යෙදුමෙන් කියවන්න

2. ජටිලසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ජටිලසුත‍්තවණ‍්ණනා

2. ජටිල සූත්‍ර වර්ණනාව

දුතියෙ බහිද‍්වාරකොට‍්ඨකෙති පාසාදද‍්වාරකොට‍්ඨකස‍්ස බහි, න විහාරද‍්වාරකොට‍්ඨකස‍්ස. සො කිර පාසාදො ලොහපාසාදො විය සමන‍්තා චතුද‍්වාරකොට‍්ඨකපරිවුතො පාකාරපරික‍්ඛිත‍්තො. තෙසු පාචීනද‍්වාරකොට‍්ඨකස‍්ස බහි පාසාදච‍්ඡායායං පාචීනලොකධාතුං ඔලොකෙන‍්තො පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො හොති. ජටිලාති ජටාවන‍්තො තාපසවෙසධාරිනො. නිගණ‍්ඨාති සෙතපටනිගණ‍්ඨරූපධාරිනො. එකසාටකාති එකසාටකනිගණ‍්ඨා විය එකං පිලොතිකඛණ‍්ඩං හත්‍ථෙ බන්‍ධිත්‍වා තෙනාපි සරීරස‍්ස පුරිමභාගං පටිච‍්ඡාදෙත්‍වා විචරණකා. පරූළ‍්හකච‍්ඡනඛලොමාති පරූළ‍්හකච‍්ඡලොමා පරූළ‍්හනඛා පරූළ‍්හඅවසෙසලොමා ච, කච‍්ඡාදීසු දීඝලොමා දීඝනඛා චාති අත්‍ථො. ඛාරිවිවිධමාදායාති විවිධං ඛාරාදිනානප‍්පකාරං පබ‍්බජිතපරික‍්ඛාරභණ‍්ඩිකං ගහෙත්‍වා. අවිදූරෙ අතික‍්කමන‍්තීති විහාරස‍්ස අවිදූරමග‍්ගෙන නගරං පවිසන‍්ති.

දෙවැන්නෙහි, බහිද්වාර කොට්ඨකෙ යනු ප්‍රාසාද දොර කොටුවට පිටත, විහාර දොරකොටුවෙහි නොවේ. එම පහය ලෝහ පහයක් මෙන් හාත්පස සිව් දොරකොටු පිරිවරන ලදුයේ පවුරෙන් වටකරන ලද්දේය. ඒවා අතර නැගෙනහිර දොර කොටුයෙහි පිටත පහ සෙවනෙහි නැගෙනහිර ලෝදා බලමින් පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්නේ වේ. ජටිලා යනු ගෙතුණු හිසකෙස් ඇතියහු, තවුස් වෙස්ධාරීහු, නිගණ්ඨා යනු ශ්වේත වස්ත්‍ර හැඳි නිර්ග්‍රන්ථ (කෙලෙස් ගැට නැති) රූපාධාරීහුද, එකසාටකා යනු ඒකසාටක නිගණ්ඨයන් මෙන්, එක් දිරූ රෙදිකඩක් අතෙහි බැඳ එහි එක් කෙළවරකින් ශරීරයෙහි ඉදිරිපස වසා සරණාහු, පරූළ්හ කච්ඡනඛ ලොමා යනු වැඩුණු කිසිලි ලොම්ද, වැඩුණු නියද, වැඩුණු සෙසු ලොම්ද, කිසිලි ආදීන්හු දිග ලොම් දිග නිය යයි අර්ථයි. ඛාරිං විවිධ මාදාය යනු විවිධාකාර උර - නානාප්‍රකාර පැවිදි පිරිකර පොදි රැගෙන, අවිදූරෙ අතික්කමන්ති යනු විහාරයට නුදුරු මගින් නුවරට පිවිසෙති.

රාජාහං, භන‍්තෙ, පසෙනදි කොසලොති අහං, භන‍්තෙ, රාජා පසෙනදි කොසලො, මය‍්හං නාමං තුම‍්හෙ ජානාථාති. කස‍්මා පන රාජා ලොකෙ අග‍්ගපුග‍්ගලස‍්ස සන‍්තිකෙ නිසින‍්නො එවරූපානං නග‍්ගනිස‍්සිරීකානං අඤ‍්ජලිං පග‍්ගණ‍්හාතීති? සඞ‍්ගණ‍්හනත්‍ථාය. එවඤ‍්හිස‍්ස අහොසි “සචාහං එත‍්තකම‍්පි එතෙසං න කරිස‍්සාමි, මයං පුත‍්තදාරං පහාය එතස‍්සත්‍ථාය දුබ‍්භොජනදුක‍්ඛසෙය්‍යාදීනි අනුභොම, අයං අම‍්හාකං නිපච‍්චකාරමත‍්තම‍්පි න කරොති . තස‍්මිඤ‍්හි කතෙ අම‍්හෙ ‘ඔචරකා’ති ජනො අග‍්ගහෙත්‍වා ‘පබ‍්බජිතා’ඉච‍්චෙව සඤ‍්ජානිස‍්සති, කිං ඉමස‍්ස භූතත්‍ථකථනෙනාති අත‍්තනා දිට‍්ඨං සුතං පටිච‍්ඡාදෙත්‍වා න කථෙය්‍යුං, එවං කතෙ පන අනිගූහිත්‍වා කථෙස‍්සන‍්තී”ති. අපිච සත්‍ථු අජ‍්ඣාසයජානනත්‍ථම‍්පි එවමකාසීති. රාජා කිර භගවන‍්තං උපසඞ‍්කමන‍්තොපි කතිපයකාලං සම‍්මාසම‍්බොධිං න සද‍්දහි. තෙනස‍්ස එවං අහොසි “යදි භගවා සබ‍්බං ජානාති, මයා ඉමෙසං නිපච‍්චකාරං කත්‍වා ‘ඉමෙ අරහන‍්තො’ති වුත‍්තෙ නානුජානෙය්‍ය, අථ මං අනුවත‍්තන‍්තො අනුජානෙය්‍ය, කුතො තස‍්ස සබ‍්බඤ‍්ඤුතා”ති. එවං සො සත්‍ථු අජ‍්ඣාසයජානනත්‍ථං තථා අකාසි. භගවා පන “උජුකමෙව ‘න ඉමෙ සමණා ඔචරකා’ති වුත‍්තෙ යදිපි රාජා සද‍්දහති, මහාජනො පන තමත්‍ථං අජානන‍්තො න සද‍්දහෙය්‍ය, සමණො ගොතමො ‘රාජා අත‍්තනො කථං සුණාතී’ති යං කිඤ‍්චි මුඛාරුළ‍්හං කථෙතී’ති වදෙය්‍ය, තදස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තෙය්‍ය, අඤ‍්ඤො ච ගුළ‍්හකම‍්මං විවටං කතං භවෙය්‍ය, සයමෙව රාජා තෙසං ඔචරකභාවං කථෙස‍්සතී”ති ඤත්‍වා “දුජ‍්ජානං ඛො එත”න‍්තිආදිමාහ.

