9. උදපානසුත්තවණ්ණනා අට්ඨකථා
9. උදපානසුත්තවණ්ණනා
9. උදපාන සූත්‍ර වර්ණනාව
නවමෙ මල්ලෙසූති මල්ලා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හීවසෙන “මල්ලා”ති වුච්චති, තෙසු මල්ලෙසු, යං ලොකෙ “මල්ලො”ති වුච්චති. කෙචි පන “මාලෙසූ”ති පඨන්ති. චාරියං චරමානොති අතුරිතචාරිකාවසෙන මහාමණ්ඩලජනපදචාරිකං චරමානො. මහතා භික්ඛුසඞ්ඝෙනාති අපරිච්ඡෙදගුණෙන මහන්තෙන සමණගණෙන. තදා හි භගවතො මහාභික්ඛුපරිවාරො අහොසි. ථූණං නාම මල්ලානං බ්රාහ්මණගාමොති පුරත්ථිමදක්ඛිණාය දිසාය මජ්ඣිමදෙසස්ස අවධිට්ඨානෙ මල්ලදෙසෙ ථූණනාමකො බ්රාහ්මණබහුලතාය බ්රාහ්මණගාමො. තදවසරීති තං අවසරි, ථූණගාමමග්ගං පාපුණීති අත්ථො. අස්සොසුන්ති සුණිංසු, සොතද්වාරසම්පත්තවචනනිග්ඝොසානුසාරෙන ජානිංසූති අත්ථො. ඛොති පදපූරණෙ, අවධාරණත්ථෙ වා නිපාතො. තත්ථ අවධාරණත්ථෙන අස්සොසුංයෙව, න තෙසං සවනන්තරායො අහොසීති වුත්තං හොති. පදපූරණෙන පදබ්යඤ්ජනසිලිට්ඨත්තමත්තමෙව. ථූණෙය්යකාති ථූණගාමවාසිනො. බ්රාහ්මණගහපතිකාති එත්ථ බ්රහ්මං අණන්තීති බ්රාහ්මණා, මන්තෙ සජ්ඣායන්තීති අත්ථො. ඉදමෙව හි ජාතිබ්රාහ්මණානං නිබ්බචනං, අරියා පන බාහිතපාපත්තා “බ්රාහ්මණා”ති වුච්චන්ති. ගහපතිකාති ඛත්තියබ්රාහ්මණෙ වජ්ජෙත්වා යෙ කෙචි අගාරං අජ්ඣාවසන්තා වුච්චන්ති, විසෙසතො වෙස්සා. බ්රාහ්මණා ච ගහපතිකා ච බ්රාහ්මණගහපතිකා.
නවවැන්නෙහි මල්ලෙසු යනු මල්ල නම් ජනපදවාසී රජ කුමාරවරු, ඔවුන්ගේ නිවාසය වූ එකම ජනපදය, ආරෝපනය අනුව මල්ලයැයි කියයි. එම මල්ල ජනපදයෙහි ලෝකයෙහි යමක් මල්ලයැයි කියයිද එයයි. සමහරු වනාහි මාලයන්හි යයිද කියවති. චාරිකං චරමානො යනු ඉක්මන් නොවූ චාරිකා වශයෙන් මහා මණ්ඩල දනව් සැරියෙහි සරනුයේ, මහතා භික්ඛු සංඝෙන යනු නොපිරිසිඳි ගණනින් යුත් මහත් ශ්‍රමණ ගණයා විසින්, එකල්හි භාග්‍යවතුන් වහන්සේට මහා භික්ෂු පිරිවරක් වූයේය. ථූනං නාම මල්ලානං බ්‍රාහ්මණ ගාමො යනු නැගෙනහිර හා දකුණු දිසාවට මධ්‍යම දේශයට සීමා ස්ථානයෙහි ථූන නමැති බ්‍රාහ්මණයන් බහුල හෙයින් එම බමුණුගම, තදවසරි, එහි වැඩවදාළ සේක. ථූන නම් මාර්ගයට සම්ප්‍රාප්ත වීයයි අර්ථයි. අස්සොසුං යනු ඇසූහ. ශ්රෝතද්වාර සම්ප්‍රාප්ත වචන ඝෝෂා අනුසාරයෙන් දැනගත්හයි අර්ථයි. ඛො යනු පද පූරණයෙහි නිපාතයි. අවධාරණාර්ථයෙහි හෝ නිපාතයි. එහි අවධාරණාර්ථයෙන් ඇසුවෝමහුය. ඔවුන්ට ශ්රවණාන්තරායයක් නොවීය. පද පූරණයෙන් පද බ්‍යඤ්ජන සිලිටිභාව මාත්රයමය. ථූණෙය්යතා යනු ථූන නම් ගම්වාසීහු, බ්‍රාහ්මණ ගහපතිකා යනු මෙහි වේදය හදාරත් නුයි බ්රාහ්මණායි. මන්ත්‍ර සජ්ඣායනා කරත් යයි අර්ථයි. මෙය වනාහි උපතින් බ්‍රාහ්මණයන්ගේ යනු නිර්වචනයයි. ආර්යයෝ වනාහි බහා තැබූ පාප හෙයින් බ්‍රාහ්මණ යැයි කියති. ගහපතිකා යනු ක්ෂත්රිය, බ්‍රාහ්මණයන් හැර යම්කිසි ගිහිගෙය මධ්‍යයෙහි වසන්නවුන් කියති. විශේෂතාවෙන් වෛශ්යයෝයි. බ්‍රාහ්මණයෝ ද ගෘහපතීහු ද බ්‍රාහ්මණ ගහපතිකායි.
