7. රෙවතසුත්තවණ්ණනා අට්ඨකථා
7. රෙවතසුත්තවණ්ණනා
7. රේවත සූත්‍ර වර්ණනාව
සත්තමෙ කඞ්ඛාරෙවතොති තස්ස ථෙරස්ස නාමං. සො හි සාසනෙ පබ්බජිත්වා ලද්ධූපසම්පදො සීලවා කල්යාණධම්මො විහරති, “අකප්පියා මුග්ගා, න කප්පන්ති මුග්ගා පරිභුඤ්ජිතුං, අකප්පියො ගුළො”ති (මහාව· 272) ච ආදිනා විනයකුක්කුච්චසඞ්ඛාතකඞ්ඛාබහුලො පන හොති. තෙන කඞ්ඛාරෙවතොති පඤ්ඤායිත්ථ. සො අපරභාගෙ සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ඝටෙන්තො වායමන්තො ඡළභිඤ්ඤා සච්ඡිකත්වා ඣානසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙති, යෙභුය්යෙන පන අත්තනා අධිගතං අරියමග්ගං ගරුං කත්වා පච්චවෙක්ඛති. තෙන වුත්තං – “අත්තනො කඞ්ඛාවිතරණවිසුද්ධිං පච්චවෙක්ඛමානො”ති. මග්ගපඤ්ඤා හි “අහොසිං නු ඛො අහං අතීතමද්ධාන”න්තිආදිනයපවත්තාය (ම· නි· 1.18; සං· නි· 2.20) සොළසවත්ථුකාය, “බුද්ධෙ කඞ්ඛති…පෙ… පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛතී”ති (ධ· ස· 1008) එවං වුත්තාය අට්ඨවත්ථුකාය, පගෙව ඉතරාසන්ති අනවසෙසතො සබ්බකඞ්ඛානං විතරණතො සමතික්කමනතො, අඤ්ඤෙහි ච අත්තනා පහාතබ්බකිලෙසෙහි අච්චන්තවිසුජ්ඣනතො “කඞ්ඛාවිතරණවිසුද්ධී”ති ඉධාධිප්පෙතා. තඤ්හි අයමායස්මා දීඝරත්තං කඞ්ඛාපකතත්තා “ඉමං මග්ගධම්මං අධිගම්ම ඉමා මෙ කඞ්ඛා අනවසෙසා පහීනා”ති ගරුං කත්වා පච්චවෙක්ඛමානො නිසීදි, න සප්පච්චයනාමරූපදස්සනං අනිච්චන්තිකත්තා තස්ස කඞ්ඛාවිතරණස්ස.
සත්වැන්නෙහි රේවත යනු එම තෙරුන්ගේ නාමයයි. හෙතෙම සස්නෙහි පැවිදිව ලබන ලද උපසම්පදා ඇතියේ සිල්වත් වූයේ, යහපත් ගුණ ධර්මයන්ගෙන් යුක්තව වාසය කරයි. මුංඇට අකැපය. මුංඇට පරිභෝග කරන්ට අකැපය. උක්හකුරු අකැපය යන ආදියෙන් විනය කුකුස් සංඛ්‍යාත සැක බහුල වේ. එහෙයින් කංඛා රේවතයැයි ප්‍රකට විය. හෙතෙම පසුකලැ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි කමටහන් ගෙන උත්සාහ කරනුයේ ව්‍යායාම කරනුයේ ෂට් අභිඥාවන් සාක්ෂාත් කොට ධ්‍යාන සුවයෙන්ද, ඵල සුවයෙන්ද කල්යවයි. බොහෝසෙයින් තමා විසින් අවබෝධ කළ ආර්යමාර්ගය ගරුකොට ප්රත්යවේක්ෂා කරයි. එහෙයින් අත්තනො කංඛා විතරණ විසුද්ධිං පච්ච වෙක්ඛමානෙයි යූ.සේයි. මාර්ග ප්‍රඥාව මම අතීත දීර්ඝකාලය තුළ වූයෙම්ද, ආදී ක්‍රමයෙන් පැවති සොළොස් වස්තුක, බුදුන් කෙරෙහි සැක කරයි. -පෙ- ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්හි සැක කෙරේයයි මෙසේ කියන ලද අෂ්ඨ වස්තුක සැකයන්ගේ, අනෙක්වා ගැන කියනුම කවරේද? ශේෂ රහිතව සියලු සැකයන්ගේ මනාව තරණය කරණ හෙයින් ඉක්මවන හෙයින් අනෙකුත් තමා විසින් ප්රහාණය කළයුතු කෙලෙසුන්ගේ අත්‍යන්තයෙන් පිරිසිදු වන හෙයින් කංඛා විතරණ විශුද්ධිය යැයි මෙහි අදහස් කරන ලදි. එය වනාහි මේ ආයුෂ්මත් තෙමේ බොහෝකලක් සැක ප්රකෘතික හෙයින් ඒකාන්තයෙන් මම මෙම කර්මයට පැමිණ මාගේ සැක ශේෂ රහිතව ප්‍රහීණ වූයේ යැයි ගරුකොට ප්රත්යවේක්ෂා කරමින් හුන්නේය. ප්‍රත්‍යය සහිත නාමරූප දර්ශනය අනිත්‍යයැයි කළ හෙයින් එම කංඛාවිතරණයෙහි.
