4. පඨම නානාතිත්ථිය සුත්තවණ්ණනා අට්ඨකථා
4. පඨම නානාතිත්ථිය සුත්තවණ්ණනා
4. ප්රථමනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ නානාතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකාති එත්ථ තරන්ති එතෙන සංසාරොඝන්ති තිත්ථං, නිබ්බානමග්ගො. ඉධ පන විපරීතවිපල්ලාසවසෙන දිට්ඨිගතිකෙහි තථා ගහිතදිට්ඨිදස්සනං “තිත්ථ”න්ති අධිප්පෙතං. තස්මිං සස්සතාදිනානාකාරෙ තිත්ථෙ නියුත්තාති නානාතිත්ථියා, නග්ගනිගණ්ඨාදිසමණා චෙව කඨකලාපාදිබ්රාහ්මණා ච පොක්ඛරසාතාදිපරිබ්බාජකා ච සමණබ්රාහ්මණපරිබ්බාජකා. නානාතිත්ථියා ච තෙ සමණබ්රාහ්මණපරිබ්බාජකා චාති නානාතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකා.
සිව්වැන්නෙහි, නානා තිත්ථියා සමණ බ්‍රාහ්මණ පරිබ්බාජකා යන මෙහි එය කරණකොට සංසාර නමැති සැඩ පහර තරණය කෙරෙත්නුයි තිත්ථංයි. නිර්වාණ මාර්ගයි. මෙහි වනාහි විපරීත විපර්යාස වශයෙන් දෘෂ්ටි ගතිකයින් විසින් එසේ ගන්නා ලද දෘෂ්ටි තීර්ථයයි අදහස් කරන ලදි. එම ශාස්වතාදී නොයෙක් ආකාර තීර්ථයෙහි නියුතු - නොයෙක් තීර්ථකයෝ, නග්න, නිඝණ්ඪාදී ශ්‍රමණයෝද කඨ කලාපාදී බ්‍රාහ්මණයෝද, පොක්ඛරසාති ආදී පරිබ්‍රාජකයෝද, ශ්‍රමණ, බ්‍රාහ්මණ පරිබ්රාජකයෝයි. නොයෙක් තීර්ථකයෝම එම සමණ බ්‍රාහ්මණ පරිබ්රාජකයෝයි.
“සස්සතො අත්තා ච ලොකො චා”තිආදිනා පස්සන්ති එතාය, සයං වා පස්සති, තථා දස්සනමත්තමෙව වාති දිට්ඨි, මිච්ඡාභිනිවෙසස්සෙතං අධිවචනං. සස්සතාදිවසෙන නානා අනෙකවිධා දිට්ඨියො එතෙසන්ති නානාදිට්ඨිකා. සස්සතාදිවසෙනෙව ඛමනං ඛන්ති, රොචනං රුචි, අත්ථතො “සස්සතො අත්තා ච ලොකො චා”තිආදිනා (උදා· 55) පවත්තො චිත්තවිපල්ලාසො සඤ්ඤාවිපල්ලාසො ච. තථා නානා ඛන්තියො එතෙසන්ති නානාඛන්තිකා, නානා රුචියො එතෙසන්ති නානාරුචිකා. දිට්ඨිගතිකා හි පුබ්බභාගෙ තථා තථා චිත්තං රොචෙත්වා ඛමාපෙත්වා ච පච්ඡා “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති අභිනිවිසන්ති. අථ වා “අනිච්චං නිච්ච”න්තිආදිනා තථා තථා දස්සනවසෙන දිට්ඨි, ඛමනවසෙන ඛන්ති, රුච්චනවසෙන රුචීති එවං තීහිපි පදෙහි දිට්ඨි එව වුත්තාති වෙදිතබ්බා. නානාදිට්ඨිනිස්සයනිස්සිතාති සස්සතාදිපරිකප්පවසෙන නානාවිධං දිට්ඨියා නිස්සයං වත්ථුං කාරණං, දිට්ඨිසඞ්ඛාතමෙව වා නිස්සයං නිස්සිතා අල්ලීනා උපගතා, තං අනිස්සජ්ජිත්වා ඨිතාති අත්ථො. දිට්ඨියොපි හි දිට්ඨිගතිකානං අභිනිවෙසාකාරානං නිස්සයා හොන්ති.
ආත්මයද, ලෝකයද ශාස්වතයැයි ආදී ක්‍රමයෙන් දකිති. එය කරණකොටගෙන තෙමේ හෝ දකියි. එසේ දර්ශන මාත්‍රයම හෝ දෘෂ්ටියි. වැරදි ඇලීම්වලට එය විශේෂ නාමයකි. ශාස්වතාදී වශයෙන් නොයෙක් ආකාර දෘෂ්ටීහු ඔවුන්ටනුයි නානා දිට්ඨිකායි. ශාස්වතාදී වශයෙන්ම ඉවසීම ඛන්තියි. කැමැතිවීම රුචි යි. අර්ථ වහයෙන් වනාහි ආත්මයද ලෝකයද ශාස්වතයැයි ආදී ක්‍රමයෙන් පැවැති චිත්ත විපර්යාසය, හැඟීම් විපර්යාසයද එසේ වූ නොයෙක් ක්ෂාන්තීහු ඔවුන්ටනුයි නානා ඛන්තිකායි. විවිධ රුචීහු ඔවුන්ටනුයි නානා රුචිකායි. දෘෂ්ටි ගතිකයෝ වනාහි පූර්ව භාගයෙහි ඒ ඒ අයුරින් සිත රුචි කරවා ක්ෂමා කරවා පසුව, මෙයම සත්‍යය අනෙක්වා හිස්යයි සිත පිහිටුවති. නොහොත් අනිත්‍යය නිත්‍යය යන ආදී වශයෙන් ඒ ඒ දර්ශන වශයෙන් දෘෂ්ටියි. ඉවසීම් වශයෙන් ක්ෂාන්තියි. රුචි කිරීම් වශයෙන් රුචියි. මෙසේ පදත්රයයෙන්ම දෘෂ්ටියම යූ.සේයි. නානා දිට්ඨි නිස්සය නිස්සිතා යනු ශාස්වතාදී ෂට් කල්පන වශයෙන් විවිධාකාර වූ දෘෂ්ටියට හේතුකාරණා වූ දෘෂ්ටි සංඛ්‍යාත වූම නිශ්‍රය නිශ්රිත වූවාහු ඇලුනාහු, තැවරුනාහු, එළැඹියාහු අත්නොහැර සිටියේ යයි අර්ථයි. දෘෂ්ටීහුම දෘෂ්ටිගතිකයින්ට ඇලීම් ආකාරයෙන් නිශ්‍රය වෙති.
