6. පාටලිගාමිය සුත්තවණ්ණනා අට්ඨකථා
6. පාටලිගාමිය සුත්තවණ්ණනා
6. පාටලිගාමිය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ මගධෙසූති මගධරට්ඨෙ. මහතාති ඉධාපි ගුණමහත්තෙනපි අපරිච්ඡින්නසඞ්ඛ්යත්තා ගණනමහත්තෙනපි මහතා භික්ඛුසඞ්ඝෙන. පාටලිගාමොති එවංනාමකො මගධරට්ඨෙ එකො ගාමො. තස්ස කිර ගාමස්ස මාපනදිවසෙ ගාමග්ගහණට්ඨානෙ ද්වෙ තයො පාටලඞ්කුරා පථවිතො උබ්භිජ්ජිත්වා නික්ඛමිංසු. තෙන තං “පාටලිගාමො”ත්වෙව වොහරිංසු. තදවසරීති තං පාටලිගාමං අවසරි අනුපාපුණි. කදා පන භගවා පාටලිගාමං අනුපාපුණි? හෙට්ඨා වුත්තනයෙන සාවත්ථියං ධම්මසෙනාපතිනො චෙතියං කාරාපෙත්වා තතො නික්ඛමිත්වා රාජගහෙ වසන්තො තත්ථ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස ච චෙතියං කාරාපෙත්වා තතො නික්ඛමිත්වා අම්බලට්ඨිකායං වසිත්වා අතුරිතචාරිකාවසෙන ජනපදචාරිකං චරන්තො තත්ථ තත්ථ එකරත්තිවාසෙන වසිත්වා ලොකං අනුග්ගණ්හන්තො අනුක්කමෙන පාටලිගාමං අනුපාපුණි.
සවැන්නෙහි මගධෙසු යනු මගධ රටෙහි, මෙහිද ගුණ මහත්වයෙන්ද, නොපිරිසිඳි සංඛ්‍යා හෙයින් ගණන් මහත්වයෙන්ද, මහත් වූ බික්සඟන සමග, පාටලිගාමො යනු මෙනමින් යුත් මගධ රට එක් ගමක් එම ගම සැලසුම් කරන දිනයෙහි, ග්රාමාංගණය තීරණය කළ ස්ථානයෙහි පලෙල් අංකුර දෙක තුනක් පෘථුවියෙන් පැන නැගී නික්මුණහ. එහෙයින් පාටලී ගම යැයිම ව්‍යවහාර කළහ. තදවසරි යනු එම පාටලී ග්‍රාමයට පැමිණ වදාළේය. අනුප්‍රාප්ත වූ සේක. භාග්‍යවතුන් වහන්සේ කෙදින පාටලී ගමට අනුප්‍රාප්ත වූ සේක්ද යත්, යට කියන ලද ක්‍රමයෙන්, දම්සෙනෙවි විසින් සැවැත චෛත්‍යයක් කරවා ඉන් නික්ම, රජගහ නුවර වසනුයේ, එහි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ටද, චෛත්‍යයක් කරවා, ඉන් නික්ම අම්බලට්ඨිකායෙහි වැස, ඉක්මන් නුවූ චාරිකා වශයෙන් ජනපද චාරිකාවෙහි හැසිරෙනුයේ ඒ ඒ තන්හි එක් රැයක් වාසය කරන වාසයෙන් වැස, ලෝකයට අනුග්‍රහ කරනුයේ අනුක්රමයෙන් පාටලීගමට අනුප්‍රාප්ත විය.
පාටලිගාමියාති පාටලිගාමවාසිනො උපාසකා. තෙ කිර භගවතො පඨමදස්සනෙන කෙචි සරණෙසු, කෙචි සීලෙසු, කෙචි සරණෙසු ච සීලෙසු ච පතිට්ඨිතා. තෙන වුත්තං “උපාසකා”ති. යෙන භගවා තෙනුපසඞ්කමිංසූති පාටලිගාමෙ කිර අජාතසත්තුනො ලිච්ඡවිරාජූනඤ්ච මනුස්සා කාලෙන කාලං ගන්ත්වා ගෙහසාමිකෙ ගෙහතො නීහරිත්වා මාසම්පි අඩ්ඪමාසම්පි වසන්ති. තෙන පාටලිගාමවාසිනො මනුස්සා නිච්චුපද්දුතා “එතෙසඤ්චෙව ආගතකාලෙ වසනට්ඨානං භවිස්සතී”ති එකපස්සෙ ඉස්සරානං භණ්ඩප්පටිසාමනට්ඨානං, එකපස්සෙ වසනට්ඨානං, එකපස්සෙ ආගන්තුකානං අද්ධිකමනුස්සානං, එකපස්සෙ දලිද්දානං කපණමනුස්සානං, එකපස්සෙ ගිලානානං වසනට්ඨානං භවිස්සතීති සබ්බෙසං අඤ්ඤමඤ්ඤං අඝට්ටෙත්වා වසනප්පහොනකං නගරමජ්ඣෙ මහාසාලං කාරෙසුං, තස්සා නාමං ආවසථාගාරන්ති. තං දිවසඤ්ච නිට්ඨානං අගමාසි. තෙ තත්ථ ගන්ත්වා හත්ථකම්මසුධාකම්මචිත්තකම්මාදිවසෙන සුපරිනිට්ඨිතං සුසජ්ජිතං දෙවවිමානසදිසං තං ද්වාරකොට්ඨකතො පට්ඨාය ඔලොකෙත්වා “ඉදං ආවසථාගාරං අතිවිය මනොරමං සස්සිරිකං, කෙන නු ඛො පඨමං පරිභුත්තං අම්හාකං දීඝරත්තං හිතාය සුඛාය අස්සා”ති චින්තෙසුං, තස්මිංයෙව ච ඛණෙ “භගවා තං ගාමං අනුප්පත්තො”ති අස්සොසුං. තෙන තෙ උප්පන්නපීතිසොමනස්සා “අම්හෙහි භගවා ගන්ත්වාපි ආනෙතබ්බො සියා, සො පන සයමෙව අම්හාකං වසනට්ඨානං සම්පත්තො, අජ්ජ මයං භගවන්තං ඉධ වසාපෙත්වා පඨමං පරිභුඤ්ජාපෙස්සාම තථා භික්ඛුසඞ්ඝං, භික්ඛුසඞ්ඝෙ ආගතෙ තෙපිටකං බුද්ධවචනං ආගතමෙව භවිස්සති, සත්ථාරං මඞ්ගලං වදාපෙස්සාම, ධම්මං කථාපෙස්සාම. ඉති තීහි රතනෙහි පරිභුත්තෙ පච්ඡා අම්හාකඤ්ච පරෙසඤ්ච පරිභොගො භවිස්සති, එවං නො දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති සන්නිට්ඨානං කත්වා එතදත්ථමෙව භගවන්තං උපසඞ්කමිංසු. තස්මා එවමාහංසු – “අධිවාසෙතු නො, භන්තෙ භගවා, ආවසථාගාර”න්ති.
පාටලීගාමියා යනු පාටලී ග්රාමවාසී උපාසකවරු, ඔව්හු වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පළමු දැක්මෙන්, සමහරු තිසරණයන්හිද, සමහරු සීලයන්හිද සමහරු සරණ සිල්හිද පිහිටියාහුය. එහෙයින් උපාසකා යි යූ.සේයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු අජාසත්හුගේද ලිච්ඡවී රජවරුන්ගේ ද මිනිස්සු කලින් කල ගොස් පාටලී ගමෙහි ගෘහ හිමිකරුවන් ගෘහයෙන් බැහැරකොට මසක්ද, අඩමසක්ද වාසය කරයි. ඉන් පාටලී ගම්වැසි මිනිස්සු නිතර උවදුරට පත්වූවාහු, ඔවුන්ගේ පැමිණි කල්හි වසන තැන් වන්නේ යයි, එක් පැත්තක ඓශ්වර්යය පුද්ගලයින්ගේ භාණ්ඩ තැන්පත් කරන ස්ථානයද, එක් පැත්තක වාසය කරන ස්ථානයද, එක් පැත්තක ආගන්තුකයින්ටද මගී මිනිසුන්ටද, එක්පසෙක දිළින්දන්ටද, කෘපණා මිනිසුන්ටද, එක්පසක ගිලනුන්ගේ වාසස්ථානය වන්නේ යයි සියල්ලන්ට ඔවුනොවුන් නොගටා, විසුමට ප්‍රමාණවත්ව මහා ශාලාවක් නගර මධ්‍යයෙහි කළහ. එහි නාමය ආවසථාගාරයයි. එය එදිනම නිමාවට ගියේය. ඔව්හු එහි ගොස් ලී වැඩ, පිරියම් වැඩ, සිතුවම් වැඩ ආදී වශයෙන් මනාව නිමකරන ලදුයේ, මනාව පිළියෙල කරන ලදුයේ දෙව් විමනක් සමාන එය දොර කොටුයෙහි පටන් බලා මෙම ආවසථාගාරය අතිශය මනරම් වූයේ සශ්‍රීක වූයේ කවරකු විසින් වනාහි ප්‍රථමයෙන් පරිභෝග කරන ලදුයේ අපට දීර්ඝ කාලයක් හිතසුව වන්නේදැයි සිතූහ. එකෙණෙහිම භාග්‍යවතුන් වහන්සේ එගමට අනුප්‍රාප්ත වූයේයයි ඇසූහ. ඔවුහු ඉන් උපන් ප්‍රීති සොම්නස් ඇතියේ අප විසින් භාග්‍යවතුන් වහන්සේ එහි ගොස් වැඩමවා ගෙන පැමිණිය යුතු වන්නේය. (ගෙන ආ යුතු) එතුමාණෝ වනාහි තෙමේම අපගේ වසන ස්ථානයට සම්ප්‍රාප්ත වූ සේක. අද අපි භාග්‍යවතුන් වහන්සේ මෙහි වාසය කරවා, ප්‍රථමයෙන් පරිභෝග කරවන්නෙමු. එසේම භික්ෂු සංඝයා පරිභෝග කරවන්නෙමු. භික්ෂු සංඝයා පැමිණි කල්හි ත්‍රිපිටක බුද්ධවචනය පැමිණියේම වන්නේය. ශාස්තෲන් වහන්සේ ලවා මංගල වදන් දේශනා කරවන්නෙමු. ධර්මය කියවන්නෙමු. මෙසේ ත්‍රිවිධ රත්නයන් විසින් පරිභෝග කළ කල්හි පසුව අපටද අන්‍යයන්ට ද, පරිභෝග වන්නේය. මෙසේ අපට බොහෝ කලක් හිතසුව පිණිස වන්නේ යයි සනිටුහන් කොට මේ සඳහාම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එහෙයින් අධිවාසෙතු භන්තෙ භගවා ආවසථාගාරං යි කීහ.
යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමිංසූති කිඤ්චාපි තං තං දිවසමෙව පරිනිට්ඨිතත්තා දෙවවිමානං විය සුසජ්ජිතං සුපටිජග්ගිතං, බුද්ධාරහං පන කත්වා න පඤ්ඤත්තං, “බුද්ධා නාම අරඤ්ඤජ්ඣාසයා අරඤ්ඤාරාමා, අන්තොගාමෙ වසෙය්යුං වා නො වා, තස්මා භගවතො රුචිං ජානිත්වාව පඤ්ඤාපෙස්සාමා”ති චින්තෙත්වා තෙ භගවන්තං උපසඞ්කමිංසු, ඉදානි භගවතො රුචිං ජානිත්වා තථා පඤ්ඤාපෙතුකාමා යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමිංසු. සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වාති යථා සබ්බමෙව සන්ථතං හොති, එවං තං සන්ථරිත්වා සබ්බපඨමං තාව “ගොමයං නාම සබ්බමඞ්ගලෙසු වත්තතී”ති සුධාපරිකම්මකතම්පි භූමිං අල්ලගොමයෙන ඔපුඤ්ජාපෙත්වා පරිසුක්ඛභාවං ඤත්වා යථා අක්කන්තට්ඨානෙ පදං න පඤ්ඤායති, එවං චතුජ්ජාතියගන්ධෙහි ලිම්පෙත්වා උපරි නානාවණ්ණකටසාරකෙ සන්ථරිත්වා තෙසං උපරි මහාපිට්ඨිකකොජවාදිං කත්වා හත්ථත්ථරණාදීහි නානාවණ්ණෙහි අත්ථරණෙහි සන්ථරිතබ්බයුත්තකං සබ්බොකාසං සන්ථරාපෙසුං. තෙන වුත්තං – “සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා”ති.
යෙන ආවසථාගාරං තෙනුපසංකමිංසු යි කීහ. කිසිසේත් එය එම දිනයෙහිම නිමකළ හෙයින් දෙව් විමනක් මෙන් මනාව පිළියෙලකරන ලදුයේ, මනාව පිළිදැගුම් කරන ලදුයේ, බුදුරදුන්ට සුදුසු ලෙස කොට නොපනවන ලදි. බුදුවරු නම් ඇතුල්ගම වසන්නේ හෝ නොවසන්නේ ආරණ්යධ්යාශ ඇතියේ අරණ්‍යයෙහි ඇලුනාහු වෙති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත දැනගෙනම අසුන පනවන්නෙමුයි සිතා ඔව්හු භාග්‍යවතුන් කරා එළැඹියහ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත දැන එසේ පනවන කැමැත්තාහු ආවසථාගාරය යම් තැනෙක්හිද එතැන්හි එළැඹියහ. සබ්බ සන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා යනු යම්සේ සියල්ලම අතුරන ලද්දේ වේද, එසේ එය අතුරා, සියල්ලට පළමුව ගොම නම් සියලු මංගලයන්හි පවතී යයි හුණුපිරියම් කරන ලද්දා වූද, භූමිය තෙත් ගොමවලින් ඉස පිරිසිදු බව දැන යම්සේ පා තබන ලද තන්හි පියසටහන් නොපෙනේද, එසේ කොකුම්, යොන්පුජ, තුවරලා, තුරුක් තෙල් යන සිව් ජාත සුවඳින් ගල්වා මත්තෙහි නොයෙක් වර්ණ ඇති කලාල අතුරා ඒ මත්තෙහි මහා පිට තබන පලස් ආදිය හස්තස්ථරණාදී නොයෙක් වර්ණ ඇතිරිලිවලින් ඇතිරිය යුතු සියලු හිස් ඉඩ ඇතිරවූහ. එහෙයින් සබ්බ සන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා යි යූ.සේයි.
