයෙන් පාටිහාරිය නම් වේ. නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට තීර්ථකයෝ ප්‍රතිවිරුද්ධ වෙත් ද ඔවුන් ඉවත් කිරීම් වශයෙන් පාටිහාරිය නම් වේ. ඔවුහු දෘෂ්ටි හැරීම් වශයෙන් ද දෘෂ්ටි ප්‍රකාශ කිරීමෙහි අසමත් බැවින් ද ඉද්ධි - ආදේශනා - අනුසාසනී යන මේවායින් ඉවත් කරන ලද්දාහු වෙති. ‘පටි’ යනු පසුව යන අර්ථය හෝ වෙයි. එහෙයින් සන්සුන් සිත් ඇති කල්හි උපක්ලේශ පහවූ කල්හි කළකිස ඇති තැනැත්තා (රහතන් වහන්සේ) විසින් ද පසුව ගෙන යා යුතුය පැවැත්විය යුතුය යන අරුතින් පාටිහාරිය නම් වේ. චතුර්ථධ්‍යානයෙන් හා මාර්ගවලින් තමාගේ උපක්ලේශ ඉවත්කළ කල්හි පසුව ගෙනයාම ද පාටිහාරිය නම් වේ. ඉද්ධි-ආදේසනා-අනුසාසනී යන මේවා පහවූ උපක්ලේශ ඇති තැනැත්තා විසින් ද කළ කිස ඇති තැනැත්තා විසින් ද සත්ත්වයන්ගේ යහපත පිණිස නැවත පැවැත්විය යුතුය. තමාගේ උපක්ලේශ නැසූ කල්හි ද අන්‍යයන්ගේ සිතෙහි උපක්ලේශ ඉවත් කිරිම සිදුවෙයි යන අරුතින් පාටිහාරිය වෙයි. පටිහාරියම පාටිහාරිය (ප්රාතිහාර්යය) යි. ඉද්ධි - ආදේසනා - අනුසාසනි යන සමූහයෙහි එක එකක් වීම ද පාටිහාරිය යි කියනු ලැබේ. චතුර්ථ ධ්‍යානය ද මාර්ගය ද ප්‍රතිවිරුද්ධ ධර්ම ඉවත් කිරීම් වශයෙන් හෝ පටිහාරිය නමි. එහි හටගත්තේය, හේතුව වූ එයින් ආයේය යන අර්ථයෙන් පාටිහාරිය නම් වේ. යම් හෙයකින් තං යනු අර්ථ දේශනාව වේ. එහි ව්‍යවහාරය අවබෝධ කිරීම් සංඛ්‍යාත හේතුව, හේතුඵලය, ඒ දෙකෙහි පැනවීම, හෝ අවබෝධ කිරීම් සංඛ්‍යාත ප්‍රතිවේධ ගම්භීර වූ ධර්මාර්ථ දේශනය රැස් නොකරන ලද කුසල් සමූහ ඇති පුද්ගලයන් විසින් ආදී කුඩා සතුන් විසින් මහ මුහුද මෙන් දුකසේ බැසගත යුත්තාහු වෙති. නොලැබිය හැකි ප්‍රතිෂ්ඨා ඇත්තෝ වෙති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට තීර්ථකයෝ ප්‍රතිවිරුද්ධ වෙත් ද ඔවුන් ඉවත් කිරිම් වශයෙන් පාටිහාරිය නමි ඔවුහු දෘෂ්ටි හැරීම් වශයෙන් ද දෘෂ්ටි ප්‍රකාශ කිරීමෙහි අසමත් බැවින් ද ඉද්ධි - ආදේශනා - අනුසාසනී යන මේවායින් ඉවත් කරන ලද්දාහු වෙති. ‘පටි’ යනු පසුව යන අර්ථය හෝ වෙයි. එහෙයින් සන්සුන් සිත් ඇති කල්හි උපක්ලේශ පහවූ කල්හි කළ කිස ඇති තැනැත්තා (රහතන් වහන්සේ) විසින් ද පසුව ගෙන යා යුතුය පැවැත්විය යුතුය යන අරුතින් පාටිහාරිය නම් වේ. චතුර්ථධ්යාන මාර්ගවලින් තමාගේ උපක්ලේශ ඉවත්කළ කල්හි පසුව ගෙනයාම ද පාටිහාරිය නම් වේ. ඉද්ධි-ආදේසනා-අනුසාසනී යන මේවා ද පහ වූ උපක්ලේශ ඇති තැනැත්තා විසින් ද කළ කිස ඇති තැනැත්තා විසින් ද සත්ත්වයන්ගේ යහපත පිණිස නැවත පැවැත්විය යුතුය. තමාගේ උපක්ලේශ නැසූ කල්හි ද අන්‍යයන්ගේ සිතෙහි උපක්ලේශ ඉවත් කිරීම සිදුවෙයි අරුතින් පාටිහාරිය වෙයි. පාටිහාරියම පාටිහාරිය (ප්රාතිහාර්යය) යි. ඉද්ධි-ආදේසනා-අනුසාසති යන සමූහයෙහි එක එකක් වීම ද පාටිහාරිය යි කියනු ලැබේ. චතුර්ථ ධ්‍යානය ද මාර්ගය ද ප්‍රතිවිරුද්ධ ධර්ම ඉවත් කිරීම් වශයෙන් හෝ පාටිහාරිය නමි. එහි හටගත්තේය, හේතුව වූ එයින් ආයේය යන අර්ථයෙන් පාටිහාරිය නමි.
යස්මා පන තන්තිඅත්ථදෙසනාතබ්බොහාරාභිසමයසඞ්ඛාතා හෙතුහෙතුඵලතදුභයපඤ්ඤත්තිපටිවෙධසඞ්ඛාතා වා ධම්මත්ථදෙසනාපටිවෙධා ගම්භීරා, අනුපචිතසම්භාරෙහි සසාදීහි විය මහාසමුද්දො දුක්ඛොගාළ්හා අලබ්භනෙය්යප්පතිට්ඨා ච. තස්මා තෙහි චතූහි ගම්භීරභාවෙහි යුත්තන්ති ධම්මත්ථදෙසනාපටිවෙධගම්භීරං.
යම්හෙයකින් තන්ති, අර්ථ, දේශනා, ඒ ව්‍යවහාරය අවබෝධ (අභිසමය) කිරීම් සංඛ්‍යාත වූ හෝ හේතුව, හේතුඵලය, ඒ දෙකෙහි පැණවීම, අවබෝධ (පටිවෙධ) කිරිම් සංඛ්‍යාත වූ හෝ ධර්ම, අර්ථ, දේශනා, ප්‍රතිවේධ (යන මේවා) ගැඹුරු ය. සා ආදී (කුඩා) සතුන් විසින් මහා සමුද්‍රයට දුකසේ බැසගත යුතුවාක් මෙන් රැස් නොකරන ලද කුසල් සමූහ ඇති පුද්ගලයන් විසින් (ඒ ගැඹුරු වූ කරුණු සතරට) දුකසේ බැසගත යුත්තාහු වෙති, නොලැබිය හැකි ප්‍රතිෂ්ඨා ඇත්තෝ වෙති. එහෙයින් ඒ ගම්භීර භාව සතරෙන් යුක්තය යන අරුතින් ධර්ම අර්ථ-දේශනා-ප්‍රතිවෙධ යන මේවා ගැඹුරුය.
එකො එව භගවතො ධම්මදෙසනාඝොසො එකස්මිං ඛණෙ පවත්තමානො නානාභාසානං සත්තානං අත්තනො අත්තනො භාසාවසෙන අපුබ්බං අචරිමං ගහණූපගො හුත්වා අත්ථාධිගමාය හොති. අචින්තෙය්යො හි බුද්ධානං බුද්ධානුභාවොති සබ්බසත්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච්ඡතීති වෙදිතබ්බං.
එකම මොහොතක පවතින්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ එකම ධර්මදේශනා ඝෝෂාව නොයෙක් නොයෙක් භාෂා කථාකරන සත්ත්වයන්ට තම තමන්ගේ භාෂාව වශයෙන් පෙර පසු නොවී අල්ලා ගැනීමට (තේරුම් ගැනීම් සංඛ්‍යාවට) පැමිණ අර්ථාවබෝධය සිදුවෙයි. බුදුවරුන්ගේ බුද්ධානුභාවය සිතිය නොහැක්කේ යයි ද සියලු සත්ත්වයන්ට තම තමන් කථා කරන භාෂාවට අනුරූප වශයෙන් සවන් මගට එන්නේ යයි ද දතයුතුය.
නිදස්සනත්ථෙන – “නාහං සයම්භූ, න මයා ඉදං සච්ඡිකත”න්ති අත්තානං පරිමොචෙන්තො – “ඉති මෙ සුතං, මයාපි එවං සුත”න්ති ඉදානි වත්තබ්බං සකලං සුත්තං නිදස්සෙති.
නිදර්ශනාර්ථයෙන් : මම තෙමේ ම වටහා ගන්නා ලද්දේ නොවෙමි. ම විසින් මෙය ප්රත්යක්ෂ නොකරන ලදැයි තමා (කියනු ලබන දෙයට ඇති වගකීමෙන්) මිදෙමින් මගේ ඇසීම මෙසේය, මා විසිනුදු මෙසේ අසන ලදී යන මෙයින් දැන් කිවයුතු සියලු සූත්‍රය දක්වයි.
අවධාරණත්ථෙන – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො, ගතිමන්තානං, සතිමන්තානං, ධිතිමන්තානං, උපට්ඨාකානං යදිදං ආනන්දො”ති (අ· නි· 1.219-223) එවං භගවතා, “ආයස්මා ආනන්දො අත්ථකුසලො ධම්මකුසලො බ්යඤ්ජනකුසලො නිරුත්තිකුසලො පුබ්බාපරකුසලො”ති (අ· නි· 5.169) එවං ධම්මසෙනාපතිනා ච පසත්ථභාවානුරූපං අත්තනො ධාරණබලං දස්සෙන්තො සත්තානං සොතුකම්යතං ජනෙති – “ඉති මෙ සුතං, තඤ්ච ඛො අත්ථතො වා බ්යඤ්ජනතො වා අනූනමනධිකං, එවමෙව, න අඤ්ඤථා, දට්ඨබ්බ”න්ති.
අවධාරණාර්ථයෙන්: ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුසසුතානං යදිදං ආනන්දො, ගතිමන්තානං - සතිමන්තානං - ධිතිමන්තානං - උපට්ඨාකානං යදිදං ආනන්දො’ ‘මහණෙනි, යම් ආනන්ද නම් භික්ෂුවක් වේද බොහෝ ඇසූ පිරූ තැන් ඇති මගේ ශ්‍රාවක භික්ෂූන් අතරින් මොහු අග්‍ර වෙයි. ශාස්තෲන් වහන්සේ විසින් කියන ලද ක්‍රමයෙන් ම සියලු පදයන් දන්නා වූ, බුද්ධ වචනය මතක තබාගැනීමේ සිහිය ඇති, වීර්යය ඇති, උපස්ථායක භික්ෂූන් අතරින් මොහු අග්‍ර වෙයි’ යනුවෙන් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ද ‘ආයස්මා ආනන්දො අත්ථකුසලො, ධම්මකුසලො, ඛ්යඤ්ජනකුසලො, නිරුත්ති කුසලො, පුබ්බාපර කුසලො’ ‘ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අර්ථ කුශලයහ, ධර්ම කුශලයහ, නිරුක්ති කුශලයහ, පූර්වාපර කුශලයහ’ යනුවෙන් ධර්ම සේනාපතීන් වහන්සේ විසින් ද පසස්නා ලද බවට අනුරූප වූ තමන්ගේ ධාරණ බලය දක්වමින් මෙසේ මා විසින් අසන ලදී. එය ද අර්ථ වශයෙන් හෝ ව්‍යඤ්ජන වශයෙන් හෝ අඩු නැත. වැඩි නැත. මෙසේ ම මිස අන් අයුරකින් නො දත යුතුය.
අඤ්ඤථාති භගවතො සම්මුඛා සුතාකාරතො අඤ්ඤථා, න පන භගවතා දෙසිතාකාරතො. අචින්තෙය්යානුභාවා හි භගවතො දෙසනා, සා න සබ්බාකාරෙන සක්කා විඤ්ඤාතුන්ති වුත්තොවායමත්ථො. සුතාකාරාවිරුජ්ඣනමෙව හි ධාරණබලං.
භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලද ආකාර වශයෙන් අන් අයුරක් ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාර වශයෙන් අන් අයුරක් ද නැත. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සිතිය නොහැකි ආනුභාව ඇත්තේය. ඒ දේශනාව සියලු ආකාරයෙන් දැනගන්නට නොහැකිය යන මේ අර්ථය කියන ලද්දේම ය. අසන ලද ආකාරය වරදවා නොගැනීම ම ධාරණ බලයයි.
න හෙත්ථ අත්ථන්තරතාපරිහාරො ද්වින්නම්පි අත්ථානං එකවිසයත්තා. ඉතරථා හි ථෙරො භගවතො දෙසනාය සබ්බථා පටිග්ගහණෙ සමත්ථො අසමත්ථොති වා ආපජ්ජෙය්යාති.
මෙහි අර්ථ දෙකට ම එකම විෂය ඇති බැවින් අර්ථවල වෙනස් බවක් සැලකීමක් නැත. අනිත් අතට ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සියලු ආකාරයෙන් අල්ලා ගැනීමෙහි සමර්ථ ද අසමර්ථ ද යන තැනට පැමිණෙන්නේ ය.
මෙ-සද්දො තීසු අත්ථෙසු දිස්සති. තථා හිස්ස – “ගාථාභිගීතං මෙ අභොජනෙය්ය”න්තිආදීසු (සං· නි· 1.194; සු· නි· 81) මයාති අත්ථො. “සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.88; 5.381; අ· නි· 4.257) මය්හන්ති අත්ථො. “ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථා”තිආදීසු (ම· නි· 1.29) මමාති අත්ථො. ඉධ පන “මයා සුත”න්ති ච “මම සුත”න්ති ච අත්ථද්වයෙ යුජ්ජති.