එතමත්ථං විදිත්වාති එතං අරියමග්ගස්ස අනවසෙසකඞ්ඛාවිතරණසඞ්ඛාතං අත්ථං විදිත්වා තදත්ථදීපකං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ආර්යමාර්ගයෙහි ශේෂ රහිත කංඛාවිතරණ සංඛ්‍යාත අර්ථය දැන එම අර්ථය දැක්වීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ යා කාචි කඞ්ඛා ඉධ වා හුරං වාති ඉධ ඉමස්මිං පච්චුප්පන්නෙ අත්තභාවෙ “අහං නු ඛොස්මි නො නු ඛොස්මී”තිආදිනා හුරං වා, අතීතානාගතෙසු අත්තභාවෙසු “අහොසිං නු ඛො අහං අතීතමද්ධාන”න්තිආදිනා උප්පජ්ජනකා කඞ්ඛා. සකවෙදියා වා පරවෙදියා වාති තා එවං වුත්තනයෙනෙව සකඅත්තභාවෙ ආරම්මණවසෙන පටිලභිතබ්බාය පවත්තියා සකවෙදියා වා පරස්ස අත්තභාවෙ පටිලභිතබ්බාය “බුද්ධො නු ඛො, නො නු ඛො”තිආදිනා වා පරස්මිං පධානෙ උත්තමෙ පටිලභිතබ්බාය පවත්තියා පරවෙදියා වා යා කාචි කඞ්ඛා විචිකිච්ඡා. යෙ ඣායිනො තා පජහන්ති සබ්බා, ආතාපිනො බ්රහ්මචරියං චරන්තාති යෙ ආරම්මණූපනිජ්ඣානෙන ලක්ඛණූපනිජ්ඣානෙන ඣායිනො විපස්සනං උස්සුක්කාපෙත්වා චතුබ්බිධසම්මප්පධානපාරිපූරියා ආතාපිනො මග්ගබ්රහ්මචරියං චරන්තා අධිගච්ඡන්තා සද්ධානුසාරීආදිප්පභෙදා පඨමමග්ගට්ඨා පුග්ගලා, තා සබ්බා කඞ්ඛා පජහන්ති සමුච්ඡින්දන්ති මග්ගක්ඛණෙ. තතො පරං පන තා පහීනා නාම හොන්ති, තස්මා ඉතො අඤ්ඤං තාසං අච්චන්තප්පහානං නාම නත්ථීති අධිප්පායො.
එහි යාකොචි කංඛා ඉධවා හුරංවා යනු මෙහි මෙම වත්මන් අත්බැව්හි මම වෙම්ද, නොවෙම්දැයි ආදියෙන් පරලොව හෝ අතීත අනාගත ආත්මභාවයන්හි මම අතීත කාලයෙහි වූයෙම්ද, ආදී ක්‍රමයෙන් උපදනා සැකයයි. සකවෙදියාවා පරවෙදියාවා යනු එයම කියන ලද ක්‍රමයෙන්ම ස්වකීය ආත්මභාවයෙහි අරමුණු වශයෙන් ලැබිය යුතු හෙයින් පැවැත්මෙහි සකවෙදියායි. අන්‍යයන්ගේ ආත්මභාවයන්හි ලැබිය යුතු හෙයින්, බුද්ධ වූයෙහිද, නොවූයෙහිදැයි ආදී ක්‍රමයෙන් යම් ප්‍රධාන උතුමෙක් කෙරෙහි ලැබිය යුතු හෙයින් - පරවෙදියායි. යම්කිසි කංඛා විචිකිච්ඡාවයි. ඣායිනො තා පජහන්ති සබ්බා ආතාපිනො බ්රහ්මචරියං චරන්තො යනු යම් අරමුණු ගැන නිතර නිතර සිතමින් ධ්‍යාන වඩන ධ්‍යායීහු විදර්ශනාව ඔසවා සිව්ආකාර සම්‍යග් ප්‍රධාන පරිපූර්ණ කිරීමෙහි කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ මාර්ග බ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නාහු, අවබෝධ කරන්නාහු, ශ්‍රද්ධානුසාරී ආදී ප්‍රභේදයෙන් යුත් ප්‍රථම මාර්ගස්ථ පුද්ගලයෝ එම සියලුම සැකයන් දුරු කරති. මාර්ගක්ෂණයෙහි උදුරා විනාශ කරති. ඉන් මත්තෙහි ප්‍රහීණ වූයේ නම් වෙති. මෙයින් අන්‍ය වූ ඒවා අත්‍යන්ත ප්රහාණයක් නම් නැතැයි අදහසයි.
ඉති භගවා ඣානමුඛෙන ආයස්මතො කඞ්ඛාරෙවතස්ස ඣානසීසෙන අරියමග්ගාධිගමං ථොමෙන්තො ථොමනාවසෙන උදානං උදානෙසි. තෙනෙව ච නං “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ඣායීනං යදිදං කඞ්ඛාරෙවතො”ති (අ· නි· 1.204) ඣායීභාවෙන එතදග්ගෙ ඨපෙසීති.
මෙසේ භාග්‍යවතුන් ධ්‍යාන මුඛයෙන් ආයුෂ්මත් කංඛා රේවතයන්ට ධ්‍යාන ශීර්ෂයෙන් ආර්යමාර්ගාධිගමය පිළිබඳව ස්තුති කරනුයේ ස්තුති කිරීම් වශයෙන් උදන් ඇනූ සේක. එහෙයින්ම ඔහු ‘මහණෙනි, ධ්‍යානලාභී මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර යම් ආකාර වූ කංඛා රේවතයෙක් වේද, ඔහුම අග්‍රය. ශ්‍රේෂ්ඨය. ධ්‍යාන භාවයෙන් එතදග්‍ර ස්ථානයෙහි තැබීය.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
