යෙදුමෙන් කියවන්න

5. උපොසථසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

5. උපොසථසුත‍්තවණ‍්ණනා

5. උපොසථ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ තදහූති තස‍්මිං අහනි තස‍්මිං දිවසෙ. උපොසථෙති එත්‍ථ උපවසන‍්ති එත්‍ථාති උපොසථො, උපවසන‍්තීති සීලෙන වා අනසනෙන වා උපෙතා හුත්‍වා වසන‍්තීති අත්‍ථො. අයඤ‍්හි උපොසථසද‍්දො “අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසාමී”තිආදීසු (අ· නි· 3.71; 10.46) සීලෙ ආගතො. “උපොසථො වා පවාරණා වා”තිආදීසු (මහාව· 155) පාතිමොක‍්ඛුද‍්දෙසාදිවිනයකම‍්මෙ. “ගොපාලකූපොසථො නිගණ‍්ඨූපොසථො”තිආදීසු (අ· නි· 3.71) උපවාසෙ. “උපොසථො නාම නාගරාජා”තිආදීසු (දී· නි· 2.246) පඤ‍්ඤත‍්තියං. “අජ‍්ජුපොසථො පන‍්නරසො”තිආදීසු (මහාව· 168) දිවසෙ. ඉධාපි දිවසෙයෙව දට‍්ඨබ‍්බො, තස‍්මා “තදහුපොසථෙ”ති තස‍්මිං උපොසථදිවසභූතෙ අහනීති අත්‍ථො. නිසින‍්නො හොතීති මහාභික‍්ඛුසඞ‍්ඝපරිවුතො ඔවාදපාතිමොක‍්ඛං උද‍්දිසිතුං නිසින‍්නො හොති. නිසජ‍්ජ පන භික‍්ඛූනං චිත‍්තානි ඔලොකෙන‍්තො එකං දුස‍්සීලපුග‍්ගලං දිස‍්වා, “සචාහං ඉමස‍්මිං පුග‍්ගලෙ ඉධ නිසින‍්නෙයෙව පාතිමොක‍්ඛං උද‍්දිසිස‍්සාමි, සත‍්තධාස‍්ස මුද‍්ධා ඵලිස‍්සතී”ති තස‍්මිං අනුකම‍්පාය තුණ‍්හීයෙව අහොසි.

පස්වැන්නෙහි තදහු යනු එම දිනයෙහි, උපොසථෙ යන මෙහි වසත්නුයි උපොසථොයි. සීළයෙන් හෝ ආහාර නොගැනීමෙන් යුක්තව වෙසෙත් යයි අර්ථයි. මෙම උපොසථ ශබ්දය ‘අංග අටකින් යුක්ත උපෝසථය වාසය කරමියි ආදී තන්හි - සීලයෙහි ආයේය. උපොසථය හෝ පවාරණය හෝ ආදීන්හි පාමොක් උදෙසීමාදී විනය කර්මයෙහි, ගෝපාලක උපොසථය, නිඝණ්ඨ උපොසථය ආදීන්හි උපවාසයෙහි උපොසථ නාරජු ආදීන්හි ප්‍රඥප්තියෙහි, අද පසළොස්වක පොහොයයි ආදී තන්හි දිනයෙහි, මෙහිද දිනයෙහිම දතයුතුය. එහෙයින් තදනුපොසථෙ යනු එම උපොසථ දිනය වූ, දිනයෙහි යයි අර්ථයි. නිසින්නො හොති යනු මහ බික්සඟ පිරිවරන ලදුයේ අවවාද ප්‍රාතිමෝක්‍ෂය උදෙසන්ට වැඩහුන්නේම වේ. හිඳ, භික්‍ෂූන්ගේ සිත් බලනුයේ එක් දුසිල් භික්‍ෂුවක් දැක, ඉදින් මම මෙම පුද්ගලයා මෙහි හුන්නේම පාමොක් උදෙසන්නෙමි නම් මොහුගේ හිස්මුදුන සත්කඩකට පැලෙන්නේ යයි ඔහු කෙරෙහි අනුකම්පාවෙන් නිහඬව වූ සේක.

එත්‍ථ ච උද‍්ධස‍්තං අරුණන‍්ති අරුණුග‍්ගමනං වත්‍වාපි “උද‍්දිසතු, භන‍්තෙ භගවා, භික‍්ඛූනං පාතිමොක‍්ඛ”න‍්ති ථෙරො භගවන‍්තං පාතිමොක‍්ඛුද‍්දෙසං යාචි තස‍්මිං කාලෙ “න, භික‍්ඛවෙ, අනුපොසථෙ උපොසථො කාතබ‍්බො”තිසික‍්ඛාපදස‍්ස (මහාව· 183) අපඤ‍්ඤත‍්තත‍්තා. අපරිසුද‍්ධා, ආනන්‍ද, පරිසාති තික‍්ඛත‍්තුං ථෙරෙන පාතිමොක‍්ඛුද‍්දෙසස‍්ස යාචිතත‍්තා අනුද‍්දෙසස‍්ස කාරණං කථෙන‍්තො “අසුකපුග‍්ගලො අපරිසුද‍්ධො”ති අවත්‍වා “අපරිසුද‍්ධා, ආනන්‍ද, පරිසා”ති ආහ. කස‍්මා පන භගවා තියාමරත‍්තිං තථා වීතිනාමෙසි? තතො පට‍්ඨාය ඔවාදපාතිමොක‍්ඛං අනුද‍්දිසිතුකාමො තස‍්ස වත්‍ථුං පාකටං කාතුං.

මෙහිද උද්ධතං අරුණං යනු අරුණෝද්ගමනයට පැමිණ, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ප්‍රාතිමෝක්‍ෂය උදෙසන සේක්වා’යි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් පාමොක් උදෙසීම යාඥා කළේය. එකල්හි ‘මහණෙනි, අනුපෝසථයන්හි උපෝසථය නොකටයුතුයැයි ශික්‍ෂාපද (යාගේ) නොපනවන ලද හෙයින් ‘ආනන්දය, පිරිස අපිරිසිදු යයි’ තෙවරක් තෙරුන් විසින් පාමොක් උදෙසීමට යාඥා කරන ලද්දේ වී නමුත් නොදෙසීමට හේතු දෙසනුයේ අසවල් පුද්ගලයා අපිරිසිදුයයි නොවදාරා, ආනන්දය පිරිස අපිරිසිදුයැයි වදාළේය. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ තුන්යම් රැයක් එසේ කල්ගත කෙළෙහිද? එතැන් පටන් අවවාද ප්‍රාතිමෝක්‍ෂය නොදෙසනු කැමැත්තේ එහි හේතුව ප්‍රකට කිරීමටය.

අද‍්දසාති කථං අද‍්දස. අත‍්තනො චෙතොපරියඤාණෙන තස‍්සං පරිසති භික‍්ඛූනං චිත‍්තානි පරිජානන‍්තො තස‍්ස මොඝපුරිසස‍්ස දුස‍්සීල්‍යචිත‍්තං පස‍්සි. යස‍්මා පන චිත‍්තෙ දිට‍්ඨෙ තංසමඞ‍්ගීපුග‍්ගලො දිට‍්ඨො නාම හොති, තස‍්මා “අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං දුස‍්සීල”න‍්තිආදි වුත‍්තං . යථෙව හි අනාගතෙ සත‍්තසු දිවසෙසු පවත‍්තමානං පරෙසං චිත‍්තං චෙතොපරියඤාණලාභී ජානාති, එවං අතීතෙපීති. දුස‍්සීලන‍්ති නිස‍්සීලං, සීලවිරහිතන‍්ති අත්‍ථො. පාපධම‍්මන‍්ති දුස‍්සීලත‍්තා එව හීනජ‍්ඣාසයතාය ලාමකසභාවං. අසුචින‍්ති අපරිසුද‍්ධෙහි කායකම‍්මාදීහි සමන‍්නාගතත‍්තා න සුචිං. සඞ‍්කස‍්සරසමාචාරන‍්ති කිඤ‍්චිදෙව අසාරුප‍්පං දිස‍්වා “ඉදං ඉමිනා කතං භවිස‍්සතී”ති එවං පරෙසං ආසඞ‍්කනීයතාය සඞ‍්කාය සරිතබ‍්බසමාචාරං, අථ වා කෙනචිදෙව කරණීයෙන මන‍්තයන‍්තෙ භික‍්ඛූ දිස‍්වා “කච‍්චි නු ඛො ඉමෙ මයා කතකම‍්මං ජානිත්‍වා මන‍්තෙන‍්තී”ති අත‍්තනොයෙව සඞ‍්කාය සරිතබ‍්බසමාචාරං.

අද්දසා යනු කෙසේ දුටුයෙහිද? තම චෙතො පරියඥානයෙන්, එම පිරිසෙහි භික්‍ෂූන්ගේ සිත් මනාව දන්නේ එම හිස් පුරුෂයාගේ දුසිල් සිත දුටු සේක. සිත දුටු කල්හි ඒ හා සමග යුත් පුද්ගලයා දුටුයේ නම් වේ. එහෙයින් අද්දසා ඛො ආයස්මා මහා මොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං යි ආදිය යූ.සේයි. අනාගතයෙහි සත්දිනක් පවත්නා අන්‍යයන්ගේ සිත් චෙතොපරිය ඥානලාභියා දැනගනී. අතීතයෙහිද මෙසේය. දුස්සීලං සිල් නොමැති. සිල් විරහිත යයි අර්ථයි. පාපධම්මං යනු දුසිල් හෙයින්ම පහත් අදහස් ස්වභාවය බැවින් ලාමක ස්වභාවයයි. අසුචිං යනු අපිරිසිදු කාය කර්මාදීන්ගෙන් යුක්ත වූ හෙයින් පිරිසිදු නොවේ. සංකස්සර සමාචාරං යනු කිසියම් නොගැලපෙන දෙයක් දැක මෙය මොහු විසින් කරන ලද්දේ වන්නේ යයි මෙසේ අන්‍යයාගේ නියත සැකයෙන් සිහි කළයුතු හැසිරීම්, නොහොත් කිසියම් කළයුතු දෙයක් සාකච්ඡා කරන කල්හි, භික්‍ෂුවක් දැක කිමෙක්දෝ හෝ මොව්හු මවිසින් කළ ක්‍රියාවක් දැක සාකච්ඡා කෙරෙත් යයි තමා කෙරෙහිම සැකයෙන් සිහි කළයුතු හැසිරීම්,

