1. පඨමභද්දියසුත්තවණ්ණනා අට්ඨකථා
1. පඨමභද්දියසුත්තවණ්ණනා
1. ප්‍රථම භද්දිය සූත්‍ර වර්ණනාව
චූළවග්ගස්ස පඨමෙ ලකුණ්ඩකභද්දියන්ති එත්ථ භද්දියොති තස්ස ආයස්මතො නාමං, කායස්ස පන රස්සත්තා “ලකුණ්ඩකභද්දියො”ති නං සඤ්ජානන්ති. සො කිර සාවත්ථිවාසී කුලපුත්තො මහද්ධනො මහාභොගො රූපෙන අපාසාදිකො දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො. සො එකදිවසං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ උපාසකෙහි සද්ධිං විහාරං ගන්ත්වා ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තො සොතාපත්තිඵලං පාපුණි. තදා සෙක්ඛා භික්ඛූ යෙභුය්යෙන ආයස්මන්තං සාරිපුත්තං උපසඞ්කමිත්වා උපරිමග්ගත්ථාය කම්මට්ඨානං යාචන්ති, ධම්මදෙසනං යාචන්ති, පඤ්හං පුච්ඡන්ති. සො තෙසං අධිප්පායං පූරෙන්තො කම්මට්ඨානං ආචික්ඛති, ධම්මං දෙසෙති, පඤ්හං විස්සජ්ජෙති. තෙ ඝටෙන්තා වායමන්තා අප්පෙකච්චෙ සකදාගාමිඵලං, අප්පෙකච්චෙ අනාගාමිඵලං, අප්පෙකච්චෙ අරහත්තං, අප්පෙකච්චෙ තිස්සො විජ්ජා, අප්පෙකච්චෙ ඡළභිඤ්ඤා, අප්පෙකච්චෙ චතස්සො පටිසම්භිදා අධිගච්ඡන්ති. තෙ දිස්වා ලකුණ්ඩකභද්දියොපි සෙඛො සමානො කාලං ඤත්වා අත්තනො චිත්තකල්ලතඤ්ච සල්ලෙඛඤ්ච පච්චවෙක්ඛිත්වා ධම්මසෙනාපතිං උපසඞ්කමිත්වා කතපටිසන්ථාරො සම්මොදමානො ධම්මදෙසනං යාචි. සොපිස්ස අජ්ඣාසයස්ස අනුරූපං කථං කථෙසි. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ඩකභද්දියං අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙතී”තිආදි.
චූල වර්ගයෙහි පළමුවැන්නෙහි ලකුණ්ටක භද්දියං යන මෙහි භද්දිය යනු එම ආයුෂ්මතුන්ගේ නාමයයි. සිරුර මිටි බැවින් ලකුණ්ටක භද්දිය යැයි ඔහු හඳුනත්. හෙතෙම වනාහි සැවැත්නුවර වාසී මහත් ධන ඇති, මහාභෝග ඇති රූපයෙන්, නින්දා ලද, දුර්වර්ණ, අයහපත් පෙනුමක් ඇති, මිටි කුලපුත්රයෙකි. හෙතෙම එක්දිනක් ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ වාසය කරන කල්හි උවසුවන් සමග වෙහෙරට ගොස් ධර්මදේශනා ශ්‍රවණයකොට ලද ශ්‍රද්ධා ඇතියේ පැවිදිව ලද උපසම්පදා ඇතියේ ශාස්තෲන් වහන්සේ හමුයෙහි කමටහන් ගෙන විදර්ශනාවට ක්‍රියා කරනුයේ සෝවාන් ඵලයට පැමිණියේය. එකල්හි ශෛක්ෂ්ය භික්ෂූහු බොහෝ සෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළැඹ, මතු මාර්ග සඳහා කමටහන් ඉල්වති. දම් දෙසුම් ඉල්වති. ප්‍රශ්න විචාරති. හෛතම ඔවුන්ගේ අදහස් පුරවනුයේ කමටහන් කියයි. දම් දෙසයි. පැන විසඳයි. ඔව්හු උත්සාහ කරන්නාහු ව්‍යායාම කරන්නාහු ඇතැමෙක් සකෘදාගාමි ඵලයද, ඇතැමෙක් අනාගාමී ඵලයද, ඇතැමෙක් අර්හත්වයද, ඇතැමෙක් ත්‍රිවිද්‍යාවද, ඇතැමෙක් ෂට් අභිඥාවන්ද, ඇතැමෙක් සිව් පිළිසිඹියාවන්ද අවබෝධ කරති. ඔවුහු දැක ලකුණ්ටක භද්දියද ශෛක්ෂ්ය සමාන වූයේ කල්දැන, තම සිත්හි යෝග්‍යතාවයද, කෙලෙස් තුනී කිරීමේ තත්ත්වයන්ද, ප්රත්යවේක්ෂා කොට, දම්සෙනෙවි කරා එළැඹ කරන ලද පිළිසඳර ඇත්තේ, සතුටු වනුයේ ධර්මදේශනය සඳහා යාඥා කළේය. ඔහුද මොහුගේ අදහසට අනුරූප ධර්ම කථාවක් දේශනා කළේය. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ටක භද්දියං අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙතියි ආදිය යූ.සේයි.
තත්ථ අනෙකපරියායෙනාති “ඉතිපි පඤ්චක්ඛන්ධා අනිච්චා, ඉතිපි දුක්ඛා, ඉතිපි අනත්තා”ති එවං අනෙකෙහි කාරණෙහි. ධම්මියා කථායාති පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උදයබ්බයාදිපකාසනියා ධම්මියා කථාය. සන්දස්සෙතීති තානියෙව අනිච්චාදිලක්ඛණානි උදයබ්බයාදිකෙ ච සම්මා දස්සෙති, හත්ථෙන ගහෙත්වා විය පච්චක්ඛතො දස්සෙති. සමාදපෙතීති තත්ථ ලක්ඛණාරම්මණිකං විපස්සනං සම්මා ආදපෙති, යථා වීථිපටිපන්නා හුත්වා පවත්තති, එවං ගණ්හාපෙති. සමුත්තෙජෙතීති විපස්සනාය ආරද්ධාය සඞ්ඛාරානං උදයබ්බයාදීසු උපට්ඨහන්තෙසු යථාකාලං පග්ගහනිග්ගහසමුපෙක්ඛණෙහි බොජ්ඣඞ්ගානං අනුපවත්තනෙන භාවනං මජ්ඣිමං වීථිං ඔතාරෙත්වා යථා විපස්සනාඤාණං සූරං පසන්නං හුත්වා වහති, එවං ඉන්ද්රියානං විසදභාවකරණෙන විපස්සනාචිත්තං සම්මා උත්තෙජෙති, විසදාපනවසෙන වොදපෙති. සම්පහංසෙතීති තථා පවත්තියමානාය විපස්සනාය සමප්පවත්තභාවනාවසෙන චෙව උපරිලද්ධබ්බභාවනාබලෙන ච චිත්තං සම්මා පහංසෙති, ලද්ධස්සාදවසෙන වා සුට්ඨු තොසෙති. අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති යථා යථා ධම්මසෙනාපති ධම්මං දෙසෙති, තථා තථා තථලක්ඛණං විපස්සන්තස්ස ථෙරස්ස ච දෙසනානුභාවෙන, අත්තනො ච උපනිස්සයසම්පත්තියා ඤාණස්ස පරිපාකං ගතත්තා දෙසනානුසාරෙන ඤාණෙ අනුපවත්තන්තෙ කාමාසවාදීසු කඤ්චි ආසවං අග්ගහෙත්වා මග්ගපටිපාටියාව අනවසෙසතො චිත්තං විමුච්චි, අරහත්තඵලං සච්ඡාකාසීති අත්ථො.
එහි අනෙක පරියායෙන යනු මේ කරුණින් ද පංච ස්කන්ධයන් අනිත්‍යයි. මේ කරුණින් ද දුක්ය. මේ කරුණින් ද අනාත්මයැයි මෙසේ නොයෙක් කාරණයන්ගෙන්, ධම්මියා කථාය යනු පංච උපාදාන ස්කන්ධයන්ගේ හටගැනීම්, විනාශවීම් ආදිය ප්‍රකාශ කිරීමෙහිලා පැවැති දැහැමි කථාවෙන්, සන්දස්සෙති යනු එම අනිත්‍යාදී ලක්ෂණයන්ම උදයව්යයාදී වශයෙන් මනාව දක්වයි. අතින් ගෙන මෙන් ප්රත්යක්ෂයෙන් දක්වයි. සමාදපෙති යනු එහි ලක්‍ෂණාරම්මණික විදර්ශනාව මනාව ගනී. යම්සේ වීථි වීථි ප්‍රතිපන්නව පවතීද? එසේ ගන්වයි. සමුත්තෙජෙති යනු ආරබ්ධ විදර්ශනාවෙන් සංස්කාරයන්ගේ උදයව්යයන් වැටහෙන කල්හි සුදුසු කල්හි පග්රහ නිග්‍රහ මනාව බැලීමෙන් බොජ්ඣංගයන් අනුව පැවැත්මෙන් භාවනාව මධ්‍යම වීථියට බස්වා යම්සේ විදර්ශනා ඥානය මනා ප්‍රසන්නව පවතීද, එසේ ඉන්ද්රියයන්ගේ ප්‍රකටභාවය කිරීමෙන් විදර්ශනා සිත මනාව උත්තේජනය කරයි. ප්‍රකට කිරීම් වශයෙන් පිරිසිදු කරයි. සම්පහංසෙති යනු එසේ පවත්වාගෙන යනු ලබන විදර්ශනාවගේ සමව පැවැති වැඩීම් වශයෙන් ද, මතු ලැබිය යුතු භාවනා බලයෙන් ද සිත මනාව තුටුපහටු කරයි. ලද ආශ්වාද වශයෙන්ම හෝ මනාව සතුටු කරයි. අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි යනු යම් යම් අයුරෙකින් දම්සෙනෙවි දම් දෙසයිද? ඒ ඒ ආකාරයෙන්, සත්‍ය ලක්ෂණය විදර්ශනා කරන තෙරුන්ට දේශනානුභාවයෙන් තමාගේද උපනිශ්‍රය සම්පත්තියෙන් ඥානයාගේ මේරීමට ගියහෙයින් දේශනානුසාරයෙන් ඥානයන් අනුව පවත්නා කල්හි කාමාසවාදීන් අතරෙහි කිසි ආශ්‍රවයක් නොගෙන මාර්ග පිළිවෙලින්ම ශේෂ රහිතව කෙලෙසුන්ගෙන් සිත මිදුණි. අර්හත් ඵලය සාක්ෂාත් කරන ලදැයි අර්ථයි.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො ලකුණ්ඩකභද්දියස්ස අඤ්ඤාරාධනසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්තං විදිත්වා යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දියගේ එම අර්හත්වය සැලකිරීම් සංඛ්‍යාත අර්ථය සියලු ආකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ උද්ධන්ති රූපධාතුයා අරූපධාතුයා ච. අධොති කාමධාතුයා. සබ්බධීති සබ්බස්මිම්පි සඞ්ඛාරගතෙ. විප්පමුත්තොති පුබ්බභාගෙ වික්ඛම්භනවිමුත්තියා අපරභාගෙ සමුච්ඡෙදපටිපස්සද්ධිවිමුත්තීහි සබ්බප්පකාරෙන විමුත්තො. එත්ථ ච උද්ධං විප්පමුත්තොති එතෙන පඤ්චුද්ධම්භාගියසංයොජනපහානං දස්සෙති. අධො විප්පමුත්තොති එතෙන පඤ්චොරම්භාගියසංයොජනපහානං. සබ්බධි විප්පමුත්තොති එතෙන අවසිට්ඨසබ්බාකුසලපහානං දස්සෙති. අථ වා උද්ධන්ති අනාගතකාලග්ගහණං. අධොති අතීතකාලග්ගහණං. උභයග්ගහණෙනෙව තදුභයපටිසංයුත්තත්තා පච්චුප්පන්නො අද්ධා ගහිතො හොති, තත්ථ අනාගතකාලග්ගහණෙන අනාගතක්ඛන්ධායතනධාතුයො ගහිතා. සෙසපදෙසුපි එසෙව නයො. සබ්බධීති කාමභෙදාදිකෙ සබ්බස්මිං භවෙ. ඉදං වුත්තං හොති – අනාගතො අතීතො පච්චුප්පන්නොති එවං තියද්ධසඞ්ගහිතෙ සබ්බස්මිං භවෙ විප්පමුත්තොති.