8. ආනන්දසුත්තවණ්ණනා
8. නන්ද සූත්‍රය සඞ්ඝභෙද වර්ණනා
අට්ඨමෙ ආයස්මන්තං ආනන්දං එතදවොචාති අභිමාරෙ පයොජෙත්වා නාළාගිරිං විස්සජ්ජාපෙත්වා සිලං පවට්ටෙත්වා භගවතො අනත්ථං කාතුං අසක්කොන්තො “සඞ්ඝං භින්දිත්වා චක්කභෙදං කරිස්සාමී”ති අධිප්පායෙන එතං “අජ්ජතග්ගෙ”තිආදිවචනං අවොච. අඤ්ඤත්රෙව භගවතාති විනා එව භගවන්තං, සත්ථාරං අකත්වාති අත්ථො. අඤ්ඤත්ර භික්ඛුසඞ්ඝාති විනා එව භික්ඛුසඞ්ඝං. උපොසථං කරිස්සාමි සඞ්ඝකම්මානි චාති භගවතො ඔවාදකාරකං භික්ඛුසඞ්ඝං විසුං කත්වා මං අනුවත්තන්තෙහි භික්ඛූහි සද්ධිං ආවෙණිකං උපොසථං සඞ්ඝකම්මානි ච කරිස්සාමීති අත්ථො. දෙවදත්තො සඞ්ඝං භින්දිස්සතීති භෙදකරානං සබ්බෙසං දෙවදත්තෙන සජ්ජිතත්තා එකංසෙනෙව දෙවදත්තො අජ්ජ සඞ්ඝං භින්දිස්සති ද්විධා කරිස්සති. “අධම්මං ධම්මො”තිආදීසු හි අට්ඨාරසසු භෙදකරවත්ථූසු යංකිඤ්චි එකම්පි වත්ථුං දීපෙත්වා තෙන තෙන කාරණෙන “ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති සඤ්ඤාපෙත්වා සලාකං ගාහෙත්වා විසුං සඞ්ඝකම්මෙ කතෙ සඞ්ඝො භින්නො හොති. වුත්තඤ්හෙතං –
අටවැන්නෙහි ආයස්මන්තං ආනන්දං එතදවොච යනු ඉදිරියෙහි යොදවා, නාලාගිරි ඇතු පිටත්කොට යවා ගලක් පෙරළා, භාග්‍යවතුන් වහන්සේට අනර්ථයක් කරන්ට නොහැකි වනුයේ, සංඝයා භේද කොට, වර්ග භේදය කරන්නෙමියි අදහසින් එය ‘අජ්ජතග්ගෙ’ ආදී වචනය කීය. අඤ්ඤත්රෙව භගවතා යනු භාග්‍යවතුන් වහන්සේගෙන් තොරවම එක්ව විසීමක් නොකොට යැයි අර්ථයි. අඤ්ඤත්රෙව භික්ඛු සංඝං යනු බික් සඟනගෙන් තොරවම, උපොසථං කරිස්සාමි සංඝකම්මානි ච යනු භාග්‍යවතුන් වහන්සේගේ අවවාද පිළිපදින බික්සඟ වෙන්කොට මා හා අනුවර්තනය වන භික්ෂු සංඝයා සමග මා හට විශේෂයෙන් අයත් වූ උපොසථයද, සංඝ කර්මයන්ද කරන්නෙමියි අර්ථයි. දෙවදත්තො සංඝං භින්දිස්සති යනු දෙව්දතු විසින් භේදකාරී සියල්ලන්ට කරුණු කියා පිළියෙල කළ හෙයින් ඒකාන්තයෙන්ම දෙව්දතු අද සංඝයා බිඳින්නේය. දෙකඩ කරන්නේය. ධම්මො අධම්මො යනාදී අටලොස් භේදකර වස්තූන් අතර, යම්කිසි එක් වස්තුවක් ඉදිරිපත්කොට එකරුණින් මෙය ගනිව්. මෙය රුචි කරව් යැයි හඟවා, සලාක ගන්ට සලස්වා, වෙන්ව සඟකම් කළ කල්හි සංඝයා බිඳුනේ වේ. යූ.සේයි.
“පඤ්චහි, උපාලි, ආකාරෙහි සඞ්ඝො භිජ්ජති කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුස්සාවනෙන සලාකග්ගාහෙනා”ති (පරි· 458).
උපාලිය, කර්මයෙන්, උදෙසීමෙන් ව්‍යවහාර කරමින්, ශ්‍රවණය කරවීමෙන්, සලාක ගැනීමෙන් යන කරුණු පංචකයෙන් සංඝයා බිඳේ.
තත්ථ කම්මෙනාති අපලොකනකම්මාදීසු චතූසු කම්මෙසු අඤ්ඤතරෙන කම්මෙන. උද්දෙසෙනාති පඤ්චසු පාතිමොක්ඛුද්දෙසෙසු අඤ්ඤතරෙන උද්දෙසෙන. වොහරන්තොති තාහි තාහි උප්පත්තීහි “අධම්මං ධම්මො”තිආදීනි (අ· නි· 10.37; චූළව· 352) අට්ඨාරසභෙදකරවත්ථූනි දීපෙන්තො. අනුස්සාවනෙනාති “නනු තුම්හෙ ජානාථ මය්හං උච්චාකුලා පබ්බජිතභාවං බහුස්සුතභාවඤ්ච, මාදිසො නාම උද්ධම්මං උබ්බිනයං ගාහෙය්යාති කිං තුම්හාකං චිත්තම්පි උප්පාදෙතුං යුත්තං, කිමහං අපායතො න භායාමී”තිආදිනා නයෙන කණ්ණමූලෙ වචීභෙදං කත්වා අනුස්සාවනෙන. සලාකග්ගාහෙනාති එවං අනුස්සාවෙත්වා තෙසං චිත්තං උපත්ථම්භෙත්වා අනාවත්තිධම්මෙ කත්වා “ගණ්හථ ඉමං සලාක”න්ති සලාකග්ගාහෙන.