ලජ‍්ජිතබ‍්බතාය පටිච‍්ඡාදෙතබ‍්බකාරණතො පටිච‍්ඡන‍්නං කම‍්මන‍්තං එතස‍්සාති පටිච‍්ඡන‍්නකම‍්මන‍්තං. කුච‍්ඡිතසමණවෙසධාරිතාය න සමණන‍්ති අස‍්සමණං. සලාකග‍්ගහණාදීසු “කිත‍්තකා සමණා”ති ච ගණනාය “අහම‍්පි සමණොම‍්හී”ති මිච‍්ඡාපටිඤ‍්ඤාය සමණපටිඤ‍්ඤං. අසෙට‍්ඨචාරිතාය අබ්‍රහ‍්මචාරිං. අඤ‍්ඤෙ බ්‍රහ‍්මචාරිනො සුනිවත්‍ථෙ සුපාරුතෙ සුපත‍්තධරෙ ගාමනිගමාදීසු පිණ‍්ඩාය චරිත්‍වා ජීවිකං කප‍්පෙන‍්තෙ දිස‍්වා අබ්‍රහ‍්මචාරී සමානො සයම‍්පි තාදිසෙන ආකාරෙන පටිපජ‍්ජන‍්තො උපොසථාදීසු සන්‍දිස‍්සන‍්තො “අහම‍්පි බ්‍රහ‍්මචාරී”ති පටිඤ‍්ඤං දෙන‍්තො විය හොතීති බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤං. පූතිනා කම‍්මෙන සීලවිපත‍්තියා අන‍්තො අනුපවිට‍්ඨත‍්තා අන‍්තොපූතිං. ඡහි ද‍්වාරෙහි රාගාදිකිලෙසවස‍්සනෙන තින‍්තත‍්තා අවස‍්සුතං. සඤ‍්ජාතරාගාදිකචවරත‍්තා සීලවන‍්තෙහි ඡඩ‍්ඩෙතබ‍්බත‍්තා ච කසම‍්බුජාතං. මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නන‍්ති සඞ‍්ඝපරියාපන‍්නො විය භික‍්ඛුසඞ‍්ඝස‍්ස අන‍්තො නිසින‍්නං. දිට‍්ඨොසීති අයං පන න පකතත‍්තොති භගවතා දිට‍්ඨො අසි. යස‍්මා ච එවං දිට‍්ඨො, තස‍්මා නත්‍ථි තෙ තව භික‍්ඛූහි සද‍්ධිං එකකම‍්මාදිසංවාසො. යස‍්මා පන සො සංවාසො තව නත්‍ථි, තස‍්මා උට‍්ඨෙහි, ආවුසොති එවමෙත්‍ථ පදයොජනා වෙදිතබ‍්බා.

ලජ්ජා විය යුතු හෙයින්ද සඟවා තැබීමට හේතුවන හෙයින්ද, වැසුණු කර්ම එයටනුයි පටිච්ඡන්න කම්මන්තො යි. එය පිළිකුල් ශ්‍රමණ වෙස් දරන ලද හෙයින් ශ්‍රමණයෙක් නොවේනුයි අස්සමණං යි. සීට්ටු ගැනීම් ආදියෙහිදී, කෙතෙක් සමනහුදැයි ගණන් කිරීමෙහිදී, මමද ශ්‍රමණයෙක් වෙමියි මිථ්‍යා ප්‍රතිඥාවෙන් ශ්‍රමණ ප්‍රතිඥාව, ශ්‍රේෂ්ඨ නුවූ චරිතයෙන් අබ්‍රහ්මචාරියි. අනෙක් සබ්‍රහ්මචාරීහු, මනාව හැඳ, මනාව පොරවා, මනා පාත්‍ර දරමින්, ගම් නියම්ගම්හි පිඬු පිණිස හැසිර ජීවිකාව ගතකරන්නහු දැක, අබ්‍රහ්මචාරී වූයේම, තෙමේද එවැනි ආකාරයෙන්, පිළිපදිනුයේ උපොසථාදීන්හිද, දෘෂ්‍යමාන වනුයේ, මම ද බ්‍රහ්මචාරී යැයි ප්‍රතිඥා දෙන්නාක් මෙන් වේයයි බ්‍රහ්මචාරී පටිඤ්ඤංයි. කුණු වූ කර්මයෙන් සීල විපත්තියෙහි ඇතුලට මනාව පිවිසි හෙයින් අනෙතාපූතිං යි. ෂට් ද්වාරයන්ගෙන් රාගාදී කෙලෙස් වර්ෂාවෙන් තෙත්වූ හෙයින් අවස්සුතංයි හටගත් රාගාදී කසල හෙයින් සිල්වන්තයින් විසින් හැරදැමිය යුතු හෙයින්ද කසම්බුජාතං යි. මජ්ඣෙ භික්ඛු සංඝස්ස නිසින්නං යනු සංඝයාට ඇතුලත් වූවෙකු මෙන් බික් සඟ ඇතුලත හුන්නේ, දිට්ඨොසි යනු මොහු වනාහි ප්‍රකෘති තත්ත්වයෙන් නුවූයේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දේ විය. යම්හෙයකින් දක්නා ලද්දේ ද, එහෙයින් නැත. තෙ තොපට භික්‍ෂූන් සමග එක්ව විනයකර්මාදී එක්වීමක් නැත. එම සංවාසය තොපට නැද්ද, එහෙයින් ඇවැත්නි නැගිටුවයි මෙසේ මෙහි පද යෙදීම දතයුත්තාහ.

තතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසීති අනෙකවාරං වත්‍වාපි ථෙරො “සයමෙව නිබ‍්බින‍්නො ඔරමිස‍්සතී”ති වා, “ඉදානි ඉමෙසං පටිපත‍්තිං ජානිස‍්සාමී”ති වා අධිප‍්පායෙන තුණ‍්හී අහොසි. බාහායං ගහෙත්‍වාති භගවතා මයා ච යාථාවතො දිට‍්ඨො, යාවතතියං උට‍්ඨෙහීති වුත‍්තො න උට‍්ඨාති, “ඉදානිස‍්ස නික‍්කඩ‍්ඪනකාලො මා සඞ‍්ඝස‍්ස උපොසථන‍්තරායො අහොසී”ති තං බාහායං අග‍්ගහෙසි, තථා ගහෙත්‍වා. බහිද‍්වාරකොට‍්ඨකා නික‍්ඛාමෙත්‍වාති ද‍්වාරකොට‍්ඨකසාලතො බහි නික‍්ඛාමෙත්‍වා. බහීති පන නික‍්ඛාමිතට‍්ඨානදස‍්සනං, අථ වා බහිද‍්වාරකොට‍්ඨකාති බහිද‍්වාරකොට‍්ඨකතොපි නික‍්ඛාමෙත්‍වා, න අන‍්තොද‍්වාරකොට‍්ඨකතො, එවං උභයථාපි විහාරතො බහි කත්‍වාති අත්‍ථො. සූචිඝටිකං දත්‍වාති අග‍්ගළසූචිඤ‍්ච උපරිඝටිකඤ‍්ච ආදහිත්‍වා, සුට‍්ඨුතරං කවාටං ථකෙත්‍වාති අත්‍ථො. යාව බාහාගහණාපි නාමාති ඉමිනා “අපරිසුද‍්ධා, ආනන්‍ද, පරිසා”ති වචනං සුත්‍වා එව හි තෙන පක‍්කමිතබ‍්බං සියා, එවං අපක‍්කමිත්‍වා යාව බාහාගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස‍්සතීති අච‍්ඡරියමිදන‍්ති දස‍්සෙති. ඉදම‍්පි ගරහණච‍්ඡරියමෙවාති වෙදිතබ‍්බං.

තතියම්පි සො පුග්ගලො තුණ්හී අහොසි යනු නොයෙක් වර කියාද, තෙරහු තෙමේම කළකිරුනේ ඉවත්ව යන්නේ යයි හෝ දැන් මොවුන්ගේ ප්‍රතිපත්තිය දැනගන්නෙමියි හෝ අදහසින් නිශ්ශබ්ද වූයේය. බාහායං ගහෙත්‍වා යනු භාග්‍යවතුන් වහන්සේ විසින්ද, මා විසින්ද තත්වූ පරිද්දෙන් දක්නා ලද්දෙ, තෙවනවර දක්වා නැගිටුවයි කියන ල්දදේ නොනැගිටියි. දැන් මොහුගේ ඇද දමන කාලයයි සංඝයාට උපොසථන්තරායක් නොවේවායි අතින් ගති. එසේ ගෙන, බහි ද්වාර කොට්ඨකා නික්ඛාමෙත්‍වා යනු ශාලාවේ දොරටුවෙන් පිටතට නික්මවා, බහි යනු නික්මවන ලද ස්ථාන දැක්වීමයි. නොහොත් බහිද්වාර කොට්ඨකා යනු පිටත දොරටුවෙන්ද නික්මවා, ඇතුල් දොරටුවෙන් නොවේ. මෙසේ දෙයාකාරයෙන්ම විහාරයෙන් පිටතට කොට යන අර්ථයි. සු චි ඝටකං දත්‍වා යනු අගුල් හිද්ද, මත්තෙහි ඝටිකාවද වසා, මනාව වසායයි අර්ථයි. යාවබාහාගහණාපි නාමා යනු මෙයින්, ආනන්දය පිරිස අපිරිසිදු යයි වචනය අසා හෝ ඔහු විසින් ඉවත්ව යා යුතු වන්නේය. මෙසේ ඉවත්ව නොගොස්, අතින් අල්වාගන්නා තෙක් එම හිස් පුරුෂයා බලාපොරොත්තු වන්නේය. මෙය ආශ්චර්යයෙකැයි පෙන්වයි. මෙයද ගර්හා කිරීමේ ආශ්චර්යයැයි දතයුතුය.

අථ භගවා චින‍්තෙසි – “ඉදානි භික‍්ඛුසඞ‍්ඝො අබ‍්බුදජාතො, අපරිසුද‍්ධා පුග‍්ගලා උපොසථං ආගච‍්ඡන‍්ති, න ච තථාගතා අපරිසුද‍්ධාය පරිසාය උපොසථං කරොන‍්ති, පාතිමොක‍්ඛං උද‍්දිසන‍්ති, අනුද‍්දිසන‍්තෙ ච භික‍්ඛුසඞ‍්ඝස‍්ස උපොසථො පච‍්ඡිජ‍්ජති, යංනූනාහං ඉතො පට‍්ඨාය භික‍්ඛූනංයෙව පාතිමොක‍්ඛුද‍්දෙසං අනුජානෙය්‍ය”න‍්ති. එවං පන චින‍්තෙත්‍වා භික‍්ඛූනංයෙව පාතිමොක‍්ඛුද‍්දෙසං අනුජානි. තෙන වුත‍්තං – “අථ ඛො භගවා…පෙ… පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාථා”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතීය. දැන් භික්‍ෂු සංඝයා අතර අර්බුදයක් හට ගත්තේය. අපිරිසිදු පුද්ගලයෝ උපොසථයට පැමිණෙති. තථාගතවරු අපිරිසිදු පිරිස සමග ප්‍රාතිමෝක්‍ෂය නො උදිසත්. නො උදිසන්නේ බික්සඟනගේ උපොසථය සිඳී යන්නේය. මම මෙතැන් පටන් භික්‍ෂූන්ටම ප්‍රාතිමෝක්‍ෂය දෙසීම අනුදන්නෙම් නම් ඉතා මැනවැයි සිතා භික්‍ෂූන්ටම පාමොක් දෙසීම අනුදැන වදාළ සේක. එහෙයින් අථ ඛො භගවා -පෙ- පාතිමොක්ඛං උද්දිසෙය්‍යාථ යයි වදාළ සේක.

