5. චුන්දසුත්තවණ්ණනා අට්ඨකථා
5. චුන්දසුත්තවණ්ණනා
5. චුන්ද සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ මල්ලෙසූති එවංනාමකෙ ජනපදෙ. මහතා භික්ඛුසඞ්ඝෙනාති ගුණමහත්තසඞ්ඛ්යාමහත්තෙහි මහතා. සො හි භික්ඛුසඞ්ඝො සීලාදිගුණවිසෙසයොගෙනපි මහා තත්ථ සබ්බපච්ඡිමකස්ස සොතාපන්නභාවතො, සඞ්ඛ්යාමහත්තෙනපි මහා අපරිච්ඡින්නගණනත්තා. ආයුසඞ්ඛාරොස්සජ්ජනතො පට්ඨාය හි ආගතාගතා භික්ඛූ න පක්කමිංසු. චුන්දස්සාති එවංනාමකස්ස. කම්මාරපුත්තස්සාති සුවණ්ණකාරපුත්තස්ස. සො කිර අඩ්ඪො මහාකුටුම්බිකො භගවතො පඨමදස්සනෙනෙව සොතාපන්නො හුත්වා අත්තනො අම්බවනෙ සත්ථුවසනානුච්ඡවිකං ගන්ධකුටිං, භික්ඛුසඞ්ඝස්ස ච රත්තිට්ඨානදිවාට්ඨානඋපට්ඨානසාලාකුටිමණ්ඩපචඞ්කමනාදිකෙ ච සම්පාදෙත්වා පාකාරපරික්ඛිත්තං ද්වාරකොට්ඨකයුත්තං විහාරං කත්වා බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස නිය්යාදෙසි. තං සන්ධාය වුත්තං – “තත්ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ”ති.
පස්වැන්නෙහි මල්ලෙසු යනු මෙනම් දනව්වෙහි මහතා භික්ඛු සංඝෙන යනු ගුණ මහත්වයෙන් හා සංඛ්‍යා මහත්වයෙන් මහත් වූ, එම බික්සඟන සීලාදී ගුණ විශේෂ යෙදීමෙන්ද එහි සියල්ලන්ට පසුව වූවහුගේ සෝවාන් භාවය හෙයින්ද මහත් වූයේ. (යටත් පිරිසෙයින් අන්තිමයා සෝවාන් වූයේය.) නොපිරිසිඳි ගණන් හෙයින් සංඛ්‍යා මහත්වයෙන්ද මහත්ය. ආයු සංස්කාර අත්හැරීමෙහි පටන් පැමිණි පැමිණි භික්ෂූහු ආපසු හැරී නොගියහ. චුන්දස්ස යනු එම නමින් යුක්තහුගේ, කම්මාර පුත්තස්ස චුන්දස්ස යනු එම නමින් යුත්තහුගේ, කම්මාර පුත්තස්ස රන්කරු පුතුගේ, හෙතෙම ධනාඪ්ය මහ කෙළෙඹියෙකි. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම දර්ශනයෙන්ම සෝවාන්ව තම අඹ වනයෙහි ශාස්තෲන් වහන්සේට සුදුසු ගඳකිළියක්ද බික්සඟනට රාත්‍රීස්ථාන, දිවාස්ථාන, උපස්ථාන ශාලා, කුටි මණ්ඩප, සක්මන්මලු ආදියෙන්ද යුතුව සම්පාදනය කොට පවුරුවලින් වටකරන ලදුයේ දොරකොටු යුත් වෙහෙරක් කොට බුද්ධප්‍රමුඛ සංඝයාට භාර දුන්නේය. ඒ සඳහා තත්රසුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාර පුත්තස්ස අම්බවනෙයි යූ.සේයි.
පටියාදාපෙත්වාති සම්පාදෙත්වා. “සූකරමද්දවන්ති සූකරස්ස මුදුසිනිද්ධං පවත්තමංස”න්ති මහාඅට්ඨකථායං වුත්තං. කෙචි පන “සූකරමද්දවන්ති න සූකරමංසං, සූකරෙහි මද්දිතවංසකළීරො”ති වදන්ති. අඤ්ඤෙ “සූකරෙහි මද්දිතප්පදෙසෙ ජාතං අහිඡත්තක”න්ති. අපරෙ පන “සූකරමද්දවං නාම එකං රසායන”න්ති භණිංසු . තඤ්හි චුන්දො කම්මාරපුත්තො “අජ්ජ භගවා පරිනිබ්බායිස්සතී”ති සුත්වා “අප්පෙව නාම නං පරිභුඤ්ජිත්වා චිරතරං තිට්ඨෙය්යා”ති සත්ථු චිරජීවිතුකම්යතාය අදාසීති වදන්ති.
පටියාදාපෙත්වා යනු සම්පාදනය කොට යන අර්ථයි. සූකර මද්දවං යනු ඌරාගේ මෘදු සිනිඳු ත්‍රිකෝටි පරිශුද්ධ මද්දවං යනු ඌරුමස් නොවේ. ඌරන් විසින් තලා පොඩිකර දමන ලද උණ ගොබයැයි කියති. අනෙක් අය ඌරන් විසින් මඬනා ලද පෙදෙසෙහි හටගත් බිම්මල් (හතු) යැයි කියති. තවත් සමහරු සූකර මද්දව එක් රසායනයකැයි ගත්හ. චුන්දකර්මාර පුතු අද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ යයි අසා, එය අනුභවකොට, බොහෝ කලක් ජීවත්ව සිටින්නේ නම් ඉතා යෙහෙකැයි ශාස්තෲන් වහන්සේගේ චිර ජීවන අපේක්ෂායෙන් දිනියැයි ද කියති.
තෙන මං පරිවිසාති තෙන මමං භොජෙහි. කස්මා භගවා එවමාහ? පරානුද්දයතාය. තඤ්ච කාරණං පාළියං වුත්තමෙව. තෙන අභිහටභික්ඛාය පරෙසං අපරිභොගාරහතො ච තථා වත්තුං වට්ටතීති දස්සිතං හොති. තස්මිං කිර සූකරමද්දවෙ ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු දෙවතා ඔජං පක්ඛිපිංසු. තස්මා තං අඤ්ඤො කොචි සම්මා ජීරාපෙතුං න සක්කොති, තමත්ථං පකාසෙන්තො සත්ථා පරූපවාදමොචනත්ථං “නාහං තං, චුන්ද, පස්සාමී”තිආදිනා සීහනාදං නදි. යෙ හි පරෙ උපවදෙය්‍යුං “අත්තනා පරිභුත්තාවසෙසං නෙව භික්ඛූනං, න අඤ්ඤෙසං මනුස්සානං අදාසි, ආවාටෙ නිඛණාපෙත්‍වා විනාසෙසී”ති, “තෙසං වචනොකාසො මා හොතූ”ති පරූපවාදමොචනත්ථං සීහනාදං නදි.