රාජාහං භන්තෙ පසෙනදි කොසලො යනු ස්වාමීනි, මම ප්‍රසේනජිත කොසොල් රජ වෙමි. මාගේ ඔබතුමන් දන්නහුද? කවර හෙයින් වනාහි රජු ලොවැ අග්‍ර පුද්ගලයාගේ සමීපයෙහි හුන්නේ මෙබඳු නග්න ගොත්‍ර නිශ්‍රිතයින්ට ඇඳිලි බැඳීද? සංග්‍රහ කිරීම සඳහාය ඔහුට මෙසේද අදහසක් විය. ඒ මම මෙපමණ තරම් දෙයක් නොකරන්නෙම් නම්, අප අඹුදරුවන් අත්හැර මොහුගේ වැඩ සඳහා දුබොදුන් දුශ්සයනයන් අනුභව කරමු. මේ තෙමේ අපට සමීප වීම් මාත්‍රයක් හෝ නොකරයි. එය කළ කල්හි අප නීච පැවතුම් ඇත්තෝ යයි ජනයා ගණන් නොගෙන නිසිමග පිළිපන් ප්‍රවෘජිතයෝම යයි හඳුනන්නාහ. කිමෙක්ද මොහුගේ ස්වාභාවික තත්ත්වය කියමුයි, තමා විසින් දුටු, ඇසූ දෙය වසා දමා නොකියන්නාහුද? එසේ කළ කල්හි නොසඟවා කියන්නාහ. තවද ශාස්තෲන් වහන්සේගේ අදහස දැනගැනීම සඳහාද මෙසේ කළේය. රජුද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙනුයේ ද ටික කලක් සම්‍යක් සම්බෝධිය නොඇදහීය. එහෙයින් ඔහුට මෙබඳු සිතක් විය. මවිසින් මොවුන්ට ගෞරව කිරීම්කොට මොව්හු රහතුන් යයි කී කල්හි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ සියල්ල දනීද, නොඅනු දන්නේය. ඉදින් මා හා එකඟ වී එය අනුමත කරන්නේද? ඔහුට සර්වඥතාවයක් කොයින්දැයි මෙසේ හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අදහස් දැනගැනීම සඳහා එසේ කළේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි සෘජුවම මොව්හු ශ්‍රමණයෝ නොවේ. නීච පැවතුම් ඇත්තෝ යයි කී කල්හි ඉදින් රජු අදහාද? මහජනයා වනාහි එකරුණ නොදන්නේ නොඅදහන්නේය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, රජුට තම කථාව ශ්‍රවණය කෙරේයයි යම්කිසි කටට ආවක් කියයි යයි කියන්නේය. එය ඔහුට බොහෝකලක් අහිත පිණිස දුක් පිණිස පවත්නේය. රජුගේද සැඟවුණ ක්‍රියාව ප්‍රකට කරන ලදුයේ වන්නේය. රජු තෙමේම ඔවුන්ට අවවාද දෙන බව කියන්නේ යයි දැන දුජ්ජානං ඛො එතං ආදිය වදාළහ.

තත්‍ථ කාමභොගිනාති ඉමිනා පන රාගාභිභවං, උභයෙනාපි වික‍්ඛිත‍්තචිත‍්තතං දස‍්සෙති. පුත‍්තසම‍්බාධසයනන‍්ති පුත‍්තෙහි සම‍්බාධසයනං . එත්‍ථ ච පුත‍්තසීසෙන දාරපරිග‍්ගහං, පුත‍්තදාරෙසු උප‍්පිලාවිතෙන තෙසං ඝරාවාසාදිහෙතු සොකාභිභවෙන චිත‍්තස‍්ස සංකිලිට‍්ඨතං දස‍්සෙති. කාසිකචන්‍දනන‍්ති සණ‍්හචන්‍දනං, කාසිකවත්‍ථඤ‍්ච චන්‍දනඤ‍්චාති වා අත්‍ථො. මාලාගන්‍ධවිලෙපනන‍්ති වණ‍්ණගන්‍ධත්‍ථාය මාලා, සුගන්‍ධභාවත්‍ථාය ගන්‍ධං, ඡවිරාගකරණත්‍ථාය විලෙපනං ධාරෙන‍්තෙන. ජාතරූපරජතන‍්ති සුවණ‍්ණඤ‍්චෙව අවසිට‍්ඨධනඤ‍්ච. සාදියන‍්තෙනාති පටිග‍්ගණ‍්හන‍්තෙන. සබ‍්බෙනපි කාමෙසු අභිගිද‍්ධභාවමෙව පකාසෙති.

එහි පුත්ත සම්බාධ සයනං යනු පුත්‍රයන්ගෙන් හටගන්නා පීඩා සහිත සයනය, මෙහිද පුත්‍ර ශීර්ෂයෙන් අඹුවගේ ග්‍රහණයද වේ. අඹුදරුවන් කෙරෙහි සත්‍යයක් මෙන් පෙනෙන ඔවුන් කෙරෙහි පවත්නා රාගාදී හේතුවෙන් සෝකයෙන් මැඩීම් ආදී සිතෙහි කිළිටිවීම් ආදිය දක්වයි. කාම භොගිනො යන මෙයින් රාගයෙන් සිත මැඩ පැවැත්වීම, දෙකරුණින්ම වික්‍ෂිප්ත චිත්තභාවය දක්වයි. කාසික චන්‍දනං යනු සියුම් සඳුන්, කසී වස්ත්‍රද සඳුන්ද යන අර්ථයි. මාලා ගන්‍ධ විලෙපනං යනු වර්ණ හා සුවඳ සඳහා මල් ද සුවඳවත් භාවය සඳහා සුවඳ ද, හම වර්ණවත් කිරීම සඳහා විලවුන් දරන්නහු විසින්, ජාතරූප රජතං යනු රන් රිදී හා ඉතිරි ධනය සාදියන්තෙන යනු පිළිගන්නහු විසින් සියල්ලෙන්ම කාමයන්හි අතිශයින් ගිජුබවම ප්‍රකාශ කරයි.

සංවාසෙනාති සහවාසෙන. සීලං වෙදිතබ‍්බන‍්ති “අයං පෙසලො වා දුස‍්සීලො වා”ති සංවසන‍්තෙන එකස‍්මිං ඨානෙ සහ වසන‍්තෙන ජානිතබ‍්බො. තඤ‍්ච ඛො දීඝෙන අද‍්ධුනා න ඉත‍්තරන‍්ති තඤ‍්ච සීලං දීඝෙන කාලෙන වෙදිතබ‍්බං, න ඉත‍්තරෙන. කතිපයදිවසෙ හි සඤ‍්ඤතාකාරො සංවුතින්‍ද්‍රියාකාරො ච හුත්‍වා සක‍්කා දස‍්සෙතුං. මනසි කරොතා නො අමනසි කරොතාති තම‍්පි “සීලමස‍්ස පරිග‍්ගණ‍්හිස‍්සාමී”ති මනසි කරොන‍්තෙන පච‍්චවෙක‍්ඛන‍්තෙන සක‍්කා ජානිතුං, න ඉතරෙන. පඤ‍්ඤවතාති තම‍්පි සප‍්පඤ‍්ඤෙනෙව පණ‍්ඩිතෙන. බාලො හි මනසි කරොන‍්තොපි ජානිතුං න සක‍්කොති. සංවොහාරෙනාති කථනෙන.