ආසනානඤ්හි මජ්ඣට්ඨානෙ තාව මඞ්ගලථම්භං නිස්සාය මහාරහං බුද්ධාසනං පඤ්ඤාපෙත්වා තත්ථ යං යං මුදුකඤ්ච මනොරමඤ්ච පච්චත්ථරණං, තං තං පච්චත්ථරිත්වා උභතොලොහිතකං මනුඤ්ඤදස්සනං උපධානං උපදහිත්වා උපරි සුවණ්ණරජතතාරකාවිචිත්තං විතානං බන්ධිත්වා ගන්ධදාමපුප්ඵදාමාදීහි අලඞ්කරිත්වා සමන්තා ද්වාදසහත්ථෙ ඨානෙ පුප්ඵජාලං කාරෙත්වා තිංසහත්ථමත්තට්ඨානං පටසාණියා පරික්ඛිපාපෙත්වා පච්ඡිමභිත්තිං නිස්සාය භික්ඛුසඞ්ඝස්ස පල්ලඞ්කඅපස්සයමඤ්චපීඨාදීනි පඤ්ඤාපෙත්වා උපරි සෙතපච්චත්ථරණෙහි පච්චත්ථරාපෙත්වා සාලාය පාචීනපස්සං අත්තනො නිසජ්ජායොග්ගං කාරෙසුං. තං සන්ධාය වුත්තං “ආසනානි පඤ්ඤාපෙත්වා”ති.
අසුන්හි මධ්‍යස්ථානයෙහි වූ පිහිටි මංගලස්ථම්භය ඇසිරිකොට මහානර්ඝ බුද්ධාසනයක් පනවා එහි යම් යම් මෘදු වූද, මනරම් වූද පසතුරුණු ඒ ඒ තන්හි අතුරවා දෙපස රත්පැහැ මනරම් දසුන් ඇති කොට්ට තබා මතුයෙහි රන් රිදී තාරකාවන්ගෙන් විසිතුරු වියනක් බැඳ සුවඳ වැල් මල්වැල් ආදියෙන් අලංකාර කොට, හාත්පස දොළොස්රියන් තන්හි මල්දැල් විසුරුවා, තිස්රියන් පමණ තන්හි, පටතිර රෙදිවලින් වටකරවා, පැසුළු බිත්තිය ඇසිරිකොට භික්ෂු සංඝයාට හේත්තු වන ඇඳ පුටු ආදිය පනවා, මත්තෙහි ශ්වේත පසතුරුණුවලින් අතුරවා ශාලාවෙහි නැගෙනහිර පැත්තෙහි, තමහට හිඳීමට සුදුසු අයුරක් කළහ. ඒ සඳහා ආසනාහි පඤ්ඤාපෙත්වායි යූ.සේයි.
උදකමණිකන්ති මහාකුච්ඡිකං උදකචාටිං. එවං භගවා භික්ඛුසඞ්ඝො ච යථාරුචියා හත්ථපාදෙ ධොවිස්සන්ති, මුඛං වික්ඛාලෙස්සන්තීති තෙසු තෙසු ඨානෙසු මණිවණ්ණස්ස උදකස්ස පූරෙත්වා වාසත්ථාය නානාපුප්ඵානි චෙව උදකවාසචුණ්ණානි ච පක්ඛිපිත්වා කදලිපණ්ණෙහි පිදහිත්වා පතිට්ඨපෙසුං. තෙන වුත්තං “උදකමණිකං පතිට්ඨාපෙත්වා”ති.
උදක මණිකං යනු මහා පළිඟු දියසැළක්. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා ද කැමැති පරිද්දෙන් අත්පා ධෝවනය කෙරෙත්වා. මුහුණ කට සෝදත්වායි, ඒ ඒ තන්හි මැණික් වර්ණ දිය පුරවා සුවඳ සඳහා නොයෙක් පුෂ්පයන් ද, දියෙහි සුවඳ කුඩු බහා කෙලෙස් කොළවලින් වසා තැබූහ. එහෙයින් උදක මණිකං පතිට්ඨපෙත්වායි යූ.සේයි.
තෙලප්පදීපං ආරොපෙත්වාති රජතසුවණ්ණාදිමයදණ්ඩදීපිකාසු යොධකරූපවිලාසඛචිතරූපකාදීනං හත්ථෙ ඨපිතසුවණ්ණරජතාදිමයකපල්ලිකාසු තෙලප්පදීපං ජාලයිත්වා. යෙන භගවා තෙනුපසඞ්කමිංසූති එත්ථ පන තෙ පාටලිගාමියා උපාසකා න කෙවලං ආවසථාගාරමෙව, අථ ඛො සකලස්මිම්පි ගාමෙ වීථියො සජ්ජාපෙත්වා ධජෙ උස්සාපෙත්වා ගෙහද්වාරෙසු පුණ්ණඝටෙ කදලියො ච ඨපාපෙත්වා සකලගාමං දීපමාලාහි විප්පකිණ්ණතාරකං විය කත්වා “ඛීරපකෙ දාරකෙ ඛීරං පායෙථ, දහරකුමාරෙ ලහුං ලහුං භොජෙත්වා සයාපෙථ, උච්චාසද්දං මා කරිත්ථ, අජ්ජ එකරත්තිං සත්ථා අන්තොගාමෙ වසිස්සති, බුද්ධා නාම අප්පසද්දකාමා හොන්තී”ති භෙරිං චරාපෙත්වා සයං දණ්ඩදීපිකා ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු.
තෙලප්පදීපං ආරොපෙත්වා යනු රන් රිදීමය දඬු පහන්හි යෝධයන්ගේ රූප ආකාර මැණික් ඔබ්බවන ලද රූකඩ අත්වල තබන ලද කුඩා කබලිවල තෙල්පහන් දල්වා යෙන භගවා තෙනූපසංකමිංසු යන මෙහි වනාහි එම පාටලී ගම්වාසී උපාසකවරු හුදෙක් ආවස්ථාගාරයම පමණක් නොව, තවද ගමෙහි සියලුම වීථීන් පිරිසිදු කරවා ධජ ඔසවා ගෘහ ද්වාරයන්හි පුන්කලස් කෙසෙල් කඳන් ද තබවා, මුලුගම පහන් හා මල්වලින් විසුරුණු තරුවක් මෙන් කොට, කිරි බොන දරුවන්ට කිරි පොවව්. ළදරුවන් සැහැල්ලුවෙන් අනුභව කරවා නිදි කරවව්. උස්හඬ නොනගව්. අද එක් රැයක් ශාස්තෲන් වහන්සේ ඇතුල්ගම වාසය කරන්නේය. බුදුවරු නම් අල්ප ශබ්ද කැමති වන්නෝ වෙත්යයි අණබෙරයක් හසුරුවා තෙමේ දඬුපහන් ගෙන භාග්‍යවතුන් වහන්සේ හිඳ යම්තැනෙක්හිද එහි එළැඹියහ.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමීති “යස්ස දානි, භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති එවං කිර තෙහි කාලෙ ආරොචිතෙ භගවා ලාඛාරසෙන තින්තරත්තකොවිළාරපුප්ඵවණ්ණං රත්තදුපට්ටං කත්තරියා පදුමං කන්තෙන්තො විය, සංවිධාය තිමණ්ඩලං පටිච්ඡාදෙන්තො නිවාසෙත්වා සුවණ්ණපාමඞ්ගෙන පදුමකලාපං පරික්ඛිපන්තො විය, විජ්ජුලතාසස්සිරිකං කායබන්ධනං බන්ධිත්වා රත්තකම්බලෙන ගජකුම්භං පරියොනන්ධන්තො විය, රතනසතුබ්බෙධෙ සුවණ්ණග්ඝිකෙ පවාළජාලං ඛිපමානො විය, මහති සුවණ්ණචෙතියෙ රත්තකම්බලකඤ්චුකං පටිමුඤ්චන්තො විය, ගච්ඡන්තං පුණ්ණචන්දං රත්තවලාහකෙන පටිච්ඡාදෙන්තො විය, කඤ්චනගිරිමත්ථකෙ සුපක්කලාඛාරසං පරිසිඤ්චන්තො විය, චිත්තකූටපබ්බතමත්ථකං විජ්ජුලතාජාලෙන පරික්ඛිපන්තො විය, සකලචක්කවාළසිනෙරුයුගන්ධරමහාපථවිං චාලෙත්වා ගහිතනිග්රොධපල්ලවසමානවණ්ණං සුරත්තවරපංසුකූලං පාරුපිත්වා වනගහනතො නික්ඛන්තකෙසරසීහො විය, සමන්තතො උදයපබ්බතකූටතො පුණ්ණචන්දො විය, බාලසූරියො විය ච අත්තනා නිසින්නචාරුමණ්ඩපතො නික්ඛමි.
අථඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛු සංඝෙන යෙන ආවසථාගාරං තෙනුපසංකමි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ, මෙහි වැඩම කළෙහිද? ඒ සඳහා දැන් සුදුසු කාලයයි. මෙසේ ඔවුන් විසින් කල් දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ දියකළ ලාකඩ රසයෙන් තෙත් රත් පරසතු මල්වර්ණ රත් දෙපට සිවුර, කතුරකින් නෙලුම්මලක් කපන්නාක් මෙන් සකසා නැබ, දෙදණ යන ත්‍රිවිධ ස්ථාන වැසෙන සේ හැඳ, රන් හවඩියකින් නෙලුම් මල් මිටියක් වට කරන්නාක් මෙන් විදුලියක් හා සමාන උසස් පෙනුම ඇති කාය බන්ධනය (පටිය) බැඳ, රත් කම්බිලියකින් ඇත්කුඩ හාත්පසින් වසන්නාක් මෙන් රියන් සියයක් උස රන්මල් ඇගෑයෙකැ වස්ත්‍ර දැලක් බහාලන්නාක් මෙන්, විශාල ස්වර්ණ චෛත්යයෙකැ රත්කම්බිලි සැටයක් මුදාහරින්නාක් මෙන්, ගමන් කරන්නා වූ පුන්සඳ රත්වලාවකින් වසන්නාක් මෙන්, රන් ගිරක් මත, මනාසේ පැසුණු ලාකඩ රස ඉසින්නාක් මෙන් සිතුකුළුපව් මස්තකය විදුලිය දැලෙන් වට කරන්නාක් මෙන්, මුළු සක්වල, මහමෙර, යුගන්ධර, මහා පෘථුවිය සොලවා ගන්නා ලද, නුග දල්ලක් සමාන පැහැයෙන් යුත්, මනා රත් පැහැයෙන් යුත් පංශුකූල සිවුර පොරොවා, වන ගහනයෙන් නික්මුණු කේශර සිංහයෙක් මෙන් හාත්පස, පර්වත මුදුනෙන් උදා වූ පුන්සඳක් මෙන්, ළපටි හිරු මෙන්ද, තම හුන් මනොඥ මණ්ඩපයෙන් නික්මුණු සේක.
අථස්ස කායතො මෙඝමුඛතො විජ්ජුකලාපා විය රස්මියො නික්ඛමිත්වා සුවණ්ණරසධාරාපරිසෙකපිඤ්ජරපත්තපුප්ඵඵලසාඛාවිටපෙ විය සමන්තතො රුක්ඛෙ කරිංසු. තාවදෙව අත්තනො අත්තනො පත්තචීවරමාදාය මහාභික්ඛුසඞ්ඝො භගවන්තං පරිවාරෙසි. තෙ ච නං පරිවාරෙත්වා ඨිතා භික්ඛූ එවරූපා අහෙසුං අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා ආරද්ධවීරියා වත්තාරො වචනක්ඛමා චොදකා පාපගරහිනො සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා. තෙහි පරිවුතො භගවා රත්තකම්බලපරික්ඛිත්තො විය සුවණ්ණක්ඛන්ධො, නක්ඛත්තපරිවාරිතො විය පුණ්ණචන්දො, රත්තපදුමවනසණ්ඩමජ්ඣගතා විය සුවණ්ණනාවා, පවාළවෙදිකපරික්ඛිත්තො විය සුවණ්ණපාසාදො විරොචිත්ථ. මහාකස්සපප්පමුඛා පන මහාථෙරා මෙඝවණ්ණං පංසුකූලචීවරං පාරුපිත්වා මණිවම්මවම්මිතා විය මහානාගා පරිවාරයිංසු වන්තරාගා භින්නකිලෙසා විජටිතජටා ඡින්නබන්ධනා කුලෙ වා ගණෙ වා අලග්ගා.
ඉක්බිති එතුමාණන් වහන්සේගේ ශරීරයෙන් වළාමුවින් නික්මුණු විදුලි සමූහයක් මෙන් රශ්මීහු නික්මී රන් රස ධාරා මිශ්‍රිත රන්වන් පුෂ්ප, ඵල, පත්‍ර, ශාඛා, ඇටවුම් මෙන් හාත්පස වෘක්ෂයන් පැතිරුණහ. එකෙණෙහි තම තමන්ගේ පාසිවුරු ගෙන මහ බික්සඟ භාග්‍යවතුන් වහන්සේ පිරිවැරීය. භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටි එම භික්ෂූහු, අල්පේච්ඡ, ලද දෙයින් සතුටුවන, විවේකයෙහි ඇලුන, ගිහියන් හා මිශ්‍ර නොවුන, පටන් ගන්නා ලද වීර්යය ඇති. අවවාද දෙන වදන් ඉවසන, චෝදනා කරන, පවට ගරහන, සිල්වත් සමාධියෙන් යුත්, ප්‍රඥා විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වූයේ වූහ. ඔවුන් විසින් පිරිවරන ලද භාග්‍යවතුන් වහන්සේ රත් කම්බිලියෙන් පරික්ෂිප්ත වූයේ මෙන්, රන්කඳක් රත්නෙලුම් මලින් යුත් වනලැහැබක මධ්‍යගත වූවාක් මෙන් රන් නැවක් පබලු මාණික්‍යයෙන් වටකරන ලද්දාක් මෙන් රන්පහක් මෙන් බැබලින. මහා කාශ්‍යප ප්රමුඛ මහතෙරවරු වළාවන්, පංශුකූල සිවුරු පොරවා, මාණික්‍යමය යුද ඇඳුම් ඇඳගත්තා වූ, මහ ඇතුන් මෙන් පිරිවැරූහ. වැමෑරූ රාග ඇති බුන් කෙලෙස් ඇති, ලිහන ලද ගැට ඇති, සුන් බැඳුම් ඇති කුලයෙහි හෝ ගණයෙහි නො ඇලුනාහු වූහ.
