යෙදුමෙන් කියවන්න

පඨම නානාතිත්‍ථිය සුත‍්තං

6. 4.

6. 4.

පඨම නානාතිත්‍ථිය සුත‍්තං

ප්‍රථමනානාතීර්‍ත්‍ථක සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා නානාතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණ පරිබ‍්බාජකා සාවත්‍ථියං පටිවසන‍්ති, නානාදිට‍්ඨිකා නානාඛන‍්තිකා නානාරුචිකා නානාදිට‍්ඨිනිස‍්සයනිස‍්සිතා.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි නානාවිධ දෘෂ්ටි ඇති නානාවිධ මත උසුලන, නානාවිධ රුචි ඇති, නානා දෘෂ්ටිනිඃශ්‍රයයෙහි ඇලුණු බොහෝ නන්තොටු මහණ බමුණු පිරිවැජියෝ සැවැත් නුවරැ වෙසෙත්.

සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (1)

(ඔවුන් අතුරෙහි) ‘ලොව ශාශ්වත ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (1)

සන‍්ති පනෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘අසස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (2)

‘ලොව අශාශ්වත ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (2)

සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘අන‍්තවා ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (3)

‘ලොව අන්තවත් ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (3)

සන‍්ති පනෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘අනන‍්තවා ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (4)

‘ලොව අනන්තය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (4)

සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘තං ජීවං තං සරීරං ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (5)

“ජීවයක් ශරීරයත් දෙකම එකෙක් ය, මෙය සත්‍ය ය, සෙස්ස හිස් යැ”යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (5)

සන‍්ති පනෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (6)

“ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (6)

සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (7)

‘ආත්මය මරණින් මතු ඇත. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (7)

සන‍්ති පනෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘න හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (8)

‘ආත්මය මරණින් මතු නැත. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (8)

සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘හොති ච න හොති ච තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (9)

‘ආත්මය මරණින් මතු ඇත්තේත් නැත්තේත් වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (9)

සන‍්ති පනෙකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘නෙව හොති ච, න න හොති ච තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. (10)

‘ආත්මය මරණින් මතු නො මැත්තේත් නොම නැත්තේත් වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (10)

තෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති ‘එදිසො ධම‍්මො නෙදිසො ධම‍්මො. නෙදිසො ධම‍්මො, එදිසො ධම‍්මො’ති.

ඔහු ධර්‍මය මෙබඳුය, එබඳු නො වේ ය. ධර්‍මය එබඳු නො වේ. මෙබඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ උනුන් මුඛ නැමැති අඩයටිවලින් විදුනාහු වෙසෙත්.

2. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසිංසු. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු, එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ඉධ භන‍්තෙ, සම‍්බහුලා නානාතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණ පරිබ‍්බාජකා සාවත්‍ථියං පටිවසන‍්ති නානාදිට‍්ඨිකා නානාඛන‍්තිකා නානාරුචිකා නානාදිට‍්ඨිනිස‍්සයනිස‍්සිතා. සන‍්තෙකෙ -පෙ- නෙදිසො ධම‍්මො එදිසො ධම‍්මො’ති.

2. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරව, පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි නානාවිධ දෘෂ්ටි ඇති නානාවිධ මත උසුලන, නානාවිධ රුචි ඇති, නානාදෘෂ්ටිනිඃශ්‍රයයෙහි ඇලුණු බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ සැවැත් නුවරැ වෙසෙත්. (ඔවුන් අතුරෙහි) ‘ලොව ශාශ්වතය ... ඔහු ‘ධර්‍මය මෙ බඳු නොවේ, ධර්‍මය එබඳු යැ’ යි ... මුඛ නැමැති අඩයටිවලින් විදුනාහු වෙසෙත්” යනු යි.

(එය අසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)

3. අඤ‍්ඤතිත්‍ථියා භික‍්ඛවෙ, පරිබ‍්බාජකා අන්‍ධා, අචක‍්ඛුකා, අත්‍ථං න ජානන‍්ති අනත්‍ථං න ජානන‍්ති, ධම‍්මං න ජානන‍්ති, අධම‍්මං න ජානන‍්ති. තෙ අත්‍ථං අජානන‍්තා අනත්‍ථං අජානන‍්තා, ධම‍්මං අජානන‍්තා, අධම‍්මං අජානන‍්තා භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති: ‘එදිසො ධම‍්මො නෙදිසො ධම‍්මො, නෙදිසො ධම‍්මො එදිසො ධම‍්මො’ති.

3. “මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ අන්‍ධයෝ ය, පැණැස නැත්තෝ ය. වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නාහු, අවැඩ නොදන්නාහු, දහම නොදන්නාහු, නොදහම නොදන්නාහු, ‘දහම මෙ බඳුය ය, දහම එ බඳුය නො වේ. දහම එ බඳුය නො වේ, දහම මෙ බඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ, උනුන් මුඛ අඩයටිවලින් විදුනාහු වෙසෙත්.

