6. සොණසුත්තවණ්ණනා අට්ඨකථා
6. සොණසුත්තවණ්ණනා
6. සොණ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අවන්තීසූති අවන්තිරට්ඨෙ. කුරරඝරෙති එවංනාමකෙ නගරෙ. පවත්තෙ පබ්බතෙති පවත්තනාමකෙ පබ්බතෙ. “පපාතෙ පබ්බතෙ”තිපි පඨන්ති. සොණො උපාසකො කුටිකණ්ණොති නාමෙන සොණො නාම, තීහි සරණගමනෙහි උපාසකභාවප්පටිවෙදනෙන උපාසකො, කොටිඅග්ඝනකස්ස කණ්ණපිළන්ධනස්ස ධාරණෙන “කොටිකණ්ණො”ති වත්තබ්බෙ “කුටිකණ්ණො”ති එවං අභිඤ්ඤාතො, න සුඛුමාලසොණොති අධිප්පායො . අයඤ්හි ආයස්මතො මහාකච්චායනස්ස සන්තිකෙ ධම්මං සුත්වා සාසනෙ අභිප්පසන්නො, සරණෙසු ච සීලෙසු ච පතිට්ඨිතො පවත්තෙ පබ්බතෙ ඡායූදකසම්පන්නෙ ඨානෙ විහාරං කාරෙත්වා ථෙරං තත්ථ වසාපෙත්වා චතූහි පච්චයෙහි උපට්ඨාති. තෙන වුත්තං – “ආයස්මතො මහාකච්චානස්ස උපට්ඨාකො හොතී”ති.
සවැන්නෙහි අවන්තීසු යනු අවන්ති රටෙහි, කුරරඝරෙ යන මෙනම් නගරයෙහි, පපාතෙ පබ්බතෙ, ප්‍රපාත නම් (පවත්ත) පර්වතයෙහි, සොණො උපාසකො කුටිකණ්ණො යනු නමිාන් සෝණනම් තිසරණ ගමනයෙන් උපාසක බැව් දැනුම්දීමෙන් උපාසක වූ, කෝටියක් අගනා පළඳනාවක් දැරීමෙන් කෝටිකණ්ණ යැයි කිවයුතු, කුටිකණ්ණ යැයි ප්‍රකට ළදරු කුමරෙකු වූ සෝණයැයි අදහසයි. මෙතෙම ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ගේ සමීපයෙහි දහම් අසා සස්නෙහි මනා ප්‍රසන්නතාවයට පත්වූයේ තිසරණයෙහිද, සරණ සිල්හිද පිහිටියේ පපාප පර්වතයෙහි සෙවන හා දිය යුත් තැනෙක විහාරයක් කරවා, තෙරුන් එහි වස්වා සිව්පසයෙන් උවටැන් කරයි. එහෙයින් ආයස්මතො මහා කච්චායනස්ස උපට්ඨාකො හොතියි යූ.සේයි. හෙතෙම කලින් කල තෙරුන්ගේ උවටැනට යයි. තෙරහු ඔහුට දම් දෙසයි. සංවේග බහුලව
සො කාලෙන කාලං ථෙරස්ස උපට්ඨානං ගච්ඡති. ථෙරො චස්ස ධම්මං දෙසෙති. තෙන සංවෙගබහුලො ධම්මචරියාය උස්සාහජාතො විහරති. සො එකදා සත්ථෙන සද්ධිං වාණිජ්ජත්ථාය උජ්ජෙනිං ගච්ඡන්තො අන්තරාමග්ගෙ අටවියං සත්ථෙ නිවිට්ඨෙ රත්තියං ජනසම්බාධභයෙන එකමන්තං අපක්කම්ම නිද්දං උපගඤ්ඡි. සත්ථො පච්චූසවෙලායං උට්ඨාය ගතො, න එකොපි සොණං පබොධෙසි, සබ්බෙපි විසරිත්වා අගමංසු. සො පභාතාය රත්තියා පබුජ්ඣිත්වා උට්ඨාය කඤ්චි අපස්සන්තො සත්ථෙනෙව ගතමග්ගං ගහෙත්වා සීඝං සීඝං ගච්ඡන්තො එකං වටරුක්ඛං උපගඤ්ඡි. තත්ථ අද්දස එකං මහාකායං විරූපදස්සනං ගච්ඡන්තං පුරිසං අට්ඨිතො මුත්තානි අත්තනො මංසානි සයමෙව ඛාදන්තං, දිස්වාන “කොසි ත්ව”න්ති පුච්ඡි. “පෙතොම්හි, භන්තෙ”ති. “කස්මා එවං කරොසී”ති. “අත්තනො පුබ්බකම්මෙනා”ති. “කිං පන තං කම්ම”න්ති. “අහං පුබ්බෙ භාරුකච්ඡනගරවාසී කූටවාණිජො හුත්වා පරෙසං සන්තකං වඤ්චෙත්වා ඛාදිං, සමණෙ ච භික්ඛාය උපගතෙ ‘තුම්හාකං මංසං ඛාදථා’ති අක්කොසිං, තෙන කම්මෙන එතරහි ඉමං දුක්ඛං අනුභවාමී”ති. තං සුත්වා සොණො අතිවිය සංවෙගං පටිලභි.
ධර්මචරියාවන්හි උත්සාහවත්ව නොවෙසේ. හෙතෙම එක් දිනක් ගැල් සමග වෙළඳාම සඳහා උදේනි නුවරට යන්නේ අතරමග කැලයෙහි ගැල් නැවැති කලැ රැයෙහි අනෙක් ජනතා පීඩා බියෙන් එක්පසක ඔවුන්ගෙන් ඉවත්ව නිද්‍රොපගත විය. ගැල් සාත්තුව ඉතා අලුයම නැගිට පිටත්ව ගියහ. එකෙකු හෝ සෝණ පිබිදවූයේ නැත. සියල්ලෝම ඔහු සිහි නොකොට ගියහ. හෙතෙම රැය පහන්වූ කල්හි පිබිද නැගිට කිසිවෙකු නොදක්නේ වෙළඳ පිරිස විසින්ම ගියමග ගෙන වහ වහා යනුයේ එක් නුග ගසක් කරා එළැඹියෝය. එහි එක් මහා විකෘති, විරූපී දර්ශනයක් වූ, ඇවිදින්නා වූ පුරුෂයෙකු තම ඇටවලින් මිදුනු තම මස් තෙමේම කන්නහු දිටීය. දැක නුඹ කවරෙක්දැයි විමසීය. ස්වාමීනි, ප්‍රේතයෙක් වෙමි. කුමක් හෙයින් මෙසේ කෙරෙහිද? තම පූර්වකර්මයෙනි. එම කර්මය කිමෙක්ද? මම පෙර භාරුකච්ඡනුවර වැසි කූට වෙළෙන්දෙක්ව අන් සන්තකය වංචාකොට කෑවෙමි. සමණහු පිඬු පිණිස එළැඹි කල්හි නුඹලාගේ මස් කව්යයි අපහාස කළෙමි. එ කමින් දැන් මෙදුක් අනුභව කරමි. එය අසා සොණ අතිශයින් සංවේගප්රාප්ත විය.