එහි උද්ධං යනු රූප ලෝකයෙහිද, අරූප ලෝකයෙහිද අධො යනු යට කාමලෝකයෙහි, සබ්බධි යනු සියලුම සංස්කාරයන්හි, විප්පමුත්තො යනු පූර්වභාගයෙහි විෂ්කම්භන විමුක්තියෙන් ද අපරභාගයෙහි සමුච්ඡේද, පටිප්පස්සද්ධි යන විමුක්තීන්ගෙන් සර්වප්රකාරයෙන් මිදුනේ, මෙහිද උද්ධං විප්පමුත්තො යනු ඉන් පස්වැදෑරුම් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්රහාණය දක්වයි. අධො විප්පමුත්තො යනු ඉන් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජන ප්රහාණය දක්වයි. සබ්බධි විප්පමුත්තො යනු ඉන් ඉතිරි සියලුම අකුසල ප්රහාණය දක්වයි. නොහොත් උද්ධං යනු අනාගත කාල ග්‍රහණයයි. අධො යනු අතීත කාල ග්‍රහණයයි. ද්විග්රහණයෙන්ම ඒ හා යෙදුන හෙයින් වත්මන් කල ගන්නා ලද්දේ වේ. එහි අනාගත කාල ග්රහණයෙන් අනාගත ස්කන්ධ ආයතන ධාතූන් ගන්නා ලදහ. සෙසු පදයන්හි ද එම ක්‍රමයමැයි. සබ්බධී යනු කාම භේදාදී සියලුම භවයන්හි, මෙය යූ.සේයි. අනාගත, අතීත, වර්තමාන යැයි මෙසේ කාලත්රයයෙන් සංගෘහිත සියලුම භවයන්ගෙන් මනාව මිදුණේ,
අයංහමස්මීති අනානුපස්සීති යො එවං විප්පමුත්තො, සො රූපවෙදනාදීසු “අයං නාම ධම්මො අහමස්මී”ති දිට්ඨිමානමඤ්ඤනාවසෙන එවං නානුපස්සති. තස්ස තථා දස්සනෙ කාරණං නත්ථීති අධිප්පායො. අථ වා අයංහමස්මීති අනානුපස්සීති ඉදං යථාවුත්තාය විමුත්තියා අධිගමුපායදීපනං. තියද්ධසඞ්ගහිතෙ තෙභූමකෙ සඞ්ඛාරෙ “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති පවත්තනසභාවාය මඤ්ඤනාය අනධිට්ඨානං කත්වා “නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති එවං උප්පජ්ජමානා යා පුබ්බභාගවුට්ඨානගාමිනී විපස්සනා, සා විමුත්තියා පදට්ඨානං. එවං විමුත්තො උදතාරි ඔඝං, අතිණ්ණපුබ්බං අපුනබ්භවායාති එවං දසහි සංයොජනෙහි සබ්බාකුසලෙහි ච සබ්බථා විමුත්තො අරහා අරියමග්ගාධිගමනතො පුබ්බෙ සුපිනන්තෙපි අතිණ්ණපුබ්බං කාමොඝො භවොඝො දිට්ඨොඝො අවිජ්ජොඝොති ඉමං චතුබ්බිධං ඔඝං, සංසාරමහොඝමෙව වා අපුනබ්භවාය අනුපාදිසෙසාය නිබ්බානාය උදතාරි උත්තිණ්ණො, උත්තරිත්වා පාරෙ ඨිතොති අත්ථො.
අයමහමස්මිති අනානුපස්සී යනු යමෙක් මෙසේ මනාව මිදුනේ වේද, ඔහු රූප වේදනාදීන්හි මෙම් මම නොවෙමියි දෘෂ්ටිමාන මඤ්ඤනා වශයෙන් මෙසේ නොබලයි. ඔහුට එසේ මිනුම් කරණයක් නැත යයි අදහසයි. නොහොත් අයමහමස්මීති අනානුපස්සී යනු මෙය කියන ලද ආකාර ඇති විමුක්තියෙහි අවබෝධය ලබන උපාය මාර්ගය දැක්වීමයි. කාලත්රයය සංගෘහිත ත්‍රෛභූමික සංස්කාරයන්හි එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයැයි පවත්නා ස්වභාව වූ හැඟීම්හි ස්ථිරව නොපිහිටීම් කොට එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ උපදනා වූ යම් පූර්වභාග වුට්ඨානාගාමිනී විදර්ශනාවක් වේද, එය විමුක්තියෙහි ආසන්න කාරණයයි. එවං විමුත්තො උදකාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවාය යනු මෙසේ දස සංයෝජනයන්ගෙන්ද සියලු අකුසලයන්ගෙන්ද සර්වාකාරයෙන් මිදුන රහත් තෙමේ ආර්යමාර්ගාධිගමනයෙන් පෙර, සිහිනෙනුදු එතර නුවූවිරූ, කාම, භව, දිට්ඨි, අවිද්‍යා යන සිව්වැදෑරුම් ඕඝයද, සසර මහෝඝයම හෝ පුනර්භව නොවීම සඳහා අනුපාදිශේෂ නිර්වාණය සඳහා තරණය කළේය. එතෙර වූයේය. එතෙරව පරතෙර සිටියේයයි අර්ථයි.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම සූත්‍ර වර්ණනාව නිමියේ ය.
2. දුතියභද්දියසුත්තවණ්ණනා
2. ද්විතීය භද්දිය සූත්‍ර වර්ණනාව
දුතියෙ සෙඛං මඤ්ඤමානොති “සෙඛො අය”න්ති මඤ්ඤමානො. තත්රායං වචනත්ථො – සික්ඛතීති සෙඛො. කිං සික්ඛති? අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤඤ්ච. අථ වා සික්ඛනං සික්ඛා, සා එතස්ස සීලන්ති සෙඛො. සො හි අපරියොසිතසික්ඛත්තා තදධිමුත්තත්තා ච එකන්තෙන සික්ඛනසීලො, න පරිනිට්ඨිතසික්ඛො අසෙඛො විය තත්ථ පටිප්පස්සද්ධුස්සුක්කො, නාපි විස්සට්ඨසික්ඛො පචුරජනො විය තත්ථ අනධිමුත්තො. අථ වා අරියාය ජාතියා තීසු සික්ඛාසු ජාතො, තත්ථ වා භවොති සෙඛො. භිය්යොසොමත්තායාති පමාණතො උත්තරි, පමාණං අතික්කමිත්වා අධිකතරන්ති අත්ථො. ආයස්මා හි ලකුණ්ඩකභද්දියො පඨමසුත්තෙ වුත්තෙන විධිනා පඨමොවාදෙන යථානිසින්නොව ආසවක්ඛයප්පත්තො. ධම්මසෙනාපති පන තස්ස තං අරහත්තප්පත්තිං අනාවජ්ජනෙන අජානිත්වා “සෙඛොයෙවා”ති මඤ්ඤමානො අප්පං යාචිතො බහුං දදමානො උළාරපුරිසො විය භිය්යො භිය්යො අනෙකපරියායෙන ආසවක්ඛයාය ධම්මං කථෙතියෙව. ආයස්මාපි ලකුණ්ඩකභද්දියො “කතකිච්චො දානාහං, කිං ඉමිනා ඔවාදෙනා”ති අචින්තෙත්වා සද්ධම්මගාරවෙන පුබ්බෙ විය සක්කච්චං සුණාතියෙව. තං දිස්වා භගවා ගන්ධකුටියං නිසින්නොයෙව බුද්ධානුභාවෙන යථා ධම්මසෙනාපති තස්ස කිලෙසක්ඛයං ජානාති, තථා කත්වා ඉමං උදානං උදානෙසි. තෙන වුත්තං “තෙන ඛො පන සමයෙනා”තිආදි. තත්ථ යං වත්තබ්බං, තං අනන්තරසුත්තෙ වුත්තමෙව.
දෙවැන්නෙහි, සෙක්ඛං මඤ්ඤමානො යනු මෙතෙමේ ශෛක්ෂ්යයැයි හඟිමින් එහි මේ වචනාර්ථයයි. හික්මේනුයි සෙක්ඛොයි. කුමක් හික්මේද? අධි චිත්තයද, අධි ප්‍රඥාවද වේ. නොහොත් හික්මීම ශික්ෂායි. එය ඔහුගේ සීල යනුයි සෙක්ඛොයි. හෙතෙම සම්පූර්ණ නොවූ ශික්ෂා හෙයින්, එහි අධික ලෙස යෙදුණු හෙයින්ද ඒකාන්තයෙන් හික්මෙන ස්වභාව යනුයි. නොනිමි ශික්ෂා හෙයින් අශෛක්ෂයෙක් මෙන් එහි සන්සිඳුනු ශික්ෂා ඇත්තේ, අත්හළ ශික්ෂා ඇත්තේ නොවේ. බොහෝ ජනයා මෙන් එහි නො ඇලුනේ නොවේ. නොහොත් ආර්ය උපතෙහි ත්රිශික්ෂාවන්හි උපදනා ලදුයේ එහි හෝ වේනුයි ශෛක්ෂ්යයි. භීය්‍යො සොමත්තාය යනු ප්‍රමාණයෙන් මත්තෙහි, ප්‍රමාණය ඉක්මවා, ඉතා අධිකයි යන අර්ථයි. ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය පළමු සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් ප්‍රථම අවවාදයෙන් හුන් අයුරින්ම ආශ්රවක්ෂයයට පැමිණියේය. දම්සෙනෙවි ඔහුගේ එම අර්හත්ව ප්‍රාප්තිය අනාවර්ජනයෙන් නොදැන ශෛක්ෂ්යයෙක්මයැයි හඟිනුයේ ස්වල්පයක් යාඥා කරන ලදුයේ බොහෝවක් දෙන්නා වූ උදාර පුරුෂයෙකු මෙන් වඩ වඩා නොයෙක් ක්‍රමයෙන් ආශ්රවක්ෂය සඳහා ධර්මය දේශනා කෙරේමය. ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙමේද, මම දැන් කරන ලද කෘත්‍ය ඇත්තේ වෙමි. මෙම අවවාදයෙන් කවර ප්‍රයෝජනදැයි නොසිතා සදහම් ගෞරවයෙන් පෙර මෙන් සකස්ව ශ්‍රවණය කෙරේමය. භාග්‍යවතුන් වහන්සේ එයදැක ගඳකිළියෙහි වැඩහුන්නේම, යම්සේ දම්සෙනෙවි ඔහුගේ ක්ලේශක්ෂය දනීද, බුද්ධානුභාවයෙන් එසේකොට මෙ උදන් ඇනූ සේක. එහෙයින් තෙන ඛො පන සමයෙන යන ආදිය යූ.සේයි. එහි යමක් කිවයුතුද, එය අනතුරු සූත්‍රයෙහි යූ.සේමය.
ගාථායං පන අච්ඡෙච්ඡි වට්ටන්ති අනවසෙසතො කිලෙසවට්ටං සමුච්ඡින්දි, ඡින්නෙ ච කිලෙසවට්ටෙ කම්මවට්ටම්පි ඡින්නමෙව. බ්යගා නිරාසන්ති ආසා වුච්චති තණ්හා, නත්ථි එත්ථ ආසාති නිරාසං, නිබ්බානං. තං නිරාසං විසෙසෙන අගා අධිගතොති බ්යගා, අග්ගමග්ගස්ස අධිගතත්තා පුන අධිගමකාරණෙන විනා අධිගතොති අත්ථො. යස්මා තණ්හා දුක්ඛසමුදයභූතා, තාය පහීනාය අප්පහීනො නාම කිලෙසො නත්ථි, තස්මාස්ස තණ්හාපහානං සවිසෙසං කත්වා දස්සෙන්තො “විසුක්ඛා සරිතා න සන්දතී”ති ආහ. තස්සත්ථො – චතුත්ථසූරියපාතුභාවෙන විය මහානදියො චතුත්ථමග්ගඤාණුප්පාදෙන අනවසෙසතො විසුක්ඛා විසොසිතා තණ්හාසරිතා නදී න සන්දති, ඉතො පට්ඨාය න පවත්තති. තණ්හා හි “සරිතා”ති වුච්චති. යථාහ – “සරිතානි සිනෙහිතානි ච, සොමනස්සානි භවන්ති ජන්තුනො”ති (ධ· ප· 341), “සරිතා විසත්තිකා”ති (ධ· ස· 1065; මහානි· 3) ච. ඡින්නං වට්ටං න වත්තතීති එවං කිලෙසවට්ටසමුච්ඡෙදෙන ඡින්නං වට්ටං අනුප්පාදධම්මතං අවිපාකධම්මතඤ්ච ආපාදනෙන උපච්ඡින්නං කම්මවට්ටං න වත්තති න පවත්තති. එසෙවන්තො දුක්ඛස්සාති යදෙතං සබ්බසො කිලෙසවට්ටාභාවතො කම්මවට්ටස්ස අප්පවත්තනං, සො ආයතිං විපාකවට්ටස්ස එකංසෙනෙව අනුප්පාදො එව සකලස්සාපි සංසාරදුක්ඛස්ස අන්තො පරිච්ඡෙදො පරිවටුමභාවොති.
