යෙදුමෙන් කියවන්න

ආයුසඞ‍්ඛාරවොස‍්සජනසුත‍්තං

6. 1.

6. 1.

ආයුසඞ‍්ඛාරවොස‍්සජනසුත‍්තං.

ආයුසංඛාරවොස්සජන සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසි. වෙසාලියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: ගණ‍්හාහි ආනන්‍ද, නිසීදනං. යෙන චාපාලං චෙතියං තෙනුපසඞ‍්කමිස‍්සාම දිවාවිහාරායා’ති. ‘එවං භන‍්තෙ’ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා නිසීදනමාදාය භගවන‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි. අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: රමණීයා ආනන්‍ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත‍්තම‍්බං චෙතියං, රමණීයං බහුපුත‍්තං චෙතියං, රමණීයං සාරන්‍දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස‍්ස කස‍්ස චි ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, සො ආකඞ‍්ඛමානො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා. තථාගතස‍්ස ඛො ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. ආකඞ‍්ඛමානො ආනන්‍ද, තථාගතො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා’ති. එවම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො භගවතා ඔළාරිකෙ නිමිත‍්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුං. න භගවන‍්තං යාචි: තිට‍්ඨතු භන‍්තෙ, භගවා කප‍්පං, තිට‍්ඨතු සුගතො කප‍්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති. යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුරැ පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්. අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, හිඳිනා ඇතිරිය ගනුව. දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය වෙත යන්නමු’යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි කියා ම අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හිඳිනා ඇතිරිය ගෙන, භාග්‍යවතුන් වහන්සේ පසුපසින් වැඩියහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාලචෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ, පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම, ‘අනඳයෙනි, විසල්පුරය සිත්කලු ය, උදායන චෛත්‍යය සිත්කලු ය, ගෞතමක චෛත්‍යය සිත්කලු ය, සප්තාමු චෛත්‍යය සිත්කලු ය, බහුපුත්‍ර චෛත්‍යය සිත්කලු ය, සාරන්‍දද චෛත්‍යය සිත්කලු ය, චාපාලචෛත්‍යය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු නම්, බහුල වශයෙන් කරන ලද්දාහු නම්, යුක්තයානයක් මෙන් කරන ලද්දාහු නම්, පිහිටන තැනක් මෙන් කරන ලද්දාහු නම්, සිද්ධ කරන ලද්දාහු නම්, පුරුදු කරන ලද්දාහු නම්, මොනොවට නිපදවන ලද්දාහු නම්, හෙ තෙම කැමැත්තේ නම්, හෙ තෙම ආයුෂ්කල්පයක් (ඒ කාලයෙහි මිනිසුන්ගේ සම්පූර්‍ණ ආයුෂප්‍රමාණ කාලයක්) හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තු කෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, තථාගතයෝ කැමැත්තෝ නම්, ආයුෂ්කල්පයක් හෝ එයට වැඩි කලක් සිටිය හැක්කාහුයැ”යි වදාළ සේක. මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් දැඩිවූ සංඥා ඉපැදවීම කරනු ලබනු කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි, ආනන්‍ද තෙරණුවෝ එය දැනැ ගන්නට නොහැකි වූහ. මරහු විසින් මඩනාලද සිතැත්තක්හු සේ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා සඳහා, දෙව් මිනිස්නට යහපත පිණිස, හිත පිණිස, සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩියක් කල් වැඩ සිටින සේක්වා’යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.

දුතියම‍්පි ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: ‘රමණීයා -පෙ- තථාගතො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා’ති. එවම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො -පෙ- යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො. තතියම‍්පි ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: රමණීයා -පෙ- තථාගතො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා’ති. එවම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො -පෙ- යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො.

දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හැක්කාහ”යි වදාළ සේක. තෙවෙනි වරැ ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හෙන්නාහ”යි වදාළ සේක. මෙසේත් අනඳ තෙරණුවෝ ... මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සේ ... නො යැදූහ.

2. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: ‘ගච‍්ඡ ත්‍වං ආනන්‍ද, යස‍්ස’දානි කාලං මඤ‍්ඤසීති. එවං භන‍්තෙ’ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි.

