යෙදුමෙන් කියවන්න

සුභූතිසුත‍්තං

6. 7.

6. 7.

සුභූතිසුත‍්තං

සුභූති සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සුභූති භගවතො අවිදූරෙ නිසින‍්නො හොති, පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය අවිතක‍්ක සමාධිං සමාපජ‍්ජිත්‍වා. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං සුභූතිං අවිදූරෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය අවිතක‍්කං සමාධිං සමාපන‍්නං.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්‍කසමාධියට (චතුර්‍ත්‍ථධ්‍යාන පාදක අර්‍හතත්‍වඵලසමාධියට) සමවැද හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්‍කසමාධියට සමවැද හුන් සුභූති තෙරුන් දුටු සේක.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:

“යස‍්ස විතක‍්කා විධූපිතා අජ‍්ඣත‍්තං සුවිකප‍්පිතා අසෙසා, තං සඞ‍්ගමතිච‍්ච අරූපසඤ‍්ඤී චතුයොගාතිගතො න ජාතුමෙතී”ති.

“යමක්හු විසින් මිථ්‍යාවිතර්‍කයෝ පලවා හරින ලද්දාහු ද, සිය සතන්හි ඉතිරි නො කොට සිඳැ පියන ලද්දාහු ද, රාගාදි සියලු සඞ්ග ඉක්මැ අරූපය (හෙවත් නිවන) අරමුණු කරන මාර්‍ගඵලසංඥා ඇති, කාමයොගාදි සතරයෝගයන් ඉක්මැ ගිය ආර්‍ය්‍ය පුද්ගල තෙමේ ඒකාන්තයෙන් පුනර්‍භවයට නො එයි.”