යෙදුමෙන් කියවන්න

10. උදෙනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. උදෙනසුත‍්තවණ‍්ණනා

10. උදෙන සූත්‍ර වර්ණනාව

දසමෙ රඤ‍්ඤො උතෙනස‍්සාති උතෙනස‍්ස නාම රඤ‍්ඤො, යො “වජ‍්ජිරාජා”තිපි වුච‍්චති. උය්‍යානගතස‍්සාති උය්‍යානකීළනත්‍ථං උය්‍යානං ගතස‍්ස . අනාදරෙ හි ඉදං සාමිවචනං, “අන‍්තෙපුර”න‍්ති පන පදං අපෙක‍්ඛිත්‍වා සම‍්බන්‍ධෙපෙතං සාමිවචනං හොති. කාලඞ‍්කතානීති අග‍්ගිදඩ‍්ඪානි හුත්‍වා මතානි හොන‍්ති. සාමාවතීපමුඛානීති එත්‍ථ කා පනායං සාමාවතී, කථඤ‍්ච දඩ‍්ඪාති? වුච‍්චතෙ, භද‍්දවතියං සෙට‍්ඨිනො ධීතා ඝොසකසෙට‍්ඨිනා ධීතුට‍්ඨානෙ ඨපිතා පඤ‍්චසතඉත්‍ථිපරිවාරා රඤ‍්ඤො උතෙනස‍්ස අග‍්ගමහෙසී මෙත‍්තාවිහාරබහුලා අරියසාවිකා සාමාවතී නාම. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පන ආදිතො පට‍්ඨාය සාමාවතියා උප‍්පත‍්තිකථා ධම‍්මපදවත්‍ථුම‍්හි (ධ· ප· අට‍්ඨ· 1.20 සාමාවතීවත්‍ථු) වුත‍්තනයෙන වෙදිතබ‍්බා. මාගණ‍්ඩියස‍්ස නාම බ්‍රාහ‍්මණස‍්ස ධීතා අත‍්තනො මාතාපිතූනං –

දසවැන්නෙහි, රඤ්ඤො උදෙනස්ස යනු යමෙක් වජ්ජි රජු යයි කියයිද, එම උදේන නම් රජුගේ, උය්‍යාන ගතස්ස යනු උයන්කෙළි සඳහා උයනට ගියහුට, මෙහි අනදරාර්ථයෙහි ෂෂ්ඨියි. අන්තෙපුරං යනු දනව්ව අපේක්‍ෂාකොට, මෙය සම්බන්ධාර්ථයෙහි ෂෂ්ඨියි. කාලං කතානි යනු ගින්නෙන් දැවී මළාහු වෙති. සාමාවතී පමුඛානි යන මෙහි මෙම සාමාවතී කවර තැනැත්තියක්ද? කෙසේ දැවිනිද? කියනු ලැබේ. භද්දවතී සිටුහුගේ දියණිය ඝෝෂක සිටුහු විසින් ධීතෲ ස්ථානයෙහි තබනලදුව පන්සියයක් ස්ත්‍රීන් පිරිවරා උදේන රජුගේ අග්‍ර මහේෂිකාව වූයේ, මෛත්‍රී විහරණ බහුල ආර්යශ්‍රාවිකා සාමාවතී නමැ. මෙය කෙටි විස්තරයයි. විස්තර වශයෙන් වනාහි මුලපටන් සාමාවතියගේ උත්පත්ති කථාව ධම්මපද වස්තුවෙහි කියන ලද ක්‍රමයෙන් දතයුත්තාහ. මාගන්දිය නම් බමුණුගේ දියණියයි. තම මව්පියන්ට -

“දිස‍්වාන තණ‍්හං අරතිං රගඤ‍්ච, නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං; කිමෙවිදං මුත‍්තකරීසපුණ‍්ණං, පාදාපි නං සම‍්ඵුසිතුං න ඉච‍්ඡෙ”ති. (සු· නි· 841) –

දිස්වාන තණ්හං අරතිං රහඤ්ච - නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං කිමෙවිදං මුත්තකරීස පුණ්නං - පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ

තෘෂ්ණා, අරති, රගා යන මර දූවරුන් ද දැක මෛථුනයෙහි කැමැත්තක් නොවීය. මළ මුත්‍ර පිරුණු මෙය කිමෙක්ද? මැය මාගේ පාවලින්ද ස්පර්ශ කිරීමට නොකැමැත්තෙමි.