තතො පරං ගච්ඡන්තො මුඛතො පග්ඝරිතකාළලොහිතෙ ද්වෙ පෙතදාරකෙ පස්සිත්වා තථෙව පුච්ඡි. තෙපිස්ස අත්තනො කම්මං කථෙසුං. තෙ කිර භාරුකච්ඡනගරෙ දාරකකාලෙ ගන්ධවාණිජ්ජාය ජීවිකං කප්පෙන්තා අත්තනො මාතරි ඛීණාසවෙ නිමන්තෙත්වා භොජෙන්තියා ගෙහං ගන්ත්වා “අම්හාකං සන්තකං කස්මා සමණානං දෙසි, තයා දින්නං භොජනං භුඤ්ජනකසමණානං මුඛතො කාළලොහිතං පග්ඝරතූ”ති අක්කොසිංසු. තෙ තෙන කම්මෙන නිරයෙ පච්චිත්වා තස්ස විපාකාවසෙසෙන පෙතයොනියං නිබ්බත්තිත්වා තදා ඉමං දුක්ඛං අනුභවන්ති. තම්පි සුත්වා සොණො අතිවිය සංවෙගජාතො අහොසි.
ඉන් ඔබ්බට යනුයේ මුවින් වැගිරෙන කලු ලේ සහිත ප්‍රේත දරු දෙදෙනෙක් දැක එසේම විචාළේය. ඔව්හුද එසේම තම කර්මය කීහ. ඔවුහු වනාහි භාරුකච්ඡ නුවර ළදරු කල්හි භාණ්ඩ වෙළඳාමෙන් ජීවිකාව කරන්නාහු තම මව රහත්හු ආරාධනා කොට අනුභව කරවන්නී, ගෙට ගොස් අප සතු දෑ කවර හෙයින් ශ්‍රමණයන්ට දෙන්නෙහිද? නුඹ විසින් දෙන ලද බොජුන් අනුභව කරන ශ්‍රමණයන්ගේ මුවින් කළු ලේ වැගිරේවායි පරිභව කෙළෙමු. එම කර්මයෙන් නිරයෙහි පැසී, එහි සේසවිපාක වශයෙන් ප්‍රේත යෝනියෙහි ඉපිද එකල සිට මෙම දුක අනුභව කරමුයි කීහ. එයද අසා සෝණ අතිශයින් සංවේගයට පත්වූයේ විය.
සො උජ්ජෙනිං ගන්ත්වා තං කරණීයං තීරෙත්වා කුලඝරං පච්චාගතො ථෙරං උපසඞ්කමිත්වා කතපටිසන්ථාරො ථෙරස්ස තමත්ථං ආරොචෙසි. ථෙරොපිස්ස පවත්තිනිවත්තීසු ආදීනවානිසංසෙ විභාවෙන්තො ධම්මං දෙසෙසි. සො ථෙරං වන්දිත්වා ගෙහං ගතො සායමාසං භුඤ්ජිත්වා සයනං උපගතො ථොකංයෙව නිද්දායිත්වා පබුජ්ඣිත්වා සයනතලෙ නිසජ්ජ යථාසුතං ධම්මං පච්චවෙක්ඛිතුං ආරද්ධො. තස්ස තං ධම්මං පච්චවෙක්ඛතො, තෙ ච පෙතත්තභාවෙ අනුස්සරතො සංසාරදුක්ඛං අතිවිය භයානකං හුත්වා උපට්ඨාසි, පබ්බජ්ජාය චිත්තං නමි. සො විභාතාය රත්තියා සරීරපටිජග්ගනං කත්වා ථෙරං උපසඞ්කමිත්වා අත්තනො අජ්ඣාසයං ආරොචෙත්වා පබ්බජ්ජං යාචි. තෙන වුත්තං – “අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස…පෙ… පබ්බාජෙතු මං, භන්තෙ, අය්යො මහාකච්චානො”ති.
හෙතෙම උදේනි නුවරට ගොස්, එම කටයුතු අවසන්කොට, කුලගෙට ආපසු අවුත් තෙරුන් කරා එළැඹැ කළ පිළිසඳර ඇතියේ තෙරුන්ට එකරුණ සැළ කළේය. තෙරහුද ඔහුගේ ප්‍රවෘත්තිය අසා, ආදීනව හා අනුසස් විස්තර කරමින් දම් දෙසූය. හෙතෙම තෙරුන් වැඳ රෑ කෑම අනුභව කොට නින්දට එළැඹියේය. මදක් නිදා පිබිද ඇඳ මතුපිට හිඳ, ධර්මය ඇසූ පරිද්දෙන් මෙනෙහි කරන්ට පටන්ගති. ඔහුට එම ධර්මය මෙනෙහි කරන කල්හි, එම ප්‍රේතාත්මභාවයන් මෙනෙහි කරන කල්හි සසර දුක අතිශය භයානකව වැටහිණ. පැවිද්දට සිත නැමිණි. හෙතෙම පහන් වූ කලැ සිරුර පිළිදැගුම්කොට තෙරුන් කරා එළැඹ තම අදහස සැළකොට පැවිද්ද ඉල්වීය. එහෙයින් ‘අථඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස -පෙ- පබ්බාජෙතු මං භන්තෙ අය්යො මහා කච්චානොත යූ.සේයි.
තත්ථ යථා යථාතිආදීනං පදානං අයං සඞ්ඛෙපත්ථො – යෙන යෙන ආකාරෙන අය්යො මහාකච්චානො ධම්මං දෙසෙති ආචික්ඛති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති පකාසෙති, තෙන තෙන මෙ උපපරික්ඛතො එවං හොති, යදෙතං සික්ඛත්තයබ්රහ්මචරියං එකම්පි දිවසං අක්ඛණ්ඩං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිපුණ්ණං. එකදිවසම්පි කිලෙසමලෙන අමලිනං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිසුද්ධං. සඞ්ඛලිඛිතන්ති ලිඛිතසඞ්ඛසදිසං ධොතසඞ්ඛසප්පටිභාගං චරිතබ්බං. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්ත පරිපුණ්ණං…පෙ… චරිතුං යංනූනාහං කෙසෙ චෙව මස්සූනි ච ඔහාරෙත්වා වොරොපෙත්වා කාසායරසපීතතාය කාසායානි බ්රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්ථානි අච්ඡාදෙත්වා නිවාසෙත්වා චෙව පාරුපිත්වා ච අගාරස්මා නික්ඛමිත්වා අනගාරියං පබ්බජෙය්යං . යස්මා අගාරස්ස හිතං කසිවාණිජ්ජාදිකම්මං අගාරියන්ති වුච්චති, තඤ්ච පබ්බජ්ජාය නත්ථි, තස්මා පබ්බජ්ජා අනගාරියා නාම. තං අනගාරියං පබ්බජ්ජං පබ්බජෙය්යං උපගච්ඡෙය්යං, පටිපජ්ජෙය්යන්ති අත්ථො.
