යෙදුමෙන් කියවන්න

1. ආයුසඞ‍්ඛාරවොස‍්සජනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. ආයුසඞ‍්ඛාරවොස‍්සජනසුත‍්තවණ‍්ණනා

1. ආයුසංඛාරවොස්සජන සූත්‍ර වර්ණනාව

ජච‍්චන්‍ධවග‍්ගස‍්ස පඨමෙ වෙසාලියන‍්තිආදි හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. වෙසාලිං පිණ‍්ඩාය පාවිසීති කදා පාවිසි? උක‍්කාචෙලතො නික‍්ඛමිත්‍වා වෙසාලිං ගතකාලෙ. භගවා හි වෙළුවගාමකෙ වස‍්සං වසිත්‍වා තතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනෙ විහාසි. තස‍්මිං කාලෙ ධම‍්මසෙනාපති අත‍්තනො ආයුසඞ‍්ඛාරං ඔලොකෙත්‍වා “සත‍්තාහමෙව පවත‍්තිස‍්සතී”ති ඤත්‍වා භගවන‍්තං අනුජානාපෙත්‍වා නාළකගාමං ගන‍්ත්‍වා තත්‍ථ මාතරං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙත්‍වා පරිනිබ‍්බායි. සත්‍ථා චුන්‍දෙන ආභතා තස‍්ස ධාතුයො ගහෙත්‍වා ධාතුචෙතියං කාරාපෙත්‍වා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවුතො රාජගහං අගමාසි. තත්‍ථ ගතකාලෙ ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො පරිනිබ‍්බායි. භගවා තස‍්සපි ධාතුයො ගහෙත්‍වා චෙතියං කාරාපෙත්‍වා රාජගහතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන උක‍්කාචෙලං අගමාසි. තත්‍ථ ගඞ‍්ගාතීරෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසීදිත්‍වා අග‍්ගසාවකානං පරිනිබ‍්බානප‍්පටිසංයුත‍්තං ධම‍්මං දෙසෙත්‍වා උක‍්කාචෙලතො නික‍්ඛමිත්‍වා වෙසාලිං අගමාසි. එවං ගතො භගවා “පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසී”ති වුච‍්චති. තෙන වුත‍්තං – “උක‍්කාචෙලතො නික‍්ඛමිත්‍වා වෙසාලිං ගතකාලෙ”ති.

සවන ජාත්‍යන්‍ධ වර්ගයෙහි, පළමුවැන්නෙහි වෙසාලියං යනු යට කියන ලද ක්‍රමයමය. වෙසාලියං පිණ්ඩාය පාවිසි කෙදින පිවිසියෙහිද, උක්කාචේලයෙන් නික්ම විසල් නුවරට ගියකල්හි, එහි භාග්‍යවතුන් වහන්සේ බේලුව ගමෙහි වස් වැස ඉන් නික්ම පිළිවෙලින් සැවතට පත්ව දෙව්රම්හි වාසය කළ සේක. එකල්හි දම්සෙනෙවි තම ආයු සංස්කාරයන් බලා සත්දිනක්ම පමණක් පවතින්නේ යයි දැන භාග්‍යවතුන් වහන්සේ අනුදන්වා (අනුමත කරවා) නාලක ගමට ගොස් එහිදී සිය මව සෝවාන් ඵලයෙහි පිරිනිවන් පෑහ. ශාස්තෲන් වහන්සේ චුන්ද විසින් ගෙන එන ලද පිහිටුවා සැරියුත් තෙරුන්ගේ ශාරීරික ධාතූන් ගෙන ධාතු චෛත්‍යයක් කරවා මහ බික් සඟ පිරිවැරුනේ රජගහ නුවරට වැඩම කළ සේක. එහි ගිය කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරහු පිරිනිවියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේද ශාරීරික ධාතූන් ගෙන චෛත්‍යයක් කරවා, රජගහ නුවරින් නික්ම පිළිවෙලින් උක්කාචේලයට වැඩම කළ සේක. එහි ගං ඉවුරෙහි බික් සඟ පිරිවරන ලදුයේ වැඩහිඳ අග සව්වන්ගේ පිරිනිවීම හා සබැඳි සූත්‍රයක් දෙසා, උක්කාචේලයෙන් නික්ම විසල් නුවරට වැඩම කළ සේක. මෙසේ වැඩමකළ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරවැ පාසිවුරු ගෙන විසල්නුවරට පිඬු පිණිස පිවිසියේ යැයි කියයි. එහෙයින් උක්කාචේලයෙන් නික්ම විසල් නුවර ගියකලැයි යූ.සේයි.

නිසීදනන‍්ති ඉධ චම‍්මක‍්ඛණ‍්ඩං අධිප‍්පෙතං. චාපාලං චෙතියන‍්ති පුබ‍්බෙ චාපාලස‍්ස නාම යක‍්ඛස‍්ස වසිතට‍්ඨානං “චාපාලචෙතිය”න‍්ති පඤ‍්ඤායිත්‍ථ. තත්‍ථ භගවතො කතවිහාරොපි තාය රුළ‍්හියා “චාපාලචෙතිය”න‍්ති වුච‍්චති. උදෙනං චෙතියන‍්ති එවමාදීසුපි එසෙව නයො. සත‍්තම‍්බන‍්ති කිකිස‍්ස කිර කාසිරඤ‍්ඤො ධීතරො සත‍්ත කුමාරියො සංවෙගජාතා රාජගෙහතො නික‍්ඛමිත්‍වා යත්‍ථ පධානං පදහිංසු, තං ඨානං “සත‍්තම‍්බං චෙතිය”න‍්ති වදන‍්ති. බහුපුත‍්තන‍්ති බහුපාරොහො එකො නිග්‍රොධරුක‍්ඛො, තස‍්මිං අධිවත්‍ථං දෙවතං බහූ මනුස‍්සා පුත‍්තෙ පත්‍ථෙන‍්ති, තදුපාදාය තං ඨානං “බහුපුත‍්තං චෙතිය”න‍්ති පඤ‍්ඤායිත්‍ථ. සාරන්‍දදන‍්ති සාරන්‍දදස‍්ස නාම යක‍්ඛස‍්ස වසිතට‍්ඨානං. ඉති සබ‍්බානෙව තානි බුද‍්ධුප‍්පාදතො පුබ‍්බෙ දෙවතාපරිග‍්ගහිතත‍්තා චෙතියවොහාරෙන වොහරිතානි , භගවතො විහාරෙ කතෙපි ච තථෙව පඤ‍්ඤායන‍්ති. රමණීයාති එත්‍ථ වෙසාලියා තාව භූමිභාගසම‍්පත‍්තියා පුග‍්ගලසම‍්පත‍්තියා සුලභපච‍්චයතාය ච රමණීයභාවො වෙදිතබ‍්බො. විහාරානං පන නගරතො නාතිදූරතාය නාච‍්චාසන‍්නතාය ගමනාගමනසම‍්පත‍්තියා අනාකිණ‍්ණවිහාරට‍්ඨානතාය ඡායූදකසම‍්පත‍්තියා පවිවෙකපතිරූපතාය ච රමණීයතා දට‍්ඨබ‍්බා. චත‍්තාරො ඉද‍්ධිපාදාති එත්‍ථ ඉද‍්ධිපාදපදස‍්ස අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව. භාවිතාති වඩ‍්ඪිතා. බහුලීකතාති පුනප‍්පුනං කතා. යානීකතාති යුත‍්තයානං විය කතා. වත්‍ථුකතාති පතිට‍්ඨට‍්ඨෙන වත්‍ථු විය කතා. අනුට‍්ඨිතාති අධිට‍්ඨිතා. පරිචිතාති සමන‍්තතො චිතා සුවඩ‍්ඪිතා. සුසමාරද‍්ධාති සුට‍්ඨු සමාරද‍්ධා, අතිවිය සම‍්මා නිප‍්ඵාදිතාති.