භගවතා දෙසිතං ඉමං ගාථං සුත්‍වා සත්‍ථරි බද‍්ධාඝාතා මාගණ‍්ඩියා අපරභාගෙ රඤ‍්ඤා උතෙනෙන මහෙසිට‍්ඨානෙ ඨපිතා භගවතො කොසම‍්බිං උපගතභාවං, සාමාවතීපමුඛානඤ‍්ච පඤ‍්චන‍්නං ඉත්‍ථිසතානං උපාසිකාභාවං ඤත්‍වා “ආගතො නාම සමණො ගොතමො ඉමං නගරං, දානිස‍්ස කත‍්තබ‍්බං ජානිස‍්සාමි, ඉමාපි තස‍්ස උපට‍්ඨායිකා, ඉමාසම‍්පි සාමාවතීපමුඛානඤ‍්ච කත‍්තබ‍්බං ජානිස‍්සාමී”ති අනෙකපරියායෙහි තථාගතස‍්ස තාසඤ‍්ච අනත්‍ථං කාතුං වායමිත්‍වාපි අසක‍්කොන‍්තී පුනෙකදිවසං රඤ‍්ඤා සද‍්ධිං උය්‍යානකීළං ගච‍්ඡන‍්තී චූළපිතු සාසනං පහිණි “සාමාවතියා පාසාදං ගන‍්ත්‍වා දුස‍්සකොට‍්ඨාගාරතෙලකොට‍්ඨාගාරානි විවරාපෙත්‍වා දුස‍්සානි තෙලචාටීසු තෙමෙත්‍වා ථම‍්භෙ වෙඨෙත්‍වා තා සබ‍්බා එකතො කත්‍වා ද‍්වාරං පිදහිත්‍වා බහි යන‍්තං දත්‍වා දණ‍්ඩදීපිකාහි ගෙහෙ අග‍්ගිං දදමානො ඔතරිත්‍වා ගච‍්ඡතූ”ති.

යන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත මෙම නය අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි බඳනා ලද ක්‍රෝධ ඇති මාගන්දිය පසුකල්හි උදේන රජුගේ අගමෙහෙසුන් තනතුරෙහි තබන ලදි. භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවරට එළැඹි බවද, සාමාවතී ප්‍රමුඛ පන්සියයක් ස්ත්‍රීන්ගේ උපාසිකා භාවයට පත් බවද දැන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙනුවර පැමිණියේය. දැන් ඔහුට කළයුත්ත දන්නෙමි මෑලාද ඔහුගේ උපස්ථායිකාවන්ය. සාමාවතී ප්‍රමුඛ මෑලාටද කළයුත්ත දන්නෙමියි නොයෙක් ක්‍රමයෙන් තථාගතයන් වහන්සේටද ඈලාටද අනර්ථයක් කරන්ට උත්සාහ කොට ද නොහැකි වනුයේ, නැවත එක්දිනක් රජු සමග උයන්කෙළියට යනුයේ සුළු පියාට, සාමාවතිය ගේ පහයට ගොස් වස්ත්‍ර කොටුගුල්, තෙල් කොටුගුල් විවර කරවා, වස්ත්‍ර තෙල් සැළිවල තෙමා ස්ථම්භයන් වෙලා, ඈලා සියල්ල එක්කොට දොරවල් වසා, පිටත යන්ත්‍රයක් සවිකොට, දඬු පහන්වලින් ගෙට ගිනි දෙමින් බැස එනු යයි පණිවුඩයක් යැවීය.