එහි යථා ආදී පදයන්ගේ මේ සංක්ෂේපාර්ථයි. යම් යම් ආකාරයකින් ආර්ය මහා කච්චාන තෙරහු ධර්මය දෙසයිද, කියයිද, පනවයිද, පිහිටුවයිද? විවරණය කරයිද? බෙදා දක්වයිද? නොගැඹුරු කෙරේද? ප්‍රකාශ කෙරේද? ඒ ඒ අයුරින් මවිසින් පරීක්ෂා කරන කල්හි, මෙසේ සිත් වේ. යම් ආකාර වූ එම ශික්ෂාත්රය සංඛ්‍යාත බ්‍රහ්මචර්යයෙහි එක්දිනක් හෝ අඛණ්ඩ කොට අවසන් සිත පැමිණවිය යුතු හෙයින් එකන්ත පරිපුණ්ණං යනු එක් දිනක් හෝ කෛල්ස මලින් පිරිසිදුකොට අවසන් සිත පැමිණවිය යුතු හෙයින් එකන්ත පරිසුද්ධං සංඛලිඛිතං යනු ලියවන ලද හක් ගෙඩියක් සමාන වූ හෝ, සෝදන ලද හක් ගෙඩියක් හා සමාන වූයේ, හැසිරිය යුතුය. මෙය පහසු නොවේ. අගාරං අජ්ඣාවසතා යනු ගිහිගෙය මැද වසන්නහු විසින් එකන්ත පරිපුණ්ණං -පෙ- චරිතුං යන්නූනාහං යනු කෙස් හා රැවුල් ඔහාය ඉවත්කොට, කහට රස පොවන ලද, කාසායානි බඹසර සරනවුන්ට සුදුසු වූ, වත්ථානි අච්ඡාදෙත්වා යනු හැඳ මෙන්ම පොරවා. අගාරස්මා ගිහිගෙන් නික්ම, අනගාරියං පබ්බජෙය්යං යනු ගිහිගෙට හිත වූ කෘෂි වණික් ආදී ක්‍රියා අගාරිය යැයි කියයි. එයද ප්රවෘජ්යාවෙහි නැත. එහෙයින් ප්‍රවෘජ්‍යාව අනගාරිය නමැ. එහි අනාගාර්ය ප්රවෘජ්යාවෙහි පබ්බජෙය්යං එළැඹෙන්නේ නම්, පිළිපදින්නේ නම් යයි අර්ථයි.
එවං අත්තනා රහොවිතක්කිතං සොණො උපාසකො ථෙරස්ස ආරොචෙත්වා තං පටිපජ්ජිතුකාමො “පබ්බාජෙතු මං, භන්තෙ, අය්යො මහාකච්චානො”ති ආහ. ථෙරො පන “තාවස්ස ඤාණපරිපාකං කථ”න්ති උපධාරෙත්වා ඤාණපරිපාකං ආගමයමානො “දුක්කරං ඛො”තිආදිනා පබ්බජ්ජාඡන්දං නිවාරෙසි.
මෙසේ තමා විසින් රහසින් සිතන ලද්ද, සෝණ උපාසක තෙමේ තෙරුන්ට සැළකොට එය පිළිපදිනු කැමැතියේ පබ්බාජෙථ මං භන්තෙ අය්යො මහා කච්චානොයි කීහ. තෙරහු නුවණ මේරීම කෙසේදැයි සලකා බලා නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වනුයේ දුක්කරංඛො යන ප්රවෘජ්යාවෙහි කැමැත්ත වැළැක්වීය.
තත්ථ එකභත්තන්ති “එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා”ති (දී· නි· 1.194; අ· නි· 3.71) එවං වුත්තං විකාලභොජනවිරතිං සන්ධාය වදති. එකසෙය්යන්ති අදුතියසෙය්යං. එත්ථ ච සෙය්යාසීසෙන “එකො තිට්ඨති, එකො ගච්ඡති, එකො නිසීදතී”තිආදිනා (මහානි· 7; 49) නයෙන වුත්තෙසු චතූසු ඉරියාපථෙසු කායවිවෙකං දීපෙති, න එකාකිනා හුත්වා සයනමත්තං. බ්රහ්මචරියන්ති මෙථුනවිරතිබ්රහ්මචරියං, සික්ඛත්තයානුයොගසඞ්ඛාතං සාසනබ්රහ්මචරියං වා. ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො. තත්ථෙවාති ගෙහෙයෙව. බුද්ධානං සාසනං අනුයුඤ්ජාති නිච්චසීලඋපොසථසීලාදිභෙදං පඤ්චඞ්ගඅට්ඨඞ්ගදසඞ්ගසීලං, තදනුරූපඤ්ච සමාධිපඤ්ඤාභාවනං අනුයුඤ්ජ. එතඤ්හි උපාසකෙන පුබ්බභාගෙ අනුයුඤ්ජිතබ්බං බුද්ධසාසනං නාම. තෙනාහ – “කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්රහ්මරිය”න්ති.
එහි එක භත්තං යනු ඒකභක්තිකයෙක් වේ. රාත්‍රී භෝජනයෙන් වෙන්වූයේ, නොකල්හි භෝජනයෙන් වෙන්වූයේ වේ. මෙසේ කියන ලද නොකල් බිඳීමෙන් වැළැක්ම සඳහා කියයි. එකසෙය්යං යනු දෙවැන්නෙක් රහිත සයනය. මෙහිද සයන ශිර්ෂයෙන් ‘එකෙක් සිටියි. එකෙක් යයි. එකෙක හිඳියි ආදී ක්‍රමයෙන් කියන ලද සිව් ඉරියාපථයන්හි කාය විවේකය දක්වයි. හුදෙකලා වී සයන මාත්‍රය නොවේ. බ්රහ්මචරියං යනු මෛථුන විරති බ්රහ්මචර්යයයි. ශික්ෂාත්රයයෙහි යෙදීම් සංඛ්‍යාත සාසන බ්රහ්මචර්යය හෝ වේ. ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතයි. තත්ථෙව යනු ගෘහයෙහිම, බුද්ධසාසනං අනුයුඤ්ජ නිත්‍ය සීල උපෝසථ සීලාදී භේද වූ, පංචාංග - අෂ්ඨාංග දසංග සීල හා එයට සුදුසු සමාධි ප්‍රඥා භාවනායෙහිම යෙදෙව. එය වනාහි උපාසකයා විසින් පූර්වභාගයෙහි යෙදිය යුතු බුදුසසුන් නමැ. එහෙයින් කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං යි වදාළහ.
