යෙදුමෙන් කියවන්න

ආනන්‍දසුත‍්තං

5. 8.

5. 8.

ආනන්‍දසුත‍්තං

නන්‍ද සූත්‍රය (සඞ්ඝභේද)

1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ආනන්‍දො තදහුපොසථෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසි. අද‍්දසා ඛො දෙවදත‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දං රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තං, දිස‍්වාන යෙන ආයස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: අජ‍්ජතග‍්ගෙ දානාහං ආවුසො ආනන්‍ද, අඤ‍්ඤත්‍රෙව භගවතා අඤ‍්ඤත්‍ර භික‍්ඛුසඞ‍්ඝා උපොසථං කරිස‍්සාමි සඞ‍්ඝකම‍්මානි චා’ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “ඉධාහං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසිං. අද‍්දසා ඛො මං භන‍්තෙ දෙවදත‍්තො රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තං. දිස‍්වාන යෙනාහං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා මං එතදවොච: ‘අජ‍්ජතග‍්ගෙ දානාහං ආවුසො ආනන්‍ද, අඤ‍්ඤත්‍රෙව භගවතා අඤ‍්ඤත්‍ර භික‍්ඛුසඞ‍්ඝා උපොසථං කරිස‍්සාමි සඞ‍්ඝකම‍්මානි චා’ති. අජ‍්ජ භන‍්තෙ දෙවදත‍්තො සඞ‍්ඝං භින්‍දිස‍්සති උපොසථඤ‍්ච කරිස‍්සති සඞ‍්ඝකම‍්මානි චා’ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි අනඳ තෙරණුවෝ පොහොලත් එදින පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දිටී. දැක, අනඳ තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ අනඳ තෙරුනට ‘ඇවැත් අනඳය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි කී ය. එකල්හි අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ බතින් පසු, පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නෝ ය. එක් පසෙක හුන්නා වූ ම අනඳ තෙරණුවෝ ‘වහන්ස, මම් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන මෙහි රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන මා දෙව්දත් තෙර දිටී ය. දැක මා වෙත ආයේ ය. අවුත් මට “ඇවැත් අනඳ ය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම, පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි මට මෙය කී ය. වහන්ස, අද දෙව්දත් තෙම සඞ්ඝයා දෙකඩකට බිඳින්නේ ය, වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නේ යැ”යි සැළ කළහ.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූහ:

“සුකරං සාධුනා සාධු සාධු පාපෙන දුක‍්කරං, පාපං පාපෙන සුකරං පාපමරියෙහි දුක‍්කරං”ති.

“සත්පුරුෂයා විසින් හොඳ දැය සුව සේ කට හැකි ය. පවිටහු විසින් හොඳ දැය කරනු නො හැක්ක. පවිටා විසින් පව සුව සේ කට හැකි ය. ආර්‍ය්‍යයන් විසින් පව කරනු නො හැක්ක.”