නිසීදනං යනු මෙහි සම්කඩ අදහස් කරන ලදි. චාපාල චෙතියං යනු පෙර චාපාල නම් යක්‍ෂයා විසූ තැන චාපාල චෙතියැයි පැණුනහ. එහි භාග්‍යවතුන් වහන්සේට කළ විහාරයද එම ව්‍යවහාරය අනුව චාපාල චේතියැයි කියති. උදෙනං චේතියං යන මේ ආදීන්හිද එම ක්‍රමයමය. සත්තම්බං යනු කිකී නම් කසී රජහුගේ දියණියන් වූ සත්කුමරියෝ සංවේගප්‍රාප්තව රජගහ නුවරින් නික්ම යම්තැනක ප්‍රධන් වීර්යය ප්‍රධන් කළහුද? එම ස්ථානය සත්තම්බ චෙතිය යැයි කියති. බහු පුත්තං යනු උඩින් පහළට ඇදෙන බොහෝ මුල් ඇති එක් නුගරුකෙකි. එහි අධිගෘහිත දේවතාවාගෙන් බොහෝ මිනිස්සු පුතුන් පතති. එතැන් පටන් එතැන බහුපුත්තචෙතියංයි පැනුනහ. සාරන්‍දදං යනු සාරන්‍දද නම් යකු වුසූ තැනයි. මෙසේ එම සියල්ලම බුද්ධෝත්පාදයෙන් පෙර දේවතාධිගෘහිතයැයි චෛත්‍ය ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරන ලද්දාහුය. මෙහි විසල්හි භූමිභාග සම්පත්තියෙන්ද, පුද්ගල සම්පත්තියෙන්ද සුලභ ප්‍රත්‍යතාවයෙන්ද රමණීය බව දතයුතුය. විහාරස්ථානයන්ට වනාහි නගරයෙන් ඉතා දුර නුවූ බැවින්ද, ඉතා ආසන්න නුවූ හෙයින්ද, ගමනාගමන සම්පතින්ද, ජනාකීර්ණ නුවූ තැනක විහාරය පිහිටි හෙයින්ද, විශාල වෘක්‍ෂයන්ගේ සෙවන හා ළිංපොකුණු ආදි ජල සම්පත්තියෙන්ද විවේකයට සුදුසු බැවින්ද යන කරුණුවලින් රමණීයත්වය දතයුත්තාහ. චත්තාරො ඉද්ධිපාදා යන මෙහි සෘද්ධිපාදයාගේ අර්ථයට යූ.සේමය. භාවිතා යනු වඩන ලද්දාහු, බහුලීකතා යනු නැවැත නැවැත කරන ලද. යානීකතා යනු ගමන් කළහැකි තත්ත්වයේ යානයක් මෙන් කළ, වත්‍ථුකතා යනු පිහිටීම් අර්ථයෙන් වස්තුවක් මෙන් කළ, අනුට්ඨිතා යනු නොනැගිටි, පරිචිතා යනු හාත්පසින් රැස්කළ මනාව වඩනා ලද, සුසමාරද්ධා යනු මනාව අරඹන ලද ඉතා යහපත් අයුරු නිපදවන ලදහ.

එවං අනියමෙන කථෙත්‍වා පුන නියමෙත්‍වා දස‍්සෙතුං, “තථාගතස‍්ස ඛො”තිආදිමාහ. එත්‍ථ ච කප‍්පන‍්ති ආයුකප‍්පං. තිට‍්ඨෙය්‍යාති තස‍්මිං තස‍්මිං කාලෙ යං මනුස‍්සානං ආයුප‍්පමාණං, තං පරිපුණ‍්ණං කත්‍වා තිට‍්ඨෙය්‍ය ධරෙය්‍ය. කප‍්පාවසෙසං වාති “අප‍්පං වා භිය්‍යො වා”ති (දී· නි· 2.7; අ· නි· 7.74) වුත‍්තං වස‍්සසතතො අතිරෙකං වා. මහාසීවත්‍ථෙරො පනාහ – “බුද‍්ධානං අට‍්ඨානෙ ගජ‍්ජිතං නාම නත්‍ථි. යථෙව හි වෙළුවගාමකෙ උප‍්පන‍්නං මාරණන‍්තිකං වෙදනං දස මාසෙ වික‍්ඛම‍්භෙසි, එවං පුනප‍්පුනං තං සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා වික‍්ඛම‍්භෙන‍්තො ඉමං භද‍්දකප‍්පමෙව තිට‍්ඨෙය්‍යා”ති. කස‍්මා පන න ඨිතොති? උපාදින‍්නකසරීරං නාම ඛණ‍්ඩිච‍්චාදීහි අභිභුය්‍යති, බුද‍්ධා ච පන ඛණ‍්ඩිච‍්චාදිභාවං අප‍්පත්‍වා පඤ‍්චමෙ ආයුකොට‍්ඨාසෙ බහුජනස‍්ස පියමනාපකාලෙයෙව පරිනිබ‍්බායන‍්ති. බුද‍්ධානුබුද‍්ධෙසු අග‍්ගසාවකමහාසාවකෙසු පරිනිබ‍්බුතෙසු අපරිවාරෙන එකකෙනෙව ඨාතබ‍්බං හොති, දහරසාමණෙරපරිවාරෙන වා. තතො “අහො බුද‍්ධානං පරිසා”ති හීළෙතබ‍්බතං ආපජ‍්ජෙය්‍ය, තස‍්මා න ඨිතොති. එවං වුත‍්තෙපි සො පන න රුච‍්චති, “ආයුකප‍්පො”ති ඉදමෙව අට‍්ඨකථාය නියමිතං.

මෙසේ නියමින් කියා නැවැත නියමකොට දක්වන්ට තථාගතස්ස ඛො යනාදිය වදාළහ. මෙහිද කප්පං යනු ආයුකප්පං ආයුෂ්කල්පයයි. තිට්ඨෙය්‍ය යනු එකල්හි මිනිසුන්ගේ ආයුෂ්ප්‍රමාණය යම් පමණද එය සම්පූර්ණකොට සිටින්නේය. දරන්නේය. කප්පාවසෙසංවා යනු ස්වල්ප වූ හෝ, භීය්‍යොවා යනු කියන ලද වර්ෂ සියයෙන් අතිරේක වශයෙන් හෝ, මහා සිවතෙරුන් වනාහි, බුදුවරුන්ට නොතන්හි ගර්ජනයක් නම් නැත. යම්සේ වනාහි බේලුව ගමෙහිදී හටගත් මාරාන්තික වේදනාව දසමසක් මැඩපැවැත්වූ සේක. මෙසේ නැවත නැවත සමවතට සමවැද දසවස බැගින් මැඩ පවත්වා මෙම භද්‍ර කල්පයම සිටින්නේද, කවර හෙයින්ද එසේ නොසිටියෙහිද, තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ශරීරය නම් කැඩුම් බිඳුම් ආදියෙන් පෙළයි. (මඩියි.) බුදුවරු වනාහි කැඩුම් බිඳුම් ආදියට නොපත්ව පැසුළු ආයුෂ කොටසෙහි බොහෝ ජනයාට ප්‍රියමනාප කාලයෙහිම පිරිනිවෙත්. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකයින් පිරිනිවි කල්හි පිරිවර රහිතව හුදෙකලාවම හෝ ළදරු සාමණේර පිරිවැරීමෙන් සිටිය යුතු වෙයි. ඉක්බිති විශ්මයෙකි. මේ බුදුවරුන්ගේ පිරිසදැයි පහත්කොට සැලකිය යුතු තත්ත්වයට පැමිණෙන්නේය. එහෙයින් නොසිටියේ යැයි කීවේය. මෙසේ කී කල්හිද අසූවෙන් ආයුෂ් කල්පය නිගමනය කොට ඇතැයි සැලකේ. මෙයම අටුවායෙහි නියමිතය.