තං සුත්‍වා සො පාසාදං අභිරුය‍්හ කොට‍්ඨාගාරානි විවරිත්‍වා වත්‍ථානි තෙලචාටීසු තෙමෙත්‍වා ථම‍්භෙ වෙඨෙතුං ආරභි. අථ නං සාමාවතීපමුඛා ඉත්‍ථියො “කිං එතං චූළපිතා”ති වදන‍්තියො උපසඞ‍්කමිංසු. “අම‍්මා, රාජා දළ‍්හිකම‍්මත්‍ථාය ඉමෙ ථම‍්භෙ තෙලපිලොතිකාහි බන්‍ධාපෙති , රාජගෙහෙ නාම සුයුත‍්තදුයුත‍්තං දුජ‍්ජානං, මා මෙ සන‍්තිකෙ හොථා”ති වත්‍වා තා ආගතා ගබ‍්භෙසු පවෙසෙත්‍වා ද‍්වාරානි පිදහිත්‍වා බහි යන‍්තකං දත්‍වා ආදිතො පට‍්ඨාය අග‍්ගිං දෙන‍්තො ඔතරි. සාමාවතී තාසං ඔවාදං අදාසි, “අම‍්මා, අනමතග‍්ගෙ සංසාරෙ විචරන‍්තීනං එවමෙව අග‍්ගිනා ඣාමත‍්තභාවානං බුද‍්ධඤාණෙනපි පරිච‍්ඡෙදො න සුකරො, අප‍්පමත‍්තා හොථා”ති. තා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අධිගතඵලාය විඤ‍්ඤාතසාසනාය ඛුජ‍්ජුත‍්තරාය අරියසාවිකාය සෙක‍්ඛපටිසම‍්භිදාපත‍්තාය සත්‍ථාරා දෙසිතනියාමෙනෙව ධම‍්මං දෙසෙන‍්තියා සන‍්තිකෙ සොතාපත‍්තිඵලස‍්ස අධිගතා අන‍්තරන‍්තරා කම‍්මට‍්ඨානමනසිකාරෙන යුත‍්තප‍්පයුත‍්තා ගෙහෙ ඣායන‍්තෙ වෙදනාපරිග‍්ගහකම‍්මට‍්ඨානං මනසි කරොන‍්තියො කාචි දුතියඵලං, කාචි තතියඵලං පාපුණිත්‍වා කාලමකංසු. අථ භික‍්ඛූ කොසම‍්බියං පිණ‍්ඩාය චරන‍්තා තං පවත‍්තිං ඤත්‍වා පච‍්ඡාභත‍්තං භගවතො ආරොචෙත්‍වා තාසං අභිසම‍්පරායං පුච‍්ඡිංසු. භගවා ච තාසං අරියඵලාධිගමං භික‍්ඛූනං අභාසි. තෙන වුත‍්තං – “තෙන ඛො පන සමයෙන රඤ‍්ඤො උතෙනස‍්ස…පෙ… අනිප‍්ඵලා කාලඞ‍්කතා”ති.

හෙතෙම එය අසා, පහයට නැග කොටුගුල් විවරකොට, වස්ත්‍ර තෙල් සැළිවල පොඟවා ස්ථම්භයන් වෙලීමට ඇරඹීය. ඉක්බිති සාමාවතී ප්‍රමුඛ ස්ත්‍රීහු, සුළු පියාණෙනි, මේ කිමෙක්දැයි කියමින් ඔහු කරා එළැඹුනහ. මෑණිවරුනි, රජු දැඩි කිරීම (ශක්තිමත්) කිරීම සඳහා ස්ථම්භයන් තෙල් වස්ත්‍රවලින් වෙළවයි (ඔතවයි) රජගෙහි මනා යෙදීම්, නොමනා යෙදීම් දැන ගැනීම දුෂ්කරය. මා සමීපයෙහි නොවව් යයි කියා ආවා වූ ඈලා ගර්භයන්ට (කාමර) ප්‍රවේශ කරවා දොරවල් වසා පිටත යන්ත්‍රයක් දී, මුල පටන් ගිනි දෙමින් බැස්සේය. සාමාවතිය ඈලාට මව්වරුනි, අනවරාග්‍ර සංසාරයෙහි හැසිරෙන්නියෝ වූයේම, ගින්නෙන් දැවුණු ආත්මභාවයන්ගේ පිරිසිඳීම බුදු නැණින් ද පහසු නොවේ. පමා නොවව් යයි අවවාද දුන්නීය. ඈලා බුදුරදුන් හමුයෙහි දහම් අසා, පැමිණි මාර්ගඵල ඇති ශාස්තෲ ශාසනයි දත් අශෛක්‍ෂ්‍ය ප්‍රතිසම්භිදා ප්‍රාප්ත ඛුජ්ජුත්තරා ආර්ය ශ්‍රාවිකාව විසින්, ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්‍රමයෙන්ම ධර්මය දේශනා කරනු ලබන්නී ඇය හමුයෙහි සෝවාන් ඵලය අවබෝධ කරන ලද්දාහු අතරතුර කමටහන් මෙනෙහි කිරීමෙහි මනාව යෙදුනාහු, ගෙය දැවී යන කල්හි වේදනා පරිග්‍රහ කමටහන මෙනෙහි කරන්නියෝ සමහරු දෙවන ඵලයට ද, සමහරු තෙවන ඵලයටද පත්ව කළුරිය කළහ. ඉක්බිති භික්‍ෂූහු කොසඹෑ නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු එපවත් දැන, පසුබත්හි භාග්‍යවතුන් වහන්සේට සැළකොට ඈලාගේ මරණින් මතු භවය පිළිබඳ විමසූහ. භාග්‍යවතුන් වහන්සේද ඈලාගේ ආර්යඵල අධිගමය භික්‍ෂූන්ට වදාළේය. එහෙයින් තෙන ඛො පන සමයෙන රඤ්ඤො උදෙනස්ස -පෙ- අනිප්ඵලා කාලං කතා යි යූ.සේයි.