ඉදානි යමත්ථං තෙ අස්සොසුං, තං දස්සෙතුං “සමණො ඛලු, භො, ගොතමො”තිආදි වුත්තං. තත්ථ සමිතපාපත්තා “සමණො”ති වෙදිතබ්බො. වුත්තඤ්හෙතං – “සමිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා”තිආදි (ම· නි· 1.434). භගවා ච අනුත්තරෙන අරියමග්ගෙන සබ්බසො සමිතපාපො. තෙනස්ස යථාභුච්චගුණාධිගතමෙතං නාමං, යදිදං සමණොති. ඛලූති අනුස්සවත්ථෙ නිපාතො. භොති බ්රාහ්මණජාතිකානං ජාතිසමුදාගතං ආලපනමත්තං. වුත්තම්පි චෙතං “භොවාදි නාම සො හොති, සචෙ හොති සකිඤ්චනො”ති (ධ· ප· 396). ගොතමොති ගොත්තවසෙන භගවතො පරිකිත්තනං. තස්මා “සමණො ඛලු, භො, ගොතමො”ති සමණො කිර, භො, ගොතමගොත්තොති අයමෙත්ථ අත්ථො. සක්යපුත්තොති ඉදං පන භගවතො උච්චාකුලපරිදීපනං. සක්යකුලා පබ්බජිතොති සද්ධාපබ්බජිතභාවපරිදීපනං. කෙනචි පාරිජුඤ්ඤෙන අනභිභූතො අපරික්ඛීණංයෙව තං කුලං පහාය නෙක්ඛම්මාධිගමසද්ධාය පබ්බජිතොති වුත්තං හොති. උදපානං තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරෙසුන්ති පානීයකූපං තිණෙන ච භුසෙන ච මුඛප්පමාණෙන වඩ්ඪෙසුං, තිණාදීනි පක්ඛිපිත්වා කූපං පිදහිංසූති අත්ථො.
දැන් මෙහි යමක් ඔව්හු ඇසූහුද එය දක්වන්ට සමණො ඛලුභො ගොතමො යනාදිය යූ.සේයි. එහි සන්සිඳවන ලද පාප හෙයින් ශ්‍රමණයයි දතයුතුය. ඔහුගේ පාපී අකුසල ධර්ම සංසිඳවන ලද්දේ වේ ආදිය යූ.සේයි. භාග්‍යවතුන් වහන්සේද, ඉතා උතුම් ආර්ය මාර්ගයෙන් සර්වප්රකාරයෙන් සන්සිඳවන ලද පව් ඇත්තේය. එහෙයින් එතුමාණන් වහන්සේට සත්‍ය වූ ගුණ අවබෝධ කරන ලද හෙයින් යම් මේ ශ්‍රමණයැයි නාමයක් වේද එය යෙදේ. ඛලු යනු අනු සුවාර්ථයෙහි නිපාතයි. භො යනු බ්‍රාහ්මණ ජාතිකයින්ට උපතින් හටගත් ඇමතීම් මාත්‍රයකි. හෙතෙම භොවාදී නම් වේ. ඉදින් වේද ඇලීම් සහිතව වේයයි යූ.සේයි. ගොතමො යනු ගෝත්‍ර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කිරීමයි. එහෙයින් සමණො ඛලු භො ගොතමො යනු ශ්රමණයන් වහන්සේ වනාහි පින්වත් ගෞතමයාණෝ යයි මේ මෙහි අර්ථයයි. සක්යපුත්තො යනු මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේගේ උසස් කුලය විදහා දැක්වීමයි. සක්යකුලා පබ්බජිතො ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බව දැක්වීමයි. සමහරු වස්තුව අහිමිවීමෙන් නොමඬනා ලද්දේ, වස්තුව ක්ෂය නොවූයේම එම කුලය අත්හැර නෛෂ්ක්‍රම්‍යය අවබෝධ කිරීම සඳහා ශ්‍රද්ධාවෙන් පැවිදි වූයේ යයි යූ.සේයි. උදපානං තිණස්සච භුසස්සච යාව මුඛතො පූරෙසුං යනු ජල පානය කරන ළිඳ, තණකොළිනුත් පිදුරුවලිනුත් මුවවිට තෙක්ම වැඩූහ. තෘණාදිය බහා ළිඳ වැසූහයි අර්ථයි.
