1. පඨමනිබ්බානසුත්තවණ්ණනා අට්ඨකථා
1. පඨමනිබ්බානසුත්තවණ්ණනා
1. පළමුවන නිර්වාණ සූත්‍ර වර්ණනාව
පාටලිගාමියවග්ගස්ස පඨමෙ නිබ්බානපටිසංයුත්තායාති අමතධාතුසන්නිස්සිතාය අසඞ්ඛතධාතුයා පවෙදනවසෙන පවත්තාය. ධම්මියා කථායාති ධම්මදෙසනාය. සන්දස්සෙතීති සභාවසරසලක්ඛණතො නිබ්බානං දස්සෙති. සමාදපෙතීති තමෙව අත්ථං තෙ භික්ඛූ ගණ්හාපෙති. සමුත්තෙජෙතීති තදත්ථගහණෙ උස්සාහං ජනෙන්තො තෙජෙති ජොතෙති. සම්පහංසෙතීති නිබ්බානගුණෙහි සම්මදෙව සබ්බප්පකාරෙහි තොසෙති.
පාටලී ගාමීය වර්ගයෙහි, පළමුවැන්නෙහි, නිබ්බාණ පටිසංයුත්තාය යනු අමෘත ධාතු සන්නිශ්‍රිත, අසංඛත ධාතුවගේ දැනුම්දීම වශයෙන් පැවැති, ධම්මියා කථාය යනු ධර්ම දේශනාවෙන් සංදස්සෙති යනු ස්වභාව හා කෘත්‍යය වශයෙන් ලක්ෂණ වශයෙන් නිර්වාණය දක්වයි. සමාදපෙති යනු එම අර්ථයම එම භික්ෂූන්ට ගන්වයි. සමුත්තෙජෙති යනු එම අර්ථ ග්රහණයෙහි උත්සාහ උපදවනුයේ තෙදවත් කරයි. බබලවයි. සංපහංසෙති යනු නිර්වාණ ගුණයන්ගෙන් මනාව සියලු ආකාරයන්ගෙන් සන්තෝෂ කරවයි.
අථ වා සන්දස්සෙතීති “සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගා තණ්හක්ඛයො විරාගො නිරොධො”තිආදිනා (ම· නි· 1.281; 2.337; මහාව· 8) නයෙනෙව සබ්බථා තෙන තෙන පරියායෙන තෙසං තෙසං අජ්ඣාසයානුරූපං සම්මා දස්සෙති. සමාදපෙතීති “ඉමිනා අරියමග්ගෙන තං අධිගන්තබ්බ”න්ති අධිගමපටිපදාය සද්ධිං තත්ථ භික්ඛූ නින්නපොණපබ්භාරෙ කරොන්තො සම්මා ආදපෙති ගණ්හාපෙති. සමුත්තෙජෙතීති එතං දුක්කරං දුරභිසම්භවන්ති “මා සම්මාපටිපත්තියං පමාදං අන්තරාවොසානං ආපජ්ජථ, උපනිස්සයසම්පන්නස්ස වීරියවතො නයිදං දුක්කරං, තස්මා සීලවිසුද්ධිආදිවිසුද්ධිපටිපදාය උට්ඨහථ ඝටයථ වායමෙය්යාථා”ති නිබ්බානාධිගමාය උස්සාහෙති, තත්ථ වා චිත්තං වොදපෙති. සම්පහංසෙතීති “මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො”ති (අ· නි· 4.34; ඉතිවු· 90), රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයොති (සං· නි· 4.367; ඉතිවු· 44), අසඞ්ඛතන්ති (සං· නි· 4.367), අමතඤ්ච සන්තන්තිආදිනා ච අනෙකපරියායෙන (සං· නි· 4.409) නිබ්බානානිසංසප්පකාසනෙන තෙසං භික්ඛූනං චිත්තං තොසෙන්තො හාසෙන්තො සම්පහංසෙති සමස්සාසෙති.