තෙන මං පරිවිස යනු ඉන් මා අනුභව කරව. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක්ද යත්, අන් අය කෙරෙහි අනුන් කෙරෙහි කරුණාව හේතුවෙනි. එම කරුණ පෙලෙහි යූ.සේමය. ඔහු විසින් එළවන ලද භික්ෂාවෙන් අනෙකා පරිභෝග කරවීම නුසුදුසු හෙයිනැයි එසේ කියන්ට සුදුසුයැයි දක්වන ලද්දේ වේ. එම සූකර මද්දවයෙහි දෙදහසක් දිවයින් පිරිවර ඇති සිව්මහා දිවයින්හි දේවතාවෝ දිව්‍යඕජස් බහාලූහ. එහෙයින් එය අන්කිසිවෙකුට මනාව දිරවන්ට නොහැකි වේ. එකරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ අන්‍ය දොස් කීම්වලින් මිදීම සඳහා නාහන්තං චුන්ද පස්සාමි යි ආදියෙන් සිහනද නද කළ සේක. යම් ආකාර අන්‍යයන් විසින්, තමා විසින් අනුභවකොට වූ ඉතිරිය භික්ෂූන්ට අන් මිනිසුනටද නුදුන්නේය. වලක් හාරවා විනාශ කළේ යයි දොස් කියන්නාහුය. ඔවුන්ගේ කීමට අවකාශයක් නොවේවායි අන්‍ය දොස් කීම්වලින් මිදීම සඳහා සිහනද නද කළ සේක.
තත්ථ සදෙවකෙතිආදීසු සහ දෙවෙහීති සදෙවකො, සහ මාරෙනාති සමාරකො, සහ බ්රහ්මුනාති සබ්රහ්මකො, සහ සමණබ්රාහ්මණෙහීති සස්සමණබ්රාහ්මණී, පජාතත්තා පජා, සහ දෙවමනුස්සෙහීති සදෙවමනුස්සා. තස්මිං සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය. තත්ථ සදෙවකවචනෙන පඤ්චකාමාවචරදෙවග්ගහණං, සමාරකවචනෙන ඡට්ඨකාමාවචරදෙවග්ගහණං, සබ්රහ්මකවචනෙන බ්රහ්මකායිකාදිබ්රහ්මග්ගහණං, සස්සමණබ්රාහ්මණීවචනෙන සාසනස්ස පච්චත්ථිකපච්චාමිත්තසමණබ්රාහ්මණග්ගහණං සමිතපාපබාහිතපාපසමණබ්රාහ්මණග්ගහණඤ්ච, පජාවචනෙන සත්තලොකග්ගහණං, සදෙවමනුස්සවචනෙන සම්මුතිදෙවඅවසෙසමනුස්සග්ගහණං. එවමෙත්ථ තීහි පදෙහි ඔකාසලොකවසෙන, ද්වීහි පජාවසෙන සත්තලොකො ගහිතොති වෙදිතබ්බො. අපරො නයො – සදෙවකවචනෙන අරූපාවචරලොකො ගහිතො, සමාරකවචනෙන ඡකාමාවචරදෙවලොකො, සබ්රහ්මකවචනෙන රූපී බ්රහ්මලොකො, සස්සමණබ්රාහ්මණවචනෙන චතුපරිසවසෙන සම්මුතිදෙවෙහි සහ මනුස්සලොකො, අවසෙසසත්තලොකො වා ගහිතොති වෙදිතබ්බො.
එහි සදෙවකෙ යනාදීන්හි දෙවියන් සහිත වූයේ නුයි සදෙවකොයි. මාරයා සමග වූයේනුයි සමාරකො යි බ්‍රහ්මයා සමග වූයේනුයි සබ්රහ්මකොයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූයේ නුයි සස්සමණ බ්‍රාහ්මණි යි. ප්‍රජාවට අයිති හෙයින් පජායි. දෙවි මිනිසුන් සහිත වූයේනුයි සදෙව මනුස්සායි. තස්මිං සදෙවකෙ ලොකෙ -පෙ- සදෙව මනුස්සාය, එහි සදෙවක වචනයෙන් පස්වැදෑරුම් කාමාවචර දේවග්රහණයයි. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේව ග්‍රහණයයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්ම කායිකාදී බ්‍රහ්ම ග්‍රහණයයි. සස්සමණ බ්රාහ්මණී වචනයෙන් සස්නට සතුරුපස මිතුරු මහණ බමුණන්ගේ ග්‍රහණයයි. සංසිඳවූ පව් ඇති, බහා තැබූ පව් ඇති මහණ බමුණන්ගේ ග්‍රහණයයි. පජා වචනයෙන් සත්ත්ව ලෝක ග්‍රහණයයි. සදේව මනුස්ස වචනයෙන් සම්මුති දෙවිවරු හා සෙසු මනුෂ්‍ය ග්‍රහණයයි මෙසේ මෙහි තෙපදයන්ගෙන් අවකාශ ලෝක වශයෙන් ද, දෙපදයකින්, ප්‍රජා වශයෙන් ද සත්ත්ව ලෝකය ගන්නා ලදැයි දතයුතුය. වෙනත් ක්‍රමයක්, සදේවක වචනයෙන් අරූපාවචර ලෝකය ගන්නා ලදි. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේවලෝකයන්, සබ්‍රහ්මක වචනයෙන් රූපී බ්‍රහ්ම ලෝකයන්, සස්සමණ බ්‍රාහ්මණ ආදී වචනයෙන් සිව් පිරිස් වශයෙන් සම්මුති දෙවිවරු සහිත මිනිස්ලොව, සෙසු සත්ත්ව ලෝකය හෝ ගන්නා ලදැයි දතුයුතුය.
භුත්තාවිස්සාති භුත්තවතො. ඛරොති ඵරුසො. ආබාධොති විසභාගරොගො. පබාළ්හාති බලවතියො. මාරණන්තිකාති මරණන්තා මරණසමීපපාපනසමත්ථා. සතො සම්පජානො අධිවාසෙසීති සතිං උපට්ඨිතං කත්වා ඤාණෙන පරිච්ඡින්දිත්වා අධිවාසෙසි. අවිහඤ්ඤමානොති වෙදනානුවත්තනවසෙන අසල්ලක්ඛිතධම්මො විය අපරාපරං පරිවත්තනං අකරොන්තො අපීළියමානො අදුක්ඛියමානො විය අධිවාසෙසි. භගවතො හි වෙළුවගාමකෙයෙව තා වෙදනා උප්පන්නා, සමාපත්තිබලෙන පන වික්ඛම්භිතා යාව පරිනිබ්බානදිවසා න උප්පජ්ජිංසු දිවසෙ දිවසෙ සමාපත්තීහි පටිපණාමනතො. තං දිවසං පන පරිනිබ්බායිතුකාමො “කොටිසහස්සහත්ථීනං බලං ධාරෙන්තානං වජිරසඞ්ඝාතසමානකායානං අපරිමිතකාලං උපචිතපුඤ්ඤසම්භාරානම්පි භවෙ සති එවරූපා වෙදනා පවත්තන්ති, කිමඞ්ගං පන අඤ්ඤෙස”න්ති සත්තානං සංවෙගජනනත්ථං සමාපත්තිං න සමාපජ්ජි, තෙන වෙදනා ඛරා වත්තිංසු. ආයාමාති එහි යාම.
