2. දුතියනිබ්බානපසුත්තවණ්ණනා අට්ඨකථා
2. දුතියනිබ්බානපසුත්තවණ්ණනා
2. දෙවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
දුතියෙ ඉමං උදානන්ති ඉමං නිබ්බානස්ස පකතියා ගම්භීරභාවතො දුද්දසභාවදීපනං උදානං උදානෙසි. තත්ථ දුද්දසන්ති සභාවගම්භීරත්තා අතිසුඛුමසණ්හසභාවත්තා ච අනුපචිතඤාණසම්භාරෙහි පස්සිතුං න සක්කාති දුද්දසං. වුත්තඤ්හෙතං – “තඤ්හි තෙ, මාගණ්ඩිය, අරියං පඤ්ඤාචක්ඛු නත්ථි, යෙන ත්වං ආරොග්යං ජානෙය්යාසි, නිබ්බානම්පි පස්සෙය්යාසී”ති (ම· නි· 2.218). අපරම්පි වුත්තං – “ඉදම්පි ඛො ඨානං දුද්දසං, යදිදං සබ්බසඞ්ඛාරසමථො”තිආදි (මහාව· 8; ම· නි· 1.281; 2.337). අනතන්ති රූපාදිආරම්මණෙසු, කාමාදීසු ච භවෙසු නමනතො තන්නින්නභාවෙන පවත්තිතො සත්තානඤ්ච තත්ථ නමනතො තණ්හා නතා නාම, නත්ථි එත්ථ නතාති අනතං, නිබ්බානන්ති අත්ථො. “අනන්ත”න්තිපි පඨන්ති, නිච්චසභාවත්තා අන්තවිරහිතං, අචවනධම්මං නිරොධං අමතන්ති අත්ථො. කෙචි පන “අනන්ත”න්ති පදස්ස “අප්පමාණ”න්ති අත්ථං වදන්ති. එත්ථ ච “දුද්දස”න්ති ඉමිනා පඤ්ඤාය දුබ්බලීකරණෙහි රාගාදිකිලෙසෙහි චිරකාලභාවිතත්තා සත්තානං අපච්චයභාවනා න සුකරාති නිබ්බානස්ස කිච්ඡෙන අධිගමනීයතං දස්සෙති. න හි සච්චං සුදස්සනන්ති ඉමිනාපි තමෙවත්ථං පාකටං කරොති. තත්ථ සච්චන්ති නිබ්බානං. තඤ්හි කෙනචි පරියායෙන අසන්තසභාවාභාවතො එකන්තෙනෙව සන්තත්තා අවිපරීතට්ඨෙන සච්චං. න හි තං සුදස්සනං න සුඛෙන පස්සිතබ්බං, සුචිරම්පි කාලං පුඤ්ඤඤාණසම්භාරෙ සමානෙන්තෙහිපි කසිරෙනෙව සමධිගන්තබ්බතො. තථා හි වුත්තං භගවතා – “කිච්ඡෙන මෙ අධිගත”න්ති (මහාව· 8; ම· නි· 1.281; 2.337).
දෙවැන්නෙහි ඉමං උදානං යනු මෙය නිවනෙහි ප්‍රකෘතියෙන් ගැඹුරු ස්වභාව හෙයින් දැක්ම දුෂ්කර බව දැක්වීමට උදන් ඇනූ සේක. එහි දුද්දසං යනු ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින්, රැස්නොකළ ඥාන රාශීන්ගෙන් දක්නට නොහැක්කේනුයි දුද්දසං යි යූ.සේයි. යමක් කරණකොට නුඹ ආරොග්යතාවය දන්නෙහිද, නිර්වාණය ද දකින්නෙහිය. එසේනම් මාගන්දිය එබඳු වූ ආර්ය පැණසක් නුඹට නැත. අනෙකක් ද යූ.සේයි. ‘යම් ආකාර වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද යන මෙම කරුණද දැක්ම දුෂ්කරය ආදියයි. අන්තං යනු රූපාදී අරමුණුවලද, කාමාදී භවයන්හිද නැමෙන හෙයින්, එහි නැඹුරු වූ ස්වභාවයෙන් පවත්නා හෙයින්, සත්ත්වයෝ ද එහි නැමෙන හෙයින් තෘෂ්ණාව නතානමැ. මෙහි නතා නොමැතිනුයි අන්තංයි. නිර්වාණ යනු අර්ථයි. අනන්තංයිද කියවති. නිත්‍ය ස්වභාව හෙයින් අන්ත විරහිත වූයේ, චුත නොවන ස්වභාව නිරුද්ධ නොවන ස්වභාවය අමෘත යැයි අර්ථයි. සමහරු වනාහි අනන්ත යන පදයට අප්‍රමාණ යැයි අර්ථ කියති. මෙහිද දුද්දසං යන මෙයින් ප්‍රඥාව දුර්වල කරන රාගාදී කෙලෙසුන්ගෙන් බොහෝ කලක් මඩනා ලද හෙයින් සත්ත්වයන්ගේ අප්‍රත්‍යය භාවනාව (නිවන වැඩීම) පහසු නොවේයයි නිර්වාණයාගේ අවබෝධතාවය දක්වයි. ‘නහි සච්චං සුදස්සනං’ යන මෙයින්ද එම කරුණම ප්‍රකට කරයි. එහි සච්චං යනු නිර්වාණයයි. එය කිසිම ක්‍රමයකින් අසාන්ත ස්වභාව නොමැති හෙයින්, ඒකාන්තයෙන්ම ශාන්ත හෙයින් විකෘති නොවූ ආකාරයෙන් සත්‍යයැයි ගත්තේය. නහි සුදස්සනං සුවසේ නොදැකිය යුතුය. දීර්ඝ කාලයක් පුණ්‍ය, ඥාන රාශීන් රැස් කරන්නවුන් විසින්ම දුකින් අවබෝධ කළයුතු හෙයිනි. එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් මවිසින් දුකසේ අවබෝධ කරන ලද්දේ වෙමියි යූ.සේයි.