සංවාසෙන යනු සමග විසීමෙන්, සීලං වෙදිතබ්බං යනු මොහු සිල්වතෙකියි හෝ මොහු දුසිලෙකැයි හෝ එක්ව වසන්නහු විසින්, එක් තැනක සමග වසන්නහු විසින් දතයුතුය. තංච ඛො දීසෙන අද්ධුනා යනු එම සීලයද දීර්ඝ කාලයකින් දතයුතුය. ස්වල්ප දිනකින්, කිහිප දිනකින් නොවේ. හික්මුණු ආකාරයද, වැසූ ඉන්‍ද්‍රියයන්ගේ ආකාරයද වී දක්වන්ට හැකිය. මනසිකරොතො නො අමනසිකරොතා යනු එයද මොහුගේ සීලය පරීක්‍ෂා කරන්නෙමියි මෙනෙහි කරන්නහු විසින්, පරීක්‍ෂා කරන්නහු විසින් දැනගන්ට හැකිය. එසේ නොකරන්නහු විසින් නොවේ. පඤ්ඤවතා යනු එයද නුවණැති ප්‍රඥා සහහිතයෙකු විසින්මය. අඥය, වනාහි මෙනෙහි කරනුයේ දැනගන්ට නොහැකි වේ. සංවොහාරෙන යනු කථා කරන්නහු විසින්,

“යො හි කොචි මනුස‍්සෙසු, වොහාරං උපජීවති; එවං වාසෙට‍්ඨ ජානාහි, වාණිජො සො න බ්‍රාහ‍්මණො”ති. (සු· නි· 619) –

යොහි කොචි මනුස්සෙසු - වොහාරං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි - වාණිජො සො න බ්‍රාහ්මණොති

මිනිසුන් අතර, යම්කිසිවෙක් වෙළඳාමෙන් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු වෙළෙන්දෙකියි මෙසේ දනුව. ඔහු බ්‍රාහ්මණයෙක් නොවේ.

එත්‍ථ හි වාණිජ‍්ජං වොහාරො නාම. “චත‍්තාරො අරියවොහාරා”ති (දී· නි· 3.313) එත්‍ථ චෙතනා. “සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො”ති (ධ· ස· 1313-1315) එත්‍ථ පඤ‍්ඤත‍්ති. “වොහාරමත‍්තෙන සො වොහරෙය්‍යා”ති (සං· නි· 1.25) එත්‍ථ කථා වොහාරො. ඉධාපි සො එව අධිප‍්පෙතො. එකච‍්චස‍්ස හි සම‍්මුඛාකථා පරම‍්මුඛාකථාය න සමෙති, පරම‍්මුඛාකථා සම‍්මුඛාකථාය, තථා පුරිමකථා පච‍්ඡිමකථාය, පච‍්ඡිමකථා ච පුරිමකථාය. සො කථෙන‍්තොයෙව සක‍්කා ජානිතුං “අසුචි එසො පුග‍්ගලො”ති. සුචිසීලස‍්ස පන පුරිමං පච‍්ඡිමෙන, පච‍්ඡිමඤ‍්ච පුරිමෙන, සම‍්මුඛා කථිතඤ‍්ච පරම‍්මුඛා කථිතෙන, පරම‍්මුඛා කථිතඤ‍්ච සම‍්මුඛා කථිතෙන සමෙති, තස‍්මා කථෙන‍්තෙන සක‍්කා සුචිභාවො ජානිතුන‍්ති පකාසෙන‍්තො ආහ – “සංවොහාරෙන සොචෙය්‍යං වෙදිතබ‍්බ”න‍්ති.

මෙහිද වාණිජ්‍යය වොහාර නමැ. සිව් ආර්ය වොහාර යන මෙහි චේතනාවයි. සංඛා සඤ්ඤා පඤ්ඤත්ති වොහාර යන තැන ප්‍රඥප්තියයි. වොහාර මත්තෙන සො වොහරෙය්‍ය යන මෙහි කථා ව්‍යවහාරයයි. මෙහිද එයම අදහස් කරන ලදි. ඇතැමෙකුගේ හමුයෙහි කථා අසමුයෙහි කථාව හා සම නොවේ. අසමුයෙහි කථා හමුයෙහි කථාවටද, එසේම පෙර කථා පසුකථාවටද පසුකථාව පෙර කථාවටද සම නොවේ. හෙතෙම කථා කරනුයේම එම පුද්ගලයා අපවිත්‍ර පුද්ගලයෙකැයි දැනගන්ට හැකිය. පිරිසිදු සිල්වත්හුගේ වනාහි පෙරකථාව පසුකථාවෙන්ද පසුකථාව පෙරකථාවෙන්ද, හමුයෙහි කියන ලද්ද නොහමුයෙහි කියන ලද්දේන්, නොහමුයෙහි කියන ලද්ද හමුයෙහි කියන ලද්දෙන්ද සම වේ. එහෙයින් කථා කරන්නහුගෙන් පිරිසිදු බව දැනගන්ට හැකියැයි ප්‍රකාශ කරනුයේ සංවොහාරෙන සොචෙය්‍යං වෙදිතබ්බංයි වදාළහ.

ථාමොති ඤාණථාමො. යස‍්ස හි ඤාණථාමො නත්‍ථි, සො උප‍්පන‍්නෙසු උපද‍්දවෙසු ගහෙතබ‍්බගහණං කත‍්තබ‍්බකරණං අපස‍්සන‍්තො අද‍්වාරිකං ඝරං පවිට‍්ඨො විය චරති. තෙනාහ – “ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ‍්බො”ති. සාකච‍්ඡායාති සහකථාය. දුප‍්පඤ‍්ඤස‍්ස හි කථා උදකෙ ගෙණ‍්ඩු විය උප‍්ලවති, පඤ‍්ඤවතො කථෙන‍්තස‍්ස පටිභානං අනන‍්තං හොති. උදකවිප‍්ඵන්‍දනෙනෙව හි මච‍්ඡො ඛුද‍්දකො මහන‍්තො වාති පඤ‍්ඤායති.

ථාමො යනු ඤාණ ශක්තිය යමෙකුට වනාහි ඤාණ ශක්තියක් නොමැතිද? හෙතෙම උපද්‍රවයන් හටගත් කල්හි, ගතයුතු දේද, අත්හළ යුතු දේද යන කිසිවක් නොදක්නේ දොර රහිත ගෘහයට පිවිසුනෙකු මෙන් හැසිරේ. එහෙයින් ආපදාසුඛො මහාරාජ ථාමො වෙදිතබ්බොයි වදාළහ. සාකච්ඡා යනු එකතුව කථා කිරීමයි. දුෂ්ප්‍රාඥයාගේ කථාව වනාහි දියෙහි හෙලන ලද මැටි කැටයක් මෙන් ඉල්පී නොයේ. පැණවත්හුගේ කථාව කරන කල්හි වැටහීම අනතුරුව වේ. දිය කැළඹෙන අවස්ථාවෙහිදී මත්ස්‍යයා කුඩාද මහත්දැයි හැඟේ.