තත්‍ථ න දානාහන‍්ති ඉදානි අහං උපොසථං න කරිස‍්සාමි, පාතිමොක‍්ඛං න උද‍්දිසිස‍්සාමීති පච‍්චෙකං න-කාරෙන සම‍්බන්‍ධො. දුවිධඤ‍්හි පාතිමොක‍්ඛං ආණාපාතිමොක‍්ඛං ඔවාදපාතිමොක‍්ඛන‍්ති. තෙසු “සුණාතු මෙ, භන‍්තෙ”තිආදිකං (මහාව· 134) ආණාපාතිමොක‍්ඛං, තං සාවකාව උද‍්දිසන‍්ති, න බුද‍්ධා, අයං අන්‍වද‍්ධමාසං උද‍්දිසියති. “ඛන‍්තී පරමං…පෙ… සබ‍්බපාපස‍්ස අකරණං…පෙ… අනූපවාදො අනූපඝාතො…පෙ… එතං බුද‍්ධාන සාසන”න‍්ති (දී· නි· 2.90; ධ· ප· 183-185) ඉමා පන තිස‍්සො ගාථා ඔවාදපාතිමොක‍්ඛං නාම, තං බුද‍්ධාව උද‍්දිසන‍්ති, න සාවකා, ඡන‍්නම‍්පි වස‍්සානං අච‍්චයෙන උද‍්දිසන‍්ති. දීඝායුකබුද‍්ධානඤ‍්හි ධරමානකාලෙ අයමෙව පාතිමොක‍්ඛුද‍්දෙසො , අප‍්පායුකබුද‍්ධානං පන පඨමබොධියංයෙව. තතො පරං ඉතරො, තඤ‍්ච ඛො භික‍්ඛූ එව උද‍්දිසන‍්ති, න බුද‍්ධා, තස‍්මා අම‍්හාකම‍්පි භගවා වීසතිවස‍්සමත‍්තං ඔවාදපාතිමොක‍්ඛං උද‍්දිසිත්‍වා ඉමං අන‍්තරායං දිස‍්වා තතො පරං න උද‍්දිසි. අට‍්ඨානන‍්ති අකාරණං. අනවකාසොති තස‍්සෙව වෙවචනං. කාරණඤ‍්හි යථා තිට‍්ඨති එත්‍ථ ඵලං තදායත‍්තවුත‍්තිතායාති ඨානන‍්ති වුච‍්චති, එවං අනවකාසොතිපි වුච‍්චතීති. යන‍්ති කිරියාපරාමසනං, තං හෙට‍්ඨා වුත‍්තනයෙන යොජෙතබ‍්බං.

එහි නදානාහං යනු දැන් මම උපොසථං න කරිස්සාමි පාතිමොක්ඛං න උද්දිසිස්සාමියි වෙන වෙනම න කාරයෙන් සම්බන්ධ කළ යුතුය. ආණා ප්‍රාතිමෝක්‍ෂය - ඕවාද ප්‍රාතිමෝක්‍ෂයැයි ප්‍රාතිමෝක්‍ෂය දෙවැදෑරුම්ය. ඒවා අතර, ‘සුණාතු මෙ භන්තෙ’ ආදිකොට ඇත්තේ ආණා ප්‍රාතිමෝක්‍ෂයයි. එය ශ්‍රාවකයෝම උදෙසති. බුදුවරු නොවේ. මෙය අඩමසක් පාසා උදෙසනු ලැබේ. ‘ඛන්තී පරමං -පෙ- සබ්බ පාපස්ස අකරණං -පෙ- අනූපවාදො අනූපසාතො -පෙ- එතං බුද්ධාන සාසනං යන මෙම ගාථාත්‍රයය ඔවාද (අවවාද) ප්‍රාතිමෝක්‍ෂය නමැ. එය බුදුවරුම උදෙසත්. ශ්‍රාවකයෝ නොවේ. මෙම ප්‍රාතිමෝක්‍ෂ උදෙසීමම දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ජීවමාන කල්හි ෂට් වර්ෂයන්ගේ ඇවෑමෙන් උදෙසත්. අල්පායුෂ්ක බුදුවරුන්ගේ වනාහි ප්‍රථම බෝධියෙහිදීමය. අනෙක් අය ඉන් මත්තෙහිය. එයද වනාහි භික්‍ෂූන්ම උදෙසති. බුදුවරු නොවේ. එහෙයින් අපගේ භාග්‍යවතුන් වහන්සේද විසිවසක් පමණ අවවාද ප්‍රාතිමෝක්‍ෂය උදෙසා මෙම අන්තරාව දැක ඉන් මත්තෙහි නොඋදෙසීය. අට්ඨානං යනු නොකරුණෙකි. අනවකාසො යනු එයටම පර්යාය වචනයකි. කරුණ යම්සේ සිටීද, (තිබේද?) එහි ඵලය එයට අයත් පැවතුම් හෙයින් ඨාන යැයි කියයි. මෙසේ අනවකාසයැයි කියයි. යං යනු ක්‍රියා ස්පර්ශයයි. එය යට කියන ලද අයුරින් යෙදිය යුතුය.

අට‍්ඨිමෙ, භික‍්ඛවෙ, මහාසමුද‍්දෙති කො අනුසන්‍ධි? ය‍්වායං අපරිසුද‍්ධාය පරිසාය පාතිමොක‍්ඛස‍්ස අනුද‍්දෙසො වුත‍්තො, සො ඉමස‍්මිං ධම‍්මවිනයෙ අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මොති තං අපරෙහි සත‍්තහි අච‍්ඡරියබ‍්භුතධම‍්මෙහි සද‍්ධිං විභජිත්‍වා දස‍්සෙතුකාමො පඨමං තාව තෙසං උපමාභාවෙන මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියබ‍්භුතධම‍්මෙ දස‍්සෙන‍්තො සත්‍ථා “අට‍්ඨිමෙ, භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ”තිආදිමාහ.

‘අට්ඨිමො භික්ඛවෙ මහා සමුද්දෙ’ යන්නෙහි අනුසන්ධි කවරේද? යම් ආකාර වූ මෙම අපිරිසිදු පිරිසෙහි ප්‍රාතිමෝක්‍ෂයෙහි නොදෙසීම යූ.සේයිද? එය මෙම ධර්ම විනයෙහි ආශ්චර්ය, අද්භූත ස්වභාවයකැයි එය අනෙක් සප්ත ආශ්චර්ය, අද්භූත ධර්මයන් සමග බෙදා දක්වනු කැමැත්තේ ප්‍රථමයෙන් එහි උපමා ස්වභාවයෙන් මහා සමුද්‍රයෙහි අෂ්ඨ ආශ්චර්ය, අද්භූත ධර්මයන් දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ ‘මහණෙනි, මෙම අට මහා සමුද්‍රයෙහි යැයි යනාදිය වදාළහ.

පකතිදෙවා විය න සුරන‍්ති න ඉසන‍්ති න විරොචන‍්තීති අසුරා, සුරා නාම දෙවා, තෙසං පටිපක‍්ඛාති වා අසුරා, වෙපචිත‍්තිපහාරාදාදයො. තෙසං භවනං සිනෙරුස‍්ස හෙට‍්ඨාභාගෙ, තෙ තත්‍ථ පවිසන‍්තා නික‍්ඛමන‍්තා සිනෙරුපාදෙ මණ‍්ඩපාදිං නිම‍්මිනිත්‍වා කීළන‍්තාව අභිරමන‍්ති. තත්‍ථ තෙසං අභිරති ඉමෙ ගුණෙ දිස‍්වාති ආහ – “යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්තී”ති. තත්‍ථ අභිරමන‍්තීති රතිං වින්‍දන‍්ති, අනුක‍්කණ‍්ඨමානා වසන‍්තීති අත්‍ථො.

අසුරා යනු ප්‍රකෘති දෙවිවරු මෙන් දක්ෂ නොවෙත්. නොදිලිසෙත්, නොබබලත්නුයි අසුරයි. දෙවිවරු (සුර) ඔවුන්ට ප්‍රතිපක්‍ෂ වූයේනුයි අසුරයි. එනම් වේපචිත්ති පහාරාදීහුය. ඔවුන්ගේ භවනය මහමෙර යට භාගයෙහි වේ. ඔව්හු එහි පිවිසෙන්නාහු, නික්මෙන්නාහු, මහමෙර පාමුල මණ්ඩප ආදිය මවා, ක්‍රීඩා කරන්නාහුම සිත් අලවත්. එහි ඔවුන්ගේ ඇල්මෙහි මෙම ගුණ දැක වදාළ සේක. යෙ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දෙ අභිරමන්ති යනු එහි අභිරමන්ති යනු කම්සැප විඳිත්. ඔවුනොවුන්ට අනුග්‍රහ කෙරෙමින් වෙසෙත් යයි අර්ථයි.

අනුපුබ‍්බනින‍්නොතිආදීනි සබ‍්බානි අනුපටිපාටියා නින‍්නභාවස‍්සෙව වෙවචනානි. න ආයතකෙනෙව පපාතොති න ඡින‍්නතටො මහාසොබ‍්භො විය ආදිතො එව පපාතො. සො හි තීරදෙසතො පට‍්ඨාය එකඞ‍්ගුලද‍්වඞ‍්ගුලවිදත්‍ථිරතනයට‍්ඨිඋසභඅඩ‍්ඪගාවුතගාවුතඩ‍්ඪයොජනාදිවසෙන ගම‍්භීරො හුත්‍වා ගච‍්ඡන‍්තො ගච‍්ඡන‍්තො සිනෙරුපාදමූලෙ චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරො හුත්‍වා ඨිතොති දස‍්සෙති.

අනුපුබ්බ නින්නො යන ආදී සියල්ල අනුපිළිවෙලින් ගැඹුරුභාවයටම පර්යාය වචනයන්ය. නායිතකෙනෙව පපාතො යනු සිඳුන ඉවුරක් නොවේ. මහා සාගරයක් මෙන් මුලසිට ක්‍රමයෙන් ප්‍රපාතය. එය තෙර දෙස පටන් එකඟුල්-දෑඟුල්-වියත්-රියන්-සත්රියන් 140 රියන් දුර, අඩගව්, ගව්, යොදුන් ආදී වශයෙන් ගැඹුරු වී යනුයේ මහමෙර පාමුල අසූහතර දහසක් යොදුන් ගැඹුරු වී සිටියේ යයි දක්වයි.

