යෙදුමෙන් කියවන්න

පච‍්චවෙක‍්ඛණසුත‍්තං

6. 3.

6. 3.

පච‍්චවෙක‍්ඛණසුත‍්තං

ප්‍රත්‍යවේක්‍ෂණ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා අත‍්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ පහීණෙ පච‍්චවෙක‍්ඛමානො නිසින‍්නො හොති, අනෙකෙ ච කුසලෙ ධම‍්මෙ භාවනාය පාරිපූරිං ගතෙ.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර නොදුරු නොළං තන්හි වූ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ප්‍රහීණ වූ නොයෙක් ලාමක අකුසල් දහම් ද, භාවනායෙන් පිරිපුන් බවට පැමිණි නොයෙක් කුසල් දහම් ද නුවණින් සලකා බලමින් වැඩ හුන්නාහු වෙති.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ.

“අහු පුබ‍්බෙ තදා නාහු නාහු පුබ‍්බෙ තදා අහු, නචාහු න ච භවිස‍්සති න චෙතරහි විජ‍්ජතී”ති.

(රහත්මඟ නුවණ ලබන්නට) පෙරැ (රාගාදි කෙලෙස් මා සතන්හි) විය. (ආර්‍ය්‍යමාර්‍ගක්‍ෂණයෙහි) ඒ නො වී ය. (දැන් භාවනායෙන් පිරිපුන් බවට පැමිණි අප්‍රමාණ කුශලධර්‍ම අග්‍රමාර්‍ගක්‍ෂණයට පූර්‍ව වූ) ඒ පුහුදුන් සමයෙහි නො වීය. (අග්‍රමාර්‍ගඥානය උපන්) එදා මේ සියලු අනවද්‍යධර්‍ම පහළ විය. (යම් ආර්‍ය්‍යමාර්‍ගයෙක් මට බෝමැඩදී පහළ වී ද, මාර්‍ගක්‍ෂණයෙන් පෙරැ) එය මට නො වී ය. මතුත් නො වන්නේ ය. සියලු කෙලෙස් නසා අවසන් බැවින් නසන ආර්‍ය්‍යමාර්‍ගයෙක් දැනුත් මට නැත.