අච්ඡෙච්ඡි වට්ටං යනු ශේෂ රහිතව කෙලෙස්වට සින්දේය. කෙලෙස් වට සිඳි කල්හි කම් වටද සිඳින ලද්දේමය. නිරාසං යනු තෘෂ්ණාව ආසායයි කියයි. මෙහි ආසාව නැත්තේනුයි නිරාසංයි. නිර්වාණයයි. එම නිරාශාවට විශේෂයෙන් ගියේ අවබෝධ කළේනුයි බ්යාගායි. අග්‍ර මාර්ගයාගේ අවබෝධ කරන ලද හෙයින් නැවත අවබෝධ කිරීමෙන් තොර හෙයින් අවබෝධ කරන ලදැයි අර්ථයි. තෘෂ්ණාව දුක් හටගැනීමෙහි හේතුව වූයේ එහි ප්‍රහාණයෙන් ප්‍රහීණ නුවූ ක්ලේශයක් නම් නැත. ඔහුගේ එම තෘෂ්ණා ප්රහාණය විශේෂයෙන් දක්වනුයේ විසුක්ඛා සරිතා න සන්දති යි වදාළහ. එහි අර්ථය සිව්වන හිරුගේ පහළවීමෙන් මහ ගංගා වියැලෙන්නාක් මෙන් සිව්වන මාර්ග ඥානෝත්පාදයෙන් ශේෂ රහිතව විසුක්ඛා තෘෂ්ණා නදිය වියලවන ලදි. නදිය න සන්දති මෙතැන් සිට නොපවතියි. තෘෂ්ණාව වනාහි ගඟයැයි කියයි. යම්සේ වනාහි ගංගාවන්හි තෙත් ගති සමාන සොම්නස් සත්ත්වයාට වෙති. තෘෂ්ණා ගඟ ආදීන්හිද යෙදේ. ඡින්නං වට්ටං න වට්ටති යනු මෙසේ කෙලෙස්වට සිඳීමෙන් සිඳින ලද වට ඇත්තේ නූපදනා ස්වභාවයට විපාක නොදෙන ස්වභාවයට පැමිණවීමෙන් සිඳින ලද කම්වට නොවටයි. නොපවතියි. එසෙවන්තො දුක්ඛස්ස යනු සර්වප්රකාරයෙන් කෙලෙස් වෘත්ත අභාවයෙන් කර්ම වෘත්තයාගේ නොපැවැත්ම, හෙතෙම මත්තෙහි විපාක වෘත්තයාගේ ඒකාන්තයෙන්ම අනුත්පාදයම සියලු සංසාර, වෘත්තයාගේ අන්තය චක්‍රිය චලනතාවයේ වෙන් කිරීමයි.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
3. සත්තසුත්තවණ්ණනා
3. සක්ත සූත්‍ර වර්ණනාව
තතියෙ කාමෙසූති වත්ථුකාමෙසු. අතිවෙලන්ති වෙලං අතික්කමිත්වා. සත්තාති අයොනිසොමනසිකාරබහුලතාය විජ්ජමානම්පි ආදීනවං අනොලොකෙත්වා අස්සාදමෙව සරිත්වා සජ්ජනවසෙන සත්තා, ආසත්තා ලග්ගාති අත්ථො. රත්තාති වත්ථං විය රඞ්ගජාතෙන චිත්තස්ස විපරිණාමකරණෙන ඡන්දරාගෙන රත්තා සාරත්තා. ගිද්ධාති අභිකඞ්ඛනසභාවෙන අභිජ්ඣනෙන ගිද්ධා ගෙධං ආපන්නා. ගධිතාති රාගමුච්ඡිතා විය දුම්මොචනීයභාවෙන තත්ථ පටිබද්ධා. මුච්ඡිතාති කිලෙසවසෙන විසඤ්ඤීභූතා විය අනඤ්ඤකිච්චා මුච්ඡං මොහං ආපන්නා. අජ්ඣොපන්නාති අනඤ්ඤසාධාරණෙ විය කත්වා ගිලිත්වා පරිනිට්ඨපෙත්වා ඨිතා. සම්මත්තකජාතාති කාමෙසු පාතබ්යතං ආපජ්ජන්තා අප්පසුඛවෙදනාය සම්මත්තකා සුට්ඨු මත්තකා ජාතා. “සම්මොදකජාතා”තිපි පාඨො, ජාතසම්මොදනා උප්පන්නපහංසාති අත්ථො. සබ්බෙහිපි පදෙහි තෙසං තණ්හාධිපන්නතංයෙව වදති. එත්ථ ච පඨමං “කාමෙසූ”ති වත්වා පුනපි “කාමෙසූ”ති වචනං තෙසං සත්තානං තදධිමුත්තිදීපනත්ථං. තෙන සබ්බිරියාපථෙසු කාමගුණසමඞ්ගිනො හුත්වා තදා විහරිංසූති දස්සෙති.
තෙවැන්නෙහි කාමෙසු යනු වස්තුකාමයන්හි, අතිවෙලං වේලාව ඉක්මවා සත්තා යනු නුනුවණින් මෙනෙහි කිරීම් බහුල හෙයින් විද්‍යමාන වූද, ආදීනව නොබලා, ආශ්වාදයම සිහිකොට ඇලීම් වශයෙන් සත්ත්වයෝ ඇලුනාහු, ලග්න වූවාහු යයි අර්ථයි. රත්තා යනු වර්ණ ජාතිවලින් වස්ත්‍රයක් මෙන්, සිතෙහි වෙනස් ස්වභාව කිරීමෙන් ඡන්දරාගයෙන් ඇලුනාහු මනාව ඇලුනාහු, ගිද්ධා යනු සකස් කිරීම් ස්වභාවයෙන් දැඩි ලෝභ කිරීමෙන් ගිජු වූවාහු, බලවත් ඇල්මට පැමිණියාහු, ගථිතා යනු ගොතන ලද්දක් මෙන්, මිදීම දුෂ්කරභාවයෙන් එහි බැඳුනාහු, මුච්ඡිතා යනු කෙලෙස් වශයෙන් විසඥ වූවාහු මෙන්, අන් කෘත්‍යයක් නොමැති සේ මුළා වූවාහු මෝහයට පැමිණියාහු, අජ්ඣොපන්නා යනු අන්‍යයන්ට සාධාරණ නොවන මෙන් කොට ගිල නිමකොට සිටියාහු, සම්මත්තකජාතා යනු කාමයන්හි හෙළීම් ස්වභාවයට පැමිණෙන්නාහු අල්පසුව වේදනාවෙන්, ඉතා මත්වූවාහු මනාව මත්වූවාහුය. සම්මොදක ජාතායිද පාඨයි. උපන් සතුටින්, උපන් මහත් සතුටින් යැයි අර්ථයි. සියලුම පදයන්ගෙන් ඔවුන්ගේ තෘෂ්ණාවෙන් විපතට පත් භාවයම කියයි. මෙහිද පළමුව කාමයන්හි යැයි කියා, නැවතද කාමයන්හි යැයි කීම එම සත්ත්වයින්ගේ එහි අධික ලෙස යෙදුණු බව දැක්වීම සඳහාය. ඉන් සියලු ඉරියව්හි කාමගුණයන්ගෙන් යුක්තව එකල්හි වාසය කළහයි දක්වයි.
තස්මිඤ්හි සමයෙ ඨපෙත්වා අරියසාවකෙ සබ්බෙ සාවත්ථිවාසිනො උස්සවං ඝොසෙත්වා යථාවිභවං ආපානභූමිං සජ්ජෙත්වා භුඤ්ජන්තා පිවන්තා ආවි චෙව රහො ච කාමෙ පරිභුඤ්ජන්තා ඉන්ද්රියානි පරිචාරෙන්තා කාමෙසු පාතබ්යතං ආපජ්ජිංසු. භික්ඛූ සාවත්ථියං පිණ්ඩාය චරන්තා තත්ථ තත්ථ ගෙහෙ ආරාමුය්යානාදීසු ච මනුස්සෙ උස්සවං ඝොසෙත්වා කාමනින්නෙ තථා පටිපජ්ජන්තෙ දිස්වා “විහාරං ගන්ත්වා සණ්හසුඛුමං ධම්මං ලභිස්සාමා”ති භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන වුත්තං – “අථ ඛො සම්බහුලා භික්ඛූ…පෙ… කාමෙසු විහරන්තී”ති.
එකල්හි ආර්යශ්රාවකයින් හැර සියලු සැවැත්වාසීහු උත්සවයක් දැනුම් දී සම්පත් ඇති අයුරින් ක්‍රීඩා භූමිය පිළියෙලකොට අනුභව කරන්නාහු - පානය කරන්නාහු ප්‍රකටවද රහසින්ද කාමයන් අනුභව කරන්නාහු, ඉන්ද්රියයන් පිනවන්නාහු කාමයන්හි හෙළීමට පැමිණියහ. භික්ෂූහු සැවත පිඬු පිණිස සරන්නාහු ඒ ඒ ගෘහයන්හි, මල් හෝ පලතුරු වතු උයන් ආදීන්හිද මිනිසුන් උත්සවයක්, දැනුම් දී කාම නිම්නව, එසේ පිළිපදිනවුන් දැක වෙහෙරට ගොස් මෘදු මොළොක් දම් දෙසුමක් ලබන්නෙමුයි භාග්‍යවතුන් වහන්සේට එකරුණ සැළ කළහ. එහෙයින් අථඛො සම්බහුලා භික්ඛු -පෙ- කාමෙසු විහරන්තියි යූ.සේයි.
එතමත්ථං විදිත්වාති එතං තෙසං මනුස්සානං ආපානභූමිරමණීයෙසු මහාපරිළාහෙසු අනෙකානත්ථානුබන්ධෙසු ඝොරාසය්හකටුකඵලෙසු කාමෙසු අනාදීනවදස්සිතං සබ්බාකාරතො විදිත්වා කාමානඤ්චෙව කිලෙසානඤ්ච ආදීනවවිභාවනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම සිත්කලු මත්පැන් බීමේ උත්සවයට සෑදූ මණ්ඩපයන්හි, මහත් දාහ ඇතිකරන, නොයෙක් අනර්ථයන් ලුහුබඳනා භයානක, ඉවසිය නොහැකි, කටුක විපාක ගෙනදෙන කාමයන්හි ආදීනව නොදක්නා සුළු ඒ මිනිසුන්ගේ කාමාදීනව සර්වප්රකාරයෙන් දැන කාමයන්ගේද, කෙලෙසුන්ගේද, ආදීනව පැහැදිලි කිරීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ කාමෙසු සත්තාති වත්ථුකාමෙසු කිලෙසකාමෙන රත්තා මත්තා සත්තා විසත්තා ලග්ගා ලග්ගිතා සංයුත්තා. කාමසඞ්ගසත්තාති තායෙව කාමසත්තියා වත්ථුකාමෙසු රාගසඞ්ගෙන චෙව දිට්ඨිමානදොසඅවිජ්ජාසඞ්ගෙහි ච සත්තා ආසත්තා. සංයොජනෙ වජ්ජමපස්සමානාති කම්මවට්ටං විපාකවට්ටෙන, භවාදිකෙ වා භවන්තරාදීහි, සත්තෙ වා දුක්ඛෙහි සංයොජනතො බන්ධනතො සංයොජනනාමකෙ කාමරාගාදිකිලෙසජාතෙ සංයොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිතාය වට්ටදුක්ඛමූලභාවාදිකං වජ්ජං දොසං ආදීනවං අපස්සන්තා. න හි ජාතු සංයොජනසඞ්ගසත්තා, ඔඝං තරෙය්යුං විපුලං මහන්තන්ති එවං ආදීනවදස්සනාභාවෙන සංයොජනසභාවෙසු සඞ්ගෙසු, සංයොජනසඞ්ඛාතෙහි වා සඞ්ගෙහි තෙසං විසයෙසු තෙභූමකධම්මෙසු සත්තා විපුලවිසයතාය අනාදිකාලතාය ච විපුලං විත්ථිණ්ණං මහන්තඤ්ච කාමාදිඔඝං, සංසාරොඝමෙව වා න කදාචි තරෙය්යුං, එකංසෙනෙව තස්ස ඔඝස්ස පාරං න ගච්ඡෙය්යුන්ති අත්ථො.
එහි කාමෙසු සත්තා යනු කාමවස්තූන්හි ක්ලේශකාම වශයෙන් සිත් ඇලවූවාහු, මත්වූවාහු, ඇලුනාහු, පැටලුනාහු, එල්බුනාහු, එක්වුනාහු, කාමෙසු සංගා යනු එම කාම නමැති ශාස්ත්‍රයෙන්, වස්තුකාමයන්හි රාග නමැති බැම්මෙන්ද දෘෂ්ටි, මාන, ද්වේෂ, අවිද්‍යා යන බැමිවලින්ද, ඇලුනාහු තෘෂ්ණාවෙන් බැඳුනාහු. සංයොජනෙ වජ්ජ ම පස්ස මානා යනු කම්වට, විපාක වට වශයෙන් භවාදීන්හි හෝ භවාන්තරාදීන්හි සත්ත්වයා දුක්ඛයන්හි යොදවන හෙයින් බඳවන හෙයින් සංයෝජන නමැ. එම කාමරාගාදී කෙලෙස් සමූහය සංයෝජනීය ධර්මයන්හි ආශ්වාද අනුව බලන හෙයින් සංසාර වෘත්ත දුකට මූලික භවාදී දෝෂයන්හි ආදීනව නොදක්නාහු, නහි ජාතු සංයෝජන සංග සත්තා ඔඝං තරෙය්යුං විපුලං මහන්තං යනු මෙසේ දොස් නොදක්නා ස්වභාවයෙන්, සංයෝජන ස්වභාව වූ බැමිවල සංයෝජන සංඛ්‍යාත වූ බැමිවලින්, ඒවාට විෂය වූ, ත්‍රෛභූමික ධර්මයන්හි සත්ත්වයෝ, මහත් සේ ගොදුරුවන හෙයින්ද, කෙළවරක් නොමැති කාලය හෙයින් ද, මහත් සේ පැතිරුණු හෙයින් ද, මහත් වූ කාමාධී ඕඝ හෝ සංසාර ඕඝයම හෝ කිසිකලෙකත් තරණය නොකරන්නාහුය. ඒකාන්තයෙන්ම එම ඕඝයාගේ පරතෙරට නොයන්නාහු යයි අර්ථයි.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
4. දුතියසත්තසුත්තවණ්ණනා
4. දෙවෙනි සක්ත සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අන්ධීකතාති කාමා නාම අනන්ධම්පි අන්ධං කරොන්ති.
සිව්වැන්නෙහි අන්ධීකතා යනු කාමයෝ නම් අන්ධනු වූ අයද අන්ධ කෙරෙත්.
යථාහ –
දෙසූ පරිදි,
“ලුද්ධො අත්ථං න ජානාති, ලුද්ධො ධම්මං න පස්සති; අන්ධතමං තදා හොති, යං ලොභො සහතෙ නර”න්ති. (ඉතිවු· 88; මහානි· 5; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 128) –
ලුද්ධො අත්ථං න ජානාති - ලුද්ධො ධම්මං න පස්සති අන්ධන්තමං තදාහොති - යං ලොභො සහතෙ තරංන්ති
ලෝභියා යහපත නොදනියි. ලෝභියා ධර්මය නොදකියි. යම් පුද්ගලයෙකු ලෝභය ඉවසයිද එකල්හි අඳුර හා අන්ධභාවය වේ.