භුත්තා විස්ස යනු අනුභව කළහුට ඛරො යනු ඵරුෂ, ආබාධො යනු විසභාග රෝගයක්, බාල්හා යනු බලවත් වූ, මාරණන්තිකා යනු මරණය සමීපයට පැමිණවීමට සමත්, සතො සම්පජානො අධිවාසෙසි යනු සිහිය මනාව පිහිටුවීම කොට නුවණින් පිරිසිඳ ඉවසූ සේක. අවිහඤ්ඤමානො යනු වේදනාව අනුව පැවතීම් වශයෙන්, නොසලකා සිටින ස්වභාව මෙන්, ඔබිනොබ පෙරැළීම් නොකරනුයේ, නොපෙළනු ලබනුයේ මෙන් දුක් පීඩා නොවන්නාක් මෙන් ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේට බේලුව නම් කුඩා ගමෙහිදීම එම වේදනාව උපන්නේය. සමවත් බලයෙන් මැඩ පවත්වන ලදුයේ, පිරිනිවන් දිනය දක්වා එය නොඉපදුනහ. දිනෙන් දින සමාපත්තීන්ගෙන් යටපත් කිරීමෙනි. එදින වනාහි පිරිනිවෙනු කැමැතියේ, කෝටි ලක්ෂයක් හස්තීන්ගේ බල දරන්නා වූ, එකට බැඳි දියමන්ති සමාන ශරීර ඇති ප්‍රමාණ රහිත කාලයක් රැස්කළ පුණ්‍ය රාශීන් ඇතියහුටද, භවය ඇති කල්හි මෙබඳු වේදනා පවතිත්. අනෙක් අය ගැන කියනුම කවරේදැයි සත්ත්වයින්ට සංවේග හටගැන්වීම සඳහා සමවතට සම නොවැදි සේක. එහෙයින් වේදනාව කර්කෂව පැවතුනහ. ආයාම යනු එව යමු.
චුන්දස්ස භත්තං භුඤ්ජිත්වාතිආදිකා අපරභාගෙ ධම්මසඞ්ගාහකෙහි ඨපිතා ගාථා. තත්ථ භුත්තස්ස ච සූකරමද්දවෙනාති භුත්තස්ස උදපාදි, න පන භුත්තපච්චයා. යදි හි අභුත්තස්ස උප්පජ්ජිස්සා, අතිඛරො අභවිස්සා, සිනිද්ධභොජනං පන භුත්තත්තා තනුකා වෙදනා අහොසි, තෙනෙව පදසා ගන්තුං අසක්ඛි. එතෙන ය්වායං “යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතස්සා”ති සීහනාදො නදිතො, තස්ස සාත්ථකතා දස්සිතා. බුද්ධානඤ්හි අට්ඨානෙ ගජ්ජිතං නාම නත්ථි. යස්මා තං පරිභුත්තං භගවතො න කිඤ්චි විකාරං උප්පාදෙසි, කම්මෙන පන ලද්ධොකාසෙන උප්පාදියමානං විකාරං අප්පමත්තතාය උපසමෙන්තො සරීරෙ බලං උප්පාදෙසි, යෙන යථා වක්ඛමානං තිවිධං පයොජනං සම්පාදෙසි, තස්මා සම්මදෙව තං පරිණාමං ගතං, මාරණන්තිකත්තා පන වෙදනානං අවිඤ්ඤාතං අපාකටං අහොසීති. විරිච්චමානොති අභිණ්හං පවත්තලොහිතවිරෙචනොව සමානො. අවොචාති අත්තනා ඉච්ඡිතට්ඨානෙ පරිනිබ්බානත්ථාය එවමාහ.
චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා යනාදිය පසුකල්හි ධර්ම සංග්‍රාහකයින් විසින් තබන ලද ගාථාවන්ය. එහි භුත්තස්සච සූකර මද්දවෙ යනු වළඳන ලද්දහුට හටගත්තේය. වැළඳීම් හේතුවෙන් නොවේ. ඉදින් නොවළඳන ලද්දහුට හටගත්තෙහිද, ඉතා ගොරෝසු වන්නේය. සිනිඳු බොදුනක් වළඳන ලද හෙයින් වේදනාව තුනී විය. එහෙයින් පා වලින් වැඩම කරන්ට හැකි විය. එයින් යම් ආකාර වූ මෙම, එය අනුභව කරන ලද, තථාගතයන් හැර අනෙකෙකුට මනාව දිරවීමට යන්නේදැයි සිහනද නාද කරන ලදුයේ, එහි සාර්ථකත්වය දක්වන ලදහ. බුදුවරුන්ගේ අස්ථානයෙහි ගර්ජනයක් නම් නැත. එය පරිභෝග කරන ලද භාග්‍යවතුන් වහන්සේට කිසි විකෘති ස්වභාවයක් නොඉපදවිය. කර්මයෙන් ලද අවකාශයෙන් උපදවනු ලබන විකෘතිය අප්රමාදතාවයෙන් සන්සිඳවනුයේ ශරීර බල ඉපදවීය. ඉන් යම්සේ කියනු ලබන ත්‍රිවිධ ප්‍රයෝජන ඉටුකරයිද, එහෙයින් එය මනාව දිරවීමට ගියේය. මාරාන්තික වූ වේදනාව අනුවණයින්ට අප්‍රකට වූයේය. විරිච්ච මානො යනු නිතර පැවැති ලේ විරේචනයක් මෙන් පැවැති, අවොච යනු තමා කැමැති තන්හි පිරිනිවීම සඳහා මෙසේ වදාළේය.