ඔළාරිකෙ නිමිත‍්තෙති ථූලෙ සඤ‍්ඤුප‍්පාදනෙ. ථූලසඤ‍්ඤුප‍්පාදනඤ‍්හෙතං, “තිට‍්ඨතු භගවා කප‍්ප”න‍්ති සකලකප‍්පං අවට‍්ඨානයාචනාය යදිදං “යස‍්ස කස‍්සචි, ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා”තිආදිනා අඤ‍්ඤාපදෙසෙන අත‍්තනො චතුරිද‍්ධිපාදභාවනානුභාවෙන කප‍්පං අවට‍්ඨානසමත්‍ථතාවිභාවනං. ඔභාසෙති පාකටවචනෙ. පාකටඤ‍්චෙතං වචනං පරියායං මුඤ‍්චිත්‍වා උජුකමෙව අත‍්තනො අධිප‍්පායවිභාවනං.

ඔළාරිකො නිමිත්තෙ යනු දළ සංඥා ඉපැත්මෙහි, එය දළ සංඥා උත්පාදනයයි. තිට්ඨතු භගවා කප්පං යනු මුළු කල්පය සිටින සේක්වා. යම් ආකාර වූ සිටීමේ යාඥාව, යස්ස කස්සචි ආනන්‍ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා යනාදියෙන් ක්‍ෂීණාශ්‍රව භාවයෙන් තමාගේ සිව් වැදෑරුම් වැඩීම් ආනුභාවයෙන් කල්පයක් සිටින්ට සමත් බව දැක්වීම ප්‍රකට වචනයෙන් බබලවයි. වචන ක්‍රමය අත්හැර සෘජුවම තම අදහස් පැහැදිලි කිරීම කරන ලදි.

බහුජනහිතායාති මහාජනස‍්ස හිතත්‍ථාය. බහුජනසුඛායාති මහාජනස‍්ස සුඛත්‍ථාය. ලොකානුකම‍්පායාති සත‍්තලොකස‍්ස අනුකම‍්පං පටිච‍්ච. කතරස‍්ස සත‍්තලොකස‍්ස? යො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා පටිවිජ‍්ඣති, අමතපානං පිවති, තස‍්ස. භගවතො හි ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තදෙසනාය අඤ‍්ඤාතකොණ‍්ඩඤ‍්ඤප‍්පමුඛා අට‍්ඨාරස බ්‍රහ‍්මකොටියො ධම‍්මං පටිවිජ‍්ඣිංසු. එවං යාව සුභද‍්දපරිබ‍්බාජකවිනයනා ධම‍්මපටිවිද‍්ධසත‍්තානං ගණනා නත්‍ථි, මහාසමයසුත‍්තං මඞ‍්ගලසුත‍්තං චූළරාහුලොවාදසුත‍්තං සමචිත‍්තසුත‍්තන‍්ති ඉමෙසං චතුන‍්නං සුත‍්තානං දෙසනාකාලෙ අභිසමයප‍්පත‍්තසත‍්තානං පරිච‍්ඡෙදො නත්‍ථි, එතස‍්ස අපරිමාණස‍්ස සත‍්තලොකස‍්ස අනුකම‍්පාය භගවතො ඨානං ජාතං. එවං අනාගතෙපි භවිස‍්සතීති අධිප‍්පායෙන වදති. දෙවමනුස‍්සානන‍්ති න කෙවලං දෙවමනුස‍්සානංයෙව, අවසෙසානං නාගසුපණ‍්ණාදීනම‍්පි අත්‍ථාය හිතාය සුඛාය භගවතො ඨානං හොති. සහෙතුකපටිසන්‍ධිකෙ පන මග‍්ගඵලසච‍්ඡිකිරියාය භබ‍්බපුග‍්ගලෙ දස‍්සෙතුං එවං වුත‍්තං, තස‍්මා අඤ‍්ඤෙසම‍්පි අත්‍ථත්‍ථාය හිතත්‍ථාය සුඛත්‍ථාය භගවා තිට‍්ඨතූති අත්‍ථො. තත්‍ථ අත්‍ථායාති ඉධලොකසම‍්පත‍්තිඅත්‍ථාය . හිතායාති පරලොකසම‍්පත‍්තිහෙතුභූතහිතත්‍ථාය. සුඛායාති නිබ‍්බානධාතුසුඛත්‍ථාය. පුරිමං පන හිතසුඛග‍්ගහණං සබ‍්බසාධාරණවසෙන වෙදිතබ‍්බං.

බහුජන හිතාය යනු මහජනයාට හිතසුව සඳහා. බහුජනසුඛාය යනු බොහෝ ජනයාට සුව සඳහා. ලෝකානුකම්පාය යනු සත්ත්ව ලෝකයාට අනුකම්පා හේතුයෙන් කවර සත්ත්ව ලෝකයාටද, යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණය කොට ධර්මය ප්‍රතිවේධ කරයි. අමාපැන් පානය කරයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දම්සක් පැවැතුම් සූත්‍ර දේශනායෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ අටලොස් කෙළක් බ්‍රහ්මයෝ ධර්මය ප්‍රතිවේධ කළහ. මෙසේ සුභද්‍ර පරිව්‍රාජක හික්මවීම තෙක් දහම් ප්‍රතිවේධ කළ සත්ත්වයින්ගේ ගණන් කිරීමක් නැත. (ගණන් කළ නොහැක) මහාසමය සූත්‍රය, මංගල සූත්‍රය, චූලරාහුලෝවාද සූත්‍රය, සමචිත්ත සූත්‍රය යන මෙම සිව් සූත්‍රයන්ගේ දේශනා කාලයෙහි, සිව්සස් නව ලොවුතුරුදම් අවබෝධයට සත්ත්වයන්ගේ ගණන් පිරිසිඳීමෙක් නැත. එම ප්‍රාමාණාතික්‍රාන්ත සත්ත්ව ලෝකයාට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිටීම වේ. මෙසේ අනාගතයෙහිද වන්නේ යයි අදහසින් කියයි. දේව මනුස්සානං යනු හුදෙක් දෙවි මිනිසුන්ට පමණක් නොවේ. අවශේෂ නාග සුපර්ණාදීන්ටද වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සිටීම වේ. සහේතුක ප්‍රතිසන්ධික, මාර්ග ඵල සාක්‍ෂාත් කිරීමෙහි භව්‍ය පුද්ගලයන් දැක්වීමට මෙසේ යූ.සේයි. එහෙයින් අන්‍යයන්ගේද වැඩ සඳහා, හිත සඳහා, සුව සඳහා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටීවායි අර්ථයි. අත්‍ථාය යනු මෙලොව සම්පත් සඳහා. හිතාය යනු පරලෝ සැපතට හේතුවූ හිත සඳහා, සුඛාය යනු නිර්වාණධාතු සුව සඳහා, පළමු හිතසුව ග්‍රහණය සර්ව සාධාරණ වශයෙන් දත යුතුය.

යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තොති එත්‍ථ න‍්ති නිපාතමත‍්තං, යථා මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො අජ‍්ඣොත්‍ථටචිත‍්තො අඤ‍්ඤොපි කොචි පුථුජ‍්ජනො පටිවිජ‍්ඣිතුං න සක‍්කුණෙය්‍ය, එවමෙව නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුන‍්ති අත්‍ථො. මාරො හි යස‍්ස කෙචි විපල‍්ලාසා අප‍්පහීනා, තස‍්ස චිත‍්තං පරියුට‍්ඨාති. යස‍්ස පන සබ‍්බෙන සබ‍්බං ද‍්වාදස විපල‍්ලාසා අප‍්පහීනා, තස‍්ස වත‍්තබ‍්බමෙව නත්‍ථි, ථෙරස‍්ස ච චත‍්තාරො විපල‍්ලාසා අප‍්පහීනා, තෙනස‍්ස චිත‍්තං පරියුට‍්ඨාසි. සො පන චිත‍්තපරියුට‍්ඨානං කරොන‍්තො කිං කරොතීති? භෙරවං රූපාරම‍්මණං වා දස‍්සෙති, සද‍්දාරම‍්මණං වා සාවෙති, තතො සත‍්තා තං දිස‍්වා වා සුත්‍වා වා සතිං විස‍්සජ‍්ජෙත්‍වා විවටමුඛා හොන‍්ති. තෙසං මුඛෙන හත්‍ථං පවෙසෙත්‍වා හදයං මද‍්දති, තතො විසඤ‍්ඤිනො හුත්‍වා තිට‍්ඨන‍්ති. ථෙරස‍්ස පනෙස මුඛෙන හත්‍ථං පවෙසෙතුං කිං සක‍්ඛිස‍්සති, භෙරවාරම‍්මණං පන දස‍්සෙති. තං දිස‍්වා ථෙරො නිමිත‍්තොභාසං න පටිවිජ‍්ඣි. ජානන‍්තොයෙව භගවා කිමත්‍ථං යාවතතියං ආමන‍්තෙසි? පරතො “තිට‍්ඨතු, භන‍්තෙ භගවා”ති යාචිතෙ “තුය‍්හෙවෙතං දුක‍්කටං, තුය‍්හෙවෙතං අපරද‍්ධ”න‍්ති දොසාරොපනෙන සොකතනුකරණත්‍ථං. පස‍්සති හි භගවා “අයං මයි අතිවිය සිනිද‍්ධහදයො, සො පරතො භූමිචාලකාරණඤ‍්ච ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනඤ‍්ච සුත්‍වා මම චිරට‍්ඨානං යාචිස‍්සති, අථාහං ‘කිස‍්ස ත්‍වං පුරෙතරං න යාචසී’ති තස‍්සෙව සීසෙ දොසං පාතෙස‍්සාමි, සත‍්තා ච අත‍්තනො අපරාධෙන න තථා විහඤ‍්ඤන‍්ති, තෙනස‍්ස සොකො තනුකො භවිස‍්සතී”ති.

යථාතං මාරෙන පරියුට්ඨිත චිත්තො යනු මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යම්සේ මාරයා විසින් මඬනා ලද සිතැත්තේ, වසා පැතිර සිටි සිතැත්තේ, අන්‍ය කවර හෝ පෘථග්ජනයෙකු එය අවබෝධ කරන්ට නොහැකි වන්නේය. එපරිද්දෙන් අවබෝධ කරන්ට නොහැකි විය යයි අර්ථයි. මාරයා වනාහි යමෙකුගේ කිසියම් විපර්යාසයන් අප්‍රහීනද, ඔහුගේ සිත මැඩපවත්වයි. යමෙකුගේ වනාහි සර්වප්‍රකාරයෙන් දොළොස් විපර්යාස අප්‍රහීණද, ඔහු ගැන කිවයුත්තක්ම නැත. තෙරුන්ගේ විපර්යාස චතුෂ්කයක් අප්‍රහීණය. එහෙයින් ඔහුගේ සිත මැඩපැවැත්වීය. ඔහු වනාහි සිත මැඩපැවැත්වීම කරනුයේ කුමක් කෙරේද? බිය එළවන රූපාරම්මණයක් හෝ දක්වයි. ශබ්දාරම්මණයක් හෝ ශ්‍රවණයකරවයි එයින් සත්ත්වයෝ එය දැක හෝ ශ්‍රවණය කොට හෝ සිහිය අත්හැර ඉවත්කළ මුහුණු ඇත්තාහු වෙති. ඔවුන්ගේ මුවින් අත ප්‍රවේශකොට හෘදය මඩියි. ඉන් විසඥව සිටිත්. මොහු වනාහි තෙරුන්ගේ මුවින් අත පිවිසවන්ට කිමෙක්ද හැකිවන්නෙහිද? බියකරු අරමුණක් දැක්වීය. තෙරහු එය දැක ආලෝක නිමිත්ත අවබෝධ නොකළේය. දන්නේම භාග්‍යවතුන් වහන්සේ කුමක් සඳහා තෙවන වර දක්වා ආමන්ත්‍රණය කළ සේක්ද? මත්තෙහි ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිටින සේක්වායි ඉල්වාසිටි කල්හි එය නුඹගේම අයහපත් ක්‍රියාවකි. එය නුඹගේම අපරාධයකැයි දෝෂාරෝපණයෙන් සෝකය තුනී කිරීම සඳහාය. මේ තෙමෙ මා කෙරෙහි අතිශයින් සිනිඳු හෘදය ඇතියේ හෙතෙම මත්තෙහි භූමි චලන කාරණයද ආයු සංස්කාර අත්හැරීමද අසා, මාගේ චිරස්ථායිත්‍වය සඳහා යදින්නේය. මම ඔහුට කුමක් හේතුකොට නුඹ පළමුකොටම, නොයැදීදැයි ඔහුගේම හිසෙහි දොස් හෙළන්නෙමි. සත්ත්වයෝද තමාගේ අපරාධයෙන් එසේ පීඩාවට පත් නොවෙති. එහෙයින් ඔහුගේ සෝකය තුනීවන්නේය.

ගච‍්ඡ ත්‍වං, ආනන්‍දාති යස‍්මා දිවාවිහාරත්‍ථාය ඉධාගතො, තස‍්මා, ආනන්‍ද, ගච‍්ඡ ත්‍වං යථාරුචිතං ඨානං දිවාවිහාරාය. තෙනෙවාහ – “යස‍්ස දානි කාලං මඤ‍්ඤසී”ති.

ගච්ඡ ත්‍වං ආනන්‍ද යනු යම්හෙයකින් දිවා විහරණය සඳහා මෙහි පැමිණියෙහිද, එහෙයින් ආනන්දය නුඹ කැමති තැනකට දිවා විහරණය සඳහා යව. එහෙයින් යස්සදානි කාලං මඤ්ඤසි කීයේය.

මාරො පාපිමාති එත්‍ථ සත‍්තෙ අනත්‍ථෙ නියොජෙන‍්තො මාරෙතීති මාරො. පාපිමාති තස‍්සෙව වෙවචනං. සො හි පාපධම‍්මෙන සමන‍්නාගතත‍්තා ‘පාපිමා’ති වුච‍්චති. භාසිතා ඛො පනෙසාති අයඤ‍්හි භගවති බොධිමණ‍්ඩෙ සත‍්ත සත‍්තාහෙ අතික‍්කමිත්‍වා අජපාලනිග්‍රොධෙ විහරන‍්තෙ අත‍්තනො ධීතාසු ආගන‍්ත්‍වා ඉච‍්ඡාවිඝාතං පත්‍වා ගතාසු අයං “අත්‍ථෙසො උපායො”ති චින‍්තෙන‍්තො ආගන‍්ත්‍වා “භගවා යදත්‍ථං තුම‍්හෙහි පාරමියො පූරිතා, සො වො අත්‍ථො අනුප‍්පත‍්තො, පටිවිද‍්ධං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, කිං තෙ ලොකවිචරණෙනා”ති වත්‍වා යථා අජ‍්ජ එවමෙව “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ භගවා”ති යාචි. භගවා චස‍්ස “න තාවාහ”න‍්තිආදීනි වත්‍වා පටික‍්ඛිපි. තං සන්‍ධාය ඉදානි “භාසිතා ඛො පනෙසා”තිආදිමාහ.

මාරො පාපිමායි, මෙහි සත්ත්වයින් අනර්ථයෙහි යොදවමින් මරයිනුයි මාරොයි. පාපිමා යනු ඔහුටම පර්යාය වචනයයි. ඔහු වනාහි පාපධර්මයෙන් යුක්ත හෙයින් පාපිමා යැයි කියයි. භාසිතා ඛො පනෙසා යනු මොහු වනාහි භාග්‍යවතුන් වහන්සේ බෝමැඩ සත් සතියක් ඉක්මවා අජපාල නුගරුකමුල වසන කල්හි තම දූවරු අවුත්, අදහස් නැස්මට පත්ව ගියකල්හි මොහුට මෙම උපාය ඇතැයි සිතා අවුත්, භාග්‍යවතුන් වහන්ස, ඔබ විසින් යම් කරුණක් සඳහා පාරමීන් පුරන ලදද? ඔබගේ එම අර්ථය පැමිණියේය. (මුදුන්පත් විය.) සර්වඥතා ඥානය ප්‍රතිවේධ කරන ලදි. ඔබට ලෝකයෙහි හැසිරීමෙන් (විසීමෙන්) කවර ප්‍රයෝජනයෙක්දැයි කියා ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වායි යාඥා කළේය. භාග්‍යවතුන් වහන්සේද ඔහුට මා ඒ තාක් නොවෙමියි ආදිය වදාරා ප්‍රතික්‍ෂේප කළේය. ඒ සඳහා ‘භාසිතා ඛො පණ’ ආදිය වදාළහ.

