සොණසුත්තං
5. 6.
5. 6.
සොණසුත්තං
සෝණ සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකච්චායනො අවන්තීසු විහරති කුරරඝරෙ පවත්තෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මතො මහාකච්චානස්ස උපට්ඨාකො හොති. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ අවන්තිරට කුරරඝර නුවර සමීපයෙහි පවත්ත නම් පව්වෙහි වැඩ වසන සේක. එ කල්හි සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන්ගේ උපස්ථායක වෙයි. එකලැ වනාහි එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණකුටිකණ්ණ උපාසකයාට, “ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ යම් යම් සේ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහි ගෙයි වසන මා විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර රක්නට නො හැකි වේ, මම් කෙහෙරවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
2. අථ ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චායනං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. පබ්බාජෙතු මං භන්තෙ, අය්යො මහාකච්චායනො”ති.
2. ඉක්බිත්තෙන් සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් සෝණකුටිකණණ උපාසක තෙම මහකසයින් තෙරුන්ට “වහන්ස, මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය: “යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට ‘මේ සසුන බඹසර ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් වීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. වහන්ස, ආර්‍ය්‍ය වූ කසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
3. එවං වුත්තෙ ආයස්මා මහාකච්චායනො සොණං උපාසකං කුටිකණ්ණං එතදවොච: “දුක්කරං ඛො සොණ, යාවජීවං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං, ඉඞ්ඝ ත්වං සොණ, තත්ථෙව ආගාරිකභූතො සමානො බුද්ධානං සාසනං අනුයුඤ්ජ, කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං”ති. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො සො පටිපස්සම්භි.
3. මෙසේ කී කල්හි මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මෙය දුෂ්කර ය. එ බැවින් සෝණයෙනි, තෙපි එහි ගිහිව ම චාතුද්දසී පඤ්චදසී ආදි සුදුසු කාලය හා යෙදුණු එක්බත එකලා ශයනය බඹසර යන බුදුවරුන්ගේ ශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. එකල්හි සෝණ කුටිකණ්ණ උපාසකයාට, පැවිද්දට යම් උත්සාහයෙක් වී නම් එය සංසිඳිණ.
4. දුතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. දුතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. “පබ්බාජෙතු මං භන්තෙ, අය්යො මහාකච්චායනො”ති.
4. දෙවෙනි වරැ ද, හුදකලා වූ චිත්තවිවේකයෙහි යෙදුණු සෝණ කුටිකණ්ණ උපාසකයාට, “යම් යම් සේ ම ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, ඒ ඒ අයුරින් නුවණින් සලකා බලන මට “ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට මේ බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙස්රවුළු බා කසාවත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වන්නෙම් වීම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය. දෙවෙනි වරැ ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබට, “වහන්ස, යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහි ගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා දමා කසාවත් හැඳ පෙරෙව ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යී කී ය.
5. දුතියම්පි ඛො ආයස්මා මහාකච්චායනො සොණං උපාසකං කුටිකණ්ණං එතදවොච: “දුක්කරං ඛො සොණ, යාවජීවං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං. ඉඞ්ඝ ත්වං සොණ, තත්ථෙව අගාරිකභූතො සමානො බුද්ධානං සාසනං අනුයුඤ්ජ, කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං”ති. දුතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො සො පටිප්පස්සම්භි.
5. දෙවෙනි වර ද මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මේ දෑ දුෂ්කර ය. එබැවින් සෝණයෙනි, තෙපි එහි ගිහි ව ම සුදුසු කල් හා යෙදුණු එක්බත, එකලා ශයනය, බඹසර යන බුද්ධශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. දෙවෙනි වරැ ද සෝණ කුටිකණ්ණ උපාසකයාට, යම් පැවිද්දෙහි උත්සාහයෙක් වී නම්, එය සංසිඳුණේ ය.
6. තතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
6. තෙවෙනි වර ද එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණ උපාසකයාට, “යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට ශඞ්ඛලිඛිතය සේ කොට බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙහෙරවුළු බා කසා වත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වදනෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
තතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තානං මහාකච්චායනං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. “පබ්බාජෙතු මං භන්තෙ, අය්යො මහාකච්චායනො”ති.
තෙවෙනි වර ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් හෙතෙම ඒ තෙරුනට “වහන්ස, යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලීඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
7. අථ ඛො ආයස්මා මහාකච්චායනො සොණං උපාසකං කුටිකණ්ණං පබ්බාජෙසි. තෙන ඛො පන සමයෙන අවන්තිදක්ඛිණාපථො අප්පභික්ඛුකො හොති. අථ ඛො ආයස්මා මහාකච්චායනො තිණ්ණං වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතෙත්වා ආයස්මන්තං සොණං උපසම්පාදෙසි.
7. ඉක්බිත්තෙන් මහකසයින් තෙරණුවෝ සෝණ කුටිකණ්ණ උවසහු පැවිදි කළහ. එ සමයෙහි වනාහි අවන්ති දක්ෂිණාපථය කිහිප නමක් පමණක් භික්ෂූන් ඇත්තේ වේ. එ කල්හි මහකසයින් තෙරණුවෝ තුන් වසක් ඇවෑමෙන් දුකින් ආයාසයෙන් ඒ ඒ තැනින් දස නමක් වූ බික්සඟ මුළුවක් රැස් කොට ආයුෂ්මත් සෝණයන් උපසපන් කළහ.
8. අථ ඛො ආයස්මතො සොණස්ස වස්සං වුත්ථස්ස රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨො, අපි ච සුතො යෙව මෙ සො භගවා ‘ඊදිසො ච ඊදිසො චා’ති. සචෙ මං උපජ්ඣායො අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති.
8. ඉක්බිත්තෙන් වස් වැස නිමැ වූ, හුදකලා වූ චිත්තවිවේකයෙන් හුන්නා වූ ආයුෂ්මත් සොණයනට “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඇස් හමුයෙහි නො දක්නා ලද සේක් ම ය. එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ද මෙබඳු ද වන සේකැ යි ඇසූ පමණ ම ය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට මම් යන්නෙම් වා”යි චිත්ත සංකල්පනාවෙක් පහළ විය.
අථ ඛො ආයස්මා සොණො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි, “න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨො, අපි ච සුතො යෙව මෙ සො භගවා ඊදිසො ච ඊදිසො චා’ති. සචෙ මං උපජ්ඣායො අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධන්ති “සාධු සාධු, සොණ, ගච්ඡ ත්වං සොණ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණයෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු මහකසයින් තෙරුන් කරා එළඹියහ. එළැඹ මහකසයින් තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ආයුෂ්මත් සෝණයෝ මහකසයින් තෙරුනට “වහන්ස, මෙහි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය: “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඇස්හමුවෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු මෙබඳු වන සේකැ යි ඇසූ පමණ ම ය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදක්නා සේක් නම් ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට මම් යන්නෙම් වා”යි මෙය සැළ කළහ. “සෝණයෙනි, මැනැවි මැනැවි සෝණයෙනි, ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට තෙපි යවු.
9. දක්ඛිස්සසි ත්වං සොණ, තං භගවන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං උත්තමසමථදමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්රියං නාගං. දිස්වාන මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරඤ්ච පුච්ඡ: උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චායනො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරඤ්ච පුච්ඡතී”’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා සොණො ආයස්මතො මහාකච්චායනස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං මහාකච්චායනං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො භගවන්තං එතදවොච: “උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චායනො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරඤ්ච පුච්ඡතී”ති. කච්චි භික්ඛු ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි’සි අප්පකිලමථෙන අද්ධානං ආගතො? න ච පිණ්ඩකෙන කිලන්තොසී?”ති. ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන චාහං භන්තෙ, අද්ධානං ආගතො න ච පිණ්ඩකෙන කිලන්තොම්හී”ති.