තස්ස කිර ගාමස්ස බහි භගවතො ආගමනමග්ගෙ බ්රාහ්මණානං පරිභොගභූතො එකො උදපානො අහොසි. තං ඨපෙත්වා තත්ථ සබ්බානි කූපතළාකාදීනි උදකට්ඨානානි තදා විසුක්ඛානි නිරුදකානි අහෙසුං. අථ ථූණෙය්යකා රතනත්තයෙ අප්පසන්නා මච්ඡෙරපකතා භගවතො ආගමනං සුත්වා “සචෙ සමණො ගොතමො සසාවකො ඉමං ගාමං පවිසිත්වා ද්වීහතීහං වසෙය්ය, සබ්බං ඉමං ජනං අත්තනො වචනෙ ඨපෙය්ය, තතො බ්රාහ්මණධම්මො පතිට්ඨං න ලභෙය්‍යා”ති තත්ථ භගවතො අවාසාය පරිසක්කන්තා “ඉමස්මිං ගාමෙ අඤ්ඤත්ථ උදකං නත්ථි, අමුං උදපානං අපරිභොගං කරිස්සාම, එවං සමණො ගොතමො සසාවකො ඉමං ගාමං න පවිසිස්සතී”ති සම්මන්තයිත්වා සබ්බෙ ගාමවාසිනො සත්තාහස්ස උදකං ගහෙත්වා චාටිආදීනි පූරෙත්වා උදපානං තිණෙන ච භුසෙන ච පිදහිංසු. තෙන වුත්තං – “උදපානං තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරෙසුං, ‘මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූ’”ති.
එම ගමට පිටතින් භාග්‍යවතුන් වහන්සේ මඩනා මගෙහි බමුණන්ගේ පරිභෝජන සඳහා වූ එක් ළිඳක් වූයේය. එය හැර එහි සියලු ළිං වැව් ආදී දිය පවත්නා ස්ථාන එකල් වියලුනාහු දිය රහිත වූහ. එකල්හි තෙරුවන්හි නොපහන් මසුරු ප්රකෘතික ථූනෙය්යකයින් භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කිරීම අසා, ඉදින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙගමට පිවිස දෙතුන් දිනක් වාසය කරන්නේ නම් මෙම සියලු ජනතාව තම වදන්හි තබන්නේය. ඉක්බිති බමුණු දහම පිහිටීමක් නොලබන්නේය. එහි භාග්‍යවතුන් වහන්සේගේ නොවිසීම සඳහා උත්සාහ කරනුයේ. මෙගමැ අන් තන්හි දිය නැත. මෙම ළිඳ පරිභෝග කළ නොහැක්කක් කරන්නෙමු. මෙසේ කල්හි ශ්‍රාවක සංඝයා සහිත ගෞතමයන් වහන්සේ මෙ ගමට නොපිවිසෙන්නේ යයි සම්මන්ත්‍රණය කොට සත්දිනකට දිය ගෙන සැළි ආදිය පුරවා ළිඳ, තෘණයෙන්ද, පිදුරුවලින්ද වැසූහ. එහෙයින් උදපානං තිණස්සච භුසස්සච යාව මුඛතො පූරෙසුං මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූති යි යූ.සේයි.