තස්මා කාමෙන අනන්ධාපි අන්ධා කතාති අන්ධීකතා. සෙසං අනන්තරසුත්තෙ වුත්තනයමෙව. තත්ථ හි මනුස්සානං පවත්ති භික්ඛූහි දිස්වා භගවතො ආරොචිතා, ඉධ භගවතා සාමංයෙව දිට්ඨාති අයමෙව විසෙසො. සත්ථා සාවත්ථිතො නික්ඛමිත්වා ජෙතවනං ගච්ඡන්තො අන්තරාමග්ගෙ අචිරවතියං නදියං මච්ඡබන්ධෙහි ඔඩ්ඩිතං කුමිනං පවිසිත්වා නික්ඛන්තුං අසක්කොන්තෙ බහූ මච්ඡෙ පස්සි, තතො අපරභාගෙ එකං ඛීරපකං වච්ඡං ගොරවං කත්වා අනුබන්‍ධිත්‍වා ථඤ්ඤපිපාසාය ගීවං පසාරෙත්වා මාතු අන්තරසත්ථියං මුඛං උපනෙන්තං පස්සි. අථ භගවා විහාරං පවිසිත්වා පාදෙ පක්ඛාලෙත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො පච්ඡිමං වත්ථුද්වයං පුරිමස්ස උපමානභාවෙන ගහෙත්වා ඉමං උදානං උදානෙසි.
එහෙයින් කාමයෙන් අන්ධ නුවූ අය අන්ධ කරන ලද්දේනුයි අන්ධීකතායි. සෙස්ස අනතුරු සූත්‍රයෙහි යූ.සේමැයි. එහි මිනිසුන්ගේ පැවැත්ම භික්ෂූන් විසින් දැක භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. මෙහි භාග්‍යවතුන් වහන්සේ තමන්ම දක්නා ලදි යන මෙයම විශේෂයයි. ශාස්තෲන් වහන්සේ සැවතින් නික්ම දෙව්රමට වැඩම කරනුයේ අතරමග අචිරවතී නදියෙහි මත්ස්‍ය බන්ධකයන් විසින් අටවන ලද, කෙමිනට පිවිස ඉන් පිටවීමට නොහැකි බොහෝ මසුන් දිටි සේක. ඉන් මඳ වේලාවකට පසු එක් කිරිබොන වස්සෙක් ගවහඬ කොට ලුහුබැඳ, තනකිරි පිපාසාවෙන් ග්රීවය දිගුකොට මවගේ කලවා අතරත මුව එළවන්නහු දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙහෙරට පිවිස පා ගල්වා, පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හුන්නේ, පශ්චිම වස්තු ද්වයය, පළමුවැන්නට උපමා භාවයෙන් ගෙන මෙ උදන් ඇනූ සේක.
තත්ථ කාමන්ධාති වත්ථුකාමෙසු කිලෙසකාමෙන අන්ධා විචක්ඛුකා කතා. ජාලසඤ්ඡන්නාති සකත්තභාවපරත්තභාවෙසු අජ්ඣත්තිකබාහිරායතනෙසු, තන්නිස්සිතෙසු ච ධම්මෙසු අතීතාදිවසෙන අනෙකභෙදභින්නෙසු හෙට්ඨුපරියවසෙන අපරාපරං උප්පත්තියා අන්තොගධානං අනත්ථාවහතො ච ජාලභූතාය තණ්හාය සුඛුමච්ඡිද්දෙන ජාලෙන පරිවුතො විය උදකරහදො සඤ්ඡන්නා පලිගුණ්ඨිතා අජ්ඣොත්ථටා. තණ්හාඡදනඡාදිතාති තණ්හාසඞ්ඛාතෙන ඡදනෙන සෙවාලපණකෙන විය උදකං ඡාදිතා, පටිච්ඡන්නා පිහිතාති අත්ථො. පදද්වයෙනාපි කාමච්ඡන්දනීවරණනිවාරිතකුසලචිත්තාචාරතං දස්සෙති.
එහි කාමන්ධා යනු වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් අන්ධ වූවාහු, ඇස් නොපෙනෙන සේ කළාහු, ජාල සඤ්ජන්නා යනු අන්‍ය ආත්මභාවයන්හි ස්වකීය ආත්මභාවයන්හිද, අධ්‍යාත්මික බාහිර ආයතනයන්හිද, ඒ හා ආශ්රිත ධර්මයන්හිද අතීත ආදී වශයෙන් භේද භින්න වූ, යට මතු වශයෙන් ඔබිනොබ ඉපැත්මෙන් ඇතුලත් භවයන්ට, අනර්ථ ගෙනඑනුයේම දැලක් වූ තෘෂ්ණාවෙහි සියුම් සිදුරු සහිත දැලෙන් පිරිවරන ලද, දියවිල වැසුනාහු, ගැටගැසුනාහු වසා පැතිර සිටියාහු වෙති. තණ්හා ඡදන ඡාදිතා යනු විලෙහි දිය දියසෙවෙල්වලින් වසා තබන ලද්දාක් මෙන් තෘෂ්ණාවෙන් වසන ලදුයේ, පද ද්වයයෙන්ම කාමච්ඡන්ද නීවරණයෙන් වළක්වන ලද කුසල් සිතෙහි වැළැක්ම දක්වයි.
පමත්තබන්ධුනා බද්ධාති කිලෙසමාරෙන දෙවපුත්තමාරෙන ච බද්ධා. යදග්ගෙන හි කිලෙසමාරෙන බද්ධා, තදග්ගෙන දෙවපුත්තමාරෙනපි බද්ධා නාම හොන්ති. වුත්තඤ්හෙතං –
පමත්ත බන්ධුනා බද්ධා යනු කෙලෙස් මාරයා විසින්ද දේවපුත්‍ර මාරයා විසින්ද බඳනා ලද යම්තැනක පටන් ක්ලේශමාරයා විසින් බඳනා ලදුයේද, එතැන් පටන් දේවපුත්‍ර මාරයා විසින්ද බඳනා ලදුයේ නම් වෙති. යූ.සේයි.
“අන්තලික්ඛචරො පාසො, ය්වායං චරති මානසො; තෙන තං බාධයිස්සාමි, න මෙ සමණ මොක්ඛසී”ති. (සං· නි· 1.151; මහාව· 33);
අන්තලික්ඛචරො පාසො - ය්වායං චරති මානසො තෙන තං බාධයිස්සාමි - න මෙ සමණ මොක්ඛසීති
අහසෙහි සරණ යම් මළපුඩුවක් මනසෙහි සරයිද? ඉන් ඔබ පෙළන්නෙමි. ශ්‍රමණය ඔබ මාගෙන් නොමිදෙන්නෙහිය.
නමුචි කණ්හො පමත්තබන්ධූති තීණි මාරස්ස නාමානි. දෙවපුත්තමාරොපි හි කිලෙසමාරො විය අනත්ථෙන පමත්තෙ සත්තෙ බන්ධතීති පමත්තබන්ධු. “පමත්තා බන්ධනෙ බද්ධා”තිපි පඨන්ති. තත්ථ බන්ධනෙති කාමගුණබන්ධනෙති අත්ථො. බද්ධාති නියමිතා. යථා කිං? මච්ඡාව කුමිනාමුඛෙ යථා නාම මච්ඡබන්ධකෙන ඔඩ්ඩිතස්ස කුමිනස්ස මුඛෙ පවිට්ඨා මච්ඡා තෙන බද්ධා හුත්වා මරණමන්වෙන්ති පාපුණන්ති, එවමෙව මාරෙන ඔඩ්ඩිතෙන කාමගුණබන්ධනෙන බද්ධා ඉමෙ සත්තා ජරාමරණමන්වෙන්ති. වච්ඡො ඛීරපකොව මාතරං යථා ඛීරපායී තරුණවච්ඡො අත්තනො මාතරං අන්වෙති අනුගච්ඡති, න අඤ්ඤං එවං මාරබන්ධනබද්ධා සත්තා සංසාරෙ පරිබ්භමන්තා මරණමෙව අන්වෙන්ති අනුගච්ඡන්ති, න අජරං අමරණං නිබ්බානන්ති අධිප්පායො.
නමුචි, කණ්හ, පමත්තබන්ධු යන ත්‍රයය මාරයාගේ නාමයන්ය. දේවපුත්‍ර මාරයා වනාහි, ක්ලේශ මාරයා මෙන් අනර්ථයෙන් පමා වූ සත්ත්වයින් බන්ධනය කෙරේනුයි පමත්තබන්ධුයි. පමත්ත බන්ධනෙ බද්ධාතියි කියවති. එහි බන්ධනෙ යනු කාමගුණ බන්දනයෙහි යයි අර්ථයි. බද්ධා යනු සන්ධි නොකළ කුමක් මෙන්ද යත්, මච්ඡාව කුමිනා මුඛෙ යනු මත්ස්‍ය බන්ධකයා විසින් අටවන ලද, කෙමිනෙහි මුවින් පිවිසි මත්ස්‍යයෝ ඉන් බැඳුනාහු මරණයට එති. පැමිණෙති. එපරිද්දෙන්ම මාරයා විසින් අටවන ලද කාමගුණ බන්ධනයෙන් බන්ධනයට පත් මෙම සත්ත්වයෝ ජරා මරණයට පැමිණෙත්. වච්ඡො ඛීර පකොව මාතරං යනු යම්සේ කිරිබොන තරුණ වසුපැටියෙක් තම මව අනුව එයි. අනුව යේ. අනෙකෙක් එසේ නොඑයි. මෙසේ මාර බන්ධනයෙන් බැඳුනා වූ සත්ත්වයෝ සසර කැරකෙන්නාහු මරණයටම අනුව එති. අනුව යෙති. අජර වූ අමෘත නිර්වාණයට නොයෙතියි අදහසයි.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
5. ලකුණ්ටකභද්දියසුත්තවණ්ණනා
5. ලකුණ්ටකභද්දිය සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතොති ආයස්මා ලකුණ්ඩකභද්දියො එකදිවසං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං ගාමන්තරෙන පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො පත්තං වොදකං කත්වා ථවිකාය පක්ඛිපිත්වා අංසෙ ලග්ගෙත්වා චීවරං සඞ්ඝරිත්වා තම්පි වාමංසෙ ඨපෙත්වා පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛු ඉරියාපථසම්පන්නො අත්තනො සතිපඤ්ඤාවෙපුල්ලං පකාසෙන්තො විය සතිසම්පජඤ්ඤං සූපට්ඨිතං කත්වා සමාහිතෙන චිත්තෙන පදෙ පදං නික්ඛිපන්තො ගච්ඡති, ගච්ඡන්තො ච භික්ඛූනං පච්ඡතො පච්ඡතො ගච්ඡති තෙහි භික්ඛූහි අසංමිස්සො. කස්මා? අසංසට්ඨවිහාරිතාය. අපිච තස්සායස්මතො රූපං පරිභූතං පරිභවට්ඨානීයං පුථුජ්ජනා ඔහීළෙන්ති. ථෙරො තං ජානිත්වා පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡති “මා ඉමෙ මං නිස්සාය අපුඤ්ඤං පසවිංසූ”ති. එවං තෙ භික්ඛූ ච ථෙරො ච සාවත්ථිං පත්වා විහාරං පවිසිත්වා යෙන භගවා තෙනුපසඞ්කමන්ති. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන ආයස්මා ලකුණ්ඩකභද්දියො”තිආදි.
පස්වැන්නෙහි, සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරහු එක් දිනක් බොහෝ භික්ෂූන් සමග කුඩා ගමක පිඬු පිණිස හැසිර කරන ලද බත්කිස ඇත්තේ, දිය රහිත කොට පසුම්බියෙහි බහා උරහිසෙහි එල්වා සිවුර නවා එයද වම් උරහිසෙහි තබා ප්රසාදජනක ඉදිරියට යාම් ආපසු යෑම්, ඉදිරිය බැලීම්, වටපිට බැලීම්, අත්පා වකුටු කිරීම් දිගහැරීම් යට බලන ලද ඇස් ඇති, මනා ඉරියව්වලින් යුක්ත වූයේ තමාගේ ස්මෘති, ප්‍රඥාවන්ගේ මහත්භාවය ප්‍රකාශ කරන්නාක් මෙන්, සිහිය හා මනා නුවණ මනාව පිහිටුවා සමාහිත සිතින් පියවරින් පියවර තබනුයේම යේ. යනුයේද එම භික්ෂූන් හා අසම්මිශ්‍රව එම භික්ෂූන්ගේ පසුපසින් යේ. කුමක් හෙයින්ද යත්, මිශ්‍රනොවී වාසය කිරීම සඳහාය. තවද එම ආයුෂ්මතුන්ගේ රුව නින්දා ලබන ලදුයේ, පරිභවයට සුදුසු වූයේ පෘථග්ජනයා හෙළා දකිති. තෙරහු එය දැන මොව්හු මා නිසා අකුසලයක් රැස් නොකෙරෙත්වායි පසුපසින් යයි. මෙසේ එම භික්ෂූහුද තෙරහුද සැවැතට පැමිණ වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි එළැඹෙත්. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා ලකුණ්ටක භද්දියො යි ආදිය යූ.සේයි.
තත්ථ දුබ්බණ්ණන්ති විරූපං. තෙනස්ස වණ්ණසම්පත්තියා සණ්ඨානසම්පත්තියා ච අභාවං දස්සෙති. දුද්දසිකන්ති අපාසාදිකදස්සනං. තෙනස්ස අනුබ්යඤ්ජනසම්පත්තියා ආකාරසම්පත්තියා ච අභාවං දස්සෙති. ඔකොටිමකන්ති රස්සං. ඉමිනා ආරොහසම්පත්තියා අභාවං දස්සෙති. යෙභුය්යෙන භික්ඛූනං පරිභූතරූපන්ති පුථුජ්ජනභික්ඛූහි ඔහීළිතරූපං. පුථුජ්ජනා එකච්චෙ ඡබ්බග්ගියාදයො තස්සායස්මතො ගුණං අජානන්තා හත්ථකණ්ණචූළිකාදීසු ගණ්හන්තා පරාමසන්තා කීළන්තා පරිභවන්ති, න අරියා, කල්යාණපුථුජ්ජනා වා.