ඉති භගවා සයං වීතරාගො වීතරාගෙහි, වීතදොසො වීතදොසෙහි, වීතමොහො වීතමොහෙහි, නිත්තණ්හො නිත්තණ්හෙහි, නික්කිලෙසො නික්කිලෙසෙහි, සයං බුද්ධො අනුබුද්ධෙහි පරිවාරිතො පත්තපරිවාරිතං විය කෙසරං, කෙසරපරිවාරිතා විය කණ්ණිකා, අට්ඨනාගසහස්සපරිවාරිතො විය ඡද්දන්තො නාගරාජා, නවුතිහංසසහස්සපරිවාරිතො විය ධතරට්ඨො හංසරාජා, සෙනඞ්ගපරිවාරිතො විය චක්කවත්තිරාජා, මරුගණපරිවාරිතො විය සක්කො දෙවරාජා, බ්රහ්මගණපරිවාරිතො විය හාරිතමහාබ්රහ්මා, තාරාගණපරිවාරිතො විය පුණ්ණචන්දො, අනුපමෙන බුද්ධවෙසෙන අපරිමාණෙන බුද්ධවිලාසෙන පාටලිගාමිනං මග්ගං පටිපජ්ජි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන් වීතරාගී වූයේ වීතරාගීන් සමග, පහ වූ ද්වේෂ ඇතියේ, පහ වූ දොස් ඇතියවුන් සමග පහ වූ මෝහ ඇතියේ පහ වූ මෝහ ඇතියවුන් සමග, තෘෂ්ණා රහිත වූයේ තෘෂ්ණා රහිතයින් සමග, කෙලෙස් රහිත වූයේ නික්ලේශීන් සමග, තෙමේ බුද්ධත්වයට පත්වූයේ, අනු බුද්ධයින් පිරිවරන ලදුයේ, පාත්‍ර පිරිවරන ලද්දාක් මෙන්, කේශර සිංහයන් පිරිවරන ලද කර්ණිකාවක් මෙන් ද, අටදහසක් ඇතුන් පිරිවරන ලද සද්දන්ත ඇත්රජු මෙන් ද, අනූදහසක් හංසයින් පිරිවරන ලද ධ්‍රතරාෂ්ට්‍ර හංසරාජයා මෙන්ද, සේනා පිරිවරන ලද සක්විති රජහු මෙන් ද, දෙව්ගණ පිරිවරන ලද සක්දෙව් රජු මෙන් ද බඹගණ විසින් පිරිවරන ලද හාරිත මහ බඹු මෙන් ද තාරකා සමූහයා විසින් පිරිවරන ලද පුන්සඳක් මෙන් ද, අනූපම බුදුවෙසින්, අප්‍රමාණ බුද්ධ විලාසයෙන්, පාටලී ගාමීන්ගේ මාර්ගයට පිළිපැදි සේක.
අථස්ස පුරත්ථිමකායතො සුවණ්ණවණ්ණා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, තථා පච්ඡිමකායතො දක්ඛිණපස්සතො වාමපස්සතො සුවණ්ණවණ්ණා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, උපරිකෙසන්තතො පට්ඨාය සබ්බකෙසාවට්ටෙහි මොරගීවරාජවණ්ණා අසිතා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා ගගනතලෙ අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, හෙට්ඨාපාදතලෙහි පවාළවණ්ණා රස්මියො උට්ඨහිත්වා ඝනපථවියං අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, දන්තතො අක්ඛීනං සෙතට්ඨානතො, නඛානං මංසවිමුත්තට්ඨානතො ඔදාතා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, රත්තපීතවණ්ණානං සම්භින්නට්ඨානතො මඤ්ජෙට්ඨවණ්ණා රස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, සබ්බත්ථකමෙව පභස්සරා රස්මියො උට්ඨහිංසු. එවං සමන්තා අසීතිහත්ථට්ඨානං ඡබ්බණ්ණා බුද්ධරස්මියො විජ්ජොතමානා විප්ඵන්දමානා විධාවමානා කඤ්චනදණ්ඩදීපිකාදීහි නිච්ඡරිත්වා ආකාසං පක්ඛන්දමානා මහාපදීපජාලා විය, චාතුද්දීපිකමහාමෙඝතො නික්ඛන්තවිජ්ජුලතා විය ච දිසොදිසං පක්ඛන්දිංසු. යාහි සබ්බෙ දිසාභාගා සුවණ්ණචම්පකපුප්ඵෙහි විකිරියමානා විය, සුවණ්ණඝටතො සුවණ්ණරසධාරාහි ආසිඤ්චියමානා විය, පසාරිතසුවණ්ණපටපරික්ඛිත්තා විය, වෙරම්භවාතෙන සමුද්ධතකිංසුකකණිකාරකොවිළාරපුප්ඵචුණ්ණසමොකිණ්ණා විය, චීනපිට්ඨචුණ්ණසම්පරිරඤ්ජිතා විය ච විරොචිංසු.
ඉක්බිති මෙතුමන් වහන්සේගේ, පෙරපස කයින් රන්වන් ඝන බුද්ධ රශ්මීන් නැගී අසූ රියනක් තැන් ගත්හ. මතු කේශාන්තයෙහි පටන් සියලු කේශාවර්තයන්ගෙන් මොනර ග්රීව වර්ණ වූයේ ඝන බුද්ධ රශ්මීන් නැගී අහස්තල අසූ රියනක් තැන් ගත්හ. යට පාද තලයන්ගෙන් පබලුවන් රශ්මීහු ඝන පෘථුවියෙහි අසූරියනක් තැන් ගත්හ. දත්වලින්ද ඇටවලින්ද සුදු තැන්වලින්ද නියවලින්ද සම් මස් විමුක්ත ස්ථානයන්ගෙන්ද ශ්වේත ඝන බුද්ධරශ්මීහු පැන නැග අසූරියනක් තැන් ගත්හ. රත් කහ වර්ණයන්ගේ මිශ්‍ර තැන්වලින් මදටිය පැහැති රශ්මීහු පැන නැග අසූ රියනක් තැන් ගත්හ. හැම තැනකම ප්‍රභාෂ්වර රශ්මීහු පැන නැංගාහ. මෙසේ හාත්පස අසූ රියනක් තැන් ෂට් වර්ණ බුද්ධ රශ්මීහු බබලන්නාහු, දඟලන්නාහු, බබලන්නාහු රන්දඬු පහන් ආදියෙන් විසිරී අහසට පනින්නා වූ පහන් දැල්ලක් මෙන්, චාතුර් ද්වීපික මහා මේඝයෙන් නික්මුණු විදුලියක් මෙන් දිසානුදිසාවන්හි ඇතුලට වැදුනහ. යමක් කරණකොට සියලු දිසා රන් සපු මල්වලින් විසුරුවනු ලබන්නාක් මෙන් ද, රන් කලයකින්, රන් රස දහරාවන්ගෙන් ඉසිනු ලබන්නාක් මෙන් ද, විසුරුවන ලද රන් වස්ත්‍රයකින් වටකරන ලද්දාක් මෙන්ද, වේරම්බ වාතයෙන් ඔසවන ලද කෑල, කිණිහිරිය, කොබෝලීල මල් සුණුවලින් ගැවසී ගත්තාක් මෙන්ද, රත්සිරියල් කුඩුවලින් පොඟවන ලද්දාක් මෙන් බැබලුනහ.
භගවතොපි අසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාපරික්ඛෙපසමුජ්ජලං ද්වත්තිංසමහාපුරිසලක්ඛණප්පටිමණ්ඩිතං සරීරං අබ්භමහිකාදිඋපක්කිලෙසවිමුත්තං සමුජ්ජලන්තතාරකාවභාසිතං විය, ගගනතලං විකසිතං විය පදුමවනං, සබ්බපාලිඵුල්ලො විය යොජනසතිකො පාරිච්ඡත්තකො, පටිපාටියා ඨපිතානං ද්වත්තිංසසූරියානං ද්වත්තිංසචන්දිමානං ද්වත්තිංසචක්කවත්තීනං ද්වත්තිංසදෙවරාජානං ද්වත්තිංසමහාබ්රහ්මානං සිරියා සිරිං අභිභවමානං විය විරොචිත්ථ, යථා තං දසහි පාරමීහි දසහි උපපාරමීහි දසහි පරමත්ථපාරමීහීති සම්මදෙව පරිපූරිතාහි සමතිංසපාරමිතාහි අලඞ්කතං කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි දින්නෙන දානෙන රක්ඛිතෙන සීලෙන කතෙන කල්යාණකම්මෙන එකස්මිං අත්තභාවෙ සමොසරිත්වා විපාකං දාතුං ඔකාසං අලභමානෙන සම්බාධප්පත්තං විය නිබ්බත්තිතං නාවාසහස්සභණ්ඩං එකං නාවං ආරොපනකාලො විය, සකටසහස්සභණ්ඩං එකං සකටං ආරොපනකාලො විය, පඤ්චවීසතියා ගඞ්ගානං සම්භින්නමුඛද්වාරෙ එකතො රාසිභූතකාලො විය අහොසි.
භාග්‍යවතුන් වහන්සේගේ අසූ අනූව්‍යඤ්ජන බඹයක් පමණ ප්‍රදේශය වටකොට බබලන දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත ශරීරය වළාකුල් මීදුම් ආදී කිළිටි කරන කරුණුවලින් මනාව මිදුනේය. බබළන තාරකාවක් ලෙස ආලෝකමත් වූයේ අහස්තලය ප්‍රබෝධමත් විය. මලින් පිරුණ නෙලුම් මල් වනයක් මෙන් ද, යොදුන් සියයක පෙදෙස්හි පිළිවෙලින් තබන ලද, පරසතු මල්, දෙතිස් සූර්යයන්ගේ, දෙතිස් චන්ද්‍රයන්ගේ, දෙතිස් චක්රවර්තීන්ගේ, දෙතිස් දෙව් රජවරුන්ගේ දෙතිස් මහා බ්‍රහ්මයන් ගේ සෞභාග්‍යයෙන් සෞභාග්‍යය මැඩලන්නාක් මෙන් බැබලින. යම්සේ එතුමාණන් විසින් දස පාරමීන්ගෙන්, දස උප පාරමීන්ගෙන්, දස පරමාර්ථ පාරමීන්ගෙන්, මනාකොට පුරන ලද සමතිස් පාරමිතාවන්ගෙන් අලංකෘතව, කල්ප ලක්ෂයක් අධික කොට ඇති සිව් අසංඛ්‍යයක් කල්, දෙන ලද දානයෙන්, රකින ලද සීලයෙන් කළ යහපත් කර්මයෙන් එක් අත්බවෙකැ එකතුකොට විපාක දෙන්ට අවකාශ නොලැබීමෙන් සම්බාධප්රාප්ත වූවාක් මෙන් හටගත්තේය. නැව් දහසක බඩු එක් නැවක තබන කාලයක් මෙන්, ගැල් දහසක බඩු එක් ගැලක තබන කාලයක් මෙන්, පස් විසි ගංගාවන්ගේ මිශ්‍ර කල, මුඛ ද්වාරයන්ගේ එකට රාශී වූ කලක් මෙන් විය.
ඉමාය බුද්ධසිරියා ඔභාසමානස්සපි භගවතො පුරතො අනෙකානි දණ්ඩදීපිකාසහස්සානි උක්ඛිපිංසු. තථා පච්ඡතො වාමපස්සෙ දක්ඛිණපස්සෙ ජාතිකුසුමචම්පකවනමාලිකාරත්තුප්පලනීලුප්පලබකුලසින්දුවාරාදිපුප්ඵානි චෙව නීලපීතාදිවණ්ණසුගන්ධචුණ්ණානි ච චාතුද්දීපිකමහාමෙඝවිස්සට්ඨා සලිලවුට්ඨියො විය විප්පකිරිංසු . පඤ්චඞ්ගිකතූරියනිග්ඝොසා ච බුද්ධධම්මසඞ්ඝගුණාසංයුත්තා ථුතිඝොසා ච සබ්බා දිසා පූරයමානා මුඛසම්භාසා විය අහෙසුං. දෙවසුපණ්ණනාගයක්ඛගන්ධබ්බමනුස්සානං අක්ඛීනි අමතපානං විය ලභිංසු. ඉමස්මිං පන ඨානෙ ඨත්වා පදසහස්සෙහි ගමනවණ්ණනං වත්තුං වට්ටති. තත්රියං මුඛමත්තං –
මෙම බුද්ධශ්‍රීයෙන් බබලන්නා වූද, භාග්‍යවතුන් වහන්සේගේ පෙරටුව නොයෙක් දඬුපහන් දහස් ගණන් එසවූහ. පසුපසද වම්පසද, දකුණු පසද එසේය. දෑසමන්, සපු, ඉද්ද, රතුපුල්, නිලුපුල්, මූනමල්, තිකමල් ආදී පුෂ්පයන් ද, නිල් කහ ආදී වර්ණයන්ද සුවඳ කුඩුද, චාතුර් ද්වීපික මහ වැස්සෙන් විසුරුවන ලද්දා වූ ජල වර්ෂාවක් මෙන් විසුරුණාහ. පසඟ තූර්ය ඝෝෂාවද බුද්ධ, ධර්ම, සංඝ ගුණ හා බැඳි ස්තුති ඝෝෂාද සියලු දිසා පුරවමින් දොඩමලු වූවාහු මෙන් කළහ. දේව, ගුරුළු, නා, යක්, ගාන්ධර්ව හා මිනිසුන්ගේ ඇස් අමෘත පානයක් ලද්දාක් මෙන් වූහ. මෙතැන් සිට පද දහසකින් පමණ ගම්න වර්ණනාව කරන්ට වටී. මේ එහි මුඛ මාත්‍රයයි -
“එවං සබ්බඞ්ගසම්පන්නො, කම්පයන්තො වසුන්ධරං; අහෙඨයන්තො පාණානි, යාති ලොකවිනායකො.
එවං සබ්බංග සම්පන්නො - කම්පයෙන්තා වසුන්ධරං අහෙඨයන්තො පාණාහි - යාති ලොක විනායකො
මෙසේ සර්වාංග සම්පූර්ණ මහ පෘථුවිය කම්පා කරවමින්, ප්‍රාණීන් වෙහෙසට පත් නොකරමින් ලෝක නායකයාණන් වහන්සේ වැඩම කරයි.
“දක්ඛිණං පඨමං පාදං, උද්ධරන්තො නරාසභො; ගච්ඡන්තො සිරිසම්පන්නො, සොභතෙ ද්විපදුත්තමො.
