5. දුතියනානාතිත්ථියසුත්තවණ්ණනා අට්ඨකථා
5. දුතියනානාතිත්ථියසුත්තවණ්ණනා
5. ද්විතීයනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සස්සතො අත්තා ච ලොකො චාති රූපාදීසු අඤ්ඤතරං අත්තාති ච ලොකොති ච ගහෙත්වා තං සස්සතං නිච්චන්ති අඤ්ඤෙපි ච තථා ගාහෙන්තා වොහරන්ති. යථාහ –
පස්වැන්නෙහි, සස්සතො අත්තාච ලොකොච යනු රූපාදීන් අතර එක්තරා එකක්, ආත්මයැයිද, ලෝකය යැයිද සංග්‍රහකොට එය ශාස්වතය. නිත්‍යයැයි ද, අනෙක්වාද එසේ ගන්නාහු වහරත්. යම්සේ වනාහි -
“රූපං අත්තා චෙව ලොකො ච සස්සතො චාති අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති. වෙදනං… සඤ්ඤං… සඞ්ඛාරෙ… විඤ්ඤාණං අත්තා ච ලොකො ච සස්සතො චාති අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්තී”ති.
රූපය ආත්මයැයි ද ලෝකය යැයි ද, ශාස්වත යැයි ද තමා ද ලෝකය ද පණවත්. එසේම, වේදනාව, සංඥාව, සංස්කාරයන්, විඤ්ඤාණය ආත්මය යැයි ද ලෝකය යැයි ද පණවත්.
අථ වා අත්තාති අහඞ්කාරවත්ථු, ලොකොති මමඞ්කාරවත්ථු, යං “අත්තනිය”න්ති වුච්චති. අත්තාති වා සයං, ලොකොති පරො. අත්තාති වා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු එකො ඛන්ධො, ඉතරො ලොකො . අත්තාති වා සවිඤ්ඤාණකො ඛන්ධසන්තානො, අවිඤ්ඤාණකො ලොකො. එවං තං තං අත්තාති ච ලොකොති ච යථාදස්සනං ද්විධා ගහෙත්වා තදුභයං “නිච්චො ධුවො සස්සතො”ති අභිනිවිස්ස වොහරන්ති. එතෙන චත්තාරො සස්සතවාදා දස්සිතා. අසස්සතොති සත්තපි උච්ඡෙදවාදා දස්සිතා. සස්සතො ච අසස්සතො චාති එකච්චො අත්තා ච ලොකො ච සස්සතො, එකච්චො අසස්සතොති එවං සස්සතො ච අසස්සතො චාති අත්ථො. අථ වා ස්වෙව අත්තා ච ලොකො ච අත්තගතිදිට්ඨිකානං විය සස්සතො ච අසස්සතො ච, සියා සස්සතොති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. සබ්බථාපි ඉමිනා එකච්චසස්සතවාදො දස්සිතො. නෙව සස්සතො නාසස්සතොති ඉමිනා අමරාවික්ඛෙපවාදො දස්සිතො. තෙ හි සස්සතවාදෙ අසස්සතවාදෙ ච දොසං දිස්වා “නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො චා”ති වික්ඛෙපං කරොන්තා විවදන්ති.
නොහොත් අත්තා යනු මම යන හැඟීමයි. ලොකො යනු මගේය යන හැඟීමයි. යමක් තමාට අයත් යයි කියයි ද එයයි. තෙමේ ආත්මයැයි සලකා හෝ අනෙකා ලෝකයැයි කියා හෝ සැලකීම, පංච උපාදාන ස්කන්ධයන්හි එක් ස්කන්ධයක් ආත්මයැයි අනෙක්වා ලෝකය යැයි ද, සවිඤ්ඤාණක ස්කන්ධ පැවැත්ම ආත්මයැයි කියා හෝ අවිඤ්ඤාණක ස්කන්ධ පැවැත්ම ලෝකය යැයි කියාද, මෙසේ ආත්මයැයි, ලෝකය යැයි යන්න තම දැක්ම පරිදි, දෙයාකාරයෙන් ගෙන, එම ද්වයය නිත්‍යය. තිරය ශාස්වතයැයි සිත පිහිටුවා වහරත්. ඉන් සිව් ශාස්වත වාද දක්වන ලදහ. අසස්සතො යනු සත්වැදෑරුම් උච්ඡේද වාද දක්වන ලදහ. සස්සතොච අසස්සතොච යනු ඇතැමෙක් ලෝකයද, ආත්මයද ශාස්වත යැයි ද ඇතැමෙක් අශාස්වතයැයිද මෙසේ ශාස්වතද, අශාස්වත දැයි අර්ථයි. නොහොත් එයම ආත්මයද ලෝකයද, ආත්ම භංග දෘෂ්ටිකයින්ගේ මෙන් ශාස්වතද අශාස්වතද වන්නේය. ශාස්වතයැයි යන මෙහි අර්ථය මෙසේ දතයුතුය. සබ්බථා යන මෙයින් ඇතැම් ශාස්වත වාදය දක්වන ලදි. නෙව සස්සතො නාසස්සතො මෙයින් අමරා වික්ෂෙපවාදය දක්වන ලදි. ඔවුහු විසින් ශාස්වත වාදයෙහිද අශාස්වත වාදයෙහිද දොස් දැක, ආත්මයද ලෝකයද ශාස්වත නොවේය. අශාස්වත නොවේයයි වික්ෂේප කරන්නාහු හැසිරෙති.
සයංකතොති අත්තනා කතො. යථා හි තෙසං තෙසං සත්තානං අත්තා ච අත්තනො ධම්මානුධම්මං කත්වා සුඛදුක්ඛානි පටිසංවෙදෙති, එවං අත්තාව අත්තානං තස්ස ච උපභොගභූතං කිඤ්චනං පලිබොධසඞ්ඛාතං ලොකඤ්ච කරොති, අභිනිම්මිනාතීති අත්තලද්ධි විය අයම්පි තෙසං ලද්ධි. පරංකතොති පරෙන කතො, අත්තතො පරෙන ඉස්සරෙන වා පුරිසෙන වා පජාපතිනා වා කාලෙන වා පකතියා වා අත්තා ච ලොකො ච කතො , නිම්මිතොති අත්ථො. සයංකතො ච පරංකතො චාති යස්මා අත්තානඤ්ච ලොකඤ්ච නිම්මිනන්තා ඉස්සරාදයො න කෙවලං සයමෙව නිම්මිනන්ති, අථ ඛො තෙසං තෙසං සත්තානං ධම්මාධම්මානං සහකාරීකාරණං ලභිත්වාව, තස්මා සයංකතො ච පරංකතො ච අත්තා ච ලොකො චාති එකච්චානං ලද්ධි. අසයංකාරො අපරංකාරොති නත්ථි එතස්ස සයංකාරොති අසයංකාරො, නත්ථි එතස්ස පරකාරොති අපරකාරො. අනුනාසිකාගමං කත්වා වුත්තං “අපරංකාරො”ති. අයං උභයත්ථ දොසං දිස්වා උභයං පටික්ඛිපති. අථ කථං උප්පන්නොති ආහ – අධිච්චසමුප්පන්නොති යදිච්ඡාය සමුප්පන්නො කෙනචි කාරණෙන විනා උප්පන්නොති අධිච්චසමුප්පන්නවාදො දස්සිතො. තෙන ච අහෙතුකවාදොපි සඞ්ගහිතො හොති.
සයංකතො යනු තමා විසින් කරන ලද, යම්සේ ඒ ඒ සත්ත්වයින්ගේ ආත්මයද, තමාගේ ධර්මයට අනුව කටයුතු කොට සුවදුක් විඳියි. මෙසේ තමා විසින් තමාටද, ඔහුටද පරිභෝග කළයුතු පළිබෝධ සංඛ්‍යාත කිසිවක් නොමැති ලෝකයක් කරයි. අභිනිම්මිනාති යනු ආත්ම ලබ්ධිය මෙන් මෙයද ඔවුන්ගේ ලබ්ධියයි. පරකතො යනු අන්‍යයා විසින් කරන ලද, අර්ථ වශයෙන් වනාහි අන්‍යයා විසින්, ඊශ්වර දෙවියා විසින්, පුරුෂයෙක් විසින් බ්‍රහ්මයා විසින්, කාලය විසින්, ප්‍රකෘතියෙන් හෝ ආත්මයද, ලෝකයද කරන ලදි. නිර්මිත යැයි අර්ථයි. සයංකතො පරකතො වා යනු ආත්මයද ලෝකයද නිර්මාණය කරන්නා වූ ඊශ්වරාදීහු හුදෙක් තෙමේම නිර්මාණය නොකරත්. තවද, ඒ ඒ සත්ත්වයින්ගේ ධර්මාධර්මයන්ද කරුණු නොකරුණුද ලැබ නිර්මාණය කරති. එහෙයින් ආත්මයද ලෝකයද තමා විසින් කරන ලදුයේද අනෙකා විසින් කරන ලදුයේ යැයිද ඇතැමුන්ගේ ලබ්ධියයි. අසයංකාරො අපරංකාරො යනු එයට ස්වයංකාරයක් නැත්තේනුයි අසයංකාරයි. එයට අන්යකාරකයක් නැත්තේනුයි අපරංකාරොයි. අනුනාසිකාගමනය කොට අපරංකාරොයි යූ.සේයි. මෙතෙමේ දෙතැන්හිම දොස් දැක ද්වයයම පිළිකෙව් කරයි. එසේ කල්හි කෙසේ උපන්නේදැයි කියයි. අධිච්ච සමුප්පන්නො යනු කැමැත්ත පරිදි හටගත්, කිසි හේතුවකින් තොරව හටගත්තේනුයි අධිච්ච සමුප්පන්නවාදය දක්වන ලදි. ඉන් අහේතුක වාදයද සංග්‍රහ කරන ලදුයේ වේ.
ඉදානි යෙ දිට්ඨිගතිකා අත්තානං විය සුඛදුක්ඛම්පි තස්ස ගුණභූතං කිඤ්චනභූතං වා සස්සතාදිවසෙන අභිනිවිස්ස වොහරන්ති, තෙසං තං වාදං දස්සෙතුං “සන්තෙකෙ සමණබ්රාහ්මණා”තිආදි වුත්තං. තං වුත්තනයමෙව.
දෘෂ්ටි ගතිකයෝ සුවදුක් ආත්මය මෙන්ද, එයට වැඩි වූද ස්වල්ප වූද සියල්ල ශාස්වතාදී වශයෙන් පිහිටුවා වහරති. ඔවුන්ගේ එම වාදය දක්වන්ට, සන්තෙකෙ සමණ බ්‍රාහ්මණ ආදිය යූ.සේයි. එය යූ.සේමය.
එතමත්ථං විදිත්වාති එත්ථ පන ඉධ ජච්චන්ධූපමාය අනාගතත්තා තං හිත්වා හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො යොජෙතබ්බො, තථා ගාථාය.
එතමත්ථං විදිත්වා යන මෙහි ජාත්යන්ධොපමාවෙන් නොපැමිණි හෙයින් එය හැර යට කියන ලද ක්‍රමයෙන්ම අර්ථය යෙදිය යුතුය. එහි ගාථායෙහි
තත්ථ අන්තරාව විසීදන්ති, අපත්වාව තමොගධන්ති අයං විසෙසො. තස්සත්ථො – එවං දිට්ඨිගතෙසු දිට්ඨිනිස්සයෙසු ආසජ්ජමානා දිට්ඨිගතිකා කාමොඝාදීනං චතුන්නං ඔඝානං, සංසාරමහොඝස්සෙව වා අන්තරාව වෙමජ්ඣෙ එව යං තෙසං පාරභාවෙන පතිට්ඨට්ඨෙන වා ඔගධසඞ්ඛාතං නිබ්බානං තදධිගමූපායො වා අරියමග්ගො තං අප්පත්වාව අනධිගන්ත්වාව විසීදන්ති සංසීදන්ති. ඔගාධන්ති පතිට්ඨහන්ති එතෙන, එත්ථ වාති ඔගාධො, අරියමග්ගො නිබ්බානඤ්ච. ඔගාධමෙවෙත්ථ රස්සත්තං කත්වා ඔගධන්ති වුත්තං. තං ඔගධං තමොගධන්ති පදවිභාගො.
අන්තරාව විසීදන්ති - අප්පත්‍ථාව තමොගධං මේ විශේෂයයි. මෙසේ දෘෂ්ටිගතයන්හි, දෘෂ්ටි නිශ්රයයන්හි ගැටෙන්නා වූ දෘෂ්ටිගතිකයෝ කාමොඝාදී වූ සතර ඕඝයන්ගේ හෝ සංසාර මහා ඕඝයාගේම අතරත - මධ්‍යයෙහිම, යම් ආකාර වූ ඔවුන්ගේ වාද අභාවයෙන් පිහිටීම් අර්ථයෙන් හෝ බැසගැනීම් සංඛ්‍යාත නිර්වාණය හෝ එය අවබෝධයට උපාය වූ ආර්ය මාර්ගය හෝ යන මෙයින් එකකට හෝ නොපැමිණම අවබෝධ නොකරම ගිලාබසියි. ගැලෙයි. එයින් මෙහි බසිත්. පිහිටත්නුයි ඔගධයි. ආර්ය මාර්ගයද නිර්වාණයද වේ. මෙහි ඔගාධයන් හ්‍රස්වකොට ඔගධං යි යූ.සේයි. තං+ඔගධං = තමොගධංයි පද බෙදීමයි.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
6. තතිය නානාතිත්ථියසුත්තවණ්ණනා
6. තෘතීයනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සබ්බං හෙට්ඨා වුත්තනයමෙව. ඉමං උදානන්ති එත්ථ පන දිට්ඨිතණ්හාමානෙසු දොසං දිස්වා තෙ දූරතො වජ්ජෙත්වා සඞ්ඛාරෙ යථාභූතං පස්සතො ච තත්ථ අනාදීනවදස්සිතාය මිච්ඡාභිනිවිට්ඨස්ස යථාභූතං අපස්සතො ච යථාක්කමං සංසාරතො අතිවත්තනානතිවත්තනදීපකං ඉමං උදානං උදානෙසීති අත්ථො යොජෙතබ්බො.