සන්තීති අත්ථි සංවිජ්ජන්ති උපලබ්භන්ති. එකෙති එකච්චෙ. සමණබ්රාහ්මණාති පබ්බජ්ජූපගමෙන සමණා, ජාතියා බ්රාහ්මණා, ලොකෙන වා සමණාති ච බ්රාහ්මණාති ච එවං ගහිතා. එවංවාදිනොති එවං ඉදානි වත්තබ්බාකාරෙන වදන්තීති එවංවාදිනො. එවං ඉදානි වත්තබ්බාකාරෙන පවත්තා දිට්ඨි එතෙසන්ති එවංදිට්ඨිනො. තත්ථ දුතියෙන දිට්ඨිගතිකානං මිච්ඡාභිනිවෙසො දස්සිතො, පඨමෙන තෙසං යථාභිනිවෙසං පරෙසං තත්ථ පතිට්ඨාපනවසෙන වොහාරො.
සන්ත යනු තිබේ. විද්‍යමාන වෙති. ලබත්. එකෙ යනු ඇතැම්හු. සමණ බ්රාහ්මණා යනු ප්‍රවෘජ්‍යාවට එළැඹීමෙන් ශ්‍රමණයෝ. උපතින් බමුණෝ හෝ ලෝකයා විසින් ශ්‍රමණයැයි හෝ බ්‍රාහ්මණ යැයි හෝ මෙසේ ගන්නා ලද, එවං වාදිනො යනු මෙසේ දැන් කිවයුතු ආකාරයෙන්ම කියත්නුයි එවං වාදිනොයි දැන් කිවයුතු ආකාරයෙන් පවත්නා දෘෂ්ටි ඔවුන්ටනුයි එවං දිට්ඨිනො යි. එහි දෙවැන්නෙන් දෘෂ්ටි ගතිකයින්ගේ වැරදි දෘෂ්ටි පිහිටුවීම දක්වන ලදි. පළමුවැන්නෙන් ඔවුන්ගේ පිහිටුවීමෙහිදී පිහිටුවීම් ප්‍රදේශ වශයෙන් ව්‍යවහාරයයි.
සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති එත්ථ ලොකොති අත්තා. සො හි දිට්ඨිගතිකෙහි ලොකියන්ති එත්ථ පුඤ්ඤං පාපං තබ්බිපාකා, සයං වා කාරකාදිභාවෙන අභියුත්තෙහි ලොකියතීති ලොකොති අධිප්පෙතො. ස්වායං සස්සතො අමරො නිච්චො ධුවොති යදිදං අම්හාකං දස්සනං ඉදමෙව සච්චං අවිපරීතං, අඤ්ඤං පන අසස්සතොතිආදි පරෙසං දස්සනං මොඝං මිච්ඡාති අත්ථො. එතෙන චත්තාරොපි සස්සතවාදා දස්සිතා හොන්ති. අසස්සතොති න සස්සතො, අනිච්චො අධුවො චවනධම්මොති අත්ථො. “අසස්සතො”ති සස්සතභාවප්පටික්ඛෙපෙනෙව උච්ඡෙදො දීපිතොති සත්තපි උච්ඡෙදවාදා දීපිතා හොන්ති.
සස්සතො ලොකො ඩදමෙව සච්චං මොඝමඤ්ඤං යන මෙහි ලොකො යනු ආත්මයයි. එය වනාහි දෘෂ්ටිගතිකයින් විසින් ලෝකයට අයත් සේ සලකයි. මෙහි පින් පවා හා එහි විපාක තෙමේ හෝ කාරකාදී භාවයෙන් යොදවන්නවුන් විසින් ලෝකයට ඇතුලත් කෙරේනුයි ලෝකයයි අදහස් කරන ලදි. ඒ මේ ලෝකය ශාස්වතය. අමරය. නිත්‍යය. ස්ථිරය. යම් ආකාර වූ අපගේ දර්ශනයක් වේද, මෙයම සත්‍යය. වෙනස් නොවේ. අනෙක් දෑ වනාහි අශාස්වතයැයි ආදි කොටස් දැක්වීම හිස්ය. මිථ්යාය යන අර්ථයි. එම සතරින්ම ශාස්වත වාදය දක්වන ලද්දේ වෙති. අසස්සතො යනු ශාස්වත නොවූයේ අනිත්‍යය තිර නොවේ. චුත වන ස්වභාව ඇත්තේය යන අර්ථයි. අශාස්වතැයි ශාස්වත අභාව ප්රතික්ෂේපයෙන්ම නැවත නොඉපදී ම දක්වන ලදැයි සත්වැදෑරුම් වූද, උච්ඡේද වාදය දක්වන ලද්දේ වෙති.