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම් දිවාවිහරණයකට කලැ යි සිතවු ද එයට යවු’යැ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියාම අනඳ තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදැකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හිඳ ගත්හ.

3. අථ ඛො මාරො පාපිමා අචිරපක‍්කන‍්තෙ ආයස‍්මන‍්තෙ ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො මාරො පාපිමා භගවන‍්තං එතදවොච: ‘පරිනිබ‍්බාතු භන‍්තෙ, භගවා. පරිනිබ‍්බාතු සුගතො. පරිනිබ‍්බානකාලො’දානි භන‍්තෙ භගවතො. භාසිතා ඛො පනෙසා භන‍්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි යාව මෙ භික‍්ඛූ න සාවකා භවිස‍්සන‍්ති, වියත‍්තා විනීතා විසාරදා යොගක‍්ඛෙමා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නා සාමීචිප‍්පටිපන‍්නා අනුධම‍්මචාරිනො සකං ආචරියකං උග‍්ගහෙත්‍වා ආචික‍්ඛිස‍්සන‍්ති දෙසෙස‍්සන‍්ති පඤ‍්ඤපෙස‍්සන‍්ති පට‍්ඨපෙස‍්සන‍්ති විවරිස‍්සන‍්ති විභජිස‍්සන‍්ති උත‍්තානී කරිස‍්සන‍්ති උප‍්පන‍්නං පරප‍්පවාදං සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙස‍්සන‍්තී’ති.

3. එකල්හි පවිටු මර අනඳ තෙරුන් නික්මැ වැඩි නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියා වූ ම පවිටු මර භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “වහන්ස, භගවත්හු පිරිනිවෙත්වා, සුගතයෝ පිරිනිවෙත්වා දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, “යම් තාක් කල් මේ සවු මහණහු ව්‍යක්ත ද විනීත ද විශාර ද බවට පැමිණියෝ ද යෝගක්‍ෂේම ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුරූපධර්‍මයෙහි හැසිරෙන සුලු ද වූවෝ සිය ආචාර්‍ය්‍යවාදය ඉගෙන උගන්වන්නාහු ද, කියවන්නාහු ද,, පවසන්නාහු ද, පිහිටුවන්නාහු ද, හෙළි කරන්නාහු ද, බෙදා දක්වන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහු ද එතෙක් නො ම පිරිනිවෙන්නෙමි”යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.

සන‍්ති ඛො පන භන‍්තෙ එතරහි භික‍්ඛූ භගවතො සාවකා වියත‍්තා විනීතා විසාරදා යොගක‍්ඛෙමා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නා සාමීචිපටිපන‍්නා අනුධම‍්මචාරිනො, සකං ආචරියකං උග‍්ගහෙත්‍වා ආචික‍්ඛන‍්ති දෙසෙන‍්ති පඤ‍්ඤපෙන‍්ති පට‍්ඨපෙන‍්ති විවරන‍්ති විභජන‍්ති උත‍්තානිං කරොන‍්ති උප‍්පන‍්නං පරප‍්පවාදං සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙන‍්ති. පරිනිබ‍්බාතු භන‍්තෙ, භගවා. පරිනිබ‍්බාතු සුගතො. පරිනිබ‍්බානකාලො’දානි, භන‍්තෙ, භගවතො.

වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්‍ෂූහු ව්‍යක්තයෝ විනීතයෝ විශාරදයෝ යෝගක්‍ෂේමයෝ ... බහුශ්‍රැතයෝ ධර්‍මධරයෝ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයෝ සම්‍යක්ප්‍රතිපන්නයෝ අනුධර්‍මචාරීහු ඇත: ඔහු සිය ආචාර්‍ය්‍යවාදය ඉගෙන උගන්වත්, කියවත්. දෙසත්, පිහිටුවත්, හෙළි කෙරෙත්, බෙදා දක්වත්, ප්‍රකට කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික වන තෙක් කොට දහම් දෙසත්. වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත්වා. සුගතයෝ පිරිනිවෙත්වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය.