කස්මා පන භගවා එවං රොගෙ උප්පන්නෙ කුසිනාරං අගමාසි, කිං අඤ්ඤත්ථ න සක්කා පරිනිබ්බායිතුන්ති? පරිනිබ්බායිතුං නාම න කත්ථචි න සක්කා, එවං පන චින්තෙසි – මයි කුසිනාරං ගතෙ මහාසුදස්සනසුත්තදෙසනාය (දී· නි· 2.241) අට්ඨුප්පත්ති භවිස්සති, තාය යා දෙවලොකෙ අනුභවිතබ්බසදිසා සම්පත්ති මනුස්සලොකෙ මයා අනුභූතා, තං ද්වීහි භාණවාරෙහි පටිමණ්ඩෙත්වා දෙසෙස්සාමි, තං සුත්වා බහූ ජනා කුසලං කත්තබ්බං මඤ්ඤිස්සන්ති. සුභද්දොපි කත්ථ මං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡිත්වා විස්සජ්ජනපරියොසානෙ සරණෙසු පතිට්ඨාය පබ්බජිත්වා ලද්ධූපසම්පදො කම්මට්ඨානං භාවෙත්වා මයි ධරන්තෙයෙව අරහත්තං පත්වා පච්ඡිමසාවකො නාම භවිස්සති. අඤ්ඤත්ථ මයි පරිනිබ්බුතෙ ධාතුනිමිත්තං මහාකලහො භවිස්සති, ලොහිතං නදී විය සන්දිස්සති. කුසිනාරායං පන පරිනිබ්බුතෙ දොණබ්රාහ්මණො තං විවාදං වූපසමෙත්වා ධාතුයො විභජිත්වා දස්සතීති ඉමානි තීණි කාරණානි පස්සන්තො භගවා මහතා උස්සාහෙන කුසිනාරං අගමාසි.
කවර හෙයින් වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ රෝගය උපන්කල්හි කුසිනාරාවට වැඩම කළසේක්ද, කිමෙක්ද පිරිනිවෙන්නට නොහැක්කෙහිද? පිරිනිවෙන්ට නම් කිසිතැනක නොහැකි නොවනු ඇත. මෙසේ සිතූ සේක. මා කුසිනාරාවට ගියකල්හි මහා සුදර්ශන සූත්‍ර දේශනාවට අර්ථෝත්පත්ති වන්නේය. ඉන් යම් ආකාර වූ දෙව්ලොවෙහි අනුභව කළයුතු සමාන සැප සම්පත් මවිසින් මිනිස් ලොවැ අනුභව කරන ලදි. එය දෙබනවරෙකින් මනාව සරසා දෙසන්නෙමි. එය අසා බොහෝ ජනතාව කුසල් කළයුතුයැයි හඟින්නාහ. සුභද්‍ර ද එහි මා කරා එළැඹ ප්‍රශ්න විචාරා, විසඳුම් කෙළවර තිසරණයන්හි පිහිටා පැවිදිව ලද උපසම්පදා ඇතියේ කමටහන් වඩා මා ජීවමාන කල්හිම අර්හත්වයට පත්ව පශ්චිම ශ්රාවකයා නම් වන්නේය. අන් තන්හි මා පිරිනිවි කල්හි ධාතු නිමිතිකොට මහා කලහයක් වන්නේය. ලෙය නදියක් මෙන් ගලන්නේය. කුසිනාරාහි පිරිනිව් කල්හි ද්‍රෝණ බමුණු තෙමේ විවාදය සංසිඳුවා ධාතූන් බෙදා දෙන්නේ යයි මෙම කාරණාත්රයය දක්නේ මහත් උත්සාහයෙන් කුසිනාරාවට වැඩම කළ සේක.
ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො. කිලන්තොස්මීති පරිස්සන්තො අස්මි. තෙන යථාවුත්තවෙදනානං බලවභාවං එව දස්සෙති. භගවා හි අත්තනො ආනුභාවෙන තදා පදසා අගමාසි, අඤ්ඤෙසං පන යථා පදුද්ධාරම්පි කාතුං න සක්කා, තථා වෙදනා තිඛිණා ඛරා කටුකා වත්තිංසු. තෙනෙවාහ “නිසීදිස්සාමී”ති.
ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතයි. කිලන්තොස්මි යනු වෙහෙසට පත්වූයෙමි. ඉන් කියන ලද ආකාර ඇති වේදනාවන්ගේ බලවත්භාවයම දක්වයි. භාග්‍යවතුන් වහන්සේ තම ආනුභාවයෙන් එකල පාදවලින් වැඩම කළ සේක. අන් අයට වනාහි යම්සේ පියවර එසවීම හෝ කිරීමට නොහැකි වේද, එබඳු වූ වේදනාව, තීක්ෂණව, රළුව, කටුකව පැවතුනහ. එහෙයින්ම නිසීදිස්සාමි යි වදාළ සේක.
ඉදානීති අධුනා. ලුළිතන්ති මද්දිතං විය ආකුලං. ආවිලන්ති ආලුලං. අච්ඡොදකාති තනුපසන්නසලිලා. සාතොදකාති මධුරතොයා. සීතොදකාති සීතලජලා. සෙතොදකාති නික්කද්දමා . උදකඤ්හි සභාවතො සෙතවණ්ණං, භූමිවසෙන කද්දමාවිලතාය ච අඤ්ඤාදිසං හොති, කකුධාපි නදී විමලවාලිකා සමොකිණ්ණා සෙතවණ්ණා සන්දති. තෙන වුත්තං “සෙතොදකා”ති. සුපතිත්ථාති සුන්දරතිත්ථා. රමණීයාති මනොහරභූමිභාගතාය රමිතබ්බා යථාවුත්තඋදකසම්පත්තියා ච මනොරමා.
ඉදානි යනු දැන්, ලුළිතං යනු මඬනා ලද්දක් මෙන් ආකූල වූයේ ආවිලං යනු මඩ, අච්ඡොදිකා යනු තුනී ප්‍රසන්න දිය සාතොදිකා යනු මිහිරි දිය, සීතොදිකා සිසිල් දිය, සෙතොදිකා මඩ රහිත, දිය වනාහි ස්වභාවයෙන් ශ්වේත වර්ණය භූමි වශයෙන් මඩ කැළඹීමෙන්ද අන්යාකාරයක් වේ. කුකුත්ථා නදියද පිරිසිදු වැලිවලින් ගැවසී ගත්තේ ශ්වේත වර්ණව ගලාබසියි. එහෙයින් සෙතොදිකායි යූ.සේයි. සුපතිත්ථො යනු සුන්දර තොට, රමණීයානි මනහර බිම්කඩ හෙයින් ද සිත් ඇලවිය යුතු හෙයින් ද, කියන ලද ආකාර ඇති ජල සම්පත්තියෙන්ද සිත් අලවන,
කිලන්තොස්මි චුන්දක, නිපජ්ජිස්සාමීති තථාගතස්ස හි –
කිලන්තොස්මි චුන්ද නිපජ්ජිස්සාමි යන මෙහි, තථාගතයන් වහන්සේට වනාහි -
“කාළාවකඤ්ච ගඞ්ගෙය්යං, පණ්ඩරං තම්බපිඞ්ගලං; ගන්ධමඞ්ගලහෙමඤ්ච, උපොසථඡද්දන්තිමෙ දසා”ති. –
කාලාවකඤ්ච ගංගෙය්‍යං - පණ්ඩරං තම්බපිංගලං ගන්ධ මංගල හෙමඤ්ච - උපොසථ ඡද්දන්තෙන චෙති
එවං වුත්තෙසු දසසු හත්ථිකුලෙසු කාළාවකසඞ්ඛාතානං යං දසන්නං පකතිහත්ථීනං බලං, තං එකස්ස ගඞ්ගෙය්යස්සාති එවං දසගුණිතාය ගණනාය පකතිහත්ථීනං කොටිසහස්සබලප්පමාණං සරීරබලං. තං සබ්බම්පි තස්මිං දිවසෙ පච්ඡාභත්තතො පට්ඨාය චඞ්ගවාරෙ පක්ඛිත්තඋදකං විය පරික්ඛයං ගතං. පාවාය තිගාවුතෙ කුසිනාරා. එතස්මිං අන්තරෙ පඤ්චවීසතියා ඨානෙසු නිසීදිත්වා මහන්තං උස්සාහං කත්වා ආගච්ඡන්තො සූරියත්ථඞ්ගමනවෙලාය භගවා කුසිනාරං පාපුණීති එවං “රොගො නාම සබ්බං ආරොග්යං මද්දන්තො ආගච්ඡතී”ති ඉමමත්ථං දස්සෙන්තො සදෙවකස්ස ලොකස්ස සංවෙගකරං වාචං භාසන්තො “කිලන්තොස්මි, චුන්දක, නිපජ්ජිස්සාමී”ති ආහ.