තත්‍ථ වියත‍්තාති අරියමග‍්ගාධිගමවසෙන බ්‍යත‍්තා. විනීතාති තථෙව කිලෙසවිනයනෙන විනීතා. විසාරදාති සාරජ‍්ජකරානං දිට‍්ඨිවිචිකිච‍්ඡාදීනං පහානෙන විසාරදභාවං පත‍්තා. බහුස‍්සුතාති තෙපිටකවසෙන බහු සුතමෙතෙසන‍්ති බහුස‍්සුතා. තමෙව ධම‍්මං ධාරෙන‍්තීති ධම‍්මධරා. අථ වා බහුස‍්සුතාති පරියත‍්තිබහුස‍්සුතා චෙව පටිවෙධබහුස‍්සුතා ච. ධම‍්මධරාති පරියත‍්තිධම‍්මානං චෙව පටිවෙධධම‍්මානඤ‍්ච ධාරණතො ධම‍්මධරාති එවම‍්පෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො . ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නාති අරියධම‍්මස‍්ස අනුධම‍්මභූතං විපස‍්සනාධම‍්මං පටිපන‍්නා. සාමීචිප‍්පටිපන‍්නාති ඤාණදස‍්සනවිසුද‍්ධියා අනුච‍්ඡවිකං විසුද‍්ධිපරම‍්පරාපටිපදං පටිපන‍්නා. අනුධම‍්මචාරිනොති සල‍්ලෙඛිකං තස‍්සා පටිපදාය අනුරූපං අප‍්පිච‍්ඡතාදිධම‍්මං චරණසීලා. සකං ආචරියකන‍්ති අත‍්තනො ආචරියවාදං. ආචික‍්ඛිස‍්සන‍්තීති ආදිතො කථෙස‍්සන‍්ති, අත‍්තනා උග‍්ගහිතනියාමෙන පරෙ උග‍්ගණ‍්හාපෙස‍්සන‍්තීති අත්‍ථො. දෙසෙස‍්සන‍්තීති වාචෙස‍්සන‍්ති, පාළිං සම‍්මා වාචෙස‍්සන‍්තීති අත්‍ථො. පඤ‍්ඤපෙස‍්සන‍්තීති පජානාපෙස‍්සන‍්ති, පකාසෙස‍්සන‍්තීති අත්‍ථො. පට‍්ඨපෙස‍්සන‍්තීති පකාරෙන ඨපෙස‍්සන‍්ති. විවරිස‍්සන‍්තීති විවටං කරිස‍්සන‍්ති. විභජිස‍්සන‍්තීති විභත‍්තං කරිස‍්සන‍්ති. උත‍්තානීකරිස‍්සන‍්තීති අනුත‍්තානං ගම‍්භීරං උත‍්තානං පාකටං කරිස‍්සන‍්ති. සහධම‍්මෙනාති සහෙතුකෙන සකාරණෙන වචනෙන. සප‍්පාටිහාරියන‍්ති යාවනිය්‍යානිකං කත්‍වා. ධම‍්මං දෙසෙස‍්සන‍්තීති නවවිධලොකුත‍්තරධම‍්මං පබොධෙස‍්සන‍්ති, පකාසෙස‍්සන‍්තීති අත්‍ථො.

එහි වියත්තා යනු ආර්ය මාර්ගාධිගම වශයෙන් දක්ෂ වූ, විනීතා යනු කෙලෙස් විනාශ කිරීමෙන් විනීත වූ, විසාරදා යනු කාමාදීන්හි ඇලීම් ඇතිකරන දෘෂ්ටි විචිකිච්ඡා ආදීන්ගේ ප්‍රහාණයෙන් නිපුණ වූ, බහුස්සුතා යනු ත්‍රිපිටක වශයෙන් බොහෝ වූවක් අසන ලද්දේ ඔවුන්ටනුයි බහුස්සුතායි. එම ධර්මයම දරත්නුයි ධම්මධරායි. නොහොත් බහුස්සුතා යනු පර්යාප්ති බහුශ්‍රැතතාවයද, ප්‍රතිවේධ බහුශ්‍රැතතාවයද වේ. ධම්මධරා යනු පර්යාප්ති ධර්මයන්ගේද ප්‍රතිවේධ ධර්මයන්ගේද ධාරණය කරන හෙයින් ධම්මධරායි. මෙසේද මෙහි අර්ථය දතයුතුය. ධම්මානුධම්ම පටිපන්නා යනු ආර්ය ධර්මයෙහි පරිපූර්ණත්වය සඳහා වන නීති පද්ධතිය වූ විදර්ශනා ධර්මයම පිළිපන්, සාමීචි පටිපන්නා යනු ඤාණ දර්ශන විසුද්ධියට සුදුසු වූ විශුද්ධි පරම්පරා ප්‍රතිපදාවට පිළිපන්, අනුධම්ම චාරිනො යනු මනාව කෙළෙස් තුනී කිරීම සඳහා එම ප්‍රතිපදාවට අනුරූප අල්පේච්ඡතාදී ධර්මයෙහි හැසිරෙන සුළු, සකං ආචරියකං යනු තම ආචාර්යවාදය. ආචික්ඛිස්සන්ති යනු මුලසිට කියන්නාහ. තමා උගත් ක්‍රමයෙන් අන්‍යයාට උගන්වන්නාහයි අර්ථයි. දෙසෙස්සන්ති යනු කියවන්නාහ. පාලි ධර්මය අවබෝධ කරවන්නාහුයයි අර්ථයි. පඤ්ඤාපෙස්සන්ති යනු දැනුවත් කරන්නාහ. ප්‍රකාශ කරන්නාහයි අර්ථයි. පට්ඨපෙස්සන්ති යනු පිළිවෙලින් තබන්නාහ. විවරිස්සන්ති විවර කරන්නාහ. විභජිස්සන්ති මනාකොට බෙදීම කරන්නාහ. උත්තානී කරිස්සන්ති යනු නොපැහැදිලි ගැඹුරු දේ පැහැදිලි, ප්‍රකට කරන්නාහ. සහධම්මෙන යනු හේතු සහිත, කරුණු සහිත වචනයෙන්, සප්පාටිහාරියං යනු නෛර්යාණික වනතෙක් කොට, ධම්මං දෙසෙස්සන්ති යනු අවබෝධ කරවන්නාහ. ප්‍රකාශ කරන්නාහයි අර්ථයි.

එත්‍ථ ච “පඤ‍්ඤපෙස‍්සන‍්තී”තිආදීහි ඡහි පදෙහි ඡ අත්‍ථපදානි දස‍්සිතානි, ආදිතො පන ද‍්වීහි පදෙහි ඡ බ්‍යඤ‍්ජනපදානීති. එත‍්තාවතා තෙපිටකං බුද‍්ධවචනං සංවණ‍්ණනානයෙන සඞ‍්ගහෙත්‍වා දස‍්සිතං හොති. වුත‍්තඤ‍්හෙතං නෙත‍්තියං “ද‍්වාදසපදානි සුත‍්තං, තං සබ‍්බං බ්‍යඤ‍්ජනඤ‍්ච අත්‍ථො චා”ති (නෙත‍්ති· සඞ‍්ගහවාර).

මෙහිද පඤ්ඤාපෙස්සන්ති යනාදී ෂට් පදයන්ගේ ෂට් අර්ථපද දක්වන ලද්දාහ. මුල දෙපදයන්ගෙන් ෂට් ව්‍යඤ්ජන පදයන්ය. මෙපමණෙකින් ත්‍රිපිටක බුද්ධ වචනය මනාව වර්ණනා කිරීම් ක්‍රමයෙන් සංග්‍රහ කොට දක්වන ලදුයේ වේ. නෙත්තිප්‍රකරණයෙහි සියලු ව්‍යඤ්ජනද, අර්ථයදැයි වශයෙන් වූ දොළොස් පද සූත්‍රාන්තයි.

