සද්ධායමානසුත්තං
5. 9.
5. 9.
සද්ධායමානසුත්තං
සද්ධායමාන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන සම්බහුලා මාණවකා භගවතො අවිදූරෙ සද්ධායමානරූපා අතික්කමන්ති. අද්දසා ඛො භගවා සම්බහුලෙ මාණවකෙ අවිදූරෙ සද්ධායමානරූපෙ අතික්කමන්තෙ.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසමූහයක් හා කොසොල් රටැ සැරි සරන සේක. එ සමයෙහි වනාහි බොහෝ (බමුණු) තරුණයෝ මෙරමාට හෙලා තළා බස් දොඩන්නාහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන්හි ඉක්මැ යෙත්. භාග්‍යවතුන් වහන්සේ එසේ අනුනට හෙලා තළා බස් දොඩමින් යන ඒ බමුණු තරුණයන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
“පරිමුට්ඨා පණ්ඩිතාභාසා වාචාගොචරභාණිනො, යාවිච්ඡන්ති මුඛායාමං යෙන නීතා න තං විදූ”ති.
“මුළා සිහි ඇති, පණ්ඩිතප්රතිරූපක වූ, මුඛාරූඪ වූවක් ම කියන සුලු, යම් පමණට මුව ඇරීම කැමැති ද, එ පමණ ම කියන්නා වූ, මුළාසිහි ඇති බව් ආදි යමෙකින් මෙහෙයන ලද්දාහු ‘අපි මෙසේ නො සුදුසු බසක් ම කියමු’යි නො දනිත්.”