පටිවිද්ධා තණ්හා ජානතො පස්සතො නත්ථි කිඤ්චනන්ති තඤ්ච නිරොධසච්චං සච්ඡිකිරියාභිසමයවසෙන අභිසමෙන්තෙන විසයතො කිච්චතො ච ආරම්මණතො ච ආරම්මණප්පටිවෙධෙන අසම්මොහප්පටිවෙධෙන ච පටිවිද්ධං, යථාපරිඤ්ඤාභිසමයවසෙන දුක්ඛසච්චං, භාවනාභිසමයවසෙන මග්ගසච්චඤ්ච අසම්මොහතො පටිවිද්ධං හොති, එවං පහානාභිසමයවසෙන අසම්මොහතො ච පටිවිද්ධා තණ්හා හොති. එවඤ්ච චත්තාරි සච්චානි යථාභූතං අරියමග්ගපඤ්ඤාය ජානතො පස්සතො භවාදීසු නතභූතා තණ්හා නත්ථි, තදභාවෙ සබ්බස්සපි කිලෙසවට්ටස්ස අභාවො, තතොව කම්මවිපාකවට්ටානං අසම්භවොයෙවාති එවං භගවා තෙසං භික්ඛූනං අනවසෙසවට්ටදුක්ඛවූපසමහෙතුභූතං අමතමහානිබ්බානස්ස ආනුභාවං පකාසෙසි. සෙසං වුත්තනයමෙව.
පටිවිද්ධා තණ්හා පස්සතො නත්ථි කිඤ්චනං යනු නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීම් අවබෝධ වශයෙන් අවබෝධ කරන්නහු විසින්, විෂය වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද අරමුණු වශයෙන් ද තෘෂ්ණාව අවබෝධ කරන ලදි. මෙසේද, ආර්ය සත්‍යයන්, ආරම්මණ ප්‍රතිවේධයෙන්, නුමුළාවීම් ප්‍රතිවේධ වශයෙන්ද ප්‍රතිවේධ කරන ලදහ. විශේෂ දැනීම් අවබෝධ වශයෙන් දුක්ඛ සත්‍යයද, භාවනා අවබෝධ කිරීම් වශයෙන් මාර්ග සත්‍යයද, නුමුළාවීම් වශයෙන් අවබෝධ කරන ලද්දේ වේ. මෙසේ ප්‍රහාණ අවබෝධ කිරීම් වශයෙන් නුමුළාවීම් වශයෙන් තෘෂ්ණාව අවබෝධ කරන ලද්දේ වේ. මෙසේ චතුරාර්ය සත්‍යයන් තත්ත්වාකාරයෙන් ආර්ය මාර්ග ප්‍රඥායෙන් දන්නහුට දක්නහුට භවාදීන්හි නැමුණු ස්වභාව වූ තෘෂ්ණාව නැත. එය නොමැති කල්හි සියලු කෙලෙස් වෘත්තයාගේ අභාවයයි. එයින්ම කර්ම විපාක වෘත්තයන්ගේ හට නොගැන්ම වේම යැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ට ශේෂ රහිත සසර වට දුක් සන්සිඳවීමට හේතුභූත වූ අමා මහ නිවනෙහි ආනුභාව ප්‍රකාශ කළ සේක. සෙස්ස කියන ලද ක්‍රමයමය.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
3. තතියනිබ්බානසුත්තවණ්ණනා
3. තෙවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
තතියෙ අථ ඛො භගවා එතමත්ථං විදිත්වාති තදා කිර භගවතා අනෙකපරියායෙන සංසාරස්ස ආදීනවං පකාසෙත්වා සන්දස්සනාදිවසෙන නිබ්බානපටිසංයුත්තාය ධම්මදෙසනාය කතාය තෙසං භික්ඛූනං එතදහොසි – “අයං සංසාරො භගවතා අවිජ්ජාදීහි කාරණෙහි සහෙතුකො පකාසිතො, නිබ්බානස්ස පන තදුපසමස්ස න කිඤ්චි කාරණං වුත්තං, තයිදං අහෙතුකං, කථං සච්චිකට්ඨපරමත්ථෙන උපලබ්භතී”ති. අථ භගවා තෙසං භික්ඛූනං එතං යථාවුත්තං පරිවිතක්කසඞ්ඛාතං අත්ථං විදිත්වා. ඉමං උදානන්ති තෙසං භික්ඛූනං විමතිවිධමනත්ථඤ්චෙව ඉධ සමණබ්රාහ්මණානං “නිබ්බානං නිබ්බානන්ති වාචාවත්ථුමත්තමෙව, නත්ථි හි පරමත්ථතො නිබ්බානං නාම අනුපලබ්භමානසභාවත්තා”ති ලොකායතිකාදයො විය විප්පටිපන්නානං බහිද්ධා ච පුථුදිට්ඨිගතිකානං මිච්ඡාවාදභඤ්ජනත්ථඤ්ච ඉමං අමතමහානිබ්බානස්ස පරමත්ථතො අත්ථිභාවදීපනං උදානං උදානෙසි.