තත්‍ථ අනිප‍්ඵලාති න නිප‍්ඵලා, සම‍්පත‍්තසාමඤ‍්ඤඵලා එව කාලඞ‍්කතා. තා පන ඵලානි පටිලභන‍්තියො සාමාවතියා –

එහි අනිප්ඵලා යනු නිශ්ඵල නොමවී, සම්ප්‍රාප්ත සෝවාන්ඵල ආදිය සහිතව ම කළුරිය කළහයි අර්ථයි. එම ඵල ලබන්නා වූ සාමාවතී ආදීහු:-

“ආරම‍්භථ නික‍්කමථ, යුඤ‍්ජථ බුද‍්ධසාසනෙ; ධුනාථ මච‍්චුනො සෙනං, නළාගාරංව කුඤ‍්ජරො. “යො ඉමස‍්මිං ධම‍්මවිනයෙ, අප‍්පමත‍්තො විහස‍්සති; පහාය ජාතිසංසාරං, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී”ති. (සං· නි· 1.185; නෙත‍්ති· 29) –

ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො යො ඉමස්මිං ධම්ම විනයෙ - අප්පමත්තො විපස්සති පහාය ජාති සංසාරං - දුක්ඛස්සන්තං කරිස්සතී ති

අරඹව්. ගිහිගෙන් නික්මෙව්. බුදු සසුන්හි යෙදෙව්. මරහුගේ සේනාව දළ ඇතෙක් බටලීයෙන් තැනූ නිවසක් (බට කැලයක්) විනාශ කරන්නාක් මෙන් විනාශ කරව්. යමෙක් මෙම ධර්ම විනය සංඛ්‍යාත සස්නෙහි අප්‍රමාදීව විදසුන් වඩයිද, හෙතෙම ඉපදීම් සංඛ්‍යාත සසර දුරුකොට දුක් කෙළවර කරන්නේය.

ගාථාහි ඔවදියමානා වෙදනාපරිග‍්ගහකම‍්මට‍්ඨානං මනසි කරොන‍්තියො විපස‍්සිත්‍වා දුතියතතියඵලානි පටිලභිංසු. ඛුජ‍්ජුත‍්තරා පන ආයුසෙසස‍්ස අත්‍ථිතාය, පුබ‍්බෙ තාදිසස‍්ස කම‍්මස‍්ස අකතත‍්තා ච තතො පාසාදතො බහි අහොසි. “දසයොජනන‍්තරෙ පක‍්කාමී”ති ච වදන‍්ති. අථ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං, “ආවුසො, අනනුච‍්ඡවිකං වත අරියසාවිකානං එවරූපං මරණ”න‍්ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ , “භික‍්ඛවෙ, යදිපි තාසං ඉමස‍්මිං අත‍්තභාවෙ අයුත‍්තං, පුබ‍්බෙ කතකම‍්මස‍්ස පන යුත‍්තමෙව තාහි ලද‍්ධ”න‍්ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