තත්ථ මුණ්ඩකා සමණකාති මුණ්ඩෙ “මුණ්ඩා”ති සමණෙ “සමණා”ති වත්තුං වට්ටෙය්ය, තෙ පන ඛුංසනාධිප්පායෙන හීළෙන්තා එවමාහංසු. මාති පටිසෙධෙ, මා අපංසු මා පිවිංසූති අත්ථො. මග්ගා ඔක්කම්මාති මග්ගතො අපසක්කිත්වා. එතම්හාති යො උදපානො තෙහි තථා කතො, තමෙව නිද්දිසන්තො ආහ. කිං පන භගවා තෙසං බ්රාහ්මණානං විප්පකාරං අනාවජ්ජිත්වා එවමාහ – “එතම්හා උදපානා පානීයං ආහරා”ති, උදාහු ආවජ්ජිත්වා ජානන්තොති? ජානන්තො එව භගවා අත්තනො බුද්ධානුභාවං පකාසෙත්වා තෙ දමෙත්වා නිබ්බිසෙවනෙ කාතුං එවමාහ, න පානීයං පාතුකාමො. තෙනෙවෙත්ථ මහාපරිනිබ්බානසුත්තෙ විය “පිපාසිතොස්මී”ති (දී· නි· 2.191) න වුත්තං. ධම්මභණ්ඩාගාරිකො පන සත්ථු අජ්ඣාසයං අජානන්තො ථූණෙය්යකෙහි කතං විප්පකාරං ආචික්ඛන්තො “ඉදානි සො, භන්තෙ”තිආදිමාහ.
එහි මුඩු කළ අය අතර මුඩුකළ, ශ්රමණයන් අතර ශ්‍රමණයැයි කියන්ට වටනේය. අවමන් කිරීමේ අදහසින් පහත්කොට සිතන්නාහු මෙසේ කීහ. මා යනු ප්රතිෂේධාර්ථයෙහිය. නොබොත්වායි අර්ථයි. මග්ගා ඔක්කම්ම යනු මාර්ගයෙන් ඉවත්ව, එතම්හා යනු යම් ළිඳක් ඔවුන් විසින් එසේ කරන ලදුයේද එම ළිඳම දක්වනුයේ වදාළහ. කිමෙක්ද එම බමුණන්ගේ එම විකෘති ක්‍රියාව ආවර්ජනය නොකොට එම ළිඳෙන් දිය ගෙන එවයි එසේ වදාළ සේක්ද, නොහොත් ආවර්ජනය කොට දනුයේම වදාළේද? භාග්‍යවතුන් වහන්සේ දනුයේම තම බුද්ධානුභාවය ප්‍රකාශකොට ඔවුන් දමනය කොට, නිහතමානී කරන්ට එසේ වදාළහ. පැන් පානය කරනු කැමැත්තේ නොවේ. එහෙයින්ම මෙහි මහා පරිනිර්වාණ සූත්‍රයෙහි මෙන් පිපාසිත වූයෙමිහි නො යූ.සේයි. ධර්ම භාණ්ඩාගාරික තෙම ශාස්තෲන් වහන්සේගේ අදහස නොදන්නේ, ථූනෙය්යක බ්‍රාහ්මණයින් විසින් කරන ලද විකාරය කියනුයේ, ඉදානි සො භන්තෙ යනාදිය කීය.
තත්ථ ඉදානීති අධුනා, අම්හාකං ආගමනවෙලායමෙවාති අත්ථො. එසො, භන්තෙ, උදපානොති පඨන්ති. ථෙරො ද්වික්ඛත්තුං පටික්ඛිපිත්වා තතියවාරෙ “න ඛො තථාගතා තික්ඛත්තුං පච්චනීකා කාතබ්බා, කාරණං දිට්ඨං භවිස්සති දීඝදස්සිනා”ති මහාරාජදත්තියං භගවතො පත්තං ගහෙත්වා උදපානං අගමාසි. ගච්ඡන්තෙ ථෙරෙ උදපානෙ උදකං පරිපුණ්ණං හුත්වා උත්තරිත්වා සමන්තතො සන්දති, සබ්බං තිණං භුසඤ්ච උප්ලවිත්වා සයමෙව අපගච්ඡි. තෙන ච සන්දමානෙන සලිලෙන උපරූපරි වඩ්ඪන්තෙන තස්මිං ගාමෙ සබ්බෙව පොක්ඛරණීආදයො ජලාසයා විසුක්ඛා පරිපූරිංසු, තථා පරිඛාකුසුබ්භනින්නාදීනි ච. සබ්බො ගාමප්පදෙසො මහොඝෙන අජ්ඣොත්ථටො මහාවස්සකාලෙ විය අහොසි. කුමුදුප්පලපදුමපුණ්ඩරීකාදීනි ජලජපුප්ඵානි තත්ථ තත්ථ උබ්භිජ්ජිත්වා විකසමානානි උදකං සඤ්ඡාදිංසු. සරෙසු හංසකොඤ්චචක්කවාකකාරණ්ඩවබකාදයා එ උදකසකුණිකා වස්සමානා තත්ථ තත්ථ විචරිංසු. ථූණෙය්යකා තං මහොඝං තථා උත්තරන්තං සමන්තතො වීචිතරඞ්ගසමාකුලං පරියන්තතො සමුට්ඨහමානං රුචිරං ඵෙණබුබ්බුළකං දිස්වා අච්ඡරියබ්භුතචිත්තජාතා එවං සම්මන්තෙසුං “මයං සමණස්ස ගොතමස්ස උදකුපච්ඡෙදං කාතුං වායමිම්හා, අයං පන මහොඝො තස්ස ආගමනකාලතො පට්ඨාය එවං අභිවඩ්ඪති, නිස්සංසයං ඛො අයං තස්ස ඉද්ධානුභාවො. මහිද්ධිකො හි සො මහානුභාවො. ඨානං ඛො පනෙතං විජ්ජති, යථා යං මහොඝො උට්ඨහිත්වා අම්හාකං ගාමම්පි ඔත්ථරෙය්ය. හන්ද මයං සමණං ගොතමං උපසඞ්කමිත්වා පයිරුපාසිත්වා අච්චයං දෙසෙන්තා ඛමාපෙය්යාමා”ති.
