යෙදුමෙන් කියවන්න

ගණිකාසුත‍්තං

6. 8.

6. 8.

ගණිකාසුත‍්තං

ගණිකා සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ද‍්වෙ පූගා අඤ‍්ඤතරිස‍්සා ගණිකාය සාරත‍්තා හොන‍්ති පටිබද‍්ධචිත‍්තා. භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං පාණීහිපි උපක‍්කමන‍්ති, ලෙඩ‍්ඩූහිපි උපක‍්කමන‍්ති දණ‍්ඩෙහිපි උපක‍්කමන‍්ති, සත්‍ථෙහිපි උපක‍්කමන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති, මරණමත‍්තම‍්පි දුක‍්ඛං.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි රජගහ නුවරැ ගණ දෙකෙක් එක්තරා ගණිකාවක කෙරෙහි ඇලුණාහු පිළිබඳ සිතැත්තාහු වෙත්. ඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු උනුනට අත්වලින් පහර දෙත්, ගල්කැටින් පහර දෙත්, දඬුවලින් පහර දෙත්, අවිවලින් පහර දෙත්. ඔහු එහි මරණයට ද පැමිණෙත්, මරණය පමණ වූ දුකට ද පැමිණෙත්.

2. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පවිසිංසු. රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ඉධ භන‍්තෙ රාජගහෙ ද‍්වෙ පූගා අඤ‍්ඤතරිස‍්සා ගණිකාය සාරත‍්තා පටිබද‍්ධචිත‍්තා භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං පාණීහිපි උපක‍්කමන‍්ති, ලෙඩ‍්ඩූහිපි උපක‍්කමන‍්ති, දණ‍්ඩෙහිපි උපක‍්කමන‍්ති, සත්‍ථෙහිපි උපක‍්කමන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති මරණමත‍්තම‍්පි දුක‍්ඛන‍්ති.

2. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ පසුබත්කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳ ගත්තාවූ ම ඒ භික්‍ෂූහු ‘වහන්ස, මේ රජගහ නුවරැ දෙ ගණ කෙනෙක් එක්තරා ගණිකාවක කෙරේ ඇලුණෝ බැඳුණු සිතැත්තෝ, හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට පැමිණියෝ, උනුනට අතින් ද පහර දෙත්, කැටින් ද පහර දෙත්, දඬුයෙන් ද පහර දෙත්, සැතින් ද පහර දෙත්. ඔහු එහි මරණයට ද , මරණය තරම් වූ දුකට ද පැමිණෙත්.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:

“යඤ‍්ච පත‍්තං යඤ‍්ච පත‍්තබ‍්බං, උභයමෙතං රජානුකිණ‍්ණං ආතුරස‍්සානුසික‍්ඛතො.

පැමිණි යම් පස් කම් සුවයෙක් ඇද්ද මතු පැමිණිය යුතු කොට පතන යම් පස් කම්සුවයෙක් ඇද්ද, මේ දෙක ම ක්ලේශාතුරයාගේ ද දුඃඛාතුරයාගේ ද රාගරජසිනුත් ද්වේෂරජසිනුත් වැසුණේ වෙයි:

යෙ ච සික‍්ඛාසාරා, සීලබ‍්බතජීවිතබ්‍රහ‍්මචරියඋපට‍්ඨානසාරා, අයමෙකො අන‍්තො.

මෙයින් සංසාරශුද්ධිය වෙතැ යි ගත් යම් ශීලව්‍රතාදි වූ ශික්‍ෂාසාර කෙනෙක් වෙත් ද, ශීලව්‍රත, ශාකභක්‍ෂකතාදි ජීවිකා, මෛථුනවිරති (ස්කන්‍දදේවපරිවරණාදි) උපස්ථානසාර කෙනෙක් වෙත් ද, මොහු ආත්මක්ලමථානුයෝග පක්‍ෂය ගත් එක් අන්තයෙක.

යෙ ච එවංවාදිනො: ‘නත්‍ථි කාමෙසු දොසො’ති, අයං දුතියො අන‍්තො. ඉච‍්චෙතෙ උභො අන‍්තා කටසිවඩ‍්ඪනා. කටසියො දිට‍්ඨිං වඩ‍්ඪෙන‍්ති. එතෙ තෙ උභො අන‍්තෙ අනභිඤ‍්ඤාය ඔලීයන‍්ති එකෙ අතිධාවන‍්ති එකෙ. යෙ ච ඛො තෙ අභිඤ‍්ඤාය තත්‍ර ච නාහෙසුං තෙන ච න මඤ‍්ඤිංසු, වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනායා”ති.

‘කාමයන්හි දොස් නැතැ’යි කියන යම් කෙනෙක් ඇත් ද, ඔවුන් ගත් මෙය කාමසුඛල්ලිකානුයෝගය වූ දෙවෙනි අන්තය ය. මෙසේ මෙ කී උබය අන්තයෝ කටසීන් (තෘෂ්ණා අවිද්‍යාවන්) වඩන්නෝ ය. කටසීහු (අවිද්‍යාතෘෂ්ණාවෝ) දෘෂ්ටිය වඩත්. මේ අන්ත දෙක නොදැන ඇතැම්හු කම්සුවෙහි යෙදීම් වශයෙන් හැකිළෙත්. කෙනෙක් සිය කය පෙළීම් වශයෙන් අතිධාවනය කරත්. යම් කෙනෙක් වනාහි ඔවුන් විශිෂ්ට නුවණින් දැන, ඒ අන්ත දෙක්හි පතිත නො වූහු ද, ඔහු (අන්තද්වයප්‍රහීණ කිරීමෙන් තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කළහ. ඔවුනට (මරණින් මතු ඇතැ යි) පණවන්නට (කර්‍මවර්‍ත විපාකවර්‍ත ක්ලේශවර්‍ත යන) කිසිම වර්‍තයෙක් නැත.”