ඨිතධම‍්මොති ඨිතසභාවො අවට‍්ඨිතසභාවො. න මතෙන කුණපෙන සංවසතීති යෙන කෙනචි හත්‍ථිඅස‍්සාදීනං කළෙවරෙන සද‍්ධිං න සංවසති. තීරං වාහෙතීති තීරං අපනෙති. ථලං උස‍්සාරෙතීති හත්‍ථෙන ගහෙත්‍වා විය වීචිප‍්පහාරෙනෙව ථලෙ ඛිපති. ගඞ‍්ගා යමුනාති අනොතත‍්තදහස‍්ස දක‍්ඛිණමුඛතො නික‍්ඛන‍්තනදී පඤ‍්ච ධාරා හුත්‍වා පවත‍්තට‍්ඨානෙ ගඞ‍්ගාතිආදිනා පඤ‍්චධා සඞ‍්ඛං ගතා.

ඨිත ධම්මො යනු ස්ථිති ස්වභාව ඇත්තේ සිටීම් ස්වභාව. න මතෙන කුණපෙන සංවසති යනු යම්කිසි ඇත් අශ්වාදීන්ගේ මෘත ශරීර සමග නොවසයි. තීරං පාපෙති යනු තෙරට ඉවත්කරයි. ථලං උස්සාදෙති යනු අතින් ගන්නාක් මෙන් රැළ පහරින් ගොඩබිමෙහි දමයි. ගංගා යමුනා යනු අනවතප්ත විලෙහි දකුණු මුවින් නික්මුණු නදිය ජලධාරා පහක් බවට පත්ව පැවැති තන්හි ගංගා යයි ආදී වශයෙන් පස් අයුරක් විය.

තත්‍රායං ඉමාසං නදීනං ආදිතො පට‍්ඨාය උප‍්පත‍්තිකථා – අයඤ‍්හි ජම‍්බුදීපො දසසහස‍්සයොජනපරිමාණො, තත්‍ථ චතුසහස‍්සයොජනප‍්පමාණො පදෙසො උදකෙන අජ‍්ඣොත්‍ථටො සමුද‍්දොති සඞ‍්ඛං ගතො, තිසහස‍්සයොජනප‍්පමාණෙ මනුස‍්සා වසන‍්ති, තිසහස‍්සයොජනප‍්පමාණෙ හිමවා පතිට‍්ඨිතො උබ‍්බෙධෙන පඤ‍්චයොජනසතිකො චතුරාසීතිකූටසහස‍්සපටිමණ‍්ඩිතො සමන‍්තතො සන්‍දමානපඤ‍්චසතනදීවිචිත‍්තො, යත්‍ථ ආයාමෙන විත්‍ථාරෙන ගම‍්භීරතාය ච පණ‍්ණාසයොජනප‍්පමාණො දියඩ‍්ඪයොජනසතපරිමණ‍්ඩලො අනොතත‍්තදහො කණ‍්ණමුණ‍්ඩදහො රථකාරදහො ඡද‍්දන‍්තදහො කුණාලදහො මන්‍දාකිනිදහො සීහපපාතදහොති සත‍්ත මහාසරා පතිට‍්ඨිතා.

මේ එම නදීන්ගේ මුලපටන් උත්පත්ති කථාවයි. මෙම දඹදිව යොදුන් දසදහසක් ප්‍රමාණ ඇත්තේය. එහි හාරදහසක් ප්‍රමාණ ප්‍රදේශය ජලයෙන් වසාගෙන පැතිර සිටියේ සමුද්‍රය යන සංඛ්‍යාවට ගියේය. තුන්දහසක් යොදුන් ප්‍රමාණයෙහි මිනිස්සු වාසය කරති. තුන් දසක් යොදුන් ප්‍රමාණ සීමාවෙහි හිමවත පිහිටියේය. උසින් යොදුන් පන්සියයක් ප්‍රමාණ අසූහාර දහසක් පර්වතවලින් යුක්තය. හාත්පස ගලාබසින පන්සියයක් නදීන්ගෙන් විසිතුරු වූ යම්තැනෙක්හි දිගින්ද පළලින්ද ගැඹුරින්ද පනස්යොදුන් ප්‍රමාණ වූ, යොදුන් එකසිය පනහක් වටවූ අනවතප්ත විල, කණ්ණමුණ්ඩ විල රථකාර විල - ඡද්දන්ත විල, කුනාල විල, මන්දාකිනී විල සිංහ ප්‍රපාත විලයැයි සප්ත මහා විල් පිහිටියහ.

තෙසු අනොතත‍්තදහො සුදස‍්සනකූටං චිත‍්තකූටං කාළකූටං ගන්‍ධමාදනකූටං කෙලාසකූටන‍්ති ඉමෙහි පඤ‍්චහි පබ‍්බතකූටෙහි පරික‍්ඛිත‍්තො. තත්‍ථ සුදස‍්සනකූටං සොවණ‍්ණමයං තියොජනසතුබ‍්බෙධං අන‍්තොවඞ‍්කං කාකමුඛසණ‍්ඨානං තමෙව සරං පටිච‍්ඡාදෙත්‍වා ඨිතං, චිත‍්තකූටං සත‍්තරතනමයං. කාළකූටං අඤ‍්ජනමයං. ගන්‍ධමාදනකූටං මසාරගල‍්ලමයං අබ‍්භන‍්තරෙ මුග‍්ගවණ‍්ණං; මූලගන්‍ධො, සාරගන්‍ධො, ඵෙග‍්ගුගන්‍ධො, තචගන්‍ධො, පපටිකාගන්‍ධො, ඛන්‍ධගන්‍ධො, රසගන්‍ධො, පුප‍්ඵගන්‍ධො, ඵලගන්‍ධො, පත‍්තගන්‍ධොති ඉමෙහි දසහි ගන්‍ධෙහි උස‍්සන‍්නං, නානප‍්පකාරඔසධසඤ‍්ඡන‍්නං, කාළපක‍්ඛුපොසථදිවසෙ ආදිත‍්තං විය අඞ‍්ගාරං පජ‍්ජලන‍්තං තිට‍්ඨති. කෙලාසකූටං රජතමයං. සබ‍්බානි චෙතානි සුදස‍්සනෙන සමානුබ‍්බෙධසණ‍්ඨානානි තමෙව සරං පටිච‍්ඡාදෙත්‍වා ඨිතානි. තත්‍ථ දෙවානුභාවෙන නාගානුභාවෙන ච දෙවො වස‍්සති, නදියො ච සන්‍දන‍්ති, තං සබ‍්බම‍්පි උදකං අනොතත‍්තමෙව පවිසති, චන්‍දිමසූරියා දක‍්ඛිණෙන වා උත‍්තරෙන වා ගච‍්ඡන‍්තා පබ‍්බතන‍්තරෙන තත්‍ථ ඔභාසං කරොන‍්ති, උජුකං ගච‍්ඡන‍්තා න කරොන‍්ති, තෙනෙවස‍්ස “අනොතත‍්ත”න‍්ති සඞ‍්ඛා උදපාදි.

ඒවා අතර අනවතප්ත විල, සුදර්ශන, චිත්‍රකූට, කාලකූට ගන්‍ධමාදන, කෛලාස කූටයයි යන මෙම පර්වත කූටයන්ගෙන් වටකරන ලද්දේය. එහි සුදර්ශන කූටය ස්වර්ණමය වූයේ, යොදුන් තුන්සියයක් උස්වූයේ ඇතුළත කපුටුමුව සටහන් ඇත්තේ එම විලම වසා සිටියේය. චිත්‍රකූටය සත්රුවන්මය කාලකූටය අජනමය - ගන්‍ධමාදන කූට මැසිරිගල්මය, ඇතුලත මුං ඇට වර්ණය. මුල් සුවඳ, හර සුවඳ, ඵල සුවඳ, පොතු සුවඳ, පතුරු සුවඳ, රස සුවඳ, මල්සුවඳ, ගෙඩිසුවඳ, පත්‍ර සුවඳ, පතුරු සුවඳ, රස සුවඳ, මල් සුවඳ, ගෙඩි සුවඳ, පත්‍ර සුවඳ, සුවඳ සුවඳද යන මෙම දසවැදෑරුම් සුවඳ වර්ගයන්ගෙන් උත්සන්න වූයේ නොයෙක් ආකාර ඖෂධයන්ගෙන් වැසුන කළුවර පස පොහෝදින දල්වන ලද්දාක් මෙන් අඟුරු දැල්වෙමින් සිටී, කෛලාසකූට පර්වතය රිදී මුවාය. ඒ සියල්ලම සුදර්ශන කූටය හා සමාන උස හා සටහන් ඇතියේ එම විල වසා සිටියහ. එහි දේවානුභාවයෙන්ද නාගානුභාවයෙන්ද වැසී වසී. ගංගා ගලති. එම සියලුම දිය අනවතප්ත විලටම පිවිසේ. සඳ හිරු දකුණින් හෝ උතුරින් හෝ යන්නාහු පර්වත අතරින් එහි ආලෝක කරති. සෘජුව යාමක් නොකරති. එහෙයින් මෙයට අනෝතත්ත යන ව්‍යවහාරය හටගති.

තත්‍ථ රතනමයමනුඤ‍්ඤසොපානසිලාතලානි නිම‍්මච‍්ඡකච‍්ඡපානි ඵලිකසදිසානි නිම‍්මලූදකානි තදුපභොගසත‍්තානං කම‍්මනිබ‍්බත‍්තානෙව නහානතිත්‍ථානි ච හොන‍්ති, යත්‍ථ බුද‍්ධපච‍්චෙකබුද‍්ධා ඉද‍්ධිමන‍්තො සාවකා ඉසයො ච නහානාදීනි කරොන‍්ති, දෙවයක‍්ඛාදයො උදකකීළං කීළන‍්ති.