එහි ඉදානි යනු දැන්, අපගේ සම්ප්‍රාප්ත වේලායෙහිම යැයි අර්ථයි. එසො භන්තෙ උදපානොයි කියවති. තෙරහු දෙවරක් විරුද්ධ දෙයක් නො කරන්නේය. දීර්ඝ දර්ශීන් වහන්සේ කරුණා දක්නා ලද්දේ වන්නේ යි භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳට ගියේය. තෙරුන් යන කල්හි (ළං ළං වන කල්හි) ළිඳෙහි දිය සම්පූර්ණ වී උතුරා හාත්පස ගලයි. සියලු තෘණද, පිදුරුද පාවී තෙමේම ඉවත් විය. එයින්ම ගලා යන මතු මත්තෙහි වැඩෙන්නා වූ දිය දහරින් එගමැ සියලු පොකුණු ආදී වියලී ගිය ජලාස පිරී ගියහ. එසේම අගල්, කුඩා වළවල් හා සියලුම පහත්බිම් පිරී ගියහ. සියලු ගම් පෙදෙස, මහ වැසි කල්හි, මහ සැඩ දිය පහරකින් මැඩගත්තේ මෙන් විය. සුදු මානෙල්, මානෙල්, නෙලුම්, සුදු නෙලුම් ආදී ජලජ පුෂ්පයන් ඒ ඒ තන්හි බීජයකින් ගිරියක් මෙන් මතුවී පිපෙන්නාහු දිය වැසූහ. විල්හි හංස කොස්වාළිහිණින්, සක්වාළිහිණින් තාරාවන්, කොක්කු ආදී ජලජ පක්ෂීහු වසන්නාහු ඒ ඒ තන්හි හැසිරුණහ. ථූණෙය්යක බමුණෝ, එම මහ දියපහර උතුරා ගොඩට එමින් හාත්පස රැළ තරංගයන්ගෙන් ගැවසී, කෙළවරින් නැගෙන්නා වූ, මන වඩන නොයෙක් දිය බුබුල් දැක, ආශ්චර්යය අද්භූත සිත් හටගත්තාහු මෙසේ සම්මන්ත්‍රණය කළහ. අපි ශ්‍රමණ ගෞතමයන්ට දිය සිඳීම කරන්ට උත්සාහ කළෙමු. මෙම මහ දිය පහර ඔහුගේ පැමිණි කල් පටන් මෙසේ අභිවෘද්ධියට පැමිණේ. ඒකාන්තයෙන් මෙය ඔහුගේ ආනුභාවයක් විය යුතුය. හෙතෙම වනාහි මහත් සෘද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. යම් ආකාර වූ මහ ජලකඳක් පැන නැග අපගේ ගමද යට කරන්නේය යන මෙම කරුණ විද්‍යමාන වේ. සිදුවිය හැකිය. එහෙයින් අප ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹ පයුරුපාසනය කොට වරද දෙසමින් සමා කරන්නෙමු කියා,
තෙ සබ්බෙව එකජ්ඣාසයා හුත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා ගාමතො නික්ඛමිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවතො පාදෙ සිරසා වන්දිංසු, අප්පෙකච්චෙ අඤ්ජලිං පණාමෙසුං, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, අප්පෙකච්චෙ තුණ්හීභූතා නිසීදිංසු, අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙසුං. එවං පන කත්වා සබ්බෙව එකමන්තං නිසීදිත්වා “ඉධ මයං, භො ගොතම, භොතො චෙව ගොතමස්ස ගොතමසාවකානඤ්ච උදකප්පටිසෙධං කාරයිම්හ, අමුකස්මිං උදපානෙ තිණඤ්ච භුසඤ්ච පක්ඛිපිම්හ. සො පන උදපානො අචෙතනොපි සමානො සචෙතනො විය භොතො ගුණං ජානන්තො විය සයමෙව සබ්බං තිණං භුසං අපනෙත්වා සුවිසුද්ධො ජාතො, සබ්බොපි චෙත්ථ නින්නප්පදෙසො මහතා උදකොඝෙන පරිපුණ්ණො රමණීයොව ජාතො, උදකූපජීවිනො සත්තා පරිතුට්ඨා. මයං පන මනුස්සාපි සමානා භොතො ගුණෙ න ජානිම්හ, යෙ මයං එවං අකරිම්හ, සාධු නො භවං ගොතමො තථා කරොතු, යථායං මහොඝො ඉමං ගාමං න ඔත්ථරෙය්ය, අච්චයො නො අච්චගමා යථාබාලං, තං නො භවං ගොතමො