ඉති භගවා රඤ‍්ඤො උජුකමෙව තෙ “ඉමෙ නාමා”ති අවත්‍වා අරහන‍්තානං අනරහන‍්තානඤ‍්ච ජානනූපායං පකාසෙසි. රාජා තං සුත්‍වා භගවතො සබ‍්බඤ‍්ඤුතාය දෙසනාවිලාසෙන ච අභිප‍්පසන‍්නො “අච‍්ඡරියං, භන‍්තෙ”තිආදිනා අත‍්තනො පසාදං පකාසෙත්‍වා ඉදානි තෙ යාථාවතො භගවතො ආරොචෙන‍්තො “එතෙ, භන‍්තෙ, මම පුරිසා චරා”තිආදිමාහ. තත්‍ථ චරාති අපබ‍්බජිතා එව පබ‍්බජිතරූපෙන රට‍්ඨපිණ‍්ඩං භුඤ‍්ජන‍්තා පටිච‍්ඡන‍්නකම‍්මන‍්තත‍්තා. ඔචරකාති හෙට‍්ඨා චරකා. චරා හි පබ‍්බතමත්‍ථකෙන චරන‍්තාපි හෙට‍්ඨා චරකාව නිහීනකම‍්මත‍්තා. අථ වා ඔචරකාති චරපුරිසා. ඔචරිත්‍වාති අවචරිත්‍වා වීමංසිත්‍වා, තස‍්මිං තස‍්මිං දෙසෙ තං තං පවත‍්තිං ඤත්‍වාති අත්‍ථො. ඔසාරිස‍්සාමීති පටිපජ‍්ජිස‍්සාමි, කරිස‍්සාමීති අත්‍ථො. රජොජල‍්ලන‍්ති රජඤ‍්ච මලඤ‍්ච. පවාහෙත්‍වාති සුට‍්ඨු වික‍්ඛාලනවසෙන අපනෙත්‍වා. කප‍්පිතකෙසමස‍්සූති අලඞ‍්කාරසත්‍ථෙ වුත‍්තවිධිනා කප‍්පකෙහි ඡින‍්නකෙසමස‍්සූ. කාමගුණෙහීති කාමකොට‍්ඨාසෙහි, කාමබන්‍ධනෙහි වා සමප‍්පිතාති සුට‍්ඨු අප‍්පිතා අල‍්ලීනා. සමඞ‍්ගිභූතාති සහභූතා . පරිචාරෙස‍්සන‍්තීති ඉන්‍ද්‍රියානි සමන‍්තතො චාරෙස‍්සන‍්ති කීළාපෙස‍්සන‍්ති වා.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ රජුට සෘජුවම ඔව්හු මෙනම් අයයැයි නොකියා, රහතුන්ගේද, නොරහතුන්ගේද දැනගන්නා ක්‍රමය ප්‍රකාශ කළ සේක. රජු එය අසා භාග්‍යවතුන් වනහන්සේගේ සර්වඥතාවයෙන්ද, දේශනා විලාසයෙන්ද අතිශයින් ප්‍රසාදයට පත්වූයේ, අච්ඡරියං භන්තෙයි ස්වාමීනි, ඉතා ආශ්චර්යයෙකැයි ආදියෙන් තම ප්‍රසාදය ප්‍රකාශකොට දැන් ඔවුන් පිළිබඳ තත් වූ පරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේට සැළ කරනුයේ, එතෙ භන්තෙ මම පුරිසා චොරා යනාදිය කීයේය. එහි චොරා යනු ප්‍රවෘජිත නොවූයේම ප්‍රවෘජිත ස්වරූපයෙන් රටවැසියාගේ, පිණ්ඩාහාරය අනුභව කරන්නාහු සඟවන ලද ක්‍රියා ඇති හෙයින්, ඔචරකා හට හැසිරෙන්නාහු, සොරු වනාහි කඳු මුදුනින් හැසිරෙන්නාහුද, යට හැසිරෙන්නාහුමය. පහත් ක්‍රියා හෙයිනි. නොහොත් ඔචරකා යනු චර පුරුෂයෝය. ඔචරිත්‍වා යනු හැසිර විමසා, ඒ ඒ දේශයන්හි ඒ ඒ ප්‍රවෘත්ති දැනයයි අර්ථයි. ඔසාදිස්සාමි යනු පිළිපදින්නෙමි. කරන්නෙමියි අර්ථයි. රජො ජල්ලං යනු දුහුවිලිද, මලකඩද, පවාහෙත්‍වා යනු මනාව සෝදා හැරීම් වශයෙන් ඉවත්කොට, කප්පිත කෙසමස්සු යනු අලංකාර ශාස්ත්‍රයෙහි කියන ලද ආකාරයෙන් කරණවෑමියන් ලවා සිඳින ලද කෙහෙ රවුළු ඇත්තේ කාමගුරොහි කාම කොටස්වලින්, කාමබන්ධනයන්ගෙන් සමප්පිතා යනු මනාව ඇතුලට වැදුණු, ඇලුණු, සමංගිභූතා යනු එක්වූවාහු, පරිචරිස්සන්ත යනු ඉන්‍ද්‍රියයන් හාත්පස හසුරුවන්නාහ. ක්‍රීඩා කරවන්නාහ.

එතමත්‍ථං විදිත්‍වාති එතං තෙසං රාජපුරිසානං අත‍්තනො උදරස‍්ස කාරණා පබ‍්බජිතවෙසෙන ලොකවඤ‍්චනසඞ‍්ඛාතං අත්‍ථං විදිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං පරාධීනතාපරවඤ‍්චනතාපටික‍්ඛෙපවිභාවනං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එය එම රාජපුරුෂයන්ගේ, තම උදර කාරණයෙන් පැවිදි වෙසින් ලෝවැස්සා වංචා කිරීම් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු මෙම අන්‍යයාට යටත්වීම, අනෙකා වංචා කිරීම ප්‍රතික්‍ෂේපය දැක්වීමට උදන් ඇනූ සේක.

තත්‍ථ න වායමෙය්‍ය සබ‍්බත්‍ථාති දූතෙය්‍යඔචරකකම‍්මාදිකෙ සබ‍්බස‍්මිං පාපධම‍්මෙ ඉමෙ රාජපුරිසා විය පබ‍්බජිතො න වායමෙය්‍ය, වායාමං උස‍්සාහං න කරෙය්‍ය, සබ‍්බත්‍ථ යත්‍ථ කත්‍ථචි වායාමං අකත්‍වා අප‍්පමත‍්තකෙපි පුඤ‍්ඤස‍්මිංයෙව වායමෙය්‍යාති අධිප‍්පායො. නාඤ‍්ඤස‍්ස පුරිසො සියාති පබ‍්බජිතරූපෙන අඤ‍්ඤස‍්ස පුග‍්ගලස‍්ස සෙවකපුරිසො න සියා. කස‍්මා? එවරූපස‍්සපි ඔචරකාදිපාපකම‍්මස‍්ස කත‍්තබ‍්බත‍්තා. නාඤ‍්ඤං නිස‍්සාය ජීවෙය්‍යාති අඤ‍්ඤං පරං ඉස‍්සරාදිං නිස‍්සාය “තප‍්පටිබද‍්ධං මෙ සුඛදුක‍්ඛ”න‍්ති එවංචිත‍්තො හුත්‍වා න ජීවිකං පවත‍්තෙය්‍ය, අත‍්තදීපො අත‍්තසරණො අනඤ‍්ඤසරණො එව භවෙය්‍ය. අථ වා අනත්‍ථාවහතො “ඔචරණ”න‍්ති ලද‍්ධනාමකත‍්තා අඤ‍්ඤං අකුසලකම‍්මං නිස‍්සාය න ජීවෙය්‍ය. ධම‍්මෙන න වණිං චරෙති ධනාදිඅත්‍ථාය ධම‍්මං න කථෙය්‍ය. යො හි ධනාදිහෙතු පරෙසං ධම‍්මං දෙසෙති, සො ධම‍්මෙන වාණිජ‍්ජං කරොති නාම, එවං ධම‍්මෙන තං න චරෙය්‍ය. අථ වා ධනාදීනං අත්‍ථාය කොසලරඤ‍්ඤො පුරිසො විය ඔචරකාදිකම‍්මං කරොන‍්තො පරෙහි අනාසඞ‍්කනීයතාය පබ‍්බජ‍්ජාලිඞ‍්ගසමාදානාදීනි අනුතිට‍්ඨන‍්තො ධම‍්මෙන වාණිජ‍්ජං කරොති නාම. යොපි ඉධ පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තොපි අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති, සොපි ධම‍්මෙන වාණිජ‍්ජං කරොති නාම, එවං ධම‍්මෙන වාණිජ‍්ජං න චරෙ, න කරෙය්‍යාති අත්‍ථො.