අන්තවාති සපරියන්තො පරිවටුමො පරිච්ඡින්නප්පමාණො, න සබ්බගතොති අත්ථො. එතෙන සරීරපරිමාණො අඞ්ගුට්ඨපරිමාණො අවයවපරිමාණො පරමාණුපරිමාණො අත්තාති එවමාදිවාදා දස්සිතා හොන්ති. අනන්තවාති අපරියන්තො, සබ්බගතොති අත්ථො. එතෙන කපිලකණාදාදිවාදා දීපිතා හොන්ති.
අන්තවා යනු කෙළවර සහිත රවුම් පිරිසිඳි ප්‍රමාණය, සියල්ල ඉවත් කළේයයි අර්ථයි. ඉන් පාද ප්‍රමාණ ඇඟිලි ප්‍රමාණ යව ප්‍රමාණ, පරමාණු ප්‍රමාණ ආත්මයැයි දක්වන ලද්දේ වෙති. න අන්තවා යනු කෙළවර රහිත වූයේ සියල්ල ඇතුලත් වූයේ යයි අර්ථයි. ඉන් කපිල, කණාද[කපිල - කණාද ආදී වාද යන්නෙන් සාඛ්යෙ දර්ශනයත්, වෛශෙෂික දර්ශනයත් අදහස් කෙරේ.] ආදී වාදයන් දක්වන ලදුයේ වේ.
තං ජීවං තං සරීරන්ති යං සරීරං, තදෙව ජීවසඞ්ඛාතං වත්ථු, යඤ්ච ජීවසඞ්ඛාතං වත්ථු, තදෙව සරීරන්ති ජීවඤ්ච සරීරඤ්ච අද්වයං සමනුපස්සති. එතෙන ආජීවකානං විය “රූපී අත්තා”ති අයං වාදො දස්සිතො හොති. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති ඉමිනා පන “අරූපී අත්තා”ති අයං වාදො දස්සිතො.
තංජීවං තං සරීරං යනු යම් ආකාර ශරීරයක් වේද එයම ජීව සංඛ්‍යාත වස්තුවයි. යම් ජීව සංඛ්‍යාත වස්තුවක් වේද, එයම ශරීරයැයි ද, ජීවයද ශරීරයද දෙකක් නොවන සේ බලයි. ඉන් ආජීවකයන්ගේ මෙන් රූපය ආත්මයැයි යන මේ වාදය දක්වන ලද්දේ වේ. අඤ්ඤං පීවං අඤ්ඤං ශරීරං යනු මෙයින් ආත්මය අරූපී යයි යන මේ වාදය දක්වන ලද්දේ වේ.
හොති තථාගතො පරං මරණාති එත්ථ තථාගතොති සත්තො. තඤ්හි දිට්ඨිගතිකො කාරකවෙදකාදිසඞ්ඛාතං, නිච්චධුවාදිසඞ්ඛාතං වා තථාභාවං ගතොති තථාගතොති වොහරති, සො මරණතො ඉධකායස්ස භෙදතො පරං උද්ධං හොති, අත්ථි සංවිජ්ජතීති අත්ථො. එතෙන සස්සතග්ගාහමුඛෙන සොළස සඤ්ඤීවාදා අට්ඨ අසඤ්ඤීවාදා අට්ඨ ච නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා දස්සිතා හොන්ති. න හොතීති නත්ථි න උපලබ්භති. එතෙන උච්ඡෙදවාදො දස්සිතො. හොති ච න ච හොතීති අත්ථි ච නත්ථි චාති. එතෙන එකච්චසස්සතවාදා සත්ත සඤ්ඤීවාදා ච දස්සිතා. නෙව හොති න න හොතීති ඉමිනා පන අමරාවික්ඛෙපවාදො දස්සිතොති වෙදිතබ්බං.
තථාගතො පරම්මරණා යන මෙහි තථාගතො යනු ආත්මයයි. එය වනාහි දෘෂ්ටිගතික තෙමේ කාරක වේදිකාදි සංඛ්‍යාත, නිත්‍ය-තිර ආදී සංඛ්‍යාත හෝ එබඳු ස්වභාවයට ගියේනුයි තථාගතයි ව්‍යවහාර කරයි. හෙතෙම මෙහි මරණයෙන් ශරීරයාගේ භේදයෙන් මත්තෙහි ඉහළ වේ. හොති තිබේ. විද්‍යමාන වේයයි අර්ථයි. ඉන් ශාස්වත ග්‍රාහී මුඛයෙන් සොළොස් සංඥී වාදයන්ද, අට අසංඥීවාදයන්ද අටවැදෑරුම් නෙවසංඥී නාසංඥී වාදයන්ද දක්වන ලද්දේ වෙති. නහොති යනු නොමැත. නොලබයි. එයින් උච්ඡේදවාද දක්වන ලද්දේ වේ. හොතිච න හොති යනු තිබේද, නොතිබේද යන එයින් ඇතැම් ශාස්වත වාදයන්ද, සප්තසංඥී වාදයන්ද දක්වන ලද්දේ වේ. නෙව හොති න නහොති යන මෙයින් අමරා වික්ෂෙපවාදය දක්වන ලද්දේ වේ.
ඉමෙ කිර දිට්ඨිගතිකා නානාදෙසතො ආගන්ත්වා සාවත්ථියං පටිවසන්තා එකදා සමයප්පවාදකෙ සන්නිපතිත්වා අත්තනො අත්තනො වාදං පග්ගය්හ අඤ්ඤවාදෙ ඛුංසෙන්තා විවාදාපන්නා අහෙසුං. තෙන වුත්තං “තෙ භණ්ඩනජාතා”තිආදි.