තත්ථ කාලයුත්තන්ති චාතුද්දසීපඤ්චදසීඅට්ඨමීපාටිහාරියපක්ඛසඞ්ඛාතෙන කාලෙන යුත්තං, යථාවුත්තකාලෙ වා තුය්හං අනුයුඤ්ජන්තස්ස යුත්තං පතිරූපං සක්කුණෙය්යං, න සබ්බකාලං පබ්බජ්ජාති අධිප්පායො. සබ්බමෙතං ඤාණස්ස අපරිපක්කත්තා තස්ස කාමානං දුප්පහානතාය සම්මාපටිපත්තියං යොග්යං කාරාපෙතුං වදති, න පබ්බජ්ජාඡන්දං නිවාරෙතුං. පබ්බජ්ජාභිසඞ්ඛාරොති පබ්බජිතුං ආරම්භො උස්සාහො. පටිපස්සම්භීති ඉන්ද්රියානං අපරිපක්කත්තා, සංවෙගස්ස ච නාතිතික්ඛභාවතො වූපසමි. කිඤ්චාපි පටිපස්සම්භි, ථෙරෙන වුත්තවිධිං පන අනුතිට්ඨන්තො කාලෙන කාලං ථෙරං උපසඞ්කමිත්වා පයිරුපාසන්තො ධම්මං සුණාති. තස්ස වුත්තනයෙනෙව දුතියං පබ්බජ්ජාය චිත්තං උප්පජ්ජි, ථෙරස්ස ච ආරොචෙසි. දුතියම්පි ථෙරො පටික්ඛිපි. තතියවාරෙ පන ඤාණස්ස පරිපක්කභාවං ඤත්වා “ඉදානි නං පබ්බාජෙතුං කාලො”ති ථෙරො පබ්බාජෙසි, පබ්බජිතඤ්ච තං තීණි සංවච්ඡරානි අතික්කමිත්වා ගණං පරියෙසිත්වා උපසම්පාදෙසි. තං සන්ධාය වුත්තං – “දුතියම්පි ඛො සොණො…පෙ… උපසම්පාදෙසී”ති.
එහි කාලයුත්තං යනු තුදුස්වක, පසලොස්වක, අටවක (අමතර නිවාඩු දිනයන්හි) පුරාණ උත්සව පවත්වන කාල සීමාවන්හි ඇතුලත් කාලයෙන් යුත් කියන ලද කාලයෙහි හෝ නුඹට එසේ යෙදීම යෝග්‍යයයි. සුදුසුයි. හැකිවන්නේය. හැමකල්හි පැවිදි නොවිය යුතුයයි අර්ථයි. ඤාණයාගේ නොමේරූ හෙයින්, ඔහුට කාමයන් ප්රහාණය දුෂ්කර හෙයින්ද මනා ප්රතිපත්තියෙහි යෙදවීම කරවීමට කියයි. ප්‍රවෘජ්‍යා කැමැත්ත වැළැක්වීමට නොවේ. පබ්බජ්ජාභි සංඛාරො යනු පැවිදිවීමට පටන්ගැන්ම, උත්සාහය පටිප්පස්සම්හි යනු ඉන්ද්රියයන්ගේ නොමේරූ බැවින්, සංවේගයෙහිද ඉතා තීක්ෂණ භාවයක් නුවූ හෙයින් සන්සිඳිණ. කෙසේ හෝ සන්සිඳිණ. තෙරුන් විසින් කියන ලද ක්‍රම අනුව සිටිනුයේ, කලින් කල තෙරුන් කරා එළැඹ, ඇසුරු කරනුයේ දහම් අසයි. ඔහුට කියන ලද ක්‍රමයෙන්ම දෙවනුවද පැවිද්ද සඳහා සිතක් උපනි. එය තෙරුන්ට සැළ කළේය. දෙවනුවද තෙරුන් එය ප්‍රතික්ෂේප කළේය. තෙවන නුවණ මුහුකුරා ගිය බව දැන දැන් ඔහු පැවිදි කරන්ට කාලය යැයි සලකා තෙරහු ඔහු පැවිදි කළේය. පැවිදි වූවාහු වනාහි තෙවසරක් ඉක්මවා (උපසම්පදා විනය කර්මයට අවශ්‍ය) ගණය සොයා උපසම්පදා කරවිය. ඒ සඳහා දුතියම්පි ඛො සොණො -පෙ- උපසම්පාදෙසියි යූ.සේයි.
තත්ථ අප්පභික්ඛුකොති කතිපයභික්ඛුකො. තදා කිර භික්ඛූ යෙභුය්යෙන මජ්ඣිමදෙසෙ එව වසිංසු. තස්මා තත්ථ කතිපයා එව අහෙසුං , තෙ ච එකස්මිං නිගමෙ එකො, එකස්මිං ද්වෙති එවං විසුං විසුං වසිංසු. කිච්ඡෙනාති දුක්ඛෙන. කසිරෙනාති ආයාසෙන. තතො තතොති තස්මා තස්මා ගාමනිගමාදිතො. ථෙරෙන හි කතිපයෙ භික්ඛූ ආනෙත්වා අඤ්ඤෙසු ආනීයමානෙසු පුබ්බෙ ආනීතා කෙනචිදෙව කරණීයෙන පක්කමිංසු, කිඤ්චි කාලං ආගමෙත්වා පුන තෙසු ආනීයමානෙසු ඉතරෙ පක්කමිංසු. එවං පුනප්පුනං ආනයනෙන සන්නිපාතො චිරෙනෙව අහොසි, ථෙරො ච තදා එකවිහාරී අහොසි. දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතෙත්වාති තදා භගවතා පච්චන්තදෙසෙපි දසවග්ගෙනෙව සඞ්ඝෙන උපසම්පදා අනුඤ්ඤාතා. ඉතොනිදානඤ්හි ථෙරෙන යාචිතො පඤ්චවග්ගෙන සඞ්ඝෙන පච්චන්තදෙසෙ උපසම්පදං අනුජානි. තෙන වුත්තං – “තිණ්ණං වස්සානං…පෙ… සන්නිපාතෙත්වා”ති.
එහි අප්පභික්ඛුකො යනු ස්වල්ප භික්ෂූහු. එකල්හි භික්ෂූහු බොහෝසෙයින් මධ්‍යම දේශයෙහිම විසූහ. එහෙයින් එහි කිහිප දෙනෙක්ම වූහ. ඔවුහුද එක් නියම්ගමක එකෙකි. එක් නියම්ගමක දෙදෙනෙකියි මෙසේ වෙන් වෙන්ව විසූහ. කිච්ඡෙන යනු දුකින්, කසිරෙන යනු ආයාසයෙන්, තතො තතො යනු ඒ ඒ ගම් නියම්ගම් ආදියෙන් තෙරුන් විසින්, භික්ෂූන් කිහිප දෙනෙකු ගෙනවුත්, අනෙක් අය ගෙන එනු ලබන කල්හි පෙර ගෙන එන ලද්දවුන් කිසියම් කළයුතු දෙයක් සඳහා පිටත්ව ගියහ. ටික කලක් බලාපොරොත්තු වී නැවැත ඔවුන් ගෙන එනු ලබන කල්හි අනෙක් අය ගියහ. මෙසේ නැවත නැවත ගෙන ඒමෙන් එක්වීමෙන් ප්‍රමාදව වූයේය. තෙරහුද එකල්හි තනිව වස්නේ විය. දසවග්ගං භික්ඛු සංඝං සන්නිපාතෙත්වා යනු එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රත්‍යන්ත දේශයෙහිද දස වාර්ගික සඟනයෙන් උපසම්පදාව අනුදැන වදාළ සේක. මෙය හේතුකොට තෙරුන් විසින් අයදින ලදුයේ පස් වග සඟනයෙන් ප්‍රත්‍යන්ත දෙස්හි උපසම්පදාව අනුදැන වදාළේය. එහෙයින් තිණ්ණං වස්සානං -පෙ- සන්නිපාතෙවොයි යූ.සේයි.