එහි කම්මෙන යනු අපලෝකන කර්මාදී සිව් කර්මයන් අතර, එක්තරා කර්මයකින්, උද්දෙසෙන යනු පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතර එක්තරා උදෙසීමකින්, වොහරන්තො යනු ඒ ඒ ආපත්තීන්හිදී අධර්මය ධර්මයැයි ආදී අටලොස් භේදකර වස්තූන් දක්වනුයේ, අනුසාවණෙන යනු මාගේ උසස් කුලයෙන් පැවිදි වූ බවද, බහුශ්‍රැත බවද නුඹලා නොදන්නහුද, මා වැන්නෙක් නම් ධර්මවිරෝධී විනය විරෝධී දෘෂ්ටියක් ගන්නේ යයි කිමෙක්ද, නුඹලාට සිතක් හෝ උපදවන්ට සුදුසුද, කිමෙක්ද මා අපායෙන් (අපා දුකින්) බිය නොවන්නෙම්ද, ආදී ක්‍රමයෙන් කන් මුල වාග් භේද කොට ශ්‍රවණය කරවීම සලාක ගාහෙන යනු මෙසේ ශ්‍රවණය කරවා ඔවුන්ගේ සිත්වලට ධෛර්ය දී හැරී නොඑන ස්වභාවයක් කොට මෙම සලාකය ගනිව්යයි සලාක ගැන්වීමෙන්,
එත්ථ ච කම්මමෙව උද්දෙසො වා පමාණං, වොහාරානුස්සාවනසලාකග්ගාහා පන පුබ්බභාගා. අට්ඨාරසවත්ථුදීපනවසෙන හි වොහරන්තෙන තත්ථ රුචිජනනත්ථං අනුස්සාවෙත්වා සලාකාය ගාහිතායපි අභින්නොව හොති සඞ්ඝො. යදා පනෙවං චත්තාරො වා අතිරෙකා වා සලාකං ගාහෙත්වා ආවෙණිකං උද්දෙසං වා කම්මං වා කරොන්ති, තදා සඞ්ඝො භින්නො නාම හොති. දෙවදත්තො ච සබ්බං සඞ්ඝභෙදස්ස පුබ්බභාගං නිප්ඵාදෙත්වා “එකංසෙනෙව අජ්ජ ආවෙණිකං උපොසථං සඞ්ඝකම්මඤ්ච කරිස්සාමී”ති චින්තෙත්වා “අජ්ජතග්ගෙ”තිආදිවචනං අවොච. තෙනාහ – “අජ්ජ, භන්තෙ, දෙවදත්තො සඞ්ඝං භින්දිස්සතී”ති. යතො අවොචුම්හා “භෙදකරානං සබ්බෙසං දෙවදත්තෙන සජ්ජිතත්තා”ති.
මෙහිද එක කර්මයක් හෝ උදෙසීමක් ප්රමාණවත්ය. ව්‍යවහාරය, අනුශ්‍රාවණ, සලාක ගැන්වීම පූර්වභාගයෙහිය. අටලොස් වස්තු දැක්වීම් වශයෙන් වනාහි ව්‍යවහාර කරන්නහු විසින් එහි ඇල්ම හටගැන්වීම සඳහා අනුශ්‍රවණය කරවා සලාක ගන්නා ලදුයේද සංඝයා නොබිඳුනේම වේ. යම්කලෙක්හි වනාහි සතරදෙනෙක් හෝ ඉන් අතිරේක ප්‍රමාණයක් හෝ සලාක ගන්වා ආවේණික හෝ උදෙසීම් කර්මයක් කෙරෙත්ද, එකල්හි සංඝයා බිඳුණේ නම් වේ. දෙව්දත්ද සංඝභේදයට අවශ්‍ය සියල්ල නිපදවා ඒකාන්තයෙන්ම අද ඔහුට ආවේණික, පොහොයද සංඝ කර්මයද කරන්නෙමියි සිතා ‘අද පටන්’ ආදී වචන කීවේය. එහෙයින් භාග්‍යවතුන් වහන්ස, අද දෙව්දත් සංඝයා බිඳින්නේ යයි කීය. භේදකර සියලු කරුණු පිළියෙල කළ හෙයින් යයි යම්හෙයකින් කීහුද එහෙයිනි.
එතමත්ථං විදිත්වාති එතං අවීචිමහානිරයුප්පත්තිසංවත්තනියං කප්පට්ඨියං අතෙකිච්ඡං දෙවදත්තෙන නිබ්බත්තියමානං සඞ්ඝභෙදකම්මං සබ්බාකාරතො විදිත්වා . ඉමං උදානන්ති කුසලාකුසලෙසු යථාක්කමං සප්පුරිසාසප්පුරිසසභාගවිසභාගපටිපත්තිවසෙන පන සුකුසලාති ඉදමත්ථවිභාවනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම අවීචි මහ නිරයෝත්පත්තියට හේතුව කල්පස්ථායි සුවකළ නොහැකි දෙව්දත් විසින් නිපදවනු ලබන සංඝභේද කර්මය සර්වාකාරයෙන් දැන, ඉමං උදානං යනු කුසල් අකුසල්හි ක්‍රමානුකූලව, සත්පුරුෂ අසත්පුරුෂ සමාන-අසමාන ප්‍රතිපත්ති වශයෙන් යහපත් කුසල්යැයි මෙම කරුණ පැහැදිලි කිරීමට මෙඋදන් ඇනූ සේක.
තත්ථ සුකරං සාධුනා සාධූති අත්තනො පරෙසඤ්ච හිතං සාධෙතීති සාධු, සම්මාපටිපන්නො. තෙන සාධුනා සාරිපුත්තාදිනා සාවකෙන පච්චෙකබුද්ධෙන සම්මාසම්බුද්ධෙන අඤ්ඤෙන වා ලොකියසාධුනා සාධු සුන්දරං භද්දකං අත්තනො පරෙසඤ්ච හිතසුඛාවහං සුකරං සුඛෙන කාතුං සක්කා. සාධු පාපෙන දුක්කරන්ති තදෙව පන වුත්තලක්ඛණං සාධු පාපෙන දෙවදත්තාදිනා පාපපුග්ගලෙන දුක්කරං කාතුං න සක්කා, න සො තං කාතුං සක්කොතීති අත්ථො. පාපං පාපෙන සුකරන්ති පාපං අසුන්දරං අත්තනො පරෙසඤ්ච අනත්ථාවහං පාපෙන යථාවුත්තපාපපුග්ගලෙන සුකරං සුඛෙන කාතුං සක්කුණෙය්ය. පාපමරියෙහි දුක්කරන්ති අරියෙහි පන බුද්ධාදීහි තං තං පාපං දුක්කරං දුරභිසම්භවං. සෙතුඝාතොයෙව හි තෙසන්ති සත්ථා දීපෙති.
