පඨමභද්දියසුත්තං
7. 1.
7. 1.
පඨමභද්දියසුත්තං
ප්‍රථම භද්දිය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ටකභද්දියං අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. අථ ඛො ආයස්මතො ලකුණ්ටකභද්දියස්ස ආයස්මතා සාරිපුත්තෙන අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සියමානස්ස සමාදපියමානස්ස සමුත්තෙජියමානස්ස සම්පහංසියමානස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ලකුණ්ටකභද්දියං ආයස්මතා සාරිපුත්තෙන අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සියමානං සමාදපියමානං සමුත්තෙජියමානං සම්පහංසියමානං, අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං විමුඤ්චමානං.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුනට නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍ය ලක්ෂණාදිය දක්වති. තිලකුණු අරමුණු කොටැති විවසුන් ගන්වති. එහි ඔවුන් සිත තියුණු කරති. එහි ඔවුන් සිත තුටුපහටු කරවති. ඉක්බිත්තෙන් සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් ත්රිලක්ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටුපහටු කරනු ලබන ලකුණ්ටකභද්දිය තෙරුන්ගේ සිත ආස්‍රවයන් කෙරෙන් මිදුණේ ය. භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්යලක්ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටු කරවනු ලබන, උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් සිත මුදාලන ලකුණ්ටකභද්දිය තෙරුන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“උද්ධං අධො සබ්බධි විප්පමුත්තො අයමහමස්මී’ති අනානුපස්සී. එවං විමුත්තො උදතාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවායා”ති.
“උඩ රූපාරූප ලෝකයෙහි ද, යටැ කාම ලෝකයෙහි ද සියලු සංස්කාරයෙහි හැම අයුරෙන් ම (කෙලෙසුන්ගෙන්) මිදුණු (රූපාදියෙහි) “මේ මම් වෙමි”යි නො දක්නා, මෙසේ මිදුණු රහත් තෙමේ පෙර තරණය නො කළ කාමාදි චතුර්විධ ඕඝය නැවත සසරැ නො වනු පිණිස (හෙවත් නිවන් පිණිස) තරණය කොට එ ගොඩැ සිටියේ ය.”