යන ගාථාවන්ගෙන් අවවාද කරනු ලබන්නාහු දුක් වේදනා පරිග්‍රහ කර්ම ස්ථානය මෙනෙහි කරන්නාහු විදසුන් වඩා දෙවන තෙවන ඵලයන් ලැබූහ. ඛුජ්ජුත්තරාව ආයුෂ ශේෂ ඇති හෙයින් ද, පෙර එවැනි කර්ම නොකළ හෙයින් ද එම පහයෙන් පිටත වූයේය. දස යොදුනෙක් අතර ගියේ යැයි ද කියති. ඉක්බිති භික්‍ෂූහු දම්සභායෙහි ඇවැත්නි, ආර්ය ශ්‍රාවිකාවන්ගේ මෙබඳු මරණ ඒකාන්තයෙන් පුදුමයෙකැයි කථාවක් ඉපදවූහ. ශාස්තෲන් වහන්සේ වැඩමකොට මහණෙනි, දැන් මෙහි කවරනම් කථාවක් ආශ්‍රිතව සිටියහුදැයි විචාරා මෙනම් කථාවකින් යැයි කී කල්හි මහණෙනි, ඈලාට යම් ආකාර වූ, මේ අත් බැව්හි සිදු නොවිය යුත්තක් නොවීය. පෙර කරන ලද කර්මයට සිදුවිය යුත්තක්ම ඈලා විසින් ලබන ලදැයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලදුයේ අතීත වත් ගෙනහැර දක්වා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ අට‍්ඨ පච‍්චෙකබුද‍්ධා රඤ‍්ඤො නිවෙසනෙ නිබද‍්ධං භුඤ‍්ජන‍්ති. පඤ‍්චසතා ඉත්‍ථියො තෙ උපට‍්ඨහන‍්ති. තෙසු සත‍්ත ජනා හිමවන‍්තං ගච‍්ඡන‍්ති, එකො නදීතීරසමීපෙ එකස‍්මිං තිණගහනෙ සමාපත‍්තියා නිසීදති. අථෙකදිවසං රාජා පච‍්චෙකබුද‍්ධෙසු ගතෙසු තාහි ඉත්‍ථීහි සද‍්ධිං උදකකීළං කීළිතුකාමො තත්‍ථ ගතො. තා ඉත්‍ථියො දිවසභාගං උදකෙ කීළිත්‍වා සීතපීළිතා විසිබ‍්බිතුකාමා තං තිණගහනං උපරි විසුක‍්ඛතිණසඤ‍්ඡන‍්නං “තිණරාසී”ති සඤ‍්ඤාය පරිවාරෙත්‍වා අග‍්ගිං දත්‍වා තිණෙසු ඣායිත්‍වා පතන‍්තෙසු පච‍්චෙකබුද‍්ධං දිස‍්වා “රඤ‍්ඤො පච‍්චෙකබුද‍්ධො ඣායති, තං රාජා ඤත්‍වා අම‍්හෙ නාසෙස‍්සති, සුදඩ‍්ඪං නං කරිස‍්සාමා”ති සබ‍්බා ඉතො චිතො ච දාරුආදීනි ආහරිත්‍වා තස‍්ස උපරි රාසිං කත්‍වා ආලිම‍්පෙත්‍වා “ඉදානි ඣායිස‍්සතී”ති පක‍්කමිංසු. තා පඨමං අසඤ‍්චෙතනිකා හුත්‍වා ඉදානි කම‍්මුනා බජ‍්ඣිංසු. පච‍්චෙකබුද‍්ධං පන අන‍්තොසමාපත‍්තියං සචෙ දාරූනං සකටසහස‍්සම‍්පි ආහරිත්‍වා ආලිම‍්පෙන‍්තා උසුමාකාරමත‍්තම‍්පි ගාහෙතුං න සක‍්කොන‍්ති, තස‍්මා සො සත‍්තමෙ දිවසෙ උට‍්ඨාය යථාසුඛං අගමාසි. තා තස‍්ස කම‍්මස‍්ස කතත‍්තා බහූනි වස‍්සසහස‍්සානි බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන අත‍්තභාවසතෙ ඉමිනාව නියාමෙන ගෙහෙ ඣායමානෙ ඣායිංසු. ඉදං තාසං පුබ‍්බකම‍්මං.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජ රාජ්‍යය කරවන කල්හි පසේ බුදුවරු අටනමක් රජුගේ නිවෙස්නෙහි නිතර වළඳති. පන්සියයක් ස්ත්‍රීහු උන්වහන්සේලාට උවටැන් කරති. ඔවුනතර සත් පසේ බුදු කෙනෙක් හිමවතට වඩිති. එක් නමක් නදීතෙර සමීපයෙහි එක් තෘණ රැසක සමවතින් වැඩහිඳියි. නැවත එක් දිනක රජු පසේ බුදුවරු වැඩම කළ කල්හි එම ස්ත්‍රීන් සමග ජල ක්‍රීඩා ක්‍රීඩාකරනු කැමැත්තේ ගියේය. එහි එම ස්ත්‍රීහු දහවල් කාලයෙහි ජලයෙහි ක්‍රීඩාකොට සීතලෙන් පීඩාවට පත් වූයේ, ගිනි තපිනු කැමැතියේ එම තෘණ රාශිය මතුයෙහි මනාව වියලී ගිය තෘණයෙන් ගැවසී ගත්තේ තෘණ රැසකයි සංඥාවෙන් පිරිවරා සිටියාහු ගිනි දමා තෘණ දැවී වැටෙන කල්හි පසේබුදුන් දැක, රජුගේ පසේ බුදුරජුන් පිළිස්සේ, එය රජු දැන අප නසන්නේ යයි මනාව දැවීම කරන්නෙමුයි (සම්පූර්ණයෙන්) සියලු ස්ත්‍රීහු ඔබිනොබින් දර ආදිය ගෙනවුත් පසේ බුදුන් මතුයෙහි රැසක් කොට දල්වා දැන් දැවෙන්නේ යයි ගියහ. ඈලා පළමුව චේතනාවකින් තොරව වී දැන් කර්මයෙන් බැඳුනහ. පසේබුදුන් වනාහි සමවත තුළ ඉදින් දුර කරත්ත දහසක් වුව ගෙනවුත් දල්වනුයේ සිරුරට උණුසුම් ආකාර මාත්‍රයක් හෝ ගන්වන්ට නොහැකි වෙති. එහෙයින් පසේ බුදුරදහු සත්වන දින සමවතින් නැගිට සුවසේ වැඩි සේක. ඈලා එම කර්මය කළ හෙයින් බොහෝ වර්ෂ දහස් ගණන් බොහෝ වර්ෂ ලක්‍ෂ ගණන් නිරයෙහි පැසී එම කර්මයෙහිම අවශේෂ විපාක වශයෙන් ආත්මභාව සියයක මෙම ක්‍රමයෙන් ගෘහය පිළිස්සෙන කල්හි පිළිස්සුණාහ. මෙය ඈලාගේ පූර්ව කර්මයයි.