තෙවැන්නෙහි, අථඛො භගවා එතමත්ථං විදිත්වා යනු එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් සසරෙහි ආදීනව ප්‍රකාශ කරයි. මනාව දැක්වීම් වශයෙන් නිර්වාණ හා බැඳි ධර්ම දේශනා කළ කල්හි එම භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ සසර අවිද්‍යාදී කාරණයන්ගෙන් හේතු සහිතව ප්‍රකාශ කරන ලදි. නිර්වාණයෙහි හා එහි සංසිඳීම පිළිබඳ කිසි කරුණක් නො යූ.සේයි. එම නිවන අහේතුකය. කෙසේ ක්‍රියාකොට සාක්ෂාත් කිරීම් පරමාර්ථයෙන් ලැබේදැයි මෙවන් අදහසෙක් වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ගේ එම කියන ලද ආකාර පරිවිතර්ක සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු එම භික්ෂූන්ගේ, සැක විනාශ කිරීමටද මෙලොව මහණ බමුණන්ගේ ‘නිර්වාණය, නිර්වාණය යැයි කියයි. එය කථන මාත්‍රයෙක්මය. පරමාර්ථ වශයෙන් නැතැයි ද, නිර්වාණය නම් නොලබන ස්වභාවයකැයි පරලොවක් නැත යන විතණ්ඩවාදය පිළිගත් අය මෙන්, නොමනාව පිළිපන්නා වූ මෙ සස්නෙන් බාහිර, බොහෝ දෘෂ්ටි ගතිකයින්ගේ මිථ්යාවාදයන් බිඳීම සඳහාද, මෙම අමෘත මහා නිර්වාණයාගේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන බැව් දැක්වීමට උදන් ඇනූ සේක.
තත්ථ අජාතං අභූතං අකතං අසඞ්ඛතන්ති සබ්බානිපි පදානි අඤ්ඤමඤ්ඤවෙවචනානි. අථ වා වෙදනාදයො විය හෙතුපච්චයසමවායසඞ්ඛාතාය කාරණසාමග්ගියා න ජාතං න නිබ්බත්තන්ති අජාතං, කාරණෙන විනා, සයමෙව වා න භූතං න පාතුභූතං න උප්පන්නන්ති අභූතං, එවං අජාතත්තා අභූතත්තා ච යෙන කෙනචි කාරණෙන න කතන්ති අකතං, ජාතභූතකතසභාවො ච නාමරූපානං සඞ්ඛතධම්මානං හොති, න අසඞ්ඛතසභාවස්ස නිබ්බානස්සාති දස්සනත්ථං අසඞ්ඛතන්ති වුත්තං. පටිලොමතො වා සමෙච්ච සම්භූය පච්චයෙහි කතන්ති සඞ්ඛතං, තථා න සඞ්ඛතං සඞ්ඛතලක්ඛණරහිතන්ති අසඞ්ඛතන්ති. එවං අනෙකෙහි කාරණෙහි නිබ්බත්තිතභාවෙ පටිසිද්ධෙ “සියා නු ඛො එකෙනෙව කාරණෙන කත”න්ති ආසඞ්කාය “න යෙන කෙනචි කත”න්ති දස්සනත්ථං “අකත”න්ති වුත්තං. එවං අපච්චයම්පි සමානං “සයමෙව නු ඛො ඉදං භූතං පාතුභූත”න්ති ආසඞ්කාය තන්නිවත්තනත්ථං “අභූත”න්ති වුත්තං. “අයඤ්චෙතස්ස අසඞ්ඛතාකතාභූතභාවො සබ්බෙන සබ්බං අජාතිධම්මත්තා”ති දස්සෙතුං “අජාත”න්ති වුත්තං. එවමෙතෙසං චතුන්නම්පි පදානං සාත්ථකභාවං විදිත්වා “තයිදං නිබ්බානං අත්ථි, භික්ඛවෙ”ති පරමත්ථතො නිබ්බානස්ස අත්ථිභාවො පකාසිතොති වෙදිතබ්බො. එත්ථ උදානෙන්තෙන භගවතා, “භික්ඛවෙ”ති ආලපනෙ කාරණං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
