දුතියනානාතිත්ථියසුත්තං
6. 5.
6. 5.
දුතියනානාතිත්ථියසුත්තං
ද්විතීයනානාතීර්ත්ථක සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණ පරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති, නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තාහු, නානා ලබ්ධි ඇත්තාහු, නානා රුචි ඇත්තාහු, නානා දෘෂ්ටි නිඃශ්‍රය ඇසුරු කළාහු, සැවැත් නුවරැ වෙසෙත්.
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති. (1)
ඔවුන් අතුරෙහි ආත්මයත් ලෝකයත් ශාශ්වත ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (1)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (2)
‘ආත්මයත් ලෝකයත් අශාශ්වතය මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (2)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අසස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (3)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වෙතියි, ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (3)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (4)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නොවෙති. අශාශ්වතත් නොවෙති. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (4)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයං කතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (5)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත යැ, ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (5)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘පරං කතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (6)
‘ආත්මයත් ලෝකයත් පරකෘත යැ, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (6)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතො පරංකතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (7)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද, පරකෘත ද වෙත්. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ගත් ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (7)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසයංකාරො අපරංකාරො අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (8)
‘ආත්මයත් ලෝකයත් තමන් ම මවා ගැන්මක් හෝ අනුන්ගේ මැවීමක් ඇතියෝ නො වෙත්. යදෘච්ඡාසමුත්පන්නය (කාරණයක් නැති ව තුමූ ම පහළ වූහ). මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (8)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (9)
‘සුව දුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ශාශ්වත ය. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (9)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (10)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වතය. මෙයම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘[සස්සතං අසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (11)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ශාශ්වත ද අශාශ්වත ද වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘නෙව සස්සතං නාසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (12)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම නොම ශාශ්වත ය. නොම අශාශ්වත ය. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (13)
‘සුවදුක් ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකෘත ය. මෙ යම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවදිට්ඨිනො: ‘පරංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (14)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය. මෙ යම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතං පරංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (15)
‘සුවදුක් ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකෘත ය, පරකෘතයැයි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)
සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (16)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකාර පරකාර රහිත ය, යදෘච්ඡාසමුත්පන්න ය. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (16)
තෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘එදිසො ධම්මො, නෙදිසො ධම්මො. නෙදිසො ධම්මො, එදිසො ධම්මො’ති.
ඔහු “ධර්මය මෙබඳු ය. ධර්මය එබඳු නොවේ. ධර්මය මෙබඳු නොවේ. ධර්මය එබඳු යැ”යි හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විරුද්ධවාදයට බටුවෝ උනුන් මුව නැමැති අඩයටිවලින් විදිමින් වෙසෙත්.
2. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
2. එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවරැ පිඬු පිණිස හැසිරැ, පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක් හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.
ඉධ භන්තෙ සම්බහුලා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණ පරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති -පෙ- ‘නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
“වහන්ස, මෙහි බොහෝ නන්තොටු මහණ බමුණු පිරිවැජියෝ නානාදෘෂ්ටි ඇත්තාහු, නානාලබ්ධි ඇත්තාහු, නානා රුචි ඇත්තාහු, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු සැවැත්නුවරෙහි වෙසෙත්. “ආත්මය ද, ලෝකය ද ශාශ්වත යැ යි, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් ය … ධර්මය මෙබඳු නො වේ ධර්මය එබඳු යැ යි හටගත් ඩබර ඇත්තෝ ... උනුන් මුවඅඩයටිවලින් විදිමින් වසත්” ය යි.
3. අඤ්ඤතිත්ථියා භික්ඛවෙ පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා අත්ථං න ජානන්ති අනත්ථං න ජානන්ති. ධම්මං න ජානන්ති අධම්මං න ජානන්ති. තෙ අත්ථං අජානන්තා අනත්ථං අජානන්තා ධම්මං අජානන්තා අධම්මං අජානන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
3. මහණෙනි, එ පරිද්දෙන් ම අන්තොටු පිරිවැජ්ජෝ නුවණින් අන්ධ වූවෝ, නුවණැස් නැත්තෝ … ‘දහම් එබඳු නො වේ, දහම මෙ බඳු යැ’යි … මුව අඩයටිවලින් විදුනාහු වෙසෙත්.”
4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“ඉමෙසු කිර සජ්ජන්ති එකෙ සමණබ්රාහ්මණා, අන්තරාව විසීදන්ති අපත්වාව මතොගධං”ති.
‘ඇතැම් මහණ බමුණෝ මේ අසාරදෘෂ්ටීන්හි ඇලෙත්. ඔහු ඒ නිවනට නො පැමිණ ම අතරැ දී ම සසරමහවතුරෙහි ගිලෙත්.”