සවැන්නෙහි සියල්ල යට කියන ලද ක්‍රමයමය. ඉමං උදානං යන මෙහි දෘෂ්ටි, තෘෂ්ණා මානයන්හි දොස් දැක ඒවා දුරදීම අත්හැර සංස්කාරයන් තත්වාකාරයෙන් දක්නේද එහි ආදීනව නොවන ආකාරයෙන් දක්වන ලද හෙයිාන්, වැරදි අයුරින් සිත පිහිටවූ තත්වාකාරයෙන් නොදක්නහුට, ක්‍රමානුකූලව සසරින් ඉක්මවා යාම්, නොඉක්මවා යාම් ආදිය දැක්වීමට මෙ උදන් ඇනූ සේකැයි අර්ථය යෙදිය යුතුය.
තත්ථ අහඞ්කාරපසුතායං පජාති “සයංකතො අත්තා ච ලොකො චා”ති එවං වුත්තසයංකාරසඞ්ඛාතං අහඞ්කාරං තථාපවත්තං දිට්ඨිං පසුතා අනුයුත්තා අයං පජා මිච්ඡාභිනිවිට්ඨො සත්තකායො. පරංකාරූපසංහිතාති පරො අඤ්ඤො ඉස්සරාදිකො සබ්බං කරොතීති එවං පවත්තපරංකාරදිට්ඨිසන්නිස්සිතා තාය උපසංහිතාති පරංකාරූපසංහිතා. එතදෙකෙ නාබ්භඤ්ඤංසූති එතං දිට්ඨිද්වයං එකෙ සමණබ්රාහ්මණා තත්ථ දොසදස්සිනො හුත්වා නානුජානිංසු. කථං? සති හි සයංකාරෙ කාමකාරතො සත්තානං ඉට්ඨෙනෙව භවිතබ්බං, න අනිට්ඨෙන. න හි කොචි අත්තනො දුක්ඛං ඉච්ඡති, භවති ච අනිට්ඨං, තස්මා න සයංකාරො. පරංකාරොපි යදි ඉස්සරහෙතුකො, ස්වායං ඉස්සරො අත්තත්ථං වා කරෙය්ය පරත්ථං වා. තත්ථ යදි අත්තත්ථං, අත්තනා අකතකිච්චො සියා අසිද්ධස්ස සාධනතො. අථ වා පරත්ථං සබ්බෙසං හිතසුඛමෙව නිප්ඵජ්ජෙය්ය, න අහිතං දුක්ඛං නිප්ඵජ්ජති, තස්මා ඉස්සරවසෙන න පරංකාරො සිජ්ඣති. යදි ච ඉස්සරසඞ්ඛාතං අඤ්ඤනිරපෙක්ඛං නිච්චමෙකකාරණං පවත්තියා සියා, කම්මෙන උප්පත්ති න සියා, සබ්බෙහෙව එකජ්ඣං උප්පජ්ජිතබ්බං කාරණස්ස සන්නිහිතත්තා. අථස්ස අඤ්ඤම්පි සහකාරීකාරණං ඉච්ඡිතං, තඤ්ඤෙව හෙතු, කිං ඉස්සරෙන අපරිනිට්ඨිතසාමත්ථියෙන පරිකප්පිතෙන. යථා ච ඉස්සරහෙතුකො පරංකාරො න සිජ්ඣති, එවං පජාපතිපුරිසපකතිබ්රහ්මකාලාදිහෙතුතොපි න සිජ්ඣතෙව තෙසම්පි අසිද්ධත්තා වුත්තදොසානතිවත්තනතො ච. තෙන වුත්තං “එතදෙකෙ නාබ්භඤ්ඤංසූ”ති. යෙ පන යථාවුත්තෙ සයංකාරපරංකාරෙ නානුජානන්තාපි අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, තෙපි න නං සල්ලන්ති අද්දසුං අධිච්චසමුප්පන්නන්තිවාදිනොපි මිච්ඡාභිනිවෙසං අනතික්කමනතො යථාභූතං අජානන්තානං දිට්ඨිගතං තත්ථ තත්ථ දුක්ඛුප්පාදනතො විජ්ඣනට්ඨෙන “සල්ල”න්ති න පස්සිංසු.
එහි අහංකාර පසුතා අයං පජා යනු ආත්මයද, ලෝකයද ස්වයංකෘත යැයි මෙසේ කියන ලද, මවිසින් කරන ලදැයි එසේ පැවැති දෘෂ්ටියෙහි පසුතා අනුයුක්ත වූවාහු, අයංපහි යනු මිථ්‍යාවන්හි සිත පිහිටුවා ගත් සත්ත්ව සමූහය පරංකාරූප සංහිතා යනු අන්‍ය ඊශ්වරාදීහු සියල්ල කරයි යයි මෙසේ පැවති කාරකයා අනෙකා ලෙස පවත්නා දෘෂ්ටිනිශ්රිත ඒ හා යෙදුනේනුයි පරංකාර උපසංහිතායි. එතදෙකෙ නාබ්භඤ්ඤිංසු යනු එම දෘෂ්ටි ද්වයය ඇතැම් මහණ බමුණෝ දොස් දක්නාවී නොඅනුදත්හ. කෙසේද? සිහිය ස්වයංකාර වූයේ ක්‍රියා කරනුයේ සත්ත්වයින්ට යහපතක්ම විය යුතුය. අනිෂ්ඨයෙන් නොවිය යුතුය. කිසිවෙකුත් තම දුක නොකැමැති වේ. නොකැමැති තත්ත්වයන්ද සිදුවේ. එහෙයින් සයංකාරය නොමැනවි. පරංකාරයෙහිද ඉදින් ඊශ්වර හේතුක වේද, ඒ මෙම ඊශ්වරයා ආත්මාර්ථය හෝ පරාර්ථය කරන්නේය. එහි ඉදින් ආත්මාර්ථය සඳහා වනවිට, නොසිදුවූ දෑ ඉටුවන හෙයින් තමා විසින් නොකළ කෘත්‍යය වන්නේය. නොහොත් පරාර්ථයෙහි සියල්ලන්ගේ හිතසුවයම නිපැයෙන්නේ ය. අහිතක්, දුකක් නො නිපැයේ. එහෙයිාන් ඊශ්වර වශයෙන් පරංකාරය සිදුවේ යයිද, තවද ඊශ්වර සංඛ්‍යාත අනෙකක් නිරපේක්ෂ වූයේ, නිත්යයෙන්ම කරුණු පැවැත්මෙහි වන්නේය. කර්මයෙන් උපත් නොවන්නේය. කරුණු සන්නිශ්‍රිත හෙයින් සියල්ලම එක තැනක ඉපදිය යුතුය. ඉක්බිති ඔහුට අන්‍ය වූද සමග කරන කරුණක් කැමැති වේද, එයම වේවා. ඊශ්වරගෙන් කවර ප්‍රයෝජනද, නොනිමි හැකියාවෙන් පරිකල්පිතයෙන් ඊශ්වර හේතුක පරංකාරය සිදු නොවේද? මෙසේ මැවුම්කරු පුරිස, ප්‍රකෘති, බ්රහ්මකාල ආදී හේතුවෙන් සිදු නොවේ. ඒවාහිද සිදුනොවූ හෙයින් කියන ලද දොස් නොඉක්මවන හෙයින්ද වේ. එහෙයින් එතදෙකෙ නාබ්භඤ්ඤංසුයි යූ.සේයි. කියන ලද පරිදි - සයංකාර, පරංකාරයන් නොඅනුදන්නවුන්ද, ආත්මයද, ලෝකයද හේතුවක් නොමැතිව හටගත්තේ යයි පණවත්. ඔව්හුද නනං සල්ලන්ති අද්දසුං යනු හේතුවක් නොමැතිව හටගත්තේ යයි කියන්නෝද වැරදි සිත පිහිටුවා ගැනීම් නොඉක්මවනුයේ තත්වාකාරයෙන් නොදන්නාහු එම දෘෂ්ටිගතය ඒ ඒ තන්හි දුක් උපදවන හෙයින් විදීම් අර්ථයෙන් හුලෙකැයි නොදුටුහ.
එතඤ්ච සල්ලං පටිකච්ච පස්සතොති යො පන ආරද්ධවිපස්සකො පඤ්චපි උපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො සමනුපස්සති, සො එතඤ්ච තිවිධං විපරීතදස්සනං අඤ්ඤඤ්ච සකලං මිච්ඡාභිනිවෙසං තෙසඤ්ච නිස්සයභූතෙ පඤ්චුපාදානක්ඛන්ධෙපි තුජ්ජනතො දුරුද්ධාරතො ච “සල්ල”න්ති පටිකච්ච පුබ්බෙයෙව විපස්සනාපඤ්ඤාය පස්සති. එවං පස්සතො අරියමග්ගක්ඛණෙ එකන්තෙනෙව අහං කරොමීති න තස්ස හොති. යථා ච අත්තනො කාරකභාවො තස්ස න උපට්ඨාති, එවං පරො කරොතීති න තස්ස හොති, කෙවලං පන අනිච්චසඞ්ඛාතං පටිච්චසමුප්පන්නධම්මමත්තමෙව හොති. එත්තාවතා සම්මාපටිපන්නස්ස සබ්බථාපි දිට්ඨිමානාභාවොව දස්සිතො. තෙන ච අරහත්තප්පත්තියා සංසාරසමතික්කමො පකාසිතො හොති.
එතඤ්ච සල්ලං පටිගච්ච පස්සතො යනු ආරබ්ධ විදර්ශක යමෙක් වනාහි, පස්වැදෑරුම් වූම උපාදානස්කන්ධයන්හි අනිත්‍යය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනාසේ දකීද, හෙතෙම එතඤ්ච තෙවැදෑරුම් විපරීත දර්ශනයද, අන්‍ය වූද සියලු වැරදි සිත පිහිටුවා ගැනීමද, ඒවාට නිශ්‍රය වූ පංච උපාදානස්කන්ධයන්ද විදින හෙයින්ද, දුකසේ උදුරා දැමිය යුතු හෙයින්ද හුලෙකැයිද, පටිගච්ච කල් ඇතිවම විදර්ශනා ප්‍රඥායෙන් බලයි. මෙසේ දක්නහුට ආර්යමාර්ග ක්ෂණයෙහි ඒකාන්තයෙන්ම අහංකරොමීති න තස්සහොති යම්සේ තමාගේ කාරකභාවය ඔහුට නොවැටහේ. මෙසේ පරො කරොතීති න තස්ස හොති හුදෙක් අනිත්‍ය සංඛ්‍යාත ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මමාත්රයම වේ. මෙතෙකින් සර්වප්‍රකාරයෙන්ම දෘෂ්ටිමාන අභාවය දක්වන ලදි. එයින්ම අර්හත්ව ප්රාප්තියෙන් සංසාර සමතික්‍රමණය ප්‍රකාශ කරන ලද්දේ වේ.
ඉදානි යො දිට්ඨිගතෙ අල්ලීනො, න සො සංසාරතො සීසං උක්ඛිපිතුං සක්කොති, තං දස්සෙතුං “මානුපෙතා”ති ගාථමාහ. තත්ථ මානුපෙතා අයං පජාති අයං සබ්බාපි දිට්ඨිගතිකසඞ්ඛාතා පජා සත්තකායො “මය්හං දිට්ඨි සුන්දරා, මය්හං ආදානො සුන්දරො”ති අත්තනො ගාහස්ස සංපග්ගහලක්ඛණෙන මානෙන උපෙතා සමන්නාගතා. මානගන්ථා මානවිනිබද්ධාති තතො එව තෙන අපරාපරං උප්පජ්ජමානෙන යථා තං දිට්ඨිං න පටිනිස්සජ්ජති, එවං අත්තනො සන්තානස්ස ගන්ථිතත්තා විනිබද්ධත්තා ච මානගන්ථා මානවිනිබද්ධා. දිට්ඨීසු සාරම්භකථා, සංසාරං නාතිවත්තතීති “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති අත්තුක්කංසනපරවම්භනවසෙන අත්තනො දිට්ඨාභිනිවෙසෙන පරෙසං දිට්ඨීසු සාරම්භකථා විරොධකථා සංසාරනායිකානං අවිජ්ජාතණ්හානං අප්පහානතො සංසාරං නාතිවත්තති, න අතික්කමතීති අත්ථො.
