ජටිලසුත්තං
6. 2.
6. 2.
ජටිලසුත්තං.
ජටිල සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො බහිද්වාරකොට්ඨකෙ නිසින්නො හොති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මෘගාරිමාතෘප්රසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි චිත්තවිවේකයෙන් නැගී සිටි සේක්, ප්රාසාදද්වාරකෝෂ්ඨයෙන් පිටත්හි වැඩ හුන් සේක් වෙති.
අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. තෙන ඛො පන සමයෙන සත්ත ච ජටිලා, සත්ත ච නිගණ්ඨා, සත්ත ච අචෙලකා, සත්ත ච එකසාටකා, සත්ත ච පරිබ්බාජකා, පරූළ්හකච්ඡනඛලොමා ඛාරිවිවිධමාදාය භගවතො අවිදූරෙ අතික්කමන්ති.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙක හුන්නේ ය. එ සමයෙහි සත් දෙනෙක් ජටිලයෝ ද, සත් දෙනෙක් නිවටහු ද, සත් දෙනෙක් අචෙලකයෝ ද, සත් දෙනෙක් ඒකසාටක නිවටහු ද, සත් දෙනෙක් පිරිවැජියෝ ද වැඩුණු කිසිලිලොම් ද නියපොතු ද ඇත්තාහු නන් වැදෑරුම් පැවිදි පිරිකර බඩු රැගෙන භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි (නුවර දෙසට) ඉක්මැ යෙත්.
2. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො තෙ සත්ත ච ජටිලෙ, සත්ත ච නිගණ්ඨෙ, සත්ත ච අචෙලකෙ, සත්ත ච එකසාටකෙ, සත්ත ච පරිබ්බාජකෙ, පරූළ්හකච්ඡනඛලොමෙ ඛාරිවිවිධමාදාය භගවතො අවිදූරෙ අතික්කමන්තෙ. දිස්වාන උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන තෙ සත්ත ච ජටිලා, සත්ත ච නිගණ්ඨා, සත්ත ච අචෙලකා, සත්ත ච එකසාටකා, සත්ත ච පරිබ්බාජකා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං නාමං සාවෙසි: රාජාහං භන්තෙ පසෙනදි කොසලො’ති.
2. පසේනදි කොසොල් රජ වැඩුණු කිසිලිලොම් හා නියපොතු ද ඇති ඒ සත් ජටිලයන් ද, සත් නිවටුන් ද, සත් අචේලකයන් ද, සත් එකසාටකයන්ද, සත් පිරිවැජියන් ද පිරිකර බර ගෙන භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි මඟින් ඉක්මැ යන්නවුන් දිටී ය. දැක හුනස්නෙන් නැඟී සිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල බිමැ හැන, ඒ සත් ජටිලයන් ද, සත් නිවටුන් ද, සත් අචේලකයන් ද, සත් එකසාටකයන්ද, සත් පිරිවැජියන් ද දසාවට ඇඳිලි නමා ‘වහන්ස, මම් පසේනදි කොසොල්මි’යි තුන් වරක් සිය නම ඇස්වී ය.
3. අථ ඛො රාජා පසෙනදි කොසලො අචිරපක්කන්තෙසු තෙසු සත්තසු ච ජටිලෙසු සත්තසු ච නිගණ්ඨෙසු සත්තසු ච අචෙලකෙසු සත්තසු ච එකසාටකෙසු සත්තසු ච පරිබ්බාජකෙසු යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “යෙ ච ඛො භන්තෙ, ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, එතෙ තෙසං අඤ්ඤතරා”ති.
3. ඉක්බිත්තෙන් පසේනදි කොසොල් රජ ඒ සත් ජටිලයන් … ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නා වූ ම පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොවැ යම් රහත් කෙනෙක් හෝ රහත් මඟට පැමිණි හෝ යම් කෙනෙක් වෙත් නම්, මොහු ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් වෙති”යි කී ය.
“දුජ්ජානං ඛො පනෙතං මහාරාජ, තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන: ඉමෙ වා අරහන්තො ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නා’ති. සංවාසෙන ඛො මහාරාජ, සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා. න ඉත්තරෙන, මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන ඛො මහාරාජ, සොචෙය්‍යං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා -පෙ- නො දුප්පඤ්ඤෙන. ආපදාසු ඛො මහාරාජ, ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා -පෙ- නො දුප්පඤ්ඤෙන. සාකච්ඡාය ඛො මහාරාජ, පඤ්ඤා වෙදිතබ්බා, සා ච ඛො දීඝෙන අද්ධුනා -පෙ- නො දුප්පඤ්ඤෙනා”ති .