අච්චයං පටිග්ගණ්හාතු අනුකම්පං උපාදායා”ති අච්චයං දෙසෙසුං. භගවාපි “තග්ඝ තුම්හෙ අච්චයො අච්චගමා යථාබාලං, තං වො මයං පටිග්ගණ්හාම ආයතිං සංවරායා”ති තෙසං අච්චයං පටිග්ගහෙත්වා පසන්නචිත්තතං ඤත්වා උත්තරි අජ්ඣාසයානුරූපං ධම්මං දෙසෙසි. තෙ භගවතො ධම්මදෙසනං සුත්වා පසන්නචිත්තා සරණාදීසු පතිට්ඨිතා භගවන්තං වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. තෙසං පන ආගමනතො පුරෙතරංයෙව ආයස්මා ආනන්දො තං පාටිහාරියං දිස්වා අච්ඡරියබ්භුතචිත්තජාතො පත්තෙන පානීයං ආදාය භගවතො උපනාමෙත්වා තං පවත්තිං ආරොචෙසි. තෙන වුත්තං – “එවං, භන්තෙති ඛො ආයස්මා ආනන්දො”තිආදි.
ඒ සියල්ලෝ එක් අදහසක්ව සමූහ, සමූහ පිරිස් වූවාහු, වී ගමෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට එළැඹියහ. එළැඹ, ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාද සිරසින් වැන්දාහ. ඇතැමෙක් ඇඳිලි බැඳ ප්රණාම කළහ. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුසාමීචි කථා කළහ. ඇතැමෙක් තෘෂ්ණිම්භූතව හුන්හ. ඇතැමෙක් නම්ගොත් ඇස්වූහ. මෙසේ කොට සියල්ලෝම එකත්පස්ව හිඳ භවත් ගෞතමයන් වහන්ස, මෙහි අප භවත් ගෞතමයන් වහන්සේටත්, ගෞතම ශ්‍රාවකයින්ටද දිය වැළැක්මක් කළෙමු. අසවල් ළිඳෙහි තණකොළ ද පිදුරුද බහාලීම්හ. එම ළිඳ අචේතනික වූයේම සචේතනික වූවක් මෙන්, භවත් ගෞතමයන් වහන්සේගේ ගුණ දන්නාක් මෙන් තෙමේම සියලු තෘණද පිදුරුද ඉවත්කොට අති පරිශුද්ධත්වයට පත් වූයේය. සියලුම පහත් ප්‍රදේශ මහත් දියෙන් පරිපූර්ණ වූයේ සිත් ඇදගන්නා සුළු විය. දිය හේතුවෙන් ජීවත්වන සත්ත්වයෝ මහත් සතුටට පත්වූහ. අප වනාහි මනුෂ්‍යයින් වූයේ නමුදු භවත් ගෞතමයන් වහන්සේගේ ගුණයන් නොදනුම්හ. එබඳු වූ අප මෙසේ කළෙමු. භවත් ගෞතමයන් වහන්සේ, යම්සේ මෙම මහා දියපහර මේ ගම යට නොකරන්නේ ද එසේ කරන සේක්වා. වරද අප කෙරෙහි පැමිණියේය. යම් ආකාර අඥාන වූ එම අපගේ වරද භවත් ගෞතමයන් වහන්සේ අනුකම්පා උපදවා පිළිගන්නා සේක්වායි වරද ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේද එසේනම් නුඹලා කෙරෙහි වරද පැමිණියේය. යම් ආකාර අඥාන වූ නුඹලාගේ එම වරද, මතු සංවරය සඳහා අප පිළිගනිමු. ඔවුන්ගේ වරද පිළිගෙන, ප්‍රසන්න සිත් ස්වභාවය දැන මත්තෙහි අදහස් අනුරූප වන ලෙස දම් දෙසීය. ඔව්හු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනය ශ්‍රවණය කොට පැහැදුණු සිත් ඇත්තාහු තිසරණාදීන්හි පිහිටා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණා කොට ගියහ. ඔවුන්ගේ පැමිණීමට කල්ඇතිවම ආයුෂ්මත් ආනන්ද තෙරහු, එම ප්රාතිහාර්යය දැක, ආශ්චර්යය, අද්භූත සිත් හටගත්තේ, පාත්‍රයෙන් පැන් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට එළවා එපවත් සැළ කළේය. එහෙයින් එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො යන ආදිය යූ.සේයි.