යමෙක් දෘෂ්ටිගතයෙහි ඇලුනේ වේද, හෙතෙම සංසාරයෙන් හිස ඔසවන්ට නොහැකි වේයයි එය දක්වන්ට මානුපෙතා යන ගාථාව වදාළහ. එහි මානුපෙතා අයං පජා යනු මේ සියලුම දෘෂ්ටිගතික සංඛ්‍යාත ප්‍රජාව සත්ව සමූහය මාගේ දෘෂ්ටිය යහපතැයි මාගේ ග්‍රහණය සුන්දරයි තම ග්‍රහණය දැඩිව ගැනීම් ලක්ෂණ මැනීමෙන් යුක්ත වූවාහු සමන්වාගත වූවාහුය. මානගන්ථා මාන විනිබන්ධා යනු එයින්ම මතුමත්තෙහි උපදින ඔහු විසින් යම්සේ ඔහු එම දෘෂ්ටිය අත්නොහරියි ද, මෙසේ තම සන්තානය ඇලුණු හෙයින් බැඳුණු හෙයින් මාන නමැති ගෙතුම්, මාන නමැති බැඳුම් ඇත්තාහ. දිට්ඨීසු සාරම්භ කථා සංසාරං නාතිවත්තති යනු මෙයම සත්‍යය. අනෙක්වා හිස්යැයි තමා උසස් තත්ත්වයෙහිලා සැලකීම්. අනෙකා පහත්කොට සැලකීම් වශයෙන් තමාගේ දෘෂ්ටීන්හි සිත පිහිටුවාගැනීම් වශයෙන් අනෙකාගේ දෘෂ්ටීන්හි, එකටෙක කිරීම් කථාව, විරෝධ කථාව, සසර ඇසිරිකොට සිටිනවුන්ට අවිද්‍යා තෘෂ්ණාවන්ගේ අප්රහාණයෙන් සසර නොඉක්මවයි යනු අර්ථයි.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
7. සුභූතිසුත්තවණ්ණනා
7. සුභූති සූත්‍ර වර්ණනාව
සත්තමෙ සුභූතීති තස්ස ථෙරස්ස නාමං. සො හි ආයස්මා පදුමුත්තරස්ස භගවතො පාදමූලෙ කතාභිනීහාරො කප්පසතසහස්සං උපචිතපුඤ්ඤසම්භාරො ඉමස්මිං බුද්ධුප්පාදෙ උළාරවිභවෙ ගහපතිකුලෙ උප්පන්නො භගවතො ධම්මදෙසනං සුත්වා සංවෙගජාතො ඝරා නික්ඛම්ම පබ්බජිත්වා කතාධිකාරත්තා ඝටෙන්තො වායමන්තො න චිරස්සෙව ඡළභිඤ්ඤො ජාතො, බ්රහ්මවිහාරභාවනාය පන උක්කංසපාරමිප්පත්තියා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං අරණවිහාරීනං යදිදං සුභූතී”ති (අ· නි· 1.201) අරණවිහාරෙ භගවතා එතදග්ගෙ ඨපිතො. සො එකදිවසං සායන්හසමයං දිවාට්ඨානතො විහාරඞ්ගණං ඔතිණ්ණො චතුපරිසමජ්ඣෙ භගවන්තං ධම්මං දෙසෙන්තං දිස්වා “දෙසනාපරියොසානෙ වුට්ඨහිත්වා වන්දිස්සාමී”ති කාලපරිච්ඡෙදං කත්වා භගවතො අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නො ඵලසමාපත්තිං සමාපජ්ජි. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන ආයස්මා සුභූති…පෙ… සමාපජ්ජිත්වා”ති.
සත්වැන්නෙහි සුභූති යන එම තෙරුන්ගේ නාමයයි. එම ආයුෂ්මත් තෙමේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ පාමුල කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ, කල්ප ලක්ෂයක්, රැස්කරන ලද පින් රැසක් ඇත්තේ, මෙම බුද්ධෝත්පාද කාලයෙහි මහත් සම්පත් ඇති, මහත් කුලයෙක උපන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණයකොට, සංවේගප්රාප්ත වූයේ, ගිහිගෙන් නික්ම පැවිදිව කරන ලද ප්‍රාර්ථනා ඇති හෙයින් උත්සාහ කරනුයේ, ව්‍යායාම කරනුයේ, නොබෝ කලෙකින්ම ෂට් අභිඥා හටගත්. බ්‍රහ්මවිහාර භාවනායෙහි උසස් තත්ත්වයට පත්වීමෙන් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර යම් මේ සුභූති නමැත්තෙකු වේද, අරණ්‍ය විහාරීන් අතර ඔහුම අග්‍රයයි, අරණ්‍ය විහරණයෙහිලා භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්‍රස්ථානයෙහි තබන ලදි. හෙතෙම එක් දිනක් සවස් කලැ, දිවා විහරණස්ථානයෙන් වෙහෙර මලුවට, අවතීර්ණ වූයේ, සිව් පිරිස් මැද, භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන්නහු දැක, දේශනාවසානයෙහි නැගිට වඳින්නෙමියි කල්පිරිසිඳ (ඉටා) භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා රුක්මුලෙකැ හුන්නේ ඵල සමවතට සමවනි. එහෙයින්, තෙන ඛො පන ආයස්මා සුභූති -පෙ- සමාපජ්ජිත්වායි යූ.සේයි.
තත්ථ දුතියජ්ඣානතො පට්ඨාය රූපාවචරසමාධි සබ්බොපි අරූපාවචරසමාධි අවිතක්කසමාධි එව. ඉධ පන චතුත්ථජ්ඣානපාදකො අරහත්තඵලසමාධි “අවිතක්කසමාධී”ති අධිප්පෙතො. දුතියජ්ඣානාදීහි පහීනා මිච්ඡාවිතක්කා න තාව සුප්පහීනා අච්චන්තපහානාභාවතො, අරියමග්ගෙන පන පහීනා එව පුන පහානකිච්චාභාවතො. තස්මා අග්ගමග්ගපරියොසානභූතො අරහත්තඵලසමාධි සබ්බෙසං මිච්ඡාවිතක්කානං පහානන්තෙ උප්පන්නත්තා විසෙසතො “අවිතක්කසමාධී”ති වත්තබ්බතං අරහති, පගෙව චතුත්ථජ්ඣානපාදකො. තෙන වුත්තං – “ඉධ පන චතුත්ථජ්ඣානපාදකො අරහත්තඵලසමාධි ‘අවිතක්කසමාධී’ති අධිප්පෙතො”ති.
එහි ද්විතීය ධ්‍යානයෙහි පටන් සියලු රූපාවචර සමාධිද, අරූපාවචර සමාධි ද, අවිතර්ක සමාධිද වේ. මෙහි වනාහි චතුර්ථධ්යානය පාදකකොට ඇති අර්හත්ඵල සමාධිය අවිතර්ක සමාධිය යැයි අදහස් කරන ලදි. ද්විතීයධ්යානාදීන්හි මිථ්‍යා විතර්කය, ප්‍රහීණය, අත්‍යන්ත ප්‍රහාණ අභාව හෙයින් මෙතෙක් මනාව ප්‍රහීණ වූයේ නොවේ. නැවත ප්‍රහාණ කෘත්‍යයක අභාව හෙයින් ආර්ය මාර්ගයෙන් ප්‍රහීණ වූයේම වේ. එහෙයින් ආර්යමාර්ග කෙළවර වූ අර්හත් ඵල සමාධිය සියලු මිථ්‍යා විතර්කයන්ගේ ප්‍රහාණ කෙළවරෙහි හටගත් හෙයින් විශේෂයෙන් අවිතර්ක සමාධිය යැයි කිවයුතු බවට යෝග්‍ය වේ. චතුර්ථධ්යාන පාදකත්වය ගැන කියනුම කවරේද? එහෙයින් මෙහි වනාහි චතුර්ථධ්යාන පාදක අර්හත්ඵල සමාධිය අවිතර්ක සමාධියයැයි අදහස් කරන ලදි.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො සුභූතිස්ස සබ්බමිච්ඡාවිතක්කසබ්බසංකිලෙසපහානසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො ජානිත්වා තදත්ථදීපකං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු ආයුෂ්මත් සුභූතිගේ එම සියලු මිථ්‍යා විතර්ක සියලු කෙලෙස් ප්‍රහාණ සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ යස්ස විතක්කා විධූපිතාති යෙන අරියපුග්ගලෙන, යස්ස වා අරියපුග්ගලස්ස කාමවිතක්කාදයො සබ්බෙපි මිච්ඡාවිතක්කා විධූපිතා අරියමග්ගඤාණෙන සන්තාපිතා සමුච්ඡින්නා. අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසාති නියකජ්ඣත්තසඞ්ඛාතෙ අත්තනො සන්තානෙ උප්පජ්ජනාරහා සුවිකප්පිතා සුට්ඨු විකප්පිතා අසෙසතො, කිඤ්චිපි අසෙසෙත්වා සුසමුච්ඡින්නාති අත්ථො. තං සඞ්ගමතිච්ච අරූපසඤ්ඤීති එත්ථ න්ති නිපාතමත්තං. අථ වා හෙතුඅත්ථො තංසද්දො. යස්මා අනවසෙසෙන මිච්ඡාවිතක්කා සමුච්ඡින්නා, තස්මා රාගසඞ්ගාදිකං පඤ්චවිධං සඞ්ගං, සබ්බම්පි වා කිලෙසසඞ්ගං අතිච්ච අතික්කමිත්වා අතික්කමනහෙතු රූපසභාවාභාවතො රුප්පනසඞ්ඛාතස්ස ච විකාරස්ස තත්ථ අභාවතො නිබ්බිකාරහෙතුභාවතො වා “අරූප”න්ති ලද්ධනාමං නිබ්බානං ආරම්මණං කත්වා පවත්තාහි මග්ගඵලසඤ්ඤාහි අරූපසඤ්ඤී. චතුයොගාතිගතොති කාමයොගො භවයොගො දිට්ඨියොගො අවිජ්ජායොගොති චත්තාරො යොගෙ යථාරහං චතූහිපි මග්ගෙහි අතික්කමිත්වා ගතො. න ජාතු මෙතීති මකාරො පදසන්ධිකරො, ජාතු එකංසෙනෙව පුනබ්භවාය න එති, ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති තස්ස නත්ථීති අත්ථො. “න ජාති මෙතී”තිපි පඨන්ති, සො එවත්ථො. ඉති භගවා ආයස්මතො සුභූතිස්ස අරහත්තඵලසමාපත්තිවිහාරං අනුපාදිසෙසනිබ්බානඤ්ච ආරබ්භ පීතිවෙගවිස්සට්ඨං උදානං උදානෙසි.
එහි යස්ස විතක්කා විධූපිතා යනු යම් ආර්ය පුද්ගලයෙකු විසින් හෝ යම් ආර්ය පුද්ගලයෙකුගේ කාම විතර්කාදී සියලුම මිථ්‍යා විතර්ක විනාශකරන ලද්දාහු, ආර්ය මාර්ග ඥානයෙන් තවන ලද්දාහු සිඳින ලද්දාහු වෙත්ද? අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා යනු ස්වකීය ආධ්‍යාත්ම සංඛ්‍යාත, තම සන්තානයෙහි, නොඉපැත්මට සුදුසු ලෙසින්, මනාව කල්පිත කළ, ශේෂ රහිතව මනාව කල්පිත කළ, ශේෂ රහිතව මනාව සිඳින ලදැයි අර්ථයි. තං සංගං අතිච්ච අරූපසඤ්ඤී යන මෙහි තං යනු නිපාත මාත්‍රයයි. නොහොත් තං ශබ්දය හේත්වර්ථයෙහි වේ. යම්හෙයකින් මිථ්‍යා විතර්කය ශේෂ රහිතව සිඳින ලද ද එහෙයින් රාග බැඳීම් ආදී පස්වැදෑරුම් බැඳීම්, සියලුම කෙලෙස් බැඳීම් හෝ ඉක්මවා ඉක්මවීම් හේතුයෙන් රූප අභාවයෙන්, වෙනස්වීම් සංඛ්‍යාත විකෘතිය, එහි නොමැති හෙයින්, විකාර රහිත භාව හේතුවෙන් හෝ අරූප යැයි ලද නම් ඇති නිර්වාණය අරමුණුකොට පැවැති මාර්ගඵල සංඥාවන්හි අරූප සංඥීවැ. චතුයොගාතිගතො යනු කාම, භව, දිට්ඨි, අවිජ්ජා සිව් යෝගයන්, සුදුසු පරිදි, සිව් මාර්ගයන්ගෙන් ඉක්මවා ගියේ, න ජාතුමෙති යනු මකාරය පද සන්ධි කරයි. ඒකාන්තයෙන් පුනර්භවයට නොඑයි. මතුයෙහි නැවත භවයක ඉපැත්ම ඔහුට නැත යන අර්ථයි. නජාතිමෙතියි ද කියවති. අර්ථය එයමය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුභූතිගේ අර්හත්ඵල සමවත් විහරණයද, අනුපාදිසෙස නිර්වාණයද අරබයා ප්‍රීති වේගයෙන් මුදාහරින ලදුයේ මෙ උදන් ඇනූ සේක.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
8. ගණිකාසුත්තවණ්ණනා
8. ගණිකා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ ද්වෙ පූගාති ද්වෙ ගණා. අඤ්ඤතරිස්සා ගණිකායාති අඤ්ඤතරාය නගරසොභිනියා. සාරත්තාති සුට්ඨු රත්තා. පටිබද්ධචිත්තාති කිලෙසවසෙන බද්ධචිත්තා. රාජගහෙ කිර එකස්මිං ඡණදිවසෙ බහූ ධුත්තපුරිසා ගණබන්ධනෙන විචරන්තා එකමෙකස්ස එකමෙකං වෙසිං ආනෙත්වා උය්යානං පවිසිත්වා ඡණකීළං කීළිංසු. තතො පරම්පි ද්වෙ තයො ඡණදිවසෙ තං තංයෙව වෙසිං ආනෙත්වා ඡණකීළං කීළිංසු. අථාපරස්මිං ඡණදිවසෙ අඤ්ඤෙපි ධුත්තා තථෙව ඡණකීළං කීළිතුකාමා වෙසියො ආනෙන්තා පුරිමධුත්තෙහි පුබ්බෙ ආනීතං එකං වෙසිං ආනෙන්ති. ඉතරෙ තං දිස්වා “අයං අම්හාකං පරිග්ගහො”ති ආහංසු. තෙපි තථෙව ආහංසු. “එවං අම්හාකං පරිග්ගහො, අම්හාකං පරිග්ගහො”ති කලහං වඩ්ඪෙත්වා පාණිප්පහාරාදීනි අකංසු. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන රාජගහෙ ද්වෙ පූගා”තිආදි. තත්ථ උපක්කමන්තීති පහරන්ති. මරණම්පි නිගච්ඡන්තීති බලවූපක්කමෙහි මරණං උපගච්ඡන්ති, ඉතරෙපි මරණමත්තං මරණප්පමාණදුක්ඛං පාපුණන්ති.