දක්ඛිණං පඨමං පාදං - උද්ධරන්තො න රාසභො ගච්ඡන්තො සිරිසම්පන්නො - සොභතො දිප දුත්තමො
පළමුව දකුණු පාදය උදුරන්නා වූ දෙපා ඇතියවුන් අතර උතුම් වූ, නරාසභයාණන් වහන්සේ බැබලීමෙන් යුක්තව, වඩිනුයේ හොබී.
“ගච්ඡතො බුද්ධසෙට්ඨස්ස, හෙට්ඨා පාදතලං මුදු; සමං සම්ඵුසතෙ භූමිං, රජසානුපලිම්පති.
ගච්ඡතො බුද්ධ සෙට්ඨස්ස - හෙට්ඨා පාදතලං මුදු සමං සම්ඵුසතෙ භූමිං - රජසානූපලිම්පති
වැඩම කරන්නා වූ, බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ යට මෘදු පාද තලය, භූමියෙහි සමව ස්පර්ශ කෙරේ. දුහුවිල්ලෙන් නොතැවරේ.
“නින්නං ඨානං උන්නමති, ගච්ඡන්තෙ ලොකනායකෙ; උන්නතඤ්ච සමං හොති, පථවී ච අචෙතනා.
තින්නං ඨානං උන්නමති - ගච්ඡන්තෙ ලොක නායකෙ උන්න තඤ්ච හොති - පඨවීච අචෙතනා
ලෝක නායකයාණන් වහන්සේ වැඩම කරන කල්හි අචෙතන පෘථුවිය ද පහත් තැන් උස් වේ. උස් තැන් සම වේ.
“පාසාණා සක්ඛරා චෙව, කථලා ඛාණුකණ්ටකා; සබ්බෙ මග්ගා විවජ්ජන්ති, ගච්ඡන්තෙ ලොකනායකෙ.
පාසාණා සක්ඛරා චෙව - කඨලා ඛාණු කණ්ටකා සබ්බෙ මග්ගා විවජ්ජෙන්ති - ගච්ඡන්තෙ ලොක නායකෙ
ලෝක නායකයාණන් වහන්සේ, වැඩම කරන කල්හි ගල්, බොරලු කැට, කැබලිති කටු, වල් උල්, ගස්වල කටු යන සියල්ල දුරස් වෙති.
“නාතිදූරෙ උද්ධරති, නච්චාසන්නෙ ච නික්ඛිපං; අඝට්ටයන්තො නිය්යාති, උභො ජාණූ ච ගොප්ඵකෙ.
නාති දූරෙ උද්ධරති - නාච්චා සන්නෙච පක්ඛිපං අසට්ටයන්තො නිය්යාති - උභො ජානුච ගොප්ඵකෙ
ඉතා දුරදී පා නොඋදුරයි. ඉතා ආසන්නයේද බහා නොතබයි. දෙදණ ගොප්මසෙහි නොගටමින් ගෙන යයි.
“නාතිසීඝං පක්කමති, සම්පන්නචරණො මුනි; න චාපි සණිකං යාති, ගච්ඡමානො සමාහිතො.
නාති සීසං පක්කමති - සම්පන්න චරණො මුනි න චාපි සනිකං යාති - ගච්ඡමානො සමාහිතො
චරණයන්ගෙන් යුත් මුනීන්ද්‍රයාණෝ අති සීඝ්‍රව ගමන් නොකරයි. සමාහිතව ගමන් කරනුයේ ඉතා සෙමින් ද නොයයි.
“උද්ධං අධො ච තිරියං, දිසඤ්ච විදිසං තථා; න පෙක්ඛමානො සො යාති, යුගමත්තංවපෙක්ඛති.
උද්ධං අධො තිරියඤ්ච - දිසාච විදිසංතථා න පෙක්ඛමානො සොයාති - යුග මත්තමපෙක්ඛතං
උඩ, යට, සරස එසේම අනුදිසා නොබලමින් බුදුරදහු වැඩම කරයි. වියගහක දුර පමණක් බලයි.
“නාගවික්කන්තචාරො සො, ගමනෙ සොභතෙ ජිනො; චාරුං ගච්ඡති ලොකග්ගො, හාසයන්තො සදෙවකෙ.
නාග වික්කන්ත චාරො - සො ගමනෙ සොභතෙ ජිනො චාරුං ගච්ඡති ලොකග්ගො - හාසයන්තො සදෙවකෙ
ඇතෙකුගේ වික්‍රම බඳු හැසිරීමෙන් යුතු, එම ජිනේන්ද්රයාණෝ ගමන් කිරීමෙහිදී හොබී. දෙවියන් සහිත ලෝකයා සතුටට පත් කරමින් ලෝකාග්රයාණෝ මනොඥව වඩී.
“උසභරාජාව සොභන්තො, චාරුචාරීව කෙසරී; තොසයන්තො බහූ සත්තෙ, ගාමං සෙට්ඨො උපාගමී”ති. –
උසභරාජාව සොභන්තො - චාරුචාරීව කෙසරී තොසයන්තො බහු සත්තෙ - ගා මං සෙට්ඨො උපාගමීති
වෘෂභ රාජයෙකු මෙන් බබලනුයේ, මනහර කෙසරිඳු මෙන් සරනුයේ, බොහොසත් තොස් ගන්වනුයේ හ්රේෂ්ඨයාණෝ ගමට එළැඹි සේක.
වණ්ණකාලො නාම කිරෙස. එවංවිධෙසු කාලෙසු භගවතො සරීරවණ්ණෙ වා ගුණවණ්ණෙ වා ධම්මකථිකස්ස ථාමොයෙව පමාණං, චුණ්ණියපදෙහි ගාථාබන්ධෙහි යත්තකං සක්කොති, තත්තකං වත්තබ්බං. “දුක්කථිත”න්ති වා “අතිත්ථෙන පක්ඛන්දො”ති වා න වත්තබ්බො. අපරිමාණවණ්ණා හි බුද්ධා භගවන්තො, තෙසං බුද්ධාපි අනවසෙසතො වණ්ණං වත්තුං අසමත්ථා. සකලම්පි හි කප්පං වණ්ණෙන්තා පරියොසාපෙතුං න සක්කොන්ති, පගෙව ඉතරා පජාති. ඉමිනා සිරිවිලාසෙන අලඞ්කතප්පටියත්තං පාටලිගාමං පාවිසි , පවිසිත්වා භගවා පසන්නචිත්තෙන ජනෙන පුප්ඵගන්ධධූමවාසචුණ්ණාදීහි පූජියමානො ආවසථාගාරං පාවිසි. තෙන වුත්තං – “අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමී”ති.
මෙය වර්ණ කාලය නමැ. මෙබඳු කාලයන්හි භාග්‍යවතුන් වහන්සේගේ ශරීර වර්ණයෙහි හෝ ගුණ වර්ණයෙහි හෝ ධර්ම කථිකයාගේ ශක්තියම ප්රමාණවත්ය. චූර්ණිත පදයන්හි හා ගාථා බන්ධනයන්හි යම්පමණ හැකි වේද, එපමණෙක් කිවයුතුය. නොමනාව කියන ලදැයි අතෘප්තිමත්ව පැන දුවයි යයි නොකිව යුතුය. භාග්‍යවත් බුදුවරු අප්‍රමාණ වර්ණයන්ගෙන් යුක්තය. එම බුදුවරුන්ගේ ගුණ බුදුවරුද ශේෂ රහිතව ගුණය කියන්ට අසමත්ය. මුළු කල්පයම වර්ණනා කරනුයේ අවසන් කරන්ට නොහැකි වෙති. අනෙක් ප්‍රජාව ගැන කියනුම කවරේද, මෙම සිරි විලාසයෙන් අලංකෘත පිළියෙල කළ පාටලී ගමට පිවිසි සේක. පිවිස භාග්‍යවතුන් වහන්සේ පහන් සිතින් ජනතාව විසින් මල්-සුවඳ දුම්, සුවඳසුණු ආදීන්ගෙන් පුදනු ලබන්නේ ආවසථාගාරයට පිවිසි සේක. එහෙයින් අථඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛු සංඝෙන යෙන ආවසථාගාරං තෙනුපසංකමි යි යූ.සේයි.
පාදෙ පක්ඛාලෙත්වාති යදිපි භගවතො පාදෙ රජොජල්ලං න උපලිම්පති, තෙසං පන උපාසකානං කුසලාභිවුද්ධිං ආකඞ්ඛන්තො පරෙසං දිට්ඨානුගතිං ආපජ්ජනත්ථඤ්ච භගවා පාදෙ පක්ඛාලෙති. අපිච උපාදින්නකසරීරං නාම සීතං කාතබ්බම්පි හොතීති එතදත්ථම්පි භගවා න්හානපාදධොවනාදීනි කරොතියෙව. භගවන්තංයෙව පුරක්ඛත්වාති භගවන්තං පුරතො කත්වා. තත්ථ භගවා භික්ඛූනඤ්චෙව උපාසකානඤ්ච මජ්ඣෙ නිසින්නො ගන්ධොදකෙන න්හාපෙත්වා දුකූලචුම්බටකෙන වොදකං කත්වා ජාතිහිඞ්ගුලකෙන මජ්ජිත්වා රත්තකම්බලෙන පලිවෙඨෙත්වා පීඨෙ ඨපිතා රත්තසුවණ්ණඝනපටිමා විය අතිවිරොචිත්ථ.
පාදෙ පක්ඛාලෙත්වා යනු හැම කලැ භාග්‍යවතුන් වනහන්සේගේ පාවල, බැඳුනු කුණු තට්ටුව නොබැඳේ. එම උපාසකයින්ට කුසලාභි වෘද්ධිය බලාපොරොත්තු වනුයේ, අන්‍යයන්ට දෘෂ්ටානුගතියට පැමිණීම සඳහාද භාග්‍යවතුන් වහන්සේ පා සේදූ සේක. තවද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නා ලද, ශරීරය නම් සිසිල් කළයුත්තේ ද වේයයි එම කරුණ සඳහාද භාග්‍යවතුන් වහන්සේ ස්නාන පා සේදීම් ආදිය කෙරේමය. භගවන්තං යෙව පුරක්ඛත්වා යනු භාග්‍යවතුන් වහන්සේ පෙරටුකොට, එහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේද, උපාසකයන්ගේද මධ්‍යයෙහි වැඩහුනුයේ, සුවඳ දියෙන් ස්නානය කොට සියුම් වස්ත්‍ර දරණුවකින් දිය රහිතකොට, රත්හිරියල්වලින් මැඩ රත්කම්බිලියකින් වෙළන ලද පුටුවෙහි තබන ලද තනි රන් පිළිමයක් මෙන් අතිශයින් බැබලින.
අයං පනෙත්ථ පොරාණානං වණ්ණභණනමග්ගො –
මේ මෙහි පෞරාණිකයින්ගේ ගුණ වර්ණනා කථන මාර්ගයයි.
“ගන්ත්වාන මණ්ඩලමාළං, නාගවික්කන්තචාරණො; ඔභාසයන්තො ලොකග්ගො, නිසීදි වරමාසනෙ.
ගන්ත්වාන මඬලමාලං - නාග වික්කන්තචාරිකො ඔභාසයන්තො ලොකග්ගො - නිසීදි වරමාසනෙ
ඇතෙකුට බඳු වික්‍රමයෙන් සරණ ලෝකාග්රයාණන් වහන්සේ මඬල මාලයට ගොස්, බබුලුවමින් උතුම් අස්නෙහි වැඩහුන් සේක.
“තහිං නිසින්නො නරදම්මසාරථි, දෙවාතිදෙවො සතපුඤ්ඤලක්ඛණො; බුද්ධාසනෙ මජ්ඣගතො විරොචති, සුවණ්ණනික්ඛං විය පණ්ඩුකම්බලෙ.
තහිං නිසින්නො නරදම්මසාරථි - දෙවාති දෙවො සතපුඤ්ඤ ලක්ඛණො බුද්ධාසනෙ මජ්ඣගතො විරොචති - සුවණ්ණ නික්ඛංවිය පඬුකම්බලෙ
සියයක් පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි, දේවාති දේව වූ මිනිසුන් දමනයෙහිලා රථාචාර්යයෙකු බඳු, පණ්ඩුකම්බල ශෛලාසනයෙහි විශාල රන් කාසියක් මෙන්, බුද්ධාසන මධ්‍යගතව එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ බබළයි.
“නෙක්ඛං ජම්බොනදස්සෙව, නික්ඛිත්තං පණ්ඩුකම්බලෙ; විරොචති වීතමලො, මණිවෙරොචනො යථා.
නෙක්ඛං ජම්බොනදස්සෙව - නික්ඛිත්තං පණ්ඩුකම්බලෙ විරොචති වීතමලො - මණි වෙරොචනො යථා
ජම්බු නදියෙහි හටගත් රන් කාසියක් මෙන් පණ්ඩු කම්බල ශෛලාසනයෙහි බහා තැබූ මැණිකක් මෙන් සූර්යයා මෙන්, පහ වූ කෙලෙස්මල ඇති උතුමාණෝ බබලයි.
“මහාසාලොව සම්ඵුල්ලො, මෙරුරාජාවලඞ්කතො; සුවණ්ණයූපසඞ්කාසො, පදුමො කොකනදො යථා.
මහා සාලොව සම්ඵුල්ලො - මෙරුරාජාව ලංඛතො සුවණ්ණ රූප සංකාසො - පදුමො කොකාස කො යථා
සුපුෂ්පිත මහ සල්රුකක් මෙන්ද, අලංකෘත මහාමෙර මෙන්ද රන්තරුවක් හා සමවූයේ, රත් නෙලුම් මලක් යම්සේද, එසේ,
“ජලන්තො දීපරුක්ඛොව, පබ්බතග්ගෙ යථා සිඛී; දෙවානං පාරිඡත්තොව, සබ්බඵුල්ලො විරොචතී”ති.
ජලන්තො දීපරුක්ඛොච - පබ්බතග්ගෙ යථා සිඛී දෙවානං පාරිච්ඡත්තොව - සබ්බඵුල්ලො විරොචති
දිලිසෙන පහන් රුකක් මෙන් ද, පර්වත මුදුනෙහි මොණරෙකු යම්සේද, එසේම සම්පූර්ණයෙන් මල් පිපුණ දෙවියන්ගේ පරසතු රුක මෙන්ද බබළයි.
