දුතියසත්තසුත්තං
7. 4.
7. 4.
දුතියසත්තසුත්තං
දෙවෙනි සක්ත සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියා මනුස්සා යෙභුය්යෙන කාමෙසු සත්තා රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අන්ධීකතා සම්මත්තකජාතා කාමෙසු විහරන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සාවත්ථියා තෙ මනුස්සෙ යෙභුය්යෙන කාමෙසු සත්තෙ රත්තෙ ගිද්ධෙ ගථිතෙ2 මුච්ඡිතෙ අජ්ඣොපන්නෙ අන්ධීකතෙ සම්මත්තකජාතෙ7 කාමෙසු විහරන්තෙ.
1. මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ කල්හි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බෙහෙවින් කාමයන්හි ඇලුණෝ රැඳුණෝ ගිජුවූවෝ ගෙතුණෝ මුස පත් වූවෝ ගැලුණෝ අන්ධ බවට පමුණුවන ලදුවෝ, කාමයන්හි ඉතා මත්වූවෝ වෙසෙත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැතට පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන් සැවැතෙහි බෙහෙවින් කාමයන්හි ඇළුණවුන් රැඳුණවුන් ගිජුවූවන් ගෙතුණවුන් මුස පත්වූවන් ගැලුණවුන් අන්ධබවට පමුණුවන ලැබුවන්, කාමයන්හි ඉතා මත්වූවන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“කාමන්ධා ජාලසඤ්ඡන්නා, තණ්හාඡදනඡාදිතා, පමත්තබන්ධුනා බද්ධා මච්ඡා’ව කුමිනාමුඛෙ, ජරාමරණං ගච්ඡන්ති වච්ඡො ඛීරූපකොව මාතරං”ති.
“කාමයෙන් අන්ධ වූ, තෘෂ්ණාදැලින් වැසුණු, තෘෂ්ණා සෙවෙණියන් වසා ගන්නා ලද, මරහු විසින් බඳනා ලද සත්හු කෙමනමුවට වන් මසුන් මෙන් කිරිබොන වස්සා මව අනුව යන්නාක් මෙන් ජරාමරණය කරා යෙත්.”