එහි අජාතං අභූතං අකතං අසංඛතං යන සියලුම පද ඒ ඒ පදවලට සමානාර්ථ ඇති වචනයන්ය. නොහොත් වේදනාදීන් මෙන් හේතු ප්‍රත්‍යයයන් එකතු වීම් සංඛ්‍යාත කරුණු එකතු වීමෙන් හටනොගත්තේ, නොනිපන්නේනුයි අජාතංයි. හේතුවකින් තොරව තෙමේම හෝ නොවූයේය. පහළ නුවූයේය. නූපනැයි අභූතංයි. මෙසේ නූපන් හෙයින්ද, නුවූ හෙයින්ද යම්කිසි කරුණකින් නොකරන ලද්දේනුයි අකතංයි. උපන්, හටගත් කළ ස්වබාවය නාමරූපාදී සංඛත ධර්මයන් වේ. අසංඛත ස්වභාව ඇති නිර්වාණයට නොවේයැයි දැක්වීම සඳහා අසංඛත යැයි යූ.සේයි. ප්‍රතිලෝම වශයෙන් හෝ එකතුව හටගෙන, ප්රත්යයන්ගෙන් කරන ලදැයි සංඛතංයි. එසේ සංඛත නුවූයේ සංඛත ලක්ෂණ රහිත වූයේ නුයි අසංඛතයි. මෙසේ නොයෙක් කාරණයන්ගෙන් උත්පත්ති ස්වභාව සිදුවූ කල්හි, එකම කරුණෙකින් කරන ලද්දේ යයි සැකය හෙයින් යම් කිසිවකින් නොකරන ලදැයි දැක්වීමට අකතං යැයි යූ.සේයි. මෙසේ අප්‍රත්‍යය වූයේම තෙමේම මෙය (ස්වයංක්‍රීයව) වූයේද, පහළ වූයේදැයි සැකයට එය නැවැත්වීම සඳහා අභූතං යැයි යූ.සේයි. මේ මෙහි අසංඛත අකත අභූතභාවය සියල්ල එකතුව නූපදනා ස්වභාවයැයි දක්වන්ට අජාතයැයි යූ.සේයි. මෙසේ එම සිව්පදයන්ගේ සාර්ථක භාවය දැන, ඒ මෙම නිර්වාණය ‘අත්ථි භික්ඛවෙ’ ආදී වශයෙන් පරමාර්ථ වශයෙන් නිර්වාණයෙහි අස්ථිත්වය දක්වන ලදැයි දතයුතුය. මෙහි උදන් අනන භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනියි ඇමතීමෙහි හේතුව යට කියන ලද අයුරින්ම දතයුතුය.
ඉති සත්ථා “අත්ථි, භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛත”න්ති වත්වා තත්ථ හෙතුං දස්සෙන්තො “නො චෙතං, භික්ඛවෙ”තිආදිමාහ. තස්සායං සඞ්ඛෙපත්ථො – භික්ඛවෙ, යදි අජාතාදිසභාවා අසඞ්ඛතා ධාතු න අභවිස්ස න සියා, ඉධ ලොකෙ ජාතාදිසභාවස්ස රූපාදික්ඛන්ධපඤ්චකසඞ්ඛාතස්ස සඞ්ඛතස්ස නිස්සරණං අනවසෙසවූපසමො න පඤ්ඤායෙය්ය න උපලබ්භෙය්ය න සම්භවෙය්ය. නිබ්බානඤ්හි ආරම්මණං කත්වා පවත්තමානා සම්මාදිට්ඨිආදයො අරියමග්ගධම්මා අනවසෙසකිලෙසෙ සමුච්ඡින්දන්ති. තෙනෙත්ථ සබ්බස්සපි වට්ටදුක්ඛස්ස අප්පවත්ති අපගමො නිස්සරණං පඤ්ඤායති.
මෙසේ ශාස්තෲන් වහන්සේ “මහණෙනි, අජාත, අභූත අකත අසංඛත යන මේවා ඇත” යයි දේශනා කොට, එහි හේතුව දක්වනුයේ නො චෙතං භික්ඛවෙ ආදිය වදාළහ. එහි මේ සංක්ෂේපාර්ථයයි. මහණෙනි, ඉදින් නොඉපැත්ම ආදී ස්වභාව ඇති අසංඛත ධාතුව නොවන්නේ නම්, මෙලොව ඉපැත්ම ආදී ස්වභාවයට හේතු වූ රූපාදී ස්කන්ධ පංචක සංඛ්‍යාතයෙහි නික්මීම ශේෂ රහිත සන්සිඳීම නොපැනෙන්නේය. නො ලබන්නේය. හට නොගන්නේය. නිර්වාණය අරමුණු කොට පවත්නා සම්‍යග් දෘෂ්ටි ආදී ආර්යමාර්ග ධර්ම කෙලෙසුන් ශේෂ රහිතව සිඳිත්. එහෙයින් මෙහි සියලු වෘත්ත දුක්ඛයාගේ නොපැවැත්ම, ඉවත්වීම, නික්මීම පැණේ.