වස්සංවුට්ඨස්සාති උපසම්පජ්ජිත්වා පඨමවස්සං උපගන්ත්වා වුසිතවතො. ඊදිසො ච ඊදිසො චාති එවරූපො ච එවරූපො ච, එවරූපාය නාමකායරූපකායසම්පත්තියා සමන්නාගතො, එවරූපාය ධම්මකායසම්පත්තියා සමන්නාගතොති සුතොයෙව මෙ සො භගවා. න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨොති එතෙන පුථුජ්ජනසද්ධාය එවං ආයස්මා සොණො භගවන්තං දට්ඨුකාමො අහොසි. අපරභාගෙ පන සත්ථාරා සද්ධිං එකගන්ධකුටියං වසිත්වා පච්චූසසමයං අජ්ඣිට්ඨො සොළස අට්ඨකවග්ගිකානි සත්ථු සම්මුඛා අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා අත්ථධම්මප්පටිසංවෙදී හුත්වා භණන්තො ධම්මූපසඤ්හිතපාමොජ්ජාදිමුඛෙන සමාහිතො සරභඤ්ඤපරියොසානෙ විපස්සනං පට්ඨපෙත්වා සඞ්ඛාරෙ සම්මසන්තො අනුපුබ්බෙන අරහත්තං පාපුණි. එතදත්ථමෙව හිස්ස භගවතා අත්තනා සද්ධිං එකගන්ධකුටියං වාසො ආණත්තොති වදන්ති.
වස්සං ඵුත්ථස්ස යනු උපසපන්වැ පළමු වස එළැඹ, වස් වැස නිමවූයේ, ඊදිසො ඊදිසො චාති යනු මෙබඳු වූ නාමකාය රූපකාය සම්පත්තියෙන් යුක්ත වූයේයැයි සුතො ස්වෙ මෙ සො භගවා න ඛො සො භගවා සම්මුඛා දිට්ඨො යනු ඉන් පෘථග්ජන භාවය සඳහා, මෙසේ ආයුෂ්මත් සොණ භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති වූයේ යැයිද පසුකල්හි වනාහි ශාස්තෲන් වහන්සේ සමග එක් ගඳකිළියෙහි වැස ඉතා අලුයම් කල්හි ආරාධනා ලැබූයේ සොළොස්, අෂ්ඨක වර්ගයන් ශාස්තෲන් වහන්සේ හමුයෙහි මනාසේ මෙනෙහි කොට, මෙනෙහි කොට සියල්ල සිතින් එක් අරමුණක පිහිටුවා, අර්ථ, ධර්ම ප්රතිසංවේදීව, දෙසනුයේ ධර්ම ස්පර්ශයෙන් හටගත් ප්රමොද්යාදී සුවයෙන් තැන්පත් වූයේ, හඬ නගා කීම් අවසානයෙහි විදර්ශනා පිහිටුවා සංස්කාරයන් සම්මර්ශනය කරනුයේ පිළිවෙලින් අර්හත්වයට පැමිණියේය. මේ සඳහාම මොහුට භාග්‍යවතුන් වහන්සේ සමග එක් ගඳකිළියෙහි වාසය අරඹන ලදැයි කියති.
කෙචි පනාහු – “න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨො”ති ඉදං රූපකායදස්සනමෙව සන්ධාය වුත්තන්ති. ආයස්මා හි සොණො පබ්බජිත්වාව ථෙරස්ස සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ඝටෙන්තො වායමන්තො අනුපසම්පන්නොව සොතාපන්නො හුත්වා උපසම්පජ්ජිත්වා “උපාසකාපි සොතාපන්නා හොන්ති, අහම්පි සොතාපන්නො, කිමෙත්ථ චිත්ත”න්ති උපරිමග්ගත්ථාය විපස්සනං වඩ්ඪෙත්වා අන්තොවස්සෙයෙව ඡළභිඤ්ඤො හුත්වා විසුද්ධිපවාරණාය පවාරෙසි . අරියසච්චදස්සනෙන හි භගවතො ධම්මකායො දිට්ඨො නාම හොති. වුත්තඤ්හෙතං –
සමහරු වනාහි මවිසින් ඒ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි නොදක්නා ලද්දෙමියි මෙම රූපකාය දර්ශනය සඳහාම කියන ලදැයි කීහ. ආයුෂ්මත් සෝණ පැවිදිවම තෙරුන් හමුයෙහි කමටහන් ගෙන උත්සාහ කරනුයේ ව්‍යායාම කරනුයේ, අනුපසම්පන්නවම සෝවාන් වී, උපසපන්වැ උපාසකවරුද සෝවාන් වෙති. මමද සෝවාන්මි. මෙහි විශේෂය කිමෙක්දැයි මතු මාර්ග සඳහා විදර්ශනා වඩා වස්කාලය තුළදීම ෂට් අභිඥාලාභියෙක්ව විශුද්ධි පවාරණයෙන් පවාරණය කළේය. ආර්ය සත්‍යය දර්ශනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මකාය දිටියේ නම් වේ. යූ.සේයි.
“යො ඛො, වක්කලි, ධම්මං පස්සති, සො මං පස්සති. යො මං පස්සති, සො ධම්මං පස්සතී”ති (සං· නි· 3.87).
වක්කලිය යමෙක් වනාහි ධර්මය දකීද, හෙතෙම මා දකියි. යමෙක් මා දකීද, හෙතෙම ධර්මය දකී.
තස්මාස්ස ධම්මකායදස්සනං පගෙව සිද්ධං, පවාරෙත්වා පන රූපකායං දට්ඨුකාමො අහොසීති.
එහෙයින් මොහුගේ ධර්මකාය දර්ශනය මුලදීම සිදුවිය. පවාරණය කොට රූපකාය දක්නා කැමැත්තේ වීය.
“සචෙ මං උපජ්ඣායො අනුජානාතී”තිපි පාඨො. “භන්තෙ”ති පන ලිඛන්ති. තථා “සාධු සාධු, ආවුසො සොණ, ගච්ඡ ත්වං, ආවුසො සොණා”තිපි පාඨො. “ආවුසො”ති පන කෙසුචි පොත්ථකෙසු නත්ථි. තථා “එවමාවුසොති ඛො ආයස්මා සොණො”තිපි පාඨො. ආවුසොවාදොයෙව හි අඤ්ඤමඤ්ඤං භික්ඛූනං භගවතො ධරමානකාලෙ ආචිණ්ණො. භගවන්තං පාසාදිකන්තිආදීනං පදානං අත්ථො හෙට්ඨා වුත්තොයෙව.