බ්‍රහ‍්මචරියන‍්ති සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං සකලං සාසනබ්‍රහ‍්මචරියං. ඉද‍්ධන‍්ති සමිද‍්ධං ඣානුප‍්පාදවසෙන. ඵීතන‍්ති වුද‍්ධිප‍්පත‍්තං සබ‍්බඵාලිඵුල‍්ලං අභිඤ‍්ඤාසම‍්පත‍්තිවසෙන. විත්‍ථාරිකන‍්ති විත්‍ථතං තස‍්මිං තස‍්මිං දිසාභාගෙ පතිට‍්ඨහනවසෙන. බාහුජඤ‍්ඤන‍්ති බහූහි ඤාතං පටිවිද‍්ධං බහුජනාභිසමයවසෙන. පුථුභූතන‍්ති සබ‍්බාකාරවසෙන පුථුලභාවප‍්පත‍්තං. කථං? යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතන‍්ති යත‍්තකා විඤ‍්ඤුජාතිකා දෙවා මනුස‍්සා ච අත්‍ථි, තෙහි සබ‍්බෙහි සුට‍්ඨු පකාසිතන‍්ති අත්‍ථො.

බ්‍රහ්මචරියං යනු ශික්‍ෂාත්‍රයය සංගෘහිත සමස්ත සාසන බ්‍රහ්මචර්යාව, ඉද්ධං යනු ධ්‍යානෝත්පාද වශයෙන් සමෘද්ධ වූ. ඵිතං යනු අභිඥා සම්පත්ති වශයෙන් සියලු මලින් පිරුණේ වෘද්ධිප්‍රාප්ත වූයේ වේ. විත්‍ථාරිකං යනු පැතිරුණේ. ඒ ඒ දිශා භාගයන්හි පිහිටීම් වශයෙන් බාහුජඤ්ඤං යනු මහජනයා විසින් අවබෝධ කිරීම් වශයෙන් බොහෝ දෙනෙකු විසින් දන්නා ලද අවබෝධ කළ, පුථුභූතං යනු සියලු ආකාර වශයෙන් මහත්බවට පැමිණි. කෙසේද යත් යම්තාක් මිනිසුන් විසින්, සුප්පකාසිතං යනු යම්තාක් ඤාණවන්ත ස්වභාව ඇති දෙවිවරු හා මිනිස්සු සිටිත්ද, ඒ සියල්ලන් විසින් මනාව ප්‍රකාශ කරන ලදැයි අර්ථයි.

අප‍්පොස‍්සුක‍්කොති නිරුස‍්සුක‍්කො ලීනවීරියො. “ත්‍වඤ‍්හි, පාපිම, සත‍්තසත‍්තාහාතික‍්කමනතො පට‍්ඨාය ‘පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ භගවා, පරිනිබ‍්බාතු සුගතො’ති විරවන‍්තො ආහිණ‍්ඩිත්‍ථ, අජ‍්ජ දානි පට‍්ඨාය විගතුස‍්සාහො හොහි, මා මය‍්හං පරිනිබ‍්බානත්‍ථාය වායාමං කරොහී”ති වදති. සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජීති සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ආයුසඞ‍්ඛාරං විස‍්සජි පජහි. තත්‍ථ න භගවා හත්‍ථෙන ලෙඩ‍්ඩුං විය ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, තෙමාසමත‍්තමෙව පන සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො පරං න සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං උප‍්පාදෙසි. තං සන්‍ධාය වුත‍්තං – “ඔස‍්සජී”ති, “වොස‍්සජ‍්ජී”තිපි පාඨො.

අප්පොස්සුක්කො යනු නිරුත්සාහ හා සැඟවුණු වීර්ය වනු මැනවි. පවිට, නුඹ වනාහි සත් සතිය ඉක්මවූ තැන් පටන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්ස, දැන් පිරිනිවෙන සේක්වායි කෑගසමින් ඇවිද්දාහුය. අද පටන් පහ වූ උත්සාහ වෙව. මාගේ පරිනිර්වාණය සඳහා උත්සාහ නොකරවයි කියයි. සතො සම්පජානො ආයු සංඛාරං ඔස්සජි යනු සිහිය මනාව පිහිටුවීම කොට නුවණින් පිරිසිඳ ආයු සංස්කාරය අත්හළේය. දුරු කළේය. භාග්‍යවතුන් වහන්සේ අතින් මැටි කැටයක් හැරදමන්නාක් මෙන් ආයු සංස්කාරය හැරදැමුයේ නොවේ. තෙමසක් පමණම සමවත් සමවැද ඉන් මතුයෙහි සම නොවදින්නෙමියි සිතක් ඉපදවීය. ඒ සඳහා (ඔස්සපි) හැර දැම්මේය යන්න යූ.සේයි. උස්සජ්ජි යනුවෙන් ද පාඨයි.

කස‍්මා පන භගවා කප‍්පං වා කප‍්පාවසෙසං වා ඨාතුං සමත්‍ථො තත‍්තකං කාලං අට‍්ඨත්‍වා පරිනිබ‍්බායිතුං මාරස‍්ස යාචනාය ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි? න භගවා මාරස‍්ස යාචනාය ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, නාපි ථෙරස‍්ස ආයාචනාය න ඔස‍්සජිස‍්සති, තෙමාසතො පන පරං බුද‍්ධවෙනෙය්‍යානං අභාවතො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි . ඨානඤ‍්හි නාම බුද‍්ධානං භගවන‍්තානං යාවදෙව වෙනෙය්‍යවිනයනත්‍ථං, තෙ අසති විනෙය්‍යජනෙ කෙන නාම කාරණෙන ඨස‍්සන‍්ති. යදි ච මාරස‍්ස යාචනාය පරිනිබ‍්බායෙය්‍ය, පුරෙතරංයෙව පරිනිබ‍්බායෙය්‍ය. බොධිමණ‍්ඩෙපි හි මාරෙන යාචිතං, නිමිත‍්තොභාසකරණම‍්පි ථෙරස‍්ස සොකතනුකරණත්‍ථන‍්ති වුත‍්තොවායමත්‍ථො. අපිච බුද‍්ධබලදීපනත්‍ථං නිමිත‍්තොභාසකරණං. එවං මහානුභාවා බුද‍්ධා භගවන‍්තොයෙව තිට‍්ඨන‍්තාපි අත‍්තනො රුචියාව තිට‍්ඨන‍්ති, පරිනිබ‍්බායන‍්තාපි අත‍්තනො රුචියාව පරිනිබ‍්බායන‍්තීති.

කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ කල්පයක් හෝ කල්පාවශේෂයක් සිටින්ට සමත් වූයේ. එතෙක් කල් නොසිට පිරිනිවීම සඳහා මාරයාගේ ඉල්වීමෙන් ආයු සංස්කාරය හැර දැම්මේද? භාග්‍යවතුන් වහන්සේ මාරයාගේ ආයාචනයෙන් ආයු සංස්කාරය හැර නොදැම්මේය. තෙරුන්ගේ යාචනයෙන්ද හැර නොදමන්නේය. තෙමසින් මතු බුදුරදුන් විසින් හික්මවිය යුතු අයගේ අභාවයෙන් ආයු සංස්කාරය හැරදැම්මේය. හික්මවිය යුතු අයගේ අභාවයෙන් ආයු සංස්කාරය හැරදැම්මේය. හික්මවිය යුතු අයගේ හික්මවීම යම්තාක් වේද, ඒතාක් කල් සිටීම භාග්‍යවත් බුදුවරුන්ගේ සිරිතයි. ඔවුහු නොමැති කල්හි හික්මවන්නවුන් කවර හේතුවක් උදෙසා සිටිත්. ඉදින් මාරයාගේ යාචනයෙන් පිරිනිවන් පාන්නේද? බොහෝ කලකට පෙරම පිරිනිවන් පාන්නේය. බෝමැඩෙහිදීද මාරයා විසින් යාඥා කරන ලදි. නිමිත්ත හා ආලෝකකරණයද, තෙරුන් සෝකය තුනී කිරීම සඳහා යැයි මම අර්ථය යූ.සේයි. තවද බුද්ධබල දැක්වීම සඳහාද නිමිත්ත හා ආලෝකකරණයද වේ. මෙසේ භාග්‍යවත් බුදුවරු මහානුභාවයහ. සිටිනුයේද තම රූපයෙන්ම සිටිත්. පිරිනිවෙන්නහුද තමාගේ කැමැත්තෙන්ම පිරිනිවෙත්.