පාටලිගාමියෙ උපාසකෙ ආමන්තෙසීති යස්මා තෙසු උපාසකෙසු බහූ ජනා සීලෙසු පතිට්ඨිතා, තස්මා පඨමං තාව සීලවිපත්තියා ආදීනවං පකාසෙත්වා පච්ඡා සීලසම්පදාය ආනිසංසං දස්සෙතුං, “පඤ්චිමෙ ගහපතයො”තිආදිනා ධම්මදෙසනත්ථං ආමන්තෙසි.
පාටලී ගාමිකෙ උපාසකෙ ආමන්තෙසි යනු එම උපාසකයින් අතර බොහෝ දෙන සීලයන්හි පිහිටියහ. ප්‍රථමයෙන් සීල විපත්තියෙහි ආදීනව ප්‍රකාශකොට, පසුව සීල සම්පත්තියෙහි අනුසස් දක්වන්ට ‘පඤ්චිමෙ ගහපතයො’ යන ක්‍රමයෙන් දම් දෙසුම සඳහා ඇමතූ සේක.
තත්ථ දුස්සීලොති නිස්සීලො. සීලවිපන්නොති විපන්නසීලො භින්නසංවරො. එත්ථ ච “දුස්සීලො”ති පදෙන පුග්ගලස්ස සීලාභාවො වුත්තො. සො පනස්ස සීලාභාවො දුවිධො අසමාදානෙන වා සමාදින්නස්ස භෙදෙන වාති. තෙසු පුරිමො න තථා සාවජ්ජො, යථා දුතියො සාවජ්ජතරො. යථාධිප්පෙතාදීනවනිමිත්තං සීලාභාවං පුග්ගලාධිට්ඨානාය දෙසනාය දස්සෙතුං, “සීලවිපන්නො”ති වුත්තං. තෙන “දුස්සීලො”ති පදස්ස අත්ථං දස්සෙති. පමාදාධිකරණන්ති පමාදකාරණා. ඉදඤ්ච සුත්තං ගහට්ඨානං වසෙන ආගතං, පබ්බජිතානම්පි පන ලබ්භතෙව. ගහට්ඨො හි යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති යදි කසියා යදි වාණිජ්ජාය යදි ගොරක්ඛෙන, පාණාතිපාතාදිවසෙන පමත්තො තං තං යථාකාලං සම්පාදෙතුං න සක්කොති, අථස්ස කම්මං විනස්සති. මාඝාතකාලෙ පන පාණාතිපාතාදීනි කරොන්තො දණ්ඩවසෙන මහතිං භොගජානිං නිගච්ඡති. පබ්බජිතො දුස්සීලො පමාදකාරණා සීලතො බුද්ධවචනතො ඣානතො සත්තඅරියධනතො ච ජානිං නිගච්ඡති.
එහි දුස්සීලො යනු සිල් රහිත, සීල විපන්නො යනු පිරිහී ගිය සීලය, බුන් සංවරය, මෙහි දුස්සීල යන පදයෙන් පුද්ගලයාගේ සිල් අභාවය යූ.සේයි. එම සිල් අභාවය දෙයාකාරය. සමාදන් නොවීමෙන් හෝ සමාදන් වන ලද්දෙහි භේදයෙන් ද යන දෙ අයුරිනි. ඒවා අතර පළමුවැන්නෙහි වැරදි සහිත භාවයක් නොමැත. දෙවැන්න අතිශයින් වැරදි සහිතය. අදහස් කරන ලද ආදීනව නිමිතිකොට පුද්ගලාධිෂ්ඨා දේශනාවෙන් දක්වන්ට සීලවිපන්නොයි යූ.සේයි. ඉන් දුස්සීලො යන පදයෙහි අර්ථය දක්වයි. පමාදාධිකරණං යනු ප්‍රමාද හේතුවෙන්, මෙම සූත්‍රය ගෘහස්ථයින්ගේ වශයෙන් ආයේය. ප්රවෘජ්ජිතයින්ටද අදාළ වේමය. ගෘහස්ථයෝ වනාහි යම් ශිල්පයක් හේතුවෙන් ගොවිතැනින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන් ආදී යම්කිසිවකින් ජීවිකාව කරයි. ප්‍රාණඝාතාදී වශයෙන් පමා වූයේ එය යථා කලැ සම්පාදනය කරන්ට නොහැකි වේ. ඉක්බිති ඔහුගේ කටයුතු නැසේ. සතුන් නොමැරීමට කළ නියමය පවත්නා කල්හි, ප්රාණඝාතාදීන් කරනුයේ දඬුවම් වශයෙන් මහත් භෝග හානියට පත් වේ. පැවිදි දුසිල්හු ප්‍රමාද හේතුයෙන්, සීලයෙන්, බුදු වදනින්, ධ්‍යානයෙන් සප්ත ආර්ය ධනයෙන් පරිහානියට පැමිණේ.
පාපකො කිත්තිසද්දොති ගහට්ඨස්ස “අසුකො අමුකකුලෙ ජාතො දුස්සීලො පාපධම්මො පරිච්චත්තඉධලොකපරලොකො සලාකභත්තමත්තම්පි න දෙතී”ති පරිසමජ්ඣෙ පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. පබ්බජිතස්ස “අසුකො නාම ථෙරො සත්ථු සාසනෙ පබ්බජිත්වා නාසක්ඛි සීලානි රක්ඛිතුං, න බුද්ධවචනං ගහෙතුං, වෙජ්ජකම්මාදීහි ජීවති, ඡහි අගාරවෙහි සමන්නාගතො”ති එවං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති.
පාපකො කිත්ති සද්දො යනු ගෘහස්ථයාට, අසවල් කුලයෙහි උපන් අසවලා, පාපී ස්වභාව ඇති දුසිලෙකි අත්හල මෙලෝ පරලෝ ඇත්තෙකි. සලාක බත් මාත්‍රයක් හෝ නොදේයයි සිව් පිරිස මැද පාපී කීර්ති ශබ්දයක් පැන නගී. ප්රවෘජ්ජිතයාට, අසවලා ශාස්තෲ ශාසනයෙහි පැවිදිව සිල් රක්නට නොහැකි විය. බුදුවදන් ගන්ට නොහැකි විය. වෙදකම් ආදී ෂට් අගෞරව කටයුතුවලින් යුක්තව ජීවත් වේ. යයි මෙසේ පාපී කීර්ති ශබ්ද පැන නගී.
අවිසාරදොති ගහට්ඨො තාව අවස්සං බහූනං සන්නිපාතට්ඨානෙ “කොචි මම කම්මං ජානිස්සති, අථ මං නින්දිස්සති, රාජකුලස්ස වා දස්සෙස්සතී”ති සභයො උපසඞ්කමති, මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො නිසීදති, විසාරදො හුත්වා කථෙතුං න සක්කොති. පබ්බජිතොපි බහුභික්ඛුසඞ්ඝෙ සන්නිපතිතෙ “අවස්සං කොචි මම කම්මං ජානිස්සති, අථ මෙ උපොසථම්පි පවාරණම්පි ඨපෙත්වා සාමඤ්ඤතො චාවෙත්වා නික්කඩ්ඪිස්සතී”ති සභයො උපසඞ්කමති, විසාරදො හුත්වා කථෙතුං න සක්කොති. එකච්චො පන දුස්සීලොපි සමානො සුසීලො විය චරති, සොපි අජ්ඣාසයෙන මඞ්කු හොතියෙව.
අවිසාරදො යනු ගෘහස්ථයා බොහෝ දෙන රැස්වන ස්ථානයෙහි කිසිවෙක් මාගේ කටයුතු ඒකාන්තයෙන් දැන ගන්නේය. එකල්හි මට නිග්‍රහ කරන්නාහ. රජ කුලයට හෝ දක්වත් යයි භය සහිතව එළැඹෙති. මුහුණ හකුලා ගත්තේ නවාගත් කඳ ඇත්තේ මුව යටිකුරුව හිඳියි. නිර්භයව කථා කරන්ට නොහැකි වේ. ප්රවෘජ්ජිතයාද, බොහෝ භික්ෂු සංඝයා රැස්වූ කල්හි, ඔව්හු ඒකාන්තයෙන් මාගේ ක්‍රියාව දැනගන්නාහ. එකල්හි මට හැර (අත්හරවා) ශ්රමණතාවයෙන් ඉවත් කරවා ඇද දමන්නාහයි බිය සහිත එළැඹේ. නොබියව කථාකරන්ට නොහැකි වේ. ඇතැමෙක් දුසිලෙක් හා සමාන වූයේ නොදුසිලෙකැ, අල්පේච්ඡකයෙකු මෙන් හැසිරේ. ඔහුද අදහසින්, මුහුණ හකුලා ගත්තේ වේ.
සම්මූළ්හො කාලං කරොතීති දුස්සීලස්ස හි මරණමඤ්චෙ නිපන්නස්ස දුස්සීලකම්මානි සමාදාය පවත්තිතට්ඨානානි ආපාථං ආගච්ඡන්ති. සො උම්මීලෙත්වා ඉධලොකං, නිමීලෙත්වා පරලොකං පස්සති. තස්ස චත්තාරො අපායා කම්මානුරූපං උපට්ඨහන්ති, සත්තිසතෙන පහරියමානො විය අග්ගිජාලාභිඝාතෙන ඣායමානො විය ච හොති. සො “වාරෙථ, වාරෙථා”ති විරවන්තොව මරති. තෙන වුත්තං – “සම්මූළ්හො කාලං කරොතී”ති.
මුළා වූයේම කළුරිය කරයි. මරණ මංචකයෙහි හොත් දුසිල්හුට දුසිල් ක්‍රියා භාරගෙන පැවැති තැන් ඉදිරියට එති. හෙතෙම ඇස් හැර මෙලොවද ඇස් පියා පරලොවද බලයි. ඔහුට සතර අපායයන් කර්මානුරූපව වැටහෙති. ආයුධ සියයකින් පහරදෙනු ලබන්නාක් මෙන්ද, ගිනිදලුවෙන් වැළඳගන්නාක් මෙන් ද වේ. හෙතෙම වළක්වව්, වළක්වව් මරහඬ දෙනුයේ මැරේ. එහෙයින් සම්මූළ්හො කාලං කරොති යි යූ.සේයි.
කායස්ස භෙදාති උපාදින්නක්ඛන්ධපරිච්චාගා. පරං මරණාති තදනන්තරං අභිනිබ්බත්තක්ඛන්ධග්ගහණා. අථ වා කායස්ස භෙදාති ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදා. පරං මරණාති චුතිතො උද්ධං. අපායන්තිආදි සබ්බං නිරයවෙවචනං. නිරයො හි සග්ගමොක්ඛහෙතුභූතා පුඤ්ඤසඞ්ඛාතා අයා අපෙතත්තා, සුඛානං වා අයස්ස, ආගමනස්ස වා අභාවා අපායො. දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති, දොසබහුලතාය වා දුට්ඨෙන කම්මුනා නිබ්බත්තා ගතීති දුග්ගති. විවසා නිපතන්ති එත්ථ දුක්කතකාරිනොති විනිපාතො, විනස්සන්තා වා එත්ථ නිපතන්ති සම්භිජ්ජමානඞ්ගපච්චඞ්ගාති විනිපාතො. නත්ථි එත්ථ අස්සාදසඤ්ඤිතො අයොති නිරයො.
කායස්ස භෙදා යනු තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ස්කන්ධයාගේ අත්හැරීමෙන්, පරම්මරණා යනු ඉන් අනතුරු උපදවන ස්කන්ධ ග්‍රහණයයි. නොහොත් කායස්ස භෙදා යනු ජීවිතෙන්ද්රියයාගේ සිඳීමෙන්, පරම්මරණා යනු චුතියෙන් මත්තෙහි, අපායං යනාදී සියල්ල නිරය පර්යාය නාමයන්ය. නිරය වනාහි ස්වර්ග මෝක්ෂවලට හේතු කාරණ වූ පුණ්‍ය සංඛ්‍යාත අයගෙන් ඉවත් වූ හෙයින්, සුව නම් වූ අයයාගේ පැමිණීමෙහි අභාව හෙයින් අපායයි. දුකෙහි පැවැත්ම පිළිසරණය නුයි දුග්ගති යි. ද්වේෂ බහුලතාවයෙන් හෝ දුෂ්ඨ ක්‍රමයෙන් උපන් පැවැත්මනුයි දුග්ගති යි. නොමනාව කළ ක්‍රියාකාරීහු මෙහි විමසව වැටෙත්නුයි විනිපාතොයි. මෙහි වැටෙනවුන් විනාශ වෙති. බිඳෙනු ලබන අඟපසඟ ඇත්තේනුයි විනිපාතො යි. මෙහි ආශ්වාද සංඥී අය නැත්තේනුයි නිරයො යි.
අථ වා අපායග්ගහණෙන තිරච්ඡානයොනිං දීපෙති. තිරච්ඡානයොනි හි අපායො සුගතිතො අපෙතත්තා, න දුග්ගති මහෙසක්ඛානං නාගරාජාදීනං සම්භවතො. දුග්ගතිග්ගහණෙන පෙත්තිවිසයං දීපෙති. සො හි අපායො චෙව දුග්ගති ච සුගතිතො අපෙතත්තා, දුක්ඛස්ස ච ගතිභූතත්තා, න තු විනිපාතො අසුරසදිසං අවිනිපතිතත්තා පෙතමහිද්ධිකානම්පි විජ්ජමානත්තා. විනිපාතග්ගහණෙන අසුරකායං දීපෙති. සො හි යථාවුත්තෙනට්ඨෙන “අපායො” චෙව “දුග්ගති” ච සබ්බසම්පත්තිසමුස්සයෙහි විනිපතිතත්තා “විනිපාතො”ති ච වුච්චති. නිරයග්ගහණෙන අවීචිආදිකං අනෙකප්පකාරං නිරයමෙව දීපෙති. උපපජ්ජතීති නිබ්බත්තති.
නොහොත් අපාය ග්රහණයෙන් තිරිසන් යෝනිය දක්වයි. තිරිසන් යෝනිය වනාහි යහපත් පැවැත්මෙන් පහවූ හෙයින් අපායයි. මහේශාක්‍ය නාගරාජාදීන් හටගන්නා හෙයින් දුගතිය නොවේ. දුගති ග්රහණයෙන් ප්‍රේත විෂය දක්වයි. එය අපාය මෙන්ම දුගතියද වේ. යහපත් පැවැත්මෙන් පහ වූ හෙයින් ද, දුකට පැවැත්ම වූ හෙයින් ද වේ. අසුරයන් සමාන විනිපාත අභාව හෙයින් ද, මහිර්ධික ප්රේතයින්ගේද විද්‍යමාන හෙයින් ප්‍රේතයින් විනිපාත නොවේද, විනිපාත ග්රහණයෙන් අසුර කොටස දක්වයි. එය වනාහි කියන ලද අර්ථයෙන් අපායද, දුගතියද, සියලු සම්පත් රාශීන්ගෙන් වැටුණු හෙයින් විනිපාත යැයි කියයි. නිරය ග්රහණයෙන් අවීචි ආදී නොයෙක් ආකාර වූ නිරයම දක්වයි. උප්පජ්ජති යනු හට ගනී.