ඉදින් මා උපාධ්‍යාය තෙමේ අනුදනීදැයිද පාඨයි. භන්තෙ යනු ස්වාමීනි එසේම ඇවැත්නි සෝණය මැනැවි. මැනැවි ඇවැත්නි සෝණය, නුඹ යවයිද පාඨයි. ඇවැත්නි, නොමැනවැයි සමහර පොත්වල නැත. එසේම ඇවැත්නි යන්නද, ඇවැත්නි සෝණ යැයි යන්නද නැත. භික්ෂූන් අතර භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කල්හි ආවුසො වාදයම පුරුදුකොට ඇත. භගවන්තං පාසාදිකං යනාදී පදවල අර්ථය යට යූ.සේයි.
කච්චි භික්ඛු ඛමනීයන්ති භික්ඛු ඉදං තුය්හං චතුචක්කං නවද්වාරං සරීරයන්තං කච්චි ඛමනීයං, කිං සක්කා ඛමිතුං සහිතුං පරිහරිතුං, කිං දුක්ඛභාරො නාභිභවති. කච්චි යාපනීයන්ති කිං තංතංකිච්චෙසු යාපෙතුං ගමෙතුං සක්කා, න කඤ්චි අන්තරායන්ති දස්සෙති. කච්චිසි අප්පකිලමථෙනාති අනායාසෙන ඉමං එත්තකං අද්ධානං කච්චි ආගතොසි.
කච්චි භික්ඛු ඛමනීයං යනු භික්ෂුව මේ නුඹගේ සිව්සක්, නව දොරටු සහිත ශරීර යන්ත්‍රය කිමෙක්ද, ඉවසිය හැකිද? දරන්ට ඉවසන්ට පරිහරණය කරන්ට හැකිද? කිමෙක්ද දුක්බර මැඩ නොපවත්වයිද, කච්චි යාපනීයං යනු කිමෙක්ද, එම කෘත්‍ය ඇතිකල්හිද, යැපෙන්ට පවත්නට හැකිද, කිසි අනතුරක් නොමැතිදැයි දක්වයි. කච්චිසි අප්පකිලමථෙන යනු ආයාසයකින් තොරව මෙතෙක් දීර්ඝ මාර්ගය කෙසේ පැමිණියෙහිද?
එතදහොසීති බුද්ධාචිණ්ණං අනුස්සරන්තස්ස ආයස්මතො ආනන්දස්ස එතං “යස්ස ඛො මං භගවා”තිආදිනා ඉදානි වුච්චමානං චිත්තෙ ආචිණ්ණං අහොසි. එකවිහාරෙති එකගන්ධකුටියං. ගන්ධකුටි හි ඉධ විහාරොති අධිප්පෙතා. වත්ථුන්ති වසිතුං.
එතදහොසි බුදුවරුන්ගේ කලක් පුරුදු කරන ලද කටයුතු සරන්නා වූ ආයුෂ්මත් ආනන්දට එම යස්සඛො මං භගවා යමෙකු සඳහා භාග්‍යවතුන් වහන්සේ මට යනාදියෙන් දැන් කියනු ලබන දෑ සිතෙහි පුරුදු කරන ලද්දේ විය. එකවිහාරෙ යනු එක් ගඳකිළියෙහි, ගඳකිළිය වනාහි මෙහි විහාරයැයි අදහස් කරන ලදි. වත්ථුං යනු විසුමට,
නිසජ්ජාය වීතිනාමෙත්වාති එත්ථ යස්මා භගවා ආයස්මතො සොණස්ස සමාපත්තිසමාපජ්ජනෙ පටිසන්ථාරං කරොන්තො සාවකසාධාරණා සබ්බා සමාපත්තියො අනුලොමපටිලොමං සමාපජ්ජන්තො බහුදෙව රත්තිං…පෙ… විහාරං පාවිසි, තස්මා ආයස්මාපි සොණො භගවතො අධිප්පායං ඤත්වා තදනුරූපං සබ්බා තා සමාපත්තියො සමාපජ්ජන්තො “බහුදෙව රත්තිං…පෙ… විහාරං පාවිසී”ති කෙචි වදන්ති. පවිසිත්වා ච භගවතා අනුඤ්ඤාතො චීවරං තිරොකරණීයං කත්වාපි භගවතො පාදපස්සෙ නිසජ්ජාය වීතිනාමෙසි. අජ්ඣෙසීති ආණාපෙසි. පටිභාතු තං භික්ඛු ධම්මො භාසිතුන්ති භික්ඛු තුය්හං ධම්මො භාසිතුං උපට්ඨාතු ඤාණමුඛෙ ආගච්ඡතු, යථාසුතං යථාපරියත්තං ධම්මං භණාහීති අත්ථො.
නිසජ්ජාය වීතිනාමෙත්වා යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණගේ සමවත් සමවැදීමෙන් පිළිසඳර කරනුයේ ශ්‍රාවක සාධාරණ සියලු සමවත් අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් සමවදිනුයේ රාත්‍රී බොහෝ ගණනක් -පෙ- වෙහෙරට පිවිසියේය. එහෙයින් ආයුෂ්මත් සෝණද භාග්‍යවතුන් වහන්සේගේ අදහස් දැන එයට ගැලපෙන එම සියලු සමවත් සමවදිනුයේ රාත්‍රී බොහෝ ගණනක් -පෙ- විහාරයට පිවිසියේයයි සමහරු කියති. පිවිසද භාග්‍යවතුන් වහන්සේගේ අනුදැන්මෙන් සිවුර මුවහකොටද භාග්‍යවතුන් වහන්සේගේ පා පස හිඳීමෙන් කල්ගත කළේය. අජ්ඣෙසී යනු අණ කළේය. පටිභාතු තං භික්ඛු ධම්මො භාසිතුං යනු භික්ෂුව නුඹට ධර්මය දෙසන්ට වැටහේවා. නුවණ මතුවී ඒවා. අසන ලද පරිදි, හදාරන ලද පරිදි කියවයි අර්ථයි.
සොළස අට්ඨකවග්ගිකානීති අට්ඨකවග්ගභූතානි කාමසුත්තාදීනි සොළස සුත්තානි. සරෙන අභණීති සුත්තුස්සාරණසරෙන අභාසි, සරභඤ්ඤවසෙන කථෙසීති අත්ථො. සරභඤ්ඤපරියොසානෙති උස්සාරණාවසානෙ. සුග්ගහිතානීති සම්මා උග්ගහිතානි. සුමනසිකතානීති සුට්ඨු මනසි කතානි. එකච්චො උග්ගහණකාලෙ සම්මා උග්ගහෙත්වාපි පච්ඡා සජ්ඣායාදිවසෙන මනසි කරණකාලෙ බ්යඤ්ජනානි වා මිච්ඡා රොපෙති, පදපච්ඡාභට්ඨං වා කරොති, න එවමයං. ඉමිනා පන සම්මදෙව යථුග්ගහිතං මනසි කතානි. තෙන වුත්තං – “සුමනසිකතානීති සුට්ඨු මනසි කතානී”ති. සූපධාරිතානීති අත්ථතොපි සුට්ඨු උපධාරිතානි. අත්ථෙ හි සුට්ටු උපධාරිතෙ සක්කා පාළිං සම්මා උස්සාරෙතුං. කල්යාණියාසි වාචාය සමන්නාගතොති සිථිලධනිතාදීනං යථාවිධානවචනෙන පරිමණ්ඩලපදබ්යඤ්ජනපරිපුණ්ණාය පොරියා වාචාය සමන්නාගතො ආසි. විස්සට්ඨායාති විමුත්තාය. එතෙනස්ස විමුත්තවාදිතං දස්සෙති. අනෙලගළායාති එලා වුච්චති දොසො, තං න පග්ඝරතීති අනෙලගළා, තාය නිද්දොසායාති අත්ථො. අථ වා අනෙලගළායාති අනෙලාය ච අගළාය ච නිද්දොසාය අගළිතපදබ්යඤ්ජනාය, අපරිහීනපදබ්යඤ්ජනායාති අත්ථො. තථා හි නං භගවා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං කල්යාණවාක්කරණානං යදිදං සොණො කුටිකණ්ණො”ති (අ· නි· 1.206) එතදග්ගෙ ඨපෙසි. අත්ථස්ස විඤ්ඤාපනියාති යථාධිප්පෙතං අත්ථං විඤ්ඤාපෙතුං සමත්ථාය.