මහාභූමිචාලොති මහන‍්තො පථවීකම‍්පො. තදා කිර දසසහස‍්සිලොකධාතු අකම‍්පිත්‍ථ. භිංසනකොති භයජනකො. දෙවදුන්‍දුභියො ච ඵලිංසූති දෙවභෙරියො නදිංසු, දෙවො සුක‍්ඛගජ‍්ජිතං ගජ‍්ජි, අකාලවිජ‍්ජුලතා නිච‍්ඡරිංසු, ඛණිකවස‍්සං වස‍්සීති වුත‍්තං හොති.

මහා භූමිචාලො යනු මහා පෘථුවි කම්පනයක්, එකල්හි වනාහි දසදහසක් ලෝදාකම්පා විය. භිංසනකො යනු බියජනක, දෙව දුන්‍දුභියොච එලිංසු යනු දිව්‍යබෙර නාද කළහ. වැස්ස වියලි ගර්ජනයක් ගර්ජනා කළේය. අකල් විදුලිය නික්මුණි. ක්‍ෂණික වැස්සක් වැස්සේයයි යූ.සේයි.

එතමත්‍ථං විදිත්‍වාති එතං සඞ‍්ඛාරවිසඞ‍්ඛාරානං විසෙසසඞ‍්ඛාතං අත්‍ථං සබ‍්බාකාරතො විදිත්‍වා. ඉමං උදානන‍්ති අනවසෙසසඞ‍්ඛාරෙ විස‍්සජ‍්ජෙත්‍වා අත‍්තනො විසඞ‍්ඛාරගමනදීපකං උදානං උදානෙසි. කස‍්මා උදානෙසි? කොචි නාම වදෙය්‍ය “මාරෙන පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධිත්‍වා ‘පරිනිබ‍්බාතු, භන‍්තෙ’ති උපද‍්දුතො භයෙන භගවා ආයුසඞ‍්ඛාරං ඔස‍්සජී”ති. “තස‍්සොකාසො මා හොතු, භීතස‍්ස උදානං නාම නත්‍ථී”ති එතස‍්ස දීපනත්‍ථං පීතිවෙගවිස‍්සට‍්ඨං උදානං උදානෙසීති අට‍්ඨකථාසු වුත‍්තං. තතො තෙමාසමත‍්තෙනෙව ච පන බුද‍්ධකිච‍්චස‍්ස නිප‍්ඵජ‍්ජනතො එවං දීඝරත‍්තං මයා පරිහටොයං දුක‍්ඛභාරො න චිරස‍්සෙව නික‍්ඛිපියතීති පස‍්සතො පරිනිබ‍්බානගුණපච‍්චවෙක‍්ඛණෙ තස‍්ස උළාරං පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජි, තෙන පීතිවෙගෙන උදානෙසීති යුත‍්තං විය. එකන‍්තෙන හි විසඞ‍්ඛාරනින‍්නො නිබ‍්බානජ‍්ඣාසයො සත්‍ථා මහාකරුණාය බලක‍්කාරෙන විය සත‍්තහිතත්‍ථං ලොකෙ සුචිරං ඨිතො. තථා හි දෙවසිකං චතුවීසතිකොටිසතසහස‍්සසඞ‍්ඛා සමාපත‍්තියො වළඤ‍්ජෙති, සොදානි මහාකරුණාධිකාරස‍්ස නිප‍්ඵන‍්නත‍්තා නිබ‍්බානාභිමුඛො අනප‍්පකං පීතිසොමනස‍්සං පටිසංවෙදෙසි. තෙනෙව හි භගවතො කිලෙසපරිනිබ‍්බානදිවසෙ විය ඛන්‍ධපරිනිබ‍්බානදිවසෙපි සරීරාභා විසෙසතො විප‍්පසන‍්නා පරිසුද‍්ධා පභස‍්සරා අහොසීති.

එතමත්‍ථං විදිත්‍වා යනු එම සංස්කාරයන්ගේ විසංස්කාර විශේෂ සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන, ඉමං උදානං යනු ශේෂ රහිතව සංස්කාරයන් අත්හැර තමාගේ සංස්කාරයන්ගේ වෙන්වීම් සංඛ්‍යාත ගමන දැක්වීමට උදන් ඇනූ සේක. මාරයා විසින් පසුපස ලුහුබැඳ, ස්වාමීනි පිරිනිවෙනු මැනව, පිරිනිවෙනු මැනවැයි හිරිහැර කරන ලදුයේ බියෙන් භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළේ යයි කිසිවෙක් නම් කියන්නේද? එයට අවකාශයක් නොවේවා. බියපත් වූවහුට උදානයක් නම් නැතැයි ප්‍රීතියෙන් මුදාහළ උදන් ඇනූසේකැයි අටුවාවන්හි යූ.සේයි. ඉන් තෙමසක් පමණ වූම බුදුකිසෙහි නිපදනා හෙයින් මෙසේ බොහෝ කලක් මවිසින් පරිභෝග කරන ලද මෙම දුක්බර නොබෝ කලෙකින්ම බහා තබනු ලැබේයයි දක්නා කල්හි පිරිනිවන් ගුණ ප්‍රත්‍යවේක්‍ෂා කරන එතුමාණන්ට මහත් ප්‍රීති සොම්නසක් උපනි. එම ප්‍රීති වේගයේන උදන් ඇනීයයි යෙදුනා මෙනි. ඒකාන්තයෙන්ම විසංස්කාර නිම්න නිර්වාණාධ්‍යාශය ඇති ශාස්තෲන් වහන්සේ විසින් මහා කරුණාවෙන් බලහත්කාරයෙන් මෙන් සත්ත්වහිත පිණිස ලෝකයෙහි පිරිසිදු බව තබන ලදි. එසේම දිනපතා සූවිසිකෝටි ලක්‍ෂ සංඛ්‍යාත සමවත් පරිභෝග කරයි. එතුමාණෝ දැන් මහා කරුණා සමාපත්තියෙන් නිපන් හෙයින් නිර්වාණාභිමුඛව අනල්ප ප්‍රීති සොම්නස් විඳියි. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේගේ කෙලෙස් පිරිනිවන් දිනයෙහි මෙන් ස්කන්ධ පරිනිර්වාණ දිනයෙහිද ශරීරාලෝකය විශේෂයෙන් මනාව ප්‍රසන්න පිරිසිදු, ප්‍රභාෂ්වර වූයේය.

ගාථාය සොණසිඞ‍්ගාලාදීනම‍්පි පච‍්චක‍්ඛභාවතො තුලිතං පරිච‍්ඡින‍්නන‍්ති තුලං, කාමාවචරකම‍්මං. න තුලං අතුලං, තුලං වා සදිසමස‍්ස අඤ‍්ඤං ලොකියකම‍්මං නත්‍ථීති අතුලං, මහග‍්ගතකම‍්මං. කාමාවචරං රූපාවචරං වා තුලං, අරූපාවචරං අතුලං. අප‍්පවිපාකං වා තුලං, බහුවිපාකං අතුලං. සම‍්භවන‍්ති සම‍්භවස‍්ස හෙතුභූතං, උපපත‍්තිජනකන‍්ති අත්‍ථො. භවසඞ‍්ඛාරන‍්ති පුනබ‍්භවසඞ‍්ඛාරණකං. අවස‍්සජීති විස‍්සජ‍්ජෙසි. මුනීති බුද‍්ධමුනි. අජ‍්ඣත‍්තරතොති නියකජ‍්ඣත‍්තරතො. සමාහිතොති උපචාරප‍්පනාසමාධිවසෙන සමාහිතො. අභින්‍දි කවචමිවාති කවචං විය අභින්‍දි. අත‍්තසම‍්භවන‍්ති අත‍්තනි සඤ‍්ජාතං කිලෙසං. ඉදං වුත‍්තං හොති “සවිපාකට‍්ඨෙන සම‍්භවං, භවාභවාභිසඞ‍්ඛරණට‍්ඨෙන භවසඞ‍්ඛාරන‍්ති ච ලද‍්ධනාමං තුලාතුලසඞ‍්ඛාතං ලොකියකම‍්මඤ‍්ච ඔස‍්සජි, සඞ‍්ගාමසීසෙ මහායොධො කවචං විය අත‍්තසම‍්භවං කිලෙසඤ‍්ච අජ‍්ඣත‍්තරතො සමාහිතො හුත්‍වා අභින්‍දී”ති.