අටවැන්නෙහි ද්වෙපූගා යනු කණ්ඩායම් දෙකක්, අඤ්ඤතරිස්සා ගණිකාය යනු එක්තරා නගරසෝභිනියක් කෙරෙහි, සාරිත්තා යනු තදින් ඇලුණාහු, පටිබද්ධචිත්තා යනු කෙලෙස් වශයෙන් බැඳුනු සිතැතියේ, රජගහ නුවර එක්තරා උත්සව දිනයෙක බොහෝ ධූර්ත පුරුෂයෝ සමූහ (කණ්ඩායම් වශයෙන්) බන්ධනයෙන් හැසිරෙන්නාහු එකිනෙකාට එක් එක් වෙසඟනක් බැගින් ගෙනවුත් උයනට පිවිස සැණකෙළි කෙළියහ. නැවත වෙනත් සැණකෙළි දිනෙකැ අනෙක් ධූර්ත සමූහයක්, එසේම සැණකෙළි කෙළිනු කැමැතියේ, වෙසඟනුන් ගෙන එන්නාහු, පළමු ධූර්තයන් විසින්, පෙර ගෙන එන ලද, එක් වෙසඟනක් ගෙන එන්නී, අනෙක් අය ඇය දැක මෝ අපටද අයත් යයි කීහ. ඔව්හු ද එසේම කීහ. මෙසේ අපට අයත්ය. අපට අයත් යැයි ඩබර වර්ධනය කොට අත්වලින් පහරදීම් ආදිය කළහ. එහෙයින් තෙන ඛො පන සමයෙන රාජගහෙ ද්වෙ පූගායි ආදිය යූ.සේයි. එහි උපක්කමන්ති යනු පහරති. මරණම්පි නිගච්ඡන්ති යනු බලවත් උපක්රමයන්ගෙන් මරණයට එළැඹෙති. අනෙක් අය වනාහි මරණ මත්තං යනු මරණය ප්‍රමාණ දුකට පැමිණෙති.
එතමත්ථං විදිත්වාති එතං කාමෙසු ගෙධං විවාදමූලං සබ්බානත්ථමූලන්ති සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති අන්තද්වයෙ ච මජ්ඣිමාය පටිපත්තියා ආදීනවානිසංසවිභාවනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම කාමයන්හි ගිජුබව, විවාදමූලික සියලු අනර්ථයන්ට මුලයැයි සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු අන්ත ද්වයයෙහිද, මධ්‍යම ප්‍රතිපදාවෙහිද ආදීනව හා අනුසස් පැහැදිලි කිරීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ යඤ්ච පත්තන්ති යං රූපාදිපඤ්චකාමගුණජාතං පත්තං “නත්ථි කාමෙසු දොසො”ති දිට්ඨිං පුරක්ඛත්වා වා අපුරක්ඛත්වා වා එතරහි ලද්ධං අනුභුය්යමානං. යඤ්ච පත්තබ්බන්ති යඤ්ච කාමගුණජාතමෙව “භුඤ්ජිතබ්බා කාමා, පරිභුඤ්ජිතබ්බා කාමා, ආසෙවිතබ්බා කාමා, පටිසෙවිතබ්බා කාමා, යො කාමෙ පරිභුඤ්ජති, සො ලොකං වඩ්ඪෙති, යො ලොකං වඩ්ඪෙති, සො බහුං පුඤ්ඤං පසවතී”ති දිට්ඨිං උපනිස්සාය තං අනිස්සජ්ජිත්වා කතෙන කම්මුනා අනාගතෙ පත්තබ්බං අනුභවිතබ්බඤ්ච. උභයමෙතං රජානුකිණ්ණන්ති එතං උභයං පත්තං පත්තබ්බඤ්ච රාගරජාදීහි අනුකිණ්ණං. සම්පත්තෙ හි වත්ථුකාමෙ අනුභවන්තො රාගරජෙන වොකිණ්ණො හොති, තත්ථ පන සංකිලිට්ඨචිත්තස්ස ඵලෙ ආයතිං ආපන්නෙ දොමනස්සුප්පත්තියා දොසරජෙන වොකිණ්ණො හොති, උභයත්ථාපි මොහරජෙන වොකිණ්ණො හොති. කස්ස පනෙතං රජානුකිණ්ණන්ති ආහ – “ආතුරස්සානුසික්ඛතො”ති කාමපත්ථනාවසෙන කිලෙසාතුරස්ස, තස්ස ච ඵලෙන දුක්ඛාතුරස්ස ච උභයත්ථාපි පටිකාරාභිලාසාය කිලෙසඵලෙ අනුසික්ඛතො.
එහි යඤ්ච පත්තං යනු යම් ආකාර වූ අභිමුවප්රාප්ත රූපාදී පංචකාම ගුණ සමූහයෙහිලා - කාමයන්හි දොසක් නැත යන දෘෂ්ටිය පෙරටුකොට හෝ පෙරටු නොකොටැ වත්මනැ ලැබ අනුභව කරනු ලබන. යඤ්ච පත්තබ්බං යනු කාමගුණ සමූහයම ‘කාමයෝ අනුභව, කටයුත්තාහ. කාමයෝ පරිභෝග කටයුත්තාහ. කාමයෝ සේවනය කළයුත්තාහ. කාමයෝ නැවත නැවත සේවනය කළයුත්තාහ. යමෙක් කාමයන් පරිභෝග කරයිද? ඔහු ලොව වඩයි. යමෙක් ලෝකය වර්ධනය කරයිද? ඔහු බොහෝ පින් රැස්කරයි යයි දෘෂ්ටිය ඇසුරුකොට එය අත්නොහැර කරන ලද කර්මයෙන් අනාගතයෙහි පැමිණිය යුතුය. අනුභව කළයුතුය. උභයමෙතං රාජානුකිණ්ණං යනු මෙම පැමිණි හා පැමිණිය යුතු යන ද්වයය රාග රජස් ආදීන්ගෙන් විසුරුවන ලද්දේය. වස්තුව පැමිණි කල්හි අනුභව කරනුයේ රාජ රජසින් ගැවසී ගත්තේ වේ. ඔහුගේ කිලිටි සිතට ඵලයන් මතු පැමිණි කල්හි දොම්නස් ඉපැත්මෙහි දොම්නස් රජසින් ගැවසී ගත්තේ වේ. කවරෙකුට වනාහි එම රජස් විසුරුවන ලද්දේ දැයි කීයේය. ආතුරස්සානුසික්ඛතො යනු කාම ප්‍රාර්ථනා වශයෙන් ක්ලේෂාතුරයාට ඔහුගේ ඵලයෙන් ද, දුක්ඛාතුරයාගේ දෙඅයුරින්මද, වැඩිදියුණු කරන අභිලාෂයෙන් ක්ලේශඵලයන්හි අනුව හික්මෙනුයේ,
තථා යඤ්ච පත්තන්ති යං අචෙලකවතාදිවසෙන පත්තං අත්තපරිතාපනං . යඤ්ච පත්තබ්බන්ති යං මිච්ඡාදිට්ඨිකම්මසමාදානහෙතු අපායෙසු පත්තබ්බං ඵලං. උභයමෙතං රජානුකිණ්ණන්ති තදුභයං දුක්ඛරජානුකිණ්ණං. ආතුරස්සාති කායකිලමථෙන දුක්ඛාතුරස්ස. අනුසික්ඛතොති මිච්ඡාදිට්ඨිං, තස්සා සමාදායකෙ පුග්ගලෙ ච අනුසික්ඛතො.
එසේම යඤ්ච පත්තං යනු නිර්වස්ත්‍ර වෘත ආදී වශයෙන් රෝගප්රාප්තව ආත්මය මනාකොට තැවීම, යඤ්ච පත්තබ්බං යනු යම් ආකාර වූ මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වීම් හේතුවෙන් අපායයන්හි පැමිණිය යුතු ඵල, උභයමෙතං රාජානුකිණ්ණං යනු එම ද්වයයම දුක් රජස්වලින් ගැවසී ගත්තේය. ආතුරස්ස යනු ශාරීරික පීඩනයෙන් දුකින් පීඩා වූවහුට, අනුසික්ඛතො යනු මිථ්‍යාදෘෂ්ටිය එහි සමාදන්වන පුද්ගලයන් ද අනුව හික්මෙනුයේ වේ.
යෙ ච සික්ඛාසාරාති යෙහි යථාසමාදින්නං සීලබ්බතාදිසඞ්ඛාතං සික්ඛං සාරතො ගහෙත්වා “ඉමිනා සංසාරසුද්ධී”ති කථිතා. තෙනාහ – සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරාති. තත්ථ යං “න කරොමී”ති ඔරමති, තං සීලං, විසභොජනකිච්ඡාචරණාදිකං වතං, සාකභක්ඛතාදිජීවිකා ජීවිතං, මෙථුනවිරති බ්රහ්මචරියං, එතෙසං අනුතිට්ඨනං උපට්ඨානං, භූතපිණ්ඩකපරිභණ්ඩාදිවසෙන ඛන්ධදෙවසිවාදිපරිචරණං වා උපට්ඨානං, එවමෙතෙහි යථාවුත්තෙහි සීලාදීහි සංසාරසුද්ධි හොතීති තානි සාරතො ගහෙත්වා ඨිතා සමණබ්රාහ්මණා සික්ඛාසාරා සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං “උපට්ඨානසාරා”ති වෙදිතබ්බා. අයමෙකො අන්තොති අයං සීලබ්බතපරාමාසවසෙන අත්තකිලමථානුයොගසඞ්ඛාතො මජ්ඣිමාය පටිපත්තියා උප්පථභූතො ලාමකට්ඨෙන ච එකො අන්තො. අයං දුතියො අන්තොති අයං කාමසුඛල්ලිකානුයොගො කාමෙසු පාතබ්යතාපත්තිසඞ්ඛාතො දුතියො වුත්තනයෙන අන්තො.
සික්ඛාසාරා යනු යම් කෙනෙකුන් විසින් සමාදන් වූ පරිදි, සීලව්රතාදී සංඛ්‍යාත ශික්ෂාව සාර වශයෙන් ගෙන මෙයින් සංසාරයෙහි ශුද්ධිය වේයයි ඔව්හු කීහ. එහෙයින් සීලබ්බතං ජීවිතං බ්‍රහ්ම චරියං උපට්ඨානං සාරායි යූ.සේයි. එහි යමක් නොකරමියි නිශ්චලව සිටීද එය සීලයයි. විෂබොජුන් දුක් සහිත හැසිරීම් වෘත නමැ, සාක භක්ෂක ජීවිතය ද වාතයට අයත්ය. මෛථුනයෙන් වැළැක්ම බ්‍රහ්මචර්යාවයි. ඒවා අනුව සිටීම එළඹ සිටීමයි. අමනුෂ්‍යයින්ට බත්පිඬු දීම්, එම භූමිවල ගොම මැටි ගෑම ආදී වශයෙන්, ස්කන්ධ ශිව ආදී දෙවිවරුන්ට ආවතේව කිරීම් වශයෙන් එළැඹීම. මෙසේ එම කියන ලද ආකාර ඇති සීලාදියෙන් සංසාර ශුද්ධිය වේයයි, ඒවා හර වශයෙන් ගෙන සිටි මහණ බමුණෝ සික්ඛාසාරා සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානං සාරායි දතයුත්තාහ. අයමෙකො අන්තො යනු මේ සීලබ්බත පරාමාස වශයෙන්, අත්තකිලමථානුයෝග සංඛ්‍යාත මධ්‍යම ප්‍රතිපදාවෙහි වැරදි මාර්ගය වූ ලාමකාර්ථයෙන් ද වූ එක් අන්තයක් අයං දුතියො අන්තො යනු මේ කාම සුඛල්ලිකානු යෝගය කාමයන්හි හෙළීම් වශයෙන් ප්රාප්ති සංඛ්‍යාත දෙවන අන්තය.