නොහොත් සිංදස්සෙති යනු එම සියලු සංස්කාර සන්සිඳවීම සියලු නැවත ඉපදීමට හේතු දුරුකිරීම, තෘෂ්ණාව ක්ෂය කිරීම, නොඇල්ම-නිරෝධය යැයි ආදී ක්‍රමයෙන්ම, සියලු ආකාරයෙන්, ඒ ඒ ක්‍රමයෙන් ඔවුන්ගේ අදහස්වලට ගැලපෙන අයුරින් මනාව දක්වයි. සමාදපෙති යන මෙයින් ආර්ය මාර්ගයෙන් ඒ අවබෝධ කළයුතු යැයි අධිගම ප්‍රතිපදාව සමග එහි භික්ෂුව, නිම්නතාවය, නම්රතාවය පබ්භාරතාවය (බෑවුම අනුව ම ගමන් කිරීම) කරවනුයේ සමාදන් කරවයි. ගන්වයි. සමුත්තෙජෙති යනු එය දුෂ්කරය. ලබාගැනීම දුෂ්කරයැයි යහපත් ප්රතිපත්තියෙහි පමා නොවෙව. අතරතුර කෙළවරට පැමිණෙව්. මතු හේතුසම්පත් ඇති වීර්යවත්හුට මෙය දුෂ්කර නොවේ. එහෙයින් ශීල විශුද්ධි ආදී විශුද්ධි ප්‍රතිපදාවෙහි වීර්ය කරව්. උත්සාහ කරව්. ව්‍යායාම කරව් යයි නිර්වාණාධිගමය සඳහා උත්සාහවත් කරයි. එහි හෝ සිත පිරිසිදු කරයි. සම්පහංසෙති යනු මද නිර්මදනය කරන පිපාස හික්මවන, ඇල්ම නසන, රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය යැයි ද, අසංඛතයැයි ද, අමෘතයැයි ද, ශාන්ත යැයි යනාදී ක්‍රමයෙන් නොයෙක් ක්‍රමයෙන් නිවනෙහි අනුසස් ප්‍රකාශ කිරීමෙන් එම භික්ෂූන්ගේ සිත සතුටු කරනුයේ සිනහ ඇති කරවනුයේ මනාව සතුටු කරයි. මනාව සනසවයි.
තෙධාති තෙ ඉධ. අට්ඨිං කත්වාති “අත්ථි කිඤ්චි අයං නො අත්ථො අධිගන්තබ්බො”ති එවං සල්ලක්ඛෙත්වා තාය දෙසනාය අත්ථිකා හුත්වා. මනසි කත්වාති චිත්තෙ ඨපෙත්වා අනඤ්ඤවිහිතා තං දෙසනං අත්තනො චිත්තගතමෙව කත්වා. සබ්බං චෙතසො සමන්නාහරිත්වාති සබ්බෙන කාරකචිත්තෙන ආදිතො පට්ඨාය යාව පරියොසානා දෙසනං ආවජ්ජෙත්වා, තග්ගතමෙව ආභොගං කත්වාති අත්ථො. අථ වා සබ්බං චෙතසො සමන්නාහරිත්වාති සබ්බස්මා චිත්තතො දෙසනං සම්මා අනු අනු ආහරිත්වා. ඉදං වුත්තං හොති – දෙසෙන්තස්ස යෙහි චිත්තෙහි දෙසනා කතා, සබ්බස්මා චිත්තතො පවත්තං දෙසනං බහි ගන්තුං අදෙන්තො සම්මා අවිපරීතං අනු අනු ආහරිත්වා අත්තනො චිත්තසන්තානං ආහරිත්වා යථාදෙසිතදෙසිතං දෙසනං සුට්ඨු උපධාරෙත්වා. ඔහිතසොතාති අවහිතසොතා, සුට්ඨු උපිතසොතා. ඔහිතසොතාති වා අවික්ඛිත්තසොතා. තමෙව උපලබ්භමානොපි හි සවනෙ අවික්ඛෙපො සතිසංවරො විය චක්ඛුන්ද්රියාදීසු සොතින්ද්රියෙපි වත්තුමරහතීති. එත්ථ ච “අට්ඨිං කත්වා”තිආදීහි චතූහිපි පදෙහි තෙසං භික්ඛූනං තප්පරභාවතො සවනෙ ආදරදීපනෙන සක්කච්චසවනං දස්සෙති.