4. භූතපුබ‍්බං භික‍්ඛවෙ, ඉමිස‍්සායෙව සාවත්‍ථියා අඤ‍්ඤතරො රාජා අහොසි. අථ ඛො භික‍්ඛවෙ, සො රාජා අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: එහි ත්‍වං අම‍්භො පුරිස, යාවතකා සාවත්‍ථියා ජච‍්චන්‍ධා තෙ සබ‍්බෙ එකජ‍්ඣං සන‍්නිපාතෙහී’ති. ‘එවං දෙවා’ති ඛො භික‍්ඛවෙ, සො පුරිසො තස‍්ස රඤ‍්ඤො පටිස‍්සුත්‍වා යාවතකා සාවත්‍ථියා ජච‍්චන්‍ධා, තෙ සබ‍්බෙ ගහෙත්‍වා යෙන සො රාජා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තං රාජානං එතදවොච: ‘සන‍්නිපාතිතා ඛො තෙ, දෙව, යාවතකා සාවත්‍ථියා ජච‍්චන්‍ධා’ති. ‘තෙන හි භණෙ, ජච‍්චන්‍ධානං හත්‍ථිං දස‍්සෙහී’ති. ‘එවං දෙවා’ති ඛො භික‍්ඛවෙ, සො පුරිසො තස‍්ස රඤ‍්ඤො පටිස‍්සුත්‍වා ජච‍්චන්‍ධානං හත්‍ථිං දස‍්සෙසි. එදිසො ජච‍්චන්‍ධා, හත්‍ථිති:

4. “මහණෙනි, පෙර වූවක් කියම්. මේ සැවැත් නුවරෙහි ම එක්තරා රජෙක් විය. එකල්හි ඒ රජ, එක් පුරුෂයකු බණවා, ‘එම්බා පුරුෂය, තෝ මෙහි එව. සැවැතෙහි යම් පමණ දෑ අඳහු වෙත් නම්, උන් හැම එකට රැස් කරව’යි ඇණවී ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’යි කියා ම, ඒ පුරුෂ තෙම, එ රජුට පිළිවදන් දී, සැවැතෙහි යම් පමණ දෑ අඳහු වූහු නම් උන් හැම ගෙන ඒ රජු කරා එළැඹියේ ය. එළැඹ, එ රජුට ‘දේවයිනි, සැවැතෙහි ඇති තාක් හැම දෑ අඳහු ම රැස් කරන ලද්දාහ’යි සැළ කෙළේ ය. ‘එසේ වී නම්, සගය, දෑ අඳනට ඇතකු දක්වව’යි රජ කී ය. ඒ පුරුෂ තෙම, එසේය දේවයිනි’යි කියා ඒ රජුට පිළිවදන් දී දෑ අඳනට ‘දෑ අඳනි, ඇතා මෙ බඳු’යි කියා ඇතු දැක්වී ය:

එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස සීසං දස‍්සෙසි. ‘එදිසො ජච‍්චන්‍ධා, හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස කණ‍්ණං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා, හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස දන‍්තං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස සොණ‍්ඩං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස කායං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස පාදං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස සත්‍ථිං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා, හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස නඞ‍්ගුට‍්ඨං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා, හත්‍ථි’ති. එකච‍්චානං ජච‍්චන්‍ධානං හත්‍ථිස‍්ස වාලධිං දස‍්සෙසි, ‘එදිසො ජච‍්චන්‍ධා, හත්‍ථි’ති.

‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ හිස දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ කන දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ දතක් දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ සොඬ දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ කඳ දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ පයක් දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ කළවෙය දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ නඟුට දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ වලග දැක්වී ය.

අථ ඛො භික‍්ඛවෙ, සො පුරිසො ජච‍්චන්‍ධානං හත්‍ථිං දස‍්සෙත්‍වා යෙන සො රාජා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං රාජානං එතදවොච: ‘දිට‍්ඨො ඛො තෙහි දෙව, ජච‍්චන්‍ධෙහි හත්‍ථි, යස‍්ස’දානි කාලං මඤ‍්ඤසී’ති.

ඉක්බිත්තෙන් මහණෙනි, ඒ පුරුෂ තෙම දෑ අඳනට ඇතු දක්වා, ඒ රජු කරා එළැඹියේ ය. එළැඹ එ රජුට ‘දේවයිනි, ඒ දෑ අඳන් විසින් ඇත් තෙම දක්නා ලද්දේ ය. ඔවුන්ගෙන් යම් විමැසුමකට දේවයන් වහන්සේ සිතන සේක් නම්, එයට දැන් කල් යැ’යි සැළ කෙළේ ය.