එහි දුබ්බණ්ණං යනු විරූපී, එයින් ඔහුගේ වර්ණ සම්පත්තියෙහිද, පෙනීම් සම්පත්තියෙහිද අභාවය දක්වයි. දුද්දසිකං යනු ප්රසාදවහ නොවන දැකුම් ඇති. එයින් ඔහුගේ අනුව්‍යඤ්ජන සම්පත්තියෙහිද, පෙනීම් සම්පත්තියෙහිද අභාවය දක්වයි. ඔකොටිමකං යනු මිටි. මෙයින් ශාරීරික වැඩීම් සම්පත්තියෙහි අභාවය දක්වයි. යෙභුය්යෙන හි භික්ඛූනං භික්ඛූනං පරිභූත රූපං යනු පෘථග්ජන භික්ෂූන් විසින් හෙළා දකින ලද රූප ඇතියේ. ඇතැම් ෂට් වර්ගීය ආදී පෘථග්ජන භික්ෂූහු එම ආයුෂ්මත්හුගේ ගුණ නොදන්නාහු, අත්, කන්, හිස්මුදුනේ කොණ්ඩය ආදීන් ගන්නාහු, ස්පර්ශ කරන්නාහු ක්‍රීඩා කරන්නාහු පරිභව කෙරෙත්. ආර්යයෝ හෝ කල්‍යාණ පෘථග්ජනයෝ එසේ නොකරති.
භික්ඛූ ආමන්තෙසීති කස්මා ආමන්තෙසි? ථෙරස්ස ගුණං පකාසෙතුං. එවං කිර භගවතො අහොසි “ඉමෙ භික්ඛූ මම පුත්තස්ස මහානුභාවතං න ජානන්ති, තෙන තං පරිභවන්ති, තං නෙසං දීඝරත්තං අහිතාය දුක්ඛාය භවිස්සති, හන්දාහං ඉමස්ස ගුණෙ භික්ඛූනං පකාසෙත්වා පරිභවතො නං මොචෙස්සාමී”ති.
භික්ඛු ආමන්තෙසි යනු කවර හෙයිාන් අමතන ලදද යත්, තෙරුන්ගේ ප්‍රකාශ කිරීමට, මෙම භික්ෂූහු මපුත්ගේ මහානුභාවත්වය නොදනිත්. එහෙයින් ඔහුට පරිභව කරත්. එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. එහෙයින් මම මොහුගේ ගුණ භික්ෂූන්ට ප්‍රකාශකොට පරිභවයෙන් ඔහු මුදවන්නෙමියි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් වූයේය.
පස්සථ නොති පස්සථ නු. න ච සා සමාපත්ති සුලභරූපා, යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බාති රූපසමාපත්ති අරූපසමාපත්ති බ්රහ්මවිහාරසමාපත්ති නිරොධසමාපත්ති ඵලසමාපත්තීති එවං පභෙදා සාවකසාධාරණා යා කාචි සමාපත්තියො නාම, තාසු එකාපි සමාපත්ති න සුලභරූපා, දුල්ලභා, නත්ථියෙව සා තෙන ලකුණ්ඩකභද්දියෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා. එතෙනස්ස යං වුත්තං. “මහිද්ධිකො මහානුභාවො”ති, තත්ථ මහිද්ධිකතං පකාසෙත්වා ඉදානි මහානුභාවතං දස්සෙතුං “යස්ස චත්ථායා”තිආදිමාහ. තං හෙට්ඨා වුත්තනයමෙව. එත්ථ ච භගවා “එසො, භික්ඛවෙ, භික්ඛූ”තිආදිනා, “භික්ඛවෙ, අයං භික්ඛු න යො වා සො වා දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකොති භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡතීති ච එත්තකෙන න ඔඤ්ඤාතබ්බො, අථ ඛො මහිද්ධිකො මහානුභාවො, යංකිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං තං තෙන අනුප්පත්තං, තස්මා තං පාසාණච්ඡත්තං විය ගරුං කත්වා ඔලොකෙථ, තං වො දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති දස්සෙති.
පස්සථ නො දක්නහුද, න ච සා සමාපත්ති සුලභ රූපායා තෙන භික්ඛුනා අසමාපන්ත පුබ්බා යනු රූප සමවත්, අරූප සමවත්, බ්‍රහ්මවිහාර සමවත්, නිරෝධ සමවත්, ඵල සමවත් යන මෙබඳු ප්‍රභේද ඇති, ශ්‍රාවක සාධාරණ වූ යම්කිසි සමවත්හු වේද, ඒවා අතර එක් සමවතක් හෝ සුලභ රූප නොවේ. දුර්ලභය. එම ලකුණ්ටක භද්දිය භික්ෂුව විසින් නොසමවන් විරූ එබඳු සමවතක් නොමැතිමය. එයින් ඔහුට මහිද්ධිකො මහානුභාවොයි යමක් යූ.සෙයිද, එහි මහර්ධිකතාවය ප්‍රකාශ කරයි. දැන් මහානුභාවතාවය ප්‍රකාශ කරන්ට යස්සත්ථාය ආදිය වදාළහ. එය යට යූ.සේමය. මෙහිද භාග්‍යවතුන් වහන්සේ ‘එසො භික්ඛවෙ භික්ඛු’ යනාදියෙන්, මහණෙනි, මෙම භික්ෂුව මෙතෙම නොමනා පැහැ ඇත්තේය. නොමනා දැකුම් ඇත්තේය. අඟුටුමිටිය. භික්ෂූන්ගේ පිටුපසින් එයි යයි එතෙකින් හෙළා නොදැකිය යුතුය. තවද ශ්‍රාවකයෙකු විසින් පැමිණිය යුතු යම්කිසිවක් ඇත්ද, ඒ සියල්ල ඔහු විසින් අනුප්‍රාප්තය. මහත් සෘද්ධි ඇත. මහානුභාව ඇත. එහෙයින් ඔහු ගල් කුඩයක් මෙන් ගරුකොට බලන්නේය. එය ඔබලාට බොහෝකලක් හිත පිණිස, සුව පිණිස වන්නේ යයි දක්වයි.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො ලකුණ්ඩකභද්දියස්ස මහිද්ධිකතාමහානුභාවතාදිභෙදං ගුණරාසිං සබ්බාකාරතො ජානිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් ලකුණ්ටක භද්දියගේ මහර්ධිකතා, මහානුභාවතා ආදී භේද වූ ගුණ රැස සර්වාකාරයෙන් දැන, එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ නෙලඞ්ගොති එලං වුච්චති දොසො, නාස්ස එලන්ති නෙලං . කිං පන තං? සුපරිසුද්ධසීලං. තඤ්හි නිද්දොසට්ඨෙන ඉධ “නෙල”න්ති අධිප්පෙතං. තං නෙලං පධානභූතං අඞ්ගං එතස්සාති නෙලඞ්ගො. සො යං “රථො”ති වක්ඛති, තෙන සම්බන්ධො, තස්මා සුපරිසුද්ධසීලඞ්ගොති අත්ථො. අරහත්තඵලසීලඤ්හි ඉධාධිප්පෙතං. සෙතො පච්ඡාදො එතස්සාති සෙතපච්ඡාදො. පච්ඡාදොති රථස්ස උපරි අත්ථරිතබ්බකම්බලාදි. සො පන සුපරිසුද්ධධවලභාවෙන සෙතො වා හොති රත්තනීලාදීසු වා අඤ්ඤතරො. ඉධ පන අරහත්තඵලවිමුත්තියා අධිප්පෙතත්තා සුපරිසුද්ධභාවං උපාදාය “සෙතපච්ඡාදො”ති වුත්තං යථා අඤ්ඤත්රාපි “රථො සීලපරික්ඛාරො”ති. එකො සතිසඞ්ඛාතො අරො එතස්සාති එකාරො. වත්තතීති පවත්තති. රථොති ථෙරස්ස අත්තභාවං සන්ධාය වදති.
එහි නෙලග්ගො යනු දොස ඵලයයි කියයි. ඔහුට දොසක් නැත්තේනුයි නෙලයි. එය කිමෙක්ද? සුපිරිසිදු සීලයයි. එය වනාහි නිර්දෝෂාර්ථයෙන් ඵලයක් නැතැයි අදහස් කරන ලදි. එම නෙලයට ප්‍රධාන වූ අග්‍ර මාර්ගය ඔහුටනුයි = නෙලග්ගොයි. එය යමක් රථයයැයි කියයිද? එය හා සම්බන්ධයි. එහෙයින් සුපිරිසිදු සීලග්ග යැයි අර්ථයි. මෙහි අර්හත්ඵල සීලයයි. සුදු වැස්ම එයටනුයි සෙත පච්ඡාදොයි. පච්ඡාදො යනු රථය මතුයෙහි ඇතිරිය යුතු කම්බිලි ආදියයි. එය වනාහි ඉතා පිරිසිදු සුදු භාවයෙන් සුදු හෝ රත් නිල් ආදීන් අතර එක්තරා එකක් වේ. මෙහි වනාහි අර්හත්ඵල විමුක්තිය අදහස් කරන ලද හෙයින් සුපිරිසිදු බව අරබයා සෙත පච්ඡාදොයි යූ.සේයි. අන් තන්හි ‘රථො සෙත පරික්ඛාරොයිද යෙදේ. එක් සිහිය නමැති අරය ඔහුටනුයි එකාරොයි වත්තති යනු පවතියි. රථො යනු තෙරුන්ගේ ආත්මභාවය සඳහා කියයි.
අනීඝන්ති නිද්දුක්ඛං, ඛොභවිරහිතං යානං විය කිලෙසපරිඛොභවිරහිතන්ති අත්ථො. ආයන්තන්ති සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡන්තං. ඡින්නසොතන්ති පච්ඡින්නසොතං. පකතිරථස්ස හි සුඛපවත්තනත්ථං අක්ඛසීසෙසු නාභියඤ්ච උපලිත්තානං සප්පිතෙලාදීනං සොතො සවනං සන්දනං හොති, තෙන සො අච්ඡින්නසොතො නාම හොති. අයං පන ඡත්තිංසතියා සොතානං අනවසෙසතො පහීනත්තා ඡින්නසොතො නාම හොති, තං ඡින්නසොතං. නත්ථි එතස්ස බන්ධනන්ති අබන්ධනො. රථූපත්ථරස්ස හි අක්ඛෙන සද්ධිං නිච්චලභාවකරණත්ථං බහූනි බන්ධනානි හොන්ති, තෙන සො සබන්ධනො. අයං පන සබ්බසංයොජනබන්ධනානං අනවසෙසතො පරික්ඛීණත්තා අබන්ධනො, තං අබන්ධනං. පස්සාති භගවා ථෙරස්ස ගුණෙහි සොමනස්සප්පත්තො හුත්වා අත්තානං වදති.
අනීඝං යනු නිදුක්, කෙලෙස් කැළඹීම් විරහිතයයි අර්ථයි. ආයන්තං යනු බොහෝ භික්ෂූන්ගේ පසුපසින් පැමිණෙන්නා වූ, ඡින්තසොතං යනු සිඳ දමන ලද ශ්‍රෝතස් ඇතියේ, ප්‍රකෘති රථයෙහි සුවසේ පැවැත්ම සඳහා අක් ශීර්ෂයන්හි නැබෙහිද, තවරන ලද ගිතෙල් ආදීන්ගේ ශ්‍රොතස ගැලීම, ගලාබැස්ම වෙයි. එහෙයින් එය නොසන්සුන් ශ්‍රෝතස් නම් වේ. මෙය වනාහි සතිස් ශ්රොතසුන්ගේ ශේෂ රහිතව ප්‍රහීණ කළ හෙියන් සුන් ශ්‍රෝතස් නම් වේ. එම සුන් ශ්‍රොතස, ඔහුට බැඳුම් නැත්තේනුයි අබන්ධනංයි. රථයෙහි තට්ටු ලෑල්ල, රෝද සම්බන්ධ කරන අලවංගුව සමග නිසල බව කිරීම සඳහා බොහෝ බන්ධනයන් වෙත්. එය සමග එය සම්බන්ධයි. මොහු වනාහි සියලු සංයෝජන බන්ධනයන්ගේ ශේෂ රහිතව ක්ෂය කරන ලද හෙයින් බන්ධන රහිතයි. එම නොබැඳීම. පස්ස යනු භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ගේ ගුණයන් කෙරෙහි සොම්නසට ප්‍රාප්ත වී තමාට කියයි.