එහි රත්නමය මනොඥ හිනිමං වැනි ගල්තලාවන්ද, මස් කැසුබුවන්, නිර්මල පුවරු සමාන නිර්මල දිය, එය පරිභෝග කරන සත්ත්වයින්ගේ කර්මයෙන් හටගත්තා වූම ස්නාන තොටුවලද වෙති. යම්තැනක බුදු පසේබුදුවරු, සෘද්ධිමත් ශ්‍රාවකවරු-සෘෂීහු ස්නානාදීන් කෙරෙත්ද? දිව්‍ය යක්‍ෂාදීහුද ජලක්‍රීඩා කෙරෙත්ද

තස‍්ස චතූසු පස‍්සෙසු සීහමුඛං, හත්‍ථිමුඛං, අස‍්සමුඛං, උසභමුඛන‍්ති චත‍්තාරි උදකනික‍්ඛමනමුඛානි හොන‍්ති, යෙහි චතස‍්සො නදියො සන්‍දන‍්ති. සීහමුඛෙන නික‍්ඛන‍්තනදීතීරෙ කෙසරසීහා බහුතරා හොන‍්ති, තථා හත්‍ථිමුඛාදීහි හත්‍ථිඅස‍්සඋසභා. පුරත්‍ථිමදිසතො නික‍්ඛන‍්තනදී අනොතත‍්තං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා ඉතරා තිස‍්සො නදියො අනුපගම‍්ම පාචීනහිමවන‍්තෙනෙව අමනුස‍්සපථං ගන‍්ත්‍වා මහාසමුද‍්දං පවිසති. පච‍්ඡිමදිසතො උත‍්තරදිසතො ච නික‍්ඛන‍්තනදියොපි තථෙව පදක‍්ඛිණං කත්‍වා පච‍්ඡිමහිමවන‍්තෙනෙව උත‍්තරහිමවන‍්තෙනෙව ච අමනුස‍්සපථං ගන‍්ත්‍වා මහාසමුද‍්දං පවිසන‍්ති.

එහි සිව් පාර්ශ්වයන්හි සිහ මුව, ඇත් මුව, අස් මුව, වෘෂභ මුව යන සිව් දිය නික්මයන මුව වෙත්ද? යම් ස්ථානයන්ගෙන් සිව් නදීහු ගලත්ද? සිහ මුවෙන් නික්මෙන නදීතෙර බොහෝ කොට කේශර සිංහයෝ සිටිති. එසේ ඇත්මුවාදීන්හි ඇත්, අස්, වෘෂභාදීහු වෙති. පෙරදිගින් නික්මුන නදිය අනවතප්ත විල තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට අනෙක් තෙනදීන්ට නොබැස පැසුළු හිමවතින්ම නොමිනිස් පෙදෙසට ගොස් මහා සමුද්‍රයට පිවිසේ. පැසුළු දිගින්ද, උතුරු දිගින්ද නික්මුණු නදීහුද එසේම ප්‍රදක්‍ෂිණා කොට පැසුළු හිමවතින් හා උතුරු හිමවතින්ම නොමිනිස් පෙදෙසට ගොස් මහා සමුද්‍රයට පිවිසෙත්.

දක‍්ඛිණදිසතො නික‍්ඛන‍්තනදී පන තං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා දක‍්ඛිණෙන උජුකං පාසාණපිට‍්ඨෙනෙව සට‍්ඨියොජනානි ගන‍්ත්‍වා පබ‍්බතං පහරිත්‍වා උට‍්ඨාය පරික‍්ඛෙපෙන තිගාවුතප‍්පමාණඋදකධාරා හුත්‍වා ආකාසෙන සට‍්ඨියොජනානි ගන‍්ත්‍වා තියග‍්ගළෙ නාම පාසාණෙ පතිතා, පාසාණො උදකධාරාවෙගෙන භින‍්නො. තත්‍ථ පඤ‍්ඤාසයොජනප‍්පමාණා තියග‍්ගළා නාම පොක‍්ඛරණී ජාතා, පොක‍්ඛරණියා කූලං භින්‍දිත්‍වා පාසාණං පවිසිත්‍වා සට‍්ඨියොජනානි ගන‍්ත්‍වා තතො ඝනපථවිං භින්‍දිත්‍වා උමඞ‍්ගෙන සට‍්ඨියොජනානි ගන‍්ත්‍වා විඤ‍්ඣං නාම තිරච‍්ඡානපබ‍්බතං පහරිත්‍වා හත්‍ථතලෙ පඤ‍්චඞ‍්ගුලිසදිසා පඤ‍්චධාරා හුත්‍වා පවත‍්තන‍්ති.

දකුණු දෙසින් නික්මුණු නදිය වනාහි එය තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට දකුණින් සෘජුව ගල් මතුපිටින්ම සැටයොදුනක් ගොස් පර්වතයට පහරා නැගිට හාත්පසින් තෙගවූ පමණ වූ දිය දහරාවක්ව අහසින් සැටයොදුනක් ගොස් තියග්ගල නම් ගලෙහි වැටුනේ ගල දිහ දහරා වේගයෙන් බිඳුනේ එහි පනස්යොදුන් ප්‍රමාණ තියග්ගල නම් මහ පොකුණක් හට ගති. පොකුණෙහි ඉවුර බිඳ ගලට පිවිස සැටයොදුනක් ගොස් වින්ධ්‍යා නම් තිරිසන් පර්වතයට පහරා අත්තැල පසැඟිලි සමාන ධාරා පහක්ව පවතියි.

සා තික‍්ඛත‍්තුං අනොතත‍්තං පදක‍්ඛිණං කත්‍වා ගතට‍්ඨානෙ “ආවට‍්ටගඞ‍්ගා”ති වුච‍්චති, උජුකං පාසාණපිට‍්ඨෙන සට‍්ඨියොජනානි ගතට‍්ඨානෙ “කණ‍්හගඞ‍්ගා”ති, ආකාසෙන සට‍්ඨියොජනානි ගතට‍්ඨානෙ “ආකාසගඞ‍්ගා”ති, තියග‍්ගළපාසාණෙ පඤ‍්ඤාසයොජනොකාසෙ ඨිතා “තියග‍්ගළපොක‍්ඛරණී”ති, කූලං භින්‍දිත්‍වා පාසාණං පවිසිත්‍වා සට‍්ඨියොජනානි ගතට‍්ඨානෙ “බහලගඞ‍්ගා”ති, උමඞ‍්ගෙන සට‍්ඨියොජනානි ගතට‍්ඨානෙ “උමඞ‍්ගගඞ‍්ගා”ති වුච‍්චති, විඤ‍්ඣං නාම තිරච‍්ඡානපබ‍්බතං පහරිත්‍වා පඤ‍්චධාරා හුත්‍වා පවත‍්තට‍්ඨානෙ ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහීති පඤ‍්චධා සඞ‍්ඛං ගතා. එවමෙතා පඤ‍්ච මහානදියො හිමවන‍්තතො පවත‍්තන‍්තීති වෙදිතබ‍්බා.

එය තෙවරක් අනවතප්ත විල ප්‍රදක්‍ෂිණාකොට ගියතන්හි, ආවර්ත ගංගාවයැයි කියයි. සෘජුව ගල මත්තෙන් සැටයොදුනක් ගිය තැන කෘෂ්ණ ගඟයි. අහසින් සැටයොදුනක් ගිය තැන අහස ගඟයි. තියග්ගල පහන්හි පනස් යොදුන් අවකාශයෙහි සිටියේ තියග්ගල පොකුණෙහි ඉවුර බිඳ ගලට පිවිස සැටයොදුනක් ගියතැන ඝණ ගඟයි. උමගින් සැටයොදුනක් ගිය තැන උමං ගඟයි කියයි. වින්‍ධ්‍යා නම් තිරිසන් පර්වතය පහරා ධාරා පඤ්චකයක්ව පැවැති තන්හි, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යැයි පස් ආකාරයකට ශාඛා ගියහ. මෙසේ එම පංචමහා නදීහු හිමවතින් පවතිත් යයි දතයුත්තාහ.

තත්‍ථ නදී නින‍්නගාතිආදිකං ගොත‍්තං, ගඞ‍්ගා යමුනාතිආදිකං නාමං. සවන‍්තියොති යා කාචි සවමානා සන්‍දමානා ගච‍්ඡන‍්තියො මහානදියො වා කුන‍්නදියො වා. අප‍්පෙන‍්තීති අල‍්ලීයන‍්ති ඔසරන‍්ති. ධාරාති වුට‍්ඨිධාරා. පූරත‍්තන‍්ති පුණ‍්ණභාවො. මහාසමුද‍්දස‍්ස හි අයං ධම‍්මතා – “ඉමස‍්මිං කාලෙ දෙවො මන්‍දො ජාතො, ජාලක‍්ඛිපාදීනි ආදාය මච‍්ඡකච‍්ඡපෙ ගණ‍්හිස‍්සාමා”ති වා “ඉමස‍්මිං කාලෙ අතිමහන‍්තී වුට‍්ඨි, න ලභිස‍්සාම නු ඛො පිට‍්ඨිපසාරණට‍්ඨාන”න‍්ති වා තං න සක‍්කා වත‍්තුං. පඨමකප‍්පිකකාලතො පට‍්ඨාය හි යං වස‍්සිත්‍වා සිනෙරුමෙඛලං ආහච‍්ච උදකං ඨිතං, තං තතො එකඞ‍්ගුලමත‍්තම‍්පි උදකං නෙව හෙට‍්ඨා ඔතරති, න උද‍්ධං උත‍්තරති.

එහි නදී යනාදිය ගොත්‍රයයි. ගංගා යමුනා ආදිය නාමයයි. සවන්තියො යනු යම්කිසි ගලන්නා වූ හෝ යන්නා වූ මහා නදීහු හෝ කුඩා නදීහු අප්පෙන්ති යනු ඇලෙත්. පැමිණෙත්. ධාරායා දිය දහරාවයි. පූරත්තං පිරුණු බව, මහ මුහුදෙහි මේ ධර්මතාවයයි. මෙකලැ මඳ වැසි හටගති දැල් කෙමන් ආදිය ගෙන මස් කැසුබුවන් අල්වා ගන්නෙමුයි හෝ මෙකලැ වැසි ඉතා මහති. සිටින්ට සමතලා ගලක් හෝ නොලබන්නෙමුයි හෝ කියන්ට නොහැකිය. ප්‍රථම කල්පික කාලයෙහි පටන් යම් ආකාර වූ වැස්සක් වැස මහමෙර සීමාව ගටා දිය පැවතිනිද, ඉන් එකඟුල් මාත්‍ර වූද දිය යට නොබසී. උඩට නොයයි.

එකරසොති අසම‍්භින‍්නරසො. මුත‍්තාති ඛුද‍්දකමහන‍්තවට‍්ටදීඝාදිභෙදා අනෙකවිධා මුත‍්තා. මණීති රත‍්තනීලාදිභෙදො අනෙකවිධො මණි. වෙළුරියොති වංසවණ‍්ණසිරීසපුප‍්ඵවණ‍්ණාදිසණ‍්ඨානතො අනෙකවිධො. සඞ‍්ඛොති දක‍්ඛිණාවත‍්තතම‍්බකුච‍්ඡිකධමනසඞ‍්ඛාදිභෙදො අනෙකවිධො. සිලාති සෙතකාළමුග‍්ගවණ‍්ණාදිභෙදා අනෙකවිධා. පවාළන‍්ති ඛුද‍්දකමහන‍්තමන්‍දරත‍්තඝනරත‍්තාදිභෙදං අනෙකවිධං. ලොහිතඞ‍්ගොති පදුමරාගාදිභෙදො අනෙකවිධො මසාරගල‍්ලන‍්ති කබරමණි. “චිත‍්තඵලික”න‍්තිපි වදන‍්ති.