එවං බ්යතිරෙකවසෙන නිබ්බානස්ස අත්ථිභාවං දස්සෙත්වා ඉදානි අන්වයවසෙනපි තං දස්සෙතුං, “යස්මා ච ඛො”තිආදි වුත්තං. තං වුත්තත්ථමෙව. එත්ථ ච යස්මා “අපච්චයා ධම්මා, අසඞ්ඛතා ධම්මා (ධ· ස· දුකමාතිකා 7, 8), අත්ථි, භික්ඛවෙ, තදායතනං, යත්ථ නෙව පථවී (උදා· 71), ඉදම්පි ඛො ඨානං දුද්දසං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො (මහාව· 8; ම· නි· 1.281; 2.337), අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි අසඞ්ඛතගාමිනිඤ්ච පටිපද”න්තිආදීහි (සං· නි· 4.366-367) අනෙකෙහි සුත්තපදෙහි, “අත්ථි, භික්ඛවෙ, අජාත”න්ති ඉමිනාපි ච සුත්තෙන නිබ්බානධාතුයා පරමත්ථතො සම්භවො සබ්බලොකං අනුකම්පමානෙන සම්මාසම්බුද්ධෙන දෙසිතො, තස්මා යදිපි තත්ථ අපච්චක්ඛකාරීනම්පි විඤ්ඤූනං කඞ්ඛා වා විමති වා නත්ථියෙව. යෙ පන පරනෙය්යබුද්ධිනො පුග්ගලා, තෙසං විමතිවිනොදනත්ථං අයමෙත්ථ අධිප්පායනිද්ධාරණමුඛෙන යුත්තිවිචාරණා – යථා පරිඤ්ඤෙය්යතාය සඋත්තරානං කාමානං රූපාදීනඤ්ච පටිපක්ඛභූතං තබ්බිධුරසභාවං නිස්සරණං පඤ්ඤායති, එවං තංසභාවානං සබ්බෙසම්පි සඞ්ඛතධම්මානං පටිපක්ඛභූතෙන තබ්බිධුරසභාවෙන නිස්සරණෙන භවිතබ්බං. යඤ්චෙතං නිස්සරණං, සා අසඞ්ඛතා ධාතු. කිඤ්ච භිය්යො සඞ්ඛතධම්මාරම්මණං විපස්සනාඤාණං අපි අනුලොමඤාණං කිලෙසෙ සමුච්ඡෙදවසෙන පජහිතුං න සක්කොති. තථා සම්මුතිසච්චාරම්මණං පඨමජ්ඣානාදීසු ඤාණං වික්ඛම්භනවසෙනෙව කිලෙසෙ පජහති, න සමුච්ඡෙදවසෙන. ඉති සඞ්ඛතධම්මාරම්මණස්ස සම්මුතිසච්චාරම්මණස්ස ච ඤාණස්ස කිලෙසානං සමුච්ඡෙදප්පහානෙ අසමත්ථභාවතො තෙසං සමුච්ඡෙදප්පහානකරස්ස අරියමග්ගඤාණස්ස තදුභයවිපරීතසභාවෙන ආරම්මණෙන භවිතබ්බං , සා අසඞ්ඛතා ධාතු. තථා “අත්ථි, භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛත”න්ති ඉදං නිබ්බානපදස්ස පරමත්ථතො අත්ථිභාවජොතකං වචනං අවිපරීතත්ථං භගවතා භාසිතත්තා. යඤ්හි භගවතා භාසිතං, තං අවිපරීතත්ථං පරමත්ථං යථා තං “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා”ති (අ· නි· 3.137; මහානි· 27), තථා නිබ්බානසද්දො කත්ථචි විසයෙ යථාභූතපරමත්ථවිසයො උපචාරමත්තවුත්තිසබ්භාවතො සෙය්යථාපි සීහසද්දො. අථ වා අත්ථෙව පරමත්ථතො අසඞ්ඛතා ධාතු, ඉතරතබ්බිපරීතවිනිමුත්තසභාවත්තා සෙය්යථාපි පථවීධාතු වෙදනාති. එවමාදීහි නයෙහි යුත්තිතොපි අසඞ්ඛතාය ධාතුයා පරමත්ථතො අත්ථිභාවො වෙදිතබ්බො.