9. සෝණයෙනි, තෙපි ප්‍රසාද එළවන්නාවූ, පැහැදීමට නිමිති වූ සංහුන් ඉඳුරන් ඇති, සංහුන් සිත් ඇති, උතුම් ශමථයට ද දමථයට ද පැමිණ සිටි, දාන්ත කායසමාචාර ඇති, රැකුණු වාක්සමාචාර ඇති, සංයත මනඉන්ද්රිය ඇති, නාග (ශ්‍රේෂ්ඨ) වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නහු ය. දැක මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ සිරිපා හිස නමා වඳින්න. ආබාධරහිත බව රෝග රහිත බව, ලහුට්ඨාන කායබලය සැප විහරණය ද විචාරන්න. වහන්ස, මාගේ උපාධ්‍යාය වු මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස නමා වඳිති. ආබාධරහිත බව රෝග රහිත බව ... කායබලය සැප විහරණය ද විචාරති”යි කියන්නැ යි මහකසයින් තෙරණුවෝ වදාළහ. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආයුෂ්මත් සෝණයෝ මහකසයින් තෙරුන්ගේ වචනය පිළිගෙන, සතුටු වැ හුනස්නෙන් නැගී සිට, මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ පැදකුණු කොට, සෙනසුන් සුරැකි කොට තබා, පාසිවුරු ගෙන සැවැත්නුවර බලා සැරිසරා වැඩියහ. පිළිවෙළින් සැරි සරනුවෝ, සැවැත්නුවරැ දෙව්රම් නම් අනේපිඬු අරමට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ආයුෂ්මත් සෝණයෝ, “වහන්ස, මාගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් මහකසයින්හු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස නමා වඳිති. ආබාධ නැති නියා, රෝග නැති නියා ද කායබලයද සුඛවිහරණය ද විචාරති”යි කීහ. “මහණ, සැහිය හැකි ද? යැපිය හැකි ද? මෙතෙක් දුර ආයාසයෙක් නැතිව ආයෙහි ද? අහරින් ක්ලාන්ත නො වූයෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්සේ, ඉවැසියැ හැකි යි. භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යි. වහන්ස, ක්ලාන්ත රහිත ව ද දික් මඟ ආමි. අහරින් ක්ලාන්ත නො වීමි’යි සෝණයෝ කීහ.
10. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉමස්සානන්ද ආගන්තුකස්ස භික්ඛුනො සෙනාසනං පඤ්ඤාපෙහී”ති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: යස්ස ඛො මං භගවා ආණාපෙති, ඉමස්සා’නන්ද, ආගන්තුකස්ස භික්ඛුනො සෙනාසනං පඤ්ඤාපෙහී’ති. ඉච්ඡති භගවා තෙන භික්ඛුනා සද්ධිං එකවිහාරෙ වත්ථුං. ඉච්ඡති භගවා ආයස්මතා සොණෙන සද්ධිං එකවිහාරෙ වත්ථුං, යස්මිං විහාරෙ භගවා විහරති තස්මිං විහාරෙ ආයස්මතො සොණස්ස සෙනාසනං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා බහුදෙවරත්තිං අබ්භොකාසෙ නිසජ්ජාය වීතිනාමෙත්වා පාදෙ පක්ඛාලෙත්වා විහාරං පාවිසි. ආයස්මා’පි ඛො සොණො බහුදෙවරත්තිං අබ්භොකාසෙ නිසජ්ජාය වීතිනාමෙත්වා පාදෙ පක්ඛාලෙත්වා විහාරං පාවිසි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං සොණං අජ්ඣෙසි, පටිභාතු තං භික්ඛු ධම්මො භාසිතුන්ති. එවං, භන්තෙ’ති ඛො ආයස්මා සොණො භගවතො පටිස්සුත්වා සොළස අට්ඨකවග්ගිකානි සබ්බානෙව සරෙන අභණි. අථ ඛො භගවා ආයස්මතො සොණස්ස සරභඤ්ඤපරියොසානෙ අබ්භනුමොදි: සාධු! සාධු! භික්ඛු, සුග්ගහිතානි භික්ඛු, සොළස අට්ඨකවග්ගිකානි සුමනසිකතානි සුපධාරිතානි, කල්යාණියාසි වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, කතිවස්සො’සි ත්වං භික්ඛූ?’