4. භාසිතා ඛො පනෙසා භන‍්තෙ භගවතා වාචා: ‘න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි, යාව මෙ භික‍්ඛුනියො න සාවිකා භවිස‍්සන‍්ති වියත‍්තා -පෙ- අනුධම‍්මචාරිනියො -පෙ- සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙස‍්සන‍්තී’ති. සන‍්ති ඛො පන භන‍්තෙ, එතරහි භික‍්ඛුනියො භගවතො සාවිකා වියත‍්තා -පෙ- සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙන‍්ති. පරිනිබ‍්බාතු -පෙ- වාචා: න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි, යා ව මෙ උපාසකා න සාවකා භවිස‍්සන‍්ති වියත‍්තා -පෙ- සප‍්පටිහාරියං ධම‍්මං දෙසෙස‍්සන‍්තී’ති. සන‍්ති ඛො පන භන‍්තෙ, එතරහි උපාසකා භගවතො සාවකා වියත‍්තා -පෙ- සප‍්පටිහාරියං ධම‍්මං දෙසෙන‍්ති. පරිනිබ‍්බාතු -පෙ-.

4. වහන්ස, ‘යම් තාක් කල් මාගේ ශ්‍රාවක මෙහෙණහු ව්‍යක්ත ද ... අනුධර්‍මචාරීණීහු නොවන්නාහු ද නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහු ද ඒතාක් නොපිරිනිවෙන්නෙමැ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන්ගේ ව්‍යක්ත වූ මෙහෙණහු දැන් ඇත. ඔහු නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහ. වහන්ස, භගවත්හු පිරිනිවෙත් වා ... භාග්‍යවතුන් විසින් ‘යම්තාක් කල් මාගේ ශ්‍රාවක වූ උපාසකයෝ ව්‍යක්තත් ... නොවන්නාහු ද ... නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසනු හැකි නො වන්නාහු ද, පවිට ඒ තාක් කල් නො පිරිනිවෙන්නෙමි යි මෙ වචනය කියන ලද්දේ ය. වහන්ස, … පිරිනිවෙත්වා ... වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපසාකයෝ ව්‍යක්ත ද … වෙත්. නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත් ... පිරිනිවෙත් වා ...

5. භාසිතා ඛො පනෙසා භගවතො වාචා: න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි, යාව මෙ උපාසිකා න සාවකා භවිස‍්සන‍්ති වියත‍්තා -පෙ- අනුධම‍්මචාරිනියො -පෙ- සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙස‍්සන‍්තී’ති. සන‍්ති ඛො පන භන‍්තෙ, එතරහි උපාසිකා භගවතො සාවිකා වියත‍්තා -පෙ- අනුධම‍්මචාරිනියො -පෙ- සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙන‍්ති. පරිනිබ‍්බාතු -පෙ-.

5. භගවතුන් විසින් යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවෝ ව්‍යක්ත ද ... නොවන්නාහු ද ... අනුධර්‍මචාරීණීහු නොවන්නාහු ද ... ධර්‍මය නෛර්‍ය්‍යාණික කොට නො දෙසන්නාහු ද ඒතාක් නොපිරිනිවෙන්නෙමි’යි මේ වචනය වදාරන ලද්දේ ය. වහන්ස, දැන් භාග්‍යවතුන්ගේ සවු වූ උපාසිකාවෝ ව්‍යක්ත ද ... අනුධර්‍මචාරිණීහු ද වෙත් ... නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහ. භගවත්හු දැන් පිරිනිවෙත්වා ...

6. භාසිතා ඛො පනෙසා භගවතො වාචා: න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි, යාව මෙ ඉදං බ්‍රහ‍්මචරියං න ඉද‍්ධඤ‍්චෙව භවිස‍්සති ඵීතඤ‍්ච විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං පුථුභූතං යාවදෙව මනුස‍්සෙහි සුප‍්පකාසිත’න‍්ති. එතරහි ඛො පන භන‍්තෙ භගවතො බ්‍රහ‍්මචරියං ඉද‍්ධඤ‍්චෙව ඵීතඤ‍්ච විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං පුථුභූතං යාවදෙව මනුස‍්සෙහි සුප‍්පකාසිතං. පරිනිබ‍්බාතු’දානි, භන‍්තෙ, භගවා. පරිනිබ‍්බාතු සුගතො. පරිනිබ‍්බානකාලො’දානි භන‍්තෙ භගවතො”ති.