ගාථාවෙහි බලු, සිවල් ආදීන්ටද, ප්‍රත්‍යක්‍ෂ භාවයෙන් සමාන වූයේ පිරිසිඳින ලද්දේ නුයි - තුලංයි. කාමාවචර කර්මයයි. සමාන නුවූයේ අතුලජය. ඔහුට සම අන්‍ය ලෞකික කර්මයක් නැත්තේනුයි අතුල්‍යයි. මහද්ගත කර්මයයි. කාමාවචර හෝ රූපාවචර තූල්‍යයි. අරූපාවචර අතුල්‍යයි. අල්ප විපාක හෝ තුල්‍යයයි. බොහෝ විපාක ඇත්තේ අතුල්‍යයි. සම්භවං යනු හටගැන්මට හේතු වූ, උපත් ජනනය කරයි යන අර්ථයි. භව සංඛාරං යනු පුනර්භව හේතු රැස්කිරීමයි. ඔස්සජි යනු අත්හළේය. මුනි යනු බුද්ධමුනියි. අජ්ඣත්තරතො යනු ඒ ස්වකීය අධ්‍යාත්මයෙහි ඇලුනේ, සමාහිතො යනු උපචාර අර්පණා සමාධි වශයෙන් සමාහිත වූයේ, අභින්‍දි කවචමිව යනු සන්නාහයක් මෙන් සිඳලීය. අත්තසම්භවං යනු තමා කෙරෙහි හටගත් කෙලෙස් සමූහය, මෙය යූ.සේයි. විපාක සහිතාර්ථයෙන් ඉපැත්ම භවයක් පාසා රැස්කිරීම් අර්ථයෙන් භව සංස්කාරයැයි ලද නම් ඇති, තුල්‍ය අතුල්‍ය සංඛ්‍යාත ලෞකික කර්මය ද හැර දැමීය. යුදබිමෙහි මහා යෝධයෙන් යුද සන්නාහය බිඳ දමන්නාක් මෙන් තමා කෙරෙහි හටගත් කෙලෙස්ද අධ්‍යාත්මයෙහි ඇලුනේ, සමාහිත වී බිඳ දැමීය.

අථ වා තුලන‍්ති තුලෙන‍්තො තීරෙන‍්තො. අතුලඤ‍්ච සම‍්භවන‍්ති නිබ‍්බානඤ‍්චෙව භවඤ‍්ච. භවසඞ‍්ඛාරන‍්ති භවගාමිකං කම‍්මං. අවස‍්සජි මුනීති “පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො නිබ‍්බානං නිච‍්ච”න‍්තිආදිනා නයෙන තුලෙන‍්තො බුද‍්ධමුනි භවෙ ආදීනවං, නිබ‍්බානෙ ච ආනිසංසං දිස‍්වා තං ඛන්‍ධානං මූලභූතං භවසඞ‍්ඛාරකම‍්මං “කම‍්මක‍්ඛයාය සංවත‍්තතී”ති (ම· නි· 2.81; අ· නි· 4.233) එවං වුත‍්තෙන කම‍්මක‍්ඛයකරෙන අරියමග‍්ගෙන අවස‍්සජි . කථං අජ‍්ඣත‍්තරතො සමාහිතො, අභින්‍දි කවචමිවත‍්තසම‍්භවං. සො හි විපස‍්සනාවසෙන අජ‍්ඣත‍්තරතො, සමථවසෙන සමාහිතොති එවං පුබ‍්බභාගතො පට‍්ඨාය සමථවිපස‍්සනාබලෙන කවචං විය අත‍්තභාවං පරියොනන්‍ධිත්‍වා ඨිතං, අත‍්තනි සම‍්භවත‍්තා “අත‍්තසම‍්භව”න‍්ති ලද‍්ධනාමං සබ‍්බං කිලෙසජාලං අභින්‍දි, කිලෙසාභාවෙනෙව කම‍්මං අප‍්පටිසන්‍ධිකත‍්තා අවස‍්සට‍්ඨං නාම හොතීති එවං කිලෙසප‍්පහානෙන කම‍්මං පජහි. ඉති බොධිමූලෙයෙව අවස‍්සට‍්ඨභවසඞ‍්ඛාරො භගවා වෙඛමිස‍්සකෙන විය ජරසකටං සමාපත‍්තිවෙඛමිස‍්සකෙන අත‍්තභාවං යාපෙන‍්තොපි “ඉතො තෙමාසතො උද‍්ධං සමාපත‍්තිවෙඛමස‍්ස න දස‍්සාමී”ති චිත‍්තුප‍්පාදනෙන ආයුසඞ‍්ඛාරං ඔස‍්සජීති.

නොහොත් තුලං යනු තුලනය කරනුයේ, තීරණය කරනුයේ, අතුලං සම්භවං නිර්වාණයද භවයද, භවසංඛාරං යනු භවගාමී කර්මයයි. ඔස්සජි මුනි යනු පංචස්කන්ධ අනිත්‍යහ. පංචස්කන්ධයන්ගේ නිරෝධය නිර්වාණය නිත්‍යයයි ආදී ක්‍රමයෙන් තුලනය කරනුයේ බුද්ධමුනි තෙම භවයෙහි ආදීනවද, නිර්වාණයෙහි අනුසස්ද දැක, එම ස්කන්ධයන්ට මූලික හේතුව වූ භව සංස්කාර කර්මය ‘කර්මක්‍ෂය සඳහා පවතී’යයි මෙසේ කියන ලද කර්මක්‍ෂය කර ආර්ය මාර්ගයෙන් හැර දැම්මේය. කෙසේද යත්, අජ්ඣත්තරතො සමාහිතො අභින්‍දි කවචමිව අත්ත සම්භවං හෙතෙම විදර්ශනා වශයෙන් අධ්‍යාත්මයෙහි ඇලුනේ සමථ වශයෙන් සමාහිතයැයි මෙසේ පූර්ව භාගයෙහි පටන් සමථ විදර්ශනා බලයෙන් සන්නාහයක් මෙන් ආත්මභාවය හාත්පසින් වෙලාසිටි තමා කෙරෙහි හටගත් හෙයින් ආත්ම සම්භව යැයි ලද නම් ඇති සියලු කෙලෙස් දැල බින්දේය. කෙලෙස් අභාවයෙන්ම කර්මය අප්‍රතිසන්‍ධික හෙයින් හැරදමන ලද්දේ නම් වේ. මෙයින් කෙලෙස් ප්‍රහාණයෙන් කර්මය දුරු කළේය. මෙසේ බෝධි මූලයෙහිදීම හරනා ලද භව සංස්කාර ඇති භාග්‍යවතුන් වහන්සේ බාධා මිශ්‍රිත දිරාගිය ගැලක් මෙන්, සමවත් බාධා මිශ්‍රිත ආත්මභාවය යැපෙනුයේද, මින් තෙමසකින් මත්තෙහි සමවත් බාධා එයට නොදෙමියි චිත්තෝත්පාද වශයෙන් ආයු සංස්කාරය හළේය.

පඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම සූත්‍ර වර්ණනාව නිමියේ ය.