තෙච භික්ඛු අට්ඨිකත්වා යනු කිසිවක් ඇත. අප විසින් මෙම අර්ථය අවබෝධ කළයුතුයැයි මෙසේ සලකා එම දේශනාවගේ අවශ්‍යතාවය ඇත්තෝව, මනසිකත්වා යනු සිතෙහි තබා, අන්‍යවිහිත නොකොට, එම දේශනය තම සිත තුළට ඇතුලත් කොට, සබ්බ චෙතසා සමන්නා හරිත්වා යනු සියලු ආකාර කාරක සිතින් මුලපටන් අවසානය තෙක් දේශනය ආවර්ජනය කොට ඒ හා අනුගතවම සිතා බැලීම කොට, නොහොත් සබ්බ චෙතසො සමන්නාහරිත්වා යනු මුළු සිතින් දේශනය මනාව කඩින් කඩ ගෙනවුත්, මෙය යූ.සේයි. දෙසන්නහු යම් සිතකින් දෙස්ම කරන ලදද, හැම අයුරින්ම සිතින් ඒ අනුව යොමුකොට පැවැත්ම, දෙස්මෙන් පිටත යන්ට නොදී මනාව අවිපරීතව කඩින් කඩ ගෙනවුත් තම චිත්ත සන්තානයට ගෙනවුත් දක්වන ලද පරිදි, දේශනා කරන ලද දේශනය මනාව විමසා බලා, ඔහිතසොතා යනු මනාව යොමුකළ මනාව තබන ලද ශ්‍රෝතස් ඇතියේ, ඔහිත සොතා යනු අවික්ෂිප්ත ශ්‍රොතස්, එයම ලබනුයේද ශ්‍රවණයෙහි අවික්ෂෙපය චක්ෂුන්ද්රියාදීන්හි සති සංවරය මෙන්, ශ්රොතින්ද්රියාදීන්හිද කිවයුතු බවට සුදුසු වේ. මෙහිද අට්ඨිකත්වා යනාදී සිව් පදයන්ගෙන් එම භික්ෂූන්ගේ එහි නියැලුණු භාවයෙන් ශ්රවණයෙහිලා ඇල්ම දැක්වීමෙන් සකස් වූ ශ්‍රවණය දක්වයි.
එතමත්ථං විදිත්වාති එතං තෙසං භික්ඛූනං තස්සා නිබ්බානපටිසංයුත්තාය ධම්මකථාය සවනෙ ආදරකාරිතං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉමං නිබ්බානස්ස තබ්බිධුරධම්මදෙසනාමුඛෙන පරමත්ථතො විජ්ජමානභාවවිභාවනං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම භික්ෂූන්ගේ නිර්වාණ ප්‍රතිසංයුක්ත දැහැමි කථාවෙහි ශ්‍රවණයෙහි ඇල්මෙන් කරන ලද බව සර්වප්රකාරයෙන් දැන, ඉමං උදානං එම නිර්වාණයෙහි එයට අසමාන දම් දෙසුම් මුඛයෙන් පරමාර්ථ වශයෙන් විද්‍යමාන භාවය පැහැදිලි කිරීමට උදන් ඇනූ සේක.
තත්ථ අත්ථීති විජ්ජති, පරමත්ථතො උපලබ්භතීති අත්ථො. භික්ඛවෙති තෙසං භික්ඛූනං ආලපනං. නනු ච උදානං නාම පීතිසොමනස්සසමුට්ඨාපිතො වා ධම්මසංවෙගසමුට්ඨාපිතො වා ධම්මපටිග්ගාහකනිරපෙක්ඛො උදාහාරො, තථා චෙව එත්තකෙසු සුත්තෙසු ආගතං, ඉධ කස්මා භගවා උදානෙන්තො තෙ භික්ඛූ ආමන්තෙසීති? තෙසං භික්ඛූනං සඤ්ඤාපනත්ථං. නිබ්බානපටිසංයුත්තඤ්හි භගවා තෙසං භික්ඛූනං ධම්මං දෙසෙත්වා නිබ්බානගුණානුස්සරණෙන උප්පන්නපීතිසොමනස්සා උදානං උදානෙසි. ඉධ නිබ්බානවජ්ජො සබ්බො සභාවධම්මො පච්චයායත්තවුත්තිකොව උපලබ්භති, න පච්චයනිරපෙක්ඛො. අයං පන නිබ්බානධම්මො කතමපච්චයෙ උපලබ්භතීති තෙසං භික්ඛූනං චෙතොපරිවිතක්කමඤ්ඤාය තෙ ච සඤ්ඤාපෙතුකාමො “අත්ථි, භික්ඛවෙ, තදායතන”න්තිආදිමාහ, න එකන්තතොව තෙ පටිග්ගාහකෙ කත්වාති වෙදිතබ්බං. තදායතනන්ති තං කාරණං. දකාරො පදසන්ධිකරො. නිබ්බානඤ්හි මග්ගඵලඤාණාදීනං ආරම්මණපච්චයභාවතො රූපාදීනි විය චක්ඛුවිඤ්ඤාණාදීනං ආරම්මණපච්චයභූතානීති කාරණට්ඨෙන “ආයතන”න්ති වුච්චති. එත්තාවතා ච භගවා තෙසං භික්ඛූනං අසඞ්ඛතාය ධාතුයා පරමත්ථතො අත්ථිභාවං පවෙදෙසි.