මෙසේ කියන ලද, දස ඇත් කුලයන් අතර, කාලාවක සංඛ්‍යාත යම් දස ප්‍රකෘති හස්තීන්ගේ බලය, එම එක ගංගෙය්‍ය ඇතුට වේයයි මෙසේ දස ගුණයෙන් ගණනය කළ කල්හි ප්‍රකෘති ඇතුන් කෝටි දහසක බල ප්‍රමාණ ශරීර බලයක් වේද, එම සියල්ලම එම දිනයෙහි පසුබත්හි සිට කිරිගොට්ටට බහාලන ලද දිය මෙන් ක්ෂය විය. පාවාහි සිට කුසිනාරාවට තෙගව්වකි. ඒ අතරත පස්විසි තැනක වැඩහිඳ, මහත් උත්සාහයක් කොට වැඩමවනුයේ හිරු අවරට යන වේලායෙහි, භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවට පැමිණි සේක. මෙසේ රෝගය නම් සියලු නිරෝගතා මර්දනය කරමින්, පැමිණේයයි යන මෙකරුණ දක්වනුයේ, දෙවියන් සහිත ලෝකයාට සංවේගකර වචනයක් වදාරනුයේ, කිලන්තොස්මි චුන්ද නිපජ්ජිස්සාමි යි, චුන්දය ක්ලාන්ත වූයෙමි. වැදහොවින්නෙමියි වදාළේය.
සීහසෙය්යන්ති එත්ථ කාමභොගීසෙය්යා පෙතසෙය්‍යා තථාගතසෙය්‍යා සීහසෙය්යාති චතස්සො සෙය්යා. තත්ථ “යෙභුය්යෙන, භික්ඛවෙ, කාමභොගී වාමෙන පස්සෙන සෙය්යං කප්පෙන්තී”ති (අ· නි· 4.246) අයං කාමභොගීසෙය්යා. “යෙභුය්යෙන , භික්ඛවෙ, පෙතා උත්තානා සෙන්තී”ති (අ· නි· 4.246) අයං පෙතසෙය්‍යා. චතුත්ථජ්ඣානං තථාගතසෙය්‍යා. “සීහො, භික්ඛවෙ, මිගරාජා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙතී”ති (අ· නි· 4.246) අයං සීහසෙය්‍යා. අයඤ්හි තෙජුස්සදඉරියාපථත්තා උත්තමසෙය්යා නාම. තෙන වුත්තං – “දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසී”ති. පාදෙ පාදන්ති දක්ඛිණපාදෙ වාමපාදං. අච්චාධායාති අතිආධාය, ගොප්ඵකං අතික්කම්ම ඨපෙත්වා. ගොප්ඵකෙන හි ගොප්ඵකෙ, ජාණුනා ජාණුම්හි සඞ්ඝට්ටියමානෙ අභිණ්හං වෙදනා උප්පජ්ජන්ති , සෙය්යා ඵාසුකා න හොති. යථා පන න සඞ්ඝට්ටෙති, එවං අතික්කම්ම ඨපිතෙ වෙදනා නුප්පජ්ජන්ති, සෙය්යා ඵාසුකා හොති. තස්මා එවං නිපජ්ජි.
සීහ සෙය්යං යන මෙහි, කාමභෝගී සයනය, ප්‍රේත සයනය, තථාගත සයනය, සීහ සයනය යැයි සයනාවස්ථා (නිදීම්) සතරෙකි. එහි බොහෝ සෙයින් කාමභෝගී පුද්ගලයා වම්පසට හැරී සයනය කරයි. මෙය කාමභෝගී සයනයයි. මහණෙනි, බොහෝ සෙයින් ප්‍රේතයෝ උඩුකුරුව සයනය කරයි. මෙය ප්‍රේත සයනයයි. චතුර්ථ ධ්‍යානය, තථාගත සයනයයි. මහණෙනි, මෘගරාජ සිංහයා දකුණුපසින් (දකුණට හැරී) සයනය කරයි. මෙය සිංහ සයනයයි. මෙය තෙදින් පිරුණු ඉරියව්වක් හෙයින් උතුම් සයනය නමැ. එහෙයින් දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි යි යූ.සේයි. පාදෙ පාදං යනු දකුණු පාදයෙහි වම් පාදය තබා, අච්චාධාය යනු මඳක් පාසා ගොප්ඇටය ඉක්මවා තබා. ගොප්ඇටයෙන් ගොප්ඇටය දණින් දණ ගැටෙනකල්හි නිතර වේදනා උපදිති. සයනය පහසු නොවේ. යම්සේ වනාහි නොගැටේද, එසේ මඳක් ඉක්මවා තැබූ කල්හි වේදනා නූපදති. සයනය පහසු වේ. එහෙයින් එසේ වැදහෙව.
