යෙදුමෙන් කියවන්න

පන්‍ථකසුත‍්තං

5. 10.

5. 10.

පන්‍ථකසුත‍්තං

පන්‍ථක සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා චුල‍්ලපන්‍ථකො භගවතො අවිදූරෙ නිසින‍්නො හොති, පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං චුල‍්ලපන්‍ථකං අවිදූරෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා.

1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි චුල්ලපන්‍ථක තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා, සිහිය අරමුණට යොමු කොට එළවා, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහි අරමුණට යොමු කොට තබා නොදුරෙහි හුන් චුල්ලපන්‍ථක තෙරුන් දුටු සේක.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“ඨිතෙන කායෙන ඨිතෙන චෙතසා තිට‍්ඨං නිසින‍්නො උද වා සයානො, එවං2 සතිං භික‍්ඛු අධිට‍්ඨහානො, ලභෙථ පුබ‍්බාපරියං විසෙසං. ලද‍්ධාන පුබ‍්බාපරියං විසෙසං අදස‍්සනං මච‍්චුරාජස‍්ස ගච‍්ඡෙ”ති.

“මනාව සිටි කයින්, සමාධිගත වැ සිටි සිතින්, සිටින්නේ හෝ හිඳින්නේ හෝ වැද හෝනේ මේ සිහිය ඉටන (මේ එළැඹ සිටි සිහියෙහි පිහිටා සිටුනා) මහණ තෙමේ (ශමථ විදර්‍ශනා වශයෙන්) පෙර පසු පවත්නා භාවනා විශේෂය ලබන්නේ ය. පෙර පසු විසින් පැවැති භාවනා මඟින් ලත් විශේෂ ධර්‍මය (රහත් බව) ලැබ මෘත්‍යුරාජයාගේ (මරණයාගේ) අදර්‍ශනයට (මරහුට ගොදුරු නොවන තැනට) යන්නේ ය.”

සොණවග‍්ගො පඤ‍්චමො.

පස්වන සෝණවර්‍ගය යි.

තස‍්සුද‍්දාන:

එහි උද්දානය:

රාජා අප‍්පායුකා කුට‍්ඨී කුමාරකා ච උපොසථො සොණො ච රෙවතො නන්‍දො සද‍්ධාය පන්‍ථකෙන චාති.

රාජ, අප්පායුක, කුට්ඨි, කුමාරක, උපෝසථ, සෝණ, රේවත, නන්‍ද, සද්ධ, පන්‍ථක යනු මෙහි සූත්‍රයෝ ය.