ති. ‘එකවස්සො අහං භගවාති. කිස්ස පන ත්වං භික්ඛු එවං චිරං අකාසී?”ති. චිරදිට්ඨො මෙ භන්තෙ කාමෙසු ආදීනවො, අපි ච සම්බාධො ඝරාවාසො බහුකිච්චො බහුකරණීයො”ති.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “ආනන්දයෙනි, මේ ආගන්තුක භික්ෂු නමට සෙනසුන් පණවන්නැ’යි වදාළ සේක. එකල්හි අනඳතෙරුනට “ආනන්දයෙනි, මේ ආගන්තුක භික්ෂුනමට සෙනසුන් පණවන්නැ’යි භාග්‍යවතුන් වහන්සේ යමකු සඳහා මට අණවන සේක් ද, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු නම සමග එක් වෙහෙරෙහි ම වසන්නට කැමැති සේකැ”යි මේ සිත විය. ඉන් පසු අනඳ තෙරණුවෝ යම් වෙහෙරක භාග්‍යවතුන් වහන්සේ වසන සේක් ද, එ වෙහෙරෙහි ආයුෂ්මත් සොණයනට සෙනසුන් පැණැවූහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලා එළපහනෙහි හිඳීමෙන් කල් යවා, පා දෙව වෙහෙරට පිවිසි සේක. ආයුෂ්මත් සෝණයෝ ද රෑ බොහෝ වේලා එළිමහනැ හිඳීමෙන් කල් යවා, පා දොවා වෙහෙරට පිවිසියහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගී සිට ආයුෂ්මත් සෝණනයට ‘මහණ, දහමක් කියන්නට තොපට වැටහේවා (දහමක් දෙසවු’) යි වදාළ සේක. “එසේ ය වහන්සැ’යි ම ආයුෂ්මත් සෝණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී (සූත්‍රනිපාතයෙහි) අෂ්ටකවර්ගයට අයත් සියලු ම සොළොස් සූත්‍ර ස්වරභණ්යයෙන් කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණයන්ගේ ස්වරභණ්යවසානයෙහි මැනැව, මැනැව, මහණ අෂ්ටකවර්ගයට අයත් සොළොස් සූත්‍ර මොනොවට උගන්නා ලදී. මොනොවට මෙනෙහි කරන ලදි, අරුත් විසින් මොනොවට සලකා බලන ලදි. විමුක්ත වූ නිදොස් වූ අදහස් කළ අරුත් හඟවනු සමත් වූ කලණ වචනයෙන් සමන්විතයෙහි ය. මහණ, තෙපි, වස් කීයක් ඇත්තාව?”යි වදාළ සේක. වහන්ස, මම් එක්වස් ඇතියෙමි’යි සෝණයෝ කීහ. “මහණ, තෝ කවර හෙයින් මෙසේ පැවිදි වන්නට බොහෝ කල් යැවීහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, මා විසින් කාමයන්හි ආදීනව දක්නා ලද බොහෝ කල් විය. එහෙත් ගිහිගෙයි විසීම සම්බාධ ය, කෘත්යබහුල ය, කරණී බෙහෙව (එහෙයින් එයින් නික්මෙන්නට කල්ගත වී යැ”) යි සෝණයෝ කීහ.
11. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
11. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ.
“දිස්වා ආදීනවං ලොකෙ ඤත්වා ධම්මං නිරූපධිං, අරියො න රමතී පාපෙ පාපෙ න රමතී සුචී”ති.
“ආර්‍ය්‍ය තෙමේ සියලු සංස්කාර ලෝකයෙහි දොස් දැක, උපධිරහිත නිර්වාණධර්මය දැන, ස්වල්ප වු ද ලාමක දැයෙහි නො ඇලේ. පිරිසිදු පුගුල් තෙමේ කිලිටි දැයෙහි නො ඇලේ.”