4. කුමාරකසුත්තවණ්ණනා අට්ඨකථා
4. කුමාරකසුත්තවණ්ණනා
4. කුමාරක සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ කුමාරකාති තරුණපුග්ගලා. යෙ සුභාසිතදුබ්භාසිතස්ස අත්ථං ජානන්ති, තෙ ඉධ කුමාරකාති අධිප්පෙතා. ඉමෙ හි සත්තා ජාතදිවසතො පට්ඨාය යාව පඤ්චදසවස්සකා, තාව “කුමාරකා, බාලා”ති ච වුච්චන්ති, තතො පරං වීසතිවස්සානි “යුවානො”ති. මච්ඡකෙ බාධෙන්තීති මග්ගසමීපෙ එකස්මිං තළාකෙ නිදාඝකාලෙ උදකෙ පරික්ඛීණෙ නින්නට්ඨානෙ ඨිතං උදකං උස්සිඤ්චිත්වා ඛුද්දකමච්ඡෙ ගණ්හන්ති චෙව හනන්ති ච “පචිත්වා ඛාදිස්සාමා”ති. තෙනුපසඞ්කමීති මග්ගතො ථොකං තළාකං අතික්කමිත්වා ඨිතො, තස්මා “උපසඞ්කමී”ති වදති. කස්මා පන උපසඞ්කමි? තෙ කුමාරකෙ අත්තනි විස්සාසං ජනෙතුං උපසඞ්කමි. භායථ වොති එත්ථ වොති නිපාතමත්තං. දුක්ඛස්සාති නිස්සක්කෙ සාමිවචනං, දුක්ඛස්මාති අත්ථො. අප්පියං වො දුක්ඛන්ති “කිං තුම්හාකං සරීරෙ උප්පජ්ජනකදුක්ඛං අප්පියං අනිට්ඨ”න්ති පුච්ඡති.
සිව්වැන්නෙහි කුමාරකා යනු තරුණ පුද්ගලයෝ, යම් කෙනෙක් මනා කියමන්, නොමනා කියමන්හි අර්ථය දනිත්ද? ඔවුහු මෙහි කුමාරක යැයි අදහස් කරන ලදහ. සත්ත්වයෝ උපන්දින පටන් පසළොස් වස් දක්වා කුමාරයෝ බාලයෝ නමින් වහරති. ඉන් මත්තෙහි විසිවස් දක්වා යෞවනයෝය. මච්ඡකෙ බාධෙන්ති යනු මාර්ගය සමීපයෙහි එක් විලක ග්‍රීෂ්ම කාලයෙහි දිය ක්ෂය වූ කල්හි පහත් තන්හි එම දිය ඉස, පිස කන්නෙමුයින කුඩා මසුන් අල්වා ගනිති. එසේම මරති. තෙනූපසංකමි යනු මාර්ගයෙන් මඳක් විල ඉක්මවා සිටියේ. එහෙයින් එළැඹියේයැයි කියයි. එම කුමාරවරු තමන් කෙරෙහි විශ්වාසය හටගැන්වීමට එළැඹියේය. භායථ වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයකි. දුක්ඛස්ස යනු පංචම්යාර්ථයෙහි ෂෂ්ඨියි. දුක කෙරෙන් යයි (දුකින්) අර්ථයි. අප්පියං වො දුක්ඛං යනු කිමෙක්ද, නුඹලාගේ ශරීරයෙහි උපදනා දුක අප්‍රිය හෝ අමනොඥදැයි විචාරයි.
එතමත්ථං විදිත්වාති ඉමෙ සත්තා අත්තනො දුක්ඛං අනිච්ඡන්තා එව හුත්වා දුක්ඛහෙතුං පටිපජ්ජන්තා අත්තනො තං ඉච්ඡන්තා එව නාම හොන්තීති එතමත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉමං පාපකිරියාය නිසෙධනං ආදීනවවිභාවනඤ්ච උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු මෙම සත්ත්වයෝ තමාගේ දුක් නො ඉවසන්නාහුම වී දුකට හේතුවන කරුණුවල පිළිපදනාහු තමාගේ එම දුක කැමැති වන්නාහු නම් වෙතියි යන මෙම කරුණ සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු මෙම පාප ක්‍රියාවන්හි වැළැක්මටද ආදීනව පැහැදිලි කිරීමටද උදන් ඇනූ සේක.
