යෙදුමෙන් කියවන්න

විසාඛාසුත‍්තං

8. 8.

8. 8.

විසාඛාසුත‍්තං

විශාඛා සූත්‍රය

1. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා නත‍්තා කාලඞ‍්කතා හොති පියා මනාපා. අථ ඛො විසාඛා මිගාරමාතා අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා දිවාදිවස‍්ස යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච: ‘හන්‍ද කුතො නු ත්‍වං විසාඛෙ ආගච‍්ඡසි අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා ඉධූපසඞ‍්කන‍්තා දිවාදිවස‍්සා?ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාම විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මිගාරමාතු නම් වූ විශාඛාවගේ ප්‍රිය මනාප වූ මිනිබිරියක් කලුරිය කළා වෙයි. එ කල්හි මිගාරමාතු නම් වූ විශාඛා තොමෝ තෙත් වස්ත්‍ර ඇත්තී තෙත් හිසකේ ඇත්තී දෙවෙන්දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හුනු. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක් හුන්නා වූ ම මෘගාරාමාතා විශාඛාව බණවා, “විශාඛාවෙනි, දැන් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ තෙපි කොයින් එවු ද? කොහි සිට මේ මධ්‍යාහ්නයෙහි මෙහි එළැඹුණුව?”යි වදාළ සේක.

“නත‍්තා මෙ භන‍්තෙ පියා මනාපා කාලඞ‍්කතා තෙනාහං අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා ඉධූපසඞ‍්කන‍්තා දිවාදිවස‍්සා”ති.

“වහන්ස, මා ප්‍රිය මනාප මිනිබිරියක් කලුරිය කළා ය. එහෙයින් මම් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ මද්දහන්හි මෙහි එළැඹියෙමි”යි ඕ කිවු ය.

“ඉච‍්ඡෙය්‍යාසි ත්‍වං විසාඛෙ යාවතිකා සාවත්‍ථියා මනුස‍්සා තාවතිකෙ පුත‍්තෙ ච නත‍්තාරො චා”ති.

“විශාඛාවෙනි, සැවැත් නුවරැ යම් පමණ මිනිස්සු ඇත් නම් එ පමණ ම දූ පුතුන් ද මුනුබුරු මිනිබිරියන් ද කැමැත්තහු දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“ඉච‍්ඡෙය්‍යාමහං භගවා යාවතිකා සාවත්‍ථියා මනුස‍්සා තාවතිකෙ පුත‍්තෙ ච නත‍්තාරො චා”ති.

“භාග්‍යවතුන් වහන්ස, යම් පමණ මිනිස්සු සැවැත්නුවරෙහි ඇත් නම් එපමණ ම දූපුතුනුත් මුනුබුරු මිනිබිරියනුත් කැමැත්තෙමි”යි (ඕ කිවු ය).

2. “කීවබහුකා පන විසාඛෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්තී?”ති.

2. “විශාඛාවනි, දිනපතා කොපමණ මිනිස්සු සැවැත්නුවරෙහි කලුරිය කෙරෙත් ද?”

“දසපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, නවපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති. අට‍්ඨපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, සත‍්තපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, ඡපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, පඤ‍්චපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, චත‍්තාරොපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, තීණිපි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, ද‍්වෙ’පි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සා දෙවසිකං කාලං කරොන‍්ති, එකො’පි භන‍්තෙ සාවත්‍ථියා මනුස‍්සො දෙවසිකං කාලං කරොති, අවිවිත‍්තා භන‍්තෙ සාවත්‍ථි මනුස‍්සෙහි කාලං කරොන‍්තෙහී”ති.

“වහන්ස, දිනපතා සැවැත් නුවරැ දශ දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සැවැත්නුවරැ නව දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා අට දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සත් දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සදෙනෙකුත් ... පස් දෙනෙකුත් … සිවුදෙනෙකුත් … තිදෙනෙකුත් … දෙදෙනෙකුත් කලුරිය කෙරෙත්. දිනපතා සැවැත් නුවරැ එකමිනිසෙකුත් කලුරිය කෙරෙයි. වහන්ස, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර නොසිස් යැ”යි (ඕ කිවු යැ.)

‘තං කිං මඤ‍්ඤසි විසාඛෙ අපි නු ත්‍වං කදාචි කරහචි අනල‍්ලවත්‍ථං අනල‍්ලකෙසා වා?”ති.

“විශාඛාවනි, ඒ කිමැ යි සිතවු ද? (එසේ කලැ) තෙපි කිසි විටෙකත් නොතෙත් වස්ත්‍ර ඇති වනු නොතෙත් කෙහෙ ඇති වනු හැක්කහු දැ?”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

3. “නො හෙතං භන‍්තෙ. අලං මෙ භන‍්තෙ තාවබහුකෙහි පුත‍්තෙහි ච නත‍්තාරෙහි චා”ති.

3. “වහන්ස, මෙය නො වන්නෙකි. වහන්ස, මට එතරම් බොහෝ දූපුතුන්ගෙන් මුනුබුරු මිනිබිරියන්ගෙන් කම් නැතැ”යි ද (ඕ කිවු ය.)