මෙම දෘෂ්ටිගතිකයෝ නන්දෙසින් අවුත් සැවැත්නුවර වසන්නාහු, එක්කලෙක (දිනක) සමය ප්රවාදකයින් රැස්ව තම තමන්ගේ වාද දැඩිව ගෙන අන් වාද ගරහන්නාහු විවාදාවතීර්ණ වූහ. එහෙයින් තෙ භඬනජාතා ආදිය යූ.සේයි.
තත්ථ භණ්ඩනං නාම කලහස්ස පුබ්බභාගො. භණ්ඩනජාතාති ජාතභණ්ඩනා. කලහොති කලහො එව, කලස්ස වා හනනතො කලහො දට්ඨබ්බො. අඤ්ඤමඤ්ඤස්ස විරුද්ධවාදං ආපන්නාති විවාදාපන්නා. මම්මඝට්ටනතො මුඛමෙව සත්තීති මුඛසත්ති, ඵරුසවාචා. ඵලූපචාරෙන විය හි කාරණං කාරණූපචාරෙන ඵලම්පි වොහරියති යථා තං “සුඛො බුද්ධුප්පාදො, පාපකම්මං පච්චනුභොතී”ති ච. තාහි මුඛසත්තීහි විතුදන්තා විජ්ඣන්තා විහරන්ති. එදිසො ධම්මොති ධම්මො අවිපරීතසභාවො එදිසො එවරූපො, යථා මයා වුත්තං “සස්සතො ලොකො”ති. නෙදිසො ධම්මොති න එදිසො ධම්මො , යථා තයා වුත්තං “අසස්සතො ලොකො”ති, එවං සෙසපදෙහිපි යොජෙතබ්බං. සො ච තිත්ථියානං විවාදො සකලනගරෙ පාකටො ජාතො. අථ භික්ඛූ සාවත්ථිං පිණ්ඩාය පවිට්ඨා තං සුත්වා “අත්ථි නො ඉදං කථාපාභතං, යං නූන මයං ඉමං පවත්තිං භගවතො ආරොචෙය්යාම, අප්පෙව නාම තං නිස්සාය සත්ථු සණ්හසුඛුමං ධම්මදෙසනං ලභෙය්යාමා”ති තෙ පච්ඡාභත්තං ධම්මදෙසනාකාලෙ භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන වුත්තං – “අථ ඛො සම්බහුලා භික්ඛූ”තිආදි.
එහි භඬනං භඬනය නම් කලහයෙහි පූර්ව භාගයයි. භඬන ජාතා යනු හටගත් පූර්වභාග කලහය, කලහයම හෝ මිහිරි හඬෙහි නසන බැවින් කලහය දතයුතුය. ඔවුනොවුන්ට විරුද්ධ වාදයට පැමිණියාහුයි. විවාදපන්නා යි. මර්මස්ථාන ගටනා හෙයින් මුඛයම ආයුධයක් වූයේනුයි මුඛසත්ති යි. ඵරුස වචනයි. ඵලය ආසන්න වශයෙන් ගෙන කාරණයද කාරණය ආසන්න වශයෙන් ගෙන ඵලයද ව්‍යවහාර කෙරේ. එය යම්සේ බුද්ධෝත්පාදය සුවගෙන දේ. පව්කම් විඳින ලදි. එම මුව නමැති ආයුධවලින් විදින්නාහු වාසය කෙරෙත්. එදිසො ධම්මො යනු ලෝකය ශාස්වතයයි යම්සේ මා විසින් යූ.සේයිද? එබඳු අවිපරීත ස්වභාවය. නෙදිසො ධම්මො යනු ලෝකය අශාශ්වතයැයි නුඹ විසින් යූ.සේයිද? එබඳු ආකාර ධර්මයක් නොවේ. සෙසු පදයන්හි මෙසේ යෙදිය යුතුය. එම තීර්ථකයින්ගේ විවාදය මුලු නුවර ප්‍රකට විය. ඉක්බිති භික්ෂූහු සැවතට පිඬු පිණිස පිවිසියාහු එය අසා මෙම කථාවෙන් යමක් කීමට අවස්ථාවක් තිබේද? අපි මෙපුවත භාග්‍යවතුන් වහන්සේට සැල කරන්නේ නම් ඉතා යෙහෙකියි ඒකාන්තයෙන්ම එය ඇසිරිකොට ඉතා සියුම් ධර්ම දේශනාවක් ලබන්නෙමුයි පසුබත ධර්මදේශනා කල්හි භාග්‍යවතුන් වහන්සේට එකරුණ සැළ කළහ. එහෙයින් අථඛො සම්බහුලා භික්ඛු ආදිය යූ.සේයි.