එහි න වායමෙය්‍ය දූත ක්‍රියා, පහත් පැවතුම් ක්‍රියා ආදී සියලුම පාපකර්මයන්හි මොව්හු රාජපුරුෂයෝ මෙන් පැවිදි වූයේ එම ක්‍රියා සඳහා ව්‍යායාම නොකරන්නේය. ව්‍යායාම උත්සාහ නොකරන්නේය. හැමතැන්හි යම්කිසි තැනක ව්‍යායාම නොකොට අල්පමාත්‍ර වූද, පුණ්‍යකර්මයන්හිම ව්‍යායාම කරන්නේ යයි (කරනු මැනවැයි) අදහසයි. නාඤ්ඤස්ස පුරිසො සියා යනු ප්‍රවෘජිත ස්වරූපයෙන් අන් පුඟුලෙකුගේ සේවක පුරුෂයකු නොවන්නේය. කුමක් හෙයින්ද යත්, මෙබඳු වූ නීච පැවතුම් ඇති පව්කම් කළයුතු හෙයිනි. නාඤ්ඤං නිස්සාය පීවෙය්‍ය යනු අන් පුද්ගලයෙකුගේ ඓශ්වර්ය හේතුවෙන් ඔහු හා බද්ධවම සුවදුක් ලබමියි මෙවන් සිත්ව ජීවිතය නොපවත්වන්නේය. තමහට තමා ආලෝකයක්ව, තමා හට තමා පිළිසරණක්ව අන්‍ය සරණක් නොමැති වන්නේය. නොහොත් අනර්ථ එළවන හෙයින් නීච පැවතුම් යයි ලද නම් ඇති අන්‍ය අකුසල කර්මයක් හේතුකොට ජීවත් නොවන්නේය. ධම්මෙන න වාණිජ්ජං චරෙ යනු ධන ආදිය සඳහා ධර්මය නොදෙසන්නේය. යමෙක් ධන ආදී හේතුවෙන් අන්‍යයාට ධර්මය දේශනා කරයිද, හෙතෙම ධර්මයෙන් වෙළඳාම් කරයි නමැ. මෙසේ ධර්මයෙන් නොහැසිරෙන්නේය. නොහොත් ධනාදිය සඳහා කොසොල් රජුගේ පුරුෂයෙන් මෙන් හීන චර පුරුෂ ආදී ක්‍රියා කරනුයේ අන්‍යයන් විසින් සැක නොකරන ස්වභාවයෙන්, ප්‍රවෘජ්‍යා ආකාර සමාදන්වීම් ආදියෙහි උත්සාහ නොකරනුයේ දැහැමින් වෙළඳාම් කරයි නමැ. යමෙක් මෙලොව පිරිසිදු බඹසර සරනුයේද එක්තරා දේව නිකායක් බලාපොරොත්තුවෙන් බඹසර හැසිරේද? ඔහුද දැහැමින් වෙළඳාම් කරයි නමැ. මෙසේ ධර්මයෙන් වෙළඳාමෙහි නොහැසිරෙන්නේය. නොකරන්නේ යයි (නොකළ යුතුයයි) අර්ථයි.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

3. පච‍්චවෙක‍්ඛණසුත‍්තවණ‍්ණනා

3. ප්‍රත්‍යාවෙක්ෂණ සූත්‍ර වර්ණනාව

තතියෙ අත‍්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ පහීනෙති ලොභදොසමොහවිපරීතමනසිකාරඅහිරිකානොත‍්තප‍්පකොධූපනාහමක‍්ඛපලාසඉස‍්සාමච‍්ඡරියමායා- සාඨෙය්‍යථම‍්භසාරම‍්භමානාතිමානමදපමාදතණ‍්හාඅවිජ‍්ජාතිවිධාකුසලමූලදුච‍්චරිතසංකිලෙසවිසම- සඤ‍්ඤාවිතක‍්කපපඤ‍්චචතුබ‍්බිධවිපල‍්ලාසආසවඔඝයොගගන්‍ථාගතිගමනතණ‍්හුපාදානපඤ‍්චවිධ- චෙතොඛිලපඤ‍්චචෙතොවිනිබන්‍ධනීවරණාභිනන්‍දනඡවිවාද- මූලතණ‍්හාකායසත‍්තානුසයඅට‍්ඨමිච‍්ඡත‍්තනව- තණ‍්හාමූලකදසාකුසලකම‍්මපථද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතඅට‍්ඨසතතණ‍්හාවිචරිතාදිප‍්පභෙදෙ අත‍්තනො සන‍්තානෙ අනාදිකාලපවත‍්තෙ දියඩ‍්ඪසහස‍්සකිලෙසෙ තංසහගතෙ චාපි අනෙකෙ පාපකෙ ලාමකෙ අකොසල‍්ලසම‍්භූතට‍්ඨෙන අකුසලෙ ධම‍්මෙ අනවසෙසං සහ වාසනාය බොධිමූලෙයෙව පහීනෙ අරියමග‍්ගෙන සමුච‍්ඡින‍්නෙ පච‍්චවෙක‍්ඛමානො “අයම‍්පි මෙ කිලෙසො පහීනො, අයම‍්පි මෙ කිලෙසො පහීනො”ති අනුපදපච‍්චවෙක‍්ඛණාය පච‍්චවෙක‍්ඛමානො භගවා නිසින‍්නො හොති.

තෙවැන්නෙහි අත්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ යනු ලෝභ, ද්වේෂ, මෝහ විකෘති මෙනෙහි කිරීම්, පවට ලජ්ජා නොවීම, පවට බිය නොවීම, ක්‍රෝධය, වෛරය, ගුණමකු බව, දුෂ්ටකම, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිකම, කණුවක් මෙන් සිටීම, එකටෙක කිරීම, මානය, අතිමානය, මත්වීම, ප්‍රමාදය, තෘෂ්ණා, අවිද්‍යා, ත්‍රිවිධ අකුසල මූලයන්, දුශ්චරිත, කිලිටිකර ධර්මයන්ට මුල්වූ විකෘති සංඥා, විතර්ක, ප්‍රමාද, චතුර්විධ විපර්යාසයන්, ආශ්‍රව, ඕඝ, යෝග, ඡන්‍දයෙන් අගතියට යාම, තෘෂ්ණා උපාදාන පංචවිධ චෙතොඛිලයන්, පස්වැදෑරුම් චිත්ත විනිබන්‍ධයන් නීවරණයන්ට සතුටුවීම, ෂට් විවාද මූලයන්, ෂට් තෘෂ්ණා කායයන්, සප්තානුසයන් අෂ්ඨ මිච්ඡත්තයන්, නව තෘෂ්ණා මූලකයන්, දශ අකුසල කර්මපථයන්, දෙසැටක් දෘෂ්ටිගතයන් අටසියයක් තෘෂ්ණා විචරිතාදී ප්‍රභේදයන්, තම සතන්හි අනාදිමත් කල්පටන් පවත්නා යෙළදහස් පන්සියයක් කෙලෙස් ඒ හා යෙදුනා වූ නොයෙක් පාපී ලාමක, අදක්ෂතාවයෙන් හටගත් යන අර්ථයෙන් වූ අකුසල ධර්මයන් සේස රහිතව අතීත ප්‍රවණතා සහිතව, බෝමැඩදීම ප්‍රහීණ කරනු ලදුයේ ආර්ය මාර්ගයෙන් මොනවට සිඳින ලදුයේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ මෙම කෙලෙස්ද ප්‍රහීණය. මෙම කෙලෙස් ද ප්‍රහීණයැයි වචනයක් පාසා මනාව බැලීමෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන්නේ වේ.