මෙ ශබ්දය අර්ථ තුනක දක්නා ලැබේ. ඒ මෙසේය. ‘ගාථාභිගීතං මෙ අභොජනෙය්යං’ ගාථා ගායනාකොට ලබන ලද්ද මා විසින් වැළඳීමට සුදුසු නොවේ’ යනාදියෙහි මා විසින් යන අර්ථයි. ‘සාධු මේ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මය දේශනා කරන සේක්වා’ යනාදියෙහි මට යන අර්ථයි. ‘ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ’ ‘මහණෙනි, මගේ ධර්මයට දායාද වවු’ යනාදියෙහි මගේ යන අර්ථයි. මෙහි වනාහි මා විසින් අසන ලදැයි ද මගේ ඇසීම යයි ද යන අර්ථ දෙකෙහි යෙදෙයි.
එත්ථ ච යො පරො න හොති, සො අත්තාති එවං වත්තබ්බෙ නියකජ්ඣත්තසඞ්ඛාතෙ සකසන්තානෙ වත්තනතො තිවිධොපි මෙ-සද්දො යදිපි එකස්මිංයෙව අත්ථෙ දිස්සති, කරණසම්පදානාදිවිසෙසසඞ්ඛාතො පනස්ස විජ්ජතෙවායං අත්ථභෙදොති ආහ – “මෙ-සද්දො තීසු අත්ථෙසු දිස්සතී”ති.
මෙහි ද යමෙක් අනිකෙක් නොවේ ද හෙතෙම තමාය යි කිවයුතු කල්හි නියත අධ්‍යාත්ම සංඛ්‍යාත ස්වකීය සන්තානයෙහි (තම සිතෙහි) පැවතීම් වශයෙන් ත්‍රිවිධ වූ ‘මෙ’ ශබ්දය එකම අර්ථයක දක්නා ලැබේ. කරණ සම්ප්‍රදාන ආදී විධි විශේෂ සංඛ්‍යාත මේ අර්ථභේදය මෙහි දක්නා ලැබේ යයි ‘මෙ සද්දො තීසු අත්ථෙසු දිස්සති’ යි කියන ලදී.
සුතන්ති අයං සුත-සද්දො සඋපසග්ගො අනුපසග්ගො ච ගමනවිස්සුතකිලින්නූපචිතානුයොගසොතවිඤ්ඤෙය්යසොතද්වාරානුසාරවිඤ්ඤාතාදිඅනෙකත්ථප්පභෙදො. කිඤ්චාපි හි කිරියාවිසෙසකො උපසග්ගො, ජොතකභාවතො පන සතිපි තස්මිං සුත-සද්දො එව තං තං අත්ථං වදතීති අනුපසග්ගස්ස සුතසද්දස්ස අත්ථුද්ධාරෙ සඋපසග්ගොපි උදාහරීයති.
සුතං යන මේ සුත ශබ්දය උපසර්ග සහිතව ද උපසර්ග රහිතව ද ගමන - ප්‍රකට - තෙත් - රැස්කළ - යෙදීම - කනින් දතයුතු - ශ්රෝතද්වාර අනුසාරයෙන් දන්නා ලද යනාදී නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේ ය. එසේ වුවද ක්‍රියා විශේෂක උපසර්ගය පැහැදිලි කරන බැවින් එය ඇතිකල්හි ද ‘සුත’ ශබ්දයම ඒ අර්ථය කියති’යි උපසර්ගයක් නැති සිත ශබ්දයේ අර්ථ දැක්වීමෙහි දී උපසර්ග සහිතව ද ගෙනහැර දක්වනු ලැබේ.
තත්ථ “සෙනාය පසුතො”තිආදීසු ගච්ඡන්තොති අත්ථො. “සුතධම්මස්ස පස්සතො”තිආදීසු (උදා· 11) විස්සුතධම්මස්සාති අත්ථො. “අවස්සුතා අවස්සුතස්සා”තිආදීසු (පාචි· 657) කිලින්නා කිලින්නස්සාති අත්ථො. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක”න්තිආදීසු (ඛු· පා· 7.12) උපචිතන්ති අත්ථො. “යෙ ඣානප්පසුතා ධීරා”තිආදීසු (ධ· ප· 181) ඣානානුයුත්තාති අත්ථො. “දිට්ඨං සුතං මුත”න්තිආදීසු (ම· නි· 1.241) සොතවිඤ්ඤෙය්යන්ති අත්ථො. “සුතධරො සුතසන්නිචයො”තිආදීසු (ම· නි· 1.339) සොතද්වාරානුසාරවිඤ්ඤාතධරොති අත්ථො. ඉධ පනස්ස “සොතද්වාරානුසාරෙන උපධාරිත”න්ති වා “උපධාරණ”න්ති වා අත්ථො. මෙ-සද්දස්ස හි මයාති අත්ථෙ සති “ඉති මෙ සුතං, මයා සොතද්වාරානුසාරෙන උපධාරිත”න්ති අත්ථො. මමාති අත්ථෙ සති “ඉති මම සුතං සොතද්වාරානුසාරෙන උපධාරණ”න්ති අත්ථො.
එහි ‘සෙනාය පසුතො’ ‘සේනාව සමග යන්නේ’ යනාදී තන්හි යන්නේය යන අර්ථයි. ‘සුතධම්මස්ස පස්සතො’ ‘ප්‍රකට වූ දහම් ඇති (ඒ උපධි විවේකය නුවණැසින්) දකින්නහුට’ යනාදී තන්හි ප්‍රකට ධර්මයාගේ යන අර්ථයි. ‘අවස්සුතාවස්සුතස්ස’ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ’ යනාදි තන්හි ක්ලේශයෙන් තෙත් වූවා හා තෙත් වූවහුගේ යන අර්ථයි. ‘තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං’ තොප විසින් අනල්ප වූ පිනක් රැස්කරන ලදී’ යනාදී තන්හි රැස්කරන ලද යන අර්ථයි. ‘යෙ ඣානපසුතා ධීරා’ ධ්‍යානයෙහි යෙදුණු යම් පණ්ඩිතයෝ වෙත් ද යනාදී තන්හි ධ්‍යානයෙහි යෙදුණු යන අර්ථයි. ‘දිට්ඨං සුතං මුතං’ දක්නා ලද, අසන ලද, නාසය-දිව-සිරුර යන දොරටුවලින් දැනගන්නා ලද’ යනාදී තන්හි ශ්‍රෝත විඥානයෙන් දතයුතු යන අර්ථයි. ‘සුතධරො සුතසන්නිචයො’ ‘ඇසු දේ දරන්නේ වේද, ඇසු දැය රැස් වූ තැනෙක් වේ ද’ යනාදී තන්හි ශ්‍රෝත ද්වාරානුසාරයෙන් දතයුතු දේ දරන්නා වූ යන අර්ථයි. මෙහි වනාහි මේ සුත ශබ්දයේ ශ්රෝතද්වාරානුසාරයෙන් සලකා බැලූ හෝ සලකා බැලීම යන අර්ථය ඇත. ‘මෙ’ ශබ්දයට මා විසින් යන අර්ථය ඇතිකල්හි මෙසේ මා විසින් අසන ලදී, මා විසින් එය ශ්රෝතද්වාරානුසාරයෙන් සලකා බලන ලදී යන අර්ථයි. ‘මගේ’ යන අර්ථය ඇති කල්හි මෙසේ මගේ ඇසීමයි. ශ්රෝතද්වාරානුසාරයෙන් සලකා බැලීම යන අර්ථයි.
එවමෙතෙසු තීසු පදෙසු යස්මා සුතසද්දසන්නිධානෙ පයුත්තෙන ඉතිසද්දෙන සවනකිරියාජොතකෙන භවිතබ්බං. තස්මා ඉතීති සොතවිඤ්ඤාණාදිවිඤ්ඤාණකිච්චනිදස්සනං. මෙති වුත්තවිඤ්ඤාණසමඞ්ගිපුග්ගලනිදස්සනං. සබ්බානිපි වාක්යානි එවකාරත්ථසහිතානියෙව අවධාරණඵලත්තා. තෙන සුතන්ති අස්සවනභාවප්පටික්ඛෙපතො අනූනාවිපරීතග්ගහණනිදස්සනං. යථා හි සුතං සුතමෙවාති වත්තබ්බතං අරහති, තං සම්මා සුතං අනූනග්ගහණං අවිපරීතග්ගහණඤ්ච හොතීති. අථ වා සද්දන්තරත්ථාපොහනවසෙන සද්දො අත්ථං වදතීති, යස්මා සුතන්ති එතස්ස අසුතං න හොතීති අයමත්ථො, තස්මා සුතන්ති අස්සවනභාවප්පටික්ඛෙපතො අනූනාවිපරීතග්ගහණනිදස්සනං. ඉදං වුත්තං හොති – ඉති මෙ සුතං, න දිට්ඨං, න සයම්භුඤාණෙන සච්ඡිකතං, න අඤ්ඤථා වා උපලද්ධං, අපිච සුතංව, තඤ්ච ඛො සම්මදෙවාති. අවධාරණත්ථෙ වා ඉතිසද්දෙ අයමත්ථයොජනාති තදපෙක්ඛස්ස සුත-සද්දස්ස නියමත්ථො සම්භවතීති අස්සවනභාවප්පටික්ඛෙපො, අනූනාවිපරීතග්ගහණනිදස්සනතා ච වෙදිතබ්බා. එවං සවනහෙතුසවනවිසෙසවසෙන පදත්තයස්ස අත්ථයොජනා කතාති දට්ඨබ්බං.
මෙසේ මේ පද තුනෙහි සුත ශබ්දය ළංකොට යෙදීමෙන් ‘ඉති’ ශබ්දයෙන් ඇසීමේ ක්‍රියාව ප්‍රකාශ වීම සිදුවන හෙයින් ‘ඉති’ යනු ශෝත විඤ්ඤාණ කෘත්‍යය දැක්වීමයි. ‘මෙ’ යනු කියන ලද විඤ්ඤාණයෙන් යුක්ත පුද්ගලයා දැක්වීමයි. ‘එව’ යන්න සහිත වූම සියලු වාක්‍ය අවධාරණ අර්ථය ගෙන දෙයි. එහෙයින් සුතං යනු නො අසන බව ප්‍රතික්ෂේප කිරිමෙන් නො අඩුව, මුළා නොවී ගැනීම දැක්වීමයි. යම් සේ වනාහි අසන ලද්ද අසන ලද්දේම යයි කිවයුතු බවට සුදුසු ද එය මනාව අසන ලද්දේ ද වෙයි. නො අඩුව ගැනීම ද වෙයි. මුළානොවී ගැනීම ද වෙයි. නැතහොත් ශබ්දාන්තර අර්ථ ප්‍රකාශ කිරීම් වශයෙන් ශබ්දය තෙමේ අර්ථය කියයි ද යම් හෙයකින් සුතං යනු මොහුගේ තො අසන ලද්දක් නොවේය යන මේ අර්ථය වේද එහෙයින් සුතං යනු නො අසන බව ප්‍රතික්ෂේප කිරිමෙන් නො අඩුව, මුළානොවී ගැනීම දැක්වීමයි. මේ අදහස කියන ලද්දේ වෙයි. මෙසේ මා විසින් අසන ලදී, නො දකින ලදී, තමාගේ ඤාණයෙන් ප්රත්යක්ෂ නොකරන ලදී, අන් අයුරකින් හෝ අවබෝධ නොකරන ලදී. එය ද මනාකොට ය යන අර්ථයෙන් ඉති ශබ්දය අවධාරණ අර්ථය හෝ වෙයි. මේ අර්ථ යෝජනාව යයි ද එය අපේක්ෂා කරන්නා වූ සුත ශබ්දයේ නියමාර්ථය හටගන්නේ යයි ද නො ඇසීම ප්රතික්ෂේපය ද නො අඩුව, මුළනොවී ගැනීම දක්වන බව ද දතයුතුයි. මෙසේ ශ්‍රවණ හේතු - ශ්‍රවණ විශේෂ වශයෙන් ද පද තුනෙහි අර්ථ යෝජනාව කරන ලදැයි දතයුතුයි.
තථා ඉතීති සොතද්වාරානුසාරෙන පවත්තාය විඤ්ඤාණවීථියා නානත්ථබ්යඤ්ජනග්ගහණතො නානප්පකාරෙන ආරම්මණෙ පවත්තිභාවප්පකාසනං ආකාරත්ථො ඉතිසද්දොති කත්වා. මෙති අත්තප්පකාසනං. සුතන්ති ධම්මප්පකාසනං යථාවුත්තාය විඤ්ඤාණවීථියා පරියත්තිධම්මාරම්මණත්තා. අයඤ්හෙත්ථ සඞ්ඛෙපො – නානප්පකාරෙන ආරම්මණෙ පවත්තාය විඤ්ඤාණවීථියා කාරණභූතාය මයා න අඤ්ඤං කතං, ඉදං පන කතං, අයං ධම්මො සුතොති.
එසේම ඉති ශබ්දය ආකාර අර්ථයයි ගෙන ‘ඉති’ යනු ශ්රෝතද්වාර අනුසාරයෙන් පැවති විඤ්ඤාණ වීථියෙන් නා නා අර්ථ ව්‍යඤ්ජන ගැනීම් වශයෙන් නා නා ප්‍රකාරයෙන් අරමුණෙහි පැවති බව ප්‍රකාශ කිරීමයි. කියන ලද ආකාර ඇති විඤ්ඤාණ වීථියෙන් පර්යාප්ති ධර්මය අරමුණු කරන බැවින් ‘මෙ’ යනු ආත්ම ප්රකාශනයයි ‘සුතං’ යනු ධර්ම ප්රකාශනය යි. නොයෙක් අයුරෙන් අරමුණෙහි පැවති විඤ්ඤාණ වීථියෙන් කාරණයට හේතු වූ (කාරණ භූතාය) මා විසින් අනිකක් නො කරන ලදී. මේ ධර්මය අසන ලදී යන මෙය මෙහි සංක්ෂේපය යි.