තං සුත්වා භගවා අඤ්ඤතිත්ථියානං ධම්මස්ස අයථාභූතපජානනං පකාසෙන්තො “අඤ්ඤතිත්ථියා, භික්ඛවෙ”තිආදිමාහ. තත්ථ අන්ධාති පඤ්ඤාචක්ඛුවිරහෙන අන්ධා. තෙනාහ “අචක්ඛුකා”ති. පඤ්ඤා හි ඉධ “චක්ඛූ”ති අධිප්පෙතා. තථා හි වුත්තං “අත්ථං න ජානන්තී”තිආදි. තත්ථ අත්ථං න ජානන්තීති ඉධලොකත්ථං පරලොකත්ථං න ජානන්ති, ඉධලොකපරලොකෙසු වුද්ධිං අබ්භුදයං නාවබුජ්ඣන්ති, පරමත්ථෙ පන නිබ්බානෙ කථාවකා. යෙ හි නාම පවත්තිමත්තෙපි සම්මූළ්හා, තෙ කථං නිවත්තිං ජානිස්සන්තීති. අනත්ථං න ජානන්තීති යදග්ගෙන තෙ අත්ථං න ජානන්ති, තදග්ගෙන අනත්ථම්පි න ජානන්ති. යස්මා ධම්මං න ජානන්ති, තස්මා අධම්මම්පි න ජානන්ති. තෙ හි විපරියෙසග්ගාහිතාය ධම්මං කුසලම්පි අකුසලං කරොන්ති, අධම්මම්පි අකුසලං කුසලං කරොන්ති. න කෙවලඤ්ච ධම්මාධම්මෙසු එව, අථ ඛො තස්ස විපාකෙසුපි සම්මූළ්හා. තථා හි තෙ කම්මම්පි විපාකං කත්වා වොහරන්ති, විපාකම්පි කම්මං කත්වා. තථා ධම්මං සභාවධම්මම්පි න ජානන්ති, අධම්මං අසභාවධම්මම්පි න ජානන්ති. එවංභූතා ච සභාවධම්මං අසභාවධම්මඤ්ච, අසභාවධම්මං සභාවධම්මඤ්ච කත්වා පවෙදෙන්ති.
එය අසා භාග්‍යවතුන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ ධර්මයෙහි අස්වාභාවික විශේෂ දැනුම ප්‍රකාශ කරනුයේ අඤ්ඤකිත්ථියා භික්ඛවෙ යනාදිය වදාළහ. එහි අන්ධා යනු පැණැස විරහිත වීමෙන් අන්ධ වූවාහු එහෙයින් අචක්ඛුකායි. ප්‍රඥාව මෙහි චක්ෂුයයි අදහස් කරන ලදි. එහෙයින් අත්ථං නජානන්ති ආදිය යු.සේයි. එහි අත්ථං න ජානන්ති යනු මෙලෝ අර්ථය පරලෝ අර්ථය නොදනිත්. මෙලෝ පරලෝ වෘද්ධිය අභිවෘද්ධිය අවබෝධ නොකරත්. පරමාර්ථ නිර්වාණය ගැන කවර කථාද? යම් අයවලුන් විසින් ප්රවෘත්ති මාත්රයෙහිද මුළා වූවහුද? ඔව්හු කෙසේ නැවැත්ම දැනගන්නාහුද? යම්තැනක පටන් ඔව්හු අර්ථය නොදනිත්ද? එතැන්පටන් ඔව්හු අනර්ථයද නොදනිත්. යම්හෙයකින් ධර්මය නො දනිත්ද? අධර්මයද නොදනිත්. ඔවුන් විසින් විපර්යාස ග්‍රාහයෙන් දැහැමි ක්‍රියාද අකුසල්ද කරත්. දහම් ක්‍රියාද කුසල්ද කරත්. හුදෙක් ධර්මාධර්මයන්හි පමණක් නොව, තවද එහි විපාකයන්හිද මුළා වූවාහුය. එසේම ඔව්හු කර්මයද විපාකය කොට වහරති. විපාකයද කර්මය කොට වහරත්. එසේම ධම්මං ස්වබාව ධර්මයද නොදනිත්. අධම්මං අස්වභාව ධර්මය කොටද, අස්වභාව ධර්මය ස්වභාව ධර්මය කොටද ප්‍රකාශ කරත්.
ඉති භගවා තිත්ථියානං මොහදිට්ඨිපටිලාභභාවෙන පඤ්ඤාචක්ඛුවෙකල්ලතො අන්ධභාවං දස්සෙත්වා ඉදානි තමත්ථං ජච්චන්ධූපමාය පකාසෙතුං “භූතපුබ්බං, භික්ඛවෙ”තිආදිමාහ. තත්ථ භූතපුබ්බන්ති පුබ්බෙ භූතං, අතීතකාලෙ නිබ්බත්තං. අඤ්ඤතරො රාජා අහොසීති පුරාතනො නාමගොත්තෙහි ලොකෙ අපාකටො එකො රාජා අහොසි. සො රාජා අඤ්ඤතරං පුරිසං ආමන්තෙසීති තස්ස කිර රඤ්ඤො සොභග්ගප්පත්තං සබ්බඞ්ගසම්පන්නං අත්තනො ඔපවය්හං හත්ථිං උපට්ඨානං ආගතං දිස්වා එතදහොසි – “භද්දකං වත, භො, හත්ථියානං දස්සනීය”න්ති. තෙන ච සමයෙන එකො ජච්චන්ධො රාජඞ්ගණෙන ගච්ඡති. තං දිස්වා රාජා චින්තෙසි – “මහාජානියා ඛො ඉමෙ අන්ධා යෙ එවරූපං දස්සනීයං න ලභන්ති දට්ඨුං. යංනූනාහං ඉමිස්සා සාවත්ථියා යත්තකා ජච්චන්ධා සබ්බෙ තෙ සන්නිපාතාපෙත්වා එකදෙසං එකදෙසං හත්ථෙන ඵුසාපෙත්වා තෙසං වචනං සුණෙය්ය”න්ති. කෙළිසීලො රාජා එකෙන පුරිසෙන සාවත්ථියා සබ්බෙ ජච්චන්ධෙ සන්නිපාතාපෙත්වා තස්ස පුරිසස්ස සඤ්ඤං අදාසි “යථා එකෙකො ජච්චන්ධො සීසාදිකං එකෙකංයෙව හත්ථිස්ස අඞ්ගං ඵුසිත්වා ‘හත්ථී මයා දිට්ඨො’ති සඤ්ඤං උප්පාදෙසි, තථා කරොහී”ති. සො පුරිසො තථා අකාසි. අථ රාජා තෙ ජච්චන්ධෙ පච්චෙකං පුච්ඡි “කීදිසො, භණෙ, හත්ථී”ති. තෙ අත්තනා දිට්ඨදිට්ඨාවයවමෙව හත්ථිං කත්වා වදන්තා “එදිසො හත්ථී, නෙදිසො හත්ථී”ති අඤ්ඤමඤ්ඤං කලහං කරොන්තා හත්ථාදීහි උපක්කමිත්වා රාජඞ්ගණෙ මහන්තං කොලාහලං අකංසු. රාජා සපරිජනො තෙසං තං විප්පකාරං දිස්වා ඵාසුකෙහි භිජ්ජමානෙහි හදයෙන උග්ගතෙන මහාහසිතං හසි. තෙන වුත්තං – “අථ ඛො, භික්ඛවෙ, සො රාජා…පෙ… අත්තමනො අහොසී”ති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයින්ගේ මෝහ දෘෂ්ටි ප්රතිලාභ භාවයෙන් ප්‍රඥා චක්‍ෂුසෙහි විකලත්වයෙන් අඳ බව දක්වා දැන් එම අර්ථය ජාත්යන්ධ උපමාවෙන් ප්‍රකාශ කරන්ට භූත පුබ්බං භික්ඛවෙ යනාදිය වදාළහ. එහි භූත පුබ්බං යනු පෙර වූවක්, අතීත කාලයෙහි හටගත්තක්, අඤ්ඤතරො රාජා අහොසි පුරාණ කාලයෙහි හටගත්තක්, අඤ්ඤතරො රාජා අහොසි පුරාණ කාලයෙහි නාම ගෝත්‍රයන්ගෙන් අප්‍රකට එක් රඩෙක් ලෝකයෙහි වූයේය. සො රාජා අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි එම රජුගේ සෞභාග්‍යත්වයට පත් සියලු අංගයන්ගෙන් සම්පූර්ණ තමාගේ මෙහෙකරු උපස්ථානයට පැමිණියහු දැක පින්වත, ඒකාන්තයෙන් ඇත් යානය දර්ශනීය යයි මෙබඳු සිතෙක් විය. එසමයෙහි එක් ජාත්යන්ධයෙක් රාජාංගනයෙන් එයි. දැක රජු මෙසේ සිතීය. මෙම අන්ධයෝ යම් ආකාර වූ මෙබඳු දර්ශනීය දැයක් නොලබත්ද, එය මහා විපතකි. මම මෙම සැවැත්නුවර යම් පමණ ජාත්යන්ධයෝ සිටිත්ද, එම සියල්ලෝ රැස්කරවා එක් එක් කොටසක් අතින් ස්පර්ශ කරවා ඔවුන්ගේ වචන අසන්නේ නම් ඉතා යෙහෙකැයි සිතීය. කෙළිලොල් රජු එක් පුරුෂයෙකු ලවා සියලු ජාත්යන්ධයින් රැස්කරවා එම පුරුෂයාට, යම්සේ එක් එක් ජාත්යන්ධයා හිස් ආදී ඇතුගේ එක් එක්ම වූ ශරීරාංගයක් ස්පර්ශකොට මවිසින් ඇතු දක්නා ලද්දේ යයි සංඥා කරයිද එසේ කරවයි සංඥා දුන්නේය. ඒ පුරුෂ තෙම එසේ කළේය. ඉක්බිති රජු එම අන්ධයින්ගෙන් කොල, ඇතු කෙබඳුදැයි වෙන වෙනම විචාළේය. ඔව්හු දුටු දුටු අවයවයම ඇතු ලෙස කොට කියන්නාහු ඇතු එබඳුය. ඇතු මෙබඳු නොවේයයි ඔවුනොවුන් කළහ කරන්නාහු අත් ආදියෙන් උපක්‍රම කොට රාජාංගනයෙහි මහත් කෝලාහලයක් කළහ. රජු පිරිවර ජනයා සහිතව ඔවුන්ගේ එම විකාරය දැක සතුටින් බිඳී යන හෘදයෙන් හටගත් මහ සිනහවක් සිනාසීය. එහෙයින් අථඛො භික්ඛවෙ සො රාජා -පෙ- අත්තමනො අහොසියි යූ.සේයි.
තත්ථ අම්භොති ආලපනං. යාවතකාති යත්තකා. ජච්චන්ධාති ජාතියා අන්ධා, ජාතිතො පට්ඨාය අචක්ඛුකා. එකජ්ඣන්ති එකතො. භණෙති අබහුමානාලාපො. හත්ථිං දස්සෙහීති යථාවුත්තං හත්ථිං සයාපෙත්වා දස්සෙහි. සො ච සුසික්ඛිතත්තා අපරිප්ඵන්දන්තො නිපජ්ජි. දිට්ඨො නො හත්ථීති හත්ථෙන පරාමසනං දස්සනං කත්වා ආහංසු. තෙන පුරිසෙන සීසං පරාමසාපෙත්වා “එදිසො හත්ථී”ති සඤ්ඤාපිතත්තා තාදිසංයෙව නං හත්ථිං සඤ්ජානන්තා ජච්චන්ධා “එදිසො දෙව හත්ථී සෙය්යථාපි කුම්භො”ති වදිංසු. කුම්භොති ච ඝටොති අත්ථො. ඛීලොති නාගදන්තඛීලො. සොණ්ඩොති හත්ථො. නඞ්ගලීසාති නඞ්ගලස්ස සිරස්ස ඊසා. කායොති සරීරං. කොට්ඨොති කුසූලො. පාදොති ජඞ්ඝො. ථූණොති ථම්භො. නඞ්ගුට්ඨන්ති වාළස්ස උරිමප්පදෙසො. වාලධීති වාලස්ස අග්ගප්පදෙසො. මුට්ඨීහි සංසුම්භිංසූති මුට්ඨියො බන්ධිත්වා පහරිංසු, මුට්ඨිඝාතං අකංසු. අත්තමනො අහොසීති කෙළිසීලත්තා සො රාජා තෙන ජච්චන්ධානං කලහෙන අත්තමනො පහාසෙන ගහිතමනො අහොසි.