ඉච්චෙතෙ උභො අන්තාති කාමසුඛල්ලිකානුයොගො අත්තකිලමථානුයොගො ච ඉති එතෙ උභො අන්තා. තෙ ච ඛො එතරහි පත්තෙ, ආයතිං පත්තබ්බෙ ච කිලෙසදුක්ඛරජානුකිණ්ණෙ කාමගුණෙ අත්තපරිතාපනෙ ච අල්ලීනෙහි කිලෙසදුක්ඛාතුරානං අනුසික්ඛන්තෙහි, සයඤ්ච කිලෙසදුක්ඛාතුරෙහි පටිපජ්ජිතබ්බත්තා ලාමකා උප්පථභූතා චාති අන්තා. කටසිවඩ්ඪනාති අන්ධපුථුජ්ජනෙහි අභිකඞ්ඛිතබ්බට්ඨෙන කටසිසඞ්ඛාතානං තණ්හාඅවිජ්ජානං අභිවඩ්ඪනා. කටසියො දිට්ඨිං වඩ්ඪෙන්තීති තා පන කටසියො නානප්පකාරදිට්ඨිං වඩ්ඪෙන්ති. වත්ථුකාමෙසු අස්සාදානුපස්සිනො හි තෙ පජහිතුං අසක්කොන්තස්ස තණ්හාඅවිජ්ජාසහකාරීකාරණං ලභිත්වා “නත්ථි දින්න”න්තිආදිනා (ධ· ස· 1221; විභ· 938) නත්ථිකදිට්ඨිං අකිරියදිට්ඨිං අහෙතුකදිට්ඨිඤ්ච ගණ්හාපෙන්ති, අත්තපරිතාපනං අනුයුත්තස්ස පන අවිජ්ජාතණ්හාසහකාරීකාරණං ලභිත්වා “සීලෙන සුද්ධි වතෙන සුද්ධී”තිආදිනා අත්තසුද්ධිඅභිලාසෙන සීලබ්බතපරාමාසදිට්ඨිං ගණ්හාපෙන්ති. සක්කායදිට්ඨියා පන තෙසං පච්චයභාවො පාකටොයෙව. එවං අන්තද්වයූපනිස්සයෙන තණ්හාඅවිජ්ජානං දිට්ඨිවඩ්ඪකතා වෙදිතබ්බා. කෙචි පන “කටසීති පඤ්චන්නං ඛන්ධානං අධිවචන”න්ති වදන්ති. තෙසං යදග්ගෙන තතො අන්තද්වයතො සංසාරසුද්ධි න හොති, තදග්ගෙන තෙ උපාදානක්ඛන්ධෙ අභිවඩ්ඪෙතීති අධිප්පායො. අපරෙ පන “කටසිවඩ්ඪනා”ති පදස්ස “අපරාපරං ජරාමරණෙහි සිවථිකවඩ්ඪනා”ති අත්ථං වදන්ති. තෙහිපි අන්තද්වයස්ස සංසාරසුද්ධිහෙතුභාවාභාවොයෙව වුත්තො, කටසියා පන දිට්ඨිවඩ්ඪනකාරණභාවො වත්තබ්බො.
ඉච්චෙතො උභො අන්තො යනු කාම සුඛල්ලිකානු යෝගය - අත්තකිලමථානුයෝගයද යන මෙම දෙඅන්තයන්, ඒවාද වනාහි වත්මනැ පැමිණි හා මතු පැමිණිය යුතු වූද කෙලෙස් දුක් රජස් ගැවසී ගත්තේ කාමගුණයන්හි තමා තැවීමෙහි ද, එකට ඇලුණු කෙලෙස් දුකින්, මැඩුන ඒ අනුව හික්මෙන, තෙමේද, තමා කෙලෙස් දුකින් පීඩා වූවන් සමග පිළිපැදිය යුතු හෙයින් ලාමක වූ වැරදි මාර්ගය වූයේ නුයි අන්තයි. කටසි වඩ්ඪනා යනු අන්ධ පෘථග්ජනයින් විසින් කැමැති විය යුතු අර්ථයෙන් ‘කටසි’ සංඛ්‍යාත තෘෂ්ණා, අවිද්‍යාවන්ගේ අභිවෘද්ධිය ඇතිකරන්නාහු, කටසියො දිට්ඨි වඩ්ඪෙන්ති යනු එම කටසීහු නොයෙක් ආකාර වූ දෘෂ්ටි වඩත්. වස්තුකාමයන්හි ආශ්වාද අනුව බලනවුනට වනාහි ඒවා අත්හරින්ට නොහැකි වනුයේ තෘෂ්ණා අවිද්‍යා එකට ක්‍රියා කිරීම කරුණ ලැබ ‘නත්ථි දින්නං’ ආදියෙන් නාස්තික දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටියද ගන්වත්. ආත්ම තපනයෙහි නියුක්ත වූවහුට අවිද්‍යා තෘෂ්ණා යන සමග ක්‍රියාකරන කරුණ ලැබ, සීලයෙන් ශුද්ධිය, වාතයෙන් ශුද්ධිය ආදියෙන් ආත්ම ශුද්ධිය කීමෙන් සීලබ්බත පරාමාස දෘෂ්ටිය ගන්වත්. සක්කාය දෘෂ්ටියෙන් වනාහි ඒවාට ප්‍රත්‍යයභාවය ප්‍රකට වූයේමය. මෙසේ අන්ත ද්වයය හේතුකොට තෘෂ්ණා අවිද්‍යාවන්ගේ හා දෘෂ්ටීන්ගේ වැඩීම් ස්වභාවය දතයුත්තාහ. සමහරු වනාහි ‘කටසි’ යනු පංචස්කන්ධයන්ට විශේෂ නාමයකැයි කියති. ඒවාට යම්තැනක පටන් එම අන්තද්වයයෙන් සංසාර ශුද්ධිය නොවේද? එතැන් පටන් එම උපාදානස්කන්ධයන් වර්ධනය වේයයි අදහසයි. අනෙක් අය වනාහි කටසිවඩ්ඪ යන පදයට භවයෙන් භවය නැවත නැවත ජරා මරණයන්ගෙන් සොහොන් වැඩීම යයි කියති. එම අන්ත ද්වයයන් සංසාර ශුද්ධියට හේතුභාවය හා අභාවය යූ.සේයි. කටසියෙන් වර්ධනය කරන බව කිවයුතුය.
එතෙ තෙ උභො අන්තෙ අනභිඤ්ඤායාති තෙ එතෙ යථාවුත්තෙ උභොපි අන්තෙ අජානිත්වා “ඉමෙ අන්තා තෙ ච එවංගහිතා එවංඅනුට්ඨිතා එවංගතිකා එවංඅභිසම්පරායා”ති එවං අජානනහෙතු අජානනකාරණා. “පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා”තිආදීසු (පු· ප· 208; අ· නි· 9.43) වියස්ස හෙතුඅත්ථතා දට්ඨබ්බා. ඔලීයන්ති එකෙති එකෙ කාමසුඛානුයොගවසෙන සඞ්කොචං ආපජ්ජන්ති. අතිධාවන්ති එකෙති එකෙ අත්තකිලමථානුයොගවසෙන අතික්කමන්ති. කාමසුඛමනුයුත්තා හි වීරියස්ස අකරණතො කොසජ්ජවසෙන සම්මාපටිපත්තිතො සඞ්කොචමාපන්නතා ඔලීයන්ති නාම, අත්තපරිතාපනමනුයුත්තා පන කොසජ්ජං පහාය අනුපායෙන වීරියාරම්භං කරොන්තා සම්මාපටිපත්තියා අතික්කමනතො අතිධාවන්ති නාම, තදුභයං පන තත්ථ ආදීනවාදස්සනතො. තෙන වුත්තං – “උභො අන්තෙ අනභිඤ්ඤාය ඔලීයන්ති එකෙ අතිධාවන්ති එකෙ”ති. තත්ථ තණ්හාභිනන්දනවසෙන ඔලීයන්ති, දිට්ඨාභිනන්දනවසෙන අතිධාවන්තීති වෙදිතබ්බං.
එතෙ තෙ උභො අන්තෙ අනභිඤ්ඤාය යනු ඒවා කියන ලද අයුරු අන්ත ද්වයයම නොදැන, මෙම අන්ත හා ඒවාද මෙසේ ගන්නා ලද්දාහු, මෙසේ කරන ලද්දාහු, මෙබඳු උපදනා තැන් ඇත්තාහු, මෙසේ මරණින් මතු කාලය යැයිද, මෙසේ නොදැනීමේ හේතු - නොදැනීමේ කරුණු’ ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රව ක්ෂය වූයේය’ ආදීන්හි මෙන් එයට හේතු අර්ථතාවය දතයුත්තාහ. ඔලීයන්ති එකෙ යනු ඇතමෙක් කම්සුවයෙහි යෙදීම් වශයෙන් හැකිලීමට පැමිණෙති. අතිධාවන්ති එකෙ යනු ඇතැමෙක් සිය කය පෙළීම් වශයෙන් ඉක්මවති. කම් සුවයෙහි යෙදුනවුන් වීර්ය නොකරන හෙයින් කුසීතකම් වශයෙන් මනා ප්‍රතිපත්තියෙන් හැකිලීමට පැමිණි හෙයින් හැකිලෙති නමැ. ආත්මයන් තැවීමෙහි අනුයුක්තිකයෝ වනාහි කුසීතතාවය අත්හැර උපාය රහිතව, වීර්යාරම්භ කරන්නාහු, මනා ප්රතිපත්තියෙහි ඉක්මවන හෙයින් අතිධාවන කෙරෙත් නමැ. එම ද්වයයම එහි ආදීනව නොදක්නා හෙයිනි. එහෙයින් උභො අන්තෙ මලීයන්ති එතෙ අතිධාවන්ති එකෙ යි යූ.සේයි. එහි තෘෂ්ණාභිනන්දන වශයෙන් හැකිලෙති. දෘෂ්ටි අභිනන්දන වශයෙන් අතිධාවනය කෙරෙත් යයි දතයුතුය.
අථ වා සස්සතාභිනිවෙසවසෙන ඔලීයන්ති එකෙ, උච්ඡෙදාභිනිවෙසවසෙන අතිධාවන්ති එකෙ. ගොසීලාදිවසෙන හි අත්තපරිතාපනමනුයුත්තා එකච්චෙ “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා, තත්ථ නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සාමී”ති සස්සතදස්සනං අභිනිවිසන්තා සංසාරෙ ඔලීයන්ති නාම, කාමසුඛමනුයුත්තා පන එකච්චෙ යංකිඤ්චි කත්වා ඉන්ද්රියානි සන්තප්පෙතුකාමා ලොකායතිකා විය තදනුගුණං උච්ඡෙදදස්සනං අභිනිවිසන්තා අනුපායෙන වට්ටුපච්ඡෙදස්ස පරියෙසනතො අතිධාවන්ති නාම. එවං සස්සතුච්ඡෙදවසෙනපි ඔලීයනාතිධාවනානි වෙදිතබ්බානි.
නොහොත් ඇතමෙක් ශාස්වතයෙහි සිත පිහිටුවීම් වශයෙන් හැකිලෙති. ඇතමෙක් උච්ඡේදයෙහි සිත පිහිටුවීම් වශයෙන් අතිධාවනය කෙරෙති. ඇතමෙක් ගවසීලාදී වශයෙන් ආත්මය තැවීමෙහි යෙදුනාහු මම මෙම සීලයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යයෙන් හෝ දෙවියෙක් හෝ අප්‍රකට දෙවියෙක් වන්නෙමි. එහි නිත්‍ය, ස්ථිරී, වෙනස්වන සුළු, ශාස්වතය හා සමව එසේම සිටින්නෙමියි ශාස්වත දර්ශනයෙහි මනාව බැසගත්තාහු සසර හැකිලෙත් නමැ. කම් සුවයෙහි යෙදුනු ඇතමෙක් යම්කිසිවක් කොට ඉන්ද්රියයන් සන්තර්පණය කරනු කැමැත්තාහු, ලෝකායතිකයින් මෙන් එයට අදාල, උච්ඡේද දර්ශනයෙහි සිත පිහිටුවන්නාහු උපාය රහිතව වෘත්ත ඡේදය සොයන හෙයින් ඉක්මවා දුවති නමැ. මෙසේ ශාස්වත උච්ඡේද වශයෙන් ද, හැකිළීම්, අතිධාවනයෙන් දතයුත්තාහ.
යෙ ච ඛො තෙ අභිඤ්ඤායාති යෙ ච ඛො පන අරියපුග්ගලා තෙ යථාවුත්තෙ උභො අන්තෙ “ඉමෙ අන්තා එවංගහිතා එවංඅනුට්ඨිතා එවංගතිකා එවංඅභිසම්පරායා”ති අභිවිසිට්ඨෙන ඤාණෙන විපස්සනාසහිතාය මග්ගපඤ්ඤාය ජානිත්වා මජ්ඣිමපටිපදං සම්මාපටිපන්නා, තාය සම්මාපටිපත්තියා. තත්ර ච නාහෙසුන්ති තත්ර තස්මිං අන්තද්වයෙ පතිතා න අහෙසුං, තං අන්තද්වයං පජහිංසූති අත්ථො. තෙන ච නාමඤ්ඤිංසූති තෙන අන්තද්වයපහානෙන “මම ඉදං අන්තද්වයපහානං, අහං අන්තද්වයං පහාසිං, ඉමිනා අන්තද්වයපහානෙන සෙය්යො”තිආදිනා තණ්හාදිට්ඨිමානමඤ්ඤනාවසෙන න අමඤ්ඤිංසු සබ්බමඤ්ඤනානං සම්මදෙව පහීනත්තා. එත්ථ ච අග්ගඵලෙ ඨිතෙ අරියපුග්ගලෙ සන්ධාය “තත්ර ච නාහෙසුං, තෙන ච නාමඤ්ඤිංසූ”ති අතීතකාලවසෙන අයං දෙසනා පවත්තා, මග්ගක්ඛණෙ පන අධිප්පෙතෙ වත්තමානකාලවසෙනෙව වත්තබ්බං සියා. වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායාති යෙ එවං පහීනසබ්බමඤ්ඤනා උත්තමපුරිසා, තෙසං අනුපාදාපරිනිබ්බුතානං කම්මවිපාකකිලෙසවසෙන තිවිධම්පි වට්ටං නත්ථි පඤ්ඤාපනාය, වත්තමානක්ඛන්ධභෙදතො උද්ධං අනුපාදානො විය ජාතවෙදො අපඤ්ඤත්තිකභාවමෙව ගච්ඡතීති අත්ථො.