ආනිසංසකථා වුත්තවිපරියායෙන වෙදිතබ්බා. අයං පන විසෙසො – සීලවාති සමාදානවසෙන සීලවා. සීලසම්පන්නොති පරිසුද්ධං පරිපුණ්ණඤ්ච කත්වා සීලස්ස සමාදානෙන සීලසම්පන්නො. භොගක්ඛන්ධන්ති භොගරාසිං. සුගතිං සග්ගං ලොකන්ති එත්ථ සුගතිග්ගහණෙන මනුස්සගතිපි සඞ්ගය්හති, සග්ගග්ගහණෙන දෙවගති එව. තත්ථ සුන්දරා ගති සුගති, රූපාදීහි විසයෙහි සුට්ඨු අග්ගොති සග්ගො, සො සබ්බොපි ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකොති.
අනුසස් කථා කියන ලද්දට වෙනස් අයුරින් දතයුතුය. මේ වනාහි විශේෂයයි. සීලවා සමාදන්වීම් වශයෙන් සිල්වත් වූයේ, සීල සම්පන්නො යනු පිරිසිදු හා සම්පූර්ණ ද කොට සීලයාගේ සමාදානයෙන් සීල සම්පන්න වූයේ, භොගක්ඛන්ධං යනු භෝග රාසියක්, සුගතිං සග්ගං ලොකං යන මෙහි සුගති ග්රහණයෙන් මිනිසුන් උපදනා තැනද සංග්‍රහ වේ. ස්වර්ග ග්රහණයෙන් දෙවිවරු උපදනා තැනමය. එහි සුන්දර උපදනා තැනනුයි සුගතියි. රූපාදී විශේෂයන්ගෙන් මනාව අග්රනුයි සග්ගොයි. ඒ සියල්ලම කැඩී බිඳී පලුදුවන අර්ථයෙන් ලෝකයි.
පාටලිගාමියෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථායාති අඤ්ඤායපි පාළිමුත්තාය ධම්මකථාය චෙව ආවසථානුමොදනකථාය ච. තදා හි භගවා යස්මා අජාතසත්තුනා තත්ථ පාටලිපුත්තනගරං මාපෙන්තෙන අඤ්ඤෙසු ගාමනිගමජනපදරාජධානීසු යෙ සීලාචාරසම්පන්නා කුටුම්බිකා, තෙ ආනෙත්වා ධනධඤ්ඤඝරවත්ථුඛෙත්තවත්ථාදීනි චෙව පරිහාරඤ්ච දාපෙත්වා නිවෙසියන්ති. තස්මා පාටලිගාමියා උපාසකා ආනිසංසදස්සාවිතාය විසෙසතො සීලගරුකා සබ්බගුණානඤ්ච සීලස්ස අධිට්ඨානභාවතො තෙසං පඨමං සීලානිසංසෙ පකාසෙත්වා තතො පරං ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය, පථවොජං ආකඩ්ඪන්තො විය, මහාජම්බුං මත්ථකෙ ගහෙත්වා චාලෙන්තො විය, යොජනිකමධුකණ්ඩං චක්කයන්තෙන පීළෙත්වා මධුරසං පායමානො විය පාටලිගාමිකානං උපාසකානං හිතසුඛාවහං පකිණ්ණකකථං කථෙන්තො “ආවාසදානං නාමෙතං ගහපතයො මහන්තං පුඤ්ඤං, තුම්හාකං ආවාසො මයා පරිභුත්තො, භික්ඛුසඞ්ඝෙන ච පරිභුත්තො, මයා ච භික්ඛුසඞ්ඝෙන ච පරිභුත්තෙ පන ධම්මරතනෙනපි පරිභුත්තොයෙව හොති. එවං තීහි රතනෙහි පරිභුත්තෙ අපරිමෙය්යො ච විපාකො, අපිච ආවාසදානස්මිං දින්නෙ සබ්බදානං දින්නමෙව හොති, භූමට්ඨකපණ්ණසාලාය වා සාඛාමණ්ඩපස්ස වා සඞ්ඝං උද්දිස්ස කතස්ස ආනිසංසො පරිච්ඡින්දිතුං න සක්කා. ආවාසදානානුභාවෙන හි භවෙ නිබ්බත්තමානස්සපි සම්පීළිතගබ්භවාසො නාම න හොති, ද්වාදසහත්ථො ඔවරකො වියස්ස මාතුකුච්ඡි අසම්බාධොව හොතී”ති එවං නානානයෙහි විචිත්තං බහුං ධම්මකථං කථෙත්වා –
පාටලීගාමියෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය යනු අන්‍ය වූ පාලියෙන් තොර ධර්ම කථාවෙන්ද ආවාස දාන අනුමෝදනා කථාවෙන් ද, එහි පාටලී පුත්‍ර නුවර නිර්මාණය කරන, අජාසත් විසින් අන්‍ය ගම් නියම්ගම් රාජධානීන්හි යම් සීලාචාර සම්පන්න කෙළෙඹියෝ වෙත්ද, ඔවුහු කැඳවා, ධන ධාන්‍ය ගෘහ වස්තු කෙත්වතු ආදීන්ද, ආරක්ෂාවට යොදන දෑද දී පදිංචි කරවති. එහෙයින් අනුසස් දක්නා වූ, පාටලීග්රාමීය උපාසකවරු විශේෂයෙන් සීලගරුක වූවාහු, සියලු ගුණයන්ටද, සීලයටද ස්ථිර නිශ්චය පවත්නා හෙයින්, ඔවුන්ට පළමුව සීලානිසංස ප්‍රකාශකොට, ඉන් මතුයෙහි අහස් ගඟ බස්වන්නාක් මෙන්, පෘථුවි ඕජාව අදින්නාක් මෙන්, මහ දඹගහක් මස්තකයෙන් ගෙන සොලවන්නාක් මෙන්, යොදුනක් දිග මීකඩක් චක්‍ර යන්ත්‍රයෙන් මිරිකා මිහිරි කොටස පොවන්නාක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ, පාටලී ගාමිකයන්ට හිතසුව එළවන ප්රකීර්ණක කථාව දෙසනුයේ, ගෘහපතිවරුනි, තෙලැ ආවාසදානය නම් මහ පිනෙකැ. නුඹලාගේ වාසස්ථානය මා විසින් පරිභෝග කරන ලදි. භික්ෂු සංඝයා විසින් ද පරිභෝග කරන ලදි. මවිසින්ද, භික්ෂු සංඝයා විසින්ද, පරිභෝග කළ කල්හි ධර්මරත්නය විසින්ද පරිභෝග කරන ලද්දේ වේ. මෙසේ ත්‍රිවිධ රත්නය විසින් පරිභෝග කළ කල්හි ප්‍රමාණ කළ නොහැකි විපාකයෙක්ද වේ. තවද වාසස්ථාන දානය දුන් කල්හි, සියලු දානයන් දෙන ලදුයේම වේ. භූමියෙහි පිහිටි කොළ සෙවෙනි කළ ගෙයක් හෝ කොළඅතු මඩුවක් හෝ සංඝයා උදෙසා කළ කල්හි අනුසස් පිරිසිඳීමට නොහැකිය. ආවාස දානානුභාවයෙන් භවයෙහි උපදිනු ලබනහුට පීඩාකාරී ගැබ් විසීමක් නම් නොවේ. දොළොස්රියන් කාමරයක් මෙන් ඔහුගේ මව්කුස සම්බාධ රහිතවම වේය යැයි මෙසේ නොයෙක් ක්රමයන්ගෙන් විසිතුරු බොහෝ ධර්ම කථා දේශනා කොට -
“සීතං උණ්හං පටිහන්ති, තතො වාළමිගානි ච; සරීසපෙ ච මකසෙ, සිසිරෙ චාපි වුට්ඨියො.
සීතං උණ්හං පටිහන්ති - තතො වාළමිගානිච සිරිංසපෙච මකසෙ - සිසිරෙ චාපි වුට්ඨියො
එයින් සීත හා උෂ්ණයද, නපුරු සතුන්ද, සර්පයින්ද, මදුරුවන්ද සීත සෘතුවෙහි වැස්සද වළක්වයි.
“තතො වාතාතපො ඝොරො, සඤ්ජාතො පටිහඤ්ඤති; ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච, ඣායිතුඤ්ච විපස්සිතුං.
තතො වාතාතපො ඝොරො - සඤ්ජාතො පටිහඤ්ඤති ලෙනත්ථංච සුඛත්ථංච - ඣායිතුංච විපස්සිතුං
එයින් ආරක්ෂාව සඳහාද සුවය සඳහාද ධ්‍යාන වඩන්ටද, විදර්ශනා කරන්ටද, ගොරතර වාතය හා හිරු රැස්ද හටගත්තේ නසයි.
“විහාරදානං සඞ්ඝස්ස, අග්ගං බුද්ධෙන වණ්ණිතං; තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො.
විහාරදානං සංඝස්ස - අග්ගං බුද්ධෙන වණ්ණිතං තස්මාහි පණ්ඩිතො පොසො - සම්පස්සං අත්තමත්තනො
“විහාරෙ කාරයෙ රම්මෙ, වාසයෙත්ථ බහුස්සුතෙ; තෙසං අන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච.
විහාරෙ කාරයෙ රම්මෙ - වාසයෙත්ථ බහුස්සුතෙ තෙසං අන්නඤ්ච පානඤ්ච - වත්ථසෙනාසනානිච දදෙය්ය උජුභූතෙන - විප්පසන්නෙන චෙතසා
සංඝයාට වෙහෙර දානය අග්‍රයැයි බුදුරදුන් විසින් වර්ණිතය. එහෙයින් තම සුභසිද්ධිය දක්නා නුවණැති පුරුෂයා රමණීය විහාරයන් කරවන්නේය. එහි බහුශ්රැතයින් වාසය කරවන්නේය. ඔවුන්ට ආහාර හා පානද, වස්ත්‍ර හා සෙනසුන්ද සෘජු වූ, සුපහන් සිතින් දෙන්නේය.
“දදෙය්ය උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා; තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො”ති. (චූළව· 295) –
තෙ තස්ස ධම්මං දෙසෙන්ති - සබ්බ දුක්ඛා පනූදනං ය සො ධම්මං ඉධඤ්ඤාය - පරිනිබ්බාති අනාසවොති
මෙලොව යමෙක් එම ධර්මය දැන ආශ්‍රව රහිතව පිරිනිවේද, එබඳු සියලු දුක් දුරැලීමට ඔව්හු ඔහුට දම් දෙසති.
එවං අයම්පි ආවාසදානෙ ආනිසංසොති බහුදෙව රත්තිං අතිරෙකතරං දියඩ්ඪයාමං ආවාසදානානිසංසකථං කථෙසි. තත්ථ ඉමා ගාථා තාව සඞ්ගහං ආරුළ්හා, පකිණ්ණකධම්මදෙසනා පන සඞ්ගහං නාරොහති. සන්දස්සෙත්වාතිආදීනි වුත්තත්ථානෙව.
මෙසේ මෙයද, ආවාස දානයෙහි අනුසස් යැයි බොහෝ රැයක් අතිරේක තරව යාම එකහමාරක් ආවාසදාන අනුසස් කථා වදාළ සේක. එහි මෙම ගාථා සංග්‍රහයට නැගුනාහු ප්රකීර්ණක ධර්මදේශනා සංග්‍රහයට නොනගී. සන්දස්සෙත්ථා ආදිය කියන ලද අර්ථමය.
අභික්කන්තාති අතික්කන්තා ද්වෙ යාමා ගතා. යස්ස දානි කාලං මඤ්ඤථාති යස්ස ගමනස්ස තුම්හෙ කාලං මඤ්ඤථ, ගමනකාලො තුම්හාකං, ගච්ඡථාති වුත්තං හොති. කස්මා පන භගවා තෙ උය්යොජෙසීති? අනුකම්පාය. තියාමරත්තිඤ්හි තත්ථ නිසීදිත්වා වීතිනාමෙන්තානං තෙසං සරීරෙ ආබාධො උප්පජ්ජෙය්යාති, භික්ඛුසඞ්ඝෙපි ච විප්පභාතසයනනිසජ්ජාය ඔකාසො ලද්ධුං වට්ටති, ඉති උභයානුකම්පාය උය්යොජෙසීති. සුඤ්ඤාගාරන්ති පාටියෙක්කං සුඤ්ඤාගාරං නාම තත්ථ නත්ථි. තෙන කිර ගහපතයො තස්සෙව ආවසථාගාරස්ස එකපස්සෙ පටසාණියා පරික්ඛිපාපෙත්වා කප්පියමඤ්චං පඤ්ඤාපෙත්වා තත්ථ කප්පියපච්චත්ථරණං අත්ථරිත්වා උපරි සුවණ්ණරජතතාරකාගන්ධමාලාදිපටිමණ්ඩිතං විතානං බන්ධිත්වා තෙලප්පදීපං ආරොපෙසුං “අප්පෙව නාම සත්ථා ධම්මාසනතො වුට්ඨාය ථොකං විස්සමිතුකාමො ඉධ නිපජ්ජෙය්ය, එවං නො ඉදං ආවසථාගාරං භගවතා චතූහි ඉරියාපථෙහි පරිභුත්තං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති. සත්ථාපි තදෙව සන්ධාය තත්ථ සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා සීහසෙය්යං කප්පෙසි. තං සන්ධාය වුත්තං “සුඤ්ඤාගාරං පාවිසී”ති. තත්ථ පාදධොවනට්ඨානතො පට්ඨාය යාව ධම්මාසනා අගමාසි, එත්තකෙ ඨානෙ ගමනං නිප්ඵන්නං. ධම්මාසනං පත්වා ථොකං අට්ඨාසි, ඉදං තත්ථ ඨානං. භගවා ද්වෙ යාමෙ ධම්මාසනෙ නිසීදි, එත්තකෙ ඨානෙ නිසජ්ජා නිප්ඵන්නා. උපාසකෙ උය්යොජෙත්වා ධම්මාසනතො ඔරුය්හ යථාවුත්තෙ ඨානෙ සීහසෙය්යං කප්පෙසි. එවං තං ඨානං භගවතා චතූහි ඉරියාපථෙහි පරිභුත්තං අහොසීති.