මෙසේ විශේෂ වශයෙන් නිර්වාණයෙහි විද්යමානතාවය පෙන්වා දැන් නොඑළඹීම් වශයෙන්ද එය දක්වන්ට යස්මාච ඛො ආදිය යූ.සේයි. එය කියන ලද අර්ථමය. මෙහිද අප්රත්ය ධර්ම, අසංඛත ධර්ම’ ‘මහණෙනි, යම්තැනක පෘථිවිය නොවේද? එම ආයතනය (නිවන) ඇත. ‘යම් ආකාර වූ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම, සියලු උපධීන් අත්හැරීමක් වේද, යන මෙම කරුණද දැකීම දුෂ්කරය.’ ‘මහණෙනි, නුඹලාට අසංඛතයද, අසංඛතගාමිණී ප්‍රතිපදාවද ඇතුලත් ධර්මය දේශනා කරන්නෙමි’ ආදී නොයෙක් සූත්‍ර පදයන්ගෙන්ද, ‘මහණෙනි, නොඉපැත්ම ඇත’ යන මෙම සූත්‍රයෙන්ද නිර්වාණ ධාතුවෙහි පරමාර්ථ වශයෙන් හටගැන්ම මුළු ලෝකයාට අනුකම්පා කරන සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිතය. එහෙයින් ඉදින් අප්රත්යක්ෂකාරී ප්‍රාඥයින්ට ද සැකයක් හෝ විමතියක් හෝ නැත්තේමය. අනුන් විසින් මග පෙන්විය යුතු පුද්ගලයෝ ඔවුන්ගේ සැක දුරැලීම පිණිස මේ මෙහි අදහසයි. නිර්වාණ මුඛයෙන් යුක්ති විචාරණයෙහි හෝ විශේෂයෙන් දතයුතු බැවින්, ශ්‍රේෂ්ඨ නුවූ කාමයන්ටද රූපයන්ට ද ප්රතිපක්ෂ වූ, එයට අසමාන ස්වභාවය වූ සසරින් නික්මීම පෙනේ. මෙසේද අන් ස්වභාව වූ සියලු සංඛත ධර්මයන්ට ප්රතිපක්ෂතාවයෙන්, එයට අසමාන ස්වභාව වූ නිස්සරණයෙන් විය යුතුය. යම් ආකාර වූ එම නිස්සරණය වේද, එය අසංඛත ධාතුයි. වැඩිමනක් කුමටද? අසංඛත ධර්මාරම්මණ විදර්ශනා ඥානය අනුලොම ඥානය කෙලෙස් සිඳීම් වශයෙන් අත්හරින්ට නොහැකි වේ. එසේම සම්මුති සත්‍යය අරමුණුකොට ඇති ප්‍රථම ධ්‍යානාදීන්හි ඥානයද විෂ්කම්භන වශයෙන්ම කෙලෙස් දුරුකරයි. සිඳීම් වශයෙන් නොවේ. මෙසේ අසංඛත ධර්මාරම්මණ වූද, සම්මුති සත්යාරම්මණ වූද, ඥානයට කෙලෙසුන්ගේ සිඳීම් වශයෙන් ප්රහාණයෙහි අසමත් බැවින් ඒවාහි සිඳීම් වශයෙන් ප්රහාණකර, ආර්යමාර්ග ඥානයෙහි එම ද්වයයටම විපරීත ස්වභාව අරමුණක් විය යුතුය. එය අසංඛත ධාතුවයි. එසේම මහණෙනි, අජාත, අභූත අකත, අසංඛතයක් ඇත යයි මෙම නිර්වාණ පදයෙහි පරමාර්ථ වශයෙන්, අස්ථීත්වය ප්‍රකාශ කරන වචනය නොවෙනස් අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත හෙයින්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත අවිපරීතාර්ථය එය යම්සේ ‘සියලු සංස්කාර අනිත්‍යයි සියලු සංස්කාර දුක්ය. සියලු සංස්කාර අනිත්‍යයැයි වශයෙනි. එසේම නිර්වාණ ශබ්දය උපචාර මාත්‍ර පැවැත්ම යෙදෙන හෙයින් සමහර විෂයයන්හි තත්වාකාරයෙන් පරමාර්ථ විෂය වේ. සමය ශබ්දය යම්සේද එසේය. පරමාර්ථ වශයෙන් අසංඛත ධාතුව ඇත්තේමය. අනෙක එයට විපරීත විනිර්මුක්ත ස්වභාව හෙයිනි. යම්සේ පෘථුවි ධාතුව විඳීම් යයි මේ ආදී ක්රමයන්ගෙන් යුක්ති වශයෙන් ද, අසංඛත ධාතුවගේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන භාවය දැක්විය යුතුය.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
4. චතුත්ථනිබ්බානසුත්තවණ්ණනා
4. සිවුවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අථ ඛො භගවා එතමත්ථං විදිත්වාති තදා කිර භගවතා අනෙකපරියායෙන සන්දස්සනාදිවසෙන නිබ්බානපටිසංයුත්තාය ධම්මදෙසනාය කතාය තෙසං භික්ඛූනං එතදහොසි – “අයං තාව භගවතා අමතමහානිබ්බානධාතුයා අනෙකාකාරවොකාරං ආනිසංසං දස්සෙන්තෙන අනඤ්ඤසාධාරණො ආනුභාවො පකාසිතො, අධිගමූපායො පනස්සා න භාසිතො, කථං නු ඛො පටිපජ්ජන්තෙහි අම්හෙහි අයං අධිගන්තබ්බා”ති. අථ භගවා තෙසං භික්ඛූනං එතං යථාවුත්තපරිවිතක්කසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති තණ්හාවසෙන කත්ථචි අනිස්සිතස්ස පස්සද්ධකායචිත්තස්ස වීථිපටිපන්නවිපස්සනස්ස අරියමග්ගෙන අනවසෙසතො තණ්හාපහානෙන නිබ්බානාධිගමවිභාවනං ඉමං උදානං උදානෙසි.