එක රසො යනු මිශ්‍ර නුවූ රසය, මුත්තා යනු කුඩා මහත්, රවුම් දිග ආදී නොයෙක් ආකාර මුතු. මණි යනු රතු නිල් ආදී නොයෙක් ආකාර මැණික්, වෙළුරියො යනු වෛදූර්ය මැණික්, උණමල් හා මහරි මල්වල වර්ණ හා සටහන් වශයෙන් නොයෙක් ආකාර වේ. සංඛො යනු දක්‍ෂිණාවෘත, කුච්ඡික, ධමන, සංඛ ආදී නොයෙක් ආකාර භේද සහිතය. සිලා යනු ශ්වේත, කලු-මුංවර්ණ ආදී භේද වශයෙන් නොයෙක් ආකාරය. පවාළං යනු කුඩා මහත් මද රත් ඝන රත් ආදී භේද වශයෙන් නොයෙක් ආකාරය. ලොහිතංඛ යනු පද්මරාගාදී භේදයෙන් නොයෙක් අකාරය. මසාරගල්ලං යනු මැසිරිගල්, මිශ්‍ර වර්ණයෙන් යුත් ස්ඵටික මාණික්‍යය,

මහතං භූතානන‍්ති මහන‍්තානං සත‍්තානං. තිමිතිමිඞ‍්ගලාදිකා තිස‍්සො මච‍්ඡජාතියො. තිමිං ගිලනසමත්‍ථා තිමිඞ‍්ගලා, තිමිඤ‍්ච තිමිඞ‍්ගලඤ‍්ච ගිලනසමත්‍ථා “තිමිතිමිඞ‍්ගලා”ති වදන‍්ති. නාගාති ඌමිපිට‍්ඨිවාසිනොපි විමානට‍්ඨකනාගාපි.

මහතං භූතානං යනු විශාල සත්ත්වයින්ට, තිමි තිමංගලාදිකා යනු මත්ස්‍ය ජාතීහු තෙවර්ගයකි. තිමි මත්ස්‍යයා ගිලීමට සමත්වූයේ, තිමිංගලායි. තිමි හා තිමිංගල ගිලීමට සමත් වූයේ තිමිර පිංගලයැයි කියති. නාගා යනු දියරැළි මතුපිට වසන්නා වූද විමානයන්හි සිටින්නා වූද නාගයෝ,

එවමෙව ඛොති කිඤ‍්චාපි සත්‍ථා ඉමස‍්මිං ධම‍්මවිනයෙ සොළසපි බාත‍්තිංසපි තතො භිය්‍යොපි අච‍්ඡරියබ‍්භුතධම‍්මෙ විභජිත්‍වා දස‍්සෙතුං සක‍්කොති, තදා උපමාභාවෙන පන ගහිතානං අට‍්ඨන‍්නං අනුරූපවසෙන අට‍්ඨෙව තෙ උපමෙතබ‍්බධම‍්මෙ විභජිත්‍වා දස‍්සෙන‍්තො “එවමෙව ඛො, භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා”තිආදිමාහ.

එවමෙවඛො යනු කිසිසේත් ශාස්තෲන් වහන්සේ මෙම ධර්මවිනයයෙහි, සොළොස් ආකාරයකින්ද, දෙතිස් ආකාරයකින්ද එයට අධිකවද, ආශ්චර්ය, අද්භූත ධර්මයන් බෙදා දක්වනට හැකි වේ. එකල උපමා භාවයෙන් ගත් අර්ථයන්ට අනුරූප වශයෙන් උපමා කරනු ලබන එම කරුණු අටම පමණක් බෙදා දක්වනුයේ එවමෙව ඛො භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියබ්භූත ධම්මා යන ආදිය වදාළහ.

තත්‍ථ අනුපුබ‍්බසික‍්ඛාය තිස‍්සො භික‍්ඛා ගහිතා, අනුපුබ‍්බකිරියාය තෙරස ධුතඞ‍්ගධම‍්මා, අනුපුබ‍්බපටිපදාය සත‍්ත අනුපස‍්සනා අට‍්ඨාරස මහාවිපස‍්සනා අට‍්ඨතිංස ආරම‍්මණවිභත‍්තියො සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා ච ගහිතා. න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධොති මණ‍්ඩූකස‍්ස උප‍්පතිත්‍වා ගමනං විය ආදිතොව සීලපූරණාදීනි අකත්‍වා අරහත‍්තපටිවෙධො නාම නත්‍ථි, පටිපාටියා පන සීලසමාධිපඤ‍්ඤායො පූරෙත්‍වාව අරහත‍්තප‍්පත‍්තීති අත්‍ථො.

එහි අනුපුබ්බ සික්ඛාය යනු ත්‍රිවිධ ශික්‍ෂා ගන්නා ලදි. අනුපුබ්බ සික්ඛාය යනු ත්‍රිවිධ ශික්‍ෂා ගන්නා ලදි. අනුපුබ්බකිරියාය යනු තෙළෙස් ධුතංග ධර්ම, අනුපුබ්බ පටිපදාය යනු සප්ත අනුපස්සනා, අටළොස් මහා විදර්ශනා අටතිස් අරමුණු බෙදීම්, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ද ගන්නා ලදි. න ආයතකෙනෙව අඤ්ඤා පටිවෙධො යනු මැඩියාගේ උඩට පැන යන ගමන මෙන් මුලදීම සිල් පිරීම් ආදිය නොකොට අර්හත්ව ප්‍රතිවේධයක් නම් නැත. පිළිවෙලින් සීල සමාධි ප්‍රඥාවන් සම්පූර්ණකොට, අර්හත්වෝත්පත්තිය වේයයි අර්ථයි.

මම සාවකාති සොතාපන‍්නාදිකෙ අරියපුග‍්ගලෙ සන්‍ධාය වදති. න සංවසතීති උපොසථකම‍්මාදිවසෙන සංවාසං න කරොති. උක‍්ඛිපතීති අපනෙති. ආරකාවාති දූරෙයෙව. න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වාති අසඞ‍්ඛ්‍යෙය්‍යෙපි මහාකප‍්පෙ බුද‍්ධෙසු අනුප‍්පජ‍්ජන‍්තෙසු එකසත‍්තොපි පරිනිබ‍්බාතුං න සක‍්කොති, තදාපි “තුච‍්ඡා නිබ‍්බානධාතූ”ති න සක‍්කා වත‍්තුං, බුද‍්ධකාලෙ පන එකෙකස‍්මිං සමාගමෙ අසඞ‍්ඛ්‍යෙය්‍යාපි සත‍්තා අමතං ආරාධෙන‍්ති, තදාපි න සක‍්කා වත‍්තුං “පූරා නිබ‍්බානධාතූ”ති. විමුත‍්තිරසොති කිලෙසෙහි විමුච‍්චනරසො. සබ‍්බා හි සාසනස‍්ස සම‍්පත‍්ති යාවදෙව අනුපාදාය ආසවෙහි චිත‍්තස‍්ස විමුත‍්තියා හොති.

මම සාවකා යනු සෝවාන් ආර්ය පුද්ගලයන් සඳහා කියයි. න සංවසති යනු උපොසථ කර්මාදී වශයෙන් එක්ව විසීම නොකරයි. උක්ඛිපති යනු ඉවත් කරයි. ආරකාවා යනු දුරදීම, න තෙන නිබ්බාන ධාතුයා ඌනත්තංවා පූරත්තංවා යනු බුදුවරු නූපදනා මහා කල්ප අසංඛ්‍යයන්හිද, එක් සත්ත්වයෙකු හෝ පිරිනිවුමට නොහැකි වේ. එකල්හිද නිර්වාණ ධාතුව හිස්යැයි කියන්ට නොහැකිය. බුද්ධෝත්පාද කාලයෙහි එක් එක් හමුවීම්හිදී අසංඛ්‍ය ගණන් සත්ත්වයෝ නිර්වාණය ලබාගනිති. එකල්හි නිර්වාණ ධාතුව පරිපූර්ණයැයි කියන්ට නොහැක. විමුත්තිරසො යනු කෙලෙසුන්ගෙන් මිදීම් රසය සියලුම සසුන් සම්පත් යම්තාක් වේද, එම සියල්ලම උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් සිතෙහි විමුක්තියෙන් වේ.

රතනානීති රතිජනනට‍්ඨෙන රතනානි. සතිපට‍්ඨානාදයො හි භාවියමානා පුබ‍්බභාගෙපි අනප‍්පකං පීතිපාමොජ‍්ජං නිබ‍්බත‍්තෙන‍්ති, පගෙව අපරභාගෙ. වුත‍්තඤ‍්හෙතං –

රතනානි යනු ඇල්ම හටගන්වන අර්ථයෙන් රත්න නමැ. සතිපට්ඨානාදීහු වඩනු ලබනුයේ පූර්වභාගයෙහිද, අනල්ප වූ ප්‍රීති ප්‍රමෝද්‍ය හටගනිත්. පසුකල්හි කියනුම කවරේද? යූ.සේයි.

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානත”න‍්ති. (ධ· ප· 374) –

යතො යතො සම්මසති - ඛන්‍ධානං උදයබ්බයං ලභතී පීතිපාමොජ්ජං අමතං තං විජානන්ති

යම් යම් තැනක පටන්, ස්කන්ධයන්ගේ හටගැනීම හා විනාශය මෙනෙහි කරයිද, ඉන් ප්‍රීති ප්‍රමෝද්‍යය ලබයි. එය අමෘතය දනී.

ලොකියරතනනිමිත‍්තං පන පීතිපාමොජ‍්ජං න තස‍්ස කලභාගම‍්පි අග‍්ඝතීති අයමත්‍ථො හෙට‍්ඨා දස‍්සිතො එව. අපිච –

ලෞකික රත්න හේතුකොට හටගන්නා ප්‍රීති ප්‍රමෝද්‍ය වනාහි, ස්කන්ධ සම්මශ්‍රණයෙන් හටගන්නා ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් කල භාගයක්වත් නොවටීයයි යන මෙම අර්ථය යට දක්වන ලද්දේමය. තවද,

“චිත‍්තීකතං මහග‍්ඝඤ‍්ච, අතුලං දුල‍්ලභදස‍්සනං; අනොමසත‍්තපරිභොගං, ‘රතන’න‍්ති පවුච‍්චතී”ති.

චිත්තී කතං මහග්ඝංච - අතුලං දුල්ලභ දස්සනං අනොම සත්ත පරිභොගං - රතනන්ති පවුච්චති

ගරු කරන ලද, මහාර්ඝ (ඉතා වටිනා) සමකල හැකි දැයක් නොමැති, දැක්මට දුලබ, උසස් අය පරිභෝග කරන දෑ රත්නයැයි කියයි.