5. අථ ඛො භික‍්ඛවෙ සො රාජා යෙන තෙ ජච‍්චන්‍ධා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ ජච‍්චන්‍ධෙ එතදවොච: ‘දිට‍්ඨො වො ජච‍්චන්‍ධා හත්‍ථි’ති. ‘එවං දෙව, දිට‍්ඨො නො හත්‍ථි’ති. වදෙථ ජච‍්චන්‍ධා, ‘එදිසො හත්‍ථි’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස සීසං දිට‍්ඨං අහොසි, තෙ එවමාහංසු: ‘එදිසො දෙව, හත්‍ථි, සෙය්‍යථාපි කුම‍්භො’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස කණ‍්ණො දිට‍්ඨො අහොසි, තෙ එවමාහංසු, ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි සුප‍්පං’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස දන‍්තො දිට‍්ඨො අහොසි, තෙ එවමාහංසු, ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි ඵාලො’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස සොණ‍්ඩො දිට‍්ඨො අහොසි, තෙ එවමාහංසු, ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි නඞ‍්ගලීසා’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස කායො දිට‍්ඨො අහොසි, තෙ එවමාහංසු, ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි කොට‍්ඨො’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස පාදො දිට‍්ඨො අහොසි, තෙ එවමාහංසු ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි ථූනො’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස සත්‍ථි දිට‍්ඨා අහොසි, තෙ එවමාහංසු: ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි උදුක‍්ඛලො’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස නඞ‍්ගුට‍්ඨං දිට‍්ඨං අහොසි, තෙ එවමාහංසු ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි මුසලො’ති. යෙහි භික‍්ඛවෙ ජච‍්චන්‍ධෙහි හත්‍ථිස‍්ස වාලධි දිට‍්ඨො අහොසි, තෙ එවමාහංසු ‘එදිසො දෙව හත්‍ථි සෙය්‍යථාපි සම‍්මජ‍්ජනී’ති. තෙ ‘එදිසො හත්‍ථි නෙදිසො හත්‍ථි, නෙදිසො හත්‍ථි එදිසො හත්‍ථි’ති. අඤ‍්ඤමඤ‍්ඤං මුට‍්ඨීහි සංඛුභිංසු. තෙන ච පන භික‍්ඛවෙ සො රාජා අත‍්තමනො අහොසි.

5. මහණෙනි, එ කලැ ඒ රජ ඒ දැ අඳුන් කරා එළැඹියේ ය. එළැඹ ‘දෑ අඳනි, තොප විසින් ඇතා දක්නා ලද දැ?’යි ඇසී ය. “එසේ ය, දේවයන් වහන්ස, අප විසින් ඇතා දක්නා ලදැ”යි ඔහු කීහ. දෑ අඳනි, ඇතා මෙ අයුරුයැ යි කියව’යි රජ කී ය. යම් දෑ අඳුන් විසින් ඇතුගේ හිස අත ගානා ලද්දේ වී ද, ඔහු ‘කළය යම් බඳු නම් ඇතා එබඳු යැ’යි කීහ. ඇතුගේ කන් අත ගැ දෑ අඳහු ඇතා කුල්ලක් බඳු යැ’යි කීහ. ඇතුගේ දත් දුටු දෑ අඳහු ‘දේවයිනි ඇතා සීවැල බඳු යැ’යි කීහ. ඇතුගේ සොඬ අත ගෑ දෑ අඳහු ‘ඇතා නගුලිස බඳු යැ’යි කීහ. ඇතුගේ සිරුරැ අත ගෑ දෑ අඳහු ‘ඇති අටුව බඳු යැ’යි කීහ. ඇතුගේ පය අත ගෑ දෑ අඳහු ‘ඇතා ටැඹක් බඳු යැ’යි කීහ. ඇතුගේ කළවෙ අත ගෑ දෑ අඳහු ‘ඇතා වංගෙඩිය බඳුය’යි කීහ. ඇතුගේ නඟුට අත ගෑ අඳහු ‘ඇතා මොහොල බඳු යැ’යි කීහ. ඇතුගේ වලග අත ගෑ දෑ අඳහු ‘ඇතා මුස්න බඳු යැ’යි කීහ. ඔහු ‘ඇතා මෙබඳු ය, එබඳු නොවේ. ඇතා එබඳු නො වේ. මෙබඳු යැ’යි උනුන් මිටින් පහර දුන්හ. මහණෙනි, එයින් රජ සතුටු විය.

එවමෙව ඛො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අන්‍ධා අචක‍්ඛුකා -පෙ- නෙදිසො ධම‍්මො එදිසො ධම‍්මො’ති.

මහණෙනි, එ පරිද්දෙන් ම අන්තොටු පිරිවැජ්ජෝ නුවණින් අන්‍ධ වූවෝ, නුවණැස් නැත්තෝ ... ‘දහම එබඳු නො වේ, දහම මෙ බඳු යැ’යි ... මුව අඩයටිවලින් විදුනාහු වෙසෙත්.”

6. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

6. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:

“ඉමෙසු කිර සජ‍්ජන‍්ති එකෙ සමණබ්‍රාහ‍්මණා, විග‍්ගය‍්හ නං විවදන‍්ති ජනා එකඞ‍්ගදස‍්සිනො”ති.

“ඇතැම් මහණ බමුණෝ (ශාශ්වතාදි අසාර වූ) මේ දෘෂ්ටීන්හි ඇලෙත්. එක් අඞ්ගයක් ම දක්නාහු (‘තෝ මෙය නො දනිහි. මම් දනිමි’යි යන ආදීන් ) එය (ශාශ්වතාදි වශයෙන්) උනුනට විරුද්ධ වැ ගෙන විවාද කෙරෙත්.’