සිව්වැන්නෙහි අථඛො භගවා එතමත්ථං විදිත්වා යන එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් මනාව පෙන්වීම් වශයෙන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවගේ කළ කල්හි එම භික්ෂූන්ට මෙම භාග්‍යවතුන් වහන්සේ අමෘත නිර්වාණ ධාතුවෙහි නොයෙක් ආකාර වෙනස්කම්, අනුසස් දක්වන්නහු විසින් අන්‍යයන් හා සාධාරණ නුවූ ආනුභාවය ප්‍රකාශ කරන ලදි. එහි අවබෝධ කරන උපාය මාර්ගය නොවදාරන ලදි. කෙසේ පිළිපදනා වූ අප විසින් මෙය අවබෝධ කටයුතුදැයි යන එම අදහස වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ගේ එම කියන ලද ආකාර ඇති විතර්ක සංඛ්‍යාත කරුණා සර්වප්රකාරයෙන් දැන, ඉමං උදානං යනු තෘෂ්ණා වශයෙන් කිසිතැනෙක්හි ආශ්රිත නුවූ, සන්සුන් කය හා සිත් ඇති වීථි පිළිපන් විදර්ශකයාට ආර්ය මාර්ගයෙන් ශේෂ රහිතව තෘෂ්ණා ප්‍රහාණයෙන් නිර්වාණාධිගමය පැහැදිලි කිරීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ නිස්සිතස්ස චලිතන්ති රූපාදිසඞ්ඛාරෙ තණ්හාදිට්ඨීහි නිස්සිතස්ස චලිතං “එතං මම, එසො මෙ අත්තා”ති තණ්හාදිට්ඨිවිප්ඵන්දිතං හොති. අප්පහීනතණ්හාදිට්ඨිකස්ස හි පුග්ගලස්ස සුඛාදීසු උප්පන්නෙසු තානි අභිභුය්ය විහරිතුං අසක්කොන්තස්ස “මම වෙදනා, අහං වෙදියාමී”තිආදිනා තණ්හාදිට්ඨිගාහවසෙන කුසලප්පවත්තිතො චිත්තසන්තානස්ස චලනං කම්පනං, අවක්ඛලිතං වා හොතීති අත්ථො. අනිස්සිතස්ස චලිතං නත්ථීති යො පන විසුද්ධිපටිපදං පටිපජ්ජන්තො සමථවිපස්සනාහි තණ්හාදිට්ඨියො වික්ඛම්භෙත්වා අනිච්චාදිවසෙන සඞ්ඛාරෙ සම්මසන්තො විහරති, තස්ස තං අනිස්සිතස්ස යථාවුත්තං චලිතං අවක්ඛලිතං, විප්ඵන්දිතං වා නත්ථි කාරණස්ස සුවික්ඛම්භිතත්තා.
එහි නිස්සිතස්ස චලිතං යනු එය මම වෙමි. එය මාගේ ආත්මයැයි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් කම්පා වූයේ වේ. අප්‍රහීණ තෘෂ්ණා දෘෂ්ටි සහිත පුද්ගලයාට, සුව ආදීන් උපන් කල්හි ඒවා මැඩපවත්වා වසන්ට නොහැකි වන්නහුට මාගේ විඳීමය මම විඳිමියි ආදී ක්‍රමයෙන් තෘෂ්ණා දෘෂ්ටි ග්‍රාහ වශයෙන් කුසල් පැවැත්මෙන් චිත්ත සන්තානයෙහි, චලනය කම්පනය, පහත දැමීම හෝ වේයයි අර්ථයි. අනිස්සිතස්ස චලිතං නත්ථි යනු යමෙක් වනාහි විශුද්ධි පියවරෙහි පිළිපදිනුයේ, සමථ විදර්ශනාවන්ගෙන් තෘෂ්ණා දෘෂ්ටීහු මැඩපවත්වා අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් මෙනෙහි කරනුයේ වෙසේ. එම තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නොකළහුට කියන ලද ආකාර චලනය, පහත දැමීම කම්පනය හෝ නැත. කරුණ මනාකොට විෂ්කම්භනය කරන ලද හෙයිනි.
චලිතෙ අසතීති යථාවුත්තෙ චලිතෙ අසති යථා තණ්හාදිට්ඨිගාහා නප්පවත්තන්ති, තථා වීථිපටිපන්නාය විපස්සනාය තං උස්සුක්කන්තස්ස. පස්සද්ධීති විපස්සනාචිත්තසහජාතානං කායචිත්තානං සාරම්භකරකිලෙසවූපසමිනී දුවිධාපි පස්සද්ධි හොති. පස්සද්ධියා සති නති න හොතීති පුබ්බෙනාපරං විසෙසයුත්තාය පස්සද්ධියා සති අනවජ්ජසුඛාධිට්ඨානං සමාධිං වඩ්ඪෙත්වා තං පඤ්ඤාය සමවායකරණෙන සමථවිපස්සනං යුගනද්ධං යොජෙත්වා මග්ගපරම්පරාය කිලෙසෙ ඛෙපෙන්තස්ස කාමභවාදීසු නමනතො “නතී”ති ලද්ධනාමා තණ්හා අරහත්තමග්ගක්ඛණෙ අනවසෙසතො න හොති, අනුප්පත්තිධම්මතං ආපාදිතත්තා න උප්පජ්ජතීති අත්ථො.