යස‍්මා පන තෙ ඉමස‍්මිං අත‍්තභාවෙ අරියඵලානි සච‍්ඡාකංසු, රතනත‍්තයං පයිරුපාසිංසු, තස‍්මා තත්‍ථ අනාගාමිනියො සුද‍්ධාවාසෙසු උපපන‍්නා, ඉතරා කාචි තාවතිංසෙසු, කාචි යාමෙසු, කාචි තුසිතෙසු, කාචි නිම‍්මානරතීසු, කාචි පරනිම‍්මිතවසවත‍්තීසු උපපන‍්නා.

ඈලා මෙඅත් බැව්හි ආර්යඵල සාක්‍ෂාත් කළහ. රත්නත්‍රයය ඇසිරි කළහ. එහෙයින් එහි අනාගාමිනියන්ව සුද්ධාවාසයන්හි උපන්හ. අනෙක් සමහර අය තාවතිංසයෙහි. සමහරෙක් යාමයෙහි. සමහරෙක් තුසිතයෙහි, සමහරෙක් නිම්මාණරතියෙහි, සමහරෙක් පරනිර්මිත වසවර්තියෙහි උපන්හ.

රාජාපි ඛො උතෙනො “සාමාවතියා ගෙහං කිර ඣායතී”ති සුත්‍වා වෙගෙන ආගච‍්ඡන‍්තොපි තං පදෙසං තාසු දඩ‍්ඪාසුයෙව සම‍්පාපුණි. ආගන‍්ත්‍වා පන ගෙහං නිබ‍්බාපෙත්‍වා උප‍්පන‍්නබලවදොමනස‍්සො මාගණ‍්ඩියාය තථා කාරිතභාවං උපායෙන ඤත්‍වා අරියසාවිකාසු කතාපරාධකම‍්මුනා චොදියමානො තස‍්සා රාජාණං කාරෙසි සද‍්ධිං ඤාතකෙහි. එවං සා සපරිජනා සමිත‍්තබන්‍ධවා අනයබ්‍යසනං පාපුණි.

උදේන රජහුද, සාමාවතියගේ ගෙය පිළිස්සේයයි අසා වේගයෙන් පැමිණෙනුයේද, ඈලා දැවුණු කල්හිම පැමිණියේය. අවුත් ගිනි නිවා, උපන් බලවත් දොම්නස් ඇත්තේ, මාගන්දිය විසින් එසේ කරවන ලද බව උපායෙන් දැන ආර්ය ශ්‍රාවිකාවන් කෙරෙහි කරන ලද අපරාධ කර්මයෙන් චෝදනා කරනු ලබන්නේ ඤාතීන් සමග ඇයට රජ අණ කරවීය. මෙසේ ඇය පිරිවර ජනයා සහිතව ඤාති මිත්‍රයන් සමග විනාශයට පැමිණියේය.