ඉති සත්ථා ආයස්මන්තං ලකුණ්ඩකභද්දියං අරහත්තඵලසීසෙන සුචක්කං, අරහත්තඵලවිමුත්තියා සුඋත්තරච්ඡදං, සූපට්ඨිතාය සතියා ස්වාරං, කිලෙසපරිඛොභාභාවෙන අපරිඛොභං, තණ්හූපලෙපාභාවෙන අනුපලෙපං, සංයොජනාදීනං අභාවෙන අබන්ධනං සුපරික්ඛිත්තං සුයුත්තං ආජඤ්ඤරථං කත්වා දස්සෙති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය අර්හත් ඵල ශීර්ෂයෙන්, යහපත් රෝදයක්, අර්හත්ඵල විමුක්තියෙන් වියනක් සහිත මෙන් කොට මනාව පිහිටි හෙයින්, කෙලෙස් ගෙවී යාම් අභාවයෙන් අපරීක්ෂොභ ලෙසින්ද, තෘෂ්ණා තැවරීම් නොමැති හෙයින් නොතැවරීම් ලෙසින්ද, සංයෝජනාදීන්ගේ අභාවයෙන් බැඳුම් රහිත මනාව පිළියෙල කළ, මනාව යොදන ලද, උසස් පැවතුම් ඇති රථයක් කොට දක්වයි.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
6. තණ්හාඞ්ඛයසුත්තවණ්ණනා
6. තණ්හාක්ඛය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අඤ්ඤාසිකොණ්ඩඤ්ඤොති එත්ථ කොණ්ඩඤ්ඤොති තස්සායස්මතො ගොත්තතො ආගතනාමං. සාවකෙසු පන සබ්බපඨමං අරියසච්චානි පටිවිජ්ඣීති භගවතා “අඤ්ඤාසි වත, භො, කොණ්ඩඤ්ඤො”ති (මහාව· 17; සං· නි· 5.1081) වුත්තඋදානවසෙන ථෙරො සාසනෙ “අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො”ත්වෙව පඤ්ඤායිත්ථ. තණ්හාසඞ්ඛයවිමුත්තින්ති තණ්හා සඞ්ඛීයති පහීයති එත්ථාති තණ්හාසඞ්ඛයො, නිබ්බානං. තස්මිං තණ්හාසඞ්ඛයෙ විමුත්ති. තණ්හා වා සඞ්ඛීයති පහීයති එතෙනාති තණ්හාසඞ්ඛයො, අරියමග්ගො. තස්ස ඵලභූතා, පරියොසානභූතා වා විමුත්තීති තණ්හාසඞ්ඛයවිමුත්ති , නිප්පරියායෙන අරහත්තඵලසමාපත්ති. තං පච්චවෙක්ඛමානො නිසින්නො හොති. අයඤ්හි ආයස්මා බහුලං ඵලසමාපත්තිං සමාපජ්ජති, තස්මා ඉධාපි එවමකාසි.
සවැන්නෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මෙහි කොණ්ඩඤ්ඤ යනු එම ආයුෂ්මත්හුගේ ගෝත්‍රයෙන් පැමිණි නාමයයි. ශ්රාවකයින් අතර සියල්ලට ප්‍රථම ආර්ය සත්‍යයන් ප්‍රතිවේධ කළේනුයි භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පින්වත්නි, ඒකාන්තයෙන් කොණ්ඩඤ්ඤ දැනගත්තේය’යි දේශිත උදාන වචන වශයෙන්ද, තෙරහු සස්නෙහි අඤ්ඤා කොණ්ඩඤ්ඤ යයිම පැනුනහ. තණ්හා සංඛය විමුත්ති යනු තෘෂ්ණාව ගෙවී යයි. ප්‍රහීණ වේ. මෙහිනුයි තණ්හා සංඛයොයි. නිර්වාණයයි. එම තෘෂ්ණා ප්රහාණයෙහි විමුක්තිය තෘෂ්ණාව හෝ ගෙවයි. ප්‍රහීණ වේ. එය කරණකොට ගෙනනුයි තෘෂ්ණා සංඛයොයි. ආර්ය මාර්ගයයි. එයට ඵලය වූ කෙළවර වූ හෝ විමුක්ති යනුයි තණ්හා සංඛය විමුක්තිය. වෙනස් නොකළ හැකි ආකාරයෙන් අර්හත්ඵල සමවතයි. එය ප්රත්යවේක්ෂා කරමින් හුන්නේ වේ. මෙම ආයුෂ්මත් තෙමේ වනාහි බහුලව ඵලසමවතට සමවදියි. එහෙයින් මෙහිද එසේ කළේය.
එතමත්ථං විදිත්වාති එතං අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරස්ස අග්ගඵලපච්චවෙක්ඛණං විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ මාර්ගඵල ප්රත්යවේක්ෂණය දැන, එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ යස්ස මූලං ඡමා නත්ථීති යස්ස අරියපුග්ගලස්ස අත්තභාවරුක්ඛමූලභූතා අවිජ්ජා, තස්සාව පතිට්ඨා හෙතුභූතා ආසවනීවරණඅයොනිසොමනසිකාරසඞ්ඛාතා ඡමා පථවී ච නත්ථි අග්ගමග්ගෙන සමුග්ඝාතිතත්තා. පණ්ණා නත්ථි කුතො ලතාති නත්ථි ලතා කුතො පණ්ණාති පදසම්බන්ධො. මානාතිමානාදිපභෙදා සාඛාපසාඛාදිසඞ්ඛාතා ලතාපි නත්ථි, කුතො එව මදප්පමාදමායාසාඨෙය්යාදිපණ්ණානීති අත්ථො. අථ වා පණ්ණා නත්ථි කුතො ලතාති රුක්ඛඞ්කුරස්ස වඩ්ඪමානස්ස පඨමං පණ්ණානි නිබ්බත්තන්ති. පච්ඡා සාඛාපසාඛාසඞ්ඛාතා ලතාති කත්වා වුත්තං. තත්ථ යස්ස අරියමග්ගභාවනාය අසති උප්පජ්ජනාරහස්ස අත්තභාවරුක්ඛස්ස අරියමග්ගස්ස භාවිතත්තා යං අවිජ්ජාසඞ්ඛාතං මූලං, තස්ස පතිට්ඨානභූතං ආසවාදි ච නත්ථි. මූලග්ගහණෙනෙව චෙත්ථ මූලකාරණත්තා බීජට්ඨානියං කම්මං තදභාවොපි ගහිතොයෙවාති වෙදිතබ්බො. අසති ච කම්මබීජෙ තංනිමිත්තො විඤ්ඤාණඞ්කුරො, විඤ්ඤාණඞ්කුරනිමිත්තා ච නාමරූපසළායතනපත්තසාඛාදයො න නිබ්බත්තිස්සන්තියෙව. තෙන වුත්තං – “යස්ස මූලං ඡමා නත්ථි, පණ්ණා නත්ථි කුතො ලතා”ති.
එහි යස්සමූල ඡමානත්ථි යනු යම් ආර්ය පුද්ගලයෙකුට ආත්මභාව නමැති වෘක්ෂයට මුල් වූ අවිද්‍යාවද එහි පිහිටීමට හේතු වූ ආශ්‍රව නීවරණ නුනුවණින් මෙනෙහි කිරීම් සංඛ්‍යාත භූමියද, පෘථුවියද නැත්ද, අග මගින් මුලිනුපුටා දමන ලද හෙයිනි. පණ්ණා නත්ථි කුතො ලතා යනු වැල් නැත. එසේනම් කොළ කොයින්දැයි පද සම්බන්ධයයි. මාන අතිමානාදී ප්‍රභේද වූ, අතු, කුඩා අතු සංඛ්‍යාත වැල්ද නැත. මද ප්‍රමාද, මායා, සාඨෙය්‍ය ආදී කෙසේවත් නොලැබේ යන අර්ථයි. නොහොත් ‘කොළ නැත. වැල් කොයින්ද?’ යන රුක් අංකුරයක් (කුඩා පැලයක්) වැටෙනකල්හි පළමුව කොළ වැටෙත්. පසුව අතු කුඩා අතු සංඛ්‍යාත වැල් යයි කොට යූ.සේයි. එහි යමෙකුට ආර්යමාර්ග භාවනාවගේ නොමැති කල්හි ඉපැත්මට සුදුසු වූ, ආත්මභාව වෘක්ෂයාගේ ආර්ය මාර්ගයෙන් වඩන ලද හෙයින්, යම් අවිද්‍යා සංඛ්‍යාත මුලක් වේද, එහි පිහිටීමට ස්ථාන වූ ආශ්රවාදිය නැත්ද? මෙහි මුල ග්රහණයෙන්ම මුල් කරුණෙහි ඇති අවිද්‍යාවගේ පිහිටීමෙන් වන කර්මයද, එය නොමැති කල්හිද ගන්නා ලද්දේමයයි දතයුතුය. කර්ම බීජයන් නොමැති කල්හිද එයට හේතු වූ විඤ්ඤාණංකුරයද, විඤ්ඤාණාංකුර හේතුවෙන්, නාමරූප සලායතන සංඛ්‍යාත කොළ, සාඛාදීහුද නූපදින්නාහුම වෙති. එහෙයින් යමෙකු හට අත්බවට මුල් වූ භූමියක් නැද්ද? කොළ නැද්ද, වැල් නැද්දැයි යූ.සේයි.
තං ධීරං බන්ධනා මුත්තන්ති තං චතුබ්බිධසම්මප්පධානවීරියයොගෙන විජිතමාරත්තා ධීරං, තතො එව සබ්බකිලෙසාභිසඞ්ඛාරබන්ධනතො මුත්තං. කො තං නින්දිතුමරහතීති එත්ථ න්ති නිපාතමත්තං. එවං සබ්බකිලෙසවිප්පමුත්තං සීලාදිඅනුත්තරගුණසමන්නාගතං කො නාම විඤ්ඤුජාතිකො නින්දිතුං ගරහිතුං අරහති නින්දානිමිත්තස්සෙව අභාවතො. දෙවාපි නං පසංසන්තීති අඤ්ඤදත්ථු දෙවා සක්කාදයො ගුණවිසෙසවිදූ, අපිසද්දෙන මනුස්සාපි ඛත්තියපණ්ඩිතාදයො පසංසන්ති. කිඤ්ච භිය්යො බ්රහ්මුනාපි පසංසිතො මහාබ්රහ්මුනාපි අඤ්ඤෙහිපි බ්රහ්මනාගයක්ඛගන්ධබ්බාදීහිපි පසංසිතො ථොමිතොයෙවාති.
තං ධීරං බන්ධනා මුත්තං යනු ඒ සිව්වැදෑරුම් යහපත් ප්‍රධන් වීර්ය යෝගයෙන් දිනූ මරහු හෙයින් නුවණැත්තා එයින්ම සියලු කෙලෙස් අභිසංස්කාර බන්ධනයන්ගෙන් මිදුණේය. කොතං නින්දිතුමරහති මෙහි තං යනු නිපාත මාත්‍රයයි. මෙසේ සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ, සීලාදී උතුම් ගුණයෙන් යුක්ත වූ, කවර නම් ප්‍රාඥ ස්වභාව ඇත්තෙක්, නින්දා කරන්ට ගර්හා කරන්ට සුදුසු වේද, නින්දාවට භාජන විය යුතු කරුණු නොමැති හෙයිනි. දෙවාපි නං පසංසන්ති යනු ඒකාන්තයෙන් දිව්‍ය ශක්‍ර ආදී ගුණ විශේෂ දන්නා අය (අපි ශබ්දයෙන්) මනුෂ්‍යයෝ ද, ක්ෂත්රිය පණ්ඩිතාහුද පසසති. වැඩිපුර කවර කථාද? බ්රහ්මුනාපි පසංසිතො මහා බ්‍රහ්මයා විසින්ද. අනෙකුත් බ්‍රහ්ම, නාග, යක්ෂ, ගාන්ධර්වාදීන් විසින්ද ප්‍රශංසිතය. ස්තුති කරන ලද්දේමය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
7. පපඤ්චක්ඛයසුත්තවණ්ණනා
7. පපඤ්චඛය සූත්‍ර වර්ණනාව
සත්තමෙ පපඤ්චසඤ්ඤාසඞ්ඛාපහානන්ති පපඤ්චෙන්ති යත්ථ සයං උප්පන්නා, තං සන්තානං විත්ථාරෙන්ති චිරං ඨපෙන්තීති පපඤ්චා, කිලෙසා. විසෙසතො රාගදොසමොහතණ්හාදිට්ඨිමානා. තථා හි වුත්තං –
සත්වැන්නෙහි පපඤ්ච සඤ්ඤා සංඛා පහානං යනු පමා කෙරෙත්. යම්තැනෙක්හි තමහට උපන් එම කෙලෙස් සිතිවිලි පරම්පරාව පතුරුවති. කලක් තබත්නුයි පපඤ්චයි. ක්ලේශයෝය. විශේෂයෙන් රාග, ද්වේෂ, මෝහ, දෘෂ්ටි, මාන ආදීන්ය. එසේම යූ.සේයි -
“රාගො පපඤ්චො, දොසො පපඤ්චො, මොහො පපඤ්චො, තණ්හා පපඤ්චො, දිට්ඨි පපඤ්චො, මානො පපඤ්චො”ති. –
රාග පපංචය, ද්වේෂ පපංචය, මෝහ පපංචය, දෘෂ්ටි පපංචය, තෘෂ්ණා පපංචය, මාන පපංචයැයි.
අපිච සංකිලෙසට්ඨො පපඤ්චට්ඨො, කචවරට්ඨො පපඤ්චට්ඨො. තත්ථ රාගපපඤ්චස්ස සුභසඤ්ඤා නිමිත්තං, දොසපපඤ්චස්ස ආඝාතවත්ථු, මොහපපඤ්චස්ස ආසවා, තණ්හාපපඤ්චස්ස වෙදනා, දිට්ඨිපපඤ්චස්ස සඤ්ඤා, මානපපඤ්චස්ස විතක්කො නිමිත්තං. තෙහි පපඤ්චෙහි සහගතා සඤ්ඤා පපඤ්චසඤ්ඤා. පපඤ්චසඤ්ඤානං සඞ්ඛා භාගා කොට්ඨාසා පපඤ්චසඤ්ඤාසඞ්ඛා. අත්ථතො සද්ධිං නිමිත්තෙහි තංතංපපඤ්චස්ස පක්ඛියො කිලෙසගණො. සඤ්ඤාගහණඤ්චෙත්ථ තස්ස නෙසං සාධාරණහෙතුභාවෙන. වුත්තඤ්හෙතං – “සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා”ති (සු· නි· 880). තෙසං පහානං, තෙන තෙන මග්ගෙන රාගාදිකිලෙසානං සමුච්ඡෙදනන්ති අත්ථො.