අනෙකෙ ච කුසලෙ ධම‍්මෙති සීලසමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනං චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, චත‍්තාරො අරියමග‍්ගා, චත‍්තාරි ඵලානි, චතස‍්සො පටිසම‍්භිදා, චතුයොනිපරිච‍්ඡෙදකඤාණං, චත‍්තාරො අරියවංසා, චත‍්තාරි වෙසාරජ‍්ජඤාණානි, පඤ‍්ච පධානියඞ‍්ගානි, පඤ‍්චඞ‍්ගිකො සම‍්මාසමාධි, පඤ‍්චඤාණිකො සම‍්මාසමාධි, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, පඤ‍්ච නිස‍්සාරණීයා ධාතුයො, පඤ‍්ච විමුත‍්තායතනඤාණානි, පඤ‍්ච විමුත‍්තිපරිපාචනීයා සඤ‍්ඤා, ඡ අනුස‍්සතිට‍්ඨානානි, ඡ ගාරවා, ඡ නිස‍්සාරණීයා ධාතුයො, ඡ සතතවිහාරා, ඡ අනුත‍්තරියානි, ඡ නිබ‍්බෙධභාගියා පඤ‍්ඤා, ඡ අභිඤ‍්ඤා, ඡ අසාධාරණඤාණානි, සත‍්ත අපරිහානියා ධම‍්මා, සත‍්ත අරියධනානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, සත‍්ත සප‍්පුරිසධම‍්මා, සත‍්ත නිජ‍්ජරවත්‍ථූනි, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත දක‍්ඛිණෙය්‍යපුග‍්ගලදෙසනා, සත‍්ත ඛීණාසවබලදෙසනා, අට‍්ඨ පඤ‍්ඤාපටිලාභහෙතුදෙසනා, අට‍්ඨ සම‍්මත‍්තානි, අට‍්ඨ ලොකධම‍්මාතික‍්කමා, අට‍්ඨ ආරම‍්භවත්‍ථූනි, අට‍්ඨ අක‍්ඛණදෙසනා, අට‍්ඨ මහාපුරිසවිතක‍්කා, අට‍්ඨ අභිභායතනදෙසනා, අට‍්ඨ විමොක‍්ඛා, නව යොනිසොමනසිකාරමූලකා ධම‍්මා, නව පාරිසුද‍්ධිපධානියඞ‍්ගානි, නව සත‍්තාවාසදෙසනා, නව ආඝාතප‍්පටිවිනයා, නව සඤ‍්ඤා, නව නානත‍්තානි, නව අනුපුබ‍්බවිහාරා, දස නාථකරණා ධම‍්මා, දස කසිණායතනානි, දස කුසලකම‍්මපථා, දස සම‍්මත‍්තානි, දස අරියවාසා, දස අසෙක‍්ඛා ධම‍්මා, දස තථාගතබලානි, එකාදස මෙත‍්තානිසංසා, ද‍්වාදස ධම‍්මචක‍්කාකාරා, තෙරස ධුතඞ‍්ගගුණා, චුද‍්දස බුද‍්ධඤාණානි, පන‍්නරස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා, සොළසවිධා ආනාපානස‍්සති, සොළස අපරන‍්තපනීයා ධම‍්මා, අට‍්ඨාරස මහාවිපස‍්සනා, අට‍්ඨාරස බුද‍්ධධම‍්මා, එකූනවීසති පච‍්චවෙක‍්ඛණඤාණානි, චතුචත‍්තාලීස ඤාණවත්‍ථූනි, පඤ‍්ඤාස උදයබ‍්බයඤාණානි, පරොපඤ‍්ඤාස කුසලා ධම‍්මා, සත‍්තසත‍්තති ඤාණවත්‍ථූනි, චතුවීසතිකොටිසතසහස‍්සසමාපත‍්තිසඤ‍්චාරිමහාවජිරඤාණං, අනන‍්තනයසමන‍්තපට‍්ඨානපවිචයපච‍්චවෙක‍්ඛණදෙසනාඤාණානි, තථා අනන‍්තාසු ලොකධාතූසු අනන‍්තානං සත‍්තානං ආසයාදිවිභාවනඤාණානි චාති එවමාදිකෙ අනෙකෙ අත‍්තනො කුසලෙ අනවජ‍්ජධම‍්මෙ අනන‍්තකාලං පාරමිපරිභාවනාය මග‍්ගභාවනාය ච පාරිපූරිං වුද‍්ධිං ගතෙ “ඉමෙපි අනවජ‍්ජධම‍්මා මයි සංවිජ‍්ජන‍්ති, ඉමෙපි අනවජ‍්ජධම‍්මා මයි සංවිජ‍්ජන‍්තී”ති රුචිවසෙන මනසිකාරාභිමුඛෙ බුද‍්ධගුණෙ වග‍්ගවග‍්ගෙ පුඤ‍්ජපුඤ‍්ජෙ කත්‍වා පච‍්චවෙක‍්ඛමානො නිසින‍්නො හොති. තෙ ච ඛො සපදෙසතො එව, න නිප‍්පදෙසතො. සබ‍්බෙ බුද‍්ධගුණෙ භගවතාපි අනුපදං අනවසෙසතො මනසි කාතුං න සක‍්කා අනන‍්තාපරිමෙය්‍යභාවතො.

අනෙකෙ පිච කුසලෙ ධම්මෙ යනු සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන, සිව්සීවටන්, සීව් සම්මප්පධන්, සිව් සෘද්ධිපාද සිව් ආර්ය මාර්ග, සිව්ඵලයන් සිව්පිළිසිඹියා, සිව්යෝනි පිරිසිඳ දන්නා ඥානය, සිව් ආර්ය වංශයන් සිව් වෛසාරද්‍ය ඥානයන්, පස් ප්‍රධානියංග, පංචාංගික සම්‍යක් සමාධිය, පංචංගික සම්‍යක් සමාධිය, පංචෙන්‍ද්‍රියයන්, පංචබලයන්, පංච නිස්සරණීය ධාතූන්, පංච විමුක්තායතනයන්, පංච විමුක්ති පරිපාචනීය සංඥාවන්, ෂට් අනුස්සතිඨානයන්, ෂට් ජාගරයන්, ෂට් නිස්සරණ ධාතූන්, ෂට් සප්ත විහාරයන්, ෂට් අනුත්තරියයන්, ෂට් නිර්වේධභාගී ප්‍රඥාව, ෂට් අභිඥාවන්, ෂට් අසාධාරණ ඥානයන් සප්ත අපරිහානිය ධර්මයන් සප්ත ආර්ය ධනයන්, සප්ත බොජ්ඣංගයන්, සප්ත සත්පුරුෂ ධර්මයන්, සප්ත නිජිර වස්තූන්, සප්ත සංඥාවන්, සප්ත දක්‍ෂිණාර්භ පුද්ගල දේශනාවන්, සප්ත ක්‍ෂීණාශ්‍රව බල දේශනාවන්, අෂ්ට ප්‍රඥා ප්‍රතිලාභ හේතු දේශනාවන්, අෂ්ට සම්මතයන්, අෂ්ට ලෝකධර්ම ඉක්මවීම, අෂ්ට සාරම්භ වස්තූන්, අෂ්ටක්‍ෂණ දේශනාවන්, අෂ්ටමහා පුරුෂ විතර්ක, අෂ්ට අභිභායතනයන්, අෂ්ට විමෝක්‍ෂයන්, නව යෝනිසෝ මනසිකාර මූලක ධර්මයන්, නව පාරිශුද්ධි පධානියංගයන්, නව සත්ත්වාස දේශනාවන්, නව ආඝාත පටිවිනයන්, නව සංඥාවන්, නව නානත්තයන්, නව අනුපූර්ව විහාර දේශනාවන්, නව නාථකරණ ධර්මයන්, දස කසිණායතනයන්, දස කුසල කර්මපථයන්, දස ආර්යවාසයන්, දස අශෛක්‍ෂ්‍ය ධර්මයන්, දස තථාගත බලයන්, එකොළොස් මෙත්තානිසංස දොළොස් ප්‍රත්‍යතාවයන්, තෙළෙස් ධුතංග ගුණයන්, තුදුස් බුද්ධඥානයන්, පසළොස් විමුක්ති පරිපාචනීය ධර්මයන්, සොළොස් ආකාර අනාපාන සතිය, සොළොස් අමෘත පරියාය ධර්ම, සතළොස් චිත්තක්‍ෂණ ඥානය, අටළොස් මහා විදර්ශනාව, අටලොස් බුද්ධ ධර්මයන්, එකුන්විසි ප්‍රත්‍යවේක්‍ෂා ඥානයන්, සිව්සාලිස් ඥාන වස්තූන්, පණස් උදයව්‍යය ඥානයන්, පනහකට වැඩි කුසල් දම්, සත් සැත්තෑවක් ඥාන වස්තූන් විසිහතර කෝටි ලක්‍ෂයක් සමවත්, මහාප්‍රඥා වජ්‍රඥානයත්, අනන්ත නය සමන්තපට්ඨාන විෂය වූ ප්‍රත්‍යවේක්‍ෂණ දේශනා ඥානයන්, එසේම අනන්ත ලෝකධාතූන්හි අනන්ත සත්ත්වයින්ගේ, ආසය අනුසයයන් පැහැදිලි කරන ඥානයන්දැයි යන මේ ආදී වූ නොයෙක් තම කුසල්හි නිරවද්‍ය ධර්මයන් කෙළවරක් නොමැති කල්, පාරමී භාවිතයෙන්ද, මාර්ග භාවනාවෙන්ද පරිපූර්ණත්වයට වෘද්ධියට ගියකල්හි මේ ආකාර වූ නිරවද්‍ය ධර්මයන් මා කෙරෙහි විද්‍යමාන වෙත්. මෙම නිරවද්‍ය ධර්මයන්ද මා කෙරෙහි විද්‍යමාන වෙතියි කැමැති වීම් වශයෙන් මෙනෙහි කිරීම් අභිමුව බුදුගුණ වර්ග වශයෙන්, රාශි රාශි වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරමින් හුන්නේ වේ. එයද වනාහි සියල්ල ඇතුලත් වන ලෙසින් සියල්ල ඇතුලත් නොවන ලෙසින් නොවේ. සියලු බුද්ධ ගුණයන් පදයක් පාසා ශේෂරහිතව මෙනෙහි කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින්ද නොහැකිය. එය අනන්ත අපරිමාන හෙයිනි.