ගන්ත්වාන බුද්ධොති ඉමා ගාථා අපරභාගෙ ධම්මසඞ්ගාහකෙහි ඨපිතා. තත්ථ නදිකන්ති නදිං. අප්පටිමොධ ලොකෙති අප්පටිමො ඉධ ඉමස්මිං සදෙවකෙ ලොකෙ. න්හත්වා ච පිවිත්වා චුදතාරීති ගත්තානං සීතිකරණවසෙන න්හත්වා ච පානීයං පිවිත්වා ච නදිතො උත්තරි. තදා කිර භගවති න්හායන්තෙ අන්තොනදියං මච්ඡකච්ඡපා, උදකං, උභොසු තීරෙසු වනසණ්ඩො, සබ්බො ච සො භූමිභාගොති සබ්බං සුවණ්ණවණ්ණමෙව අහොසි. පුරක්ඛතොති ගුණවිසිට්ඨසත්තුත්තමගරුභාවතො සදෙවකෙන ලොකෙන පූජාසම්මානවසෙන පුරක්ඛතො. භික්ඛුගණස්ස මජ්ඣෙති භික්ඛුසඞ්ඝස්ස මජ්ඣෙ. තදා භික්ඛූ භගවතො වෙදනානං අධිමත්තභාවං විදිත්වා ආසන්නා හුත්වා සමන්තතො පරිවාරෙත්වාව ගච්ඡන්ති. සත්ථාති දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි සත්තානං අනුසාසනතො සත්ථා. පවත්තා භගවා ඉධ ධම්මෙති භාග්යවන්තතාදීහි භගවා ඉධ සීලාදිසාසනධම්මෙ පවත්තා, ධම්මෙ වා චතුරාසීතිධම්මක්ඛන්ධසහස්සානි පවත්තා පවත්තෙතා. අම්බවනන්ති තස්සා එව නදියා තීරෙ අම්බවනං. ආමන්තයි චුන්දකන්ති තස්මිං කිර ඛණෙ ආයස්මා ආනන්දො උදකසාටිකං පීළෙන්තො ඔහීයි, චුන්දකත්ථෙරො සමීපෙ අහොසි. තස්මා තං භගවා ආමන්තයි. පමුඛෙ නිසීදීති වත්තසීසෙන සත්ථු පුරතො නිසීදි “කිං නු ඛො සත්ථා ආණාපෙතී”ති. එත්තාවතා ධම්මභණ්ඩාගාරිකො අනුප්පත්තො. එවං අනුප්පත්තං අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි.
‘ගන්ත්වාන බුද්ධො’ යන මෙම ගාථා පසුකල්හි ධර්ම සංග්‍රාහකයින් විසින් තබන ලදහ. එහි නදිකං යනු නදියට, අප්පටිමොධ ලොකෙ යනු මෙම දෙවියන් සහිත ලෝකයා අතරෙහි සමානයෙක නොමැති, නහාවොච පිවිත්වාච උදතාරී යනු සිරුර සිසිල් කිරීම් වශයෙන් ස්නානය කොට පැන් පානයකොට ගඟින් එතෙර වූ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැන් සනහන කල්හි නදිය තුළ මස් කැසුබුහු දෙතෙර දියෙහි පිහිනන්නාහු එම භූමි ප්‍රදේශය සියල්ල වනලැහැබක් මෙන් රන්වන් වූයේම විය. පුරක්ඛතො යනු ගුණයන්ගෙන් විශිෂ්ට සත්වෝත්තම ගරු කළයුතු ස්වභාවයෙන්, දෙවියන් සහිත ලෝකයා විසින් පිදීම් බුහුමන් කිරීම් වශයෙන් පෙරටු කරන ලදුයේ, භික්ඛු ගණස්ස මජ්ඣෙ භික්ෂු සංඝයා මධ්‍යයෙහි, එකලැ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වේදනාවන්ගේ අධිමාත්‍ර භාවය දැන ආසන්න වී හාත්පස පිරිවරන ලදුයේම යෙති. සත්ථා යනු ඉහාත්ම හා මරණින් මතු භවයන්හි දියුණුවට අදාළව උතුම් අර්ථයන්ගෙන් සත්ත්වයින්ට අනුසාසනා කරන හෙයින් සත්ථායි. පවත්තා යනු ප්රවකතෘ වූ - මනාව දෙසන්නා වූ. භගවාච ධම්මෙ යනු භාග්‍යවත් ආදියෙන් භගවායි. මෙහි සීලාදී සාසන ධර්මයන් පැවැත්වූ දේශනා කළ, අසූහාර දහසක් ධර්මස්කන්ධයන් පවත්වන ලද (දේශනා කරන ලද) අම්බවනං එම නදීතෙර පිහිටි අඹවනය, ආමන්තයි චුන්දකං යනු එකෙණෙහි ආයුෂ්මත් ආනන්දයන් දිය සලුව විහිදුවමින් ගඟට බැස්සේය. චුන්දක තෙරුන් සමීපයෙහි වූයේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහු ඇමතීය. පමුඛෙ නිසීදි යනු කිමෙක්ද ශාස්තෲන් වහන්සේ අණ කෙරෙත්දැයි වත් ශීර්ෂයෙන් ඉදිරියෙහි හුන්නේය. මෙපමණෙකින් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමි පැමිණියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැමිණි ආයුෂ්මත් ආනන්දට ආමන්ත්‍රණය කළ සේක.
උපදහෙය්යාති උප්පාදෙය්ය, විප්පටිසාරස්ස උප්පාදකො කොචි පුරිසො සියා අපි භවෙය්ය. අලාභාති යෙ අඤ්ඤෙසං දානං දදන්තානං දානානිසංසසඞ්ඛාතා ලාභා හොන්ති, තෙ අලාභා. දුල්ලද්ධන්ති පුඤ්ඤවිසෙසෙන ලද්ධම්පි මනුස්සත්තං දුල්ලද්ධං. යස්ස තෙති යස්ස තව. උත්තණ්ඩුලං වා අතිකිලින්නං වා කො තං ජානාති, කීදිසම්පි පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො පරිනිබ්බුතො, අද්ධා තෙන යං වා තං වා දින්නං භවිස්සතීති. ලාභාති දිට්ඨධම්මිකසම්පරායිකා දානානිසංසසඞ්ඛාතා ලාභා. සුලද්ධන්ති තුය්හං මනුස්සත්තං සුලද්ධං. සම්මුඛාති සම්මුඛතො, න අනුස්සවෙන න පරම්පරායාති අත්ථො. මෙතන්ති මෙ එතං මයා එතං. ද්වෙමෙති ද්වෙ ඉමෙ. සමසමඵලාති සබ්බාකාරෙන සමානඵලා.