6. “පවිට යම් තාක් කල් මාගේ මේ ශාසනය (ධ්‍යානෝත්පාද විසින්) සමෘද්ධ ද, (අභිඥාසම්පත්ති විසින්) ස්ථිත ද, (ඒ ඒ දෙසැ පිහිටීම් විසින්) පැතුරුණෙක් ද (බොහෝ දෙනා සත්‍යාවබෝධ කිරීම් විසින්) බොහෝ දෙනා අතර ප්‍රකට ද නුවණැති දෙවිමිනිසුන් හැම දෙනා විසින් මොනොවට ප්‍රකාශිත ද නො වේ නම් ඒතාක් මම් නොපිරිනිවෙන්නෙමි”යි භාග්‍යවතුන් විසින් මේ වචනය කියන ලද ම ය. වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන්ගේ ශාසනය සමෘද්ධ ද පැතුරුණෙක් ද බොහෝ දෙනා අතරැ ප්‍රකට ද දෙවිමිනිසුන් හැම දෙනා විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවත්හු පිරිනිවෙත්වා. සුගතයෝ පිරිනිවෙත්වා. වහන්ස, දැන් භාග්‍යවත්නට පිරිනිවෙන්නට කල් ය” යනු යි.

එවං වුත‍්තෙ භගවා මාරං පාපිමන‍්තං එතදවොච: අප‍්පොස‍්සුක‍්කො ත්‍වං පාපිම, හොහි. න චිරං තථාගතස‍්ස පරිනිබ‍්බානං භවිස‍්සති. ඉතො තිණ‍්ණං මාසානං අච‍්චයෙන තථාගතො පරිනිබ‍්බායිස‍්සතී”ති. අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජ‍්ජි. ඔස‍්සට‍්ඨෙ ච භගවතා ආයුසඞ‍්ඛාරෙ මහාභූමිචාලො අහොසි, භිංසනකො ලොමහංසො. දෙවදුන්‍දුභියො ච ඵලිංසු.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පවිටු මරහට “පවිට, තෝ නිරුත්සුක වව. නොබෝ කලකින් තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙම පිරිනිවෙන්නේ යැ”යි වදාළ සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයේදී එළැඹැ සිටි සිහි ඇත්තාහු නුවණින් පිරිසිඳැ දන්නාහු ආයුසංස්කාරය හළ සේක. (ඒ තෙමස පමණක් සමවත් සමවදිමින් කය රැකි උන්වහන්සේ එයින් මතු කය රැකුම්වස් සමවත් නො සමවදින්නෙමියි අදහස් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාර හළ කල්හි ම බිහිසුණු ලොමුදහ ගන්වන මහද්භූමිකම්පනයෙක් විය. දෙව්බෙර නද දුන්හ. (ක්‍ෂිණක වැස්සෙක් වට)

7. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“තුලමතුලඤ‍්ච සම‍්භවං භවසඞ‍්ඛාරමවස‍්සජි මුනි, අජ‍්ඣත‍්තරතො සමාහිතො අභින්‍දි කවචමිවත‍්තසම‍්භවං”ති.

“පුනර්‍භවය සකස් කරන, භවෝත්පත්තියට කාරණ වූ කාමාවචර රූපාවචර කර්‍ම ද අරූපාවචර කර්‍ම ද බුද්ධමුනි තෙමේ හළේ ය. නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ (හෙවත් උපචාරාර්‍පණසමාධි විසින්) සමාහිත වූයේ තමා කෙරෙහි වූ කෙලෙස් කවචයක් (සන්නාහයක්)මෙන් බිඳැ දැමී ය. නොහොත් පස්කඳ අනිසැ යි නිවන නිත්‍ය යැ යි ආදීන් තුලනය (තීරණය) කරනුයේ, බුද්ධමුනි තෙමේ භවගාමී කර්‍මයන් (කර්‍මක්‍ෂයකර) ආර්‍ය්‍යමාර්‍ගයෙන් හළේ ය. කෙසේද? විවසුන් විසින් සිය පස්කඳෙහි ඇලුණේ ශමථ විසින් සමාහිත වූයේ, තමා කෙරෙහි වූ කෙලෙස් නැමැති කවචය බෝමුලැදී ම හළ භවසංස්කාර ඇත්තේ, සමාපත්ති බලයෙන් රැඳවූ අත්බව මෙයින් මතු එයට නො සමවදිමියි ආයුසංස්කාරය හළේ ය.”