තත්ථ මුඛතො ඔවමිත්වාති සබ්බං තං තිණාදිං මුඛෙන ඡඩ්ඩෙත්වා. විස්සන්දන්තො මඤ්ඤෙති පුබ්බෙ දීඝරජ්ජුකෙන උදපානෙන උස්සිඤ්චිත්වා ගහෙතබ්බඋදකොඝො භගවතො පත්තං ගහෙත්වා ථෙරස්ස ගතකාලෙ මුඛෙන විස්සන්දන්තො විය සමතිත්තිකො කාකපෙය්යො හුත්වා අට්ඨාසි. ඉදඤ්ච ථෙරස්ස ගතකාලෙ උදකප්පවත්තිං සන්ධාය වුත්තං. තතො පරං පන පුබ්බෙ වුත්තනයෙන තස්මිං ගාමෙ සකලං නින්නට්ඨානං උදකෙන පරිපුණ්ණං අහොසීති. අයං පනිද්ධි න බුද්ධානං අධිට්ඨානෙන, නාපි දෙවානුභාවෙන, අථ ඛො භගවතො පුඤ්ඤානුභාවෙන පරිත්තදෙසනත්ථං රාජගහතො වෙසාලිගමනෙ විය. කෙචි පන “ථූණෙය්යකානං භගවති පසාදජනනත්ථං තෙසං අත්ථකාමාහි දෙවතාහි කත”න්ති. අපරෙ “උදපානස්ස හෙට්ඨා වසනකනාගරාජා එවමකාසී”ති. සබ්බං තං අකාරණං, යථා භගවතො පුඤ්ඤානුභාවෙනයෙව තථා උදකුප්පත්තියා පරිදීපිතත්තා.
එහි මුඛතො ඔවමිත්වා යන එම සියලු තෘණාදිය මුවවිටින් බැහැර කොට විස්සන්දෙන්තො මඤ්ඤෙ යනු පෙර දිගු රැහැණකින් ළිඳෙන් ඉස ගතයුතු ජලංගය භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන තෙරහු ගියකල්හි මුවවිටින් බැහැර වනුයේ ළිං ගැට්ට තරමට පිරී කවුඩන් පානය කරන ප්‍රමාණයට පත්ව පැවතිනි. මෙයද තෙරහු ගියකල්හි ජල ප්රවෘත්ති සඳහා යූ.සේයි. ඉන් මත්තෙහි වනාහි පෙර කියන ලද අයුරින් එගම සියලු පහත් ස්ථාන දියෙන් සම්පූර්ණ වූයේය. මෙම සෘද්ධිය වනාහි බුදුවරුන්ගේ අධිෂ්ඨානයෙන් නොවේ. දෙවියන්ගේ දේවානුභාවයෙන් ද නොවේ. තවද පිරිත් දෙසුම් සඳහා රජගහනුවරින් විසාලා නුවරට වැඩම කිරීමෙහිදී මෙන් භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙනි. සමහරු වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ථූන්යෙයක බ්‍රාහ්මණයින්ගේ ප්‍රසාද හටගැන්වීම සඳහා ඔවුන්ට වැඩ කැමැති දේවතාවන් විසින් කරන ලදැයි සලකති. අනෙකුත් අය ළිඳෙහි යට වසන නාරජු එසේ කළැයි කියති. ඒ සියල්ල නො කරුණුය. කථාවෙහිද භාග්‍යවතුන් වහන්සේගේ පුණ්යානුභාවයෙන්ම එසේ ජල ඉපැත්ම මනාව දක්වන ලද හෙයිනි.