සොළස අට්ඨක වග්ගිකානි යනු අෂ්ඨක වර්ගයට ඇතුලත් කාමසූත්රාදී සොළොස් සූත්‍රයන්, සරෙන අභණි යනු සූත්‍රය උසුරුවා හඬනගා කීය. හඬනගා හා කීම් වශයෙන් කීයේයයි අර්ථයි. සරභඤ්ඤ පරියොසානෙ යනු උසුරුවීම් අවසනැ, සුග්ගහිතානි යනු මනාව ඉගෙන ගන්නා ලද, සුමනසිකතානි යනු මනාව මෙනෙහි කරන ලද, ඇතැමෙක් උගන්නා කලැ මනාව උගෙනද පසුව සජ්ඣායනා වශයෙන් මෙනෙහි කරන කල්හි ව්යඤ්ජනාක්සර හෝ නොමනාව නංවයි. පද, පසු නැසීම් හෝ කරයි. මෙතෙමේ එසේ නොවේ. මෙයින් මනාව උගත් පරිදි මෙනෙහි කරන ලද බව දක්වයි. එයින් සුමනසිකතානියි යූ.සේයි. මනාසේ මෙනෙහි කරන ලදුයේ සූපධාරිතානි යනු අර්ථ වශයෙන් මනාව විමසා බලන ලදුයේ, අර්ථයෙහි මනාව විමසා බැලූ කල්හි පාලි ධර්මය උසුරුවන්ට හැකිය. කල්‍යාණි යාසි වාචාය සමන්නාගතො යනු ලිහිල් හා ශබ්ද නගා කියවීම් ආදීන්ගේ නියමය පරිදි වචනයෙන් වටකුරු වූ, පද ව්‍යඤ්ජනයන්ගෙන් පිරුණු පුරවැසියන්ගේ වචනයෙන් (නාගරික) යුක්ත වූයේ විය. විස්සට්ඨාය යනු විමුක්ත වූ, මෙයින් මොහුගේ වචන මුදාහැරීම දක්වයි. අනෙළගලාය එළා යනු දෝසයයි. එය නොවැගිරේනුයි අනෙළගලායි. එම නිදොස් බැවිනැයි අර්ථයි. නොහොත් අනෙළගලාය යනු නිදොස් බැවින්ද, නොවැගිරීමෙන්ද, නිදොස් බැවින් නොගිලිහුන පද ව්‍යඤ්ජනයන්ගෙන්, නොපිරිහුන පද ව්‍යඤ්ජනයන්ගෙන් යැයි අර්ථයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ඔහු ‘මහණෙනි, යහපත් දේ කථාකරන මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර යම් ආකාර වූ සෝණ කුටිකණ්ණ භික්ෂුව වේද ඔහුම අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තැබීය. අත්ථස්ස විඤ්ඤාපනියා යනු අදහස් කරන ලද පරිදි අර්ථය හඟවන්ට සමත් ව,
කතිවස්සොති සො කිර මජ්ඣිමවයස්ස තතියකොට්ඨාසෙ ඨිතො ආකප්පසම්පන්නො ච පරෙසං චිරතරපබ්බජිතො විය ඛායති. තං සන්ධාය භගවා පුච්ඡතීති කෙචි, තං අකාරණං. එවං සන්තෙ සමාධිසුඛං අනුභවිතුං යුත්තො, එත්තකං කාලං කස්මා පමාදමාපන්නොති පුන අනුයුඤ්ජිතුං සත්ථා “කතිවස්සොසී”ති තං පුච්ඡති. තෙනෙවාහ – “කිස්ස පන ත්වං භික්ඛු එවං චිරං අකාසී”ති.
කති වස්සො යනු මධ්‍යම වයසෙහි තෙවන කොටසෙහි සිටියේ, ශක්ති සම්පන්න වූයේද අන්‍යයන්ට වඩා පැවිදි වී බොහෝකලක් ගතවූ ලෙසින් වැටහේ. එකරුණින් භාග්‍යවතුන් වහන්සේ විමසයි. සමහරු වනාහි එය නොකරුණි. මෙසේ ඇති කල්හි සමාධි සුව අනුභව කරන්ට සුදුසුය. මෙතෙක් කලක් කවර හෙයින් පමාවට පැමිණියෙහිදැයි, නැවත එහි යෙදවීමට ශාස්තෲන් වහන්සේ කෙතෙක් වස්දැයි ඔහුගෙන් විමසා වදාළේයැයි කියති. එහෙයින්ම කිස්ස ත්වං භික්ඛු එවං චිරං ආකාසියි කීහ.
තත්ථ කිස්සාති කිං කාරණා. එවං චිරං අකාසීති එවං චිරායි, කෙන කාරණෙන එවං චිරකාලං පබ්බජ්ජං අනුපගන්ත්වා අගාරමජ්ඣෙ වසීති අත්ථො. චිරං දිට්ඨො මෙති චිරෙන චිරකාලෙන මයා දිට්ඨො. කාමෙසූති කිලෙසකාමෙසු ච වත්ථුකාමෙසු ච. ආදීනවොති දොසො. අපි චාති කාමෙසු ආදීනවෙ කෙනචි පකාරෙන දිට්ඨෙපි න තාවාහං ඝරාවාසතො නික්ඛමිතුං අසක්ඛිං. කස්මා? සම්බාධො ඝරාවාසො උච්චාවචෙහි කිච්චකරණීයෙහි සමුපබ්යූළ්හො අගාරියභාවො. තෙනෙවාහ – “බහුකිච්චො බහුකරණීයො”ති.