චලිතෙ අසති යනු යම්සේ තෘෂ්ණා දෘෂ්ටිග්රාහයෝ නොපවතිත්ද, එසේ විදර්ශනා වීථියට පිළිපන් ඒ උත්සාහවත් වූවහුට, කියන ලද ආකාර චලනයක් නොමැති කල්හි, පස්සද්ධි යනු විදර්ශනා චිත්තය සමග හටගත් කාය චිත්තයන්ගේ දෘඪ කෙලෙස් සන්සිඳීමෙන් දෙයාකාර වූද සන්සිඳීම වේ. පස්සද්ධියා සති රති න හොති පෙරදීම, මත්තෙහි විශේෂතාවයෙන් යුත්, සන්සිඳීම ඇතිකල්හි නිරවද්‍ය සුව අධිෂ්ඨාන සමාධියද වර්ධනයකොට එය ප්‍රඥායෙන් එක්තැන් කිරීමෙන් සමථ විදර්ශනාව යුගනද්ධව යොදා මාර්ග පරම්පරාවෙන් කෙලෙස් ක්ෂය කරන්නහුට කාමභවාදීන්හි නැමෙන හෙයින් නතායි ලද නමැති තෘෂ්ණාව අර්හත් මාර්ග ක්ෂණයෙහි ශේෂ රහිතව නොමැති බවට පත් වේ. නූපදනා ස්වභාවයට පැමිණි හෙයින් නූපදී යයි අර්ථයි.
නතියා අසතීති අරහත්තමග්ගෙන තණ්හාය සුප්පහීනත්තා භවාදිඅත්ථාය ආලයනිකන්ති පරියුට්ඨානෙ අසති. ආගතිගති න හොතීති පටිසන්ධිවසෙන ඉධ ආගති ආගමනං චුතිවසෙන ගති ඉතො පරලොකගමනං පෙච්චභාවො න හොති න පවත්තති. ආගතිගතියා අසතීති වුත්තනයෙන ආගතියා ච ගතියා ච අසති. චුතූපපාතො න හොතීති අපරාපරං චවනුපපජ්ජනං න හොති න පවත්තති. අසති හි කිලෙසවට්ටෙ කම්මවට්ටං පච්ඡින්නමෙව, පච්ඡින්නෙ ච තස්මිං කුතො විපාකවට්ටස්ස සම්භවො. තෙනාහ – “චුතූපපාතෙ අසති නෙවිධ න හුර”න්තිආදි. තත්ථ යං වත්තබ්බං, තං හෙට්ඨා බාහියසුත්තෙ විත්ථාරතො වුත්තමෙව. තස්මා තත්ථ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
රතියා අසති යනු අර්හත් මාර්ගයෙන් තෘෂ්ණාව මනාව ප්‍රහීණ කළ හෙයින් භවාදීන් සඳහා ඇල්ම හා බලවත් ආශාවෙහි නැගී සිටීම නොමැති කල්හි, ආගති ගති නහොති යනු ප්රතිසන්ධි වශයෙන් මෙලොවට පැමිණීමද, ආගමනයද, චුති වශයෙන් යාම, මෙලොවින් පරලොව ගමන, පරලෝකත්වය නොවේ. නොපවතියි. ආගති ගතියා අසති යනු කියන ලද ක්‍රමයෙන් ඊමෙහි හා යාමෙහි නොමැති කල්හි, චුතූපපාතො න හොති යනු භවයෙන් භවයට නොසිඳි යන ච්‍යුති උත්පත්ති නොවේ. නොපවතියි. කෙලෙස්ව නොමැති කල්හි කම්වට සිඳින ලද්දේමය. එය සිඳි කල්හි, විපාක වට කෙසේ හටගනීද, හට නොගනීමය. එහෙයින් චුතූපපාතෙ අසතිනෙවිධ නහුරං යනාදිය කීය. එහි යමක් කිවයුතුද, එය යට බාහිර සූත්‍රයෙහි විස්තර වශයෙන් යූ.සේමය. එහි යූසෙයින්ම දතයුතුය.
ඉති භගවා ඉධාපි තෙසං භික්ඛූනං අනවසෙසතො වට්ටදුක්ඛවූපසමහෙතුභූතං අමතමහානිබ්බානස්ස ආනුභාවං සම්මාපටිපත්තියා පකාසෙති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේද මෙහිද එම භික්ෂූන්ගේ ශේෂ රහිත සසර වට දුක් සන්සිඳීමට හේතු වූ අමෘත මහා නිර්වාණයෙහි ආනුභාව මනා ප්‍රතිපත්තියෙන් ප්‍රකාශ කළ සේක.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.