යෙචඛො තෙ අභිඤ්ඤාය යනු යම් ආකාර වූ ආර්ය පුද්ගලයෝ වෙත්ද ඔව්හු, දෙ අන්තයෙහි කියන ලද පරිදි මෙම අන්ත, මෙසේ ගන්නා ලද්දාහු, මෙසේ කරන ලද්දාහු මෙසේ උත්පත්ති ඇත්තාහු, මරණින් මතු මෙසේ යයි අති විශිෂ්ට ඥානයෙන්, විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් දැන මධ්‍යම ප්‍රතිපදාවට මනාව පිළිපන්නාහු, එම මනා ප්‍රතිපත්තියෙන් තත්රච නාහෙසුං යනු එම අන්තද්වයයෙහි නොවැටුනාහුය. එම අන්ත ද්වයය අත්හලයයි අර්ථයි. තෙනඛ අමඤ්ඤිංසු යනු ඔව්හු එම අන්තද්වයය ප්‍රහාණයෙන් මාගේ මෙම අන්ත ද්වයය ප්‍රහාණ වූයේය. මම අන්ත ද්වයය ප්රහාණය කළෙමි. මෙම අන්ත ද්වයය ප්‍රහාණයෙන් මම ශ්රේෂ්ටයැයි ආදී ක්‍රමයෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන මැනීම් වශයෙන් හැඟීම් ඇති නොකළහ. සියලු මඤ්ඤවාන් මනාව ප්‍රහීණ කළ හෙයිනි. මෙහිද මාර්ගඵලයෙහි පිහිටි ආර්ය පුද්ගලයන් සඳහා තත්රච නාහෙසුං තෙ නච අමඤ්ඤිංසු අතීත කාල වශයෙන් මෙම දේශනාව පවත්වන ලදි. මාර්ගක්ෂණයෙහි වනාහි අභිප්රේතාර්ථයෙහි වර්තමාන කාල වශයෙන් කිවයුතු වන්නේය. වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය යනු යම් කෙනෙක් ප්‍රහීණ සියලු මඤ්ඤනා සහිත උතුම් පුරුෂයෝ, උපාදාන රහිතව පිරිනිවි ඔවුන්ගේ කර්ම විපාක ක්ලේශ වශයෙන් පැනවීමට ත්‍රිවිධ වූම වෘත්තය නැත. වත්මන කඳ බිඳුමෙන් මතු, දර රහිත ගින්නක් මෙන් පනවන්නට කිසිවක් නොමැත යන ස්වභාවයටම යෙත්යයි අර්ථයි.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
9. උපාතිසුත්තවණ්ණනා
9. උපාති සූත්‍ර වර්ණනාව
නවමෙ රත්තන්ධකාරතිමිසායන්ති රත්තියං අන්ධකාරෙ මහාතිමිසායං. රත්තීපි හි අන්ධකාරවිරහිතා හොති, යා පුණ්ණමාය රත්ති ජුණ්හොභාසිතා. අන්ධකාරොපි “තිමිසා”ති න වත්තබ්බො හොති අබ්භමහිකාදිඋපක්කිලෙසවිරහිතෙ දෙවෙ. මහන්ධකාරො හි “තිමිසා”ති වුච්චති. අයං පන අමාවසී රත්ති දෙවො ච මෙඝපටලසඤ්ඡන්නො. තෙන වුත්තං – “රත්තන්ධකාරතිමිසායන්ති රත්තියා අන්ධකාරෙ මහාතිමිසාය”න්ති. අබ්භොකාසෙති අප්පටිච්ඡන්නෙ ඔකාසෙ විහාරඞ්ගණෙ. තෙලප්පදීපෙසු ඣායමානෙසූති තෙලපජ්ජොතෙසු ජලමානෙසු.
නවවැන්නෙහි රත්තන්‍ධකාර තිමිසායං යනු රාත්‍රී අන්ධකාරයෙහි මහ ගනඳුරෙහි, රාත්‍රියෙහි ද යම් පසළොස්වක සඳරැසින් බබලන රැය අන්ධකාර විරහිත වේ. අන්ධකාරයද වලාකුල් මීදුම් ආදී උපක්ලේශ විරහිතව, වැසි වස්නා කල්හි, ගනඳුර නොමැති කල්හි අඳුරයැයි නොකිව යුතුය. මහ ගනඳුර ‘තිමිසා’යි කියයි. මෙය වනාහි අමාවක රැය, වැසි වලා පටලයෙන් වැසුනේ වේ. එහෙයින් රත්තන්‍ධකාර තිමිසායං’යි යූ.සේයි. අඳුරු රැයෙහි ගනඳුරෙහි යැයි අර්ථයි. අබ්භොකාසෙ යනු නොවැසුන අවකාශයෙහි වෙහෙර මලුවෙහි, තෙලපදීපෙසු ඣායමානෙසු යනු තෙල් පහන් දැල්වෙන කල්හි,
නනු ච භගවතො බ්යාමප්පභා පකතියා බ්යාමමත්තප්පදෙසං අභිබ්යාපෙත්වා චන්දිමසූරියාලොකං අභිභවිත්වා ඝනබහලං බුද්ධාලොකං විස්සජ්ජෙන්තී අන්ධකාරං විධමිත්වා තිට්ඨති, කායප්පභාපි නීලපීතාදිවසෙන ඡබ්බණ්ණඝනබුද්ධරස්මියො විස්සජ්ජෙත්වා පකතියාව සමන්තතො අසීතිහත්ථප්පදෙසං ඔභාසෙන්තී තිට්ඨති, එවං බුද්ධාලොකෙනෙව එකොභාසභූතෙ භගවතො නිසින්නොකාසෙ පදීපකරණෙ කිච්චං නත්ථීති? සච්චං නත්ථි, තථාපි පුඤ්ඤත්ථිකා උපාසකා භගවතො භික්ඛුසඞ්ඝස්ස ච පූජාකරණත්ථං දෙවසිකං තෙලප්පදීපං උපට්ඨපෙන්ති. තථා හි වුත්තං – සාමඤ්ඤඵලෙපි “එතෙ මණ්ඩලමාලෙ දීපා ඣායන්තී”ති (දී· නි· 1.159). “රත්තන්ධකාරතිමිසාය”න්ති ඉදම්පි තස්සා රත්තියා සභාවකිත්තනත්ථං වුත්තං, න පන භගවතො නිසින්නොකාසස්ස අන්ධකාරභාවතො. පූජාකරණත්ථමෙව හි තදාපි උපාසකෙහි පදීපා කාරිතා.
භාග්‍යවතුන් වහන්සේගේ අවට විහිදෙන ආලෝකය ප්‍රකෘතියෙන්, බඹයක් පමණ ප්‍රදේශයක පතුරුවා, සඳහිරු ආලෝකය මැඩ ඝන බුද්ධාලෝකයක් විහිදුවන්නේ නොවේද? අඳුර විනාශකොට සිටියි. ශරීරාලෝකයද, නිල් කහ ආදී වශයෙන් ෂට් වර්ණ ඝන බුද්ධ රශ්මීන් විහිදුවා ප්‍රකෘතියෙන්ම හාත්පස අසූරියනක් ප්‍රදේශය බබලවමින් සිටියි. මෙසේ බුද්ධාලෝකයෙන්ම ඒකාලෝක වූ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ වැඩහුන් ප්‍රදේශය පහන් දැල්වීම් කරණයෙහි කිසක් නොමැතිද? සත්‍යයකි. කිසක් නැත. එසේද වුවත්, පුණ්යාර්ථී උපාසකවරු භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද, පූජා කිරීම සඳහා දිනපතා තෙල් පහන් ගෙනැවිත් තබත්. එසේම සාමඤ්ඤඵලයෙහි ද ‘එම මණ්ඩල මාලයෙහි පහන් පිළිස්සෙති. රත්තන්‍ධකාර තිමිසායං යන මෙයද එම රැයෙහි ස්වභාවය වර්ණනා කිරීම සඳහා යූ.සේයි. භාග්‍යවතුන් වහන්සේගේ වැඩහුන් අවකාශය අඳුරු භාවයෙන් මඩින්නේ නොමැත. එකල්හිද උපාසකවරුන් විසින් පූජා කිරීම සඳහාම පහන් දල්වන ලද්දාහු වෙති.
තස්මිඤ්හි දිවසෙ සාවත්ථිවාසිනො බහූ උපාසකා පාතොව සරීරපටිජග්ගනං කත්වා විහාරං ගන්ත්වා උපොසථඞ්ගානි සමාදියිත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා නගරං පවිසිත්වා මහාදානානි පවත්තෙත්වා භගවන්තං භික්ඛුසඞ්ඝඤ්ච අනුගන්ත්වා නිවත්තිත්වා අත්තනො අත්තනො ගෙහානි ගන්ත්වා සයම්පි පරිභුඤ්ජිත්වා සුද්ධවත්ථනිවත්ථා සුද්ධුත්තරාසඞ්ගා ගන්ධමාලාදිහත්ථා විහාරං ගන්ත්වා භගවන්තං පූජෙත්වා කෙචි මනොභාවනීයෙ භික්ඛූ පයිරුපාසන්තා කෙචි යොනිසොමනසිකරොන්තා දිවසභාගං වීතිනාමෙසුං. තෙ සායන්හසමයෙ භගවතො සන්තිකෙ ධම්මං සුත්වා සත්ථරි ධම්මසභාමණ්ඩපතො පට්ඨාය ගන්ධකුටිසමීපෙ අජ්ඣොකාසෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නෙ, භික්ඛුසඞ්ඝෙ ච භගවන්තං උපසඞ්කමිත්වා පයිරුපාසන්තෙ උපොසථවිසොධනත්ථඤ්චෙව යොනිසොමනසිකාරපරිබ්රූහනත්ථඤ්ච නගරං අගන්ත්වා විහාරෙයෙව වසිතුකාමා ඔහීයිංසු. අථ තෙ භගවතො භික්ඛුසඞ්ඝස්ස ච පූජාකරණත්ථං බහූ තෙලප්පදීපෙ ආරොපෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා භික්ඛුසඞ්ඝස්ස ච අඤ්ජලිං කත්වා භික්ඛූනං පරියන්තෙ නිසින්නා කථං සමුට්ඨාපෙසුං, “භන්තෙ, ඉමෙ තිත්ථියා නානාවිධානි දිට්ඨිගතානි අභිනිවිස්ස වොහරන්ති, තථා වොහරන්තා ච කදාචි සස්සතං, කදාචි අසස්සතං, උච්ඡෙදාදීසු අඤ්ඤතරන්ති එකස්මිංයෙව අට්ඨත්වා නවනවානි දිට්ඨිගතානි ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති පග්ගය්හ තිට්ඨන්ති උම්මත්තකසදිසා, තෙසං තථා අභිනිවිට්ඨානං කා ගති, කො අභිසම්පරායො”ති. තෙන ච සමයෙන බහූ පටඞ්ගපාණකා පතන්තා පතන්තා තෙසු තෙලප්පදීපෙසු නිපතන්ති. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන සම්බහුලා අධිපාතකා”තිආදි.
එදිනයෙහිද සැවැත්නුවර වැසි බොහෝ උපාසකවරු, උදෑසනම සිරුර පිළිදැගුම් කොට, වෙහෙරට ගොස් පොහොය අටසිල් සමාදන්ව, බුදුපාමොක් බික්සඟනට ආරාධනාකොට, නුවරට පිවිස මහදන් පවත්වා භාග්‍යවතුන් වහන්සේද බික්සඟනද අනුව ගොස් නැවතී තම තමන්ගේ නිවෙස්වලට ගොස් තෙමේද අනුභවකොට පිරිසිදු වස්ත්‍ර හඳින ලද්දාහු පිරිසිදු උතුරුසළුවලින් ද යුක්තව, සුවඳ මල් ආදිය ගත් අතැතිව වෙහෙරට ගොස් භාග්‍යවතුන් වහන්සේට පූජාකොට සමහරු සිත්ගන්නා භික්ෂූන් ඇසුරු කරන්නාහු. සමහරු නුවණින් මෙනෙහි කරන්නාහු දිවාකාලය ඉක්මවූහ. ඔව්හු සවස්කල්හි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දහම් ශ්‍රවණය කොට, ශාස්තෲන් වහන්සේ දම්සබා මණ්ඩපයට සම්ප්‍රාප්ත වූ කල්හි, ගඳකිළි සමීපයෙහි අබ්යාවකාශයෙහි පනවන ලද, උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්නේ බික්සඟනද, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ ආශ්‍රය කරන කල්හි උපොසථ විශෝධනය සඳහාද නුවණින් මෙනෙහි කිරීම් විශේෂ වර්ධනය සඳහාද නුවරට නොගොස් විහාරයෙහිම වසනු කැමැත්තාහු නතරවූහ. ඉක්බිති ඔව්හු භාග්‍යවතුන් වහන්සේටද බික්සඟනටද පූජා කිරීම සඳහා බොහෝ තෙල් පහන් නංවා, ශාස්තෲන් වහන්සේ කරා එළැඹ වැඳ, බික්සඟනටද, ඇඳිලි බැඳ වැඳ, භික්ෂූන් කෙළවර හුන්නාහු, ස්වාමීනි, මෙම තීර්ථකයෝ විවිධාකාර දෘෂ්ටිගතයන්හි සිත පිහිටුවා වහරමින් හැසිරෙත්. එසේ වහරන්නාහුද, කිසිකලෙක්හි ශාස්වතයද, කිසිකලෙක්හි උච්ඡේද ආදීන් අතරෙහි එක්තරා එකකදැයි මෙසේ, එක් දෘෂ්ටියකම නොසිට අලුත් අලුත් දෘෂ්ටිගතයන්හි, මෙයම සත්‍යය. අනෙක්වා හිස්යයි දැඩිව ගෙන උමතු වූවන් ලෙසින් සිටිත්. එසේ සිත පිහිටුවා ගත්තවුන්ගේ උපදනා තැන කෙබඳුද, මරණින් මත්තෙහි කෙසේදැයි කථාවක් හටගැන්වූහ. එවේලෙහි බොහෝ පලඟැටියන් වැටෙන්නාහු ම තෙල් පහන්හි වැටෙත්. එහෙයින් තෙන ඛො පන සමයෙන සම්බහුලා අධිපාතකා ආදිය යූ.සේයි.