උපදහෙය්ය යනු උපදවන්නේය. විපිළිසර උපදවන කිසියම් පුරුෂයෙක් සියා වන්නේ නම්, අලාභා යනු දන් දෙන්නා වූ අන්‍යයන්ට දානානිසංස සංඛ්‍යාත ලාභ වෙති. නුඹට අලාභය. දුල්ලද්ධං යනු පුණ්‍ය විශේෂයකින් ලද මනුෂ්‍යත්වය නොයහපත්කොට ලබන ලදි. යස්සතෙ යම් ආකාර වූ නුඹ විසින්, කවරාකාර වූ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවි සේක්ද, නො තැම්බුණු සහලින් හෝ තෙත් වූ සහලින්දැයි කවරෙක් එය දනීද, ඒකාන්තයෙන් ඔහු විසින් කවර කවර හෝ දැයක් දෙන ලද්දේ වන්නේය. ලාභා යනු ඉහාත්ම හා මරණින් මතු දානානිසංස සංඛ්‍යාත ලාභයන්, සුලද්ධං යනු නුඹගේ මනුෂ්‍යාත්මය මනාසේ ලබන ලදි. සම්මුඛා යනු හමුයෙන් අනුශ්‍රවයෙන් නොවේ. පරම්පරායෙන් නොවේයයි අර්ථයි. මෙතං යනු මා විසින් එය. මා විසින් එය. ද්වෙමෙ මෙම ද්වයය. සමඵලා යනු සර්වාකාරයෙන් සමාන ඵල,
නනු ච යං සුජාතාය දින්නං පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අභිසම්බුද්ධො, තං කිලෙසානං අප්පහීනකාලෙ දානං, ඉදං පන චුන්දස්ස දානං ඛීණාසවකාලෙ, කස්මා එතානි සමඵලානීති? පරිනිබ්බානසමතාය සමාපත්තිසමතාය අනුස්සරණසමතාය ච. භගවා හි සුජාතාය දින්නං පිණ්ඩපාතං භුඤ්ජිත්වා සඋපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො, චුන්දෙන දින්නං භුඤ්ජිත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතොති එවං පරිනිබ්බානසමතායපි සමඵලානි. අභිසම්බුජ්ඣනදිවසෙ ච අග්ගමග්ගස්ස හෙතුභූතා චතුවීසතිකොටිසතසහස්සසඞ්ඛා සමාපත්තියො සමාපජ්ජි, පරිනිබ්බානදිවසෙපි සබ්බා තා සමාපජ්ජි. එවං සමාපත්තිසමතායපි සමඵලානි. වුත්තඤ්හෙතං භගවතා –
යම් ආකාර වූ සුජාතාව විසින් දෙන ලද පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළෙහිද, එය කෙලෙස් අප්‍රහීණ කාලයෙහි දානයයි. චුන්දගේ මෙම දානය වනාහි ක්ෂීණාශ්රව කාලයෙහිය. කවර හෙයින් ඒවා සමඵල විනිද? පරිනිර්වාණ සමතාවයෙන්ද, සමවත් සමවතාවයෙන්ද, අනුස්මරණ සමතාවයෙන්ද වේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි සුජාතාව විසින් දෙන ලද පිණ්ඩපාතය වළඳා ඉතිරි වූ ස්කන්ධ පමණක් ඇති, නිර්වාණ ධාතුවෙන් පරිනිවි සේක. චුන්ද විසින් දෙන ලද්ද වළඳා ඉතිරි වූ ග්‍රහණයක් නොමැති නිර්වාණ ධාතුවෙන් පිරිනිවියේ යයි මෙසේ පරිනිර්වාණයාගේ සමතායෙන් ද සමඵල වේ. බුද්ධත්වය අවබෝධ කරන දිනයෙහිද අග්‍ර මාර්ගයට හේතු වූ සිව් විසි කෝටි ලක්ෂ සංඛ්‍යාත සමාපත්තීන්ට සමවැදිණි. පරිනිර්වාණා දිනද එම සියලු සමවත්වලට සමවැදිණි. මෙසේ සමවත් සමතායෙන් ද සමඵල වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් යූ.සේයි -
“යස්ස චෙතං පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා අනුත්තරං අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො”තිආදි. –
“යමෙකුගේ එම පිණ්ඩපාතය වළඳා අනුත්තර අප්‍රමාණ චිත්ත සමාධීන්ට එළැඹ වාසය කෙළෙම්ද, ඔහුට අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල් ප්‍රවාහයක්” යනාදිය.
සුජාතා ච අපරභාගෙ අස්සොසි “න කිර සා රුක්ඛදෙවතා, බොධිසත්තො කිරෙස, තං කිර පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, සත්තසත්තාහං කිරස්ස තෙන යාපනා අහොසී”ති. තස්සා ඉදං සුත්වා “ලාභා වත මෙ”ති අනුස්සරන්තියා බලවපීතිසොමනස්සං උදපාදි. චුන්දස්සපි අපරභාගෙ “අවසානපිණ්ඩපාතො කිර මයා දින්නො, ධම්මසීසං කිර මයා ගහිතං, මය්හං කිර පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා සත්ථා අත්තනා චිරකාලාභිපත්ථිතාය අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො”ති සුත්වා “ලාභා වත මෙ”ති අනුස්සරතො බලවපීතිසොමනස්සං උදපාදි. එවං අනුස්සරණසමතායපි සමඵලානි ද්වෙපි පිණ්ඩපාතදානානීති වෙදිතබ්බානි.
සුජාතාව පසුකල්හි ඒ රුක් දෙවියකු නොවේය. බෝසත් තෙම පිණ්ඩපාතය වළඳා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන ලදි. සත් සතියක් ඉන් ඔහුගේ යැපීම වූයේ යයි ඇසීය. ඇයට මෙය අසා, මට ඉතා ලාභයකැයි සිහි කරන්නී බලවත් ප්‍රීති සොම්නසක් හටගත්තේය. චුන්දටද පසුකල්හි අවසන් පිණ්ඩපාතය මවිසින් දෙන ලදැයිද, මවිසින් ධර්ම ශීර්ෂය ගන්නා ලදි. මාගේ පිණ්ඩපාතය වළඳා ශාස්තෲන් වහන්සේ බොහෝ කාලයක් තුළ අවබෝධ කළ ධර්මය සහිතව වැඩ සිට, ඉතිරි ඉතිරි වූ ග්‍රහණයක් නැති නිර්වාණ ධාතුවෙන් පිරිනිවියේ යැයි අසා, මට ඉතා ලාභයකැයි සිහි කරනුයේ බලවත් ප්‍රීති සොම්නසක් හටගති. මෙසේ සිහිකිරීම් සමතාවයෙන්ද, පිණ්ඩපාත දාන ද්වයයම සමඵල යැයි දතයුත්තාහ.
ආයුසංවත්තනිකන්ති දීඝායුකසංවත්තනිකං. උපචිතන්ති පසුතං උප්පාදිතං. යසසංවත්තනිකන්ති පරිවාරසංවත්තනිකං. ආධිපතෙය්යසංවත්තනිකන්ති සෙට්ඨභාවසංවත්තනිකං.