තථා ඉතීති නිදස්සිතබ්බප්පකාසනං නිදස්සනත්ථො ඉති-සද්දොති කත්වා නිදස්සෙතබ්බස්ස නිදස්සිතබ්බත්තාභාවාභාවතො. තස්මා ඉතිසද්දෙන සකලම්පි සුතං පච්චාමට්ඨන්ති වෙදිතබ්බං. මෙති පුග්ගලප්පකාසනං. සුතන්ති පුග්ගලකිච්චප්පකාසනං. සුත-සද්දෙන හි ලබ්භමානා සවනකිරියා සවනවිඤ්ඤාණප්පබන්ධප්පටිබද්ධා, තත්ථ ච පුග්ගලවොහාරො. න හි පුග්ගලවොහාරරහිතෙ ධම්මප්පබන්ධෙ සවනකිරියා ලබ්භති. තස්සායං සඞ්ඛෙපත්ථො – යං සුත්තං නිද්දිසිස්සාමි, තං මයා ඉති සුතන්ති.
එසේම ‘ඉති’ ශබ්දය නිදර්ශනාර්ථයයි ගෙන නිර්දේශ කළයුතු දෙය පිළිබඳ නිර්දේශ කළ යුතු දෙයක් නැති බැවින් ‘ඉති’ ශබ්දය යනු නිර්දේශ කළ යුතු දෙය පැවසීමයි. එහෙයින් ‘ඉති’ ශබ්දයෙන් සියල්ලම අසන ලදී. පරාමර්ශනය කරන ලදී යයි දතයුතුය. ‘මෙ’ යනු පුද්ගල ප්රකාශනයයි. ‘සුතං’ යනු පුද්ගල කාර්ය පැවසීමයි. සුත ශබ්දයෙන් වනාහි ලබන්නා වූ ශ්‍රවණ ක්‍රියාව ශ්‍රවණ විඤ්ඤාණ ධාරාව සමග බැඳී ඇත. එහි ද පුද්ගල ව්‍යවහාර සහිත වූ ධර්ම ධාරාවෙහි (ප්රබන්ධයෙහි) ශ්‍රවණ ක්‍රියාව ලැබේ. යම් සූත්‍රයක් නිර්දේශ කරන්නෙම් ද එය මා විසින් මෙසේ අසන ලදී යන මෙය එහි සංක්ෂේප අර්ථයයි.
තථා ඉතීති යස්ස චිත්තසන්තානස්ස නානාරම්මණප්පවත්තියා නානත්ථබ්යඤ්ජනග්ගහණං හොති, තස්ස නානාකාරනිද්දෙසො ආකාරත්ථො ඉතිසද්දොති කත්වා. ඉතීති හි අයං ආකාරපඤ්ඤත්ති ධම්මානං තං තං පවත්තිආකාරං උපාදාය පඤ්ඤාපෙතබ්බසභාවත්තා. මෙති කත්තුනිද්දෙසො. සුතන්ති විසයනිද්දෙසො. සොතබ්බො හි ධම්මො සවනකිරියාකත්තුපුග්ගලස්ස සවනකිරියාවසෙන පවත්තිට්ඨානං හොති. එත්තාවතා නානප්පකාරප්පවත්තෙන චිත්තසන්තානෙන තංසමඞ්ගිනො කත්තු විසයෙ ගහණසන්නිට්ඨානං දස්සිතං හොති.
එසේම ‘ඉති’ යනු යම් චිත්ත සන්තානයක නොයෙක් නොයෙක් අරමුණු පැවතීමෙන් නානාර්ථ ඛ්‍යඤ්ජන ගැනීම වේද ‘ඉති’ ශබ්දය ආකාර අර්ථය ලෙස ගෙන එහි නොයෙක් ආකාර දැක්වීම වෙයි. ඒ ඒ පවතින ආකාරය ගෙන පැණවිය යුතු ස්වභාවය ඇති බැවින් ‘ඉති’ යනු ධර්මයන්ගේ ආකාර ප්රඥප්තිය යි. මෙ යනු කරන්නා දැක්වීමයි. සුතං යනු විෂය දැක්වීමයි. ඇසිය යුතු ධර්මය වනාහි ඇසීමේ ක්‍රියාව කරන පුද්ගලයාගේ ඇසීමේ ක්‍රියාව වශයෙන් පැවැත්මට ස්ථානය වෙයි. මෙපමණකින් නොයෙක් ආකාරයෙන් පවතින චිත්ත සන්තානයෙන් එය යුක්ත තැනැත්තාගේ කර්තෘ විෂය ග්‍රහණය නිශ්චය කිරීම දක්වන ලද්දේ වෙයි.
අථ වා ඉතීති පුග්ගලකිච්චනිද්දෙසො. සුතානඤ්හි ධම්මානං ගහිතාකාරස්ස නිදස්සනස්ස අවධාරණස්ස වා පකාසනභාවෙන ඉතිසද්දෙන තදාකාරාදිධාරණස්ස පුග්ගලවොහාරූපාදානධම්මබ්යාපාරභාවතො පුග්ගලකිච්චං නාම නිද්දිට්ඨං හොතීති. සුතන්ති විඤ්ඤාණකිච්චනිද්දෙසො. පුග්ගලවාදිනොපි හි සවනකිරියා විඤ්ඤාණනිරපෙක්ඛා න හොතීති. මෙති උභයකිච්චයුත්තපුග්ගලනිද්දෙසො. මෙති හි සද්දප්පවත්ති එකන්තෙනෙව සත්තවිසෙසවිසයා, විඤ්ඤාණකිච්චඤ්ච තත්ථෙව සමොදහිතබ්බන්ති. අයං පනෙත්ථ සඞ්ඛෙපො – මයා සවනකිච්චවිඤ්ඤාණසමඞ්ගිනා පුග්ගලෙන විඤ්ඤාණවසෙන ලද්ධස්සවනකිච්චවොහාරෙන සුතන්ති.
නැතහොත් ඉති යනු පුද්ගල කෘත්‍ය නිර්දේශය යි. අසන ලද ධර්මයන් ගන්නා ලද ආකාරය හෝ නිදර්ශනය හෝ අවධාරණය හෝ ප්‍රකාශන ස්වභාවයෙන් යුක්ත ඉති ශබ්දයෙන් ඒ ආකාර ආදිය ධාරණය පිළිබඳව පුද්ගල ව්‍යවහාර-උපාදාන-ධර්ම-ව්‍යාපාර ස්වභාවයෙන් පුද්ගල කෘත්‍යය පෙන්වන ලද්දේ වෙයි. සුතං යනු විඥාන කෘත්‍ය නිර්දේශය යි. පුද්ගලවාදීහු ද ශ්‍රවණ ක්‍රියා විඥානය අපේක්ෂා රහිත වූවෝ නොවෙති. මෙ යනු උභය කෘත්‍යයෙන් යුක්ත පුද්ගල නිර්දේශය යි. ‘මෙ’ යන ශබ්දයේ පැවැත්ම ඒකාන්තයෙන්ම සත්ත්වයාගේ විශේෂ විෂයයකි. විඥාන ක්‍රියාව ද එහිම බැස්විය යුතුය. ශ්‍රවණ කෘත්‍ය විඥානයෙන් සමන්විත පුද්ගලයා වූ මා විසින් විඥාන වශයෙන් ලබන ලද ශ්‍රවණ කෘත්‍ය ව්‍යවහාරයෙන් අසන ලදී යනු මෙහි සංක්ෂේපයයි.
තථා ඉතීති ච මෙති ච සච්චිකට්ඨපරමත්ථවසෙන අවිජ්ජමානපඤ්ඤත්ති. සබ්බස්ස හි සද්දාධිගමනීයස්ස අත්ථස්ස පඤ්ඤත්තිමුඛෙනෙව පටිපජ්ජිතබ්බත්තා සබ්බපඤ්ඤත්තීනඤ්ච විජ්ජමානාදීසු ඡස්වෙව පඤ්ඤත්තීසු අවරොධො, තස්මා යො මායාමරීචිආදයො විය අභූතත්ථො, අනුස්සවාදීහි ගහෙතබ්බො විය අනුත්තමත්ථො ච න හොති. සො රූපසද්දාදිකො රුප්පනානුභවනාදිකො ච පරමත්ථසභාවො සච්චිකට්ඨපරමත්ථවසෙන විජ්ජති. යො පන ඉතීති ච මෙති ච වුච්චමානො ආකාරාදිඅපරමත්ථසභාවො සච්චිකට්ඨපරමත්ථවසෙන අනුපලබ්භමානො අවිජ්ජමානපඤ්ඤත්ති නාම, කිමෙත්ථ තං පරමත්ථතො අත්ථි, යං ඉතීති වා මෙති වා නිද්දෙසං ලභෙථ. සුතන්ති විජ්ජමානපඤ්ඤත්ති. යඤ්හි තං සොතෙන උපලද්ධං, තං පරමත්ථතො විජ්ජමානන්ති.
එහි ඉති යනු ද මෙ යනු ද සච්ඡිකට්ඨ පරමත්ථ (ප්රත්යක්ෂ කළ පරමාර්ථ) වශයෙන් අවිද්‍යාමාන ප්රඥප්තියයි. ශ්‍රද්ධාවෙන් අවබෝධ කළ යුතු සියලු අර්ථයට ප්රඥප්ති ප්‍රධානත්වයෙන්ම පැමිණිය යුතු බැවින් සියලු ප්රඥප්තීන්ගෙන් විජ්ජමාන ආදි ප්රඥප්ති සයෙහි අවහිරයක් වේ. එහෙයින් යම් මායාවක් මිරිඟුවක් මෙන් හටනොගත් අර්ථයක් ද නොවෙයි. ඇසීම් ආදියෙන් ගතයුත්තක් මෙන් අනුමාන අර්ථයක් ද නොවේ. ඒ රූප-ශබ්ද ආදිය රුප්පනය (වෙනස්වීම) ඇසීම ආදී වශයෙන් පරමාර්ථ ස්වභාවය ද සච්ඡිකට්ඨ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙයි. ඉති යනුවෙන් ද මෙ යනුවෙන් ද කියනු ලබන්නා වූ ඒ ආකාර ආදී පරමාර්ථ නොවන ස්වභාවය සච්ඡිකට්ඨ පරමාර්ථ වශයෙන් නොලැබෙන අවිද්‍යාමාන ප්රඥප්තිය නමි. මෙහි පරමාර්ථ වශයෙන් කුමක් ඇද්ද? ඉති යනුවෙන් හෝ මෙ යනුවෙන් හෝ යම් නිර්දේශයක් ලැබෙන්නේ ද එය යි. සුතං යනු විද්‍යාමාන ප්රඥප්තියයි. යමක් කනින් ලබන (අසන) ලද ද එය පරමාර්ථ වශයෙන් විද්‍යමානය.
තථා ඉතීති සොතපථමාගතෙ ධම්මෙ උපාදාය තෙසං උපධාරිතාකාරාදීනං පච්චාමසනවසෙන. මෙති සසන්තතිපරියාපන්නෙ ඛන්ධෙ කරණාදිවිසෙසවිසිට්ඨෙ උපාදාය වත්තබ්බතො උපාදාපඤ්ඤත්ති. සුතන්ති දිට්ඨාදීනි උපනිධාය වත්තබ්බතො උපනිධාපඤ්ඤත්ති. දිට්ඨාදිසභාවරහිතෙ සද්දායතනෙ පවත්තමානොපි සුතවොහාරො දුතියං, තතියන්ති ආදිකො විය පඨමාදිං නිස්සාය “යං න දිට්ඨමුතවිඤ්ඤාතනිරපෙක්ඛං, තං සුත”න්ති විඤ්ඤෙය්යත්තා දිට්ඨාදීනි උපනිධාය වත්තබ්බො හොති. අසුතං න හොතීති හි සුතන්ති පකාසිතොයමත්ථොති.
එසේ ම ඉති යනු ශ්‍රෝතපථයට (කන් මගට) ආවා වූ ධර්ම ගෙන ඒවා සලකා බැලීම් ආකාරාදිය නැවත ස්පර්ශ කිරීම් වශයෙන් පරමාර්ථ වශයෙන් විද්‍යමානය. මෙ යනු සන්තති සහිත පරියාපන්න ස්කන්ධයන් ද කරණාදී විශේෂ විශිෂ්ට කරුණු ද ගෙන කිවයුතු බැවින් උපාදාය ප්රඥප්තිය. සුතං යනු දෘෂ්ටි (පෙනීම) ආදිය සමීපකොට කිවයුතු බැවින් උපනිධාය ප්රඥප්තියි. දෘෂ්ටි (පෙනීම) ආදී ස්වභාව නැති ශබ්දායතනයෙහි පවත්නා වූ ද අසන ලද වචනය සුත ව්‍යවහාරය පළමුවැන්න ඇසුරුකොට දෙවැන්න, තුන්වැන්න ඇත්තාක් මෙන් දිට්ඨ-මුත- විඤ්ඤාත අපේක්ෂා නොකොට සුතං (අසන ලදී) යනුවෙන් දතයුතු හෙයින් දෘෂ්ටි ආදිය සමීපකොට කිවයුතු වෙයි. මෙසේ අසන ලද අර්ථ පෙන්වනු ලැබේ.