තත්ථ අධිපාතකාති පටඞ්ගපාණකා, යෙ “සලභා”තිපි වුච්චන්ති. තෙ හි දීපසිඛං අධිපතනතො “අධිපාතකා”ති අධිප්පෙතා. ආපාතපරිපාතන්ති ආපාතං පරිපාතං, ආපතිත්වා ආපතිත්වා පරිපතිත්වා පරිපතිත්වා, අභිමුඛපාතඤ්චෙව පරිබ්භමිත්වා පාතඤ්ච කත්වාති අත්ථො. “ආපාථෙ පරිපාත”න්ති කෙචි පඨන්ති, ආපාථෙ පදීපස්ස අත්තනො ආපාථගමනෙ සති පරිපතිත්වා පරිපතිත්වාති අත්ථො. අනයන්ති අවඩ්ඪිං දුක්ඛං. බ්යසනන්ති විනාසං. පුරිමපදෙන හි මරණමත්තං දුක්ඛං, පච්ඡිමපදෙන මරණං තෙසං දීපෙති. තත්ථ කෙචි පාණකා සහ පතනෙන මරිංසු, කෙචි මරණමත්තං දුක්ඛං ආපජ්ජිංසු.
එහි අධිපතකා යනු පළඟැටියන්ය. සලභ යැයි ද කියති. උන් පහන් දැල්ලට පනින හෙයින් අධිපාතකායි අදහස් කරන ලදි. ආපාත පරිපාතං යනු ඉදිරියට වටේට වැටි වැටී, පෙරළි, පෙරළි ඉදිරියෙහි වැටීමද, පෙරළී වැටීමද කොට යයි අර්ථයි. ආපාතෙ පරිපාතංයිද සමහරු කියවති. පහන ඉදිරියෙහි තමාගේ ඉදිරි ගමනෙහි ඇතිකල්හි පෙරළි, පෙරළී යයි අර්ථයි. අනයං යනු අවැඩ, දුක, බ්යසනං යනු විනාසයයි. ප්‍රථම පදයෙන් උන්ගේ මරණ මාත්‍ර දුක ද, පශ්චිම පදයෙන් මරණයද දක්වයි. එජා සමහර ප්‍රාණීහු වැටෙන්නා හාම මළහ. සමහර ප්‍රාණීහු මරණ මාත්‍ර දුකට පැමිණියහ.
එතමත්ථං විදිත්වාති එතං අධිපාතකපාණකානං අත්තහිතං අජානන්තානං අත්තුපක්කමවසෙන නිරත්ථකබ්යසනාපත්තිං විදිත්වා තෙසං විය දිට්ඨිගතිකානං දිට්ඨාභිනිවෙසෙන අනයබ්යසනාපත්තිදීපකං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු මෙසේ තම යහපත නොදන්නා වූ පළඟැටි ප්‍රාණීන්ගේ ආත්මෝපක්‍රම වශයෙන් නිරර්ථක ව්‍යසන ප්‍රාප්තිය දැන, දෘෂ්ටිගතිකයින්ට උන්ට මෙන් දෘෂ්ටීන්හි සිත පිහිටුවීම් වශයෙන් අවැඩ ව්‍යසන ප්‍රාප්තිය දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ උපාතිධාවන්ති න සාරමෙන්තීති සීලසමාධිපඤ්ඤාවිමුත්තිආදිභෙදං සාරං න එන්ති, චතුසච්චාභිසමයවසෙන න අධිගච්ඡන්ති. තස්මිං පන සඋපායෙ සාරෙ තිට්ඨන්තෙයෙව විමුත්තාභිලාසාය තං උපෙන්තා විය හුත්වාපි දිට්ඨිවිපල්ලාසෙන අතිධාවන්ති අතික්කමිත්වා ගච්ඡන්ති, පඤ්චුපාදානක්ඛන්ධෙ “නිච්චං සුභං සුඛං අත්තා”ති අභිනිවිසිත්වා ගණ්හන්තාති අත්ථො. නවං නවං බන්ධනං බ්රූහයන්තීති තථා ගණ්හන්තා ච තණ්හාදිට්ඨිසඞ්ඛාතං නවං නවං බන්ධනං බ්රූහයන්ති වඩ්ඪයන්ති. පතන්ති පජ්ජොතමිවාධිපාතකා, දිට්ඨෙ සුතෙ ඉතිහෙකෙ නිවිට්ඨාති එවං තණ්හාදිට්ඨිබන්ධනෙහි බද්ධත්තා එකෙ සමණබ්රාහ්මණා දිට්ඨෙ අත්තනා චක්ඛුවිඤ්ඤාණෙන දිට්ඨිදස්සනෙනෙව වා දිට්ඨෙ අනුස්සවූපලබ්භමත්තෙනෙව ච සුතෙ “ඉතිහ එකන්තතො එවමෙත”න්ති නිවිට්ඨා දිට්ඨාභිනිවෙසෙන “සස්සත”න්තිආදිනා අභිනිවිට්ඨා, එකන්තහිතං වා නිස්සරණං අජානන්තා රාගාදීහි එකාදසහි අග්ගීහි ආදිත්තං භවත්තයසඞ්ඛාතං අඞ්ගාරකාසුංයෙව ඉමෙ විය අධිපාතකා ඉමං පජ්ජොතං පතන්ති, න තතො සීසං උක්ඛිපිතුං සක්කොන්තීති අත්ථො.
එහි උපාතිධාවන්ති න සාරමෙන්ති යනු සීල, සමාධි, ප්‍රඥා විමුක්ති ආදී ප්‍රභේද සාරයට නොඑති. සිව්සස් අවබෝධ කිරීම් වශයෙන් අවබෝධ නොකෙරෙත්. විමුක්ති අභිලාෂයෙන් එම උපාය සහිත සාරයෙහි සිටින්නේම ඒ හා යුක්ත වූයේ මෙන් වීද, දෘෂ්ටි විපර්යාසයෙන් අතිධාවනය කෙරෙති. ඉක්මවා යෙති. පංච උපාදාන ස්කන්ධයන්හි නිත්‍ය, සුභ, සුව ආත්මයැයි සිත පිහිටුවා ගනිත් යන අර්ථයයි. නවං නවං බන්ධනං බ්රෑහයන්ති යනු එසේ ගන්නාහුද තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත නව්‍ය නව්‍ය බන්ධනයන් වර්ධනය කෙරෙත්. පතන්ති පජ්ජොත මිවාධිපාතා දිට්ඨෙ සුතෙ ඉති හෙකෙ නිවිට්ඨා යනු මෙසේ තෘෂ්ණා දෘෂ්ටි බන්ධනයන්ගෙන් බැඳුන හෙයින් ඇතැම් මහණ බමුණෝ තමා විසින් චක්ෂුර් විඤ්ඤාණයෙන් දිටි දෘෂ්ටි දර්ශනයෙන් හෝ දක්නා ලද්දෙහි පරම්පරාගත කථා උපලබ්ධ මාත්රයෙන්මද, ශ්‍රවණයෙහි මෙසේය. ඒකාන්තයෙන් එය එසේයයි බැස ගත්තාහු දෘෂ්ටියෙහි සිත පිහිටුවීම් වශයෙන් ශාස්වතයැයි ආදී ක්‍රමයෙන් සිත පිහිටුවා ගත්තාහු, ඒකාන්තයෙන් යහපත පිණිස පවත්නා සසරින් ගැලවීම නොදන්නාහු, රාගාදී එකොළොස් ගිනිවලින් ඇවිලුනු භවත්රයය සංඛ්‍යාත අඟුරුවලෙහිම මෙම පළඟැටියන් මෙන් මෙම පහනෙහි වැටෙත්. ඉන් හිස ඔසවන්ට නොහැකි වෙත්.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍ර වර්ණනාව නිමි.
10. තථාගතුප්පාදසුත්තවණ්ණනා
10. තථාගතොත්පාද සූත්‍ර වර්ණනාව
දසමෙ යාවකීවන්ති යත්තකං කාලං. යතොති යදා, යතො පට්ඨාය, යස්මිං කාලෙති වා අත්ථො. එවමෙතං, ආනන්දාති, ආනන්ද, තථාගතෙ උප්පන්නෙ තථාගතස්ස තථාගතසාවකානංයෙව ච ලාභසක්කාරො අභිවඩ්ඪති, තිත්ථියා පන නිත්තෙජා විහතප්පභා පහීනලාභසක්කාරා හොන්තීති යං තයා වුත්තං, එතං එවං, න එතස්ස අඤ්ඤථාභාවො. චක්කවත්තිනො හි චක්කරතනස්ස පාතුභාවෙන ලොකො චක්කරතනං මුඤ්චිත්වා අඤ්ඤත්ථ පූජාසක්කාරසම්මානං න පවත්තෙති, චක්කරතනමෙව පන සබ්බො ලොකො සබ්බභාවෙහි සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති. ඉති වට්ටානුසාරිපුඤ්ඤමත්තනිස්සන්දස්සපි තාව මහන්තො ආනුභාවො, කිමඞ්ගං පන විවට්ටානුසාරිපුඤ්ඤඵලූපත්ථම්භස්ස අනන්තාපරිමෙය්යගුණගණාධාරස්ස බුද්ධරතනස්ස ධම්මරතනස්ස සඞ්ඝරතනස්ස චාති දස්සෙති.
දසවැන්නෙහි යාවකීවං යනු යම්තාක් කල්, යතො යම්කලෙක්හි, යම්කලෙකැ පටන්, එවමෙතං ආනන්ද ආනන්දය, තථාගතයන් වහන්සේ උපන් කල්හි, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්රාවකයින්ට හෝ අන්‍යයාගෙන් ලාභසත්කාර මනාව වැඩේ. තීර්ථකයෝ වනාහි තෙද රහිත, පහ වූ ආලෝකයෙන් යුක්ත වූයේ පහ වූ ලාභ සත්කාර ඇත්තාහු වෙති. ඔබතුමන් විසින් යමක් කියන ලදද? එය එසේය. එහි වෙනස් බවක් නොවේ. සක්විතිට චක්‍රරත්නයාගේ පහළවීමෙන් ලෝකයා චක්‍රරත්නය අතැර අන්තයන්හි පූජා සත්කාර සම්මාන නොපවත්වයි. මුළු ලෝවැස්සා, චක්රරත්නයම සියල්ල සිදුවන අර්ථයෙන් සත්කාර කරයි. ගරු කරයි. ගෞරව කරයි. පූජා කරයි. මෙසේ සංසාර වෘත්තානුගත පුණ්‍ය මාත්‍රයෙහි විපාකය එතරම් මහත් ආනුභාව ඇත්තේය. සංසාර විවර්තානුගත (නිවනට අදාළ) පුණ්යඵලයට උපකාර වන අනන්ත අප්‍රමාණ ගුණ සමූහයක් දරන්නා වූ බුද්ධ රත්නයෙහි ධර්ම රත්නයෙහි සංඝරත්නයෙහි ආනුභාව ගැන කියනුම කවරේද?
භගවා හි සම්මාසම්බොධිං පත්වා පවත්තවරධම්මචක්කො අනුක්කමෙන ලොකෙ එකසට්ඨියා අරහන්තෙසු ජාතෙසු සට්ඨි අරහන්තෙ ජනපදචාරිකාය විස්සජ්ජෙත්වා උරුවෙලං පත්වා උරුවෙලකස්සපප්පමුඛෙ සහස්සජටිලෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා තෙහි පරිවුතො ලට්ඨිවනුය්යානෙ නිසීදිත්වා බිම්බිසාරප්පමුඛානං අඞ්ගමගධවාසීනං ද්වාදස නහුතානි සාසනෙ ඔතාරෙත්වා යදා රාජගහෙ විහාසි, තතො පට්ඨාය භගවතො භික්ඛුසඞ්ඝස්ස ච යථා යථා උපරූපරි උළාරලාභසක්කාරො අභිවඩ්ඪති, තථා තථා සබ්බතිත්ථියානං ලාභසක්කාරො පරිහායි එව.
භාග්‍යවතුන් වහන්සේ වනාහි සම්‍යක් සම්බෝධියට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇතියේ ලොවැ එක්සැටක් රහත්හු හටගත් කල්හි, රහතුන් සැටනම ජනපද චාරිකායෙහි පිටත්කොට යවා උරුවෙලාවට සම්ප්‍රාප්තව උරුවෙල් කසුප් ප්රමුඛ සහස් ජටිලයන් අර්හත්වයෙහි පිහිටුවා, ඔවුන් විසින් පිරිවරන ලදුයේ, උක් වන උයනෙහි හිඳ බිම්සර ප්රමුඛ අංග මගධවාසී දොළොස් නහුතයක් සස්නෙහි ඇතුලත්කොට, යම්කලෙක්හි රජගහ නුවර වැඩවාසය කළසේක්ද, එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේටද, භික්ෂු සංඝයාටද, යම් යම් ආකාරයෙන් මතු මත්තෙහි ලාභසත්කාර මනාව වැඩේ. ඒ ඒ ආකාරයෙන් සියලු තීර්ථකයන්ගේ ලාභසත්කාර පිරිහේමය.