එහි අත්ථි යනු විද්‍යමාන වේ. පරමාර්ථ වශයෙන් ලබයි යයි අර්ථයි. භික්ඛවෙ යනු එම භික්ෂූන්ට ඇමතීමයි. උදානය නම් ප්‍රීති සොම්නසින් හටගත්තා වූ හෝ, ධර්ම සංවේගයෙන් හටගත්තා වූ හෝ ධර්ම ප්‍රතිග්‍රාහක නිරපේක්ෂ කීමයි. මෙතෙක් සූත්‍රයන්හි එසේම ආයේය. මෙහි කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ උදන් අනනුයේ එම භික්ෂූන් ආමන්ත්‍රණය කළෙහිද? එම භික්ෂූන්ට හැඟවීම සඳහායි. භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ට නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාකොට, නිර්වාණ ගුණ අනුස්මරණයෙන් උපන් ප්‍රීති සොම්නස් ඇතියේ උදන් ඇනූ සේක. නිවනින් දුරු කළයුතු සියලු ස්වභාව ධර්මය ප්‍රත්‍යය අයත් පැවතුම් ඇතිවම ලබයි. ප්‍රත්‍යයක් ඇතිකල්හි ලැබේදැයි එම භික්ෂූන්ගේ සිතෙහි හටගත් විතර්කයන් දැන ඒවා හඟවනු කැමැත්තේ අත්ථි භික්ඛවෙ තදායතනං ආදිය වදාළහ. ඒකාන්තයෙන් ඔව්හු ප්රතිග්රාහකයින් කොටයැයි නොදත යුතුය. තදායතනං යනු එම කරුණ, ද කාරය පද සන්ධි කරයි. නිර්වාණය වනාහි මාර්ග ඵල ඥානාදීන්ට ආරම්මණ ප්‍රත්‍යය භාවයෙන් චක්ෂු විඤ්ඤාණාදීන්ට රූපාදීන් මෙන් ආරම්මණ ප්‍රත්‍යය වූයේ යයි කාරණාර්ථයෙන් ආයතනයැයි කියයි. මෙතෙකින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් එම භික්ෂූන්ට අසංඛත ධාතුවෙහි පරමාර්ථ වශයෙන් විද්‍යමාන බව දැනුම් දෙයි.
තත්රායං ධම්මන්වයො – ඉධ සඞ්ඛතධම්මානං විජ්ජමානත්තා අසඞ්ඛතායපි ධාතුයා භවිතබ්බං තප්පටිපක්ඛත්තා සභාවධම්මානං. යථා හි දුක්ඛෙ විජ්ජමානෙ තප්පටිපක්ඛභූතං සුඛම්පි විජ්ජතියෙව , තථා උණ්හෙ විජ්ජමානෙ සීතම්පි විජ්ජති, පාපධම්මෙසු විජ්ජමානෙසු කල්යාණධම්මාපි විජ්ජන්ති එව. වුත්තඤ්චෙතං –
මේ එහි දහම් (නයයි.) ක්‍රමයයි. මෙහි හේතුවකින් හටගත් ධර්මයන්ගේ විද්‍යමාන හෙයින් හේතුවකින් හට නොගත් ධාතුවක් ද විය යුතුය. ස්වභාව ධර්මයන්ට ප්රතිපක්ෂ හෙයිනි. යම්සේ වනාහි දුක් විද්‍යමාන කල්හි, එයට ප්රතිපක්ෂ වූ සුවයද විද්‍යමාන වේමය. එසේම ඌෂ්ණය විද්‍යමාන කල්හි සීතලද විද්‍යමාන වේ. පාප ධර්මයන් විද්‍යමාන කල්හි කල්‍යාණ ධර්මද විද්‍යමාන වෙති. යූ.සේයි.
“යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ, සුඛං නාමපි විජ්ජති; එවං භවෙ විජ්ජමානෙ, විභවොපි ඉච්ඡිතබ්බකො.
යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ - සුඛං නාමපි විජ්ජති එවං භවෙ විජ්ජමානෙ - විභවොපි ඉච්ඡිතබ්බකො
යම්සේ දුක් විද්‍යමාන වන කල්හි සුවය නම් වූවක් විද්‍යමාන වේද, මෙසේ භවයෙන් විද්‍යමාන කල්හි විභවයද කැමැති විය යුතුය.