එහි අම්භො යන ඇමතීමයි. යාවතිකා යනු යම්පමණ ජච්චන්ධා යනු උපතින් අඳ, උපතෙහි පටන් ඇස් රහිත, එකජ්ඣං යනු එක්ව භණෙ, යනු නිගරුවෙන් ඇමතීමයි. හත්ථිං දස්සෙහි යනු කියන ලද ආකාර ඇතු හොවවා දක්වව. ඇතාද මනාව හික්මවන ලද හෙයින් නොසැලී වැදහොත්තේය. දිට්ඨො නොහත්ථි යනු අතින් ස්පර්ශ මාත්‍ර දර්ශනය කොට කීහ. එම පුරුෂයා විසින් හිස ස්පර්ශ කරවා ඇතු එබඳු යයි හඳුනාගත් බැවින් ඇතු එබඳු වූයේම යැයි හඳුනාගන්නා වූ ජාත්යන්ධයෝ, දේවයන් වහන්ස, කළයක හැඩරුව යම් ආකාර වේද? ඇතු එබඳු යයි කීහ. කුම්භො යනු කළයයි යන අර්ථයි. ඛීලො යනු ඇත්දත් කොක්ක, සොණ්ඩො අත, නංගලීසා යනු නගුලෙහි ඒරියා කඳ. කායො යනු සිරුර, කොට්ඨො යනු බඩ. පාදා යනු කෙණ්ඩ, ථූණො යනු ටැඹ, නංගුට්ඨං යනු වලිගයෙහි මතු පෙදෙස, වාලධී යනු වලිගයෙහි අග පෙදෙස. මුට්ඨිහි සංයුජ්ඣිංසු මිටි බැඳ පහර දුන්හ. මිටින් මාරණාන්තික පහර දුන්හ. අත්තමනො අහොසි යනු කෙළිලොල් හෙයින් එම රජු ජාත්යන්ධයන්ගේ කළහයෙන් සතුටු සිතැත්තේ හාස්‍යයෙන් ගන්නා ලද සිතැත්තේ වීය.
එවමෙව ඛොති උපමාසංසන්දනං. තස්සත්ථො – භික්ඛවෙ, යථා තෙ ජච්චන්ධා අචක්ඛුකා එකඞ්ගදස්සිනො අනවසෙසතො හත්ථිං අපස්සිත්වා අත්තනා දිට්ඨාවයවමත්තං හත්ථිසඤ්ඤාය ඉතරෙහි දිට්ඨං අනනුජානන්තා අඤ්ඤමඤ්ඤං විවාදං ආපන්නා කලහං අකංසු, එවමෙව ඉමෙ අඤ්ඤතිත්ථියා සක්කායස්ස එකදෙසං රූපවෙදනාදිං අත්තනො දිට්ඨිදස්සනෙන යථාදිට්ඨං “අත්තා”ති මඤ්ඤමානා තස්ස සස්සතාදිභාවං ආරොපෙත්වා “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති අභිනිවිසිත්වා අඤ්ඤමඤ්ඤං විවදන්ති, යථාභූතං පන අත්ථානත්ථං ධම්මාධම්මඤ්ච න ජානන්ති. තස්මා අන්ධා අචක්ඛුකා ජච්චන්ධපටිභාගාති.
එවමෙව ඛො යන උපමා සංසන්දන යයි. එහි අර්ථය. මහණෙනි, එම ජාත්යන්ධයෝ යම්සේ ඇස් රහිත වූවාහු ශේෂ රහිතව ඇතු නොදැක එක් කොටසක් දැකීමෙන්, තමා විසින් දිටි අවයව මාත්‍රය ඇතුය යන සංඥාවෙන් අනෙක් අය විසින් දක්නා ලද්ද නොඅනු දන්නාහු ඔවුනොවුන් විවාදයට පැමිණියාහු කලහ කළහ. එපරිද්දෙන්ම මෙම අන්‍ය තීර්ථකයෝ සත්කායයෙහි රූපවේදනාදී එක් කොටසක් තමාගේ දෘෂ්ටි දර්ශනයෙන් දිටි පරිදි ආත්මයයි හඟින්නාහු එයට ශාස්වතාදී භාවය ආරෝපනය කොට මෙයම සත්‍යයි අනෙක්වා හිස්යයි සිත පිහිටුවා ඔවුනොවුන් විවාර කරත්. තත් වූ පරිදි වැඩ අවැඩ දහම් අදහම් නොදනිත්. විවාද කරත්. තත් වූ පරිදි වැඩ අවැඩ දහම් අදහම් නොදනිත්. එහෙයින් අන්ධ වූවාහු, අචක්ෂුක වූවාහු ජාත්‍යන්ධයින්ට සමානය.