එත්ථ ච ඉතීති වචනෙන අසම්මොහං දීපෙති. පටිවිද්ධා හි අත්ථස්ස පකාරවිසෙසා ඉතීති ඉධ ආයස්මතා ආනන්දෙන පච්චාමට්ඨා, තෙනස්ස අසම්මොහො දීපිතො. න හි සම්මූළ්හො නානප්පකාරප්පටිවෙධසමත්ථො හොති, ලොභප්පහානාදිවසෙන නානප්පකාරා දුප්පටිවිද්ධා ච සුත්තත්ථා නිද්දිසීයන්ති. සුතන්ති වචනෙන අසම්මොසං දීපෙති සුතාකාරස්ස යාථාවතො දස්සියමානත්තා යස්ස හි සුතං සම්මුට්ඨං හොති, න සො කාලන්තරෙ මයා සුතන්ති පටිජානාති. ඉච්චස්ස අසම්මොහෙන සම්මොහාභාවෙන පඤ්ඤාය එව වා සවනකාලසම්භූතාය තදුත්තරිකාලපඤ්ඤාසිද්ධි, තථා අසම්මොසෙන සතිසිද්ධි. තත්ථ පඤ්ඤාපුබ්බඞ්ගමාය සතියා බ්යඤ්ජනාවධාරණසමත්ථතා. බ්යඤ්ජනානඤ්හි පටිවිජ්ඣිතබ්බො ආකාරො නාතිගම්භීරො, යථාසුතධාරණමෙව තත්ථ කරණීයන්ති සතියා බ්යාපාරො අධිකො, පඤ්ඤා තත්ථ ගුණීභූතා හොති පඤ්ඤාය පුබ්බඞ්ගමාති කත්වා. සතිපුබ්බඞ්ගමාය පඤ්ඤාය අත්ථප්පටිවෙධසමත්ථතා. අත්ථස්ස හි පටිවිජ්ඣිතබ්බො ආකාරො ගම්භීරොති පඤ්ඤාය බ්යාපාරො අධිකො, සති තත්ථ ගුණීභූතා හොති සතියා පුබ්බඞ්ගමාති කත්වා. තදුභයසමත්ථතායොගෙන අත්ථබ්යඤ්ජනසම්පන්නස්ස ධම්මකොසස්ස අනුපාලනසමත්ථතාය ධම්මභණ්ඩාගාරිකත්තසිද්ධි.
සුතං යන වචනයෙන් අසන ලද ආකාරය තත් වූ පරිද්දෙන් දක්වන හෙයින් මුළානොවීම දක්වයි. මුළා වූ තැනැත්තේ නොයෙක් ආකාරයෙන් වටහා ගැනීමෙහි සමර්ථයෙක් නොවේ. ලෝභය ප්රහාණාදී වශයෙන් නානාප්‍රකාර වූ ප්‍රතිවේධයට අපහසු වූ අර්ථ ඇති සූත්‍රාන්ත නො අසන ලද්දේ නොවේ යන මේ අර්ථය සුතං යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ වෙයි. මෙහිද ඉති යන වචනයෙන් මුළානොවීම දක්වයි. අර්ථයේ ආකාර විශේෂ අවබෝධ කරන ලදමැයි මෙහිදී ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ස්පර්ශ (සඳහන්) කරන ලදී. එහෙයින් මෙයින් මුළා නොවීම දක්වන ලද්දේ වෙයි. යමෙකුගේ අසන ලද්ද සිහිනැති වූයේ (අමතක වූයේ) වෙයි ද හෙතෙම කාලාන්තරයෙහි (පසුකලෙක) මා විසින් අසන ලදැයි ප්‍රතිඥා නො කරයි. මෙසේ ඔහුට සිහි මුළා නොවීමෙන් මුළාවීම නැති බැවින් ප්‍රඥාවෙන් ම අසන කාලයෙහි හටගත් ඊට වඩා උසස් වූ කාලප්රඥා සිද්ධිය වේ. එසේ ම සිහිමුළා නොවීමෙන් සති සිද්ධිය වේ. එහි ප්‍රඥාව පෙරටුකොට ඇති සිහියෙන් ඛ්යඤ්ජනාවධාරණය කිරීමේ සමත් බව වේ. ව්‍යඤ්ජනයන් අවබෝධ කරන ආකාරය නො ගැඹුරුය. ඇසූ අයුරින් දරාගැනීම ම එහිලා කළ යුතුය යනුවෙන් සිහියෙන් කළයුත්ත අධිකය. ප්‍රඥාව සතිය පූර්වාංගම කොට ගැනීමෙන් එහිදී ප්‍රඥාව ගුණයක් වෙයි. සතිය පූර්වාංගම වූ ප්‍රඥාවෙන් අර්ථ ප්‍රතිවේධ සමර්ථතාව වෙයි. අර්ථය අවබෝධ කළයුතු ආකාරය ගැඹුරුය යනුවෙන් ප්‍රඥාවෙන් කළයුත්ත අධිකය. සතිය, ප්‍රඥාව පූර්වාංගම කොට ගැනීමෙන් එහිදී එය (සතිය) ගුණයක් වෙයි. ඒ දෙවදෑරුම් සමර්ථතා යෝගයෙන් අර්ථ ව්‍යඤ්ජන සම්පන්න වූ ධර්‍මකෝෂය රැකීමේ සමත්කමින් ධර්මභාණ්ඩාගාරික බව සිද්ධ වෙයි.
අපරො නයො – ඉතීති වචනෙන යොනිසොමනසිකාරං දීපෙති. තෙන වුච්චමානානං ආකාරනිදස්සනාවධාරණත්ථානං උපරි වක්ඛමානානං නානප්පකාරප්පටිවෙධජොතකානං අවිපරීතසද්ධම්මවිසයත්තා. න හි අයොනිසො මනසිකරොතො නානප්පකාරප්පටිවෙධො සම්භවති. සුතන්ති වචනෙන අවික්ඛෙපං දීපෙති, නිදානපුච්ඡාවසෙන පකරණප්පත්තස්ස වක්ඛමානස්ස සුත්තස්ස සවනං න සමාධානමන්තරෙන සම්භවති වික්ඛිත්තචිත්තස්ස සවනාභාවතො. තථා හි වික්ඛිත්තචිත්තො පුග්ගලො සබ්බසම්පත්තියා වුච්චමානොපි “න මයා සුතං, පුන භණථා”ති වදති. යොනිසොමනසිකාරෙන චෙත්ථ අත්තසම්මාපණිධිං පුබ්බෙකතපුඤ්ඤතඤ්ච සාධෙති, සම්මා අප්පණිහිතත්තස්ස පුබ්බෙ අකතපුඤ්ඤස්ස වා තදභාවතො. අවික්ඛෙපෙන සද්ධම්මස්සවනං සප්පුරිසූපනිස්සයඤ්ච සාධෙති, අස්සුතවතො සප්පුරිසූපනිස්සයරහිතස්ස ච තදභාවතො. න හි වික්ඛිත්තචිත්තො සද්ධම්මං සොතුං සක්කොති, න ච සප්පුරිසෙ අනුපස්සයමානස්ස සවනං අත්ථි.
වෙනත් ක්‍රමයක් ද වෙයි. ඉති යන වචනයෙන් යෝනිසෝ මනසිකාරය දක්වයි. එයින් කියනු ලබන්නා වූ ආකාරවලට නිදර්ශන, අවධාරණ අර්ථයෙන් මතු කියනු ලබන්නා වූ නානාප්‍රකාර ප්‍රතිවේධ පිළිබඳ පැහැදිලි කිරීම්වලට, ධර්මය විෂයකොට ඇති බැවින් අවිපරීත සිද්ධිය වෙයි. නුනුවණින් මෙනෙහි කරන්නාට නොයෙක් ආකාර වැටහීම ඇති නොවේ. සුතං යන වචනයෙන් නොවිසුරුණු බව දක්වයි. නිදානය විමසීම් වශයෙන් අවස්ථාවට පැමිණි කියනු ලබන්නා වූ සූත්‍රයේ ඇසීම (සිත) එකඟ කිරීම අතරතුර සිදු නොවේ. විසිරුණු සිත් ඇති තැනැත්තාට ඇසීමක් ඇති නොවන බැවිනි. එසේ ම සියලු සම්පත්තියෙන් යුක්තව කියනු ලබන කල්හි ද විසිරුණු සිත් ඇති පුද්ගලයා ‘මා විසින් නො අසන ලදී. නැවත කියන්නැ’යි කියයි. මෙහි යෝනිසෝ මනසිකාරයෙන් තමාගේ සිත මනාව පිහිටුවා ගැනීම ද පෙර කළ පින් ඇති බව ද සාධනය කරයි. (තම සිත) මනාව නොපිහිටුවා ගත්තහුට හෝ පෙර නොකළ පින් ඇත්තෙකුට හෝ එය නොමැති බැවිනි. සිත නොවිසිරීමෙන් සද්ධර්ම ශ්‍රවණය ද සත්පුරුෂ ආශ්‍රය ද සිදුකරයි. ධර්මය නොඇසූ තැනැත්තාටත් සත්පුරුෂ ආශ්‍රය නැති තැනැත්තාටත් එය නැති බැවිනි. විසිරුණු සිත් ඇති තැනැත්තා සද්ධර්මය අසන්නට නොහැකි කෙනෙක් වෙයි. සත්පුරුෂයන් ඇසුරු නොකරන්නාට (සදහම්) ඇසීමක් ද නැත.
අපරො නයො – “යස්ස චිත්තසන්තානස්ස නානාකාරප්පවත්තියා නානත්ථබ්යඤ්ජනග්ගහණං හොති, තස්ස නානාකාරනිද්දෙසො”ති වුත්තං. යස්මා ච සො භගවතො වචනස්ස අත්ථබ්යඤ්ජනප්පභෙදපරිච්ඡෙදවසෙන සකලසාසනසම්පතිඔගාහනෙන නිරවසෙසපරහිතපාරිපූරිකාරණභූතො එවංභද්දකො ආකාරො න සම්මා අප්පණිහිතත්තනො පුබ්බෙ අකතපුඤ්ඤස්ස වා හොති, තස්මා ඉතීති ඉමිනා භද්දකෙන ආකාරෙන පච්ඡිමචක්කද්වයසම්පත්තිමත්තනො දීපෙති, සුතන්ති සවනයොගෙන පුරිමචක්කද්වයසම්පත්තිං. න හි අප්පතිරූපෙ දෙසෙ වසතො සප්පුරිසූපනිස්සයරහිතස්ස වා සවනං අත්ථි. ඉච්චස්ස පච්ඡිමචක්කද්වයසිද්ධියා ආසයසුද්ධි සිද්ධා හොති, සම්මා පණිහිතත්තො පුබ්බෙ ච කතපුඤ්ඤො විසුද්ධාසයො හොති, තදවිසුද්ධිහෙතූනං කිලෙසානං දූරීභාවතො. තථා හි වුත්තං – “සම්මා පණිහිතං චිත්තං, සෙය්‍යසො නං තතො කරෙ”ති (ධ· ප· 43) “කතපුඤ්ඤොසි ත්වං, ආනන්ද, පධානමනුයුඤ්ජ, ඛිප්පං හොහිසි අනාසවො”ති (දී· නි· 2.207) ච. පුරිමචක්කද්වයසිද්ධියා පයොගසුද්ධි. පතිරූපදෙසවාසෙන හි සප්පුරිසූපනිස්සයෙන ච සාධූනං දිට්ඨානුගතිආපජ්ජනෙනපි විසුද්ධප්පයොගො හොති.
වෙනත් ක්‍රමයක් : යම් චිත්ත සන්තානයක නොයෙක් ආකාර පැවතීමෙන් නානා අර්ථ ව්‍යඤ්ජන ගැනීමක් වේද එයට නානාකාර දැක්වීම යයි කියන ලදී. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිබඳව අර්ථ ව්‍යඤ්ජන ප්‍රභේද පරිච්ඡේද වශයෙන් සකල ශාසන සම්පත්තියට බැසගැනීමක් වේද, එය නිරවශේෂ වූ අන්‍යයන්ගේ යහපත සම්පූර්ණ වීමට කාරණය වූයේ වෙයි. මෙසේ යහපත් ආකාරයක් (තම සිත) මනාව නො පිහිටුවා ගත්තහුට හෝ පෙර නො කළ පින් ඇත්තහුට හෝ නොවේ. එහෙයින් ඉති යන මේ යහපත් ආකාරයෙන් තමාගේ අවසන් චක්රද්වය සම්පත්තිය දක්වයි. සුතං යනු ශ්‍රවණ යෝගයෙන් පළමු චක්රද්වය සම්පත්තිය යි. නුසුදුසු පෙදෙසක වාසය කරන්නාට හෝ සත්පුරුෂ ආශ්‍රය නැත්තහුට හෝ (ධර්ම) ශ්‍රවණයක් නැත. මෙසේ ඔහුගේ අවසන් චක්රද්වය සිද්ධියෙන් ආසය සිද්ධිය සිද්ධ වූයේ වෙයි. (තම සිත) මනාව පිහිටුවා ගත් තැනැත්තා ද පෙර කළ පින් ඇති තැනැත්තා ද විසුද්ධආසය ඇත්තේ වෙයි. එය විසුද්ධියට හේතු වූ කෙලෙසුන්ගේ දුර බැවින් වෙයි. ඒ බව ‘සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසො නං තතොකරෙ’ ‘මනාව පිහිටුවන ලද සිත ඔහුට ඊට වඩා යහපතක් කරන්නේය.’ යනුවෙන් ද ‘කතපුඤ්ඤොසි ත්වං ආනන්ද පධාන මනුයුඤ්ජ ඛිප්පං හොහි අනාසවො’ ‘ආනන්ද ඔබ පින් කළ කෙනෙකි. ප්‍රධන් වීර්යය වැඩීමෙහි යෙදෙන්න. වහා රහත් වන්නෙහිය’ යනුවෙන් ද කියන ලදී. මුල් චක්රද්වය සිද්ධියෙන් පයෝග සිද්ධිය වෙයි. සුදුසු පෙදෙසක වාසයෙන් ද සත්පුරුෂ ඇසුරෙන් ද සත්පුරුෂයන්ගේ පැවැත්මට අනුකූල බවට පැමිණීමෙන් ද විශුද්ධ ප්‍රයෝගය වෙයි.