යදි ච චිත‍්තීකතාදිභාවෙන රතනං නාම හොති, සතිපට‍්ඨානාදීනංයෙව භූතතො රතනභාවො. බොධිපක‍්ඛියධම‍්මානඤ‍්හි සො ආනුභාවො, යං සාවකා සාවකපාරමීඤාණං, පච‍්චෙකබුද‍්ධා පච‍්චෙකබොධිඤාණං, සම‍්මාසම‍්බුද‍්ධා සම‍්මාසම‍්බොධිං අධිගච‍්ඡන‍්තීති ආසන‍්නකාරණත‍්තා. පරම‍්පරකාරණඤ‍්හි දානාදිඋපනිස‍්සයොති එවං රතිජනනට‍්ඨෙන චිත‍්තීකතාදිඅත්‍ථෙන ච රතනභාවො බොධිපක‍්ඛියධම‍්මානං සාතිසයො. තෙන වුත‍්තං – “තත්‍රිමානි රතනානි, සෙය්‍යථිදං, චත‍්තාරො සතිපට‍්ඨානා”තිආදි.

යම්හෙයකින් ගරුකිරීම් ආදී භාවයෙන් රත්න නම් වේද? සතිපට්ඨානාදීන්ටම සත්‍ය වශයෙන් රත්න භාවය යෙදේ. එය බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ ආනුභාවයයි. යම් ආකාර වූ ශ්‍රාවකයෝ ශ්‍රාවක පාරමී ඥානයට, ප්‍රත්‍යෙක බුදුවරු ප්‍රත්‍යෙක බුද්ධත්වයට, සම්‍යක් සම්බුදුවරු සම්‍යක් සම්බෝධිය අවබෝධ කරත්ද, ආසන්න කරුණු හෙයින්ද, පරම්පරා කරුණු හෙයින්ද, දානාදීහු උපනිශ්‍රය යැයි මෙසේ ඇල්ම ඇතිකරවන අර්ථයෙන්, ගරුකරන ලද ආදී අර්ථයෙන් රත්නභාවය බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ උසස්භාවයයි. එහෙයින් තත්‍රිමානි රතනානි සෙය්‍යථීදං චත්තාරො සතිපට්ඨානා ආදිය

තත්‍ථ ආරම‍්මණෙ පක‍්ඛන්‍දිත්‍වා උපට‍්ඨානට‍්ඨෙන පට‍්ඨානං, සතියෙව පට‍්ඨානං සතිපට‍්ඨානං. ආරම‍්මණස‍්ස පන කායාදිවසෙන චතුබ‍්බිධත‍්තා වුත‍්තං “චත‍්තාරො සතිපට‍්ඨානා”ති. තථා හි කායවෙදනාචිත‍්තධම‍්මෙසු සුභසුඛනිච‍්චඅත‍්තසඤ‍්ඤානං පහානතො අසුභදුක‍්ඛානිච‍්චානත‍්තතාගහණතො ච නෙසං කායානුපස‍්සනාදිභාවො විභත‍්තො.

එහි අරමුණෙහි ඇතුලට වැද වැටහීම් අර්ථයෙන් පට්ඨානයි. සිහියම පිහිටවූයේ සතිපට්ඨානයි. කායාදී වශයෙන් ආරම්මණයාගේ සතරාකාර හෙයින්, චත්තාරො සතිපට්ඨානායි යූ.සේයි. එසේම කාය, වේදනා, චිත්ත, ධර්මයන්හි සුභ, සුව, නිත්‍ය, ආත්ම සංඥාවන්ගේ ප්‍රහාණයෙන් අසුභ, දුක්, අනිත්‍ය, අනාත්මයන්ගේ වශයෙන් ගැනීමෙන් වනාහි එම කායානුපස්සනා ආදිභාවය බෙදන ලදි.

සම‍්මා පදහන‍්ති එතෙන, සයං වා සම‍්මා පදහති, පසත්‍ථං, සුන්‍දරං වා පදහන‍්ති සම‍්මප‍්පධානං. පුග‍්ගලස‍්ස වා සම‍්මදෙව පධානභාවකරණතො සම‍්මප‍්පධානං. වීරියස‍්සෙතං අධිවචනං. තම‍්පි අනුප‍්පන‍්නුප‍්පන‍්නානං අකුසලානං අනුප‍්පාදනපහානවසෙන අනුප‍්පන‍්නුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදනභාවනවසෙන ච චතුකිච‍්චං කත්‍වා වුත‍්තං “චත‍්තාරො සම‍්මප‍්පධානා”ති.

එයින් බලවත් සේ උත්සාහ කරත්. තෙමේ හෝ මනාව උත්සාහ කරයි. ප්‍රශස්ත වූ සුන්දර වූ හෝ උත්සාහ යනුයි. සම්මප්පධානං යි. පුද්ගලයාගේ හෝ මනාව කෙලෙස් තැවීම්භාවය කරන හෙයින් සම්මප්පධානංයි. එය වීර්යයට විශේෂ නාමයකි. එයද, නූපන් අකුසල ධර්මයන්ගේ අනුත්පාදය සඳහාද, උපන් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සඳහාද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම සඳහාද, උපන් කුසල ධර්මයන්ගේ වැඩීම් වශයෙන්ද සතරාකාරයෙන් කියන ලද සතර සම්‍යක් ප්‍රධන් වීර්යයන්,

ඉජ‍්ඣතීති ඉද‍්ධි, සමිජ‍්ඣති නිප‍්ඵජ‍්ජතීති අත්‍ථො. ඉජ‍්ඣන‍්ති වා එතාය සත‍්තා ඉද‍්ධා වුද‍්ධා උක‍්කංසගතා හොන‍්තීති ඉද‍්ධි. ඉති පඨමෙන අත්‍ථෙන ඉද‍්ධි එව පාදො ඉද‍්ධිපාදො, ඉද‍්ධිකොට‍්ඨාසොති අත්‍ථො . දුතියෙන අත්‍ථෙන ඉද‍්ධියා පාදො පතිට‍්ඨා අධිගමූපායොති ඉද‍්ධිපාදො. තෙන හි උපරූපරිවිසෙසසඞ‍්ඛාතං ඉද‍්ධිං පජ‍්ජන‍්ති පාපුණන‍්ති, ස‍්වායං ඉද‍්ධිපාදො යස‍්මා ඡන්‍දාදිකෙ චත‍්තාරො අධිපතිධම‍්මෙ ධුරෙ ජෙට‍්ඨකෙ කත්‍වා නිබ‍්බත‍්තියති, තස‍්මා වුත‍්තං “චත‍්තාරො ඉද‍්ධිපාදා”ති.

සමෘද්ධ වේනුයි ඉද්ධියි සමෘද්ධ වේ. සම්පාදනය වේයයි අර්ථයි. එයින් සත්ත්වයෝ සමෘද්ධ වේ. සමෘද්ධ වූවාහු වෘද්ධියට පත්වූවාහු, උසස් බවට ගියාහු වෙත්යයි ඉද්ධියි. මෙසේ පළමු අර්ථයෙන් සෘද්ධියම පාද වූයේ ඉද්ධිපාදොයි සෘද්ධි කොට්ඨාශය යන අර්ථයි. දෙවන අර්ථයෙන් සෘද්ධියගේ පාදය, පිහිට අධිගම උපා යනුයි ඉද්ධිපාදොයි. එහෙයින් මතු මත්තෙහි විශේෂයයි කියනු ලබන සෘද්ධියට ප්‍රාප්ත වෙති. පැමිණෙති. ඒ මෙම සෘද්ධිපාදය ඡන්‍දාදී සතර අධිපති ධර්මයන්හි වීර්යය ප්‍රධානකොට උපදිනු ලැබේයයි චත්තාරො ඉද්ධිපාදායි. එහෙයින් යූ.සේයි.

පඤ‍්චින්‍ද්‍රියානීති සද‍්ධාදීනි පඤ‍්ච ඉන්‍ද්‍රියානි. තත්‍ථ අස‍්සද‍්ධියං අභිභවිත්‍වා අධිමොක‍්ඛලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨං කාරෙතීති සද‍්ධින්‍ද්‍රියං, කොසජ‍්ජං අභිභවිත්‍වා පග‍්ගහලක‍්ඛණෙ , පමාදං අභිභවිත්‍වා උපට‍්ඨානලක‍්ඛණෙ, වික‍්ඛෙපං අභිභවිත්‍වා අවික‍්ඛෙපලක‍්ඛණෙ, අඤ‍්ඤාණං අභිභවිත්‍වා දස‍්සනලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨං කාරෙතීති පඤ‍්ඤින්‍ද්‍රියං.

පඤ්චින්‍ද්‍රියානි යනු ශ්‍රද්ධාදී පංච ඉන්‍ද්‍රියයන්, එහි අශ්‍රද්ධාව මැඩපවත්වා සිතේ ස්ථිරත්ව ලක්‍ෂණයෙහි අධිපතිත්වය කෙරේනුයි ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයි. කුසීතකම මැඩපවත්වා උත්සාහ ලක්‍ෂණයෙහි, ප්‍රමාදය මැඩපවත්වා වැටහීම් ලක්‍ෂණයෙහි, වික්‍ෂේපය මැඩපවත්වා අවික්‍ෂේප ලක්‍ෂණයෙහි, නොදැන්ම මැඩපවත්වන දර්ශන ලක්‍ෂණයෙහි ප්‍රධානාර්ථය කෙරේනුයි ප්‍රඥා ඉන්‍ද්‍රියයයි.

තානියෙව අස‍්සද‍්ධියාදීහි අනභිභවනීයතො අකම‍්පියට‍්ඨෙන සම‍්පයුත‍්තධම‍්මෙසු ථිරභාවෙන “බලානී”ති වෙදිතබ‍්බානි.

ඒවාම අශ්‍රද්ධාදීන්ගේ අනභිභවනීය හෙයින් කම්පා නොවීම් අර්ථයෙන් ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්හි ස්ථිර භාවයෙන් බලයැයි දතයුත්තාහ.

