යෙදුමෙන් කියවන්න

ද‍්විධාපථසුත‍්තං

8. 7.

8. 7.

ද‍්විධාපථසුත‍්තං

ද්විධාපථ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු අද‍්ධානමග‍්ගපටිපන‍්නො හොති ආයස‍්මතා නාගසමාලෙන පච‍්ඡාසමණෙන. අද‍්දසා ඛො ආයස‍්මා නාගසමාලො අන‍්තරාමග‍්ගෙ ද‍්වෙධාපථං. දිස‍්වාන භගවන‍්තං එතදවොච: ‘අයං භන‍්තෙ භගවා පන්‍ථො ඉමිනා ගච‍්ඡාමා’ති. එවං වුත‍්තෙ භගවා ආයස‍්මන‍්තං නාගසමාලං එතදවොච: ‘අයං නාගසමාල පන්‍ථො ඉමිනා ගච‍්ඡාමා’ති. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො ආයස‍්මා නාගසමාලො භගවන‍්තං එතදවොච: ‘අයං භන‍්තෙ භගවා පන්‍ථො ඉමිනා ගච‍්ඡාමා’ති . එවං වුත‍්තෙ භගවා ආයස‍්මන‍්තං නාගසමාලං එතදවොච: ‘අයං නාගසමාල, පන්‍ථො ඉමිනා ගච‍්ඡාමා’ති. අථ ඛො ආයස‍්මා නාගසමාලො භගවතො පත‍්තචීවරං තත්‍ථෙව ඡමායං නික‍්ඛිපිත්‍වා පක‍්කාමි, ‘ඉදං භන‍්තෙ භගවතො පත‍්තචීවරන‍්ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහු පසු මහණ කොට ගෙන කොසොල් රටැ දික් මඟට පිළිපන් සේක් වෙති. නාගසමාල තෙරණුවෝ අතරමඟැ දෙමං සන්‍ධියක් දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. දෙවෙනි වර ද තෙවන වර ද නාගසමාල තෙර ‘භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ නාගසමාලය, තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. එ කල්හි නාගසමාල තෙර තෙල භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු බිමැ තබා නික්ම ගියේ ය.

2. අථ ඛො ආයස‍්මතො නාගසමාලස‍්ස තෙන පන්‍ථෙන ගච‍්ඡන‍්තස‍්ස අන‍්තරාමග‍්ගෙ චොරා නික‍්ඛමිත්‍වා හත්‍ථෙහි ච පාදෙහි ච විහෙඨෙසුං, පත‍්තඤ‍්ච භින්‍දිංසු සඞ‍්ඝාටිඤ‍්ච විප‍්ඵාලෙසුං. අථ ඛො ආයස‍්මා නාගසමාලො භින‍්නෙන පත‍්තෙන විප‍්ඵාලිතාය සඞ‍්ඝාටියා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා නාගසමාලො භගවන‍්තං එතදවොච: ඉධ මය‍්හං භන‍්තෙ තෙන පන්‍ථෙන ගච‍්ඡන‍්තස‍්ස අන‍්තරාමග‍්ගෙ චොරා නික‍්ඛමිත්‍වා හත්‍ථෙහි ච පාදෙහි ච විහෙඨෙසුං, පත‍්තඤ‍්ච භින්‍දිංසු, සඞ‍්ඝාටිඤ‍්ච විප‍්ඵාලෙසු’න‍්ති.

2. ඉක්බිති එ මඟින් යන නාගසමාල තෙරහට මග අතුරෙහි සොරු නික්මැ අතින් පයින් තැළූහ. පාත්‍රය ද බින්දහ. සඟල සිවුර ද ඉරා දැමූහ. එ කල්හි නාගසමාල තෙර බිඳුණු පාත්‍රයෙන් ඉරී ගිය සඟළ සිවුරින් යුතු ව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ගත් නාගසමාල තෙර භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මෙහි ඒ මඟින් මා යද්දී මඟ අතුරැ සොරු නික්මැ අතින් පයින් මට පහළහ, පාත්‍රය ද බින්දහ. සඟළ සිවුර ද ඉරා දැමූහ’යි සැළ කෙළේ ය.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:

“සද‍්ධිං චරමෙකතො වසං මිස‍්සො අඤ‍්ඤජනෙන වෙදගූ, විද‍්වා පජහාති පාපකං කොඤ‍්චො ඛීරපකො’ව නින‍්නග”න‍්ති.

“මාර්‍ගඥානයෙන් සත්‍යාවබෝධය කළ නුවණැත්තේ අඥ ජනයා හා එක් වැ හැසිරෙන්නේ එක් වැ වසන්නේ එ පමණෙකින් මිශ්‍ර වූයේ නුමුදු අභද්‍ර වූ ලාමක දැය දුරැ ලයි. (දියමුසු කිරි එළැවූ කල) කිරි පමණක් බොන කොස්ලිහිණියා දිය හැර ලන්නාක් මෙනි.”