තාය ච ආසයසුද්ධියා අධිගමබ්යත්තිසිද්ධි, පුබ්බෙ එව තණ්හාදිට්ඨිසංකිලෙසානං විසොධිතත්තා පයොගසුද්ධියා ආගමබ්යත්තිසිද්ධි. සුපරිසුද්ධකායවචීපයොගො හි විප්පටිසාරාභාවතො අවික්ඛිත්තචිත්තො පරියත්තියං විසාරදො හොති. ඉති පයොගාසයසුද්ධස්ස ආගමාධිගමසම්පන්නස්ස වචනං අරුණුග්ගමනං විය සූරියස්ස උදයතො, යොනිසොමනසිකාරො විය ච කුසලධම්මස්ස, අරහති භගවතො වචනස්ස පුබ්බඞ්ගමං භවිතුන්ති ඨානෙ නිදානං ඨපෙන්තො ඉති මෙ සුතන්තිආදිමාහ.
මුලදීම තෘෂ්ණා දෘෂ්ටි සංක්ලේශවලින් පිරිසිදු වූ බැවින් ඒ ආසය ශුද්ධියෙන් අධිගම ව්යත්ති සිද්ධිය වෙයි. ප්‍රයෝග සිද්ධියෙන් ආගම ව්යත්ති සිද්ධිය වෙයි. සුපිරිසිදු කය වචන ප්‍රයෝග ඇති, විපිළිසර බවක් නැති බැවින් නොවිසිරුණු සිත් ඇති තැනැත්තා වනාහි පර්යාප්තියෙහි විශාරදයෙක් වෙයි. මෙසේ පයෝග ආසය සුද්ධිය ඇති ආගම අධිගමයෙන් යුක්ත වූවහුගේ වචනය උදාවන හිරුට අරුණ නැගීම මෙන් ද කුශල ධර්මයට යෝනිසෝ මනසිකාරය මෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පූර්වාංගම වීමට සුදුසු වේනුයි ස්ථානයෙහි නිදානය තබමින් ඉති මෙ සුතං යනාදිය කීහ.
අපරො නයො – ඉතීති ඉමිනා පුබ්බෙ වුත්තනයෙන නානප්පකාරප්පටිවෙධදීපකෙන අත්තනො අත්ථපටිභානපටිසම්භිදාසම්පත්තිසබ්භාවං දීපෙති. සුතන්ති ඉමිනා ඉතිසද්දසන්නිධානතො වක්ඛමානාපෙක්ඛාය වා සොතබ්බභෙදප්පටිවෙධදීපකෙන ධම්මනිරුත්තිපටිසම්භිදාසම්පත්තිසබ්භාවං දීපෙති. ඉතීති ච ඉදං වුත්තනයෙනෙව යොනිසොමනසිකාරදීපකං වචනං භාසමානො “එතෙ මයා ධම්මා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා”ති දීපෙති. පරියත්තිධම්මා හි “ඉධ සීලං කථිතං, ඉධ සමාධි, ඉධ පඤ්ඤා, එත්තකා එත්ථ අනුසන්ධියො”තිආදිනා නයෙන මනසා අනුපෙක්ඛිතා අනුස්සවාකාරපරිවිතක්කසහිතාය ධම්මනිජ්ඣානක්ඛන්තිභූතාය ඤාතපරිඤ්ඤාසඞ්ඛාතාය වා දිට්ඨියා තත්ථ තත්ථ වුත්තරූපාරූපධම්මෙ “ඉති රූපං, එත්තකං රූප”න්තිආදිනා නයෙන සුට්ඨු වවත්ථපෙත්වා පටිවිද්ධා අත්තනො පරෙසඤ්ච හිතසුඛාවහා හොන්තීති.
අනෙක් ක්‍රමයක් : ඉති යන මෙයින් පෙර කියන ලද ආකාරයෙන් නා නා ප්‍රකාර ප්‍රතිවේධ දැක්වීමෙන් තමාගේ අත්ථ - පටිභාන පටිසම්භිදා සම්පත්ති ඇති බව පෙන්වයි. සුතං යන මෙයින් ඉති ශබ්දය සමීපකොට තැබීමෙන් කියනු ලබන අපේක්ෂාවෙන් හෝ ඇසිය යුතු වූ ප්‍රභේද ප්‍රතිවේධ දැක්වීමෙන් ධම්ම-නිරුක්ති පටිසම්භිදා සම්පත්ති ඇති බව දක්වයි. කියන ලද ආකාරයෙන් ම ඉති යන යෝනිසෝ මනසිකාරය දක්වන්නා වූ වචනය කියමින් ‘මා විසින් මේ ධර්මයෝ මනසින් විමසා බලන ලදහ. දෘෂ්ටියෙන් මනාව වටහාගන්නා ලදහ’යි දක්වයි. මෙහි සීලය කියන ලදී. මෙහි සමාධිය කියන ලදී. මෙහි ප්‍රඥාව කියන ලදී. මෙහි මෙපමණ අනුසන්ධි ඇත ආදී වශයෙන් පර්යාප්ති ධර්මයෝ මනසින් විමසා බලන ලදහ. අනුශ්‍රව - ආකාර පරිවිතර්ක සම්බන්ධතාවෙන් හෝ දහම් වැටහීම (ධම්ම නිජ්ඣානඛන්ති) වූ ඤාතපරිඤ්ඤා සංඛ්‍යාත දෘෂ්ටියෙන් හෝ ඒ ඒ තන්හි කියන ලද රූප අරූප ධර්මයන් මෙය රූපයයි, රූපය මෙපමණකැයි ආදී ක්‍රමයෙන් මනාව තීරණය කොට වටහාගන්නා ලද්දාහු තමාටත් අනුන්ටත් හිතසැප පිණිස වෙති.
සුත්තන්ති ඉදං සවනයොගපරිදීපකවචනං භාසමානො “බහූ මයා ධම්මා සුතා ධාතා වචසා පරිචිතා”ති දීපෙති. සොතාවධානප්පටිබද්ධා හි පරියත්තිධම්මස්ස සවනධාරණපරිචයා. තදුභයෙනපි ධම්මස්ස ස්වාක්ඛාතභාවෙන අත්ථබ්යඤ්ජනපාරිපූරිං දීපෙන්තො සවනෙ ආදරං ජනෙති. අත්ථබ්යඤ්ජනපරිපුණ්ණඤ්හි ධම්මං ආදරෙන අස්සුණන්තො මහතා හිතා පරිබාහිරො හොතීති ආදරං ජනෙත්වා සක්කච්චං ධම්මො සොතබ්බො.
සුතං යන ශ්‍රවණ යෝගය හඟවන වචනය කියමින් ‘මා විසින් බොහෝ ධර්මයෝ අසන ලදහ, දරන ලදහ, වචනයෙන් පුරුදු කරන ලදහ’යි දක්වයි. පර්යාප්ති ධර්මය කන් යොමු කිරීම සමග බැඳී ඇත. ඇසීම, දැරීම පුරුද්ද කොට ඇත. ධර්මය මනාකොට දේශනා කර ඇති හෙයින් ඒ දෙකින් ම අර්ථ ව්‍යඤ්ජන පූර්ණත්වය දක්වමින් ඇසීමෙහි ආදරය ඇති කරවයි. අර්ථ ව්‍යඤ්ජන පරිපූර්ණ වූ ධර්මය ආදරයෙන් නො අසන්නා මහත් වූ යහපතෙන් පරිබාහිර වූයේ ය යි ආදරය උපදවා සකස්කොට ධර්මය ඇසිය යුතුය.
ඉති මෙ සුතන්ති ඉමිනා පන සකලෙන වචනෙන ආයස්මා ආනන්දො තථාගතප්පවෙදිතං ධම්මවිනයං අත්තනො අදහන්තො අසප්පුරිසභූමිං අතික්කමති, සාවකත්තං පටිජානන්තො සප්පුරිසභූමිං ඔක්කමති. තථා අසද්ධම්මා චිත්තං වුට්ඨාපෙති, සද්ධම්මෙ චිත්තං පතිට්ඨාපෙති. “කෙවලං සුතමෙවෙතං මයා, තස්සෙව පන භගවතො වචන”න්ති දීපෙන්තො අත්තානං පරිමොචෙති, සත්ථාරං අපදිසති, ජිනවචනං අප්පෙති, ධම්මනෙත්තිං පතිට්ඨාපෙති.
ඉති මෙ සුතං යන මේ සියලු වචනවලින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය තමාගේ දහමක් ලෙස නොපිළිගන්නාහු අසත්පුරුෂ භූමිය ඉක්මවති. ශ්‍රාවක බව පිළිගැනීමෙන් සත්පුරුෂභූමියට බැස ගනිති. අසත්ධර්මයෙන් සිත නැගිටුවති. සද්ධර්මයෙහි සිත පිහිටුවති. තනිකරම මෙය මා විසින් අසන ලද්දකි. ඒ භාග්‍යවතුන් වහන්සේගේම වචනයකියි දක්වමින් තමා (ඒ වගකීමෙන්) නිදහස් කරති. ශාස්තෲන් වහන්සේ සාක්ෂිකොට දක්වති. ජින වචනය (බුද්ධ වචනය) පිහිටුවති. ධර්ම නෙත්තිය (ධර්මයේ මාර්ගෝපදේශකත්වය) පිහිටුවති.
අපිච ඉති මෙ සුතන්ති අත්තනා උප්පාදිතභාවං අප්පටිජානන්තො පුරිමස්සවනං විවරන්තො සම්මුඛා පටිග්ගහිතමිදං මයා තස්ස භගවතො චතුවෙසාරජ්ජවිසාරදස්ස දසබලධරස්ස ආසභට්ඨානට්ඨායිනො සීහනාදනාදිනො සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මාධිපතිනො ධම්මදීපස්ස ධම්මසරණස්ස සද්ධම්මවරචක්කවත්තිනො සම්මාසම්බුද්ධස්ස. න එත්ථ අත්ථෙ වා ධම්මෙ වා පදෙ වා බ්යඤ්ජනෙ වා කඞ්ඛා වා විමති වා කාතබ්බාති සබ්බදෙවමනුස්සානං ඉමස්මිං ධම්මවිනයෙ අස්සද්ධියං විනාසෙති, සද්ධාසම්පදං උප්පාදෙති. තෙනෙතං වුච්චති –
තව ද ‘ඉති මෙ සුතං’ යන්න තමා විසින් උපදවන ලද්දක් බව නොපිළිගනිමින් පෙර ඇසීම විවෘත කරමින් මෙය මා විසින් විශාරද ඥාන සතරෙන් විශාරද වූ දසබලධාරී වූ ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි සිටියා වූ සීහනාද පවත්වන්නා වූ සියලු සත්ත්වයන්ට උතුම් වූ ධර්මයට ඊශ්වර (අධිපති) වූ, ධර්මරාජ වූ ධර්මාධිපති වූ ධර්මදීපයක් වූ ධර්මසරණ වූ උතුම් සද්ධර්මයට චක්‍රවර්ති වූ සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි දී පිළිගන්නා ලදී. මෙහි (මේ සූත්‍රවල) අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ අකුරුවල හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකළ යුතු ය යි සියලු දෙව් මිනිසුන්ගේ මේ ධර්මවිනය ගැන ඇති අශ්රද්ධාව විනාශ කරති. ශ්‍රද්ධා සම්පත්තිය උපදවති. එහෙයින් මෙය කියනු ලැබේ.
“විනාසයති අස්සද්ධං, සද්ධං වඩ්ඪෙති සාසනෙ; ඉති මෙ සුතමිච්චෙවං, වදං ගොතමසාවකො”ති.
‘විනාසයති අස්සද්ධං සද්ධං වඩ්ඪෙති සාසනෙ ඉති මෙ සුතමිච්චෙවං වදං ගොතම සාවකො’
මා විසින් මෙසේ අසන ලදැයි මෙසේ කියමින් ගෞතම ශ්රාවකයා අශ්රද්ධාව විනාශ කරයි. ශාසනයෙහි ශ්‍රද්ධාව වඩයි. මෙහිලා (මේ ප්රශ්නය) ඇසීය.
එත්ථාහ – “කස්මා පනෙත්ථ යථා අඤ්ඤෙසු සුත්තෙසු ‘එවං මෙ සුතං, එකං සමයං භගවා’තිආදිනා කාලදෙසෙ අපදිසිත්වාව නිදානං භාසිතං, එවං න භාසිත”න්ති? අපරෙ තාව ආහු – න පන ථෙරෙන භාසිතත්තා. ඉදඤ්හි නිදානං න ආයස්මතා ආනන්දෙන පඨමං භාසිතං ඛුජ්ජුත්තරාය පන භගවතා උපාසිකාසු බහුස්සුතභාවෙන එතදග්ගෙ ඨපිතාය සෙක්ඛප්පටිසම්භිදාප්පත්තාය අරියසාවිකාය සාමාවතිප්පමුඛානං පඤ්චන්නං ඉත්ථිසතානං පඨමං භාසිතං.
යම්සේ අනිත් සූත්‍රවල ‘එවං මෙ සුතං එකං සමයං’ යනාදී වශයෙන් කාලය-දේශය දක්වාම නිදානය කියන ලද ද, කුමක් නිසා මෙහි මෙසේ නො කියන ලද ද? තෙරුන් වහන්සේ විසින් නොකියන ලද නිසා යයි අන් අය කියති. මේ නිදානය ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් නො කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් උපාසිකාවන් අතර බහුශ්‍රැත භාවයෙන් අග තනතුරෙහි තබන ලද සේඛ පටිසම්භිදාවට පත් ආර්ය ශ්‍රාවිකාවක වූ ඛුජ්ජුත්තරාව විසින් සාමාවතී ප්රමුඛ පන්සියයක් ස්ත්රීන්ට පළමුව කියන ලදී.