එහි සූකරං සාධුනා සාධු යනු තමාගේ අන්යයාගේද යහපත සිදු කෙරේනුයි සාධුයි. මනාව පිළිපන්නේ, එම යහපත් සැරියුත් ආදී ශ්‍රාවකයන් සමගද පසේබුදු, සම්‍යක් සම්බුදු, අනෙක් ලෞකික යහපත් පුද්ගලයන් සමගද ඇසුර යහපත්ය. සුන්දරය. සිත්කලුය. තමාගේද, අනෙකාගේද, හිතසුව එළවන දෑ කිරීම පහසුය. සුවසේ කරන්ට හැකිය. සාධු පාපෙන දුක්කරං යනු කියන ලද ලක්ෂණ ඇති යහපත පාපී දෙව්දතු ආදී පුඟුලන් විසින් කරන්ට දුෂ්කරය. කරන්ට නොහැකිය. ඔහු එය කරන්ට නොහැකිය යන අර්ථයි. පාපං පාපෙන සූකරං යනු අයහපත් පාපය තමාටද, අන්‍යයාටද අනර්ථ එළවනුයේ, පාපයෙන් කියන ලද ආකාර ඇති පාපී පුද්ගලයා විසින් කිරීම පහසුය. සුවසේ කරන්ට හැකිවන්නේය. පාපමරියෙහි දුක්කරං යනු බුද්ධාදී ආර්යයන් විසින් වනාහි එම පාපය කිරීම දුෂ්කරය. හටගැන්ම දුෂ්කරය. හෙය නැසීමම ඔවුන්ගේ යයි ශාස්තෲන් වහන්සේ දක්වන සේක.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
9. සද්ධායමානසුත්තවණ්ණනා
9. සද්ධායමාන සූත්‍ර වර්ණනාව
නවමෙ මාණවකාති තරුණා. පඨමෙ යොබ්බනෙ ඨිතා බ්රාහ්මණකුමාරකා ඉධාධිප්පෙතා.
නවවැන්නෙහි, මාණවකා යනු තරුණයෝ, ප්‍රථම යෞවනයෙහි සිටි බමුණු කුමාරවරු මෙහි අදහස් කරන ලදි.
සධායමානරූපාති උප්පණ්ඩනජාතිකං වචනං සන්ධාය වුත්තං. අඤ්ඤෙසං උප්පණ්ඩෙන්තා සධන්ති, තදත්ථවචනසීලාති අත්ථො. තස්සායං වචනත්ථො – සධනං සධො, තං ආචික්ඛන්තීති සධයමානාති වත්තබ්බෙ දීඝං කත්වා “සධායමානා”ති වුත්තං. අථ වා විසෙසතො සසෙධෙ විය අත්තානං ආවදන්තීති සධායමානා. තෙ එවං සභාවතාය “සධායමානරූපා”ති වුත්තං. “සද්දායමානරූපා”තිපි පාඨො, උච්චාසද්දමහාසද්දං කරොන්තාති අත්ථො. භගවතො අවිදූරෙ අතික්කමන්තීති භගවතො සවනවිසයෙ තං තං මුඛාරුළ්හං වදන්තා අතියන්ති.
තෙවධායමානා යනු කවටකම් කරන ස්වභාව වචන සඳහා යූ.සේයි. අන්‍යයන්ට කවටකම් කරන්නාහු හිංසා කරති. එබඳු ස්වභාව වචන කියන සුලුයයි අර්ථයි. එහි මේ වචනාර්ථයි. හිංසාව වධයයි. එය කියත්නුයි වධයමානායි කිවයුතු කල්හි දීර්ඝ කොට වධායමානායි යූ.සේයි. නොහොත් වෙහෙසීමෙහි හිංසනයෙහි මෙන් තමා හැසිරේයයි වධායමානායි. ඉන් එබඳු ස්වභාව හෙයින් වධායමානරූපායි යූ.සේයි. සද්දායමානරූපායිද පාඨයි. උස් ශබ්ද, මහා ශබ්ද කරන්නාහුයිද අර්ථයි. භගවතො අවිදූරෙ අතික්කමන්ති යනු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රවණ විෂයයෙහි මුවට නැගුණු ඒ ඒ දෑ කියමින් ඉක්ම යති.
එතමත්ථං විදිත්වාති එතං තෙසං වාචාය අසඤ්ඤතභාවං ජානිත්වා තදත්ථදීපකං ධම්මසංවෙගවසෙන ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ඔවුන්ගේ වචනයෙහි නොහික්මුණු බව දැන එඅරුත් දැක්වීමට ධර්ම සංවේග වශයෙන් මෙඋදන් ඇනූ සේක.
තත්ථ පරිමුට්ඨාති දන්ධා මුට්ඨස්සතිනො. පණ්ඩිතාභාසාති පණ්ඩිතපතිරූපකා “කෙ අඤ්ඤෙ ජානන්ති, මයමෙවෙත්ථ ජානාමා”ති තස්මිං තස්මිං අත්ථෙ අත්තානමෙව ජානන්තං කත්වා සමුදාචරණතො. වාචාගොචරභාණිනොති යෙසං වාචා එව ගොචරො විසයො, තෙ වාචාගොචරභාණිනො, වාචාවත්ථුමත්තස්සෙව භාණිනො අත්ථස්ස අපරිඤ්ඤාතත්තා. අථ වා වාචාය අගොචරං අරියානං කථාය අවිසයං මුසාවාදං භණන්තීති වාචාගොචරභාණිනො. අථ වා “ගොචරභාණිනො”ති එත්ථ ආකාරස්ස රස්සභාවො කතො. වාචාගොචරා, න සතිපට්ඨානාදිගොචරා භාණිනොව. කථං භාණිනො? යාවිච්ඡන්ති මුඛායාමං අත්තනො යාව මුඛායාමං යාව මුඛප්පසාරණං ඉච්ඡන්ති, තාව පසාරෙත්වා භාණිනො, පරෙසු ගාරවෙන, අත්තනො අවිසයතාය ච මුඛසඞ්කොචං න කරොන්තීති අත්ථො. අථ වා වාචාගොචරා එව හුත්වා භාණිනො, සයං අජානිත්වා පරපත්තිකා එව හුත්වා වත්තාරොති අත්ථො. තතො එව යාවිච්ඡන්ති මුඛායාමං යෙන වචනෙන සාවෙතබ්බා, තං අචින්තෙත්වා යාවදෙව අත්තනො මුඛප්පසාරණමත්තං ඉච්ඡන්තීති අත්ථො. යෙන නීතා න තං විදූති යෙන මුට්ඨස්සච්චාදිනා නිල්ලජ්ජභාවං පණ්ඩිතමානීභාවඤ්ච නීතා “මයමෙවං භණාමා”ති, තං තථා අත්තනො භණන්තස්ස කාරණං න විදූ, අවිද්දසුනො අසූරා න ජානන්තීති අත්ථො.
