රෙවතසුත්තං
5. 7.
5. 7.
රෙවතසුත්තං
රේවත සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා කඞ්ඛාරෙවතො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො කඞ්ඛාවිතරණවිසුද්ධිං පච්චවෙක්ඛමානො. අද්දසා ඛො භගවා ආයස්මන්තං කඞ්ඛාරෙවතං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො කඞ්ඛාවිතරණවිසුද්ධිං පච්චවෙක්ඛමානං.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි කඞ්ඛාරේවත තෙරණුවෝ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලනුවෝ භාග්‍යවතුන්ට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලමින් නොදුරෙහි හුන් කඞ්ඛාරේවත තෙරුන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යා කාචි කඞ්ඛා ඉධ වා හුරං වා සකවෙදියා වා පරවෙදියා වා, ඣායිනො තා පජහන්ති සබ්බා ආතාපිනො බ්රහ්මචරියං චරන්තා”ති.
“මේ අත්බව්හි හෝ අතීතානාගත අත්බව්හි, සිය අත්බව් අරමුණු කොට පවත්නා හෝ මෙරමා අත්බව් අරමුණු කොට පවත්නා හෝ යම් සැකයෙක් වේ ද, ඒ සියල්ල කෙලෙස් තවන වැර ඇති, බඹසර සරන්නා වූ ධ්‍යානයෙහි ඇලුණාහු දුරැ ලති.”