අථෙකදිවසං ආයස්මා ආනන්දො දිවාට්ඨානෙ නිසින්නො භගවතො ච අරියසඞ්ඝස්ස ච සම්මාපටිපත්තිං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සජාතො “කථං නු ඛො තිත්ථියාන”න්ති තෙසං පටිපත්තිං ආවජ්ජෙසි. අථස්ස නෙසං සබ්බථාපි දුප්පටිපත්තියෙව උපට්ඨාසි. සො “එවංමහානුභාවෙ නාම පුඤ්ඤූපනිස්සයස්ස ධම්මානුධම්මප්පටිපත්තියා ච උක්කංසපාරමිප්පත්තෙ භගවති, අරියසඞ්ඝෙ ච ධරන්තෙ කථං ඉමෙ අඤ්ඤතිත්ථියා එවං දුප්පටිපන්නා අකතපුඤ්ඤා වරාකා ලාභිනො සක්කතා භවිස්සන්තී”ති තිත්ථියානං ලාභසක්කාරහානිං නිස්සාය කාරුඤ්ඤං උප්පාදෙත්වා අථ අත්තනො පරිවිතක්කං “යාවකීවඤ්ච, භන්තෙ”තිආදිනා භගවතො ආරොචෙසි. භගවා ච තං, “ආනන්ද, තයා මිච්ඡා පරිවිතක්කිත”න්ති අවත්වා සුවණ්ණාලිඞ්ගසදිසං ගීවං උන්නාමෙත්වා සුපුප්ඵිතසතපත්තසස්සිරිකං මහාමුඛං අභිප්පසන්නතරං කත්වා “එවමෙතං, ආනන්දා”ති සම්පහංසිත්වා “යාවකීවඤ්චා”තිආදිනා තස්ස වචනං පච්චනුමොදි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා ආනන්දො…පෙ… භික්ඛුසඞ්ඝො චා”ති. අථ භගවා තස්සං අට්ඨුප්පත්තියං අතීතෙපි මයි අනුප්පන්නෙ එකච්චෙ නීචජනා සම්මානං ලභිත්වා මම උප්පාදතො පට්ඨාය හතලාභසක්කාරා අහෙසුන්ති බාවෙරුජාතකං (ජා· 1.4.153 ආදයො) කථෙසි.
ඉක්බිති එක්දිනක් ආයුෂ්මත් ආනන්ද තෙරහු දිවාස්ථානයෙහි හුන්නේ භාග්‍යවතුන් වහන්සේගේද ආර්ය සංඝයාගේ ද යහපත් ප්‍රතිපත්තිය ප්රත්යවේක්ෂා කොට ප්‍රීතිසොම්නස් හටගත්තේ, තීර්ථකයින්ගේ කෙසේදෝහෝයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ආවර්ජනය කළේය. ඉක්බිති ඔහුට ඔවුන්ගේ දුෂ්ප්රතිපත්තීන්ම හැම අයුරින්ම වැටහින. මෙසේ මහානුභාව ඇති, පිනට මූලාධාර වූ, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ද ඉහළම ප්‍රමාණයේ පාරමිතාවන්ට පත්, භාග්‍යවතුන් වහන්සේද ආර්ය සංඝයාද ජීවමාන කල්හි, කෙසේනම් මෙම අන් තොටුවෝ මෙසේ දුෂ්ප්රතිපන්නව, නොකළ පින් ඇත්තාහු, නීච පැවතුම් ඇත්තාහු, ලාභීන්ව, සත්කාර කරන ලද්දාහු වන්නාහුදැයි තීර්ථකයින්ගේ ලාභසත්කාර හානිය හේතුකොට, කාරුණ්යතාවයක් උපදවා, ඉක්බිති තමාගේ සිතිවිල්ල යාවකීවඤ්ච භන්තෙ යනාදියෙන් භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය. භාග්‍යවතුන් වහන්සේද නුඹ විසින් වැරදි සිතිවිල්ලක් සිතන ලදැයි නොවදාරා, රන් මිහිඟු බෙරයක් සමාන ග්රීවය උඩට ඔසවා, මනාසේ සුපිපි නෙලුම් මලක් බඳු සශ්‍රීක, මහමුව මනා ප්රසන්නාකාරයක් කොට, ආනන්දය එය එසේමයැයි තුටු පහටුකොට යාව කීවඤ්ච ආදියෙන් ඔහුගේ වචනය තුටුව පිළිගත් සේක. එහෙයින් අථ ඛො ආයස්මා ආනන්දො -පෙ- භික්ඛු සංඝොච යි යූ.සේයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම අර්ථෝත්පත්තියෙහිලා, අතීතයෙහි මා නූපන් කල්හි, ඇතැම් පහත් ජනයා බුහුමන් ලැබ මාගේ අපතෙහි පටන් නට ලාභසත්කාර වූහයි බාවේරු ජාතකය වදාළ සේක.
එතමත්ථං විදිත්වාති දිට්ඨිගතිකානං තාව සක්කාරසම්මානො යාව න සම්මාසම්බුද්ධා ලොකෙ උප්පජ්ජන්ති, තෙසං පන උප්පාදතො පට්ඨාය තෙ හතලාභසක්කාරා නිප්පභා නිත්තෙජාව හොන්ති, දුප්පටිපත්තියා දුක්ඛතො ච න මුච්චන්තීති එතමත්ථං සබ්බාකාරතො විදිත්වා තදත්ථදීපනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු දෘෂ්ටි ගතිකයින්ගේ සත්කාර සම්මානය යම්තාක් කල් සම්‍යක් සම්බුදුවරු ලොව නූපදිත්ද ඒතාක් කල් පවතී. එම බුදුවරුන්ගේ උපතෙහි පටන් ඔව්හු නට ලාභසත්කාර ඇත්තාහු ආලෝක රහිත වූවාහු තෙද රහිත වූවාහු වෙති. දුෂ්ප්‍රතිපත්තියෙන් දුකින්ද නොමිදෙත් යයි එම කරුණ සර්වාකාරයෙන් දැන එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ ඔභාසති තාව සො කිමීති සො ඛජ්ජූපනකකිමි තාවදෙව ඔභාසති ජොතති දිබ්බති. යාව න උන්නමතෙ පභඞ්කරොති තීසුපි මහාදීපෙසු එකක්ඛණෙ ආලොකකරණෙන “පභඞ්කරො”ති ලද්ධනාමො සූරියො යාව න උග්ගමති න උදෙති. අනුග්ගතෙ හි සූරියෙ ලද්ධොකාසා ඛජ්ජූපනකා විපරිවත්තමානාපි කණ්ටකඵලසදිසා තමසි විජ්ජොතන්ති. ස වෙරොචනම්හි උග්ගතෙ, හතප්පභො හොති න චාපි භාසතීති සමන්තතො අන්ධකාරං විධමිත්වා කිරණසහස්සෙන විරොචනසභාවතාය වෙරොචනනාමකෙ ආදිච්චෙ උට්ඨිතෙ සො ඛජ්ජූපනකො හතප්පභො නිත්තෙජො කාළකො හොති, රත්තන්ධකාරෙ විය න භාසති න දිබ්බති.
එහි ඔභාසති තාව සො කිමි යනු කදෝපැණි කෘමියා ඒ තාක් බබළයි. බබළයි. බැබළේ. යාව න උදෙති පභංකරො යනු සිව්දිග දිවයින්, ඒකක්ෂණයෙහි, ආලෝකකරණයෙන් පභංකරයැයි ලද නම් ඇති සූර්යයා උඩට මතු නොවේද? උදා නොවේද? සූර්යයා උඩට මතුනොවූ කල්හි ලද අවකාශ ඇති කදෝපැණිහු පෙරළෙමින් කටු සහිත ගෙඩි මෙන් අඳුරෙහි බබළත්. වෙරොචනම්හි උග්ගතෙ හතප්පභො හොති න චාපි භාසති යනු, හාත්පස අඳුර මැඩපවත්වා රශ්මි දහස් ගණනින් බබලන ආලෝකමත් භාවයෙන් වෙරොචන නාමයෙන් යුත් හිරු නැගි කල්හි කදෝපැණි තෙම නට ප්‍රභා ඇතියේ, තෙද රහිත වූයේ කළු වූයේ වේ. අඳුරු රැයෙහි මෙන් නොබබලයි. දීප්තිමත් නොවේ.
එවං ඔභාසිතමෙව තක්කිකානන්ති යථා තෙන ඛජ්ජූපනකෙන සූරියුග්ගමනතො පුරෙයෙව ඔභාසිතං හොති, එවං තක්කෙත්වා විතක්කෙත්වා පරිකප්පනමත්තෙන දිට්ඨීනං ගහණතො “තක්කිකා”ති ලද්ධනාමෙහි තිත්ථියෙහි ඔභාසිතං අත්තනො සමයතෙජෙන දීපෙත්වා අධිට්ඨිතං තාව, යාව සම්මාසම්බුද්ධා ලොකෙ නුප්පජ්ජන්ති. න තක්කිකා සුජ්ඣන්ති න චාපි සාවකාති යදා පන සම්මාසම්බුද්ධා ලොකෙ උප්පජ්ජන්ති, තදා දිට්ඨිගතිකා න සුජ්ඣන්ති න සොභන්ති, න චාපි තෙසං සාවකා සොභන්ති, අඤ්ඤදත්ථු විහතසොභා රත්තිඛිත්තා විය සරා න පඤ්ඤායන්තෙව. අථ වා යාව සම්මාසම්බුද්ධා ලොකෙ නුප්පජ්ජන්ති, තාවදෙව තක්කිකානං ඔභාසිතං අත්තනො සමයෙන ජොතනං බාලලාපනං, න තතො පරං. කස්මා? යස්මා න තක්කිකා සුජ්ඣන්ති, න චාපි සාවකා. තෙ හි දුරක්ඛාතධම්මවිනයා සම්මාපටිපත්තිරහිතා න සංසාරතො සුජ්ඣන්ති අනිය්යානිකසාසනත්තා. තෙනාහ “දුද්දිට්ඨී න දුක්ඛා පමුච්චරෙ”ති. තක්කිකා හි අයාථාවලද්ධිකතාය දුද්දිට්ඨිනො මිච්ඡාභිනිවිට්ඨදිට්ඨිකා විපරීතදස්සනා තං දිට්ඨිං අනිස්සජ්ජිත්වා සංසාරදුක්ඛතො න කදාචිපි මුච්චන්තීති.
එවං ඔභාසිත මෙව තිත්ථියානං යනු යම්සේ එම කදෝපැණියා විසින් සූර්යෝද්ගමනයට පෙර බබලවන ලද්දේ වේ. මෙසේ තර්ක කොට, විතර්ක කොට, සිතිවිලි මාත්‍රයෙන් දෘෂ්ටීන්ගේ ග්‍රහණය කරන හෙයින් තාර්කිකයෝ යැයි ලද නාමයන්ගෙන් යුත් තීර්ථකයින් විසින්, බබළවන ලද, තම ආගම් තෙදින් බබළවා ඉටාගත් යමක් වේද, එය යම්තාක් ලෝකයෙහි සම්‍යක් සම්බුදුවරු ලොවැ නූපදිත්ද? ඒ තාක් පවතී. න තක්කිකා සුජ්ඣන්ති නචාපි සාවකා යනු යම්කලෙක්හි සම්‍යක් සම්බුදුවරු ලොව උපදිත්ද? එකල්හි දෘෂ්ටිගතිකයෝ පිරිසිදු නොවෙත්. නොහොබිත්. ඔවුන්ගේ ශ්‍රාවකයෝද නොහොබිත්. ඒකාන්තයෙන් පහවූ සෝභා ඇත්තේ රැයෙහි විදින ලද හී මෙන් නොපෙනෙත්මය. තවද යම්තාක් සම්‍යක් සම්බුදුවරු ලොවැ නූපදිත්ද, එකෙණෙහිම තීර්ථකයින්ගේ බැබලීම තම සමයෙන් බැබළීමයි. ඉන් මත්තෙහි නොවේ. එහෙයින් තාර්කිකයෝ පිරිසිදු නොවෙත්. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ද නොවෙති. ඔවුන් විසින් නොමනාව කියන ලද ධර්ම විනයෙන්, මනා ප්‍රතිපත්ති රහිත වූවාහු, සසරින් පිරිසිදු නොවෙත්. අනෛර්යාණික සාසනය හෙයිනි. එහෙයින් දුද්දිට්ඨි න දුක්ඛා පමුච්චරෙයි වදාළහ. තාර්කිකයෝ වනාහි අයෝග්‍ය ලබ්ධිතාවය හෙයින් නරක දෘෂ්ටි හෙයින් මිථ්‍යා දෘෂ්ටියෙහි පිහිටි දෘෂ්ටි හෙයින් විකෘති දර්ශන හෙයින් දෘෂ්ටිය අත්නොහැර සසර දුකින් කිසිකලෙකත් නොමිදෙත්.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච ජච්චන්ධවග්ගවණ්ණනා.
ජාත්යන්ධ වර්ග වර්ණනාව සමාප්තයි.