අභික්කන්තා යනු ඉක්ම ගියාහු යාම ද්වයයක් ගතවූවාහු. යස්සදානි කාලං මඤ්ඤථා යනු යම් ගමනකට නුඹලා කල් හඟිව්ද? නුඹලාට යාමට කාලයයි. යව් යැයි යූ.සේයි. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔව්හු පිටත්කොට හැරියෙහිද? අනුකම්පාවෙනි. තුන්යම් රාත්‍රියක් එහි හිඳ කල්යවන්නා වූ ඔවුන්ගේ ශරීරයන්හි ආබාධ උපදින්නේ යයි ද, භික්ෂු සංඝයාද හළ, සයන හිඳීම්හි අවකාශයක් ලබන්ට වටී. මෙසේ දෙපාර්ශවයටම අනුකම්පාවෙන් පිටත්කර හැරියේය. සුඤ්ඤාගාරං යනු වෙන වෙනම ශූන්‍යාගාර නම් එහි නැත. එම ගෘහපතීහු එම ආවසථාගාරයෙහිම එක් පාර්ශ්වයෙක්හි, පට වස්ත්‍රයකින් වට කරවා කැප ඇඳක්ද පනවා එහි කැප පසතුරුණු අතුරා මතුයෙහි රන් රිදී තාරකා සුවඳ මල් ආදියෙන් සරසා වියනක් බැඳ සුවඳ තෙල් පහන් නැංවූහ. (තැබූහ.) ශාස්තෲන් වහන්සේ ධර්මාසනයෙන් නැගිට මදක් විඩාහරිනු කැමැතියේ මෙහි වැද හොවින්නේ නම් ඉතා යෙහෙකි. මෙසේ මේ අපගේ තානායම්පොල භාග්‍යවතුන් වහන්සේ විසින් සිව් ඉරියව්වලින් පරිභෝග කරන ලදුයේ බොහෝ කලක් හිතසුව සඳහා වන්නේ යයි සිතූහ. ශාස්තෲන් වහන්සේද එම කරුණම සඳහා එහි දෙපට සිවුර පනවා සිංහ ශයනය කළ සේක. ඒ සඳහා සුඤ්ඤාගාරං පාවිසියි යූ.සේයි. එහි පා සෝදන තැන සිට ධර්මාසනය දක්වා වැඩිසේක්ද, එතෙක් තැන් ගමන් කිරීම නිපැයින. ධර්මාසනයට පත්ව මදක් සිටියේය. මේ එහි සිටීමයි. දෙයාමයක් ධර්මාසනයෙහි හුන්නේය. මෙතෙක් තැන් හිඳීම නිපැයින. උපාසකයන් යවා ධර්මාසනයෙන් බැස කියන ලද තන්හි සිංහ ශයනය කළ සේක. මෙසේ එම ස්ථාන භාග්‍යවතුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද්දේ විය.
සුනිධවස්සකාරාති සුනිධො ච වස්සකාරො ච ද්වෙ බ්රාහ්මණා. මගධමහාමත්තාති මගධරඤ්ඤො මහාඅමච්චා, මගධරට්ඨෙ වා මහාමත්තා මහතියා ඉස්සරියමත්තාය සමන්නාගතාති මහාමත්තා. පාටලිගාමෙ නගරං මාපෙන්තීති පාටලිගාමසඞ්ඛාතෙ භූමිපදෙසෙ නගරං මාපෙන්ති. වජ්ජීනං පටිබාහායාති ලිච්ඡවිරාජූනං ආයමුඛප්පච්ඡින්දනත්ථං. සහස්සසහස්සෙවාති එකෙකවග්ගවසෙන සහස්සං සහස්සං හුත්වා. වත්ථූනීති ඝරවත්ථූනි. චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුන්ති රඤ්ඤො රාජමහාමත්තානඤ්ච නිවෙසනානි මාපෙතුං වත්ථුවිජ්ජාපාඨකානං චිත්තානි නමන්ති. තෙ කිර අත්තනො සිප්පානුභාවෙන හෙට්ඨාපථවියං තිංසහත්ථමත්තෙ ඨානෙ “ඉධ නාගග්ගාහො, ඉධ යක්ඛග්ගාහො, ඉධ භූතග්ගාහො, ඉධ පාසාණො වා ඛාණුකො වා අත්ථී”ති ජානන්ති. තෙ තදා සිප්පං ජප්පෙත්වා දෙවතාහි සද්ධිං සම්මන්තයමානා විය මාපෙන්ති.
සුනීධ වස්සකාරා යනු සුනීධ හා වස්සකාරද යන දෙදෙනා ද්වෙ බ්රාහ්මණා මගධ මහා මත්තා යන මගධ රජුගේ මහ ඇමතිවරු හෝ මගධ රටෙහි මහ ඇමතිවරු, මහත් ඓශ්වර්ය ප්‍රමාණයකින් යුක්ත වූයේ නුයි මහාමත්තයි. පාටලී ගාමෙ නගරං මාපෙන්ති යනු පාටලි ග්‍රාම සංඛ්‍යාත බිම් පෙදෙස්හි නගරයක් නිර්මාණය කරති. වජ්ජීනං පටිබාහාය යනු ලිච්ඡවි රජුන්ගේ ආදායම් මාර්ග සිඳලීම සඳහා සහස්ස සහස්සෙවා යනු එක් එක් වර්ග වශයෙන් දහසක් දහසක් බැගින්, වත්ථූනි යනු ගෘහ වස්තූන්, චිත්තානි නමෙන්ති නිවෙසනානි මාපෙතුං යනු රජුට, රාජ මහා මාත්යයන්ට නිවෙස් තනන්ට වාස්තු විද්‍යා පාඨකයින්ට සිත නැමෙත්. ඔව්හු වනාහි තම ශිල්පානු භාවයෙන් යට පෘථුවියෙහි තිස්රියන් ප්‍රමාණ තන්හි මෙහි නාගයින් අධිගෘහිතය. මෙහි යක්ෂයින් අධිගෘහිතය. මෙහි භූතයින් අධිගෘහිතය. මෙහි ගලක් හෝ කණුවක් හෝ තිබේයයි දනිත්. ඔවුහු එකල්හි ශිල්ප මතුරා දෙවිවරු සමග කථා කරන්නාක් මෙන් මවති.
අථ වා නෙසං සරීරෙ දෙවතා අධිමුච්චිත්වා තත්ථ තත්ථ නිවෙසනානි මාපෙතුං චිත්තං නාමෙන්ති. තා චතූසු කොණෙසු ඛාණුකෙ කොට්ටෙත්වා වත්ථුම්හි ගහිතමත්තෙ පටිවිගච්ඡන්ති. සද්ධකුලානං සද්ධා දෙවතා තථා කරොන්ති, අස්සද්ධකුලානං අස්සද්ධා දෙවතා. කිංකාරණා? සද්ධානඤ්හි එවං හොති “ඉධ මනුස්සා නිවෙසනං මාපෙන්තා පඨමං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා මඞ්ගලං වදාපෙස්සන්ති, අථ මයං සීලවන්තානං දස්සනං ධම්මකථං පඤ්හවිස්සජ්ජනං අනුමොදනං සොතුං ලභිස්සාම, මනුස්සා ච දානං දත්වා අම්හාකං පත්තිං දස්සන්තී”ති. අස්සද්ධා දෙවතාපි “අත්තනො ඉච්ඡානුරූපං තෙසං පටිපත්තිං පස්සිතුං, කථඤ්ච සොතුං ලභිස්සාමා”ති තථා කරොන්ති.
නොහොත් ඔවුන්ගේ ශරීරයන්හි දෙවිවරු අධිගෘහිතව ඒ ඒ තන්හි නිවෙස් මවන්ට (තනන්ට) සිත නැමෙත් ඔව්හු සිව්කොන්හි කණු කොටා (සිටුවා) වස්තුව ගත් කෙණෙහි ඉවත්ව යෙති. ශ්රද්ධාවත් කුලයන්ගේ ශ්රද්ධාවත් දෙවිවරු එසේ කරති. අශ්රද්ධාවත් කුලයන්හිගේ ශ්රද්ධාවත් දෙවිවරු එසේ කරති. අශ්රද්ධාවත් කුලයන්ගේ අශ්රද්ධාවත් දෙවිවරු එසේ කරති. කවර කරුණෙකින්ද, ශ්රද්ධාවත් දෙවිවරුන්ට, මෙබඳු සිතක් වේ. මෙහි මිනිස්සු ගෙවල් තනන්නාහු පළමුව භික්ෂු සංඝයා වඩා හිඳුවා යහපත් කරුණු දේශනා කරවන්නාහ. ඉක්බිති අප සිල්වතුන් දර්ශනය, දහම් කථා, පැන විසඳුම් අනුමෝදනා ශ්‍රවණය කරන්ට ලබන්නෙමු. මිනිස්සුද දන් දී අපට පින් දෙත් යයි සිතති. අශ්රද්ධාවත් දෙවිවරුද තම අදහස් අනුරූපව ඔවුනගේ ප්‍රතිපත්ති දැක්මට, කතා ශ්‍රවණය කරන්ට ලබන්නෙමුයි එසේ කෙරෙත්.
තාවතිංසෙහීති යථා හි එකස්මිං කුලෙ එකං පණ්ඩිතමනුස්සං, එකස්මිඤ්ච විහාරෙ එකං බහුස්සුතං භික්ඛුං උපාදාය “අසුකකුලෙ මනුස්සා පණ්ඩිතා, අසුකවිහාරෙ භික්ඛූ බහුස්සුතා”ති සද්දො අබ්භුග්ගච්ඡති, එවමෙව සක්කං දෙවරාජානං, විස්සකම්මඤ්ච දෙවපුත්තං උපාදාය “තාවතිංසා පණ්ඩිතා”ති සද්දො අබ්භුග්ගතො. තෙනාහ “තාවතිංසෙහී”ති. සෙය්යථාපීතිආදිනා දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා විය සුනිධවස්සකාරා නගරං මාපෙන්තීති දස්සෙති.
තාවතිංසෙ යනු යම්සේ වනාහි එක් කුලයක එක් පණ්ඩිත මිනිසෙක්ද, එක් වෙහෙරක එක් බහුශ්‍රැත භික්ෂුවක්ද, දැඩිසේ ගෙන අසවල් කුලයෙහි මිනිස්සු පණ්ඩිතයහ. අසවල් වෙහෙරෙහි භික්ෂූහු බහුශ්‍රැත යැයි. ශබ්දයක් පැන නගීද, එපරිද්දෙන්ම, සක්දෙව් රජුද විස්කම් දෙව්පුතුද දැඩිසේ ගෙන, තව්තිසා වාසීහු පණ්ඩිතයහැයි ශබ්දයක් පැන නැංගේය. එහෙයින් තාවතිංසෙහි යි යූ.සේයි. සෙය්යථාපි ආදියෙන් තව්තිසා වැසි දෙවියන් සමග මන්ත්‍රණය (කථා) කොට මෙන් සුනීධ වස්සකාරාදීහු නගර නිර්මාණය කරත්යැයි දක්වයි.
යාවතා, ආනන්ද, අරියං ආයතනන්ති යත්තකං අරියමනුස්සානං ඔසරණට්ඨානං නාම අත්ථි. යාවතා වණිප්පථොති යත්තකං වාණිජානං ආහටභණ්ඩස්ස රාසිවසෙන කයවික්කයට්ඨානං නාම, වාණිජානං වසනට්ඨානං වා අත්ථි. ඉදං අග්ගනගරන්ති තෙසං අරියායතනවණිප්පථානං ඉදං නගරං අග්ගං භවිස්සති ජෙට්ඨකං පාමොක්ඛං. පුටභෙදනන්ති භණ්ඩපුටභෙදනට්ඨානං, භණ්ඩභණ්ඩිකානං මොචනට්ඨානන්ති වුත්තං හොති. සකලජම්බුදීපෙ අලද්ධභණ්ඩම්පි හි ඉධෙව ලභිස්සන්ති, අඤ්ඤත්ථ වික්කයං අගච්ඡන්තාපි ඉධෙව වික්කයං ගච්ඡිස්සන්ති, තස්මා ඉධෙව පුටං භින්දිස්සන්තීති අත්ථො. ආයානම්පි හි චතූසු ද්වාරෙසු චත්තාරි, සභායං එකන්ති එවං දිවසෙ දිවසෙ පඤ්චසතසහස්සානි තත්ථ උට්ඨහිස්සන්ති. තානි සභාවානි ආයානීති දස්සෙති.
යාවතො අරියායතනං යනු ආර්ය මනුෂ්‍යයන්ගේ යම් පමණ රැස්වන තැන් නම් තිබේද? යාවතා වණිප්පථො යන යම් පමණ වෙළඳුන්ගේ ගෙන එන ලද බඩු තොග වශයෙන් විකුණුම් - මිලදී ගැනුම් ස්ථාන හා වෙළඳුන්ගේ වාසය කරන ස්ථාන හෝ තිබේද, ඉදං අග්ගනගරං යනු එම ආර්යායතන වෙළඳ මධ්‍යස්ථානයන්ට මෙම නගරය අග්‍ර, ජ්‍යෙෂ්ඨ, ප්රමුඛ වන්නේ ය. පුදභෙදනං යනු බඩුපොදි ලිහන තැන බඩු භාණ්ඩයන්ගේ මුදන තැන යයිද යූ.සේයි. මුළු දඹදිව නොලද භාණ්ඩයන්ගේ වුව මෙතැනදීම ලබන්නාහ. අන් තන්හි නොවිකුණුන භාණ්ඩද මෙහිදීම විකිණීම යන්නාහ. එහෙයින් මෙහිදීම වෙළඳ බඩු ගෙනැවිත් මලු බිඳින්නාහයි (ලිහන්නාහයි) අර්ථයි. සිව් ද්වාරයන්හි පැමිණියවුන්ගෙන් සතරක්ද, සභාවෙහි එකක්දැයි මෙසේ දිනපතා පන්ලක්ෂයක් එහි නැගී සිටින්නාහ. (මලු බිඳින්නාහ) එම ස්වභාවයන් එයයි දක්වයි.
