තතිය නානාතිත්ථියසුත්තං
6. 6.
6. 6.
තතිය නානාතිත්ථියසුත්තං
තෘතීයනානාතීර්ත්ථක සූත්‍රය
1. එවං මෙ සුතං:– එකං සමයං භගවා සාවත්ථියං විහරති, ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණ පරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති, නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි බොහෝ නන්තොටුවෝ මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තෝ, නානා ලබ්ධි ඇත්තෝ, නානාරුචි ඇත්තෝ, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු, සැවැත්නුවරැ වෙසෙත්.
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (1)
(ඔවුන් අතුරෙහි) ‘ආත්මය ද ලෝකය ද ශාශ්වත ය. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (1)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (2)
‘ආත්මයත් ලෝකයත් අශාශ්වත ය. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (2)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (3)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (3)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (4)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නො ම වේ, අශාශ්වතත් නො ම වේ. මෙය ම සත්‍ය ය, සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (4)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (5)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (5)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘පරංකතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (6)
‘ආත්මයත් ලෝකයත් පරකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (6)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතො පරංකතො අත්තා ච ලොකො ච. ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (7)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද පරකෘත ද වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (7)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසයංකාරො අපරංකාරො අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (8)
‘ආත්මයත් ලෝකයත් අස්වයංකාර ද අපරාකර ද වේ. යදෘච්ඡාසමුත්පන්න ය, මෙය ම සත්‍ය ය, සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (8)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (9)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ශාශ්වත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (9)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (10)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතං අසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (11)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘නෙව සස්සතං නාසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (12)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් නොම වේ. අශාශ්වතත් නොම වේ යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (13)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘පරංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (14)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතං පරංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච. ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (15)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘතත් පරකෘතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (16)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අස්වයඞ්කාරත් අපරකාරත් වේ, යදෘච්ඡාසමුත්පන්න යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (16)
තෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
ඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණි යාහු. ‘ධර්මය මෙබඳු යැ, එබඳු නො වේ. ධර්මය මෙබඳු නොවේ, එබඳු යැ’යි මුවඅඩයටිවලින් උනුනට අනින්නාහු වෙසෙත්.
2. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
2. එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක සිටියහ: එක්පසෙක සිටි ම එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
ඉධ භන්තෙ සම්බහුලා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණ පරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. -පෙ- තෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
“වහන්ස, මේ සැවැත්නුවරැ නානාදෘෂ්ටි ඇති, නානාලබ්ධි ගත්, නානා රුචි ඇති, නානාදෘෂ්ටිකාරණයෙහි ඇලුණු බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ වෙසෙත්. (ඔවුන් අතුරෙහි) ආත්මයත් ලෝකයත් ශාශ්වත ය, මෙම ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ... ඔහු ‘ධර්මය මෙබඳු ය, ධර්මය එබඳු නො වේ. ධර්මය මෙබඳු නො වේ. ධර්මය එබඳු යැ’යි හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ මුව අඩයටින් උනුනට අනිමින් වෙසෙත්,’ යනු යි.
අඤ්ඤතිත්ථියා භික්ඛවෙ පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා තෙ අත්ථං න ජානන්ති අනත්ථං න ජානන්ති ධම්මං න ජානන්ති අධම්මං න ජානන්ති. තෙ අත්ථං අජානන්තා අනත්ථං අජානන්තා ධම්මං අජානන්තා අධම්මං අජානන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
“මහණෙනි, අන්තොටු පිරිවැජියෝ අන්ධයෝ ය. ඇස් නැත්තෝ ය. ඔහු වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම් නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නෝ, අවැඩ නො දන්නෝ, දහම් නො දන්නෝ, නො දහම් නො දන්නෝ, ‘ධර්මය මෙ බඳු ය, ධර්මය එබඳු නො වේ, ධර්මය මෙබඳු නො වේ. ධර්මය එබඳු යැ’යි හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවෝ උනුනට මුව අඩයටිවලින් අනින්නාහු වෙසෙත්,”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“අහඞ්කාරපසුතායං පජා පරඞ්කාරූපසංහිතා, එතදෙකෙ නාබ්භඤ්ඤංසු න නං සල්ලන්ති අද්දසුං.
‘මේ සත්කැල ස්වයංකාර (අහඞ්කාර) දෘෂ්ටියෙහි යෙදුණෝ ය. ඊශ්වරාදි අන් කිසිවෙක් සියල්ල කෙරේ’යැ යි පරකාර දෘෂ්ටිය හෝ ඇසුරු කළෝ වෙති. අන් කෙනෙක් මේ දෘෂ්ටි දෙක ම නො අනුදත්හ. ඔහු ද තමන් ගත් යදෘච්ඡාසමුත්පන්න වාදය දුක් උපදවන හුලෙකැ යි නො දුටහ.
එතඤ්ච සල්ලං පටිච්ච පස්සතො අහං කරොමී’ති න තස්ස හොති, පරො කරොතීති න තස්ස හොති,
මෙය හුලෙකැ යි මුල දී ම දක්නා ඒ ආරබ්ධ විදර්ශකයාට ‘මම් කෙරෙමි’යි කියා සිතෙක් නො වේ. අනෙකෙක් කෙරෙයි’ කියාත් ඔහුට සිතෙක් නො වෙයි.
මානුපෙතා අයං පජා මානගන්ථා මානවිනිබන්ධා, දිට්ඨීසු සාරම්භකථා සංසාරං නාතිවත්තතී”ති.
මේ සත්කැල මානයෙන් යුක්ත ය. මාන නැමැති ග්රන්ථ (ගෙතුම්) ඇත්තෝ ය. මාන බැඳුම් ඇත්තෝ ය, දෘෂ්ටිවිෂයයෙහි විරෝධකථාව සසර නො ඉක්මවයි.”