තවද කිලිටි අර්ථය ප්රපංචාර්ථයයි. කසල අර්ථය ප්රපංචාර්ථයි. එහි රාග ප්රපංචයට සුභ සංඥාව නිමිත්තයි. ද්වේෂ ප්රපංචයට ක්‍රෝධය වස්තුවයි. මෝහ ප්රපංචයට ආශ්‍රවයෝය. තෘෂ්ණා ප්රපංචයට වේදනාවයි. දෘෂ්ටි ප්රපංචයට සංඥාවයි. මාන ප්රපංචයට විතර්කය නිමිත්තයි. එම ප්රපංචයන් සමග එකට යෙදුණ සංඥාව ප්‍රපඤ්ච සංඥාවයි. ප්‍රපංච සංඥාවන්ගේ සංඛ්‍යාව, භාග, කොටස් ප්‍රපඤ්ච සංඥා සංඛායි. අර්ථ වශයෙන් වනාහි නිමිත්ත සමග වූ, එම ක්ලේශයට පක්ෂ වූ කෙලෙස් සමූහයයි. මෙහි සංඥා ග්‍රහණය ඒවා සාධාරණ හේතු භාවයෙහි (ප්‍රපංච සංඛ්‍යාවෝ සංඥා උත්පත්ති හේතුකොට ඇතැයි යූ.සේයි.) ඒවාහි ප්‍රහාණයයි. ඒ ඒ මාර්ගයෙන් රාගාදී කෙලෙසුන්ගේ නැසීම යයි අර්ථයි.
තදා හි භගවා අතීතාසු අනෙකකොටිසතසහස්සසඞ්ඛාසු අත්තනො ජාතීසු අනත්ථස්ස නිමිත්තභූතෙ කිලෙසෙ ඉමස්මිං චරිමභවෙ අරියමග්ගෙන බොධිමණ්ඩෙ සවාසනෙ පහීනෙ පච්චවෙක්ඛිත්වා සත්තසන්තානඤ්ච කිලෙසචරිතං රාගාදිකිලෙසසංකිලිට්ඨං කඤ්ජියපුණ්ණලාබුං විය තක්කභරිතචාටිං විය වසාපීතපිලොතිකං විය ච දුබ්බිනිමොචියං දිස්වා “එවං ගහනං නාමිදං කිලෙසවට්ටං අනාදිකාලභාවිතං මය්හං අනවසෙසං පහීනං, අහො සුප්පහීන”න්ති උප්පන්නපීතිපාමොජ්ජො උදානං උදානෙසි. තෙන වුත්තං – “අථ ඛො භගවා අත්තනො පපඤ්චසඤ්ඤාසඞ්ඛාපහානං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසී”ති.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ අතීත නොයෙක් කෝටි ලක්ෂ සංඛ්‍යාත තම උත්පත්තීන්හි අනර්ථයට හේතු වූ කෙලෙස් මෙම අවසන් භවයෙහි ආර්ය මාර්ගයෙන් බෝමැඩ මුල්හිදී අනුසහිත කෙලෙස් ප්‍රහීණ කල්හි ප්රත්යවේක්ෂා කොට කෙලෙස් චරිත සත්ව සන්තානයන්ද, රාගාදී කෙලෙසුන්ගෙන් කිළිටි වූයේ, කැඳ පිරුණු ලබුගෙඩියක මෙන් ද, මෝරු පිරුණු සැළියක් මෙන්ද, චුරුණු තෙල් පොඟවන ලද කඩමාල්ලක් මෙන්ද නිදහස් කිරීම ඉවත්කිරීම දුෂ්කර බව දැක, මෙසේ මෙම ග්‍රහණය නම් කෙළවරක් නොමැති කාලයක සිට භාවිතා කරන ලද මාගේ කෙලෙස් වට ශේෂ රහිතව ප්‍රහීණ වූයේ විශ්මයකි. මනාව ප්‍රහීණ වූයේ යයි උපන් ප්‍රීති ප්‍රමෝද්‍ය ඇත්තේ උදන් ඇනූ සේක. එහෙයින් අථඛො භගවා අත්තනො පපඤ්ච සඤ්ඤා සංඛා පහානං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසියි යූ.සේයි.
තත්ථ යස්ස පපඤ්චා ඨිති ච නත්ථීති යස්මා භගවා අත්තානමෙව පරං විය කත්වා නිද්දිසති තස්මා යස්ස අග්ගපුග්ගලස්ස වුත්තලක්ඛණා පපඤ්චා, තෙහි කතා සංසාරෙ ඨිති ච නත්ථි. නෙත්තියං පන “ඨිති නාම අනුසයො”ති (නෙත්ති· 27) වුත්තං. අනුසයො හි භවපවත්තියා මූලන්ති. සත්තෙ සංසාරෙ පපඤ්චෙන්තීති පපඤ්චා. “පපඤ්චට්ඨිතී”ති ච පාඨො. තස්සත්ථො – පපඤ්චානං ඨිති විජ්ජමානතා මග්ගෙන අසමුච්ඡෙදො පපඤ්චට්ඨිති, පපඤ්චා එව වා අවසිට්ඨකුසලාකුසලවිපාකානං පවත්තියා හෙතුභාවතො වට්ටස්ස ඨිති පපඤ්චට්ඨිති, සා යස්ස අග්ගපුග්ගලස්ස නත්ථි. සන්දානං පලිඝඤ්ච වීතිවත්තොති යො බන්ධනට්ඨෙන සන්තානසදිසත්තා “සන්දාන”න්ති ලද්ධනාමා තණ්හාදිට්ඨියො, නිබ්බානනගරපවෙසනිසෙධනතො පලිඝසදිසත්තා පලිඝසඞ්ඛාතං අවිජ්ජඤ්ච වීතිවත්තො සවාසනපහානෙන විසෙසතො අතික්කන්තො. අපරෙ පන කොධං “සන්දාන”න්ති වදන්ති, තං න ගහෙතබ්බං. සො හි “පරාභිසජ්ජනී”ති වුත්තොති.
එහි යස්ස පපඤ්චා ඨිතිචනත්ථි යනු යමෙකුට යැයි භාග්‍යවතුන් වහන්සේ තමාම අනෙකා මෙන් කොට නිර්දේශ කරයි. යම් අග්‍ර පුද්ගලයෙකුගේ කියන ලද ලක්ෂණ ඇති ප්‍රපංච ඔවුන් විසින් නොකරන ලදද, සසරෙහි සිටීමද නැත. නෙත්තියෙහි වනාහි ඨිති නම් අනුසය යැයි යූ.සේයි. අනුසයද භව පැවැත්මෙහි මූලය. සත්ත්වයින් සසර ප්‍රමාද කෙරෙත්නුයි පපංචයි. පපංචඨිතියිද පාඨයි. එහි අර්ථය, පපංචයන්ගේ සිටීම, විද්‍යමානත්වය මාර්ගයෙන් නොසිඳීම ප්‍රපංච සිටීමයි. ප්රපංචයම හෝ ඉතිරි කුසල්, අකුසල් විපාකයන්ගේ පැවැත්මෙහි හේතු භාවයෙන් වෘත්තයෙහි සිටීම හෝ පපංචයිතියි. එය යම් පුද්ගලයෙකුට නැද්ද? බන්ධානං පලිඝංච වීතිවත්තො යනු යමෙක් බන්ධනාර්ථයෙන් බන්ධනයක් හා සමාන හෙයින් බන්ධයැයි ලද නම් ඇති තෘෂ්ණා දෘෂ්ටීහු නිර්වාණ නගර ප්‍රවේශය වළක්වන හෙයින් බාධා කිරීම් සමාන හෙයින් බාධා සංඛ්‍යාත අවිද්‍යාවද ඉක්මවන ලදුයේ ඉතා සියුම් වූද කෙලෙස් ප්‍රහාණයෙන්, විශේෂයෙන් ඉක්මවන ලදුයේ, සමහරු වනාහි ක්‍රෝධය යැයිද කියති. එය නොගත යුතුය. එය වනාහි අනෙකා කෙරෙහි ඇලේයයි කියන ලද හෙයිනි.
තං නිත්තණ්හං මුනිං චරන්තන්ති තං සබ්බථාපි තණ්හාභාවෙන නිත්තණ්හං, උභයලොකමුනනතො අත්තහිතපරහිතමුනනතො ච මුනිං, එකන්තෙනෙව සබ්බසත්තහිතත්ථං චතූහි ඉරියාපථෙහි නානාසමාපත්තිචාරෙහි අනඤ්ඤසාධාරණෙන ඤාණචාරෙන ච චරන්තං. නාවජානාති සදෙවකොපි ලොකොති සබ්බො සපඤ්ඤජාතිකො සත්තලොකො සදෙවකොපි සබ්රහ්මකොපි න කදාචිපි අවජානාති න පරිභොති, අථ ඛො අයමෙව ලොකෙ අග්ගො සෙට්ඨො උත්තමො පවරොති ගරුං කරොන්තො සක්කච්චං පූජාසක්කාරනිරතො හොතීති.
තං නිත්තණ්හං මුනිං චරන්තං යනු හැම අයුරින්ම තෘෂ්ණා අභාවයෙන් තෘෂ්ණා රහිත වූයේ දෙලෝ මනින හෙයින් තමාගේ හා අනෙකාගේ යහපත මනින හෙයින් ද මුනි තෙම ඒකාන්තයෙන්ම සියලු සත්ත්ව හිත පිණිස සිව් ඉරියව්වෙන්ගෙන් නොයෙක් සමවත්හි හැසිරීම්වලින් අනෙකා හා සාධාරණ නුවූ ඥාන චාරයෙන් හැසිරෙන්නාහු, නව ජානාති සදෙවකොපි ලොකො යනු දෙවියන් සහිත, බ්‍රහ්මයින් සහිත උපත් සහිත සියලු සත්වලෝකයා කිසිකලෙකත් අවමන් නොකරයි. පරිභව නොකරයි. ඉක්බිති මොහුම ලෝකයෙහි අග්‍රය. ශ්‍රේෂ්ඨය. උතුම්ය. පවර යැයි ගරුකරනුයේ සකස්ව පූජා සත්කාරයෙහි නිරත වේ.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
8. කච්චානසුත්තවණ්ණනා
8. කච්චාන සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අජ්ඣත්තන්ති එත්ථ අයං අජ්ඣත්තසද්දො “ඡ අජ්ඣත්තිකානි ආයතනානී”තිආදීසු (ම· නි· 3.304) අජ්ඣත්තජ්ඣත්තෙ ආගතො. “අජ්ඣත්තා ධම්මා (ධ· ස· තිකමාතිකා 20), අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී”තිආදීසු (දී· නි· 2.373-374) නියකජ්ඣත්තෙ. “සබ්බනිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරතී”තිආදීසු (ම· නි· 3.187) විසයජ්ඣත්තෙ, ඉස්සරියට්ඨානෙති අත්ථො. ඵලසමාපත්ති හි බුද්ධානං ඉස්සරියට්ඨානං නාම. “තෙනානන්ද, භික්ඛුනා තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බ”න්තිආදීසු (ම· නි· 3.188) ගොචරජ්ඣත්තෙ. ඉධාපි ගොචරජ්ඣත්තෙයෙව දට්ඨබ්බො. තස්මා අජ්ඣත්තන්ති ගොචරජ්ඣත්තභූතෙ කම්මට්ඨානාරම්මණෙති වුත්තං හොති. පරිමුඛන්ති අභිමුඛං. සූපට්ඨිතායාති සුට්ඨු උපට්ඨිතාය කායගතාය සතියා. සතිසීසෙන චෙත්ථ ඣානං වුත්තං. ඉදං වුත්තං හොති “අජ්ඣත්තං කායානුපස්සනාසතිපට්ඨානවසෙන පටිලද්ධං උළාරං ඣානං සමාපජ්ජිත්වා”ති.
අටවැන්නෙහි අජ්ඣත්තං යන මෙහි මෙම අජ්ඣත්ත ශබ්දය ඡ අජ්ඣත්තිකානි ආයතනානි ආදීන්හි අජ්ඣත්තජ්ඣයෙහි ආයේය. අජ්ඣත්තා ධම්මා අජ්ඣත්තංවා අජ්ඣත්තංවා කායෙ කායානුපස්සී යනාදීන්හි ස්වකීය අධ්‍යාත්මයෙහි, සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරති ආදීන්හි විෂයධ්යාත්මයෙහි ඓශ්වර්යය ස්ථානයෙහි යැයි අර්ථයි. ඵල සමවත් වනාහි බුදුවරුන්ගේ ඓශ්වර්ය ස්ථාන නමැ. තෙනාන්ද භික්ඛුනා තස්මිං යෙව පුරිමස්මිං සමාධි නිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බං ආදීන්හි ගොචරධ්යාත්මයෙහිම දතයුතුය. මෙහිද ගෝචරධ්යාත්මයෙහිම දතයුතුය. එහෙයින් අජ්ඣත්තං යනු ගෝචරධ්‍යාත්ම වූ කමටහන් අරමුණෙහි යැයි යූ.සේයි. පරිමුඛං යනු අබිමුව සුපට්ඨිතාය යනු මනාව එළවන ලද කය අනුව ගිය සිහියෙන්, මෙහි සති ශීර්ෂයෙන් ධ්‍යානය යූ.සේයි. මෙය යූ.සේයි. අධ්‍යාත්ම කය අනුව බැලීම් සිහිය පිහිටුවීම් වශයෙන් මනාව ලබන ලද උදාර ධ්‍යානයට සමවැද
අයඤ්හි ථෙරො භගවති සාවත්ථියං විහරන්තෙ එකදිවසං සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො විහාරං පවිසිත්වා භගවතො වත්තං දස්සෙත්වා දිවාට්ඨානෙ දිවාවිහාරං නිසින්නො නානාසමාපත්තීහි දිවසභාගං වීතිනාමෙත්වා සායන්හසමයං විහාරමජ්ඣං ඔතරිත්වා භගවති ගන්ධකුටියං නිසින්නෙ “අකාලො තාව භගවන්තං උපසඞ්කමිතු”න්ති ගන්ධකුටියා අවිදූරෙ, අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ කාලපරිච්ඡෙදං කත්වා යථාවුත්තං සමාපත්තිං සමාපජ්ජිත්වා නිසීදි. සත්ථා තං තථානිසින්නං ගන්ධකුටියං නිසින්නොයෙව පස්සි. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකච්චානො…පෙ… සූපට්ඨිතායා”ති.