තත්රායං අනුපුබ්බීකථා – ඉතො කිර කප්පසතසහස්සමත්ථකෙ පදුමුත්තරො නාම සම්මාසම්බුද්ධො ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කො හංසවතියං විහරති. අථෙකදිවසං හංසවතියං එකා කුලධීතා සත්ථු ධම්මදෙසනං සොතුං ගච්ඡන්තීහි උපාසිකාහි සද්ධිං ආරාමං ගතා. සත්ථාරං එකං උපාසිකං බහුස්සුතානං එතදග්ගෙ ඨපෙන්තං දිස්වා අධිකාරං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සත්ථාපි නං බ්යාකාසි “අනාගතෙ ගොතමස්ස නාම සම්මාසම්බුද්ධස්ස සාවිකානං උපාසිකානං බහුස්සුතානං අග්ගා භවිස්සතී”ති. තස්සා යාවජීවං කුසලං කත්වා දෙවලොකෙ නිබ්බත්තිත්වා පුන මනුස්සෙසූති එවං දෙවමනුස්සෙසු සංසරන්තියා කප්පසතසහස්සං අතික්කන්තං.
මේ එහි අනුපිළිවෙල කථාවයි - මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි පදුමුත්තර (පියුමතුරා) නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි ඉපිද පවත්වන ලද උතුම් ධර්මචක්රය ඇත්තාහු හංසවතී නුවර වැඩවාසය කරති. ඉක්බිති එක්දිනක් හංසවතී නුවර එක් කුලදුවක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසන්නට යන්නා වූ උපාසිකාවන් සමග ආරාමයට යන ලදුව ශාස්තෲන් වහන්සේ එක් උපාසිකාවක බහුශ්‍රැතයන් අතර අග තනතුරෙහි තබනු දැක ප්‍රාර්ථනාවක් කොට ඒ තනතුර පැතුවාය. ශාස්තෲන් වහන්සේ ද අනාගතයෙහි ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා වූ බහුශ්‍රැත උපාසිකාවන්ට අග වන්නීයයි ඇයට විවරණ දුන්හ. ජීවිතාන්තය තෙක් කුසල්කොට දෙව්ලොව ඉපිද නැවත මිනිසුන් අතරදැයි මෙසේ දෙව් මිනිසුන් අතර සැරිසරන්නා වූ ඇයට කල්ප ලක්ෂයක් ඉක්මගියේ ය.
අථ ඉමස්මිං භද්දකප්පෙ අම්හාකං භගවතො කාලෙ සා දෙවලොකතො චවිත්වා ඝොසකසෙට්ඨිස්ස ගෙහෙ දාසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි, උත්තරාතිස්සා නාමං අකංසු. සා ජාතකාලෙ ඛුජ්ජා අහොසීති ඛුජ්ජුත්තරාත්වෙව පඤ්ඤායිත්ථ. සා අපරභාගෙ ඝොසකසෙට්ඨිනා රඤ්ඤො උතෙනස්ස සාමාවතියා දින්නකාලෙ තස්සා පරිචාරිකභාවෙන දින්නා රඤ්ඤො උතෙනස්ස අන්තෙපුරෙ වසති.
ඉක්බිති මේ භද්‍රකල්පයෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි දෙව්ලොවින් චුතව ඝෝසිත සිටුවරයාගේ නිවසෙහි කිරි මවකගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයට උත්තරා යන නම තැබූහ. ඈ උපන් කාලයෙහි කුදු වූ නිසා ඛුජ්ජුත්තරා යනුවෙන් ප්‍රකට වූවාය. ඈ පසුකලෙක සෝෂිත සිටුවරයා විසින් උදේන රජතුමාට සාමාවතිය දුන්කල්හි ඇගේ පරිචාරිකාව (න්සේකාව) වශයෙන් දෙන ලදුව උදේන රජුගේ අන්තඃපුරයෙහි වාසය කරයි.
තෙන ච සමයෙන කොසම්බියං ඝොසකසෙට්ඨිකුක්කුටසෙට්ඨිපාවාරිකසෙට්ඨිනො භගවන්තං උද්දිස්ස තයො විහාරෙ කාරෙත්වා ජනපදචාරිකං චරන්තෙ තථාගතෙ කොසම්බිනගරං සම්පත්තෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස විහාරෙ නිය්යාදෙත්වා මහාදානානි පවත්තෙසුං, මාසමත්තං අතික්කමි. අථ නෙසං එතදහොසි – “බුද්ධා නාම සබ්බලොකානුකම්පකා, අඤ්ඤෙසම්පි ඔකාසං දස්සාමා”ති කොසම්බිනගරවාසිනොපි ජනස්ස ඔකාසං අකංසු. තතො පට්ඨාය නාගරා වීථිසභාගෙන ගණසභාගෙන මහාදානං දෙන්ති.
එසමයෙහි කොසඹෑ නුවර ඝෝෂිත සිටුවරයා ද කුක්කුට සිටුවරයා ද පාවාරික සිටුවරයා ද භාග්‍යවතුන් වහන්සේ උදෙසා විහාර තුනක් කරවා ජනපද චාරිකාවෙහි හැසිරෙන තථාගතයන් වහන්සේ කොසඹෑ නුවරට සපැමිණි කල්හි බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට විහාර පවරා දී මහදන් පැවැත්වූහ. මාසයක් පමණ ඉක්ම ගියේය. ඉක්බිති උන්වහන්සේලාට බුදුවරු නම් සියලු ලෝකයාට අනුකම්පා ඇත්තාහුය, අන් අයටත් අවස්ථාව දෙමුයි යන මේ අදහස ඇතිවූහ. මෙසේ කොසඹෑ නුවර වැසියන්ට ද අවස්ථාව සැලසූහ. එතැන් පටන් නුවරවැසියෝ සමානව වීථි බෙදාගෙන මහදන් දෙති.
අථෙකදිවසං සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො මාලාකාරජෙට්ඨකස්ස ගෙහෙ නිසීදි. තස්මිං ඛණෙ ඛුජ්ජුත්තරා සාමාවතියා පුප්ඵානි ගහෙතුං අට්ඨ කහාපණෙ ආදාය තං ගෙහං අගමාසි. මාලාකාරජෙට්ඨකො තං දිස්වා “අම්ම උත්තරෙ, අජ්ජ තුය්හං පුප්ඵානි දාතුං ඛණො නත්ථි, අහං බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පරිවිසාමි, ත්වම්පි පරිවෙසනාය සහායිකා හොහි, එවං ඉතො පරෙසං වෙය්යාවච්චකරණතො මුච්චිස්සසී”ති ආහ. තතො ඛුජ්ජුත්තරා බුද්ධානං භත්තග්ගෙ වෙය්යාවච්චං අකාසි. සා සත්ථාරා උපනිසින්නකථාවසෙන කථිතං සබ්බමෙව ධම්මං උග්ගණ්හි, අනුමොදනං පන සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාසි.
ඉක්බිති එක්දිනක් ශාස්තෲන් වහන්සේ භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව වැඩිහිටි මාලාකාරයාගේ ගෙයි වැඩහුන්හ. එකෙණෙහි ඛුජ්ජුත්තරාව සාමාවතියට මල් ගෙනඑන්ට කහවණු අටක් ගෙන ඒ ගෙට ගියාය. වැඩිහිටි මාලාකාරයා ඇය දැක උත්තරා මෑණියනි, අද ඔබට මල් දීමට කාලයක් නැත, මම බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට දන් වළඳවමි, ඔබද දන් වැළඳවීමට සහායිකාවක් වන්න, මෙසේ මෙයින් පසු අන්‍යයන්ගේ වැඩකටයුතු කිරිමෙන් මිදෙන්නී යයි කීය. එහෙයින් ඛුජ්ජුත්තරාව බුදුරජාණන් වහන්සේලා දන් වළඳන තැන වතාවත් කළාය. ශාස්තෲන් වහන්සේ විසින් ළග සිටින්නන්ට කරන (උපනිසින්නක) කථා වශයෙන් දේශනාකළ සියලු ධර්මය ඈ උගත්තාය. අනුමෝදනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටියාය.
සා අඤ්ඤෙසු දිවසෙසු චත්තාරොව කහාපණෙ දත්වා පුප්ඵානි ගහෙත්වා ගච්ඡති, තස්මිං පන දිවසෙ දිට්ඨසච්චභාවෙන පරසන්තකෙ චිත්තං අනුප්පාදෙත්වා අට්ඨපි කහාපණෙ දත්වා පච්ඡිං පූරෙත්වා පුප්ඵානි ගහෙත්වා සාමාවතියා සන්තිකං අගමාසි. අථ නං සා පුච්ඡි “අම්ම උත්තරෙ, ත්වං අඤ්ඤෙසු දිවසෙසු න බහූනි පුප්ඵානි ආහරසි, අජ්ජ පන බහුකානි, කිං නො රාජා උත්තරිතරං පසන්නො”ති? සා මුසා වත්තුං අභබ්බතාය අතීතෙ අත්තනා කතං අනිගූහිත්වා සබ්බං කථෙසි. අථ “කස්මා අජ්ජ බහූනි ආහරසී”ති ච වුත්තා “අජ්ජාහං සම්මාසම්බුද්ධස්ස ධම්මං සුත්වා අමතං සච්ඡාකාසිං, තස්මා තුම්හෙ න වඤ්චෙමී”ති ආහ. තං සුත්වා “අරෙ දුට්ඨදාසි, එත්තකං කාලං තයා ගහිතෙ කහාපණෙ දෙහී”ති අතජ්ජෙත්වා පුබ්බහෙතුනා චොදියමානා “අම්ම, තයා පීතං අමතං, අම්හෙපි පායෙහී”ති වත්වා “තෙන හි මං න්හාපෙහී”ති වුත්තෙ සොළසහි ගන්ධොදකඝටෙහි න්හාපෙත්වා ද්වෙ මට්ඨසාටකෙ දාපෙසි. සා එකං නිවාසෙත්වා එකං පාරුපිත්වා ආසනං පඤ්ඤාපෙත්වා ආසනෙ නිසීදිත්වා විචිත්රබීජනිං ආදාය නීචාසනෙසු නිසින්නානි පඤ්ච මාතුගාමසතානි ආමන්තෙත්වා සෙඛප්පටිසම්භිදාසු ඨත්වා සත්ථාරා දෙසිතනියාමෙනෙව තාසං ධම්මං දෙසෙසි. දෙසනාවසානෙ තා සබ්බා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු. තා සබ්බාපි ඛුජ්ජුත්තරං වන්දිත්වා “අම්ම, අජ්ජ පට්ඨාය ත්වං කිලිට්ඨකම්මං මා කරි, අම්හාකං මාතුට්ඨානෙ ආචරියට්ඨානෙ ච පතිට්ඨාහී”ති ගරුට්ඨානෙ ඨපයිංසු.
ඈ අන් දිනවල කහවණු හතරක් දී මල් ගෙන යයි. ඒ දිනයෙහි වනාහි දක්නා ලද සත්‍ය ඇති බැවින් (සෝවාන් වූ නිසා) අන්සතු දෙයෙහි (සොර) සිතක් නො උපදවා කහවණු අටම දී කූඩය පුරවාගෙන මල් රැගෙන සාමාවතිය සමීපයට ගියාය. ඉක්බිති ඈ (සාමාවතිය) උත්තරා මැණියනි, ඔබ අන් දිනවල බොහෝ මල් නොගෙනාවාය. අද බොහෝ ඇත. ඇයි රජතුමා අපට වඩාත් පැහැදුනේදැයි ඇගෙන් (උත්තරාවගෙන්) විමසුවාය. ඈ බොරු කියන්නට නුසුදුසු බැවින් අතීතයේ දී තමා විසින් කළ දේ නො සඟවා ඇත්ත කීවාය. එසේ නම් කුමක් නිසා අද බොහෝ මල් ගෙන එන ලදදැයි විමසූවිට අද මම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා අමෘතය (නිවන) ප්රත්යක්ෂ කළෙමි. එහෙයින් මම ඔබ නොරැවටුවෙමියි කීවාය. එය අසා ‘බොල දුෂ්ට’ දාසිය මෙපමණ කාලයක් තා විසින් ගන්නා ලද කහවණු දෙන්නැ’යි තර්ජනය නොකොට පෙර (කළ පින්) හේතුවෙන් මෙහෙයවනු ලබන්නී මෑණියනි, ඔබ විසින් පානය කරන ලද අමෘතය අපට ද පොවන්නැයි කියා එසේනම් මා නහවන්නැයි කී කල්හි සුවඳ පැන් කළ දහසයකින් නහවා සිනිඳු සළු දෙකක් දෙවුවාය. ඈ එක් සළුවක් හැඳ එකක් පොරවා අසුනක් පණවා ආසනයෙහි හිඳ විසිතුරු විජිනිපත ගෙන පහත් ආසනවල හිඳින පන්සියයක් ස්ත්‍රීන් අමතා ශෛක්ෂ ප්‍රතිසම්භිදාවෙහි සිට ශාස්තෲන් වහන්සේ දේශනා කළ ක්‍රමයෙන්ම ඒ ස්ත්රීන්ට ධර්මය දේශනා කළාය. දේශනාව අවසානයෙහි සියල්ලෝම සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඒ සියලු දෙනාම ඛුජ්ජුත්තරාවට වැඳ මෑණියනි, අද පටන් ඔබ කිලිටි වැඩ නො කරන්න. අපගේ මව් තනතුරෙහි ද ගුරු තනතුරෙහි ද සිටින්නැයි කියා ගරු කටයුතු ස්ථානයෙහි තැබූහ.