එහි පරිමුට්ඨා යනු අඥාන, මුළා සිහි ඇති. පණ්ඩිතාභාසා යනු පණ්ඩිත ප්‍රතිරූපක වූ, අන් කවරහු දනිත්ද, අපම මෙහි දනිමුයි ඒ ඒ කරුණෙහි තමන්ට දන්නහු කොට හැසිරෙන හෙයින්, වාචා ගෝචර භාණිතො යනු යම් කෙනෙකුන්ට වචනයම ගොදුරු වූයේ විෂය වූයේ වේද? මුඛාරූඪ වූවක්ම කියන සුළුය. කථා කරන වචනයෙහි අර්ථය පිරිසිඳ නොදත්තේ කථා වස්තු මාත්‍රයෙහිම පිහිටා කථා කරන්නාහු වෙති. නොහොත් කථා කිරීමට අගෝචර, ආර්යයන්ගේ කථාවට විෂය නොවූ මුසාවාද කථා කෙරෙත්නුයි වාචා ගෝචර භාණිතොයි, නොහොත් ගොචරභාණිනො යන මෙහි ආකාරයට හ්රස්වභාවය කරන ලදි. වාචා ගෝචර වූවෝ සතිපට්ඨාන ගෝචරව කථා කරන්නාහු නොවෙති. කෙසේ කියන්නෝ යාවිච්ඡන්ති මුඛායාමං යනු යම් පමණ තමාගේ මුව ඇරීම වේද, යම්තාක් මුව ප්‍රසාරණය කැමැති වෙත්ද, ඒ තාක් ප්‍රසාරණය කොට කථා කරන්නාහු අනෙක් අය කෙරෙහි ගෞරවයෙන්, තමහට අවිෂය වූයේ ද මුව හැකිලීම නොකරත් යයි අර්ථයි. නොහතේ වචනය ගෝචර වූයේම වී කථා කරන්නහුට තෙමේ නොදැන පද ප්රාප්තිකයෝම වී කියන්නෝ (කථා කරන්නෝ) යයි අර්ථයි. එයින්ම මුව ඇරීම යම්තාක් කැමැති වෙත්ද? යම් වචනයකින් ශ්‍රවණය කරවිය යුතුද, එය නොසිතා තම මුව ප්‍රසාරණ මාත්‍රය යම්තාක් වේද, ඒතාක් කැමැති වෙත්යයි අර්ථයි. යෙන නීතා නතං විදූ යනු යමක් කරණකොටගෙන සිහි මුළා වීම් ආදියෙන් නිර්ලජ්ජිභාවයටද, පණ්ඩිතමානී භාවයටද. ගෙන යන ලද්දාහු අපිම මෙසේ කථාකරමුයි එය එසේ තමහට කියන්නහුගේ කරුණ පණ්ඩිත නුවූ - මෝඩයෝ අදක්ෂයෝ නොදනිත් යයි අර්ථයි.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
10. පන්ථකසුත්තවණ්ණනා
10. පන්ථක සූත්‍ර වර්ණනාව
දසමෙ චූළපන්ථකොති මහාපන්ථකත්ථෙරස්ස කනිට්ඨභාතිකත්තා පන්ථෙ ජාතත්තා ච දහරකාලෙ ලද්ධවොහාරෙන අපරභාගෙපි අයමායස්මා “චූළපන්ථකො”ත්වෙව පඤ්ඤායිත්ථ. ගුණවිසෙසෙහි පන ඡළභිඤ්ඤො පභින්නපටිසම්භිදො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං මනොමයං කායං අභිනිම්මිනන්තානං යදිදං චූළපන්ථකො, චෙතොවිවට්ටකුසලානං යදිදං චූළපන්ථකො”ති ද්වීසු (අ· නි· 1.199) ඨානෙසු භගවතා එතදග්ගෙ ඨපිතො අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො.
දසවැන්නෙහි චූලපන්ථකො යනු මහාපන්ථක තෙරුන්ගේ බාල සොහොවුරු හෙයින්ද, මාර්ගයෙහි උපන් හෙයින්ද, ළදරුකල්හි ලද භාවිතයෙන්, පසුකල්හිද, මේ ආයුෂ්මත් තෙමේ චූලපන්ථකයැයිම ප්‍රකට විය. ගුණ විශේෂයන්ගෙන් වනාහි ෂට් අභිඥා හා විශේෂ විභාගයට පත් ප්‍රතිසම්භිදා ඇතියේ ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර මනෝමය ශරීර නිර්මාණය කරන්නවුන් අතර යම් ආකාර වූ චුල්ලපන්ථකයෙක් වේද, ඵල සමවත් සමවැදීම්හි දක්ෂයින් අතර යම් ආකාර වූ චුල්ලපන්ථකයෙක් වේද ඔහුම අග්‍රය. දෙතන්හි භාග්‍යවතුන් වහන්සේ එතදග්‍රස්ථානයෙහි තබන ලදුයේ අසූමහ ශ්රාවකාභ්යන්තරගත විය.
සො එකදිවසං පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො අත්තනො දිවාට්ඨානෙ දිවාවිහාරං නිසින්නො සමාපත්තීහි දිවසභාගං වීතිනාමෙත්වා සායන්හසමයං උපාසකෙසු ධම්මස්සවනත්ථං අනාගතෙසු එව විහාරමජ්ඣං පවිසිත්වා භගවති ගන්ධකුටියං නිසින්නෙ “අකාලො තාව භගවතො උපට්ඨානං උපසඞ්කමිතු”න්ති ගන්ධකුටිපමුඛෙ එකමන්තං නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන ආයස්මා චූළපන්ථකො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති. සො හි තදා කාලපරිච්ඡෙදං කත්වා සමාපත්තිං සමාපජ්ජිත්වා නිසීදි.
