දුතියභද්දියසුත්තං
7. 2.
7. 2.
දුතියභද්දියසුත්තං
ද්විතීය භද්දිය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ටකභද්දියං සෙක්ඛං මඤ්ඤමානො භිය්යොසොමත්තාය අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. අද්දසා ඛො, භගවා ආයස්මන්තං සාරිපුත්තං ආයස්මන්තං ලකුණ්ටකභද්දියං සෙඛං මඤ්ඤමානං භිය්යොසොමත්තාය අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙන්තං සමාදපෙන්තං සමුත්තෙජෙන්තං සම්පහංසෙන්තං.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එසමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්ෂකයකු කොට හඟිනුවෝ පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍යාදිය දක්වයි, ගන්වයි, එහි තියුණු කෙරෙයි, තුටු පහටු කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්ෂකයකු කොට හඟිමින් පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් අනිත්‍යාදිය දක්වන, ගන්වන, එහි තියුණු කෙරෙන, තුටු පහටු කරන සැරියුත් තෙරුන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි ම් උදන් ඇනූහ:
“අච්ඡෙච්ඡි වට්ටං බ්යාගා නිරාසං විසුක්ඛා සරිතා න සන්දති, ඡින්නං වට්ටං න වත්තති එසෙවන්තො දුක්ඛස්සා’ති.
“කෙලෙස්වට මුල් සින්දේ ය. නිරාශය (නිවන) අවබෝධ කෙළේ ය. තෘෂ්ණානදිය වියැලිණ. මෙයින් පසු එය නො ගලයි. (එහෙයින්) කම්වට නො පවතී. මෙය ම දුකේ කෙළවර යි.”