කස්මා පනෙසා දාසී හුත්වා නිබ්බත්තාති? සා කිර කස්සපසම්මාසම්බුද්ධකාලෙ බාරාණසියං සෙට්ඨිධීතා හුත්වා නිබ්බත්තා. එකාය ඛීණාසවත්ථෙරියා උපට්ඨාකකුලං ගතාය “එතං මෙ අය්යෙ, පසාධනපෙළිකං දෙථා”ති වෙය්යාවච්චං කාරෙසි. ථෙරීපි “අදෙන්තියා මයි ආඝාතං උප්පාදෙත්වා නිරයෙ නිබ්බත්තිස්සති, දෙන්තියා පරෙසං දාසී හුත්වා නිබ්බත්තිස්සති, නිරයසන්තාපතො දාසිභාවො සෙය්යො”ති අනුද්දයං පටිච්ච තස්සා වචනං අකාසි. සා තෙන කම්මෙන පඤ්ච ජාතිසතානි පරෙසං දාසීයෙව හුත්වා නිබ්බත්ති.
කුමක් හෙයින් වනාහි ඈ දාසියක් වී උපන්නී ද? ඈ වනාහි කාශ්‍යප සම්මා සම්බුද්ධ කාලයෙහි බරණැස සිටුදුවක් වී ඉපිද (එම) උපස්ථායක නිවසට ගියා වූ එක් ක්ෂීණාශ්රව (රහත්) තෙරණියක ලවා ඒ සිටුදුව ආර්යාවෙනි, මට ඔය ආභරණ පෙට්ටිය දෙන්නැයි කියා වැඩක් කරවා ගත්තාය. තෙරණිය ද එය නොදෙන්නා වූ මා කෙරෙහි වෛර උපදවා නිරයෙහි උපදින්නීය, දෙන කල්හි අනුන්ට දාසියක වී උපදින්නීය, නිරයෙහි තැවීමට වඩා දාසිභාවය උතුම් යයි දයාව නිසා ඇගේ වචනය ඉටු කළාය. ඈ ඒ කර්මයෙන් ජාති පන්සියයක් අනුන්ට දාසියකම වී උපන්නාය.
කස්මා පන ඛුජ්ජා අහොසි? අනුප්පන්නෙ කිර බුද්ධෙ අයං බාරාණසිරඤ්ඤො ගෙහෙ වසන්තී එකං රාජකුලූපකං පච්චෙකබුද්ධං ථොකං ඛුජ්ජධාතුකං දිස්වා අත්තනා සහවාසීනං මාතුගාමානං පුරතො පරිහාසං කරොන්තී යථාවජ්ජං කෙළිවසෙන ඛුජ්ජාකාරං දස්සෙසි, තස්මා ඛුජ්ජා හුත්වා නිබ්බත්ති.
කුමක් හෙයින් කුදු වූවා ද? බුදුරජාණන් වහන්සේ නූපන් කල්හි බරණැස් රජුගේ ගෙයි වාසය කරන්නා වූ ඈ රජකුලයට හිතවත් තරමක් කුදු වූ පසේබුදු කෙනෙකුන් දැක තමා සමඟ එකට වාසය කරන කාන්තාවන් ඉදිරියේ පරිහාස (කවටකම්) කරමින් උන්වහන්සේගේ කුදු බවට අනුව තමන් ද සෙල්ලමට කුදු වූ ආකාරය දැක්වූවාය. එහෙයින් කුදු වී උපන්නාය.
කිං පන කත්වා පඤ්ඤවන්තී ජාතාති? අනුප්පන්නෙ කිර බුද්ධෙ අයං බාරාණසිරඤ්ඤො ගෙහෙ වසන්තී අට්ඨ පච්චෙකබුද්ධෙ රාජගෙහතො උණ්හපායාසස්ස පූරිතෙ පත්තෙ පරිවත්තිත්වා පරිවත්තිත්වා ගණ්හන්තෙ දිස්වා අත්තනො සන්තකානි අට්ඨ දන්තවලයානි “ඉධ ඨපෙත්වා ගණ්හථා”ති අදාසි. තෙ තථා කත්වා ඔලොකෙසුං. “තුම්හාකඤ්ඤෙව තානි පරිච්චත්තානි, ගහෙත්වා ගච්ඡථා”ති ආහ. තෙ නන්දමූලකපබ්භාරං අගමංසු. අජ්ජාපි තානි වලයානි අරොගානෙව. සා තස්ස නිස්සන්දෙන පඤ්ඤවන්තී ජාතා.
කුමක් සිදුකොට මහා ප්‍රඥාවන්තියක් වූවා ද? බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙර බරණැස් රජුගේ ගෙයි වාසය කරමින් සිටියදී පසේබුදුවරු අටනමක් රජමැදුරෙන් උණු කිරිබත් පිරුණු පාත්‍ර අතින් අතට මාරු කරමින් ගන්නා ආකාරය දැක දළවලින් සාදන ලද තමන් සතු දරණු අටක් මෙහි තබාගන්නැයි කියා දුන්නාය. උන්වහන්සේලා එසේ කොට ඇය දෙස බැලූහ. ඔබවහන්සේලාටම ඕවා පරිත්‍යාග කරන ලදී. රැගෙන වඩිනු මැනවැයි කීවාය. උන්වහන්සේලා නන්දමූලක පබ්භාරයට (ගුහාවට) වැඩියහ. අදත් ඒ දරණු එසේ පවතී. ඈ ඒ කර්මයේ විපාකයෙන් මහා ප්‍රඥා ඇති තැනැත්තියක් වූවාය.
අථ නං සාමාවතිප්පමුඛානි පඤ්ච ඉත්ථිසතානි “අම්ම, ත්වං දිවසෙ දිවසෙ සත්ථු සන්තිකං ගන්ත්වා භගවතා දෙසිතං ධම්මං සුත්වා අම්හාකං දෙසෙහී”ති වදිංසු. සා තථා කරොන්තී අපරභාගෙ තිපිටකධරා ජාතා. තස්මා නං සත්ථා – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවිකානං බහුස්සුතානං උපාසිකානං යදිදං ඛුජ්ජුත්තරා”ති එතදග්ගෙ ඨපෙසි. ඉති උපාසිකාසු බහුස්සුතභාවෙන සත්ථාරා එතදග්ගෙ ඨපිතා පටිසම්භිදාප්පත්තා ඛුජ්ජුත්තරා අරියසාවිකා සත්ථරි කොසම්බියං විහරන්තෙ කාලෙන කාලං සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා අන්තෙපුරං ගන්ත්වා සාමාවතිප්පමුඛානං පඤ්චන්නං ඉත්ථිසතානං අරියසාවිකානං සත්ථාරා දෙසිතනියාමෙන යථාසුතං ධම්මං කථෙන්තී අත්තානං පරිමොචෙත්වා සත්ථු සන්තිකෙ සුතභාවං පකාසෙන්තී “වුත්තඤ්හෙතං භගවතා වුත්තමරහතාති මෙ සුත”න්ති නිදානං ආරොපෙසි.
ඉක්බිති (ඉන්පසු) සාමාවතී ප්‍රධාන පන්සියයක් ස්ත්‍රීහු මෑණියනි, ඔබ දිනපතා ශාස්තෲන් වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය අසා අපට දේශනා කරන්නැයි ඇයට කීවාහුය. ඈ එසේ කරමින් පසුකලෙක ත්‍රිපිටකධර වූවාය. එහෙයින් ශාස්තෲන් වහන්සේ ‘එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං උපාසිකානං බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා’ ‘මහණෙනි, යම් ඛුජ්ජුත්තරා නම් උපාසිකාවක් ඇද්ද බහුශ්‍රැත වූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතරෙහි ඈ අග්‍ර වේ’ යනුවෙන් අග තනතුරෙහි තැබූහ. මෙසේ උපාසිකාවන් අතර බහුශ්රැතභාවයෙන් ශාස්තෲන් වහන්සේ විසින් අග තනතුරෙහි තබන ලද පිළිසිඹියා පත් බුජ්ජුත්තරා ආර්ය ශ්‍රාවිකාව ශාස්තෲන් වහන්සේ කොසඹෑ නුවර වැඩවාසය කරන කල්හි කලින් කල ශාස්තෲන් වහන්සේ වෙත ගොස් දහම් අසා අන්තඃපුරයට ගොස් සාමාවතී ප්‍රධාන පන්සියයක් ආර්යශ්රාවිකා වූ ස්ත්රීන්ට ශාස්තෲන් වහන්සේ දේශනා කරන ලද ක්‍රමයෙන් ඇසූ පරිදි දහම් කියන්නී තමා නිදහස් කොට ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ඇසූ බව ප්‍රකාශ කරන්නී ‘වුත්තං හෙතං භගවතා වුත්තමරහතාති මෙ සුතං’ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්හත් වූ බුදුරජාණන් වහන්සේ විසින් මෙයම වදාරණ ලද්දේය’ යන නිදානය නැංවූවාය. (තැබුවාය.)
යස්මා පන තස්මිංයෙව නගරෙ භගවතො සම්මුඛා සුත්වා තදහෙව තාය තාසං භාසිතං, තස්මා “එකං සමයං භගවා කොසම්බියං විහරතී”ති කාලදෙසං අපදිසිතුං පයොජනසම්භවොව නත්ථි සුපාකටභාවතො. භික්ඛුනියො චස්සා සන්තිකෙ ඉමානි සුත්තානි ගණ්හිංසු. එවං පරම්පරාය භික්ඛූසුපි තාය ආරොපිතං නිදානං පාකටං අහොසි. අථ ආයස්මා ආනන්දො තථාගතස්ස පරිනිබ්බානතො අපරභාගෙ සත්තපණ්ණිගුහායං අජාතසත්තුනා කාරාපිතෙ සද්ධම්මමණ්ඩපෙ මහාකස්සපප්පමුඛස්ස වසීගණස්ස මජ්ඣෙ නිසීදිත්වා ධම්මං සඞ්ගායන්තො ඉමෙසං සුත්තානං නිදානස්ස ද්වෙළ්හකං පරිහරන්තො තාය ආරොපිතනියාමෙනෙව නිදානං ආරොපෙසීති.
යම් හෙයකින් වනාහි ඒ නගරයෙහිදීම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසා එදිනෙදා ම ඈ (ඛුජ්ජුත්තරාව) විසින් ඒ ස්ත්රීන්ට කියන ලද ද එහෙයින් ‘එකං සමයං භගවා කොසම්බියං විහරති’ ‘එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර වැඩවාසය කරන සේක’ යනුවෙන් කාලය-දේශය දැක්වීමට ප්‍රයෝජනයක් නැත්තේ සුප්‍රකට බැවිනි. භික්ෂුණීහුද ඇය සමීපයෙන් මේ සූත්‍ර උගත්හ. මෙසේ පරම්පරාවෙන් භික්ෂූන් අතරෙහිද ඇය විසින් නගන ලද නිදානය ප්‍රකට විය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කලක සප්තපර්ණි ගුහාවෙහි අජාතසත්තු රජතුමා විසින් කරවන ලද සද්ධර්ම මණ්ඩපයෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේ මැද වැඩහිඳ ධර්මය සංගායනා කරමින් මේ සූත්‍රවල නිදානයට දෙයාකාරයක් පවත්වා ගනිමින් ඇය විසින් නංවන ලද ක්‍රමයෙන් ම නිදානය නැංවූහ.
කෙචි පනෙත්ථ බහුප්පකාරෙ පපඤ්චෙන්ති. කිං තෙහි? අපිච නානානයෙහි සඞ්ගීතිකාරා ධම්මවිනයං සඞ්ගායිංසු. අනුබුද්ධා හි ධම්මසඞ්ගාහකමහාථෙරා, තෙ සම්මදෙව ධම්මවිනයස්ස සඞ්ගායනාකාරං ජානන්තා කත්ථචි “එවං මෙ සුත”න්තිආදිනා, කත්ථචි “තෙන සමයෙනා”තිආදිනා, කත්ථචි ගාථාබන්ධවසෙන නිදානං ඨපෙන්තා, කත්ථචි සබ්බෙන සබ්බං නිදානං අට්ඨපෙන්තා වග්ගසඞ්ගහාදිවසෙන ධම්මවිනයං සඞ්ගායිංසු. තත්ථ ඉධ වුත්තඤ්හෙතන්තිආදිනා නිදානං ඨපෙත්වා සඞ්ගායිංසු, කිඤ්චි සුත්තගෙය්යාදිවසෙන නවඞ්ගමිදං බුද්ධවචනං. යථා චෙතං, එවං සබ්බෙසම්පි සම්මාසම්බුද්ධානං. වුත්තඤ්හෙතං “අප්පකඤ්ච නෙසං අහොසි සුත්තං ගෙය්ය”න්තිආදි. තත්ථ ඉතිවුත්තකඞ්ගස්ස අඤ්ඤං කිඤ්චි න පඤ්ඤායති තබ්භාවනිමිත්තං ඨපෙත්වා “වුත්තඤ්හෙතං…පෙ… මෙ සුත”න්ති ඉදං වචනං. තෙනාහු අට්ඨකථාචරියා “වුත්තඤ්හෙතං භගවතාති ආදිනයප්පවත්තා ද්වාදසුත්තරසතසුත්තන්තා ඉතිවුත්තක”න්ති. තස්මා සත්ථු අධිප්පායං ජානන්තෙහි ධම්මසඞ්ගාහකෙහි අරියසාවිකාය වා ඉමෙසං සුත්තානං ඉතිවුත්තකඞ්ගභාවඤාපනත්ථං ඉමිනාව නයෙන නිදානං ඨපිතන්ති වෙදිතබ්බං.