හෙතෙම එක් දිනක් පසුබත්හි පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ තම දිවාස්ථානයෙහි දිවා විහරණ සඳහා හුන්නේ නොයෙක් සමාපත්තීන්ගෙන් දිවා භාගය කල්යවා සවස්කල්හි උපාසකයින් ධර්මශ්රවණයට නොපැමිණි කල්හිම වෙහෙර මැදට පිවිස භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් සඳහා එළඹෙන්ට තවම නොකල්යයි ගඳකිළි ඉදිරියෙහි එක්පසෙක පර්යංකයක් බැඳ හුන්නේය. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා චූලපන්ථකො භගවතො අවිදූරෙ නිසින්නො හොති. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වායි යූ.සේයි. හෙතෙම එකල්හි කාලය බෙදීම කොට සමවතට සමවැද හුන්නේය.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො චූළපන්ථකස්ස කායචිත්තානං සම්මාපණිහිතභාවසඞ්ඛාතං අත්ථං ජානිත්වා. ඉමං උදානන්ති අඤ්ඤොපි යො පස්සද්ධකායො සබ්බිරියාපථෙසු උපට්ඨිතස්සති සමාහිතො, තස්ස භික්ඛුනො අනුපාදා පරිනිබ්බානපරියොසානස්ස විසෙසාධිගමස්ස තත්ථ පාතුභාවවිභාවනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් චූලපන්ථකගේ කාය චිත්තයන්ගේ, මනාව පිහිටුවන ලද බැව් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු අන්‍ය වූ ද යම් සන්සුන් සියලු ඉරියව්හි එළැඹ සිටි සිහි ඇති තැන්පත්, එම භික්ෂුවගේ උපාදාන රහිත නිවන කෙළවර කොට ඇති විශේෂාධිගමයෙහි පහළවීම දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ ඨිතෙන කායෙනාති කායද්වාරිකස්ස අසංවරස්ස පහානෙන අකරණෙන සම්මා ඨපිතෙන චොපනකායෙන, තථා චක්ඛාදීනං ඉන්ද්රියානං නිබ්බිසෙවනභාවකරණෙන සුට්ඨු ඨපිතෙන පඤ්චද්වාරිකකායෙන, සංයතහත්ථපාදතාය හත්ථකුක්කුච්චාදීනං අභාවතො අපරිඵන්දනෙන ඨිතෙන කරජකායෙන චාති සඞ්ඛෙපතො සබ්බෙනපි කායෙන නිබ්බිකාරතාසඞ්ඛාතෙන නිච්චලභාවෙන ඨිතෙන. එතෙනස්ස සීලපාරිසුද්ධි දස්සිතා. ඉත්ථම්භූතලක්ඛණෙ ච ඉදං කරණවචනං. ඨිතෙන චෙතසාති චිත්තස්ස ඨිතිපරිදීපනෙන සමාධිසම්පදං දස්සෙති. සමාධි හි චිත්තස්ස ‘ඨිතී’ති වුච්චති. තස්මා සමථවසෙන විපස්සනාවසෙනෙව වා එකග්ගතාය සති චිත්තං ආරම්මණෙ එකොදිභාවූපගමනෙන ඨිතං නාම හොති, න අඤ්ඤථා. ඉදඤ්ච යථාවුත්තකායචිත්තානං ඨපනං සමාදහනං සබ්බස්මිං කාලෙ සබ්බෙසු ච ඉරියාපථෙසු ඉච්ඡිතබ්බන්ති දස්සෙන්තො ආහ – “තිට්ඨං නිසින්නො උද වා සයානො”ති . තත්ථ වා-සද්දො අනියමත්ථො. තෙන තිට්ඨන්තො වා නිසින්නො වා සයානො වා තදඤ්ඤිරියාපථො වාති අයමත්ථො දීපිතො හොතීති චඞ්කමනස්සාපි ඉධ සඞ්ගහො වෙදිතබ්බො.
එහි ඨිතෙන කායෙන යනු කායද්වාරික අසංවරයාගේ ප්‍රහාණයෙන් නොකිරීමෙන් මනාව තබන ලද, පිරිසිදු කරන ලද ශරීරයෙන්, එසේම චක්ෂු ආදී ඉන්ද්රියයන්ගේ ආශ්වාද වින්දන තොර බව කිරීමෙන් මනාව තබන ලද පංචද්වාරික කයින්. අසංවර අත් පා ශරීර කුකුස් ආදීන්ගේ අභාවයෙන් නොවෙවුලමින් සිටියා වූ කරජකයෙන්දැයි, සංක්ෂේපයෙන් සියලුම ශරීරයෙන් වෙනස්වීමක් නොමැති නිශ්චල භාවයෙන්, එයින් ඔහුගේ සීල පාරිශුද්ධිය දක්වන ලදි. මෙය මෙසේ වූයේය යන ලක්ෂණයෙහි කරන විභක්තියි. ඨිතෙන චෙතසා යනු සිතෙහි ස්ථිති දැක්වීමෙන් සමාධි සම්පත දක්වයි. සමාධිය සිතෙහි සිටීමයයි කියයි. එහෙයින් සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් එකඟබව ඇතිකල්හි සිත අරමුණෙහි එකඟබවට පැමිණීමෙන් සිටියේ නම් වේ. අන් අයුරෙකින් නොවේ. මෙම කියන ලද ආකාර ඇති කාය චිත්තයන්ගේ තැබීම, තැන්පත් කිරීම සියලු කල්හි සියලු ඉරියව්හි කැමැති විය යුතුයැයි දක්වනුයේ තිට්ඨං නිසින්නො උදවා සයානොයි කීයේය. එහි වා ශබ්දය අනියමාර්ථයෙහිය. එයින් සිටිනුයේ හිඳනුයේ, සයනය කරනුයේ හෝ එයින් අන්‍ය ඉරියව්වක් හෝයි මෙම අර්ථය දක්වන ලද්දේ වේයයිද, සක්මන් කරන්නහුගේද ඉරියව්ව මෙහි ඇතුලත් කරන ලදැයි දතයුතුය.
