සත්තසුත්තං
7. 3.
7. 3.
සත්තසුත්තං
සක්ත සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියා මනුස්සා යෙභුය්යෙන කාමෙසු අතිවෙලං සත්තා රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා සම්මත්තකජාතා කාමෙසු විහරන්ති. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ සාවත්ථියා මනුස්සා යෙභුය්යෙන කාමෙසු අතිවෙලං සත්තා1 රත්තා ගිද්ධා ගථිතා2 මුච්ඡිතා අජ්ඣොපන්නා සම්මත්තකජාතා3 කාමෙසු විහරන්තී’ති.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බොහෝ සෙයින් අධික වෙලාවක් (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජුවූවාහු වෙළුණාහු මුසපත් වූවාහු ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙත්. එ කල්හි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ, පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම ඒ භික්ෂූහු “වහන්ස, මෙහි සැවැත්හි මිනිස්සු බෙහෙවින් අධික වේලා (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු, ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා සඤ්ඤොජනෙ වජ්ජමපස්සමානා, න හි ජාතු සඤ්ඤොජනසඞ්ගසත්තා ඔඝං තරෙය්යුං විපුලං මහන්තං”ති.
“වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු, වස්තුකාමයන්හි රාගාදි සඞ්ගවලින් ලැගුණු, සංයෝජනයෙහි (කාමරාගාදි ක්ලේශ සමූහයෙහි) දොස් නො දක්නා, සංයෝජන සඞ්ඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමික ධර්මයන්හි ඇලුණු සත්ත්වයෝ පතළා වූ මහත් වූ කාමාදි ඕඝය කිසි කලෙකත් තරණය කට හැකි නො වන්නාහ.”