“යෙසං ඛො විසාඛෙ, සතං පියානි, සතං තෙසං දුක‍්ඛානි. යෙසං නවුති පියානි, නවුති තෙසං දුක‍්ඛානි. යෙසං අසීති පියානි, අසීති තෙසං දුක‍්ඛානි. යෙසං සත‍්තති පියානි, සත‍්තති තෙසං දුක‍්ඛානි. යෙසං සට‍්ඨි පියානි, සට‍්ඨි තෙසං දුක‍්ඛානි. යෙසං පඤ‍්ඤාසං පියානි, පඤ‍්ඤාසං තෙසං දුක‍්ඛානි.

“විශාඛාවනි, යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු සියෙක් වේ නම් ඔවුනට සියෙක් දුක් වේ. යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු අනූවක් වේ නම් ඔවුනට අනුවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අසූවෙක් වේ නම් ඔවුනට අසූවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැත්තෑවෙක් නම්, ඔවුනට සැත්තෑවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැටෙක් වේ නම්, ඔවුනට සැටෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු පනසෙක් වේ නම් ඔවුනට දුක් පනසෙක් වේ.

යෙසං චත‍්තාරීසං පියානි, චත‍්තාරීසං තෙසං දුක‍්ඛානි, යෙසං තිංසං පියානි, තිංසං තෙසං දුක‍්ඛානි. යෙසං වීසං පියානි, වීසං තෙසං දුක‍්ඛානි, යෙසං දස පියානි, දස තෙසං දුක‍්ඛානි. යෙසං නව පියානි, නව තෙසං දුක‍්ඛානි. යෙසං අට‍්ඨ පියානි, අට‍්ඨ තෙසං දුක‍්ඛානි. යෙසං සත‍්ත පියානි, සත‍්ත තෙසං දුක‍්ඛානි. යෙසං ඡ පියානි, ඡ තෙසං දුක‍්ඛානි. යෙසං පඤ‍්ච පියානි, පඤ‍්ච තෙසං දුක‍්ඛානි. යෙසං චත‍්තාරි පියානි, චත‍්තාරි තෙසං දුක‍්ඛානි. යෙසං තීණි පියානි, තීණි තෙසං දුක‍්ඛානි. යෙසං ද‍්වෙ පියානි, ද‍්වෙ තෙසං දුක‍්ඛානි. යෙසං එකං පියං, එකං තෙසං දුක‍්ඛං. යෙසං නත්‍ථි පියං, නත්‍ථි තෙසං දුක‍්ඛං, අසොකා තෙ විරජා අනුපායාසාති වදාමී”ති.

යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතළිසෙක් නම් ඔවුනට දුක් සතළිසෙක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු තිසෙක් නම් ඔවුනට දුක් තිසෙක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු විස්සක් නම් ඔවුනට දුක් විස්සෙක. යම් කෙනකුන්හට ප්‍රියවස්තු දසයෙක් නම් ඔවුනට දුක් දසයෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු නවයෙක් නම් ඔවුනට දුක් නවයෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අටෙක් නම් ඔවුනට දුක් අටෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතෙක් නම් ඔවුනට දුක් සතෙකි. යම් කෙකුන්හට ප්‍රියවස්තු සයෙක් නම් ඔවුනට දුක් සයෙකි. යම් කෙනකුන්හට ප්‍රිය වස්තු පසෙක් නම් ඔවුනට දුක් පසෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතරෙක් නම් ඔවුනට දුක් සතරෙකි. යම් කෙනෙකුන්හට ප්‍රිය වස්තු තුනෙක් නම් ඔවුනට දුක් තුනෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු දෙකෙක් නම් ඔවුනට දුක් දෙකෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු එකෙක් නම් ඔවුනට දුක් එකෙකි. යම් කෙනකුන්හට ප්‍රිය වස්තුවෙක් නැත් නම් ඔවුනට දුකෙක් නැත. ඔහු ශෝක නැත්තෝ රාගාදි රජස් නැත්තෝ උපායාස නැත්තෝ යැ යි කියමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

4. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“යෙ කෙචි සොකා පරිදෙවිතා වා දුක‍්ඛා ච ලොකස‍්මිං අනෙකරූපා. පියං පටිච‍්ච පභවන‍්ති එතෙ පියෙ අසන‍්තෙ න භවන‍්ති එතෙ.

“ලොවැ යම් නන්වැදෑරුම් ශෝක ද හැඬුම් ද වැලැපුම් ද දුක් ද ඇත් නම්, ඔහු ප්‍රියවස්තු හේතු කොට ගෙන පහළ වෙත්. ප්‍රිය වස්තුවක් නැති කල්හි ඔහු පහළ නො වෙති.

තස‍්මා හි තෙ සුඛිනො වීතසොකා යෙසං පියං නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ, තස‍්මා අසොකං විරජං පත්‍ථයානො පියං න කයිරාථ කුහිඤ‍්චි ලොකෙ”ති.

එහෙයින් යම් කෙනෙකුන්හට ලොවැ කිසි ද තැනෙක ප්‍රියයෙක් නැත් ද, ඔහු සුවැත්තෝ ය. පහ වූ ශෝක ඇත්තෝ ය. එ බැවින් ශෝක නැති බව කෙලෙස් ධූලි නැති බව (හෙවත් රහත් බව) කැමැත්තේ ලොවැ කිසිවකුත් කෙරෙහි ප්‍රිය බවක් නො කරන්නේ ය.”