එතං සතිං භික්ඛු අධිට්ඨහානොති යාය පගෙව පරිසුද්ධසමාචාරො කායචිත්තදුට්ඨුල්ලභාවූපසමනෙන කායං චිත්තඤ්ච අසාරද්ධං කත්වා පටිලද්ධාය අනවජ්ජසුඛාධිට්ඨාය කායචිත්තපස්සද්ධිවසෙන චිත්තං ලහුං මුදුං කම්මඤ්ඤඤ්ච කත්වා සම්මා ඨපෙන්තො සමාදහන්තො කම්මට්ඨානං පරිබ්රූහෙති මත්ථකඤ්ච පාපෙති, තං එව කම්මට්ඨානානුයොගස්ස ආදිමජ්ඣපරියොසානෙසු බහූපකාරං සතිං භික්ඛු අධිට්ඨහානො සීලවිසොධනං ආදිං කත්වා යාව විසෙසාධිගමා තත්ථ තත්ථ අධිට්ඨහන්තොති අත්ථො. ලභෙථ පුබ්බාපරියං විසෙසන්ති සො එවං සතිආරක්ඛෙන චෙතසා කම්මට්ඨානං උපරූපරි වඩ්ඪෙන්තො බ්රූහෙන්තො ඵාතිං කරොන්තො පුබ්බාපරියං පුබ්බාපරියවන්තං පුබ්බාපරභාගෙන පවත්තං උළාරුළාරතරාදිභෙදවිසෙසං ලභෙය්ය.
එතං සතිං භික්ඛු අධිට්ඨහානො යනු කල් ඇතිවම පිරිසිදු හැසිරීම් ඇති, කයෙහි හා සිතෙහි නොමනා කාමුක ස්වභාව සන්සිඳීමෙන් කයෙහි හා සිතෙහි දාහ නැතිකොට, ලබන ලද නිරවද්‍ය සුව නිශ්චයෙන් කය හා සිත සන්සිඳීම් වශයෙන්, සිත සැහැල්ලු මෘදු කර්මණ්යභාවයට පත්කොට මනාව තබනුයේ එක්තැන් කරනුයේ කමටහන් මනාව වඩයි. මස්තක ප්රාප්තියද කරයි. එම කමටහන්හි යෙදීමෙන් ආදි මධ්‍ය පර්යවසානයන්හි බොහෝ උපකාර වූ සිහිය, භික්ෂුව ස්ථිර ලෙස පිහිටුවනුයේ, සිල් පිරිසිදු කිරීම මුල්කොට, විශේෂාධිගමය තෙක් ඒ සඳහා එහි සිත ස්ථිර ලෙස පිහිටුවයි යන අර්ථයි. ලභෙථ පුබ්බාපරියං විසෙසං යනු හෙතෙම මෙසේ සිහියෙන් රැකි සිත් ඇතියේ කමටහන් මතු මතු වඩන්නේ වැඩිදියුණු කරනුයේ පෙර පසු, පෙර පසුවත් බවට පත් කළේ, පෙර පසු කොටසින් පැවැති, උදාර, අති උදාර ආදී භේදයන් ලබන්නේය.
තත්ථ දුවිධො පුබ්බාපරියවිසෙසො සමථවසෙන විපස්සනාවසෙන චාති. තෙසු සමථවසෙන තාව නිමිත්තුප්පත්තිතො පට්ඨාය යාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනවසීභාවො, තාව පවත්තො භාවනාවිසෙසො පුබ්බාපරියවිසෙසො. විපස්සනාවසෙන පන රූපමුඛෙන අභිනිවිසන්තස්ස රූපධම්මපරිග්ගහතො, ඉතරස්ස නාමධම්මපරිග්ගහතො පට්ඨාය යාව අරහත්තාධිගමො, තාව පවත්තො භාවනාවිසෙසො පුබ්බාපරියවිසෙසො. අයමෙව ච ඉධාධිප්පෙතො.
එහි පූර්වාපර විශේෂය දෙවැදෑරුම්ය. සමථ හා විදර්ශනා වශයෙනි. ඔවුනතර සමථ වශයෙන් නිමිත්ත හටගැන්මෙහි පටන්, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය තෙක් වසීභාවයක් වේද, ඒ තාක් පැවැති භාවනා විශේෂය පෙර අපර විශේෂයයි. විදර්ශනා වශයෙන් රූප ප්‍රමුඛතාවයෙන් සිත පිහිටුවන්නහුට රූපධර්ම පරිග්‍රහණයෙන් ද, අනෙකාට ධර්ම පරිග්රහණයේ පටන් අර්හත්වාධිගමය තෙක්, එතෙක් පැවැති භාවනා විශේෂය පෙර පසු විශේෂයයි. මෙම අර්ථයම මෙහි අදහස් කරන ලදි.
ලද්ධාන පුබ්බාපරියං විසෙසන්ති පුබ්බාපරියවිසෙසං උක්කංසපාරමිප්පත්තං අරහත්තං ලභිත්වා. අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙති ජීවිතුපච්ඡෙදවසෙන සබ්බෙසං සත්තානං අභිභවනතො මච්චුරාජසඞ්ඛාතස්ස මරණස්ස විසයභූතං භවත්තයං සමතික්කන්තත්තා අදස්සනං අගොචරං ගච්ඡෙය්ය. ඉමස්මිං වග්ගෙ යං අවුත්තං, තං හෙට්ඨා වුත්තනයමෙවාති.
ලද්ධාන පුබ්බාපරියං විසෙසං යනු පෙර පසු විශේෂයෙහි ඉහළම පාරමී ප්‍රාප්ත අර්හත්වය ලැබ, අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ යනු ජීවිතයාගේ නැසීම් වශයෙන් සියලු සත්ත්වයන් මැඩලනු ලබන හෙයින් මෘත්‍යුරාජ සංඛ්‍යාත මරණයට විෂයභූත වූ, භවත්රයය ඉක්මවන හෙයින් නොදැක්මට, අගෝචරත්වයට යන්නේය. මෙම වර්ගයෙහි යමක් නොකියන ලදද, එය යට කියන ලද ක්‍රමයමය.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච මහාවග්ගවණ්ණනා.
මහා වර්ග වර්ණනාව සමාප්තයි.