තස්සත්ථො – යදි තුම්හාකං සකලමාපායිකං, සුගතියඤ්ච අප්පායුකතාමනුස්සදොභග්ගියාදිභෙදං දුක්ඛං අප්පියං අනිට්ඨං, යදි තුම්හෙ තතො භායථ, ආවි වා පරෙසං පාකටභාවවසෙන අප්පටිච්ඡන්නං කත්වා කායෙන වා වාචාය වා පාණාතිපාතාදිප්පභෙදං යදි වා රහො අපාකටභාවවසෙන පටිච්ඡන්නං කත්වා මනොද්වාරෙ එව අභිජ්ඣාදිප්පභෙදං අණුමත්තම්පි පාපකං ලාමකධම්මං මාකත්ථ මා කරිත්ථ, අථ පන තං පාපකම්මං එතරහි කරොථ, ආයතිං වා කරිස්සථ, නිරයාදීසු චතූසු අපායෙසු මනුස්සෙසු ච තස්ස ඵලභූතං දුක්ඛං ඉතො වා එත්තො වා පලායන්තෙ අම්හෙ නානුබන්ධිස්සතීති අධිප්පායෙන උපෙච්ච අපෙච්ච පලායතම්පි තුම්හාකං තතො මුත්ති මොක්ඛො නත්ථි. ගතිකාලාදිපච්චයන්තරසමවායෙ විපච්චිස්සතියෙවාති දස්සෙති. “පලායනෙ”තිපි පඨන්ති, වුත්තනයෙන යත්ථ කත්ථචි ගමනෙ පක්කමනෙ සතීති අත්ථො. අයඤ්ච අත්ථො “න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ…පෙ… පාපකම්මා”ති (ධ· ප· 127; මි· ප· 4.2.4) ඉමාය ගාථාය දීපෙතබ්බො.
එහි අර්ථය : ඔබලාගේ මේ සියල්ලම අපාගත වීමට හේතුයි. සුගතියක් ලද විටද අල්පායුෂ්කතාවය, මනුෂ්‍ය දුර්භාග්යතාදී භේද ඇති දුක් ඇතිකරයි. අප්පියං යනු ඉදින් නුඹලාට අප්‍රිය යමක් ලැබෙද් ඉන් බියවව්. ආවිවා අන්‍යයන්ට ප්‍රකට භාව වශයෙන් නොවැසුණු ලෙස කොට කයින් වචනයෙන් හෝ ප්‍රාණඝාතාදී ප්‍රභේද, යදිවාරහො අප්‍රකට භාව වශයෙන් වැසුණු ලෙස කොට මනෝද්වාරයෙහිම අභිධ්‍යාදී ප්‍රභේද වූ ස්වල්පමාත්‍ර වූද පාපකං ලාමක කර්මයක්. මාකත්ථ යනු නොකරව්. තවද වනාහි එම පාපකර්මය දැන් කරව්ද? මත්තෙහි හෝ නරන්නහුද? නිරයාදී සිව් අපායන්හිද මනුෂ්‍ය ලෝකයන්හිද එයට හේතු වූ දුක් මෙහි හෝ එහෙන් මෙහෙන් හෝ පැන යන්නා වූ ලුහුබඳින්නේ නැතැයි යන අදහසින් උපෙච්ච යනු දැන පලායන්නා වූද නුඹලාට ඉන් මුත්ති මිදීමක් නැත. උත්පත්ති, කාල, ආදී ප්‍රත්‍යයන් එක්වූ කල්හි පැසේම යයි දක්වයි. පලායන්තෙයිද කියවති. කියන ලද ආකාරයෙන් යම්කිසි තැනක යෑමෙහි, ආපසු ඒමෙහි වේයයි අර්ථයි. මෙම අර්ථය අහසෙහි නොවේය. මුහුද මැදද නොවේය. -පෙ- පාප කර්මයෙන් යන මෙම ගාථාවෙන් දැක්විය යුතුය.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.