එතමත්ථං විදිත්වාති එතං අධිට්ඨානෙන විනා අත්තනා ඉච්ඡිතනිප්ඵත්තිසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම අධිෂ්ඨානයෙන් තොරව තමා කැමැති වන ලද නිෂ්පත්ති සංඛ්‍යාත අර්ථය සර්වප්රකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ කිං කයිරා උදපානෙන, ආපා චෙ සබ්බදා සියුන්ති යස්ස සබ්බකාලං සබ්බත්ථ ච ආපා චෙ යදි සියුං යදි උපලබ්භෙය්යුං යදි ආකඞ්ඛාමත්තපටිබද්ධො, තෙසං ලාභො, තෙන උදපානෙන කිං කයිරා කිං කරෙය්ය, කිං පයොජනන්ති අත්ථො. තණ්හාය මූලතො ඡෙත්වා, කිස්ස පරියෙසනං චරෙති යාය තණ්හාය විනිබද්ධා සත්තා අකතපුඤ්ඤා හුත්වා ඉච්ඡිතාලාභදුක්ඛෙන විහඤ්ඤන්ති, තස්සා තණ්හාය මූලං, මූලෙ වා ඡින්දිත්වා ඨිතො මාදිසො සබ්බඤ්ඤුබුද්ධො කිස්ස කෙන කාරණෙන පානීයපරියෙසනං, අඤ්ඤං වා පච්චයපරියෙසනං චරෙය්ය. “මූලතො ඡෙත්තා”තිපි පඨන්ති, තණ්හාය මූලං මූලෙයෙව වා ඡෙදකොති අත්ථො. අථ වා මූලතො ඡෙත්තාති මූලතො පට්ඨාය තණ්හාය ඡෙදකො. ඉදං වුත්තං හොති – යො බොධියා මූලභූතමහාපණිධානතො පට්ඨාය අපරිමිතං සකලං පුඤ්ඤසම්භාරං අත්තනො අචින්තෙත්වා ලොකහිතත්ථමෙව පරිණාමනවසෙන පරිපූරෙන්තො මූලතො පභුති තණ්හාය ඡෙත්තා, සො තණ්හාහෙතුකස්ස ඉච්ඡිතාලාභස්ස අභාවතො කිස්ස කෙන කාරණෙන උදකපරියෙසනං චරෙය්ය, ඉමෙ පන ථූණෙය්යකා අන්ධබාලා ඉමං කාරණං අජානන්තා එවමකංසූති.
එහි කං කයිරා උදපානෙන ආපා චෙ සබ්බදා සියුං යනු යමෙකුට හැමකලැ හැම තැන ජලය වේද, ජලය ලබන්නේ ද, ඔවුන්ගේ ලාභය පානය කිරීම් මාත්‍රය පමණෙක්ම නම් එම ළිඳෙන් කුමක් කරන්නේද? කවර ප්‍රයෝජනදැයි අර්ථයි. තණ්හාය මූලතො ඡෙත්වා කිස්ස පරියෙසනං කරෙ යනු යම් ආකාර වූ බඳනා ලද සත්ත්වයෝ නොකළ පින් ඇත්තෝව කැමැති දෑ නොලැබීම් දුකින් පීඩාවට පත්වෙති. එම තෘෂ්ණාවගේ මුල හෝ මුලෙහි හෝ සිඳ සිටියා වූ මා වැනි වූ සර්වඥ බුදුවරයෙක් කුමකට කවර කරුණෙකින් පිවයුතු පැන් සෙවීම හෝ අන්‍ය වූ සත්‍යයන් සෙවීමෙහි හැසිරෙන්නේද? මූල සමග සිඳින ලදැයි කියවති. තෘෂ්ණාවගේ මුල මුලින් මම සිඳින ලදැයි අර්ථයි. නොහොත් ‘මූලතො ඡෙත්තා’ යනු මුල පටන් තෘෂ්ණාවෙහි සිඳින්නහු, මෙය යූ.සේයි. යමෙක් බෝධිමූලයෙහි වූ මහා ප්‍රණිධානයෙහි පටන් අප්‍රමාණ සියලු පින් රැස, තමා ගැන නොසිතා ලෝවැසියන්ගේ හිතාර්ථයම මේරීම් වශයෙන් සම්පූර්ණ කරනුයේ මුලපටන් තෘෂ්ණාව සිඳින ලද හෙයින්, තෘෂ්ණා හේතුක වූ, කැමැති දෑ ලැබීමෙහි අභාවය හෙයින් කුමකට කවර කරුණෙකින් දිය සෙවීමට සරසනුයේද, මෙම අන්ධබාල ථූණෙය්යකයෝ මෙකරුණ නොදන්නාහු මෙසේ කළහයි අදහසයි.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.