“යථාපි උණ්හෙ විජ්ජන්තෙ, අපරං විජ්ජති සීතලං; එවං තිවිධග්ගි විජ්ජන්තෙ, නිබ්බානං ඉච්ඡිතබ්බකං.
යථාපි උණ්හෙ විජ්ජන්තෙ - අපරං විජ්ජති සීතලං එවං තිවිධග්ගි විජ්ජන්තෙ - නිබ්බාණං ඉච්ඡිතබ්බකො
යම්සේ උෂ්ණයන් විද්‍යමාන කල්හි, සීතල නම් වූ අනෙකක් විද්‍යමාන වේද, මෙසේ ත්‍රිවිධාග්නි විද්‍යමාන කල්හි නිවීමක් කැමැති විය යුතුය.
“යථාපි පාපෙ විජ්ජන්තෙ, කල්යාණමපි විජ්ජති; එවමෙව ජාති විජ්ජන්තෙ, අජාතිමපි ඉච්ඡිතබ්බක”න්තිආදි. (බු· වං· 2.10-12) –
යථාපි පාපෙ විජ්ජන්තෙ - කල්‍යාණම්පි විජ්ජති එවමෙව ජාති විජ්ජන්තෙ - අජාතිම්පි ඉච්ඡිතබ්බකංති
යම්සේ පාපයන් විද්‍යමාන කල්හි යහපත් දැයක් විද්‍යමාන වේද, එපරිද්දෙන්ම ඉපැත්ම විද්‍යමාන වන කල්හි නොඉපැත්මක්ද කැමැති විය යුතුය. යනාදිය කීහ.
අපිච නිබ්බානස්ස පරමත්ථතො අත්ථිභාවවිචාරණං පරතො ආවිභවිස්සති.
තවද නිර්වාණයෙහි පරමාර්ථ වශයෙන් පවත්නා බව විවරණය කිරීම මත්තෙහි ප්‍රකට වන්නේය.
එවං භගවා අසඞ්ඛතාය ධාතුයා පරමත්ථතො අත්ථිභාවං සම්මුඛෙන දස්සෙත්වා ඉදානි තබ්බිධුරධම්මාපොහනමුඛෙනස්ස සභාවං දස්සෙතුං, “යත්ථ නෙව පථවී න ආපො”තිආදිමාහ. තත්ථ යස්මා නිබ්බානං සබ්බසඞ්ඛාරවිධුරසභාවං යථා සඞ්ඛතධම්මෙසු කත්ථචි නත්ථි, තථා තත්ථපි සබ්බෙ සඞ්ඛතධම්මා. න හි සඞ්ඛතාසඞ්ඛතධම්මානං සමොධානං සම්භවති. තත්රායං අත්ථවිභාවනා – යත්ථ යස්මිං නිබ්බානෙ යස්සං අසඞ්ඛතධාතුයං නෙව කක්ඛළලක්ඛණා පථවීධාතු අත්ථි, න පග්ඝරණලක්ඛණා ආපොධාතු, න උණ්හලක්ඛණා තෙජොධාතු, න විත්ථම්භනලක්ඛණා වායොධාතු අත්ථි. ඉති චතුමහාභූතාභාවවචනෙන යථා සබ්බස්සපි උපාදාරූපස්ස අභාවො වුත්තො හොති තන්නිස්සිතත්තා. එවං අනවසෙසතො කාමරූපභවස්ස තත්ථ අභාවො වුත්තො හොති තදායත්තවුත්තිභාවතො. න හි මහාභූතනිස්සයෙන විනා පඤ්චවොකාරභවො එකවොකාරභවො වා සම්භවතීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අසංඛත ධාතුයෙහි පරමාර්ථ වශයෙන් විද්‍යමාන බැව් හමුයෙන් දක්වා, දැන් එයට අසමාන ධර්ම අවසාන මුඛයෙන් එහි ස්වභාවය දක්වන්ට යත්ථ නෙව පඨවි නච ආපො යනාදිය වදාළහ. නිර්වාණය සියලු සංස්කාර අසමාන ස්වභාවය යම්සේ ප්රත්යයන්ගෙන් හටගත් ධර්මයන්හි කිසිතැනක නොමැත. එසේම එහිද සියලු ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම සංඛත අසංඛත ධර්මයන්හි ගැලපීමක් හට නොගනී. එහි මේ අර්ථ ගෙනහැර දැක්වීමයි. යත්ථ යම් නිර්වාණයක යම් අසංඛත ධාතුයෙක්හි කර්කශ ලක්ෂණ පෘථුවි ධාතුව නැත. වැගිරෙන ලක්ෂණ ආපෝ ධාතුව නැත. ඌෂ්ණ ලක්ෂණ තේජෝ ධාතුව නැත. පිම්බවීම් ලක්ෂණ වායෝ ධාතුව නැත. මෙසේ සිව්මහා භූත අභාව වචනයෙන් සියලු උපාදා රූපයාගේ අභාවය යූ.සේයිා. එය නිශ්රිත හෙයිනි. මෙසේ ශේෂ රහිතව කාම රූප භවයන්හි එහි අභාවය යූ.සේයි. එයට අයත් පැවැත්ම නොමැති හෙයිනි. මහා භූත ආශ්‍රිතයෙන් තොරව, පංචවොකාර භවය හෝ චතුවොකාර භවය හට නොගනී.