එතමත්‍ථං විදිත්‍වාති එතං සාමාවතීපමුඛානං තාසං ඉත්‍ථීනං අග‍්ගිම‍්හි අනයබ්‍යසනාපත‍්තිහෙතුං, මාගණ‍්ඩියාය ච සමිත‍්තබන්‍ධවාය රාජාණාය අනයබ්‍යසනාපත‍්තිනිමිත‍්තං සබ‍්බාකාරතො විදිත්‍වා තදත්‍ථදීපනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම සාමාවතී ප්‍රමුඛ එම ස්ත්‍රීන්ගේ ගින්නෙහි වැටීමෙන් වූ විනාශයට පත්වීමේ හේතුවද, මාගන්දියගේ ඥාති මිත්‍රයින් සමග රජ අණින් විනාශයට පත්වීමේ නිමිත්තද සර්වප්‍රකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.

තත්‍ථ මොහසම‍්බන්‍ධනො ලොකො, භබ‍්බරූපොව දිස‍්සතීති යො ඉධ සත‍්තලොකො භබ‍්බරූපොව හෙතුසම‍්පන‍්නො විය හුත්‍වා දිස‍්සති, සොපි මොහසම‍්බන්‍ධනො මොහෙන පලිගුණ‍්ඨිතො අත‍්තහිතාහිතං අජානන‍්තො හිතෙ න පටිපජ‍්ජති, අහිතං දුක‍්ඛාවහං බහුඤ‍්ච අපුඤ‍්ඤං ආචිනාති. “භවරූපොව දිස‍්සතී”තිපි පාඨො. තස‍්සත්‍ථො – අයං ලොකො මොහසම‍්බන්‍ධනො මොහෙන පලිගුණ‍්ඨිතො, තතො එව භවරූපොව සස‍්සතසභාවො වියස‍්ස අත‍්තා දිස‍්සති, අජරාමරො විය උපට‍්ඨාති, යෙන පාණාතිපාතාදීනි අකත‍්තබ‍්බානි කරොති.

එහි මොහ සම්බන්‍ධනො ලොකො භබ්බරූපොව දිස්සති යනු සත්ත්ව ලෝකයා භව්‍යරූපියෙක්හු මෙන්, හේතු සම්පන්නයක්හු මෙන් දක්නා ලැබේ. හෙතෙම මෝහය හා සම්බන්ධ වූයේ, මෝහයෙන් හාත්පසින් වසන ලදුයේ, තමාගේ හිත අහිත නොදන්නේ හිතයෙහි නොපිළිපදී. අහිත දුක් එළවන බොහෝ රැස් කෙරේ. “භව රූපොව දිස්සති”යි ද පාඨයි. එහි අර්ථය මෙම ලෝකයා මෝහය හා එකට බැඳුනේ, මෝහයෙන් හාත්පසින් වසන ලදුයේ එයින්ම භවරූපීව ශාස්වත භාවය මෙන් ඔහුගේ ආත්මය පෙනේ. අජරාමර වූයේ මෙන් වැටහේ. යමක් කරණකොට ප්‍රාණඝාතාදී නොකටයුතු දේ කරයිද එබඳු තත්ත්වයට පත්වේ.

