යෙදුමෙන් කියවන්න

දුතියනිබ‍්බානපසුත‍්තං

8. 2.

8. 2.

දුතියනිබ‍්බානපසුත‍්තං

දෙවන නිර්‍වාණ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූ නිබ‍්බානපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨි කත්‍වා මනසි කත්‍වා සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන් තතු දක්වන සේක. එය ගන්වන සේක. එහි උත්සාහවත් කරන සේක. සතුටු කරන සේක. ඒ මහණහු ද එයින් ප්‍රයෝජන ඇති ව ඒ දෙසුම සිත්හි කොට මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා ) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“දුද‍්දසං අන‍්තං නාම න හි සච‍්චං සුදස‍්සනං, පටිවිද‍්ධා තණ‍්හා ජානතො පස‍්සතො නත්‍ථි කිඤ‍්චනං”ති.

“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැක්ක හැකි නො වේ. ප්‍රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදී. අරීමඟනුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”