යෙදුමෙන් කියවන්න

පඨමදබ‍්බසුත‍්තං

8. 9.

8. 9.

පඨමදබ‍්බසුත‍්තං

පළමු දබ්බ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො ආයස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො භගවන‍්තං එතදවොච: ‘පරිනිබ‍්බානකාලො මෙ’දානි සුගතා’ති. ‘යස‍්ස දානි ත්‍වං දබ‍්බ කාලං මඤ‍්ඤසී’ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි මල්ල්රාජපුත්‍ර වූ දබ්බ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආදරයෙන් වැඳ පසෙක හුන්හ. පසෙක හුන් මල්ලපුත්‍ර දබ්බ තෙරණුවෝ ‘වහන්ස, මට දැන් පිරිනිවෙන්නට කාලය වේ යැ’යි සැළ කළහ. ‘දබ්බයිනි, යමකට කලැ යි තෙපි සිතවු නම් එය කරනු තොප අයත් කාර්‍ය්‍යයෙකැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

2. අථ ඛො ආයස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අන‍්තළික‍්ඛෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා පරිනිබ‍්බායි. අථ ඛො ආයස‍්මතො දබ‍්බස‍්ස මල‍්ලපුත‍්තස‍්ස වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අන‍්තළික‍්ඛෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා පරිනිබ‍්බුතස‍්ස සරීරස‍්ස ඣායමානස‍්ස ඩය‍්හමානස‍්ස නෙව ඡාරිකා පඤ‍්ඤායිත්‍ථ න මසි. සෙය්‍යථාපි නාම සප‍්පිස‍්ස වා තෙලස‍්ස වා ඣායමානස‍්ස ඩය‍්හමානස‍්ස නෙව ඡාරිකා පඤ‍්ඤායති න මසි, එවමෙව ඛො ආයස‍්මතො දබ‍්බස‍්ස මල‍්ලපුත‍්තස‍්ස වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අන‍්තළික‍්ඛෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා පරිනිබ‍්බුතස‍්ස සරීරස‍්ස ඣායමානස‍්ස ඩය‍්හමානස‍්ස නෙව ඡාරිකා පඤ‍්ඤායිත්‍ථ න මසී’ති.

2. එකල්හි මල්ලපුත්‍ර දබ්බ තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ තෙජොකසිණ චතුර්‍ත්‍ථධ්‍යාන සමාපත්තියට සමවැද, ඉන් නැගී පිරිනිවියහ. ඉක්බිති මෙසේ අහස් නැග අහසැ පලඟින් හිඳ, තොජොධාතුසමාපත්තියට සමවැද, එයින් නැගී පිරිනිවි, ගිනිගෙන දැවෙන මල්ලපුත්‍ර දබ්බ තෙරුන්ගේ සිරුරැ අළු හෝ දැලි නො වී ය. ගිනි ඇවිළ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නො පැණේ ද, එ පරිද්දෙන් ම අහස් නැඟ අහසැ පලඟින් හිඳ තෙදකිසුණු සමවතට සමවැද, එයින් නැඟි පිරිනිවි මල්ලපුත්‍ර දබ්බ තෙරුන්ගේ ගිනි ඇවිළ දැවෙන සිරුරේ අළු හෝ දැලි නො වී ය.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“අභෙදි කායො නිරොධි සඤ‍්ඤා වෙදනා සීතිභවිංසු සබ‍්බා, වූපසමිංසු සඞ‍්ඛාරා විඤ‍්ඤාණං අත්‍ථමාගමා”ති.

“රූපය බිඳිණි. (රූපසංඥාදි) සියලු සංඥාව නිරුද්ධ විය. සියලු වේදනාවෝ සිසිල් වූහ. (නිවී ගියහ) සියලු (ස්පර්‍ශාදි) අවශේෂ සංස්කාරයෝ සංසිඳුණහ. සියලු විඥානය අස්තඞ්ගත වීය.”