වුත‍්තඤ‍්හෙතං –

යූ.සේයි.

“බුද‍්ධොපි බුද‍්ධස‍්ස භණෙය්‍ය වණ‍්ණං, කප‍්පම‍්පි චෙ අඤ‍්ඤමභාසමානො; ඛීයෙථ කප‍්පො චිරදීඝමන‍්තරෙ, වණ‍්ණො න ඛීයෙථ තථාගතස‍්සා”ති.

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං - කප්පම්පිචෙ අඤ්ඤමභාසමානො ඛීයෙථ කප්පො චිරදීඝ මන්තරෙ - වණ්ණෙ නඛීයෙථ තථාගතස්සාති

බුදුරදහුද, වෙන අන් දැයක් නොකියමින් කල්පයක් වුවද බුදුගුණ පමණක් කියන්නේද? (දෙසන්නේද) එම ගුණකථනය දීර්ඝ කාලයක් අතරතුර කරගෙන යද්දී කල්පය ක්‍ෂය වන්නේය. තථාගතයන් වහන්සේගේ ගුණ ක්‍ෂය නොවන්නේය.

අපරම‍්පි වුත‍්තං –

අනෙකක්ද යූ.සේයි.

“අසඞ‍්ඛ්‍යෙය්‍යානි නාමානි, සගුණෙන මහෙසිනො; ගුණෙන නාමමුද‍්ධෙය්‍යං, අපි නාම සහස‍්සතො”ති.

අසංඛෙය්‍යානි නාමානි - සගුණෙන මහෙසිනො ගුණෙන නාමං උද්ධරෙය්‍ය - අපි නාමං සහස්සතො

ගුණයෙන් නාමයන් උදුරා දක්වන්නේ නම්, නාමයන් දහසකින්ද නොහැකිය. මහර්ෂීන් වහන්සේගේ ගුණයන් සහිත නාමයන් අසංඛෙය්‍යයි. (සංඛ්‍යාවක් නොමැත.)

තදා හි භගවා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතප‍්පටික‍්කන‍්තො විහාරං පවිසිත්‍වා ගන්‍ධකුටිප‍්පමුඛෙ ඨත්‍වා භික‍්ඛූසු වත‍්තං දස‍්සෙත්‍වා ගතෙසු මහාගන්‍ධකුටිං පවිසිත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො අත‍්තනො අතීතජාතිවිසයං ඤාණං පෙසෙසි. අථස‍්ස තානි නිරන‍්තරං පොඞ‍්ඛානුපොඞ‍්ඛං අනන‍්තාපරිමාණප‍්පභෙදා උපට‍්ඨහිංසු. සො “එවං මහන‍්තස‍්ස නාම දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස මූලභූතා ඉමෙ කිලෙසා”ති කිලෙසවිසයං ඤාණාචාරං පෙසෙත්‍වා තෙ පහානමුඛෙන අනුපදං පච‍්චවෙක‍්ඛිත්‍වා “ඉමෙ වත කිලෙසා අනවසෙසතො මය‍්හං සුට‍්ඨු පහීනා”ති පුන තෙසං පහානකරං සාකාරං සපරිවාරං සඋද‍්දෙසං අරියමග‍්ගං පච‍්චවෙක‍්ඛන‍්තො අනන‍්තාපරිමාණභෙදෙ අත‍්තනො සීලාදිඅනවජ‍්ජධම‍්මෙ මනසාකාසි. තෙන වුත‍්තං –

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පසුබත පිණ්ඩපාතයෙන් පෙරළා වැඩම කළේ, වෙහෙරට පිවිස ගඳකිළිය ඉදිරිපිට සිට, භික්‍ෂූහු වත් දක්වා ගියකල්හි මහ ගඳකිළියට පිවිස පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්නේ තමාගේ අතීත ජාති විෂයකොට ඥානය යැවීය. ඉක්බිති එතුමන් වහන්සේට ඒවා නිරතුරුව හීයෙන් විදින ලද ඊතල මෙන් අනන්ත අප්‍රමාණ භේදව වැටහුනහ. එතුමාණෝ මෙබඳු නම් මහ දුක් කඳකට මුල් වූයේ මෙම කෙලෙසුන් යයි කෙලෙස් විෂයයෙහි නුවණ හැසිරවීම යවා, ඒවා ප්‍රහාණ මුඛයෙන් පද අනුව ප්‍රත්‍යවේක්‍ෂාකොට ඒකාන්තයෙන් මාගේ මෙම කෙලෙස් ශේෂ රහිතව මනාව ප්‍රහීණවූයේ යයි ද නැවත ඒවාහි ප්‍රහාණ ආකාරය ආකාර සහිතව පිරිවර සහිතව, උදෙසීම් සහිතව ආර්යමාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ අනන්තාපරිමාණ භේද වූ තමාගේ සීලාදී නිරවද්‍ය ධර්මයන් මෙනෙහි කළ සේක. එහෙයින්

“තෙන ඛො පන සමයෙන භගවා අත‍්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ පහීනෙ පච‍්චවෙක‍්ඛමානො නිසින‍්නො හොති, අනෙකෙ ච කුසලෙ ධම‍්මෙ භාවනාපාරිපූරිං ගතෙ”ති.