උපධිබන්‍ධනො බාලො, තමසා පරිවාරිතො. සස‍්සතොරිව ඛායතීති න කෙවලඤ‍්ච මොහසම‍්බන්‍ධනො එව, අපිච ඛො උපධිබන්‍ධනොපි අයං අන්‍ධබාලලොකො අවිජ‍්ජාතමසා පරිවාරිතො. ඉදං වුත‍්තං හොති – යෙන ඤාණෙන අවිපරීතං කාමෙ ච ඛන්‍ධෙ ච “අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා”ති පස‍්සෙය්‍ය, තස‍්ස අභාවතො යස‍්මා බාලො අන්‍ධපුථුජ‍්ජනො අඤ‍්ඤාණතමසා සමන‍්තතො පරිවාරිතො නිවුතො, තස‍්මා සො කාමූපධි කිලෙසූපධි ඛන්‍ධූපධීති ඉමෙසං උපධීනං වසෙන ච උපධිබන්‍ධනො, තතො එව චස‍්ස සොපධිස‍්ස පස‍්සතො සස‍්සතො විය නිච‍්චො සබ‍්බකාලභාවී විය ඛායති. “අසස‍්සතිරිව ඛායතී”තිපි පාඨො. තස‍්සත්‍ථො – අත‍්තා සබ‍්බකාලං විජ‍්ජති උපලබ‍්භතීති අඤ‍්ඤො අසස‍්සති අනිච‍්චොති ලොකස‍්ස සො උපධි මිච‍්ඡාභිනිවෙසවසෙන එකදෙසො විය ඛායති, උපට‍්ඨහතීති අත්‍ථො. රකාරො හි පදසන්‍ධිකරො. පස‍්සතො නත්‍ථි කිඤ‍්චනන‍්ති යො පන සඞ‍්ඛාරෙ පරිග‍්ගහෙත්‍වා අනිච‍්චාදිවසෙන විපස‍්සති, තස‍්සෙව විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය යථාභූතං පස‍්සතො ජානතො පටිවිජ‍්ඣතො රාගාදිකිඤ‍්චනං නත්‍ථි, යෙන සංසාරෙ බජ‍්ඣෙය්‍ය. තථා අපස‍්සන‍්තො එව හි අවිජ‍්ජාතණ‍්හාදිට‍්ඨිආදිබන්‍ධනෙහි සංසාරෙ බද‍්ධො සියාති අධිප‍්පායො.

උපධි සම්බන්‍ධනො බාලො තමසා පරිවාරිතො සස්සතී විය ඛායති යනු හුදෙක් මෝහය හා එකට බැඳුනාහු පමණක් නොවේ. මෙම අන්ධබාල ලෝකයා අවිද්‍යා නමැති අඳුරින් පිරිවරන ලදුයේ උපධීන් හා එකට බැඳුනේ ද වේ. යම් නුවණකින් වෙනස් නුවූ ආකාරයෙන් කාමයන්හිද ස්කන්ධයන්හිද, අනිත්‍යය, දුක්ය, විපරිණාම ස්වභාවයැයි දක්නේද, එහි නොමැති වීමෙන්, අන්ධබාල පෘථග්ජනයා නුනුවණ නමැති අඳුරින් හාත්පස පිරිවරන ලදුයේ වසන ලදුයේ වේ. එහෙයින් හෙතෙම කාම උපධි කෙලෙස් උපධි, ස්කන්ධ උපධි යන මෙම උපධීන්ගේ වශයෙන් ද, උපධීන්ගෙන් බැඳුනේ, ඉක්බිති මෙසේ දක්නහුට උපධීන් ශාස්වත මෙන්, නිත්‍යය වූයේ හැමකල් වූයේ මෙන් වැටහේ. අසස්සතිරිව ඛායතියිද පාඨයි. එහි අර්ථය, ආත්මය හැමකල්හි විද්‍යමාන වේ. ලැබේ. අනෙකෙක් අසස්සති. ලෝකයාගේ අනිත්‍යයැයි යන එම උපධිය වැරදි සිත පිහිටුවා ගැනීම් වශයෙන් එක් කොටසක් සේ වැටහේ. වැටහේ යයි අර්ථයි. රකාරය වනාහි පද සන්ධි කරයි. පස්සතො නත්‍ති කිඤ්චනං යනු යමෙක් වනාහි සංස්කාරයන්හි සිත ඔසොවා තබා අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කෙරේද, ඔහුට මෙසේ විදර්ශනා ප්‍රඥා සහිත වූ මාර්ග ප්‍රඥායෙන් තත්වාකාරයෙන් දක්නා කල්හි, දන්නා කල්හි, පිළිපදිනා කල්හි යමක් කරණකොට සසරෙහි බඳනා ලද්දේ වන්නේ ද එබඳු රාගාදී කිසිවක් නැත. එසේ නොදක්නහුම වනාහි, අවිද්‍යා තෘෂ්ණා, දෘෂ්ටි ආදී බන්ධනයන්ගෙන් සසර බඳනා ලද්දේ වන්නේ යයි අදහසයි.

දසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

නිට‍්ඨිතා ච චූළවග‍්ගවණ‍්ණනා.

සත්වන චූල වර්ග වර්ණනා සමාප්තයි.