එහි කිස්ස යනු කවර කරුණකින්ද, එවං චිරං අකාසි යන මෙසේ කල්ගත කෙළෙහිද? එකරුණින් මෙසේ බොහෝකලක් පැවිද්දට නොඑළඹ ගිහිගෙය මැද විසීදැයි අර්ථයි. චිර දිට්ඨො මෙ යනු බොහෝ කලෙකින් මවිසින් දක්නා ලදි. කාමෙසු යනු කෙලෙස් කාමයන්හිද වස්තුකාමයන්හිද, ආදීනවො යනු දොසයි. අපිච යනු කාමාදීනවයන් කිසියම් අයුරෙකින් දක්නා ලුදයේද එතෙක් මට ගෘහවාසයෙන් නික්මෙන්ට නොහැකි විය. කවර හෙයින්ද, සම්බාධො ඝරාවාසො යනු ලොකු කුඩා කළ යුතු කෘත්‍යයන්හි හටගන්නා ලද්දේ වේ. අක්‍රිය අභාවයද, (ක්‍රියාකාරී වීම). එහෙයින් බහුකිච්චො බහුකරණීයො යැයි කීහ.
එතමත්ථං විදිත්වාති කාමෙසු යථාභූතං ආදීනවදස්සිනො චිත්තං චිරායිත්වාපි න පතිට්ඨාති, අඤ්ඤදත්ථු පදුමපලාසෙ උදකබින්දු විය විනිවත්තතියෙවාති එතමත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති පවත්තිං නිවත්තිඤ්ච සම්මදෙව ජානන්තො පවත්තියං තන්නිමිත්තෙ ච න කදාචිපි රමතීති ඉදමත්ථදීපකං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු කාමයන්හි තත් වූ පරිදි ආදීනව දක්නාසුළු වූයේ සිත කල්ගත වීද නොපිහිටයි. ඒකාන්තයෙන් නෙළුම්පතෙහි දියබිඳුවක් මෙන් ඉවතට පෙරලේම යයි එකරුණ හැම අතින් දැන. ඉමං උදානං යනු පැවැත්ම නැවැත්ම මනාකොට දන්නේ පැවැත්මෙහි ඒ ඒ නිමිත්තෙහි කිසිකලෙකත් නොඇලේ යයි මෙකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
තත්ථ දිස්වා ආදීනවං ලොකෙති සබ්බස්මිං සඞ්ඛාරලොකෙ “අනිච්චො දුක්ඛො විපරිණාමධම්මො”තිආදිනා ආදීනවං දොසං පඤ්ඤාය පස්සිත්වා. එතෙන විපස්සනාවාරො කථිතො . ඤත්වා ධම්මං නිරුපධින්ති සබ්බූපධිපටිනිස්සග්ගත්තා නිරුපධිං නිබ්බානධම්මං යථාභූතං ඤත්වා නිස්සරණවිවෙකාසඞ්ඛතාමතසභාවතො මග්ගඤාණෙන පටිවිජ්ඣිත්වා. “දිස්වා ඤත්වා”ති ඉමෙසං පදානං “සප්පිං පිවිත්වා බලං හොති, සීහං දිස්වා භයං හොති, පඤ්ඤාය දිස්වා ආසවා පරික්ඛීණා හොන්තී”තිආදීසු (පු· ප· 208; අ· නි· 9.42-43) විය හෙතුඅත්ථතා දට්ඨබ්බා. අරියො න රමතී පාපෙති කිලෙසෙහි ආරකත්තා අරියො සප්පුරිසො අණුමත්තෙපි පාපෙ න රමති. කස්මා? පාපෙ න රමතී සුචීති සුවිසුද්ධකායසමාචාරාදිතාය විසුද්ධපුග්ගලො රාජහංසො විය උක්කාරට්ඨානෙ පාපෙ සංකිලිට්ඨධම්මෙ න රමති නාභිනන්දති. “පාපො න රමතී සුචි”න්තිපි පාඨො. තස්සත්ථො – පාපො පාපපුග්ගලො සුචිං අනවජ්ජං වොදානධම්මං න රමති, අඤ්ඤදත්ථු ගාමසූකරාදයො විය උක්කාරට්ඨානං අසුචිං සංකිලෙසධම්මංයෙව රමතීති පටිපක්ඛතො දෙසනං පරිවත්තෙති.
එහි දිස්වා ආදීනවං ලොකෙ යනු සියලු සංස්කාර ලෝකයෙහි අනිත්‍ය දුක්, පෙරැළෙන සුළුයැයි ආදී ක්‍රමයෙන් ආදීනවයද, දෝෂයද ප්‍රඥායෙන් දැක, එයින් විදර්ශනා වාරය කියන ලදි. ඤත්වා ධම්මං නිරූපධිං යනු සියලු උපධීන් අත්හළ හෙයින්, උපධි රහිත නිර්වාණ ධර්මය තත්වාකාරයෙන් දැන නිස්සරණ සංඛ්‍යාත නිවන පැහැදිලිකොට ස්වභාව වශයෙන් මාර්ග ඥානයෙන් ප්‍රතිවේධකොට, දිස්වා, ඤත්වා යන මෙම පදයන්ට ‘ගිතෙල් බී ශක්තිමත් වේ’ සිංහයෙකු දැක බිය වේ. ප්‍රඥායෙන් දැක ආශ්‍රව මනාව ක්ෂය වූවාහු වෙති. ආදීන්හි මෙන් හේත්වර්ථය දතයුතුය. අරියො නරමති පාපෙ යනු කෙලෙසුන්ගෙන් දුර වූ හෙයින්ද, ආර්ය සත්පුරුෂ තෙමේ ස්වල්පමාත්‍ර වූද පාපයෙහි නො ඇලේ. කවර හෙයින්ද, පාපෙ න රමති සුචි යනු සුපිරිසිදු කායික හැසිරීම් හෙයින් පිරිසිදු පුද්ගලයා රාජහංසයෙකු මෙන් අපවිත්‍ර තන්හි පාපයෙහි කිළිටි ස්වභාවයෙහි නො ඇලේ. සතුටු නොවේ. පාපො නරමති සුචිං යනුද පාඨයි. එහි අර්ථය පාපී පාප පුද්ගලයා පිරිසිදු නිරවද්‍ය පිරිසිදු ධර්මයන්හි නොඇලේ. ඒකාන්තයෙන් ගම්ඌරු ආදීන් මෙන් අපවිත්‍ර තැන්හි, අපවිත්‍ර කිලිටි සහිත ධර්මයෙහිම ඇලේයයි ප්රතිපක්ෂ වශයෙන් දේශනය පෙරළයි.
එවං භගවතා උදානෙ උදානිතෙ ආයස්මා සොණො උට්ඨායාසනා භගවන්තං වන්දිත්වා අත්තනො උපජ්ඣායස්ස වචනෙන පච්චන්තදෙසෙ පඤ්චවග්ගෙන උපසම්පදාදිපඤ්චවත්ථූනි යාචි. භගවාපි තානි අනුජානීති තං සබ්බං ඛන්ධකෙ (මහාව· 242 ආදයො) ආගතනයෙන වෙදිතබ්බං.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ උදන් ඇනූ කල්හි ආයුෂ්මත් සෝණ අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ උපාධ්‍යායන්ගේ වචනයෙන් ප්‍රත්‍යන්ත දේශයෙහි පංචවර්ගික සංඝයාගෙන් උපසම්පදාදී පංචවස්තූන් ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේද ඒවා අනුදැන වදාළේ යයි ඒ සියල්ල ඛන්ධකයෙහි ආ ක්‍රමයෙන් දතයුතුය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සයවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.