“තෙන ඛොපන සමයෙන භගවා අත්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ පච්චවෙක්ඛමානො නිසින්නොහොති අනෙකෙච කුසලෙ ධම්මෙ පහීනෙ පච්චවෙක්ඛමානො නිසින්නොහොති අනෙකෙච කුසලෙ ධම්මෙ භාවනා පරිපූරී කතෙ” යයි යූ.සේයි.

එවං පච‍්චවෙක‍්ඛිත්‍වා උප‍්පන‍්නපීතිසොමනස‍්සුද‍්දෙසභූතං ඉමං උදානං උදානෙසි.

මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් ප්‍රීති සොම්නස් උදෙසීමක් වූ මෙ උදන් ඇනූ සේක.

තත්‍ථ අහු පුබ‍්බෙති අරහත‍්තමග‍්ගඤාණුප‍්පත‍්තිතො පුබ‍්බෙ සබ‍්බොපි චායං රාගාදිකො කිලෙසගණො මය‍්හං සන‍්තානෙ අහු ආසි, න ඉමස‍්මිං කිලෙසගණෙ කොචිපි කිලෙසො නාහොසි. තදා නාහූති තදා තස‍්මිං කාලෙ අරියමග‍්ගක‍්ඛණෙ සො කිලෙසගණො න අහු න ආසි, තත්‍ථ අණුමත‍්තොපි කිලෙසො අග‍්ගමග‍්ගක‍්ඛණෙ අප‍්පහීනො නාම නත්‍ථි. “තතො නාහූ”තිපි පඨන‍්ති, තතො අරහත‍්තමග‍්ගක‍්ඛණතො පරං නාසීති අත්‍ථො. නාහු පුබ‍්බෙති යො චායං මම අපරිමාණො අනවජ‍්ජධම‍්මො එතරහි භාවනාපාරිපූරිං ගතො උපලබ‍්භති, සොපි අරියමග‍්ගක‍්ඛණතො පුබ‍්බෙ න අහු න ආසි. තදා අහූති යදා පන මෙ අග‍්ගමග‍්ගඤාණං උප‍්පන‍්නං, තදා සබ‍්බොපි මෙ අනවජ‍්ජධම‍්මො ආසි. අග‍්ගමග‍්ගාධිගමෙන හි සද‍්ධිං සබ‍්බෙපි සබ‍්බඤ‍්ඤුගුණා බුද‍්ධානං හත්‍ථගතා එව හොන‍්ති.

එහි අහු පුබ්බෙ යනු අර්හත්මාර්ග ඥානොත්පත්තියෙන් පෙර සියලුම රාගාදී කෙලෙස් සමූහය මාගේ සන්තානයෙහි විය. මෙම කෙලෙස් සමූහයෙහි කිසියම් ක්ලේශයක් නුවූයේයයි යන්නක් නැත. තදා නාහු යනු එකල්හි ආර්ය මාර්ගක්‍ෂණයෙහි එම කෙලෙස් සමූහය නුවූයේය. එහි ඉතා කුඩා වූද ක්ලේශයක් අග්‍ර මාර්ග ක්‍ෂණයෙහි අප්‍රහීණ වූයේ නම් නැත. තතො නාහු යනුවෙන්ද කියවති. අර්හත් මාර්ගක්‍ෂණයෙන් පසුනොවී යයි අර්ථයි. නාහු පුබ්බෙ යනු යම් ආකාර වූ මෙම මාර්ග අප්‍රමාණ නිරවද්‍ය ධර්මයන් වත්මනැ භාවනාවෙන් සම්පූර්ණත්වයට ගියේ ලැබේ. එයද ආර්යමාර්ග ක්‍ෂණයෙන් පෙර නොවීය. තදා අහු යනු යම්කලෙක්හි වනාහි මට ආර්යමාර්ග ඥානය හටගත්තෙහිද, එකල්හි මා හට සියලුම නිරවද්‍ය ධර්ම වූයේය. අග්‍ර මාර්ගාධිගමයෙන් වනාහි සියලු සර්වඥ ගුණ හස්තප්‍රාප්ත වූයේ මෙන් වෙති.

න චාහු න ච භවිස‍්සති, න චෙතරහි විජ‍්ජතීති යො පන සො අනවජ‍්ජධම‍්මො අරියමග‍්ගො මය‍්හං බොධිමණ‍්ඩෙ උප‍්පන‍්නො, යෙන සබ‍්බො කිලෙසගණො අනවසෙසං පහීනො, සො යථා මය‍්හං මග‍්ගක‍්ඛණතො පුබ‍්බෙ න චාහු න ච අහොසි, එවං අත‍්තනා පහාතබ‍්බකිලෙසාභාවතො තෙ කිලෙසා විය අයම‍්පි න ච භවිස‍්සති අනාගතෙ න උප‍්පජ‍්ජිස‍්සති, එතරහි පච‍්චුප‍්පන‍්නකාලෙපි න විජ‍්ජති න උපලබ‍්භති අත‍්තනා කත‍්තබ‍්බකිච‍්චාභාවතො. න හි අරියමග‍්ගො අනෙකවාරං පවත‍්තති. තෙනෙවාහ – “න පාරං දිගුණං යන‍්තී”ති.

නචාහු නච භවිස්සති නචෙතරහි විජ්ජති යනු යම් ආකාර වූ එම නිරවද්‍ය ධර්මය වූ ආර්යමාර්ගය මා හට බෝමැඩෙහිදී, උපන්නේද? යමක් කරණකොට සියලු කෙලෙස් සමූහය ශේෂ රහිතව ප්‍රහීණ වූයේද? එය යම්සේ මාගේ මාර්ගක්‍ෂණයෙන් පෙර නොවීය. මෙසේ තමා විසින් ප්‍රහාණය කළයුතු කෙලෙස් අභාවයෙන් ඒවා කෙලෙසුන් මෙන් නොවන්නේය. අනාගතයෙහි නූපදින්නේය. දැන් වත්මනැ විද්‍යමාන නොවේ. තමා විසින් කළයුතු කෘත්‍යයන් අභාව හෙයින් නොලබයි. ආර්ය මාර්ගය නොයෙක් වාරයක් නොපවතියි. එහෙයින් ‘පරතෙර දෙගුණව නොයෙක්’ යයි වදාළේය.

ඉති භගවා අරියමග‍්ගෙන අත‍්තනො සන‍්තානෙ අනවසෙසං පහීනෙ අකුසලෙ ධම‍්මෙ භාවනාපාරිපූරිං ගතෙ අපරිමාණෙ අනවජ‍්ජධම‍්මෙ ච පච‍්චවෙක‍්ඛමානො අත‍්තුපනායිකපීතිවෙගවිස‍්සට‍්ඨං උදානං උදානෙසි. පුරිමාය කථාය පුරිමවෙසාරජ‍්ජද‍්වයමෙව කථිතං, පච‍්ඡිමද‍්වයං සම‍්මාසම‍්බොධියා පකාසිතත‍්තා පකාසිතමෙව හොතීති.

භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගයෙන් තම සන්තානයෙහි ශේෂ රහිතව ප්‍රහීණ අකුසල ධර්මයන් වැඩීමෙන් පූර්ණත්වයට ගියකල්හි අප්‍රමාණ නිරවද්‍ය ධර්මයන්ද ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ, තමා කෙරෙහි එළවාගත් ප්‍රීතිවේගයෙන් මුදාහළ උදන් ඇනූ සේක. පළමු ගාථාවේ පළමු වෛසාරද්‍ය ද්වයයම කියන ලදි. පශ්චිම ද්වයය සම්‍යක් සම්බෝධියෙහිදී, ප්‍රකාශ කරන ලද හෙයින් ප්‍රකාශ කරන ලදුයේම වේ.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.