ආයු සංව්තතනිකං යනු දීර්ඝායු සඳහා පවත්නා. උපචිතං යනු රැස්කරන ලද, උපදවන ලද, යස සංවත්තනිකං පිරිවර සඳහා පවත්නා, ආධිපතෙය්‍ය සංවත්තනිකං යනු ශ්‍රේෂ්ඨභාවය සඳහා පවත්නා,
එතමත්ථං විදිත්වාති එතං දානස්ස මහප්ඵලතඤ්චෙව සීලාදිගුණෙහි අත්තනො ච අනුත්තරදක්ඛිණෙය්යභාවං අනුපාදාපරිනිබ්බානඤ්චාති තිවිධම්පි අත්ථං සබ්බාකාරතො විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු ශ්‍රේෂ්ඨ භාවය සඳහා පවත්නා, එතමත්ථං විදිත්වා යනු එම දානයෙහි මහත් ඵලතාවයද, සීලාදී ගුණයන්ගෙන් තමාගේ අනුත්තර දක්ෂිණෙය්ය භාවයද, අනුපාදා පරිනිර්වාණයද යන තෙවැදෑරුම් වූද අර්ථය සියලු ආකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ දදතො පුඤ්ඤං පවඩ්ඪතීති දානං දෙන්තස්ස චිත්තසම්පත්තියා ච දක්ඛිණෙය්යසම්පත්තියා ච දානමයං පුඤ්ඤං උපචීයති, මහප්ඵලතරඤ්ච මහානිසංසතරඤ්ච හොතීති අත්ථො. අථ වා දදතො පුඤ්ඤං පවඩ්ඪතීති දෙය්යධම්මං පරිච්චජන්තො පරිච්චාගචෙතනාය බහුලීකතාය අනුක්කමෙන සබ්බත්ථ අනාපත්තිබහුලො සුවිසුද්ධසීලං රක්ඛිත්වා සමථවිපස්සනඤ්ච භාවෙතුං සක්කොතීති තස්ස දානාදිවසෙන තිවිධම්පි පුඤ්ඤං අභිවඩ්ඪතීති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. සංයමතොති සීලසංයමෙන සංයමන්තස්ස, සංවරෙ ඨිතස්සාති අත්ථො. වෙරං න චීයතීති පඤ්චවිධවෙරං න පවඩ්ඪති, අදොසපධානත්තා වා අධිසීලස්ස කායවාචාචිත්තෙහි සයංමන්තො සුවිසුද්ධසීලො ඛන්තිබහුලතාය කෙනචි වෙරං න කරොති, කුතො තස්ස උපචයො. තස්මා තස්ස සංයමතො සංයමන්තස්ස, සංයමහෙතු වා වෙරං න චීයති. කුසලො ච ජහාති පාපකන්ති කුසලො පන ඤාණසම්පන්නො සුවිසුද්ධසීලෙ පතිට්ඨිතො අට්ඨතිංසාය ආරම්මණෙසු අත්තනො අනුරූපං කම්මට්ඨානං ගහෙත්වා උපචාරප්පනාභෙදං ඣානං සම්පාදෙන්තො පාපකං ලාමකං කාමච්ඡන්දාදිඅකුසලං වික්ඛම්භනවසෙන ජහාති පරිච්චජති. සො තමෙව ඣානං පාදකං කත්වා සඞ්ඛාරෙසු ඛයවයං පට්ඨපෙත්වා විපස්සනාය කම්මං කරොන්තො විපස්සනං උස්සුක්කාපෙත්වා අරියමග්ගෙන අනවසෙසං පාපකං ලාමකං අකුසලං සමුච්ඡෙදවසෙන ජහාති. රාගදොසමොහක්ඛයා ස නිබ්බුතොති සො එවං පාපකං පජහිත්වා රාගාදීනං ඛයා අනවසෙසකිලෙසනිබ්බානෙන, තතො පරං ඛන්ධනිබ්බානෙන ච නිබ්බුතො හොතීති එවං භගවා චුන්දස්ස ච දක්ඛිණසම්පත්තිං, අත්තනො ච දක්ඛිණෙය්යසම්පත්තිං නිස්සාය පීතිවෙගවිස්සට්ඨං උදානං උදානෙසි.
එහි දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු දන් දෙන්නහුට චිත්ත සම්පත්තියෙන්, දක්ෂිණෙය්ය සම්පත්තියෙන් ද දානමය පුණ්‍යය රැස් කෙරේ. මහත්ඵලතර, මහානිසංසතර වේයයි අර්ථයි. නොහොත් පරිත්යාගීහුට පින් මනාව වැඩේ යයි යන දිය යුතු දෙය පරිත්‍යාග කරන්නහු විසින් පරිත්‍යාග චේතනාව පුරුදු කළ කල්හි අනුක්රමයෙන් හැම තැන දෝෂයන්ට නොපැමිණීම් බහුල වූයේ ඉතා පිරිසිදු සීලය රැක සමථ විදර්ශනාද වඩන්ට හැකිවේයයි ඔහුට දානාදී වශයෙන් තෙවැදෑරුම් වූ ද පුණ්‍යය මනාව වර්ධනය වේයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. සංයමතො යනු සඤ්ඤමතො යනු සීල නමැති සංවරයෙන් හික්මෙන්නහුට, සංවරයෙහි සිටියහුටයයි අර්ථයි. වෙරං නචීයති යනු අද්වේෂය ප්‍රධාන හෙයින් අධි සිල්වත්හුට පස්වැදෑරුම් වෛරය නොපවතියි. කාය, වාග්, චිත්තයන්ගෙන් සංවර වන්නා වූ සුවිශුද්ධ සිල්වත් තෙමේ ක්ෂාන්ති බහුල හෙයින් කිසිවෙකුටත් වෛර නොකරයි. ඔහුට රැස් කිරීමක් කොයින්ද? එහෙයින් සංවර වන්නා වූ ඔහුට සංවර හේතුවෙන් හෝ වෛරයක් නොපවතියි. කුසලො ජාහාති පාපකං යනු නුවණැති දක්ෂයා සුපිරිසිදු සීලයෙහි පිහිටියේ අටතිස් අරමුණුවල, තමාට සුදුසු කමටහනක් ගෙන, උපචාර, අර්පණා ප්‍රභේද ධ්‍යානය සම්පාදනය කරනුයේ පාපකං ලාමක කාමච්ඡන්දාදී අකුසලයන් විෂ්කම්භන වශයෙන් ජහාති අත්හරියි. හෙතෙම එම ධ්‍යාන යම පාදකකොට සංස්කාරයන්හි ක්ෂය ව්‍යය පිහිටුවා විදර්ශනාවට ක්‍රියා කරනුයේ විදර්ශනාව ඔසවා ආර්ය මාර්ගයෙන් ශේෂ රහිතව පාපී, ලාමක අකුසල් නැසීම් වශයෙන් දුරු කරයි. රාග දොස මොහක්ඛයා පරිනිබ්බුතො යනු හෙතෙම මෙසේ පව් දුරුකොට රාගාදීන්ගේ ක්ෂය කිරීමෙන් ශේෂ රහිතව කෙලෙස් පිරිනිවීමෙන්ද, ඉන් මත්තෙහි ස්කන්ධ පරිනිර්වාණයෙන්ද නිවුණේ වේයයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ චුන්දගේ දක්ෂිණා සම්පත්තිය ඇසිරිකොට තමාගේද, දක්ෂිණෙය්ය සම්පත්තිය ද, ඇසිරි කොට, ප්‍රීති වේගයෙන් මුදාහළ උදන් ඇනූ සේක.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.