එතමත්ථං විදිත්වාති එතං තිත්ථියානං ධම්මසභාවං යථාභූතං අජානන්තානං අපස්සන්තානං ජච්චන්ධානං විය හත්ථිම්හි යථාදස්සනං මිච්ඡාභිනිවෙසං, තත්ථ ච විවාදාපත්තිං සබ්බාකාරතො විදිත්වා තදත්ථදීපකං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම තීර්ථකයින්ගේ ධර්ම ස්වභාව තත්වාකාරයෙන් නොදන්නාහු, නොදක්නාහු, ඇතු කෙරෙහි අයථා දර්ශනයෙන් වරදවා සිත පිහිටුවා, විවාදයට බට ජාත්යන්ධයෝ මෙනැයි, සර්වප්රකාරයෙන් දැන එකරුණ පැහැදිලි කිරීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ ඉමෙසු කිර සජ්ජන්ති, එකෙ සමණබ්රාහ්මණාති ඉධෙකච්චෙ පබ්බජ්ජූපගමනෙන සමණා, ජාතිමත්තෙන බ්රාහ්මණා “සස්සතො ලොකො”තිආදිනයප්පවත්තෙසු ඉමෙසු එව අසාරෙසු දිට්ඨිගතෙසු දිට්ඨාභිනන්දනවසෙන, ඉමෙසු වා රූපාදීසු උපාදානක්ඛන්ධෙසු එවං අනිච්චෙසු දුක්ඛෙසු විපරිණාමධම්මෙසු තණ්හාභිනන්දනදිට්ඨාභිනන්දනානං වසෙන “එතං මමා”තිආදිනා සජ්ජන්ති කිර. අහො නෙසං සම්මොහොති දස්සෙති. කිරසද්දො චෙත්ථ අරුචිසූචනත්ථො. තෙන තත්ථ සඞ්ගකාරණාභාවමෙව දීපෙති. න කෙවලං සජ්ජන්ති එව, අථ ඛො විග්ගය්හ නං විවදන්ති “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමී”තිආදිනා විග්ගාහිකකථානුයොගවසෙන විග්ගය්හ විවදන්ති විවාදං ආපජ්ජන්ති. නන්ති චෙත්ථ නිපාතමත්තං. අථ වා විග්ගය්හ නන්ති නං දිට්ඨිනිස්සයං සක්කායදිට්ඨිමෙව වා විපරීතදස්සනත්තා සස්සතාදිවසෙන අඤ්ඤමඤ්ඤං විරුද්ධං ගහෙත්වා විවදන්ති විසෙසතො වදන්ති, අත්තනො එව වාදං විසිට්ඨං අවිපරීතං කත්වා අභිනිවිස්ස වොහරන්ති. යථා කිං? ජනා එකඞ්ගදස්සිනො යථෙව ජච්චන්ධජනා හත්ථිස්ස එකෙකඞ්ගදස්සිනො “යං යං අත්තනා ඵුසිත්වා ඤාතං, තං තදෙව හත්ථී”ති ගහෙත්වා අඤ්ඤමඤ්ඤං විග්ගය්හ විවදිංසු, එවංසම්පදමිදන්ති අත්ථො. ඉවසද්දො චෙත්ථ ලුත්තනිද්දිට්ඨොති වෙදිතබ්බො.
එහි ඉමෙසු කිර සජ්ජන්ති එකෙ සමණ බ්රාහ්මණා යනු මෙලොව ඇතැම්හු පැවිද්දට එළැඹීමෙන් ශ්‍රමණයෝය. ජාති මාත්‍රයෙන් බ්‍රාහ්මණයෝය. ලෝකය ශාස්වතැයි ආදී ක්රමයන්ගෙන් පැවැති මෙම අසාර දෘෂ්ටීන්හිම, දෘෂ්ටියෙහි සතුටුවීම් වශයෙන්, මෙසේ අනිත්‍ය, දුක්ඛ වෙනස්වීම් ස්වභාව ඇති මෙම රූපාදී උපාදාන ස්කන්ධයන්හි, තෘෂ්ණාවෙන් සතුටුවීම්, දෘෂ්ටියෙන් සතුටුවීම් වශයෙන් එය මාගේ යයි ආදී ක්‍රමයෙන් සජ්ජන්ති කිර යනු විශ්මයෙකි. එය මුළාවකැයි දක්වයි. කිර ශබ්දය අකමැත්ත හැඟවීම් අර්ථයෙහිය. එයින් එහි කරුණු සහිත බවම දක්වයි. හුදෙක් ඇලෙන්නාහු නොවෙත්මය. ඉක්බිති විග්ගය්හ නං විවදන්ති යනු නුඹ මෙම ධර්මවිනය නොදන්නෙහිය. මම මෙම ධර්මවිනය දනිමියි ආදියෙන් කලහයට හේතුවන කථාවන්හි යෙදීම් වශයෙන් කලහකොට විවාද කෙරෙත්. විවාදයට පැමිණෙත්. නං යනු මෙහි නිපාත මාත්‍රයයි. නොහොත් විග්ගය්හනං යනු එම දෘෂ්ටි නිශ්‍රිතය සත්කාය දෘෂ්ටියම හෝ විසදෘශ දර්ශන හෙයින් ශාස්වතාදී වශයෙන් ඔවුනොවුන් විරුද්ධව ගෙන විවාද කෙරෙත්. විශේෂයෙන් කියති. තමා විසින්ම හෝ දන්නා ලද දෑ අති ශ්‍රේෂ්ඨයයි වෙනස් නොකොට සිත පිහිටුවා වහරති. කුමක් මෙන්ද යත්, ජාන එකංග දස්සිනො යනු යම් එම ජාත්යන්ධ ජනතාව ඇතගේ එක් එක් අංග දක්නේ යම් යම් අංගයක් ස්පර්ශකොට දන්නා ලදුයේද, එය එම හස්තියාම යැයි ගෙන ඔවුනොවුන් කලහකොට විවාද කළහ. මෙම කරුණ එසේ යයි අර්ථයි. මෙහි ඉති ශබ්දයෙන් ලොප් කරන ලද්ද නිර්දිෂ්ට යයි දතයුතුය.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.