මෙම තෙරහු භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කල්හි, එක් දිනක් සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත, පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණියේ, වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේට වත් දක්වා, දිවාස්ථානයෙහි දිවා විහරණය සඳහා වැඩහුන්නේ නොයෙක් සමාපත්තීන්ගෙන් දහවල් කාලය ඉක්මවා සවස් කලැ විහාර මධ්‍යයට බැස භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන්නේ, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹීමට තවමත් නොකල්යයි ගඳකිළියට නුදුරෙහි, එක්තරා රුක්මුලෙකැ කල් පිරිසිඳීම කොට කියන ලද සමවතට සමවැද හුනි. ශාස්තෲන් වහන්සේ එසේ හුන්නහු, ගඳකිළියෙහි වැඩහුනුයේම දිටි සේක. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා මහා කච්චායනො -පෙ- සුපට්ඨිතායායි යූ.සේයි.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො මහාකච්චානත්ථෙරස්ස සතිපට්ඨානභාවනාවසෙන අධිගතං ඣානං පාදකං කත්වා සමාපජ්ජනං සබ්බාකාරතො විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු ආයුෂ්මත් මහාකච්චායන තෙරුන්ගේ එම සතිපට්ඨාන භාවනා වශයෙන් අවබෝධ කළ ධ්‍යානය පාදකකොට, සමවැදීම සර්වාකාරයෙන් දැන එකරුණ පැහැදිලි කිරීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ යස්ස සියා සබ්බදා සති, සතතං කායගතා උපට්ඨිතාති යස්ස ආරද්ධවිපස්සකස්ස එකදිවසං ඡ කොට්ඨාසෙ කත්වා සබ්බස්මිම්පි කාලෙ නාමරූපභෙදෙන දුවිධෙපි කායෙ ගතා කායාරම්මණා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අනිච්චාදිසම්මසනවසෙන සතතං නිරන්තරං සාතච්චාභියොගවසෙන සති උපට්ඨිතා සියා.
එහි යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා යනු යම් ආරබ්ධ විදර්ශකයෙකු හට එක්දිනක් කොටස් සයක් කොට, සියලුම කල්හි නාමරූප භේදයෙන් දෙවැදෑරුම් වූද, ශරීරය පිළිබඳ, ශරීරය අරමුණුකොට පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ අනිත්‍යාදී මෙනෙහි කිරීම් වශයෙන් නිතර, නිරන්තරයෙන් සත්‍යාවබෝධයෙහි යෙදෙන්නාක් මෙන්, සිහිය එළැඹ සිටියේ වේද?
අයං කිරායස්මා පඨමං කායගතාසතිකම්මට්ඨානවසෙන ඣානං නිබ්බත්තෙත්වා තං පාදකං කත්වා කායානුපස්සනාසතිපට්ඨානමුඛෙන විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පත්තො. සො අපරභාගෙපි යෙභුය්යෙන තමෙව ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය තථෙව ච විපස්සිත්වා ඵලසමාපත්තිං සමාපජ්ජති. ස්වායං යෙන විධිනා අරහත්තං පත්තො, තං විධිං දස්සෙන්තො සත්ථා “යස්ස සියා සබ්බදා සති, සතතං කායගතා උපට්ඨිතා”ති වත්වා තස්සා උපට්ඨානාකාරං විභාවෙතුං “නො චස්ස නො ච මෙ සියා, න භවිස්සති න ච මෙ භවිස්සතී”ති ආහ.
මේ ආයුෂ්මත් තෙමේ, ශරීරය පිළිබඳ සිහිය පැවැත්වීමේ කමටහන් වශයෙන් ධ්‍යාන උපදවා, එය පාදක කොට කායානුපස්සනා සීවටන් මුවින් විවසුන් පිහිටුවා අර්හත්වයට පැමිණියේය. හෙතෙම පසුකල්හිද බොහෝසෙයින් එම ධ්‍යානයට සමවැද නැගිට එසේම විදර්ශනා කොට ඵල සමවතට සමවදියි. ඒ මෙම ආයුෂ්මත් තෙමේ යම් ආකාරයකින් අර්හත්වයට පැමිණියේද, එම ක්‍රමය දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ ‘යමෙකුට හැමවිටම කායගතා සතිය එළඹ සිටින්නේ වේදැ’යි වදාරා එහි වැටහෙන ආකාරය පැහැදිලි කරන්ට, නො චස්ස නොච මෙසියා න භවිස්සති නච මෙ භවිස්සති යි වදාළේය.
තස්සත්ථො ද්විධා වෙදිතබ්බො සම්මසනතො පුබ්බභාගවසෙන සම්මසනකාලවසෙන චාති. තෙසු පුබ්බභාගවසෙන තාව නො චස්ස නො ච මෙ සියාති අතීතකාලෙ මම කිලෙසකම්මං නො චස්ස න භවෙය්ය චෙ, ඉමස්මිං පච්චුප්පන්නකාලෙ අයං අත්තභාවො නො ච මෙ සියා න මෙ උප්පජ්ජෙය්ය. යස්මා පන මෙ අතීතෙ කම්මකිලෙසා අහෙසුං, තස්මා තංනිමිත්තො එතරහි අයං මෙ අත්තභාවො පවත්තති. න භවිස්සති න ච මෙ භවිස්සතීති ඉමස්මිං අත්තභාවෙ පටිපක්ඛාධිගමෙන කිලෙසකම්මං න භවිස්සති න උප්පජ්ජිස්සති මෙ, ආයතිං විපාකවට්ටං න ච මෙ භවිස්සති න මෙ පවත්තිස්සතීති. එවං කාලත්තයෙ කම්මකිලෙසහෙතුකං ඉදං මය්හං අත්තභාවසඞ්ඛාතං ඛන්ධපඤ්චකං , න ඉස්සරාදිහෙතුකං, යථා ච මය්හං, එවං සබ්බසත්තානන්ති සප්පච්චයනාමරූපදස්සනං පකාසිතං හොති.
එහි අර්ථය දෙ අයුරකින් දතයුතුය. සම්මර්ශනයෙන්, පූර්වභාග වශයෙන් හා සම්මර්ශන කාල වශයෙනි. ඒවාහි පූර්වභාග වශයෙන් පළමුව, නොචස්ස නොච මෙ සියා යනු අතීත කාලයෙහි ක්ලේශ කර්ම මා හට නො චස්ස නොවී නම්, මේ වත්මන් කලැ මෙම ආත්මභාවය නොචමෙසියා මට නූපදින්නේය. යම්හෙයකින් මා හට අතීත කර්මක්ලේශ වූහුද, එහෙයින් ඒ නිමිතිකොට දැන් මා හට මෙම ආත්මභාවය පවතියි. න භවිස්සති නච මෙ භවිස්සති යනු මේ අත්බැව්හි ප්‍රතිපක්‍ෂතා පහවීමෙන්ම ක්ලේශ කර්ම නොවන්නේය. නූපදින්නේය. මත්තෙහි විපාක වට මා හට නොවන්නේය. මට නො පවතින්නේය. මෙසේ කාලත්‍රයයෙහි මා හට මේ කර්ම ක්ලේශ හේතුවෙන් හටගත් ආත්මභාව සංඛ්‍යාත ස්කන්ධ පංචකය හටගති. ඊශ්වර නිර්මාණ වශයෙන් නොවේ. මට යම්සේද සියලු සත්ත්වයින්ට එසේයයි ප්‍රත්‍යය සහිත නාමරූප දර්ශනය ප්‍රකාශකරන ලද්දේ වේ.
සම්මසනකාලවසෙන පන නො චස්ස නො ච මෙ සියාති යස්මා ඉදං ඛන්ධපඤ්චකං හුත්වා අභාවට්ඨෙන අනිච්චං, අභිණ්හපටිපීළනට්ඨෙන දුක්ඛං, අවසවත්තනට්ඨෙන අනත්තා, එවං යදි අයං අත්තා නාම නාපි ඛන්ධපඤ්චකවිනිමුත්තො කොචි නො චස්ස නො ච සියා න භවෙය්ය, එවං, භන්තෙ, නො ච මෙ සියා මම සන්තකං නාම කිඤ්චි න භවෙය්ය. න භවිස්සතීති අත්තනි අත්තනියෙ භවිතබ්බං යථා චිදං නාමරූපං එතරහි ච අතීතෙ ච අත්තත්තනියං සුඤ්ඤං, එවං න භවිස්සති න මෙ භවිස්සති, අනාගතෙපි ඛන්ධවිනිමුත්තො අත්තා නාම න කොචි න මෙ භවිස්සති න පවත්තිස්සති, තතො එව කිඤ්චි පලිබොධට්ඨානියං න මෙ භවිස්සති ආයතිම්පි අත්තනියං නාම න මෙ කිඤ්චි භවිස්සතීති. ඉමිනා තීසු කාලෙසු “අහ”න්ති ගහෙතබ්බස්ස අභාවතො “මම”න්ති ගහෙතබ්බස්ස ච අභාවං දස්සෙති. තෙන චතුක්කොටිකා සුඤ්ඤතා පකාසිතා හොති.
සම්මර්ශන කාල වශයෙන් වනාහි නො චස්ස නොච මෙ සියා යනු යම්හෙයකින් මෙම ස්කන්ධ පංචකය හටගෙන පැවත නොවීම් (නොපැවතීම්) අර්ථයෙන් අනිත්‍යය. නිතර තදින් පීඩා කරන අර්ථයෙන් දුක්ය. තම වසයෙහි නොපවත්නා අර්ථයෙන් අනාත්මයි. මෙය ස්කන්ධ පංචකයෙන් නිදහස් වූයේ නොවේ. ඉදින් එය එසේනම් මෙය ආත්මය නම් වේද, නොවේමය. කිසිවක් නො චස්ස නොවන්නේය. මෙසේ ඇතිකල්හි, නොච මෙ සියා මා සතු කිසිවක් නොවන්නේය. න භවිස්සතීති තමා කෙරෙහිම විය යුතුය. යම්සේ මෙම නාමරූප වත්මනැ පවතීද? අතීතයෙහිද ආත්මනීයත්වයෙන් ශූන්‍යය. මෙසේ නොවන්නේය. න මෙ භවිස්සති අනාගතයෙහිද ස්කන්ධ විනිර්මුක්ත ආත්මයක් නම් කිසිවෙකුටත් නොවන්නේය. මට හටද නොවන්නේය. නොපවතින්නේය. ඉක්බිති මෙසේ කිසි පළිබෝධ හේතුවක් මා හට නොවන්නේය. මත්තෙහිද ආත්මනීය නම්වූ කිසිවක් මා හට නොවන්නේ යයි මින් තෙකල්හි ගතයුතු දැයක අභාව හෙයින් මාගේ යයි ගතයුතු දැයක අභාවය දක්වයි. ඉන් සිව්කොන් ශූන්‍යතාවය ප්‍රකාශ කරන ලද්දේ වේ.
අනුපුබ්බවිහාරි තත්ථ සොති එවං තීසුපි කාලෙසු අත්තත්තනියං සුඤ්ඤතං තත්ථ සඞ්ඛාරගතෙ අනුපස්සන්තො අනුක්කමෙන උදයබ්බයඤාණාදිවිපස්සනාඤාණෙසු උප්පජ්ජමානෙසු අනුපුබ්බවිපස්සනාවිහාරවසෙන අනුපුබ්බවිහාරී සමානො. කාලෙනෙව තරෙ විසත්තිකන්ති සො එවං විපස්සනං මත්ථකං පාපෙත්වා ඨිතො යොගාවචරො ඉන්ද්රියානං පරිපාකගතකාලෙන වුට්ඨානගාමිනියා විපස්සනාය මග්ගෙන ඝටිතකාලෙන අරියමග්ගස්ස උප්පත්තිකාලෙන සකලස්ස භවත්තයස්ස සංතනනතො විසත්තිකාසඞ්ඛාතං තණ්හං තරෙය්ය, විතරිත්වා තස්සා පරතීරෙ තිට්ඨෙය්යාති අධිප්පායො.
අනුපුබ්බ විහාරි තත්ථසො යනු මෙසේ තෙකල්හිම ආත්ම, ආත්මනීය ශූන්‍යතාවයෙහි පිහිටි සංස්කාරගතයන් මනාව බලනුයේ, අනුක්රමයෙන් උදයව්‍යය ඥානාදී විදර්ශනා ඥානයන් උපදනා කල්හි අනුපූර්ව විදර්ශනා විහාර වශයෙන් අනුපූර්ව විහාරයෙක් වූයේ, කාලෙනෙව තරෙ විසත්තිකං යනු මෙසේ විදර්ශනාව මස්තකප්රාප්ත කොට සිටි එම යෝගාවචර තෙමේ ඉන්ද්රිය මුහුකුරා ගියකල්හි, වුට්ඨානගාමිනී විදර්ශනාවෙන් මාර්ගයෙන් උගුලුවා නොදැමූ කල්හි, ආර්ය මාර්ගෝත්පත්ති කල්හි සියලු භවත්රයයාගේ බැමි තුනීකරන හෙයින් විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේය. මනාව තරණය කොට පරතෙර සිටින්නේ යයි අදහසයි.
ඉති භගවා අඤ්ඤාපදෙසෙන ආයස්මතො මහාකච්චානස්ස අරහත්තුප්පත්තිදීපනං උදානං උදානෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රහත් බව දැක්වීමෙන් ආයුෂ්මත් මහා කච්චායන තෙරුන්ගේ අර්හත්වෝත්පත්ති සඳහා මෙඋදන් ඇනූ සේක.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.