සත‍්ත බොජ‍්ඣඞ‍්ගාති බොධියා, බොධිස‍්ස වා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා. යා හි එසා ධම‍්මසාමග‍්ගී යාය ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පජ‍්ජමානාය ලීනුද‍්ධච‍්චපතිට‍්ඨානායූහනකාමසුඛත‍්තකිලමථානුයොග- උච‍්ඡෙදසස‍්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද‍්දවානං පටිපක‍්ඛභූතාය සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතාය ධම‍්මසාමග‍්ගියා අරියසාවකො බුජ‍්ඣති, කිලෙසනිද‍්දාය වුට‍්ඨහති, චත‍්තාරි වා අරියසච‍්චානි පටිවිජ‍්ඣති, නිබ‍්බානමෙව වා සච‍්ඡිකරොතීති “බොධී”ති වුච‍්චති, තස‍්සා ධම‍්මසාමග‍්ගිසඞ‍්ඛාතාය බොධියා අඞ‍්ගාතිපි බොජ‍්ඣඞ‍්ගා ඣානඞ‍්ගමග‍්ගඞ‍්ගාදයො විය. යොපෙස වුත‍්තප‍්පකාරාය ධම‍්මසාමග‍්ගියා බුජ‍්ඣතීති කත්‍වා අරියසාවකො “බොධී”ති වුච‍්චති, තස‍්ස බොධිස‍්ස අඞ‍්ගාතිපි බොජ‍්ඣඞ‍්ගා සෙනඞ‍්ගරථඞ‍්ගාදයො විය. තෙනාහු පොරාණා – “බුජ‍්ඣනකස‍්ස පුග‍්ගලස‍්ස අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා”ති. “බොධියා සංවත‍්තන‍්තීති බොජ‍්ඣඞ‍්ගා”තිආදිනා නයෙනපි බොජ‍්ඣඞ‍්ගානං බොජ‍්ඣඞ‍්ගත්‍ථො වෙදිතබ‍්බො.

සත්ත බොජ්ඣංගා යනු බෝධියගේ හෝ බෝධියට හෝ කරුණුනුයි බොජ්ඣංගායි. යම් ආකාර වූ එම ධර්ම සාමාග්‍රිය ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි උපදී. ඉන් මැලිබව, නොසන්සුන්කම ආදීන්ට ආධාර වූ, කම්සුව - ආත්මය වෙහෙසට පත්කිරීම, උච්ඡේද, ශාස්වත අභිනිවේසාදී නොයෙක් උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂ වූ, සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සංඛ්‍යාත ධර්ම සාමාග්‍රියයෙන් ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරයි. කෙලෙස් නිද්‍රාවෙන් නැගිටියි. චතුරාර්ය සත්‍යයන් හෝ අවබෝධ කරයි. නිර්වාණයම හෝ සාක්‍ෂාත් කෙරේනුයි බෝධියයි කියති. එම ධර්ම සාමාග්‍රී සංඛ්‍යාත බෝධියෙහි අංග වූයේනුයි බොජ්ඣංගායි. ධ්‍යානාංග, මාර්ගාදීහු මෙනි. මෙම කියන ලද ආකාර ඇති ධර්ම සාමාග්‍රියයෙන් අවබෝධ කෙරේයයි සලකා ආර්ය ශ්‍රාවක තෙම බෝධියයි කියයි. එම බෝධියගේ අංගනුයි බොජ්ඣංගායි. සෙනංග - රථංග මෙනි. එහෙයින් පෞරාණිකයෝ, අවබෝධ කරන පුද්ගලයාගේ අංගනුයි බොජ්ඣංගයි. බෝධිය සඳහා පවතිත්හුය. බොජ්ඣංගායි ආදී ක්‍රමයෙන්ද බොජ්ඣංගයන්ගේ බොජ්ඣංගාර්ථය දතයුතුය.

අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති තංතංමග‍්ගවජ‍්ඣකිලෙසෙහි ආරකත‍්තා අරියභාවකරත‍්තා අරියඵලපටිලාභකරත‍්තා ච අරියො. සම‍්මාදිට‍්ඨිආදීනි අට‍්ඨඞ‍්ගානි අස‍්ස අත්‍ථි, අට‍්ඨ අඞ‍්ගානියෙව වා අට‍්ඨඞ‍්ගිකො. කිලෙසෙ මාරෙන‍්තො ගච‍්ඡති, නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගියති, සයං වා නිබ‍්බානං මග‍්ගතීති මග‍්ගොති. එවමෙතෙසං සතිපට‍්ඨානාදීනං අත්‍ථවිභාගො වෙදිතබ‍්බො.

අරියො අට්ඨංගිකො මග්ගො යනු ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන්ගෙන් දුර හෙයින්ද ආර්යභාවය ඇතිකරන හෙයින්ද, ආර්යඵල ලබාදෙන හෙයින්ද ආර්යයි, සම්‍යග් දෘෂ්ටි අට අංගයන් වන්නේනුයි හෝ අට අංගයන්ම හෝ අට්ඨංගිකයි. කෙලෙස් මරමින් යේ නිර්වාණාර්ථිකයින් විසින් සොයනු ලැබේ. තෙමේ හෝ සොයයිනුයි මග්ගොයි. මෙසේ එම සතිපට්ඨානාදීන්ගේ අර්ථ විභාගය දතයුතුය.

සොතාපන‍්නොති මග‍්ගසඞ‍්ඛාතං සොතං ආපජ‍්ජිත්‍වා පාපුණිත්‍වා ඨිතො, සොතාපත‍්තිඵලට‍්ඨොති අත්‍ථො. සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නොති සොතාපත‍්තිඵලස‍්ස අත‍්තපච‍්චක‍්ඛකරණාය පටිපජ‍්ජමානො පඨමමග‍්ගට‍්ඨො, යො අට‍්ඨමකොතිපි වුච‍්චති. සකදාගාමීති සකිදෙව ඉමං ලොකං පටිසන්‍ධිග‍්ගහණවසෙන ආගමනසීලො දුතියඵලට‍්ඨො. අනාගාමීති පටිසන්‍ධිග‍්ගහණවසෙන කාමලොකං අනාගමනසීලො තතියඵලට‍්ඨො . යො පන සද‍්ධානුසාරී ධම‍්මානුසාරී එකබීජීති එවමාදිකො අරියපුග‍්ගලවිභාගො, සො එතෙසංයෙව පභෙදොති. සෙසං වුත‍්තනයමෙව.

සොතාපන්නො යනු මාර්ග සංඛ්‍යාත ගෝත්‍රසිට පැමිණ සිටියේ ශ්‍රෝතාපත්ති ඵල ස්ථයැයි අර්ථයි. සොතාපත්ති ඵල සච්ඡිකිරියාය පටිපන්නො යනු ශ්‍රෝතාපත්ති ඵලය තමහට ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා පිළිපදිනුයේ ප්‍රථම මාර්ගස්ථයා හෙතෙම අෂ්ඨමකයැයි කියයි. සකදාගාමී යන මෙලොවට එක්වරක් පමණක් ප්‍රතිසන්ධි ග්‍රහණ වශයෙන් පැමිණෙන සුලු, දෙවන ඵලස්ථයා. අනාගාමී යනු ප්‍රතිසන්ධි ග්‍රහණ වශයෙන් කාමලෝකයට නොපැමිණෙන සුලු තෙවන ඵලස්ථයා යම් ආකාර වූ සද්ධානුසාරී, ධම්මානුසාරී, එකබීජ යයි සෙස්ස කියන ලද ක්‍රමයමය.

එතමත්‍ථං විදිත්‍වාති එතං අත‍්තනො ධම‍්මවිනයෙ මතකුණපසදිසෙන දුස‍්සීලපුග‍්ගලෙන සද‍්ධිං සංවාසාභාවසඞ‍්ඛාතං අත්‍ථං විදිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං අසංවාසාරහසංවාසාරහවිභාගකාරණපරිදීපනං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම තම සස්නෙහි මළ කුණපයක් හා සමාන දුසිල් පුගුලෙකු සමග එක්ව විසීම් භාව සංඛ්‍යාත අර්ථය දැන. ඉමං උදානං යනු මෙම එක්ව විසීමට නුසුදුසු හා එක්ව විසීමට සුදුසු පුද්ගල බෙදා දැක්වීමේ කරුණු මනාව දැක්වීමට උදන් ඇනූ සේක.

තත්‍ථ ඡන‍්නමතිවස‍්සතීති ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා පටිච‍්ඡාදෙන‍්තො අඤ‍්ඤං නවං ආපත‍්තිං ආපජ‍්ජති, තතො පරං තතො පරන‍්ති එවං ආපත‍්තිවස‍්සං කිලෙසවස‍්සං අතිවිය වස‍්සති. විවටං නාතිවස‍්සතීති ආපත‍්තිං ආපන‍්නො තං අප‍්පටිච‍්ඡාදෙත්‍වා විවරන‍්තො සබ්‍රහ‍්මචාරීනං පකාසෙන‍්තො යථාධම‍්මං යථාවිනයං පටිකරොන‍්තො දෙසෙන‍්තො වුට‍්ඨහන‍්තො අඤ‍්ඤං නවං ආපත‍්තිං න ආපජ‍්ජති, තෙනස‍්ස විවටං පුන ආපත‍්තිවස‍්සං කිලෙසවස‍්සං න වස‍්සති. යස‍්මා ච එතදෙවං, තස‍්මා ඡන‍්නං ඡාදිතං ආපත‍්තිං විවරෙථ පකාසෙථ. එවං තං නාතිවස‍්සතීති එවං සන‍්තෙ තං ආපත‍්තිආපජ‍්ජනකං ආපන‍්නපුග‍්ගලං අත‍්තභාවං අතිවිජ‍්ඣිත්‍වා කිලෙසවස‍්සං න වස‍්සති න තෙමෙති. එවං සො කිලෙසෙහි අනවස‍්සුතො පරිසුද‍්ධසීලො සමාහිතො හුත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා සම‍්මසන‍්තො අනුක‍්කමෙන නිබ‍්බානං පාපුණාතීති අධිප‍්පායො.

එහි ඡන්න මති වස්සති යනු ඇවතට පැමිණ සඟවනුයේ අනෙක් නව ඇවතකට පැමිණේ. ඉන්මතු, ඉන් මතුයයි මෙසේ ඇවැත් වැස්සක්, කෙලෙස් වැස්සක් අතිශයින් වසියි. විවටංනාති වස්සති යනු ඇවැතට පැමිණියේ නොසඟවා හැසිරෙනුයේ සබ්‍රම්සරුන්ට ප්‍රකාශ කරනුයේ ධර්මානුකූලව විනයානුකූලව, ප්‍රතිකර්ම කරනුයේ, දෙසනුයේ, නැගිටිනුයේ අන්‍ය ආපත්තීන්ට නොපැමිණේ. ඔහුට එය ප්‍රකට වූයේ නැවත ඇවැත් කෙලෙස් වර්ෂාවක් නොවසී. එය යම්හෙයකින් එසේ වේද, එහෙයින් ඡන්නං වසන ලද ඇවත විවරෙථ ප්‍රකාශ කරව්. එවං තං නාති වස්සතං යනු මෙසේ ඇතිකල්හි එම ඇවතට පැමිණෙන, පැමිණි පුද්ගලයා ආත්මභාවය මනාව විද, කෙලෙස් වැසි වැසීමෙන් නොවසියි. නොතෙමෙයි. මෙසේ කෙලෙසුන්ගෙන් තෙත් නුවූයේ, පිරිසිදු සිල් ඇත්තේ, සමාහිතව විදර්ශනා පිහිටුවා මෙනෙහි කරනුයේ අනුක්‍රමයෙන් නිර්වාණයට පැමිණේයයි අදහසයි.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.