ඉදානි අරූපසභාවත්තෙපි නිබ්බානස්ස අරූපභවපරියාපන්නානං ධම්මානං තත්ථ අභාවං දස්සෙතුං, “න ආකාසානඤ්චායතනං…පෙ… න නෙවසඤ්ඤානාසඤ්ඤායතන”න්ති වුත්තං. තත්ථ න ආකාසානඤ්චායතනන්ති සද්ධිං ආරම්මණෙන කුසලවිපාකකිරියභෙදො තිවිධොපි ආකාසානඤ්චායතනචිත්තුප්පාදො නත්ථීති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. යදග්ගෙන ච නිබ්බානෙ කාමලොකාදීනං අභාවො හොති, තදග්ගෙන තත්ථ ඉධලොකපරලොකානම්පි අභාවොති ආහ – “නායං ලොකො න පරලොකො”ති. තස්සත්ථො – ය්වායං “ඉත්ථත්තං දිට්ඨධම්මො ඉධලොකො”ති ච ලද්ධවොහාරො ඛන්ධාදිලොකො, යො ච “තතො අඤ්ඤථා පරො අභිසම්පරායො”ති ච ලද්ධවොහාරො ඛන්ධාදිලොකො, තදුභයම්පි තත්ථ නත්ථීති. න උභො චන්දිමසූරියාති යස්මා රූපගතෙ සති තමො නාම සියා, තමස්ස ච විධමනත්ථං චන්දිමසූරියෙහි වත්තිතබ්බං. සබ්බෙන සබ්බං පන යත්ථ රූපගතමෙව නත්ථි, කුතො තත්ථ තමො. තමස්ස වා විධමනා චන්දිමසූරියා, තස්මා චන්දිමා සූරියො චාති උභොපි තත්ථ නිබ්බානෙ නත්ථීති අත්ථො. ඉමිනා ආලොකසභාවතංයෙව නිබ්බානස්ස දස්සෙති.
දැන් අරූප ස්වභාවයෙහිද, නිර්වාණයාගේ අරූප භවයට ඇතුලත් වූ ධර්මයන්ගේ එහි අභාවය දක්වන්ට, න ආකාසානඤ්චායතනං -පෙ- න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යනාදිය යූ.සේයි. එහි න ආකාසානඤ්චායතනං යනු අරමුණු සහිත කුසල විපාක ක්‍රියා භේද වූ ත්‍රිවිධ වූද ආකාසානඤ්චායතන චිත්තෝත්පාදය නැතැයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. යම්තැනක පටන් නිර්වාණයෙහි කාම ලෝකාදීන්ගේ අභාවය වේද, එතැන් පටන් එහි මෙලෝ පරලෝ ආදීන්ගේද අභාවයැයි කීය. න අයං ලොකො න පරො ලොකො එහි අර්ථය. යම් ආකාර වූ මෙලොව ඉහාත්මය. මෙලොව යැයි ලද ව්‍යවහාර ඇති ස්කන්ධ ලෝකයයි. යම් ආකාර වූ එයින් අන්‍ය වූ. අනෙකක්. මරණින් මතුයෙහි යැයි ලද ව්‍යවහාර ඇති ස්කන්ධ ලෝකයද යන එම දෙකම එහි නොමැතිය. න උභො චන්දිම සුරියා යම්තැනක රූප භවයක් අතිකල්හි අඳුර වන්නේය. අඳුර විනාශ කිරීම සඳහා සඳ-හිරු පැවතිය යුතුය. සම්පූර්ණයෙන් යම් තැනක රූප භවය නැත්ද, එහි අඳුරක් කොයින්ද? අඳුර විනාශ කරන සඳහිරු හෝ නොමැත. එහෙයින් සඳ හිරු යන දෙකද, එම නිර්වාණයෙහි නැතැයි අර්ථයි. මෙයින් එම නිර්වාණයාගේම ආලෝකමත් ස්වභාවය දක්වයි.