ඇතැමෙක් මෙහිදී බොහෝ ආකාරයෙන් විස්තර කරති. ඒවායින් ඇති ඵලය කුමක් ද? ඒ ඇරත් නොයෙක් නොයෙක් ක්‍රමවලින් සංගීතිකාරක මහරහතන් වහන්සේලා ධර්ම විනය සංගායනා කළහ. ධර්ම සංග්‍රාහක මහා ස්ථවිරයන් වහන්සේලා අනුබුද්ධයහ. (බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වූහ.) උන්වහන්සේලා මැනවින් ධර්ම විනය සංගායනා කරන ආකාරය දනිමින් තැනක ‘එවං මෙ සුතං’ යනාදී වශයෙන් ද තැනක ‘තෙන සමයෙන’ යනාදී වශයෙන් ද තැනක ගාථාවලින් නිදානය තබමින් ද තැනක හැම අයුරකින්ම නිදානයක් නොතබමින් ද වර්ග සංග්‍රහ කිරීම් ආදී වශයෙන් ද ධර්මවිනය සංගායනා කළහ. මෙහි ‘වුත්තං හෙතං’ යනාදී වශයෙන් නිදානය තබා සංගායනා කළහ. මේ බුද්ධ වචනය සූත්‍ර ගෙය්ය ආදී වශයෙන් අංග නවයකින් යුක්ත වූවාක් මෙන් සියලු සම්මා සම්බුදුවරුන් විසින් එය කියන ලදී. උන්වහන්සේලාගේ සූත්‍ර ගෙය්යාදිය ස්වල්ප විය. එහි (ඒ බුද්ධ ශාසනවල) එයට නිමිත්ත වූ ‘වුත්තං හෙතං - පෙ- මෙ සුතං’ යන මේ වචනය හැර ඉතිවුත්තක අංශයේ අන් කිසිවක් නොපෙනේ. එහෙයින් ‘වුත්තං හෙතං භගවතා’ යනාදී වශයෙන් පැවති සූත්‍ර එකසිය දහයක් ඉතිවුත්තක යයි අට්ඨකථාචාර්යයන් වහන්සේලා කීහ. එහෙයින් ශාස්තෲන් වහන්සේගේ අදහස දන්නා වූ ධර්මසංග්‍රාහක ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා විසින් ද මේ සූත්‍රවල ඉතිවුත්තක අංගය ඇති බව දැනගැනීම සඳහා මේ ක්‍රමයෙන්ම නිදානය තබන ලදැයි දතයුතුය.
කිමත්ථං පන ධම්මවිනයසඞ්ගහෙ කයිරමානෙ නිදානවචනං? නනු භගවතා භාසිතවචනස්සෙව සඞ්ගහො කාතබ්බොති? වුච්චතෙ – දෙසනාය ඨිතිඅසම්මොසසද්ධෙය්යභාවසම්පාදනත්ථං. කාලදෙසදෙසකපරිසාපදෙසෙහි උපනිබන්ධිත්වා ඨපිතා හි දෙසනා චිරට්ඨිතිකා හොති අසම්මොසධම්මා සද්ධෙය්යා ච දෙසකාලකත්තුහෙතුනිමිත්තෙහි උපනිබද්ධො විය වොහාරවිනිච්ඡයො. තෙනෙව ච ආයස්මතා මහාකස්සපෙන බ්රහ්මජාලමූලපරියායසුත්තාදීනං දෙසාදිපුච්ඡාසු කතාසු තාසං විස්සජ්ජනං කරොන්තෙන ධම්මභණ්ඩාගාරිකෙන “එවං මෙ සුත”න්තිආදිනා නිදානං භාසිතං. ඉධ පන දෙසකාලස්ස අග්ගහණෙ කාරණං වුත්තමෙව.
ධර්මවිනය සංගායනා කරන කල්හි නිදාන වචනය කුමක් පිණිසද? භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ වචනය පමණක් සංග්‍රහ කළ යුතු නොවේද? (එයට හේතු ලෙස) දේශනාවේ පැවැත්ම, දේශනාව ගැන මුළා නොවීම පිණිස, ඇදහිය යුතු බව ඇතිවීම පිණිස යන කරුණු කියනු ලැබේ. කාලය - දේශය - දේශක - පිරිස - අපදේස වලින් යුක්තකොට තබන ලද දේශනාව බොහෝ කල් පවතින්නේ ද මුළා නොවන ස්වභාව ඇත්තේ ද ඇදහිය යුතු වන්නේ ද වෙයි. දේශය - කාලය - කර්තෘ - හේතුව - නිමිත්ත යන මේවායින් ව්‍යවහාර විනිශ්චය බැඳී ඇත්තාක් මෙනි. එහෙයින්ම ආයුෂ්මත් මහා කාශ්‍යප රහතන් වහන්සේ විසින් බ්‍රහ්මජාල, මූල පරියාය ආදී සූත්‍රවල දේශය ආදිය විමසූ කල්හි ඒවා විසඳීම කරන්නා වූ ධර්ම භාණ්ඩාගාරික ස්ථවිරයන් වහන්සේ විසින් ‘එවං මෙ සුතං’ යනාදී වශයෙන් නිදානය කියන ලදී. මෙහිදී දේශය - කාලය ගැනීමට ඇති කරුණු කියන ලද්දේමය.
අපිච සත්ථු සම්පත්තිප්පකාසනත්ථං නිදානවචනං. තථාගතස්ස හි භගවතො පුබ්බරචනානුමානාගමතක්කාභාවතො සම්මාසම්බුද්ධභාවසිද්ධි. න හි සම්මාසම්බුද්ධස්ස පුබ්බරචනාදීහි අත්ථො අත්ථි සබ්බත්ථ අප්පටිහතඤාණාචාරතාය එකප්පමාණත්තා ච ඤෙය්යධම්මෙසු. තථා ආචරියමුට්ඨිධම්මමච්ඡරියසාසනසාවකානුරාගාභාවතො ඛීණාසවභාවසිද්ධි. න හි සබ්බසො ඛීණාසවස්ස තෙ සම්භවන්තීති සුවිසුද්ධස්ස පරානුග්ගහපවත්ති. එවං දෙසකසංකිලෙසභූතානං දිට්ඨිසීලසම්පදාදූසකානං අවිජ්ජාතණ්හානං අච්චන්තාභාවසංසූචකෙහි ඤාණසම්පදාපහානසම්පදාභිබ්යඤ්ජකෙහි ච සම්බුද්ධවිසුද්ධභාවෙහි පුරිමවෙසාරජ්ජද්වයසිද්ධි, තතො ච අන්තරායිකනිය්යානිකධම්මෙසු අසම්මොහභාවසිද්ධිතො පච්ඡිමවෙසාරජ්ජද්වයසිද්ධීති භගවතො චතුවෙසාරජ්ජසමන්නාගමො අත්තහිතපරහිතපටිපත්ති ච නිදානවචනෙන පකාසිතා හොති, තත්ථ තත්ථ සම්පත්තපරිසාය අජ්ඣාසයානුරූපං ඨානුප්පත්තිකප්පටිභානෙන ධම්මදෙසනාදීපනතො. ඉධ පන අනවසෙසතො කාමදොසප්පහානං විධාය දෙසනාදීපනතො චාති යොජෙතබ්බං. තෙන වුත්තං “සත්ථු සම්පත්තිප්පකාසනත්ථං නිදානවචන”න්ති. එත්ථ ච “භගවතා අරහතා”ති ඉමෙහි පදෙහි යථාවුත්තඅත්ථවිභාවනතා හෙට්ඨා දස්සිතා එව.
තවදුරටත් නිදාන වචනය (යොදන්නේ) ශාස්තෲ සම්පත්තිය ප්‍රකාශ කිරීම පිණිසය. තථාගත භාග්‍යවතුන් වහන්සේගේ පෙර සූදානමක් අනුමානයක් - අනුගමනයක් - තර්කයක් නැති බැවින් සම්මා සම්බුදු බව සිද්ධ විය. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර සූදානම් වීම් ආදියෙන් ප්‍රයෝජනයක් නැත. ඒ දතයුතු ධර්මයන්හි හැමතන්හිම නොහැපුණු ඤාණය හැසිරෙන බැවින් හා එක පමණට ඇති බැවිනි. එසේ ම ගුරුමුෂ්ඨි, ධර්ම මච්ඡරිය ශාසනය සහිත ශ්‍රාවකයන් වෙත ඇලීම නැති බැවින් ක්ෂීණාශ්රව බව සිද්ධ විය. සුවිසුද්ධ වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට ඒ පරානුග්රහ පැවැත්ම සියලු ආකාරයෙන් ඇති නොවේ. මෙසේ දේශකයා කිලිටි කරන දිට්ඨි - සීල සම්පදාවන් දූෂණය කරන අවිද්‍යා - තණ්හා අතිශයින්ම නැති බව ප්‍රකාශ කරන ඤාණ සම්ප්‍රදාව පහාන සම්පදාව යන සලකුණුවලින් ද මනාව අවබෝධ කිරීම විසුද්ධභාවයෙන් ද පළමු විශාරද ඥාන දෙක සිද්ධ විය. එහෙයින් ම අන්තරායික ධර්මයන්හි හා නිවනට පමුණුවන ධර්මයන්හි මුළා නොවන බව සිදුවීමෙන් අවසන් විශාරද ඥාන දෙක ද සිද්ධ වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ සතර විශාරද ඥානයෙන් යුක්ත බවද ආත්මාර්ථ පරාර්ථ යහපත පිණිස පවතින ප්‍රතිපත්තිය ද ඒ ඒ තැනට පැමිණි පිරිසේ අදහස්වලට අනුරූප වූ, තැනට සුදුසු වැටහීමෙන් ධර්මදේශනා පැහැදිලි කිරීමෙන් ද නිදාන වචනයෙන් ප්‍රකාශ කරන ලද්දේ වෙයි. මෙහිදී වනාහි ඉතිරි නොකොට කාමය හා ද්වේෂය ප්රහාණය කිරිම සලසා දේශනාව පැහැදිලි කිරිමෙන්දැයි මෙසේ යෙදිය යුතුය. එහෙයින් ‘සත්ථු සම්පත්ති පකාසනත්ථං නිදානවචනං’ ‘නිදාන වචනය ශාස්තෲ සම්පත්තිය ප්‍රකාශ කිරීම පිණිස’ යනුවෙන් කියන ලදී. මෙහි ‘භගවතා, අරහතා’ යන මේ පද දෙකෙන් කියන ලද අර්ථ පැහැදිලි කිරීම් මුලදීම දක්වන ලදී.
තථා සාසනසම්පත්තිප්පකාසනත්ථං නිදානවචනං. ඤාණකරුණාපරිග්ගහිතසබ්බකිරියස්ස හි භගවතො නත්ථි නිරත්ථකා පටිපත්ති අත්තහිතා වා. තස්මා පරෙසංයෙවත්ථාය පවත්තසබ්බකිරියස්ස සම්මාසම්බුද්ධස්ස සකලම්පි කායවචීමනොකම්මං යථාපවත්තං වුච්චමානං දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං සත්තානං අනුසාසනත්ථෙන සාසනං, න කබ්බරචනා. තයිදං සත්ථු චරිතං කාලදෙසදෙසකපරිසාපදෙසෙහි තත්ථ තත්ථ නිදානවචනෙහි යථාරහං පකාසියති. ඉධ පන දෙසකපරිසාපදෙසෙහීති යොජෙතබ්බං. තෙන වුත්තං “සාසනසම්පත්තිප්පකාසනත්ථං නිදානවචන”න්ති.
එසේම නිදාන වචනය ශාසන සම්පත්තිය ප්‍රකාශ කිරීම පිණිසය. ඤාණයෙන් කරුණාවෙන් අල්ලාගන්නා ලද සියලු ක්‍රියා ඇති භාග්‍යවතුන් වහන්සේට නිරර්ථක හෝ තමාට හිත වූ හෝ ප්‍රතිපත්ති නැත. එහෙයින් අනුන් සඳහාම පැවති සියලු ක්‍රියා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පවත්නා අයුරින් කියන්නා වූ සියලුම කය - වචන - මනෝ කර්ම මෙලොව පරලොව පරමාර්ථවලින් සුදුසු පරිදි සත්ත්වයන්ට අනුශාසනා කරන අර්ථයෙන් ශාසනය කලින් සකස් කරන ලද්දක් නොවේ. එය කාල - දේස - දේශක පිරිස - අපදේශවලින් ඒ ඒ තැන නිදාන වචනවලින් ද සුදුසු පරිදි ප්‍රකාශ කරනු ලැබේ. මෙහි වනාහි දේශක - පිරිස - අපදේස යොදාගත යුතුය. එහෙයින් ‘සාසන සම්පත්ති පකාසනත්ථං නිදාන වචනං’යි කියන ලදී.
අපිච සත්ථුනො පමාණභාවප්පකාසනෙන සාසනස්ස පමාණභාවදස්සනත්ථං නිදානවචනං. තඤ්චස්ස පමාණභාවදස්සනං හෙට්ඨා වුත්තනයානුසාරෙන “භගවතා අරහතා”ති ඉමෙහි පදෙහි විභාවිතන්ති වෙදිතබ්බං. ඉදමෙත්ථ නිදානවචනප්පයොජනස්ස මුඛමත්තනිදස්සනන්ති.
තවද නිදාන වචනය ශාස්තෲන් වහන්සේගේ ප්‍රමාණ භාවය ප්‍රකාශ කිරීමෙන් ශාසනයේ ප්රමාණභාවය දැක්වීම පිණිසය. ශාසනයේ ඒ ප්‍රමාණ බව දැක්වීම මුලින් කියන ලද ක්‍රමය අනුව භගවතා, අරහතා යන මේ පදවලින් ප්‍රකට කළේයයි දතයුතුය. මෙය මෙහි නිදාන වචනය දැක්වීමේ ප්‍රයෝජනය ගැන මුඛමාත්ර නිදර්ශනයකි.
නිදානවණ්ණනා නිට්ඨිතා.
නිදාන වර්ණනාව නිමියේ ය.