අග්ගිතො වාතිආදීසු සමුච්චයත්ථො වාසද්දො, අග්ගිනා ච උදකෙන ච මිථුභෙදෙන ච නස්සිස්සතීති අත්ථො. තස්ස හි එකො කොට්ඨාසො අග්ගිනා නස්සිස්සති, නිබ්බාපෙතුං න සක්ඛිස්සන්ති, එකං කොට්ඨාසං ගඞ්ගා ගහෙත්වා ගමිස්සති, එකො ඉමිනා අකථිතං අමුස්ස, අමුනා අකථිතං ඉමස්ස වදන්තානං පිසුණවාචානං වසෙන භින්නානං මනුස්සානං අඤ්ඤමඤ්ඤභෙදෙන විනස්සිස්සති. එවං වත්වා භගවා පච්චූසකාලෙ ගඞ්ගාතීරං ගන්ත්වා කතමුඛධොවනො භික්ඛාචාරවෙලං ආගමයමානො නිසීදි.
අග්ගිතොවා ආදීන්හි ච ශබ්දය සමුච්චයාර්ථයෙහිය. ගින්නෙන්ද දියෙන්ද, මිත්‍ර භේදයෙන්ද න සින්නේයයි අර්ථයි. එහි එක් කොටසක් ගින්නෙන් නසින්නේය. නිවන්ටද නොහැකි වන්නාහ. එක් කොටසක් ගඟ ගෙන යන්නේය. එකෙක් මොහු විසින් නොකියන ලද්ද ඔහුටද, ඔහු විසින් නොකියන ලද්ද මොහුටද, කියනවුන්ගේ, කේලාම් වචනයන්ගේ වශයෙන් බිඳුණු ඔවුනොවුන් භේදයෙන් විනාශ වන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඉතා අලුයම් කල්හි, ගංතෙරට වැඩමවා, කළ මුව දෙවුම් ඇතියේ පිඬු පිණිස හැසිරෙන වේලාව බලාපොරොත්තු වෙමින් වැඩ හුන් සේක.
සුනිධවස්සකාරාපි “අම්හාකං රාජා සමණස්ස ගොතමස්ස උපට්ඨාකො , සො අම්හෙ උපගතෙ පුච්ඡිස්සති ‘සත්ථා කිර පාටලිගාමං අගමාසි, කිං තස්ස සන්තිකං උපසඞ්කමිත්ථ, න උපසඞ්කමිත්ථා’ති. ‘උපසඞ්කමිම්හා’ති ච වුත්තෙ ‘නිමන්තයිත්ථ, න නිමන්තයිත්ථා’ති පුච්ඡිස්සති. ‘න නිමන්තයිම්හා’ති ච වුත්තෙ අම්හාකං දොසං ආරොපෙත්වා නිග්ගණ්හිස්සති, ඉදඤ්චාපි මයං අකතට්ඨානෙ නගරං මාපෙම, සමණස්ස ඛො පන ගොතමස්ස ගතගතට්ඨානෙ කාළකණ්ණිසත්තා පටික්කමන්ති, තං මයං නගරමඞ්ගලං වාචාපෙස්සාමා”ති චින්තෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා නිමන්තයිංසු. තෙන වුත්තං – “අථ ඛො සුනිධවස්සකාරා”තිආදි.
සුනීධ වස්සකාර දෙදෙනද, අපගේ රජු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ උපස්ථායකයෙකි. අප ඔහු කරා එළැඹි කල්හි, ශාස්තෲන් වහන්සේ පාටලී ගමට වැඩිසේක්ල. කිමෙක්ද උන්වහන්සේගේ සමීපයට එළැඹියහුද, නොඑළඹියහුදැයි හෙතෙම අප විචාරන්නේය. එළැඹියෙමුයි කී කල්හි ආරාධනා කළහුද, නොකළහුදැයි විචාරන්නේය. ආරාධනා නොකෙළෙමුයි කීකල්හි අපට දොස් නංවා නිග්‍රහ කරන්නේය. මෙයද අප නොකළ තන්හි නුවර නිර්මාණ කරමු. ශ්‍රමණ ගෞතමයන් වනාහි ගිය ගිය තන්හි කාලකණ්ණි සත්ත්වයෝ ඉවත්ව යති. අපි නගර විවෘත මංගල්‍යය උන්වහන්සේට කියන්නෙමුයි සිතා ශාස්තෲන් වහන්සේ කරා එළැඹ ආරාධනා කළහ. එහෙයින් අථ ඛො සුනීධ වස්සකාරා යි ආදිය යූ.සේයි.
පුබ්බණ්හසමයන්ති පුබ්බණ්හෙ කාලෙ. නිවාසෙත්වාති ගාමපවෙසනනීහාරෙන නිවාසනං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා. පත්තචීවරමාදායාති චීවරං පාරුපිත්වා පත්තං හත්ථෙන ගහෙත්වා.
පුබ්බණ්හ සමයං යනු පෙරවරු කල්හි, නිවාසෙත්වා යන ගමට පිවිසෙන ආකාරයෙන් වස්ත්‍රය (සිවුර) හැඳ පටිය බැඳ, පත්තචීවර මාදාය යනු සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන,
සීලවන්තෙත්ථාති සීලවන්තො එත්ථ අත්තනො වසනට්ඨානෙ. සඤ්ඤතෙති කායවාචාචිත්තෙහි සඤ්ඤතෙ. තාසං දක්ඛිණමාදිසෙති සඞ්ඝස්ස දින්නෙ චත්තාරො පච්චයෙ තාසං ඝරදෙවතානං ආදිසෙය්ය පත්තිං දදෙය්ය. පූජිතා පූජයන්තීති “ඉමෙ මනුස්සා අම්හාකං ඤාතකාපි න හොන්ති, එවම්පි නො පත්තිං දෙන්තී”ති ආරක්ඛං සුසංවිහිතං කරොන්ති සුට්ඨු ආරක්ඛං කරොන්ති. මානිතා මානයන්තීති කාලානුකාලං බලිකම්මකරණෙන මානිතා “එතෙ මනුස්සා අම්හාකං ඤාතකාපි න හොන්ති, තථාපි චතුපඤ්චඡමාසන්තරං නො බලිකම්මං කරොන්තී”ති මානෙන්ති උප්පන්නපරිස්සයං හරන්ති. තතො නන්ති තතො තං පණ්ඩිතජාතිකං පුරිසං. ඔරසන්ති උරෙ ඨපෙත්වා වඩ්ඪිතං, යථා මාතා ඔරසං පුත්තං අනුකම්පති, උප්පන්නපරිස්සයහරණත්ථමෙවස්ස යථා වායමති, එවං අනුකම්පන්තීති අත්ථො. භද්‍රානි පස්සතීති සුන්දරානි පස්සති.
සීලවන්තෙත්ථ යනු මෙහි සිල්වත්හු තමන්ගේ වාසය කරන ස්ථානයන්හි, සඤ්ඤතෙ යනු කාය, වාචා, චිත්තයන්ගෙන් සංයමයට පත් වූවාහු, තාසං දක්ඛිණ මාදිසෙ යනු සිව්පස සංඝයා කෙරෙහි දුන් කල්හි, එම ගෘහ දේවතාවන් නිශ්චයකොට පින් දෙන්නේය. පූජිතා පූජයන්ති මෙම මිනිස්සු අපගේ ඤාතීහුද නොවෙති. මෙසේද අපට පින් දෙත්යයි මනාව සංවිධානය කළ, ආරක්ෂාවක් කරව් යැයි මනාව ආරක්ෂා කෙරෙත්. මානිතා මානයන්ති කලින් කල, පූජා ක්‍රියා කිරීමෙන් පුදන ලද්දා වූ එම මිනිස්සු අපගේ ඤාතීහුද නොවෙති. එසේ ද වුවත් සිව්, පස්, ෂට් මාසයන් අතරතුර අපට පූජා කර්ම කෙරෙත්. ගෞරව කරත්. උපන් විපත්වලින් පාලනය කරති. තතො නං යනු එයින් එම පණ්ඩිත ස්වභාව ඇති පුරුෂයා. ඔරසං යනු ළෙහි තබා වඩන ලද, යම්සේ තම මව ලෙයින් හටගත් (ළයෙහි තබා වඩන ලද) පුත්‍රයාට අනුකම්පා කෙරේද, උපන් උවදුරු දුරුකරලීම සඳහාම ඔහු යම්සේ උත්සාහ කෙරේද, එසේ අනුකම්පා කරත් යයි අර්ථයි. භද්‍රානි පස්සති යනු යහපත් දේ දකියි.
අනුමොදිත්වාති තෙහි තදා පසුතපුඤ්ඤස්ස අනුමොදනවසෙන තෙසං ධම්මකථං කත්වා. සුනිධවස්සකාරාපි “යා තත්ථ දෙවතා ආසුං, තාසං දක්ඛිණමාදිසෙ”ති භගවතො වචනං සුත්වා දෙවතානං පත්තිං අදංසු. තං ගොතමද්වාරං නාම අහොසීති තස්ස නගරස්ස යෙන ද්වාරෙන භගවා නික්ඛමි, තං ගොතමද්වාරං නාම අහොසි. ගඞ්ගාය පන උත්තරණත්ථං අනොතිණ්ණත්තා ගොතමතිත්ථං නාම නාහොසි. පූරාති පුණ්ණා. සමතිත්තිකාති තටසමං උදකස්ස තිත්තා භරිතා. කාකපෙය්යාති තීරෙ ඨිතකාකෙහි පාතුං සක්කුණෙය්යඋදකා. ද්වීහිපි පදෙහි උභතොකූලසමං පරිපුණ්ණභාවමෙව දස්සෙති. උළුම්පන්ති පාරගමනත්ථාය දාරූනි සඞ්ඝාටෙත්වා ආණියො කොට්ටෙත්වා කතං. කුල්ලන්ති වෙළුදණ්ඩාදිකෙ වල්ලිආදීහි බන්ධිත්වා කතං.
අනුමොදිත්වා යනු ඔවුන් විසින් එදා රැස් කළ පුණ්‍යයාගේ සතුටුවීම් වශයෙන් ඔවුන්ට දැහැමි කථාවක් කොට, සුනීධ වස්සකාර දෙදෙනද, එහි යම් දේවතා කෙනෙක් වූහුද, ඈලාට දක්ෂිණා අනුමෝදන් කරව යන භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසා දේවතාවන්ට පින් දුන්හ. තං ගොතම තිත්ථ නාම අහොසි යනු එම නගරයෙහි යම් දොරෙකින් භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක්ද, එය ගොතමද්වාර නම් විය. ගඟින් එතෙරවීම සඳහා බට තැන ගොතම තිත්ථ නම් වූයේය. පූරා පිරුණාහු, සමතිත්තිකා ඉවුර සමව ජලයෙන් තෘප්ත වූයේ පිරුනේ, කාකපෙය්යා යනු ගංතෙර සිටි කවුඩන් විසින් බොන්ට හැකිවන්නා වූ ජලයයි. පද ද්වයයේම දෙ ඉවුරෙහි ජලයෙහි මනාව පිරුණු භාවයම දක්වයි. උළම්පං යනු පරතෙරට යාම සඳහා දැව එකට එක්කොට ඇණ කොටා කරන ලද්දකි. කුල්ලං යනු උණ, බට ආදිය වැල් ආදීන්ගෙන් බැඳ කරන ලද්දකි.
එතමත්ථං විදිත්වාති එතං මහාජනස්ස ගඞ්ගොදකමත්තස්සපි කෙවලං තරිතුං අසමත්ථතං, අත්තනො පන භික්ඛුසඞ්ඝස්ස ච අතිගම්භීරවිත්ථතං සංසාරමහණ්ණවං තරිත්වා ඨිතභාවඤ්ච සබ්බාකාරතො විදිත්වා තදත්ථපරිදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා එම මහජනයාට හුදෙක් ගඟදිය මාත්‍රයක් හෝ තරණය කරන්ට අසමර්ථතාවයද, තමාට හා භික්ෂු සංඝයාට ඉතා ගැඹුරු පළල් වූ සසර මහ සයුර තරණය කොට සිටි බවද, සර්වප්රකාරයෙන් දැන එකරුණ මනාව දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ අණ්ණවන්ති සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන යොජනමත්තං ගම්භීරස්ස ච විත්ථතස්ස ච උදකට්ඨානස්සෙතං අධිවචනං. සරන්ති සරිත්වා ගමනතො ඉධ නදී අධිප්පෙතා. ඉදං වුත්තං හොති – යෙ ගම්භීරවිත්ථතං සංසාරණ්ණවං තණ්හාසරිතඤ්ච තරන්ති, තෙ අරියමග්ගසඞ්ඛාතං සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි අනාමසිත්වාව උදකභරිතානි නින්නට්ඨානානි, අයං පන ඉදං අප්පමත්තකං උදකං තරිතුකාමො කුල්ලඤ්හි ජනො පබන්ධති කුල්ලං බන්ධිතුං ආයාසං ආපජ්ජති. තිණ්ණා මෙධාවිනො ජනාති අරියමග්ගඤාණසඞ්ඛාතාය මෙධාය සමන්නාගතත්තා මෙධාවිනො බුද්ධා ච බුද්ධසාවකා ච විනා එව කුල්ලෙන තිණ්ණා පරතීරෙ පතිට්ඨිතාති.
එහි අණ්ණවං යනු සියලු අවසන් පිරිසිඳීමෙන් යොදුනක් ප්‍රමාණ ගැඹුර හා පළල ජලය පවත්නා ස්ථානයට (සැතපුම් 16) එය විශේෂ නාමයකි. සරං යනු සිහිකොට ඉවත්වන හෙයින් මෙහි නදිය අදහස් කරන ලදි. මෙය යූ.සේයි. යම් කෙනෙක් ගැඹුර හා පළල ඇති සංසාර සාගරයද, තෘෂ්ණා නදියද තරණය කෙරෙත්ද ඔව්හු ආර්යමාර්ග සංඛ්‍යාත හෙය කොට, විසජ්ජ පලල්ලානි දිය පිරුණු නිම්න ස්ථානයන් ස්පර්ශ නොකොටම, මෙම ස්වල්පමාත්‍ර දිය තරණය කැමැති ජනයා පහුරක් පබන්ධති යනු බැඳීමේ වෙහෙසට පත්වේ. තිණ්ණා මෙධාවිනොජනා යනු ආර්ය මාර්ග ඥාන සංඛ්‍යාත නුවණින් යුක්ත වූ හෙයින් නුවණැති බුදුවරුද, බුද්ධ ශ්‍රාවකයෝද, පහුරෙන් තොරව, එතෙර වූවාහු පරතෙර පිහිටියාහුය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.