එත්තාවතා ච අනභිසමෙතාවීනං භික්ඛූනං අනාදිමතිසංසාරෙ සුපිනන්තෙපි අනනුභූතපුබ්බං පරමගම්භීරං අතිදුද්දසං සණ්හසුඛුමං අතක්කාවචරං අච්චන්තසන්තං පණ්ඩිතවෙදනීයං අතිපණීතං අමතං නිබ්බානං විභාවෙන්තො පඨමං තාව “අත්ථි, භික්ඛවෙ, තදායතන”න්ති තස්ස අත්ථිභාවා තෙසං අඤ්ඤාණාදීනි අපනෙත්වා “යත්ථ නෙව පථවී …පෙ… න උභො චන්දිමසූරියා”ති තදඤ්ඤධම්මාපොහනමුඛෙන තං විභාවෙති ධම්මරාජා. තෙන පථවීආදිසබ්බසඞ්ඛතධම්මවිධුරසභාවා යා අසඞ්ඛතා ධාතු, තං නිබ්බානන්ති දීපිතං හොති. තෙනෙවාහ, “තත්‍රාපාහං, භික්ඛවෙ, නෙව ආගතිං වදාමී”ති.
මෙතෙකින් එම භික්ෂූන් විසින් අවබෝධ නොකරන ලද, කෙළවරක් නොදක්නා සසරෙහි සිහිනෙනිදු, නොවිඳිනි ලද, ඉතා ගැඹුරු දැක්ම දුෂ්කර, අති සියුම්, තර්ක කළ නොහැකි, ඉතාමත් ශාන්ත වූ, නුවණැත්තන් විසින් විඳිය යුතු, ඉතා ප්‍රණීත අමෘත නිර්වාණය පැහැදිලි කරනුයේ පළමුව, අත්ථි භික්ඛවෙ තදායතනං යයි එහි විද්‍යමාන බැව් ඔවුන්ගේ අඥානාදීන් ඉවත්කොට ‘යත්ථ නෙව පඨවි -පෙ- න උභො චන්දිම සුරියා යි එයින් අන්‍ය ධර්මයන් පිවිසීම් මුඛයෙන් ධර්මරාජයාණන් වහන්සේ එය පැහැදිලි කරයි. එහෙයින් එහි පෘථුවි ආදී සියලු සංඛත ධර්ම අසමාන ස්වභාවය වූ යම් අසංඛත ධාතුවක් වේද එය නිර්වාණයයි දක්වන ලද්දේ වේ. එහෙයින් තත්ර පාහං භික්ඛවෙ නෙව ආගතිං වදාවී යි දෙසූහ.
තත්ථ තත්රාති තස්මිං. අපිසද්දො සමුච්චයෙ. අහං, භික්ඛවෙ, යත්ථ සඞ්ඛාරපවත්තෙ කුතොචි කස්සචි ආගතිං න වදාමි යථාපච්චයං තත්ථ ධම්මමත්තස්ස උප්පජ්ජනතො. එවං තස්මිම්පි ආයතනෙ නිබ්බානෙ කුතොචි ආගතිං ආගමනං නෙව වදාමි ආගන්තබ්බට්ඨානතාය අභාවතො. න ගතින්ති කත්ථචි ගමනං න වදාමි ගන්තබ්බට්ඨානතාය අභාවතො. න හි තත්ථ සත්තානං ඨපෙත්වා ඤාණෙන ආරම්මණකරණං ආගතිගතියො සම්භවන්ති, නාපි ඨිතිචුතූපපත්තියො වදාමි. “තදාපහ”න්තිපි පාළි. තස්සත්ථො – තම්පි ආයතනං ගාමන්තරතො ගාමන්තරං විය න ආගන්තබ්බතාය න ආගති, න ගන්තබ්බතාය න ගති, පථවීපබ්බතාදි විය අපතිට්ඨානතාය න ඨිති, අපච්චයත්තා වා උප්පාදාභාවො, තතො අමතසභාවත්තා චවනාභාවො, උප්පාදනිරොධාභාවතො චෙව තදුභයපරිච්ඡින්නාය ඨිතියා ච අභාවතො න ඨිතිං න චුතිං න උපපත්තිං වදාමි. කෙවලං පන තං අරූපසභාවත්තා අපච්චයත්තා ච න කත්ථචි පතිට්ඨිතන්ති අප්පතිට්ඨං. තත්ථ පවත්තාභාවතො පවත්තප්පටිපක්ඛතො ච අප්පවත්තං. අරූපසභාවත්තෙපි වෙදනාදයො විය කස්සචිපි ආරම්මණස්ස අනාලම්බනතො උපත්ථම්භනිරපෙක්ඛතො ච අනාරම්මණමෙව තං “ආයතන”න්ති වුත්තං නිබ්බානං. අයඤ්ච එවසද්දො අප්පතිට්ඨමෙව අප්පවත්තමෙවාති පදද්වයෙනපි යොජෙතබ්බො . එසෙවන්තො දුක්ඛස්සාති යදිදං “අප්පතිට්ඨ”න්තිආදීහි වචනෙහි වණ්ණිතං ථොමිතං යථාවුත්තලක්ඛණං නිබ්බානං, එසො එව සකලස්ස වට්ටදුක්ඛස්ස අන්තො පරියොසානං තදධිගමෙ සති සබ්බදුක්ඛාභාවතො. තස්මා “දුක්ඛස්ස අන්තො”ති අයමෙව තස්ස සභාවොති දස්සෙති.
