තථාගතුප්පාදසුත්තං
6. 10.
6. 10.
තථාගතුප්පාදසුත්තං.
තථාගතොත්පාද සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: යාවකීවඤ්ච භන්තෙ, තථාගතා ලොකෙ නූප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, තාව අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සක්කතා හොන්ති ගරුකතා මානිතා පූජිතා අපචිතා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. යතො ච ඛො භන්තෙ, තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, අථ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. භගවා යෙව’දානි භන්තෙ, සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, භික්ඛුසඞ්ඝො චාති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ කල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳැ එක්පසෙක හුන්හ. එක්පසෙකැ හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, යම් තාක් කල් ම තථාගත අර්හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර ලද්දාහු ගුරුකාර ලද්දාහු බුහුමන් ලද්දාහු පුදනු ලද්දාහු යටත් පැවතුම් ලද්දාහු සිවුරුපිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝ වෙත්. වහන්ස, යම් කලෙක්හි ම තථාගත අර්හත් සම්‍යක් සම්බුදුවරු ලොව උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නො ලද්දෝ, ගුරුකාර නො ලද්දෝ, බුහුමන් නො ලද්දෝ, නො පුදනු ලද්දෝ, යටත් පැවතුම් නො ලද්දෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් ම සත්කාර ලද්දෝත්, ගුරුකාර ලද්දෝත්, බුහුමන් ලද්දෝත්, පුදනු ලද්දෝත්, යටත් පැවතුම් ලද්දෝත්, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝත් වෙතී.” යනු යි.
2. එවමෙතං ආනන්ද, යාවකීවඤ්ච ආනන්ද, තථාගතා ලොකෙ නුප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා. තාව අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සක්කතා හොන්ති ගරුකතා මානිතා පූජිතා අපචිතා, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. යතො ච ඛො ආනන්ද, තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, අථ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. තථාගතො’ව’දානි සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො. ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, භික්ඛුසඞ්ඝො චාති.3
2. “අනඳයෙනි, එය එසේ ය. අනඳයෙනි, යම්තාක් කල් ම ලොවැ තථාගත අර්හත් සම්‍යක් සම්බුදුවරු නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්යෝ සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ලබන සුල්ලෝ ද වෙති. එහෙත් අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ උපදිද් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. දැන් තථාගත තෙමේත් භික්ෂූ සඞ්ඝයාත් ම සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද, චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ලබන සුලු වෙති”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“ඔභාසති තාව සො කිමි යාව න උග්ගමති පභඞ්කරො, වෙරොචනම්හි උග්ගතෙ හතප්පභො හොති න චාපි භාසති.
“යම් තාක් හිරු නො නඟී ද, එ තාක් කල් ඒ කදෝපැණි තෙම බබලයි. හිරු නැගි කල්හි කදෝපැණි තෙම නටුවා වූ ප්‍රභා ඇත්තේ වේ. නො ද බබලයි.
එවං ඔභාසිතමෙව තක්කිකානං යාව සම්මාසම්බුද්ධා ලොකෙ නුප්පජ්ජන්ති, න තක්කිකා සුජ්ඣන්ති න චාපි සාවකා දුද්දිට්ඨී න දුක්ඛා පමුච්චරෙ”ති.
එසේ යම් තාක් කල් සම්මාසම්බුදුහු ලොවැ නො උපදිත් ද ඒ තාක් ම තාර්කික වූ තීර්ත්ථකයන්ගේ බැබලීම වේ. (යම් කලෙක බුදුහු පහළ වෙත් ද එ කල්හි) තාර්කිකයෝ (දෘෂ්ටිගතිකයෝ) නො බබලත්. ඔහු සව්වෝ ද නො බබලත්. මිසදිටු ගත් ඔහු දුකින් නො මිදෙත්.”
ජච්චන්ධවග්ගො ඡට්ඨො.
සවන ජාත්යන්ධවර්ගය යි.
තස්සුද්දානං
එහි උද්දානය:
ආයු ජටිල වෙක්ඛණ තීණි තිත්ථියා සුභූති. ගණිකා උපාති නවමො උප්පජ්ජන්ති’ති තෙදස.
ආයු ජටිල පච්චවෙක්ඛණ යන සූත්‍ර ද, තීර්ත්ථක සූත්‍ර තුන ද, සුභූති ගණිකා හා නවවන උපාතිධාවන සූත්‍රය ද , තථාගතුප්පාද සූත්‍රය දැ යි ඒ සූත්රදශ දෙනෙකි.