“මහරජාණෙනි, අඹුදරුවන් නිසා හටගත් සම්බාධ ඇති යහනක් ඇති වැ වසන, කසිවත් හා සියුම් සඳුන් පරිභෝග කරන, මල්ගඳ විලෙවුන් දරන රන් රිදී ඉවසන කාමභෝගී ගිහි වූ තොප විසින් ‘මොහු රහත්හු ද නොහොත් රහත්මඟට පිළිපන්නෝ දැ?”යි යන මෙය නො දත හැකි ය. මහරජාණනි, එක් වැ විසීමෙන් වනාහි ශීලය දත යුතු. එ ද දික් කලෙකිනි. මඳ කලෙකින් නො වේ. එ ද කටහැක්කේ සිල් පිරිසිඳින්නෙමියි මෙනෙහි කරන්නහු විසිනි. මෙනෙහි නොකරන්නහු විසින් නො වේ. ප්‍රඥා ඇත්තහු විසිනි, ප්‍රඥා නැත්තහු විසින් නො වේ. මහරජාණෙනි, කථායෙන් පිරිසුදු බව දත යුතු. එ ද දික් කලෙකිනි. මද කලෙකින් නො වේ ... ප්‍රඥා නැත්තහු විසින් නො වේ. මහරජාණෙනි, විපත්හිදි ඥානස්ථාමය දත යුතු. එ ද දික් කලෙකිනි. ... ප්‍රඥාව නැත්තහු විසින් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
4. “අච්ඡරියං! භන්තෙ, අබ්භුතං! භන්තෙ, යාව සුභාසිතඤ්චිදං භන්තෙ, භගවතා: දුජ්ජානං ඛො පනෙතං -පෙ- අරහත්තමග්ගං සමාපන්නා’ති, සංවාසෙන -පෙ- නො දුප්පඤ්ඤෙනා’ති. එතෙ භන්තෙ, මම පුරිසා චොරා ඔචරකා ජනපදං ඔචරිත්වා ආගච්ඡන්ති. තෙහි පඨමං ඔචිණ්ණං අහං පච්ඡා ඔසරිස්සාමි. ඉදානි තෙ භන්තෙ, තං රජොජල්ලං පවාහෙත්වා නහාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ඔදාතවත්ථවසනා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගිභූතා පරිචාරෙස්සන්තී’ති.
4. “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය! ... රහත්මගට පිළිපන්නෝ දැ?”යි මෙය දත නො හැක්කේ ය. ... එක් වැ විසීමෙන් ... ප්‍රඥා නැත්තහු විසින් නො වේ”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ වචනය ඉතා මැනැවින් වදාරන ලද්දේය. වහන්ස, මොහු පැවිදි වෙසින් සිට රට වැසියන්ගේ පිණ්ඩභෝජනය වළඳන මාගේ චරපුරුෂයෝ ය. මොහු දනව්වල තතු විමසා බලා එති. පළමුවෙන් මොවුන් බැස්ස ඒ පෙදෙසට ඔවුනට පසු ව මම බස්නෙමි. වහන්ස, ඔහු දැන් දූවිලි මල සෝදා හැර මොනොවට නෑවාහු මොනොවට විලෙවුන් දැරුවාහු කැපූ කෙහෙරවුළු ඇත්තාහු, සුදුවන් හඳින්නාහු පස් කම්ගුණ හා ඇලුණෝ එක් වූවෝ ඉඳුරන් කාමවස්තුන්හි හසුරුවත්”යැ යි පසේනදී කොසොල් රජ කී ය.
5. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ.
“න වායමෙය්ය සබ්බත්ථ නාඤ්ඤස්ස පුරිසො සියා, නාඤ්ඤං නිස්සාය ජීවෙය්ය ධම්මෙන න වණිං චරෙ”ති.
“මහණ තෙම (දූතමෙහෙවර චරපුරුෂ මෙහෙවර ආදි වූ) සියලු ලාමකකම්හි වෑයම් නො කරන්නේ ය. අනෙකුගේ සේවකයෙක් නො වන්නේ ය. අන් අධිපති ආදි කෙනෙකුන් ඇසුරු කොට ජීවත් නො වන්නේ ය. ධර්මයෙන් වෙළෙඳාම් නො කරන්නේ ය. (ධන ආදිය පිණිස බණ නො කියන්නේ ය.)