එහි තත්ර යනු එහි අපි ශබ්දය එක් කිරීමෙහිය. මහණෙනි, මම සංස්කාර නො පවත්නා කල්හි කිසිතැනක කිසිවෙකුගේ පැමිණීම නොකියමි. හේතුව පරිදි එහි ධර්ම මාත්රයාගේ උපදනා හෙයිනි. මෙසේ එම ආයතනයෙහිද, නිර්වාණයෙහි කිසිතැනක පැමිණීම ඒම නොකියමි. පැමිණිය යුතු කාරණායෙහි නොමැති හෙයිනි. නගතිං කිසිතැනක යාම නොකියමි. යා යුතු කාරණයෙහි නොමැති හෙයිනි. එහි සත්ත්වයින්ගේ නුවණින් අරමුණු කිරීම් හැර පැමිණීම් හෝ යාම් නොමැත. පැවතීම් චුතවීම්, ඉපදීම් ද නැතැයි කියමි. තදාපහන්තියිද පාලියි. එහි අර්ථය. එම ආයතනය පිටිසර ගමකින් පිටිසර ගමකට මෙන් නොපැමිණිය යුතු හෙයින් නොපැමිණේ නමැ. යාමක් නොමැති හෙයින් නොයයි නමැ. පෘථුවි පර්වතාදිය මෙන් ස්ථිරව නොපිහිටන අර්ථයින් පිහිටීම නොමැත. ප්‍රත්‍යය රහිත භාවය හෝ උත්පාද අභාවයයි. ඉන් නොමැරෙන ස්වභාව හෙයින් චුතවීම් නොමැතිවීමයි. උත්පාද, නිරෝධ අභාව හෙයින් ද, එම ද්වයය පිරිසිඳීමෙන් පැවැත්මෙහි ද අභාව හෙයින් පැවැත්මක් නොමැත. චුතියක් නැත. උපතක් නැතැයි වදාරමි. හුදෙක් එය අරූප ස්වභාවය හෙයින්, ප්‍රත්‍යය රහිත භාවයෙන් ද කිසිතැනෙක්හි නොපිහිටියේනුයි අප්පතිට්ඨංයි එහි පැවැත්ම අභාව හෙයින්ද, පැවැත්මට ප්රතිපක්ෂ හෙයින් ද නොපැවැත්මයි. අරූප ස්වභාවයෙහි වේදනාදීන් මෙන් ද කිසිම අරමුණක නොඑල්බෙන හෙයින් උපකාර නිරපේක්ෂ හෙයින් අරමුණු රහිත වූම ආයතනයැයි එය යූ.සේයි. නිර්වාණයයි. මෙම එව ශබ්දය නොපිහිටියේමය. නොපවත්නේම යැයි යන පද ද්වයයෙහිම යෙදිය යුතුය. එසෙවන්තො දුක්ඛස්ස යනු යම් මේ අප්පතිට්ඨං ආදී වචනයන්ගෙන් වර්ණිත ස්තුති කරන ලද කියන ලද ලක්ෂණ ඇති නිර්වාණයයි. එයම සමස්ත වෘත්ත දුක්ඛයාගේ කෙළවර, අවසානය එහි අවබෝධය ඇතිකල්හි සියලු දුක් අභාව හෙයින් දුක්ඛයාගේ කෙළවර යැයි මෙයම එහි ස්වභාවය යැයි දක්වයි.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම සූත්‍ර වර්ණනාව නිමියේ ය.